කාලයක් කුණු වුනු හදවත් වල සාරය දැන් අතීසාරය වගේ
අමුඩ ගහන් නවතන්නට හැකිවෙද
ඒ
ටයිටැනික් හැපිලා අහවරයි අයිස්කදේ
මිනිස්සු පනිනවා ගැලවෙන්නට මුහුදේ
කොහෙද දුවන්නේ
රෝස් නොවේ ජැක් තව රොත්තක්ම මරු ක්ටේ
Monday, March 14, 2016
හිටිවන කියවෙන කලියුග කව් කැබැලි
Sunday, March 13, 2016
විටෙක අසරණ වන මා හට සරණ වන්නටත් මටම හැකිනම් සැබවින්ම මා අසරණද?
විටෙක දුර්වල වන මා හට ශක්තිය දෙන්නටත් මටම හැකිනම් සැබවින්ම මා දුර්වලද?
විටෙක වරදට පෙළඹෙන මා හට එතැනින් නිවැරදි වන්නටත් හැකිනම් සැබැවින්ම මා වැරදිද?
බොහෝදේ අවබෝද කල හැකි මිනිසෙකු ලෙස ඉපිද ඒ අවබෝදය නොල්ද්දේ නම් සැබවිම මා කවර මිනිසෙක්ද?
-හලෝව් රස්ටා-
Saturday, February 27, 2016
Sunday, February 21, 2016
Thursday, February 18, 2016
Monday, February 15, 2016
අනාගතයේ දවසක් තිබෙයි...
කන්න
බෙදාගෙනම කන්න
අපි කන්නම උපන් ජාතියක්
බොන්න
නැතිවෙනකම් බොන්න
අපි බොන්නම උපන් ජාතියක්
සාප කරන්න
හූල්ලන්න, මිරිස් අඹරන්න, පොල් ගහන්න
ඒවටත් අපි නොදෙවෙනි ජාතියක්
වනන්න
වර්ණනා කරන්න, වන්දිභට්ට ගී ගයන්න, පිලට හුරේ දාන්න
අපි ලැදියායෙන් නොපරදින ජාතියක්
සටකපට වන්න
වැටේ ඉන්නටත්, ගලන වතුරටත්, මායිම් සොය සොයා නැහෙන්න
අපි තණ්හාවෙන් අන්ධ අමුතු ජාතියක්
හොරා කන්න
දන් දෙන්න, සිල් ගන්න, පන්සල්, පල්ලි, කෝවිල් බැරිනම් දේවාල හොයාගෙන රට යන්න
අපි වන්දනීය, නන්දනීය, පූජනීය ජාතියක්
කැපවෙන්න
වලි කන්න, දත නියවන්න, බොරු කියන්න, බේද වෙන්න, පිල් බෙදෙන්න, රට ඇතුලෙම මරා ගන්න...
දවසක බලාගෙනම ඉන්න
සොබාදහම එනකන් ඉදිරියට, කරපු කියපු සියල්ල වමාරමින් කන්න, ගොන්නු කනවටත් වඩා වමාරමින් වමාරමින් වමාරමින්වමාරමින්ම කන්න...
Thursday, February 11, 2016
හුදී ජනයාගේ ගට ප්රස්නය නොහොත් ගැටමාන්න - උතුමන් සරන යමු.(ගැට මිස ගැට ලිහන ගට අපට නැත)
පරිසරය, සොබා දම දුන්
මා පිය, දෙගුරු නෑ මිතුරන්
ආගමින් හා දහමින්
නොලද ගට දෙන අපේ උතුමන්
මගේ රජිදා ඒ තුමා
ආගමත් උතුමා තමා
රැකුනෙ මා එතුමා නිසා
රකිමි උතුමන් පන දෙවා
පලමුවත් සරනම යමි
දෙවනුවත් සරනම යමි
ඔබ නැතිව කිසිත් නැති
තෙවනුවත් සරනේම යමි
ඔබ රැකී අප රැකේවා
අප රැකී ගට රැ කේවා
ගට රැකී ගැට දිනේවා
ගැට මතින් රට නැගේවා
සදා ඔබම සරනයි..
Tuesday, February 9, 2016
ඉ දිරිය
කිසියම් දේශපාලනයක් හෝ දේශපාලකයෙක් රටක යහපත පිනිස හෝ අයහපත පිනිස පවත්නා එකම හේතුව නොවේ. අනෙක් හේතුන් පිලිබද අප බොහෝකොට උදාසීන මන්ද...
Saturday, February 6, 2016
පරම ජාතික ගීය
අප පරිසරය, ජය භූමිය, එහි සුන්දරතාවය කොපමණද? අපගේ සියලු ශක්තිය, ජීවය ඔබයි, නව ජීවනයක් දෙමින් අප පුබුදු කරන්න, ඥාන වීර්ය වඩවමින් පෙරටම අප රැගෙන යන්න, එකමවකගෙ දරු කැළක් ලෙසින් නොපමා වන්නටත්, ප්‍රේම වඩා සැම බේද දුරැර දා හිදින්නටත් ජාතික ගීත ප්‍රේමී දෑ හිත කාමී සියල්ලෝ ජීවිත පරදුවෙන් කටයුතු කරත්වා!
Wednesday, February 3, 2016
බෙදි බෙදී හිනැහෙමු ...රට නැගේවි පුරුද්දට
හේතු ඵල දැන දැනම
දෙපැත්තට කඹ අදින
ධර්මද්වීපයේ හරක්
මී වුනත් එළ වුනත්
ඉන්න කෙටි කාලේ
රටට නෑ ආලේ
දොඩවනුන් වාලේ
දෙඩවීම් බොහොමැයි
රජුන් ගැන වාදයි
පුතුන් ගේ නරිවාදයි
රට්ටුන්ගෙ භේදයි
වාද බේදෙට ගොමත් පොහොරයි
තමන්ගේ වගකීම නොදරමින් තප්පුලා
අනුන්ගේ ගොසිප් මඩ තලතලා පිල් බදා
මඩ වළේ ලැග ලැගම අපේ කම පතුරලා
ඒ ලෙසම හෙටත් ඉමු නිදහසත් සමරලා, පුරුද්දට...
Thursday, January 14, 2016
Sunday, December 13, 2015
Monday, November 9, 2015
මුනිවතට පෙර වදනක්!
පාතාල ලෝකයත් මතුපිට ලෝකයත් අකාස ලෝකයත් එකම පොලෝ තලයක පිහිටියේය. කලු මිනිසාත් සුදු මිනිසාත් තළෙුලු මිනිසාත් එක්ව වාසය කරන්නේය. දිග් විජයත් ධර්ම විජයත් එකම බිමක දළු ලන්නේය. අතීතයත් වර්තමානයත් අනාගතයත් එකම ලොවක ගතවන්නේය. එකම විශ්වයක වෙනස්වීමට සාපේක්ෂ කාලය අනුව එකම යයි කීවාට එකම නොවන මොහොතින් මොහොත අලුත් වන වෙනස් වන සියල්ල තුළ සදාතනික කිසිවක් නැත්තේය. සදාතනික වන්නේ ඒ සදාතනික නොවන්නා වූ බව පමණි. ඒ නිසා මේ මහා විශ්වයක ජීවත්වන්නාවූ කෙටි කාලයේ තමන්ගේම වූ වර්ගයාගේ කලු සුදු තළෙුලු බවට තවදුරටත් සාප නොකර අපේ වටිනාකම් හොයමින් මතුකරමින් මානව වර්ගයා හා වර්ගයා නොවන්නා වූ සියලු ජීවීන්ද අජීවීන්ද සමගින් තමන්ටත් අනුන්ටත් අර්ථයක්ම සිද්ධ කරගන්නට අපි හැම වෙහෙසෙමු.
සැමට සමානාත්මතාවයෙන් සළකන්නට වෙහෙසෙමු. අරෝග්‍යය පරම ලාබය වන්නේ යම් ලෙසටද එලෙසම පරම ධනය නම් වූ සතුට සොයමු. විශ්වාසයෙන් යුතු සබදකම් සොයමු. වැරදි දහසක් හුවා දක්වා යටපත් කරන්නට හදන එක් නිවැරදි අරමුණකට සවිය දෙමු. අනාගතය හා අනාගත පරපුර වෙත කරුණාවෙන් නෙත් යොමමු.
පටු දේශපාලනයේත් ආර්ථිකයේත් වාණිජත්වයේත් බමුණන් නොවී ඉන් ඔබ්බේ අනාගත මිනිසුන් ගැන හීන දකිමු. විද්‍යා වාණිජ ගණිත කලාවත් ඉන් ඔබ්බේ ඇති සත්‍යත් කරා එළැඹ අවබෝධයෙන් සතුටින් ඉන්නට මේ අවශිෂ්ඨ ධර්මද්වීපය තුළ ඔවුන්ට අඩි පාරක් තබමු.
අපෙන් ඔබ්බේ වන දයාබර වැඩිහිටියනේ, අනුන්ගේ දුගද අධෝමුඛ වලට ඇගිලි ගසන්නට ගන්නා ඔබගේ කාලයෙන් වැඩි කොටසක් ඔබේ අනාගතයත් යහපත් කෙරෙන නූතන පරපුරේ අනාගතය ගැන හිතන්නට යොදවාපල්ලා! පුරුද්දට ගිය ඔබේ නිදහස් අධ්‍යාපනිකමය ප්රමුඛ දායාදය වන කුණු ඇවිස්සීම මතු පරම්පරාවට කුණු ශුද්ධ කිරීමක් ලෙස දායාද කොට දීමට තරම් කාරුණික වෙයල්ලා. නිමා කළ යුද්ධයක් හෝ දේශපාලන වෙනසක් ගැන තවදුරටත් පාරම් නොබා මුනිවත රැකපල්ලා.
එක එකා පස්සේ, රජවරු ඇමතිවරු පස්සේ නොනිසිව වැද නොවැටෙන, දෙපයින් ඉන්න පරපුරක් හදාපල්ලා, පියවරුනේ.
සංස්කෘතික සංදර්ශන පසෙකලා වැඩ කරපල්ලා රට හදන්න, රටේ මිනිස්සු වෙනුවෙන්....
අඩුතරමින් දැන්වත්...
පටන් ගනිල්ලා,
කට වහන් වැඩ කරන්න.
Wednesday, November 4, 2015
Saturday, October 31, 2015
Wednesday, October 28, 2015
Saturday, October 24, 2015
Monday, October 19, 2015
Friday, October 16, 2015
අවසන් විනිශ්චයට (පාපෝච්චාරණ)
අභිෂේකාට ටෙක්ස්ට් කළෙමි
උදාරාට චැට් කළෙමි
මතකයට අාලය කළෙමි
ළගින් උන්නෝ විශ්වාස කළෙමි
ටිකක් රස්තියාදු වුනෙමි
තව ටිකක් ජාලයේ සැරුවෙමි
ආයාලයට එබී බැලුවෙමි
බොහෝ වැඩියෙන් නිදි මැරුවෙමි
එක එකා නොඇන්දුවෙමි
දන්නා ඇත්තක්ම කීවෙමි
පැවරුණු කාරිය හරියට කළෙමි
නිවැරැදි දේ සොයා ගියෙමි
වැඩියෙන් දුක මත නොගියෙමි
සතුට පසුපසත් නොගියෙමි
පෘතග්ජන බවින් සිතුවෙමි
ස්වාමිනී, මම වැරදිකරුවෙක් නොවෙමි
Tuesday, October 13, 2015
දරුවෙකුගෙන් තෑගි (පුවතක්)
මෙහෙ එන්න
බලු වෑන්
දාගන්න
තාත්තව
කැත කුණූයි
හැමතැනම
ලෙඩ වේවි
බල්ලන්ව
එ් නිසා
ඉක්මණින්
ගෙනියන්න
මා පියා
බල්ලන්ව
රැකගන්න
මා වින්ද
දුක් කන්ද
කූඩුවට
වී හිටිය
ඔය පියා
දන්නවද
ඉල්ලන ගාණක්.... දෙන්නම් - ෂෝ එකකට එනවද ඔබ (සෝ.. සෝ..දුක)
එන නිදහස් දිනය දවසෙ
හවසට අගනුවර පැත්තෙ
අලුත්ම තරු රැසක් එක්ක
ෂෝ එකකට එනවද ඔබ
එනවානම් මට කියන්න
ඉල්ලන ගාණක්.... දෙන්නම්
ඒ ගාණට එන් නැතිනම්
තව වැඩි ගාණක්.... දෙන්නම්
............................................
....................................................
..........................................
.......................................
ස්කූලුත් නෑ එදාට
ප්‍රශ්නයකුත් නෑ ඔයාට
හොද ෆුල් ෆන් එකක් ගන්න
අනිවා අග-නුවර එන්න
ඒ නිදහස් දිනය තමා
අගනුවරේ තැනක තමා
පහුවදාට එළි වෙනකම්
එකම පිස්සුවක්ය බබා
අල්ලට පහ පහ සිගා
වල්කොල බිමදා නටා
කල්ගිය රෙදි වැරළි ඇදන්
ඇල්මෙන් ෆන් ගනු පුතා
Wednesday, October 7, 2015
ඩී.එන්.එ්. එල්ලා මරමු - පව්... මිනිස්සු
වැරදි එකා අල්ල ගන්න කලින්ම ඌ මරා දමමු
රැකෙනු පිණිස පගා දිදී අල්ලස් හොරු උලේ තියමු
ආතල් පිරි ජීවිතයේ රිසි නිදහස භුක්ති විදිමු
මිනිහා හැදී රට හදන්ට බැහැ! ඒ නිසා රට හදා මිනිහාට හැදෙන්න දෙමු!
Saturday, October 3, 2015
නටමු...
වතුර නටන තුරු
වතුරෙ නටමු අපි
වතුර නටන යුරු
බලා නටමු අපි
වතුර උණු උණූ
තව හොට්ව නටමු අපි
කකුළු අඩු තබා
දිය සැලියෙ නටමු අපි
Monday, September 28, 2015
කමු...
පාප වලට
සාප වලට
තියෙන පබ්ලිසිටි
එ්වා හොදට විකිණෙනවා
බයිට් වගේ
රහට කනව
තවත් කනව
හපල කනව
හොදට බිබී බොමින් කනව
බයිට් වගේ
තව ගේන්න
පාප ටිකක්
සාප නැතිද
තවත් ටිකක් කන්න අපට
බයිට් වගේ
Tuesday, September 15, 2015
කෙකෙර ගගා හිටියා ඇති බිත්තරයක් දාපන් රන්!
නිදහසින් පස්සෙ නැගිට්ටද?
සුනාමියෙන් පස්සේ නැගිට්ටද ?
යුද්දෙන් පස්සෙ නැගිට්ටද ?
ජනවාරි අටෙන් පස්සේ ?
දාහත් වෙනිදයින් ?
කවදද නැගිටින්නෙ,,,
දුක වේදනාව විතරක් නොවෙයි. වීර කමත් චණ්ඩිකමත් දවස් දෙකතුනයි.
හැබැයි, ඉතිහාසය දෙදහස් පන්සීයයි.
කතාවට සෙට් වුනහම පට්ට පදිරි දෑ හිතකාමීන්,
පක්සෙ, වාදෙ අල්ලගත්තම මාර පාක්සිකභාව
තමන්ට දිරවන්නැති එකාට ගහන්න ලැබුනම ගහන්නෙ උඩ පැනගෙන
රටේ ඉන්න තිරිසනුන්ගෙ වැඩක් එලියට ආවම ඉන්නෙ මල පැනගෙන
මොනවද උඹ කරපු කැප කිරීම රට වෙනුවෙන්,
මොනවද උඹ කරපු කැප කිරීම සමාජය වෙනුවෙන්,
මොනවද උඹ කරපු කැප කිරීම හරිදේ වෙනුවෙන්,
ඒක අහන්න ඕන උඹ උඹගෙන්ම?
අපි අපෙන්ම ප්‍රශ්න කරගන්න ඕන කාලයක් මේක.
දෙසන්න ඕන එකෙකුට පුළුවන්, නමුත් කරන්න පුළුවන් එයිනුත් ටික දෙනෙකුට.
එතනදිත් හරිදේ හරියටම කරන්න පුළුවන් කී දෙනෙකුටද මේ බිමේ...
කයිවාරු, පණ්ඩිතකම්, රටටත් වැඩී...
සතුන් අතර නැති තිරිසන්කම පමණක් නොව තිරිසනුන් බිහිකරන සියලු සාධකයන්ට එහෙහිව අවංක යුද්ධයක් කරමුද? ලෑස්තිද කරන්න ?
විවෘතව කතා කරමුද?
තිරිසන්නු බිහිවෙන්නෙ අකලටද?
පුංචි කිරිකැටි දරුවෙක් වෙනුවෙන් බිහිවෙන සානුකම්පිත දයාබර මනෝභාවය
විකෘතියකින් තිරිසන් වෙන්නෙ කාගෙ වරදකින්ද? තිරිසන් වරදකරුවාට දඩුවම්
දීමෙන් විතරක් වැඩක් නැහැ,
සමාජයක් තිරිසන් වීම වලක්වන්න නොහිතුවොත්
ඒක ලේසි නෑ
ඒත් මේක මිනිස්සු හිටපු රටක්
දහමක් රැක්ක රටක්
පින් බිමක් වුනු රටක්
නැගිටින්න තවම ප්‍රමාද නෑ
මූණට හිනාවෙල අපි හරිම ජාතියක් කියල අත් බැදන් එලියෙ රැගුවටම වැඩක් නෑ
කොරයිද බලමු වගේ හැමදේ හරහට දැක්කත් ඵලක් නෑ
අදින් පටන් ගන්න ඕන
යහපත වෙනුවෙන් හිතන දේ වෙන්න ඕන
ඒ දේවල් කරන්න ඕන
අඩු තරමින් මට පුළුවන් දේ
මම කරන්න ඕන.
Monday, September 14, 2015
දරුවෝ..දරුවෝ... දරුවෝ
ළදරුවන් නොවන කාටත් එරුවන් රැකගැගීමට කළ හැකි යමක් ඇත. රකිමු ඔවුන්, හැමවිට, සැමතැන...
Tuesday, September 8, 2015
Wednesday, September 2, 2015
Sunday, August 16, 2015
Saturday, August 1, 2015
රවුමට - වට රවුමෙන් එහා ගමනක්!
ඕනෑම ගමනක ඉදිරියට යාමේදී කෙළින් මාර්ගය සේම වමට දකුණට හරවන්නට සිදුවීම ස්වභාවයකි. කෙළින්ම පාරක වුව තැනකදී මේ හැරවීම කරන්නට සිදුවන්නේ අවශ්‍ය ඉලක්කය පදනම් කර ගනිමිනි. රටක දේශපාලනයේ වුව වමට දකුණට හැරෙවෙන්නට උවමනා අවස්ථා නැතිද? එකම පැත්තට පමණක් හරවා යන්නට යන ගමනක් යැවෙන්නේ වමාවර්ථ හෝ දක්ෂිණාවර්ථ රවුමකම පමණකි. කෙසේ වෙතත් දකුණට සිග්නල් දමා වමට හැරවීම කෙසේවෙතත් වමට සිග්නල් දමා දකුණට හැරවීම නම් දේශපාලනයේ අපූරුවට සිද්දවේ. නමුත් සිදුවිය යුත්තේ අවැසි තැන වමටනම් වමට හැරවීමත් දකුණට නම් දකුණට හැරවීමත් අවසන ඉලක්කය වෙත යාමත් නොවෙද? ඉලක්කයකුත් නැතිව පසෙකට සිග්නල් දමමින් තවත් පසෙකට හරවමින් වෙට්ටු දමමින් යන්න හදන ගමනේ අප රට බොහෝ කොට ගියේ වට රවුමකමය. රවුමේ රස්තියාදුවේදී වාහනයේ හිද බෑන් චූන් ගැහීම රටේ ආවේණික ලක්ෂණයක් සේ වැඩුණු බව පෙනේ. බෑන්චූන් එකෙන් ෆෝචූන් එකක් පැතූ බවද පෙනේ. ඉදහිට ගිය කෙළින් ගමන හැර වැඩි වශයෙන් අප ගොස් ඇත්තේ වමට දකුණට හරවන්නට ගොස් ගැසූ රවුම් පමණි. අපේ ප්‍රාර්ථනය නම් නිසි තැන නිසි විට වමට දකුණට හරවා මාර්ගය තෝරා ගනිමින් නියමිත ඉලක්කය සාක්ෂාත් කරගන්නා රටකි. මේ සියල්ලට පළමුව රටකට ඉලක්කයක් තිබිය යුතුය. ජනතාවට ඒ ගැන හැගීමක් තිබිය යුතුය. සියල්ල සරලත්වයත් සංකීර්ණත්වයත් තුළ දෝලනය වන මෙවන් සමයක එවන් හැගීම් වැඩේවා!
Wednesday, July 8, 2015
:) හුණු වටය සහ දේශමාමකත්වය
වැදූ මව අැදගනී දරුවා වැරෙන්
තම හිමිකම් පතා
රිදුමන් කිසිත් නොතකා
දරුවාගේ
හැදූ මව නොඇද දරුවා සැරෙන්
හිමිකම් අතහරී
රිදුමන් ගැන සිත සිතා
දරුවාගේ
ජාතිය ආගම හා කුල සිරිත් ගෙන කරින්
හිමිකම් කිය කියා
රිදුමන් කිසිත් නොතකා
දනන්ගේ
කවුරුද අදින්ගේ රට දෙපසට වැරෙන්
රක්ෂා පිණිස
තම කුණු මඩි
අසඩක් විසදු දෙස බලාවත් - ගනු විනිසුරුගෙ වෙස් බිදක්වත්
අදුනනු පිණිස හැබෑවට - දෑ හිතකාමියෝ කවුරුන් කියා !!! :)
Saturday, July 4, 2015
නිර්භීත කොන්දක් ඇති ලාංකිකයෝ වෙමු, ජැක්කෝ, කුක්කෝ නොවෙමු.
නම්ගම් නිසා කකුල් වෙව්ලන මැර දේශපාලන භීතිකාවලට පයින් ගහමු, වමෙන් දකුණෙන් දෙකෙන්ම -
1අමන තකතීරු අධාර්මික අශිෂ්ට ජඩ පාදඩ නින්දිත විලියක් නැති දේශපාලනය ව්‍යවස්ථාවට නීතියට රීතියට අනුමත දෙයක් වෙන්නැති අපේ රටේ? නැතිනම්
2 මැර තක්කඩි දේශපාලන කුපාඩින්ට අපි බය ඇති අපේ රටේ? නැතිනම්
3 අපිත් එහෙම අය වෙන්නැති අපේ රටේ?
අනිත් හැම වරදක් කරන මිනිස්සුන්ටම කොතැනින් හරි දඩුවමක් තියෙද්දි සියයට සියයක වරප්‍රසාද ලත් මේ නරුම පංති පැළැන්තිය නඩත්තු කරන්නේ අහවල් කරුමයකටද අපේ රටේ?
හොද මිනිහෙකුට කතිරය ගසා ජඩයින්ට පයින් ගසමු කතිර බලෙන් මෙදා සරේ :)
Friday, July 3, 2015
මනඋස් ටික මැති සබයේ ඉන්දන්
රජ හොරු හිරගෙට හිරගෙට දක්කන්
දෙයියන් පුදබිම් වෙත වැඩ වස්සන්
යක්කුන් සොහොනට සොහොනට පන්නන්
මනඋස් ටික මැති සබයේ ඉන්දන්
අපෙ අප්පච්චිලා ලොකුම ලොකු මිනිස්සු නොවුනට හොරා කෑවෙවත් පගා ගැහුවෙවත් අපි වෙනුවෙන් හොර පාරවල් හැදුවේවත් නැත. තවත් බොහෝ හේතූන් සමග ඔවුන් අපට මහ අප්පච්චිලා වූයේ කතාවෙන් නොව ක්‍රියාවෙනි. එහෙව් දහසකුත් අප්පච්චිලාට පිං පිණිස දැන දැනම නොදැනී වැරදි වන දේශපාලකයින් මැති සබයට නොයවමු. එමගින් මහ ජනයාට මෙන්ම ඔවුන්ටද වනු ඇත්තේ යහපතක්මය. නිවැරදි දේ වෙනුවෙන් ජය පතමු.
Thursday, June 25, 2015
අන්ලොක්
එ් කී ගෙන්
මේ කී ගෙන්
අර කී ගෙන්
හර කී යක් ඇනවත්
නොඇරුණු
ජීවිතයේ සොදුරු දොරටුව
තට්ටු කරන සද හැරුණි
එ් කා ගෙන්
මේ කා ගෙන්
අර කා ගෙන්
හර කා දක්වා දක්වාත්
නොලද ජීවින ගමන් පරිචය
තනියෙන්ම ලද හැකිවී
දසතම පෙරළා
සෙවූමුත් නොලැබුණු
කණ්ණාඩිය ඇස්
නළලේ රැදවිණි
හැල්මේ ඇවිද යන
ගමන නවතා
බලන් පිටුපස
විශ්වාසයි
ජීවිතය ඇත
නිසැකව ඔතැන.
Friday, June 12, 2015
තවමත් අපි ගොන් ගැල් පස්සේය...අවබෝධය මිස කාලය මිනිසුන් වෙනස් නොකරයි.
අර්ථ කථන වලංගු නොවේ... දික් කරන ඇගිලි වක් කළ යුතු බව!- නැවතත්...
ගොඩක් දේවල් ගැන නිවැරදි අර්ථ කථන අපේ මිනිස්සු නොදන්නවාද? නැත. වචනයෙන් ආපිට කිව නොහැකි වුවත් බොහෝ දේ ගැන නිවැරදි අවබෝධයක් හා විග්‍රහයක් අප සමාජයේ ඇත. නමුත් එළිපිට ඒ ඇත්ත කතා කරන්නටත් ඒ අනුව ක්‍රියා කරන්නටත් අපේ මිනිස්සු බිය වෙති. ඒ මරණ බිය නිසාමද යන්න වෙනමම සොයා බැලිය යුත්තකි. නැත්නම් බටහිරින් ආ මහත්මා වෙස පලුදු වේයැයි යන බිය නිසා වන්නටත් පිළිවන්. තවත් සරල ආකාරයක් නම් ගලන අතටම ගසා ගෙන යන්නට හැරීම ආයාසකර නැති ලෙහෙසි මගක් වීමයි. නමුත් ප්රශ්නය ඇත්තේ ඇල්ලේදී ඇද වැටී සුනුවිසුනු වන්නට සිදුවන බව තේරුම් ගැනීමට නොහැකි වීමයි.
කෙසේ හෝ ප්රජාතන්ත්ර වාදය ගැන මෙන්ම විශේෂයෙන් ඡන්ද ළං වද්දී පවත්වන දේශපාලන කතා වලදීත් දැන් බොහෝ දෙනා තරගයට ඇගිලි උරුක් කරනු පෙනේ. ඉස්සර කතා පැවැත්වුවේත් එහෙමද, දැන් මෙහෙමද යන කාරණයක් ගැන වාදයක් නොවේ මේ. කාතාවෙන් කියවෙන සම්පප්‍රලාප මෙන්ම තම විරුද්ධ පාක්ෂිකයන් ගැන කතා කරන විටදී මුහුණෙහි ඇතිවන බිහිසුණු පෙනුම මෙන්ම මුග්ධ ගතිය ගැනත් පාදඩ කම ගැනත් කතාවකි.
දේශපාලුවෝ වෙනුවෙන් කඩේ යාම බඩ රස්සාව කරගත් මාධ්‍ය වේදියෝ කියා ගන්නෝත් බිස්නස් එකක් ලෙස ජයටම දේසය පාලු කරන්නෝත් මෙහිදී විශේෂය. ඔවුන් ප්රජාතන්ත්රවාදය, නීතිය මෙන්ම දේශපාලනේ ගැන කතාකරන්නේ පාදඩ ගතියෙන් ඇගිලි දිගු කරමිනි. එතරම් ආවේගශීලී බවකින් හා ජඩ විලසින් මේ දේවල් කතාකරන්නට තරම් ඔවුන් සුදුස්සෝ කළේ කවුරුන්ද? සාධාරණත්වය, යුක්තිය ගැන නීතිය, ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන්නට තරම් වන මහජන නියෝජිතයෝද මොවුන්, එ් ගැන ඔවුන්ට ඡන්දය දෙන ජනයා තේරුම් ගෙන ඇත්ද. රටේ පාලනය වෙනුවෙන් අපේ නියෝජිතයන් පත් කරනවා කියන්නේ තවත් බිස්නස් එකක කොටස් මිලදී ගෙන කොටස් වෙළදපළ හරහා ආදයම් හොයන වැඩක්ද?
ලෝකය රගමඩලක්, ලෝකය තනි යායක් කියනවාට වඩා ලෝකයම වෙළදපොළක් යැයි හිතන චින්තනය නම් එ් හා ගැලපෙනු ඇත. ලෝකයම වෙළදපොළක්, අපි එහි ගනුදෙනු කරුවන්, ඉතිං රටත්, අනෙකුත් ජනයාත්, සියලු බැදියාවන් හා හැදියාවනුත් ආදයම් මාර්ගම පමණයි. මිතුදම පමණක් නොවේ. සහෝදර කම, නෑදෑ කම මෙන්ම දෙමාපිය සබදතාව පවා අදායම් මගක්.. විකුණාගෙන කෑ හැකි හැමදේ විකුණා කන්නට හැකිනම්, මිනිස්සු සනසන්නට අරුතක් නැති රස්සා හැදීමත් ණයට කවා දේශපාලනයෙන් හම්බ කිරීමත් මහජනයා ගොනාට අන්දවා සැප සෙවීමත් යෙහෙකි.
ඉදින් එහෙව් බූරු දේශපාලුවන් ඇගිලි උරුක් කරමින් ප්රජාතන්ත්රවාදය ගැන කතා කරනු අසා රජයේ මෙන්ම රජයේ නොවන සේවකයන්ද, ඡන්ද දායකයන්ද උඩ පැන පැන අත්පොඩි තැළිය යුතුය. එවිට හැමදා මෙලෙස අපහට ජීවත් විය හැකිය.
විලි ලජ්ජාව කියන එකට දැන් වලංගුතාවයක් නැත. වලංගුතාවය ඇත්තේ මර බියට ආසන්න බියකටම පමණි. අර්ථ කථන විහිළුවකි. හොදම විනාශකාරයන් හොදින්ම අර්ථකථන දන්නන්ය. දන්නා කම වැඩිවීම නිසාම උන් කට්ට කපටියන් වී ඇත. දැනුම තිබුනාට ආත්ම ශක්තියක් එන්නේ නැත. එවිට ප්‍රතිපත්තියක් නැති නම් හැම අතටම දිව නැමෙන්නේය. නිවට ගතිය, බිය දොරේ ගලන්නේය. ඉදින් තැන තැන අල්ලාප සල්ලාප සම්පප්‍රලාප මිස වෙන මොනවාද? සංවාදයට නම් ධර්මයම පමණයි. එහෙත් එයට බොහෝ දෙනාගේ කැමැත්තක් නැත. කෑම, බීම හා ජොලිය එහිදී කතා නොවීම ප්‍රධාන හේතුවයි. එබදු දේ ඒ යටතේ කතා කළ නොහැකි බව සිතීම ඊලග හේතුවයි. තුන් වන හේතුව නම් එබදු දේ ධර්මය හා ගලපා එ්වායේ අනුකූලතාවයන් කිරා මැන බැලීමට ඇති අකමැත්තයි, නොදන්නාකමයි. දැන ගැනීමට උවමනාවක් නොමැති කමයි. කෙසේ නමුත් එය අමතර කතාවකි.
ඉතිං මහ ලොකු ඔලුබක්කන් බදු සාඩම්බර මහජන නියෝජිතයින් විසින් ඔය එහෙට මෙහෙට දික්කෙරෙන ඇගිලි වක් කරන්නට සමත් මහජන ශක්තියක් ඇති වූ දාට රටක් හැදේවි. එතකන් කිසිත් සිදුවන්නේ නැත. එබදු මහජන ශක්තියක් ඇතිවන්නට මහජනයා ප්‍රතිපත්ති ගරුක වන්නේ කවදාද? තමන්ගේ බිය හා නිවට ගතිය හදුනාගත් දිනකදි එය සිදුවේවි, සමහර විට ඊට මං කපන්නට තරම් සමාජය උස්සා පොළොවේ ගසන සිදුවීමක් මෑතක නොවුනා විය හැකිය. හැබැයි එය කොයි මොහොතේ හෝ සිදුවනු ඇත. සුනාමියත් දෙවැනි වන්නා වූ මහා පිපුරුමකින් හෝ නිවටව බිහිරි වූ හා අන්ධ වූ උන්ගේත් ගොළු වූ උන්ගේත් කන්, ඇස්, හා කටවල් ඇරේවා.. තවදුරටත් දෙසන්නට අර්ථ කතන දෙන්නට නොව ක්‍රියාත්මක වන්නට...
අන්තනෝමතිකව අසාධාරණව අයුක්තිසහගත ලෙස සිය බලය හෝ පාදඩ කම පෙන්වීම උදෙසා දික්කෙරෙන ඇගිලි සාධාරණය හා යුක්තිය උදෙසා වක් කිරීම පිණිස සමාජයේ කිසිවකුත් සිටිය නොයුතුද? නීතිය ඉදිරියට නොඑන තැන කැලෑ නීතිය නැතත් ශක්තිමත් දෑත්, හිස් හා හදවත් තිබෙන මිනිසුන් ඒ වෙනුවෙන් සිටිය යුතුය.
3rd September 2014-අර්ථ කථන වලංගු නොවේ... දික් කරන ඇගිලි වක් කළ යුතු බව!
Monday, June 8, 2015
අපි ඔක්කොම එකතුවෙලා කරමු මේක අරුමසරුප දේශයක්!
තිහේ හතළිහේ දසක වල උපන්න ඈයෝ සමහරක් සමාජයට දැන් දෙන්නේ කුණුහරුප
පනහේ හැටේ දසක වල උපන්න ඈයෝ සමහරක් සමාජයට දැන් දෙන්නේ මැරහරුප
හැත්තෑවේ අසූවේ දසක වල අයත් එක්ක අපිට කියන්න තියෙන්නේ බයිලාහරුප
අනූව දෙදහේ නංගි මල්ලි නුඹලා රගපල්ලා ඩාන්සින්හරුප
එතනින් පස්සෙ ආයෙත් පටන් ගනී කියන්න අපි නොදන්න අලුත්ම කුණු සරුප...
මේක මරු චක්‍රයක් අපේ පරම්මරාවට මහඅප්පච්චිලා උරුම කොරපු...
අපේ වගකීම මේ සරුප අරුමය උරුමය කොර ගෙනයාමයි...
අරුම සරුප දේශයක්! සුබ අරුම සරුප දේශයක්! යහ අරුම සරුප දේශයක්...
උගතුනේ
වියතුනේ පඩියනේ... එකතුවෙයල්ලා... සරුප කියන්... හැම පැත්තෙම අප්පොච්චිලා
කරේ අරන්... වරෙල්ලා .... අපිත් එනවා අලුත් අයත් එක්ක...විලි ලජ්ජා
නැතුවම... නටන්න බලාගෙන!!! එකතු වෙන්න අපිත් එක්ක...
Tuesday, May 19, 2015
? විදර්ශනා
? බැන්නත් වැඩක් නෑ
? ගිගා බයිට් ඩේටා දැන් මෙගා බයිට් වෙලා
? තිබුනු මෙගා බයිට් ඩේටා දැන් කිලෝ බයිට්
? බයිට් වලිනුත් යමක් කරන්න පුළුවන් තමයි ඒත්..
උත්තර දීලත් වැඩක් නෑ ?
බයිට් කිලෝ බයිට් වෙන්නෙ නෑ ?
මෙගා බයිට් ගිගා බයිට් වෙන්නෙ නෑ ?
පුළුවන් නම් ඩේටා බයිට් වලින් කරන්න ගිගා වැඩක් ?
Monday, May 18, 2015
- පරම ධනය විතවුට් දුක්ඛ සච්ච.. (capitalism-socialism=socialism-capitalism)
අත් දුටු නොදුටු
ප්රත්යක්ෂ කළ නොකළ
ද මෝස්ට්
ඉම්පෝර්ටන්ට්
තින්ග්
ෆො එවර්
සතහට
දැට් මීන්ස්
හැබෑ වාදය...
සදහට
Monday, May 11, 2015
කුඩේ කුඩු වන තුරු! (නොතේරෙන වගනම්)
කොළ කුඩ කඩ
නිල් කුඩ කඩ
රතු කුඩ කඩ
කුඩ කඩ කඩ
සමහරුන්ට මුතු කුඩ
සමහරුන්ට සුදු කුඩ
සමහරු කලු කුඩ යට
තාමත් කුඩ කඩ යට
කඩ කඩ කඩ කඩ කඩ
කුඩ කඩ කුඩ කඩ කඩ
තාමත් හඩ තල තල
අපි හොයනව කුඩ කඩ
Sunday, May 3, 2015
හදවතත් බුද්ධියත් සැදැහැයෙන් පිරී සුපහන් වෙත්වා!
තම දේශපාලන නායකයින්
රක්ෂා කරනු පිණිස විරුද්ධවාදීන් සමග වෙර යොදා ඇනගන්නා ගැත්තන් හට නුවණ
පෑදෙන කලක් ඒවා! රට වෙනුවෙන් ඔවුන්ගේ ශ්‍රමය යෙදවේවා! කිසිවිට කිසිතැන
දේශපාලකයිගේ ඉත්තන් වී වෛරය නොවඩත්වා!
- මගේ වෙසක් පැතුම -
Friday, May 1, 2015
:)
බුද්ධිය නොදැන හදවතට ඇමතීමත්, හදවත නොදැන බුද්ධියට ඇමතීමත් ඇස් රතුවන කොලොප්පමක් බව ඉදුරා වටහා ගත්තෙමි.
Thursday, April 23, 2015
ලොකු දෙයක්! වේවා...
රට හදන්න ඉන්න ඕන ලොකු ලොකු උදවිය විතරයි. ලොකු ලොකු බුද්ධිමත් මිනිස්සු, උගත්තු විතරක් හිටියම ඇති කියලයි සමහරුන්ගෙ අදහස.. මහා සෑයවල් හැදුවෙ, වැව් අමුණු හැදුවෙ, මහා යුද්ධ වල යුධ පිටියෙ හිටියෙ වැඩියෙන්ම ඔය දෙකටම අතරමැදි සාමාන්‍ය මිනිස්සු කියල ඒ සමහරක්ට අමතකයි. රට හදනවනම් ඒක හැදෙන්නෙත් ඒ සාමාන්‍ය මිනිහ හරි විදිහට ක්‍රියාත්මක වෙන්න ගන්න තැනදි විතරයි. කොන්දක් තියෙන, අවංක හදවතක් තියෙන මිනිස්සුන්ට බුද්ධිය පාදගන්නත් අමාරුවක් නෑ නිසි තැන නිසි විදිහට, ඉතින් එහෙම මිනිස්සු යම් සාධාරණ, යුක්තිසහගත චින්තනක ඉදල ක්‍රියාත්මක වෙන්න ගත්තොත් ඒ ප්රතිපත්තියම ඇති රටක් හැදෙන්න.. ඉස්සෙල්ල හැදෙන්න ඕන මිනිස්සුන්ගෙ පණ නැති කොදු නාරැටි.. ඒක උගත්කමින්වත් බුද්ධියෙන්වත් විතරක් හැදෙන දෙයක් නොවෙයි.. සාධාරණ අවංක මනසකින් වෙන දෙයක්(බොහෝ විට අමාරු දෙය ඒ සාධාරණ අවංක මනස හදාගැනීමම තමයි), ඉන් පස්සෙයි රටක් හදන්න පාට පක්ෂ වාද භේද නැතිව හිතන්න මිනිස්සුන්ට පුළුවන් වෙන්නේ.. සීයට සීයක් නැතත් සීයට පනහකට වඩාවත් ඒ තත්වයේ උදවිය ඉන්නදාක පාලිමන්ට් එකේ ස්ට්‍රිපර්ස්ලා නොඉදීවි අඩුතරමින්. වැඩි දේවල් නැතිව මීලග පාර්ලිමේන්තුවක ඒ ටිකවත් කරගන්න හැකි වුනොත්.... ලොකු දෙයක්!
Monday, April 20, 2015
ස්ට්රිප්ටීසින් ඉන් ද පාර්ලිමන්ට් - ගොට්ටෝ සහ හොට්ටෝ පමණක්ද එහි?
අපිට නීති හදන තොපේ කෙරුවාව නොහොත් නිතර දැකීමෙන්ම එපාවූ හෙළුව...වැසේවා නැත්නම් නැසේවා...
Tuesday, March 31, 2015
ඇහැට, කනට ... පොකට්ටුවට, වින්දනීය බඩාලාට ලෂු නොවන්න (හරිමගක් එවිට අපට හමුවෙයි)
දේශපාලන පොත්තේ ගැත්තන් වී ඒකා කරොත් හරිය මේකා කරොත් වැරදිය හිතන ගැත්තෝ රැළක් තවම වෙත්, හනේ හපොයි... ඒකා මේකා කවරෙකු කළත් කරන දේ හරි වැරැද්දත්, යුක්තිය අයුක්තියත් තෝරා ගන්නට බැරි අප කාටත් හිමි හැමදා හිස් රස්තියාදුවක් විතරයි. කේන්දරේ කේන්ද්‍ර කරගෙන ජීවිතේවත් දේශපාලනේවත් ජයගන්න බැරි සේම පක්ෂ කේන්ද්‍ර කරගෙන රටේ දියුණුවක් ගැන හිතීමත් විහිළුවක්. වඩා වැදගත් වන්නේ පුද්ගලයින් හා ඔවුන්ගේ කැපවීමත්, නිවැරදි අවබෝධය තුළ සාධාරණ එකමුතුවත් නේද? මහපොළොවෙ සීයට සීයක් ඵලදරන්නෙ නැති වුනත් යමක් වෙන්න පුළුවන් මිනිස්සු හරි විදහට හිතන්න පටන් ගත් තැනින්, ඔවුන් තමන්ගේ නියෝජිතයන්ට දෙන තල්ලුවෙන් ... එතැනින් පටන් ගත්තොත් අවුලෙන් රස්තියාදුවෙන් කන කාලෙ තේරුමක් ඇති විදිහට ගතවේවි ඉදිරියට, ලොකු ලොකු කතා ගැන හිතන්න කලින් නිරවුල් ඇරඹුමක් වැදගත්.. ඒ ඇරඹුම කරන්න අවශ්‍ය හැමදා බහුතරයක් නොවුන මුත් බහුතර බලයක් උපද්දන නිරවුල් ජන මනස නොවෙයිද? අපිට හිතවත් හිතගත් ඇම්බැට්ටයින් වෙනුවෙන් අරින කට වහගෙන සාධාරණයක් යුක්තියක් හොයාගන්න පුළුවන් ඇහැට, කනට හා පොකට්ටුවට විතරක් කතා කරන එකැස් දේශපාලන සංස්කෘතිය අවසන් කරන්නට දායක වෙන්නට හැකිනම්... ඇහැට හොද රංගනයකුත්, කනට අහන්න කැමති දේත් පොකට්ටුවට හොද ගානකුත් ලබල දෙන පොරොන්දුගරුත්වයට කොමා දමා ප්රතිපත්තිගරුකත්වයකට කාලෙ හරි දැන්. වැදගත් දේශපාලනික ආයතන වල ඉන්න දේශපාලනය සේවයකටත් එහා බිස්නස් හදාගත් වින්දනීය බඩාලාට හෝ බඩීලාට ලෂු නොවන්න.. ඔවුන්ගේ කතා සාප්පු වහලා හැම තැන ක්‍රියා සාප්පු අරින්න නැකත හරි දැන්...මාකට් කරන කතා සංකල්ප ගෙනෙන දේශපාලන සාප්පු නම් වහලාම දැමිය යුතුයි. කිනම් ජාතියක් හෝ ආගමක් දේශපාලන අරමුණු වෙනුවෙන් විකිණීම තහනම් කළ යුතුයි. එනයින් ජාතික ආණ්ඩු හැදිය යුත්තේද ජනතාවයි, කවුරු ආණ්ඩු කළත් කවුරු විරුද්ධ පක්සේ වුවත් හැම ජනතාවම හැමදා සිටිය යුත්තේ රටේ පක්සේ. පුද්ගලික වාසිය රුචිය තකා නොනැහී කුමන ජාතියක වුව එක් රටක මිනිසුන් ලෙස තවදුරටත් ජාතිකකරණය විය යුත්තේ ජනතාවයි.
සාරධර්මයක් හෝ ආචාරධර්මයක් තුළ වඩා යහපත් තැනකට එසවෙන්නට තවදුරටත් අපට හැකිවන්නේ එතැනින් මිස පාට පක්ස බැකෝ බදාගෙන ඒවායේ නගුටු අඩු වලින් එසැවී එක එකාට කොකම් පෑමෙන් නම් නොවේ. ඒ කොකම් පෑපෙන් හැමදා වීරයන් හා සූරයන් වූයේ දේශපාලනය බිස්නස් එකක් කරගත් උදවියයි. එය තේරුම් නොගන්නේ නම් අදමෙන් හෙටත් අප හැමගේ උරුම කරුමය එයමයි. උරුමය අතහැරීමට තරම් නිර්ලෝභී වුනොත් යන්තම් අපේ කරුමය මගහැරෙයි. හරිමගක් එවිට අපට හමුවෙයි.
Wednesday, February 18, 2015
පෙත්ත එක නම් ඇයි පොත්තට වැඩිපුර නැහෙන්නේ..
දේශපාලනයේ පිල් බදාගෙන පොත්ත වෙනුවෙන් නැහෙන අපේ බොහෝ මිනිසුන් දැන දැනම ගිලින ලණුවකි,- මේ. පෙත්ත එකම බව බොහෝ දෙනා දනිත්. නමුත් වාණිජ නාමයත් ඖෂධ නාමත් ගැන කියමින් නැහෙන්නේ පොත්ත ගැන මිස පෙත්තේ අන්තර්ගතයත් ඊටත් වඩා අවබෝධයට ගත යුතු රොිගයේ ස්වභාවය හා රෝගියා ගැන නම් නොවේ. මේ වදවීම වැරදි ලෙස වීමේ හේතුවෙන්ම රටේ හැබෑ ප්‍රශ්නත් රට වැසියන්ගේ හැබෑ ප්‍රශ්නත් ගැන වගවීම හැමදා පසෙකට යයි. අනතුරුව පොත්ත වෙනුවෙන් එක එකාගේ කුණු අවුස්සා ගනිති. දේශපාලනය යනු එයයැයි ඒ දෙස බලා බොහෝ දෙනා සිතති. දේශපාලනය අදාළ පැළැන්තියක ක්‍රීඩාවක් බවටත් අප එහිදී පිල් වෙනුවෙන්, ක්‍රීඩකයින් වෙනුවෙන් හුරේ දමන ප්‍රේක්ෂක සමූහයා බවටත් පත්වන්නේ ඒ අනුවයි. අද සහ හෙටත් අලුතෙන් හා අලුත් ජීවයෙන් පිටියට බසින ක්‍රීඩකයන්ට අප හොද ප්‍රේක්ෂක පන්නරයක් ලබා දිය යුත්තේ මේ සම්ප්රදාය අනුවයි. එය එසේ විය යුත්තක්ද? ? මේ ඒ සම්ප්රදාය පොඩි පට්ටම් කර යථාර්තයට පය ගැසිය යුතු කාලය නොවෙද? ?.එළඹ ඇත්තේ ඒ කාලයයි. තව දුරටත් අපේ දේශපාලනයේ හුරතල් කළ යුතු බබාලා නැත. එනිසා පොත්තේ දේශපාලනයට තිතක් වැටිය යුතුමය. අපේ රටේ මිනිසුන්ගේ හදවතේ දැවෙන හැබෑ කාරණා කිසියම් භේදයකින් තොරව දේශපාලන කතිකාවේ පෙරමුණට ආ යුතුමය.
Thursday, February 5, 2015
කොටි හමට තඩි බෑමේ දේශපාලනය නොහොත් පිළිතුරු වෙනුවට ප්‍රශ්න වලට තඩි බෑම... :D
.........................................................................................................................
වැරදි පාර දෙසට යද්දි හරි පාරට අමාරුවෙන්
දමාගත්තු රථයේ දැන් ජියර් වැටෙන්නේ නැත්තම්
පාර වෙනස් කිරීමක්ද එතැනදි අප කළ යුත්තේ
හරි ප්රශ්නය පසෙක තබා යන්නේ ඇයි යළි බැද්දේ
Monday, February 2, 2015
වල් නෙළීම, පැල හිටවීම - සතෙන් සතේ රුපියලෙන් රුපියල ..
දේශපාලන කෙතේ වල් නෙළන්න කාලෙ හරි. ඒ නෙලුමට අඩගහලා කවි කියන්න කාලෙ හරි. එකිනෙකා එකතුවෙලා නෙලුමට තම සද්භාවය දායක කරලා නෙලන්න ගත්තොත් ඇත්තටම මේ කෙතේ වල් නෙළන්න අමාරුවක් තිබේවිද? යුතුකමත් වගකීමත් හිතට අරන් තම තමන්ට කරන්න පුලුවන් සොච්චම හරි අපි අපි කරනවනම්... සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරා වගේ දවසක ඒකත් ලොකු ගිණුමක් වේවි. එතකොට දවසක හොද පොලියකුත් ලැබේවි. පුංචියි කියල කරන්න පුළුවන් හොද දේ කිසිවිට අතාරින්න එපා.. ඒ හින්දම නෙලුමට එන්න... මේ රටේ අපේ වැඩක් :)
Saturday, January 31, 2015
අස්පයාට බය අස්පාරෝහකයෝ
තවමත් අපේ මිනිස්සු දේසපාලකයාට බයයි. ඡන්දයකින් පසු එන කාට හෝ අස්සයා පවරා අසු පිටින් බිමට බහින්නේ ඒකයි. හැමවිටම දේශපාලකයා අස්සයා කරගනු විනා සමාජයේ සියලු වගකීම් පදවන තෝන් ලනුව ඔවුනටම බාර කිරීමෙන් කුමක් සිදුවේද? කුමන පාලනයක් වුවත් ඒ පැත්ත මේ පැත්ත පෙරළෙනවා විනා ඒ පැත්ත පෙරළීමෙන් සිදුවන ගමන සමාජ ප්රගමනයක් වෙන්නට නම් සිදුවිය යුත්තේ කුමක්ද? දේශපාලනයත් දේශපාලකයාත් බලැති අස්පයකු කර තෝන් ලනුව අතට ගන්නා අස්පාරෝහකයා අප වීම නොවේද ඒ විකල්පය.
Sunday, January 4, 2015
වාද භේද මැද රජ ගැන නොව රට ගැන කතා කරන බුද්ධිමතුන් හමුවේවා...(දුරුතු පැතුම)
රට ජාතිය හෝ ආගම සෙල්ලමට ගෙන ලෙල්ලම් කරන්නේ දේශපාලුවෝය. අප අසා දැන ගෙන ඇති සැටියෙන් නම් සිංහල, දෙමළ පමණක් නොව ඉංගිරිසි ජාති වාදයත් ඇවිලූවෝ නම් දේශපාලකයෝ මය. අමුතුවෙන් කිව නොයුත්තේ මේ කොයි ජාති අාගම් වාද භේදයක් දක්වා ගෙන යාම වැරදි බවය. ඉතින් මේ වාද භේද අවුස්සා තම ආත්ම ලාභයන් තර කර ගැනීමට උල්පන්දම් දෙන නිර්මල ජාතිකත්ව ගැන කතා කිරීම අපි නවතමු. අවැසි අය කතා කරගත්තාවේ
සාමය සමෘද්ධිය ඉදිරිය දියුණුව ආදී වශයෙන් අපි කතා කරමු. අර දූපත් වාසියාගේ සරල සැහැල්ලු මානසිකත්වයෙන් ජීවත් වන අපට එක ලංකාවක එක ලාංකිකයන් හැටියට අඩු වැඩි වශයෙන් පොහොසත් අපේ ඉතිහාසය හා වඩා පොහොසත් දහම රැකගෙන ඉන්නට ඇත්නම් කොතරම් අනගිද? එක් එක් ජාතියට අාගමට අයත් වූවාට එකි නෙකා හා ගනුදෙනුවේ විශ්වාසනීයත්වය තහවුරු වන දිනයක අප අතර තවදුරටත් වාද භේද පවතීවිද? ජනයා දේශපාලකයාව බලය හා සමග යාමනය කරන්නට අතරමැදියා විය යුත්තේ එනිසා නොවේද? සාමාන්‍ය පුරවැසියාගේ පාලකයා නොව නියෝජිතයා බවට දේශපාලකයන් පත් කර ගැනීමට හැකිනම් එදිනට සමාජයේ හැබෑ ප්‍රශ්න විසදා ගැනීමටත් දේශපාලනයේ වැදගත්කම මතුකරගන්නටත් හැකි නොවේවිද?
මිනිස්සු වගකීමක් අතට ගත යුත්තේ එනිසාය. මිනිසුන්ගේ නොනවතින මැදිහත්වීම පවත්වා ගනිමින් මිත්‍යා මානසික දුර්මත බිද ඉදිරියට යන්නට වෙරදැරිය යුත්තේ එනිසාය. දරුවාට ඒ හැටියටත් ගැටවරයාට ඒ හැටියටත් තරුණයාට ඒ හැටියටත් වැඩිහිටියාට ඒ හැටියටත් යුතුකම මෙන්ම වගකීමක් ලැබෙන සමාජයක් බිහි කරගත හැකිනම්.. හැමදා හැබෑ යහවෙනසකට යන මාවතක අද වෙනසක ඇරඹුම විය යුත්තේ එවැනි දිශාවකට නොවේද?
යන දිශාව ගැන හැගීමකින් යන්නට රට වැසියා සමත් නොවේ නම් කිසිවිට රට නිවැරදි වන්නේ නැත. එලසෙින්ම ආපහු වැරදි වන තැනදී ගැති නැති කමින් ඊට විරුද්ධ වන්නට රට වැසියා සමත් නොවේ නම් එවිටද රට නිවැරදි වන්නේ නැත. වෙනස් වන ලෝකයේ අපේකමේ මුල් රැකගනිමින් වෙනස් වන්නට අපට නොහැකිද?
එකම දේ බුද්ධිමතුන් ඇත්ත ඇති හැටියෙන් නැණවත්ව විග්රහ කරන තැනකට එළැඹීම පමණි. පක්ෂ භේදයෙන් තොරව රජ නොව රට වෙනුවෙන් ක්‍රියා කරන බුද්ධිමතුන්ගේ මණ්ඩපයක් රට වෙනුවෙන් රටේ ස්ථාපිත වේවා! මේ පෝදා පැතුම එයයි.
Wednesday, December 31, 2014
රටේ මනුෂ්‍යත්වයේ බලකාය දිනවමු.
පක්ෂ පාට වාද භේද අමතක කළ විට ලොකුම බලකාය අපේ බලකායයි. රටේ මනුෂ්‍යත්වයේ බලකාය දිනවමු.
මහසංඝයා බිදවන, ජාති ආගම් කුල මල අවුලුවන, කලාකරුවන්ට ගුටි බැට දෙන, අමන මරි මෝඩ ඉත්තන්ගෙන් දාම් අදින, කෂඩයින් ජඩයින් හෙලා දකිමු. ඔවුන්ට එරෙහි වෙමු. දිනවිය යුත්තේ කවරෙකුගේ හෝ අපේක්ෂා නොව මෙරටේ මහජනයාගේ උපේක්ෂාවේ අපේක්ෂාය. එ් මහජන අයිතිය සුරැකෙන්නට අපේ අයිතිය අපි රැක ගනිමු.
කිසිවෙකුට ඇති අධික ලැදියාව, ද්වේශය, බය හෝ මෝඩකම නිසාවත් කිසිවිට අගතියට පත්විය යුතුද? නැත.
Monday, December 29, 2014
හැබෑ වෙනසක්
පළමුවත් රට
දෙවනුවත් රට
තෙවනුවත් රට
නම්...
පළමුවත් සතර අගතියෙන් මිදෙමු
දෙවනුවත් සතර අගතියෙන් මිදෙමු
තෙවනුවත් සතර අගතියෙන් මිදෙමු
එසේ නම්....
කිසිවෙකුට හෝ කිසිවකට ඇති ලෝබය නිසාවත්
කිසිවෙකුට හෝ කිසිවකට ඇති ද්වේශය නිසාවත්
කිසිවෙකුට හෝ කිසිවකට ඇති බය නිසාවත්
යුක්තිය දැකීමේ නුවණ මදකම හේතුවෙන්වත්
යුක්තිය මග නොහරිමු.....
Thursday, December 25, 2014
එවිට ජනයා මායාවට වඩා යථාර්තයට ළංව සිතනු ඇත.
ප්රතිරූප - බැලුම් බෝල
පිමිබීම - පිපිරීම
පොහ් ::
කලාවෙන් ඥානනය යනු බැලුම් වනාහී පිපිරෙන දෙයක් බව ඒත්තු ගැන්වීම මිස පිම්බිය යුතු දෙයක් බව ඒත්තු ගැන්වීම නොවේ. මිනිසෙකු ගැන හැබෑ කලාකරුවෙකුගේ වගකීමද එයමයි. තමා පිම්බෙන තරමට පිපිරීමට වඩා සමීප වන බව ඔවුන්ට කියාදීමයි.
Tuesday, December 23, 2014
කටවහන් හොම්බෙන් යන්න ඔබ
කටවහන් හොම්බෙන් යන්න ඔබ පා සිඹින රටපාලුවෝ...............
ආදරණීය අපේ වැඩිහිටියන්ට ජයවේවා!!!
සරම් ඇදන්
ඔලුවෙන් හිටන්
වැඩ පෙන්නන්න හදන
කොයි කවුරුත් පරෙස්සමෙන්
හුරේ එකටත් හූවටත් වඩා
ඔය මහත්තුරු කොයි
කවුරුත් වයසයි දැන්
අනාගතේට අපගේ
වැදගත් වැඩිහිටි
පරපුරක් ඕනෑ
හත්දෙයියනේ!
පෙන්නන්න එපා
ළමයින්ට වැඩියෙන්
වැඩිහිටියන්ට පමණයි
කියා මෙතරම් උණුවෙන
හදවත්, අපත් රට වෙනුවෙන්
ඇති කෑදරය ගෙන ආදරය සේ
උනුත් යාවී නොමගටම රැවටීමෙන්
පින්සිද්දවෙයි ඔය සද්ද නවතන් තවත්
වහගන්න බැරි නම් මහගන්නවත්
සිදුවෙයි මුසාබස් දෙසන ඔබලා
ගේ මුඛත් උම්බෑ වගත්
මණ්ඩුක කටත්
කටවහන් හොම්බෙන් යන්න ඔබ පා සිඹින රටපාලුවෝ...............
ආදරණීය අපේ වැඩිහිටියන්ට ජයවේවා!!!
Thursday, December 18, 2014
මගේ පර ම පැතුම එයයි... එම ගට මා විසි කරන්න...
අපේ නායකතුමාට ජයවේවා!!!
බඩේ ගොයියන් දිනේවා
අපේ මහරජ දිනේවා
සදාකාලික නොවූ ලෝකේ
අමර සුවසෙත සැදේවා
නීතියත් නුඹ නුඹම වේවා
රීතියත් නුඹ නුඹම වේවා
සදාචාරය කලාගාරය
මහාභාරය නුඹම වේවා
පිනත් මතු මතු ලැබේවා
කළගුණත් මතු ලැබේවා
මහදනා දණහිස් ගෙවෙන තෙක්
නූඹේ දෝලා යටින් යේවා
අපහටත් මතු ලැබේවා
දන්සලුත් තව තැබේවා
ධර්මයත් රකිනා තරම් ඔබ
ඒ ධර්මෙන්ම රැකේවා
දරු මුණුපුරන් දිනේවා
අප නුඹට කර දෙවත්වා
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික රජෙක් වේවා
ප්‍රසිද්ධ ජනමාද්යයෙන් අවස්ථා නොලැබෙන අමූලික සැදහැති දනාගේ කෘතඥ්නඥතාව පළකිරීම පිණිස වේ.
Tuesday, December 16, 2014
මම ගමේ බයියෙක්!!!
මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ
පැහිල ඉදිල බිමට නැමිල බරවෙලා අතූ
මල්ලිටයි මටයි ගෙඩි දෙකක් ඇතී
වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපී
Sunday, December 14, 2014
කඩේ යන ගමන් ...ද
කඩේ යන ගමන් පල්ලි පන්සල් යන්නට අප කල්පනා කරන්නේ නැත. කඩේ යන්නේ බඩු ගන්නට බලාගෙනය. පන්සලට යන්නට වෙන්නේ ගන්නා දේ දෙන්නට බලාගෙනය. එනිසා අප සාමාන්‍යයෙන් නම් කඩේ යන ගමන් පල්ලි පන්සල් යන්නේ නැත.
නමුත් පන්සල් යන ගමනේ කඩේ යන එක වෙනම ගමනකි. හදුන්කූරු ටිකක්.. තෙල් ටිකක්..නැතිනම් පහන් තිරයක් ගැනීමට පන්සලට යන ගමන් කඩේ යෑමට අපට සිදුවේ.
පාට පක්ෂ වෙනුවෙන්ම රට යට නොකර රට වෙනුවෙන් පාට පක්ෂ හා සන්ධාන වීම යනු පන්සල් යන ගමන් කඩේ යෑමක් කොට ගත යුත්තේ පොදු මහජනයාය. එය අවස්ථාව හා අවදිය අනුව විවිධ වශයෙන් විය හැකිය.
රටක ප්‍රතිපත්ති, නීතිය, සදාචාරය, සාධාරණත්වය ගැන මහජන හැගීම් නැවත නැවත අලුත් කොට ගත හැක්කේ ඒ හරහා පමණි. සළකන මොහොතේදී රටට ඒ කාරණා වල අවශ්‍යතාවයේ තරම කොතරම්ද ඔබටම හැගෙන්නේ නම්.. එවිට ඒ මොහොතේ පාලකයෝ හැකි පමණ රාජ්‍ය මැදිහත්කමෙන් පවා වරප්‍රසාද මුදාහැර සාමාන්‍ය මිනිසාගේ මතය දියාරු කරන්නටද සපුරා ප්රතිවිරෝධී මත හදන්නටද කරන කටයුතු අවබෝධ නොවී නොතිබෙනු ඇත. අද අප රට ගැන හොදින්ම දන්නේ මෙහි සජීවී ඔබත් මමත්ය. ප්‍රතිපත්ති පිළිබද මහජනයාගේ හැගීම් නිවට වූ කලට නැවත පාලකයන් බලයෙන් මත්වන්නෝය.
එබැවින් ප්‍රතිපත්තිමය බලපෑමට පාලකයා යටත් කොට ගන්නට ලැබෙන අවස්ථා ළාමක කරුණු මත අප කිසිවිට අත් හළ යුතුද?. එවැනි බල කිරීමකටවත් සූදානම් නොමැති ජනතාවක් කොතරම් කලක වත් රටකට බලපෑම් සහගත වන්නේත් නැති. ඉදින් එහෙව් ජනතාවක් නම් දෙන දේ කා වෙන දේ බලා හිදීමක් පමණකි හැමකල... එහෙව්වෙක් හරියට රාජකීය ජෝතීෂ අරට්ඨකීවෙණ්ඩු පරෙුමාල් කෙනුකුගේ ග්‍රහබල ගුණ්ඩු කතාවක මායාවට හසුවුනු අහිංසක මෝඩයෙක් වීම වැළැක්විය හැකිද? එසේ මෝඩයෙක් නොවී වරප්රසාදිත ගැත්තෙක් වීමටද සමහරු කැමතිය. නමුත් පරාජයටත් වඩා නිවට දුර්මත ගැනීම කොතැනත් අභිමානයක් නොව හීනමානයක්ද වන්නේය.
අන්දන්නට හදන තරමක් බොරු වපුරන කළක මුළාවේ
නොවැටී අපි ඇත්ත වෙනුවෙන්ම පෙනී සිටිමු. ඇත්ත හදුනාගන්නට තරම් වත් ඉඩක් අප
තුළ වෙත්නම් .. එතැනට යාමට හැකි කමක් අපට ඇත්නම් මත්තටද රටට වරදින්නට
හේතුවක් ඇද්ද???.. පල්ලි පන්සල් කෝවිල් මස්ජිද වෙත යන ගමනේ විතරක් හැමදා
කඩේ යමු..
ජය වේවා අප හැමට.
Friday, December 12, 2014
පුරුෂ තුනම හෙලුවෙන් මද???
:)
ගල් මුල් අරන් - වදිති පන්සල්.......................................................................මැරයෝ
පොලු කඩු අරන් - මහපාර උඩසිල්.........................................................දෙසනපාලුවෝ
දන්සල් ගිහින් - පුදති පින්පෙත්.........................................................සැදති පොදු දනෝ
අපි හොරු අරන් - සමග හෙලුවෙන්.................................................අපි නොදැන වී රටම
උත්තම, මධ්‍යම, ප්‍රථම වශයෙන් එන කිනම් පුරුෂයකට අයත් වන ස්ත්‍රියද ඇතුළුව සියල්ලෝ පාට කණ්නාඩි පැළද ඒ ඒ පාටින් පෙනෙන සමාජයට නම්බු දීම අද අප රට පිළිබද වන සරලම විග්රහයයි. කුමන පාටකින් බැලුවත් තමාගේ හැර අනෙක් හැම දෙනාගේම නිරුවත අද හොදින්ම අනෙකාට පෙනෙන්නේය. එබැවින් හෙට දවසේ ජනතාව තේරුම් ගත යුත්තේ තමාගේ දේශපාලකයාට රෙදි ඇන්දවීමට පෙර තමන් රෙදි ඇද ගැනීමේ වටිනාකම නොවේද? එනම් අපගේ සුළු හෝ නිවැරදි ප්‍රතිපත්තිමය ස්ථාවරය රටකට කොතරම් නම් වටිනවාද යන්න ගැඹුරින්ම වටහා ගැනීම නොවෙද? නිතර පාට කන්නාඩිය මාරු කරනවාට වඩා බුද්ධිමත් ජනයාගේ වගකීම එයමයි සිතමි.
Wednesday, December 10, 2014
අසත්‍ය භංගවේවා...! පැතුම සත්‍ය වෙනුවෙනි...
බොරුකාර දේශපාලන ත්‍රස්තවාදය භංගවේවා
වන්දනාකාර අමූලිකශ්රද්ධා මුග්ධවාදය භංගවේවා
අඩක් වහන සත්‍ය හංගන මුරකාවල් පුපුරාවා
යුක්තිය වෙත මගක් හැදෙන තැනකට රට
එසවේවා.............................................................................................................!
Thursday, December 4, 2014
ඡන්දය ඔබ ගන්න අයිතිය අපට දෙන්න
අපේ යෝජනාවන්ට ඇහුම් කන් දීමට ඔබ සූදානම්ද? මේ යෝජනා යනු අපේ සද්භාවික පුරවැසි අයිතිය බැව් සළකන්න.
එක එක පිලට චෝදනා කරනවාට වඩා මෙලෙස යෝජනා කිරීමට අප කැමතිය.
මෙහිදී හැමදෙනාගේම ප්රමුඛ අපේක්ෂාව හා ප්‍රාර්ථනය වන රට රැකිම ගැන අප අසන්නේ නැත. එය ඇසිය යුතු හෝ එකගවිය යුතු දෙයක් නොවේ. හැම පුරවැසියාගේම අනිවාර්ය යුතුකමකි. එම පරම යුතුකම පාට පක්ෂ අනුව විග්රහ වන එකක් නොව හැබෑවටම පොදු මහජනයාගේ යුතුකම හා වගකීමයි. එය වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ පාට පක්ෂ බදා නොව රට ජාතිය දෝතින් වැළද ගෙනයි. එබැවින් අප මෙහි සළකන්නේ ඉන් ඔබ්බෙහි ඇති අපේක්ෂාය.
මෙලෙස ඉදිරිපත් කෙරෙන සියලු කරුණු ප්‍රධාන කොටම දේශපාලකයන්ගේ යුතුකම්ය. අපගේ යුතුකම ඔවුන් වෙනුවෙන් ඡන්දය නම් මෙය සැළකිය යුත්තේ අපේ පොදු සද්භාවික අයිතිය ලෙසයි.
1.දේශපාලන භේද නොතකා සමානාත්මතාවයෙන් සියලු ජනතාවට එකසේ සළකන්න.
සියලු ජාතීන් ලාංකිකයන් ලෙස සමානය. ජාති ආගම් කුල භේද මත ඔවුන් පීඩාවට පත්
කරන සුළුතරයක් හැරුණු විට නිරන්තරයෙන් අප කොයි කව්රුත් පීඩාවට පත්වන්නේ
ප්‍රධාන වශයෙන් දේශපාලන භේද භින්නතාවයෙනි. ඒ ඒ පක්ෂ පාට ලබාගන්නා බලය මත
පාක්ෂිකයන්ට සැළකීමත් අන්යන් නොසළකා හැරීමත් රටේ සාමාන්‍ය ස්වභාවයක් බවට
පත්ව ඇත. සුදුස්සාට සුදුසු තැනත් දේශපාලකයන්ගේ ඇගිලි ගැසීම් වලින් තොරව
පොදුවේ මහජනයාට සමානාත්මතාවයෙන් සැළකීම සියයට සියයකින් තහවුරු කිරීමට ඔබ
එකග වනවාද?
2.දේශපාලන භේද නොතකා තරුණයා හා ඉදිරි පරපුර වෙනුවෙන් හැබෑ සංස්කෘතික හා සමාජීය චින්තනයක් බිහිකිරීමට මං සකසන්න.
තරුණයා හා කුඩා දරුවා නංවන්නට කටයුතු කරන්නේත් හුදු දේශපාලන අරමුණු ප්‍රමඛ
කරගනිමින් බව අපි නිරන්තරයෙන් දකිමු. තරුණයන් වෙනුවෙන් ඇති ආයතන දේශපාලනික
සටන් භූමි බවට පත් කරගෙන ඇත. දරුවන්ගේ සංස්කෘතික හා සමාජීය චින්තනය
වර්ධනයට අවශ්‍ය දේට වඩා ඒ වැඩසටහන් තුළද ප්රමුඛ කරන්නේ දේශපාලන උවමනාවන්ය.
ඒ අනුව ඔබ පිළිගන්නේ රටේ ඉදිරිය වෙනුවෙන් හැබෑ ජාතික සංස්කෘතික හා සාමාජීය
චින්තනයක් අනවශ්‍ය බවද?..... එනිසා සරලව කියන අයුරෙන් දේශපාලනයන් උදෙසා
කඩේ යන්නෙකු බවට තරුණයා පත් නොකළ යුතුය. ඔහුට රට වෙනුවෙන් පෙනී සිටින්නෙකු
බවට පත්වීමට අවශ්‍ය නිවහල් භාවයත් ස්ථාවරයත් සකසා ගැනීමට උදව් කළ යුතුය. එ්
අරමුණෙන් තරුණයා හා ඉදිරි පරපුර වෙනුවෙන් ක්‍රියාවට නංවන වැඩපිළිවෙලවල්
සියල්ල දේශපාලන අරමුණු වලින් තොරව නිදහස් ජාතික ක්‍රියාවලියක් බවට පත්වීමට
ඉඩ හසර විවර කළ යුතුය. සියයට සියයක් ඔබ ඒ සදහා එකග වනවාද?
3.දේශපාලන භේද නොසළකා නීතිය හා පුරවැසි අයිතිවාසිකම් සුරකින්න.
ඡන්දය මුල්කොට ගෙන පුරවැසියාගේ අයිතියාසිකම් ගැන සමහරවිට දේශපාලකයා කතා
කළත් එය නිමාවන්නේ මේ කතාකරන අයිතිවාසිකම් තුට්ටුවකට මායිම් නොකරමින්.
නීතිය මෙන්ම සාමාන්‍ය මිනිහාගේ සුරක්ෂිත භාවයත් දේශපාලකයන්ගේ බලපෑම් සහගත
ක්‍රියාකාරීත්වයෙන් සපුරා මුදවා හල යුතුයි. යම් පක්ෂයක් හෝ පාටක් නියෝජනය
කරන්නාවූ පමණින් කිසිවෙකුට සුවිශේෂ වරප්‍රසාද හිමි නොවිය යුතුයි. ඔබ ඒ සදහා
පුර්ණ වශයෙන් අප හා එකගවනවාද?
4.රට ජාතිය පෙරටුව තබා දේශපාලනය තවත් එක් ලාබදායී ව්‍යාපාරයක් වෙමින් යන ස්වභාවයෙන් එය මුදවා ලන්නට කටයුතු කරන්න.
දේශපාලකයාට තම පක්ෂ පාට අනුව දැක්මක් මෙන්ම අරමුණුද තිබිය හැකියි. නමුත්
දේශපාලනය පවතින්නේ මහජනයා උදෙසා නම් ඒ අරමුණු කිසිවිටකත් මහජනයා වෙත අයුතු
බලපෑම් හෝ අසාධාරණයන් කරපින්නන ඒවා විය නොහැකියි. එමෙන්ම දේශපාලනය හරහා
මහජන නියෝජිතයන් වීම යනු ඔවුන්වෙත අමුතු අායුධ දීමක් හා ඒ ආයුධ රිසි සේ
භාවිතයකට අවසර පතක් දීමක් විය නොහැකියි. ඔහුගේ කාර්ය භාරය රට පෙරට ගෙනයාමට
අප වෙනුවෙන් රට නිරෝජනයයි. එනිසා දේශපාලනය තම ආර්ථිකයන් ගොඩනගා ගැනීමේ
සහයෝගී ව්‍යාපාරයක් වීම සපුරා නැවැත්විය යුතුයි. ඔබ ඒ සදහා අප හා එකගවනවාද?
බෙහෝ කොට සමාන්‍ය මහජනයා ලෙස අපට දැනෙන හැගෙන සරලම අවස්ථා හා ඔබට අප සමග සපුරා එකගවන්නට හැකිනම් එය සිදුවන්නේ හැබෑ සද්භාවය ක්රියාවේ යෙදවීමේ අරමුණෙන් නම් අපට පිල හෝ පක්ෂ වටින්නේ නැත. නමුත් ගැටළුව... ඉතිහාසයේ සිට ඉදිරිපත් වූ මේ කිසිවකට කිසිදා ප්‍රමඛත්වයක් හිමි නොවීමයි. තව දුරටත් ඔබේ දේශපාලනයත් එවැන්නක් නම් මේ රටේ අනාගතය ගැන සුරංගනා කතා වලින් කිසිදු ඵලක් සිදු නොවේවි. යථාර්තය එයයි.
මීට,
ස්වාධීන
තරුණයා.......................................................................................................................................................................................................................................
Wednesday, December 3, 2014
අහිංසකයි... රටක් වටී
උවමනාවට වඩා අහිංසක වන අපේ උදවියව අයාලේ යැවීම පහසුය.
බුද්ධිමත් කපටියෙකුටත් හැගීම්බර අන්තවාදියෙකුටත් අපේ මිනිසුන් ඩැහැගැනීම සැබවින්ම පහසුය.
නමුත් ඒ මොහොතකටයි. ඊ්ළග මොහොතේ හරිදේ තේරුම් ගන්නට තරම් මොළයක් අපේ අයට ඇත. වැරදුනු තැනත් වැරදුනු හැටිත් මොහොතකින් තේරුම් ගැනීමට තරම් බොහෝ අය නුවණක්කාරය
එහෙත්,
ඉන් පසුව කුමක් කළ යුතුද?? එතැනදී අපේ අය බොහොමයක් අහිංසකය. රටක් වටින අපේ අය එතැනදී තීරණයක් ගැනීමට නොහැකිව බලා සිටී. හැගීම් බොහොමයක් හදවතේ සැරිසරන්නා වූ විටද තර්කයන් කිහිපයක් බුද්ධීය ආක්‍රමණය කරන්නා වූ විටද මිනිස්සු ගොළුවෙති. අපේ අයටත් එහෙම වෙති.
නමුත්,
තීරණ නම් ගත යුතුය. වරදින්නට පුළුවන, හරියන්නට පුළවන. හොදින් සිතා බලා තර්ක කර ගත යුතු හා හැකි හොදම තීරණය ගැනීමට තරම් කොන්දක් තිබිය යුතුය. එපමණක් නොවේ. ඒ තීරණයේ වගකීම දැරීමටත් ශක්තියක් එතැන්හිම ඇතිකර ගත යුතුය. මන්ද සමහර තැන අපේ අය ලකුණු වැටෙන දේ මිස කැපෙන දේ වගකීම දරන්නට අකමැති වන නිසාය. දියුණුව ඇත්තේ එතැනය.
කවුරුන් හරි කියාදෙන දෙයක් මත හෝ තමන්ට වැටහෙන නිසා පමණක් හෝ කළ හැකි හෝ නොහැකි නිසා පමණක් අපි හරි දෙයක් පිළිබද අවබෝධයක් නොලබමු. වැටීම හා නැගිටීම අතිශය වැදගත්ය. නැගිටින්නට නම් වැටීමක් තිබිය යුතු සේම නැගිටීමක් නැති නම් වැටීමක්ද නැතිය. එබැවින් වැටි වැටී නැගිටීමක් ගැන කෙසේවෙතත් වැටුණු විට නැගිටීමක් පිළීබද හැගීමක් අපට තිබිය යුතුය.
රටක් ජාතියක් නොව පුද්ගලයෙකු ඉදිරියට යන්නේත් එලෙස නොවේද?
අහිංසක ලෙස රටක් වටින ලෙස ඉදිරියට යන්නට අප කොයි කාටත් සවිය ලැබේවා... දරුණු විය යුතු තැන රුදුරු නොවී නොසැලෙන ස්ථාවරයෙන් දරුණු වන්නටත් සවිය ලැබේවා...(සැළකිය යුතුයි.. මේ දරුණු වීම යනු නොසැලෙන ස්ථාවරයම, ආත්ම විශ්වාසයම මිස අනෙකක් නොවේ)
Sunday, November 30, 2014
දූපතක අපි - ............. පෙර කිවයුතුම ටිකකි.
දූපතක වැසියෝය අප. ඒ දූපත් වාසී කම ලජ්ජාවක් වගේ දැනෙන්නේ උපතින්ම හරි පස්සේ හරි ටිකක් ඉංගිරිස් වලින් කටදිව තෙමෙන්න ගත්තාමද? ඉංගිරිස් තුන්වේල ජීර්ණය නොකරන මට නම් නොතේරේ. දූපතක නිසා අතීතයේ සිට කොතරම් උවදුරු වලින් අප ආරක්සා වෙන්ට ඇතිද? ඒ දූපතේ අහුකොන් වල තිබූ දෙයින් අපි කොතරම් නම් පෝෂණය වෙන්ට ඇත්ද? අම්මා තාත්තා මට නම් සුඛෝපභෝගී විදිහට සුරක්ෂිතව කන්නට බොන්නට දුන් නිසා මට ඔය අහු කොන් වැඩක් නැතේ යයි කෙනෙකු කියන්නටද පුළුවන. අනේ මේ දූපත් රට අදටත් බොහෝ දෙයින් වටින්නේ අපටය. අපේ මෝඩ කමට අපි එහිම ලැග එහිම මියෙත්වා.. මෙහි උපන් නිසා කටදිවේ ගෑවී හදවතේත් බුද්ධියේත් ගැඹුරටම කතාකළ සද්ධර්මය උරුමයක් කොට ගත හැකි වීමම අප ලද වාසනාවක් වේවා. ඒ ධර්මයේ කොනක් හෝ අල්ලා ගත් නිසාම විශ්වය ගවේෂණය නොකොටම තමන් තුළින් විශ්වයම වටහා ගන්නා හැටි වටහා ගත් නිසාම මගේ මානසිකත්වය දූපත්ම වේවා.. ඒ මෝඩකම නිසාම පස්වලින් ගොඩ කර දූපත මහද්වීපයක් හෝ අර්ධද්වීපයක් කරනවාට අපේ කැමැත්තක් නැත. අප කීවේ අප වැනි තවත් ගණනකට ගතහැකි අය ඉන්නා නිසාය.
කලිසම කමිසය ඇන්දාට ඉංගිරිස් වචන කීවාට අපි අපේ රටේ වැදගත්කම ඉහටත් උඩින් අවබෝධ කර ගෙන ඇත්තෙමු. කාට නොවටිතත් අපට අපේ රට වටින්නේය. ජාතියක් ආගමක් මුල්කොට ගෙන අන්තගාමීවන්නට අපට උවමනා නැති සේම පිට පොට පටලවා ගත් සරමත් නොඅදින හෝ රාත්‍රියට දවටා ගන්නා අයගේ කතා අපට උවමනා නොවෙති. පාලකයන්ගේ වරද නිසා අපේ කමත් අපේ දෙයත් අපේ රටත් කියන්නෙහි අර්ථය සාමාන්‍ය මිනිහාට විටෙක පැටලුනාට ඔහුට ජන විඥානය ඇත. ඔහුගේ හිතේ හෝ ජානවල කොනකින් අවතරණය වූ ඒ ආවේණියේ කොටස් ඇත.
ලෝකෙන් උතුම් රට අපේ රටයැයි අප කියූවේ ආර්ථික විද්‍යාව වැනි තිරශ්චීන විද්‍යා දර්ශක වලින් නොවේ. සද්ධර්මය පිහිටි රට නිසාය. එහෙයින්ම පාලකයාගේ වැරදි හෝ පාලනයේ වැරදි හෝ කාළගුණ දේශගුණ විපර්යාස හෝ රටේ මිනිහාගේ යම් කොනක් අල්ලා ගෙන සමස්ථ රටේ ගලායාම හෝ පැවැත්ම ගැන ඒ අනුසාරයෙන් අගතියට දෙසන්නට අප සූදානම් නැත. වැරදි ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමට අපේ ඇහැකින් බලනවා විනා තිරශ්චීන විද්‍යා ඇසෙන් බැලීම හෙනම ගොබ්බ වැඩකි. මන්ද දහමෙන් පෝෂණය වූ මහ ඉතිහාසයක් ඇති රටක් තම අනාගතය දෙස බැලීමට රබර් ඇසක් භාවිතාව විහිළුවක් වන බැවිනි.
ආරෝග්‍ය පරම ලාබය නම් සතුට පරම ධනය නම් පළමුව අප ලද යුත්තේ ඒ ආරෝග්‍ය හා ඒ සතුට නොවේද? සමහරුන්ට මේ දෙකම ගන්නට බටහිර විද්‍යාව හා ආර්ථික විජ්ජාව නැතුව බැරිය. මෙහෙම කිව්ව සැනින් සමහරු හාස්‍යට කට අරින්නේ සල්ලි නැතිව හුස්ම ගන්නේ වත් කොහොමද කියා දෙසමිනි. සල්ලි නැතිව තවමත් හුස්ම ගැනීමේ හැකියාව නිරෝගී අයට තවම මෙහේ තිබෙතත් මුදල් නැතිව ජීවත් වීමට නම් නොහැකි බව කොතැනටත් වගේම මෙතනටත් අදාළ වේ. ඉතින් මුදල් හොයන මග පළමුවට ගෙන අර දූපත් කියාගන්නා මානසිකත්වයට පයින් ගසා.. යන රැල්ලේ ගණිකා වෘත්තිය පවා නීතිගත කරමින් සූදු කැසිනෝ පමණක් නොව ආර්ථික වාසි ගෙනෙන ඕනෑ දෙයක් කර පින්නාගෙන අපි යමුකෝ මරු ගමනක්... ධර්මයවත් අහවල් එකක්වත් මක්කෙටැයි.. ඔය දියුණුයි කියන රටවල් වගේ අපිත් යමු මහා ගමනක්..නිර්මාණය වේවි හොද සංස්කෘතියක්..අලුත් රස්සාත් නිර්මාණය කරන්නට තරමේ තවත් ප්‍රශ්නත්... විනාශ වේවි අපේ කියන හැම දෙයක්ම... ඒත් කමක් නැහැ අධිවේගී ගමනක්ම යමුකෝ හෙමින් නොයා. ආපස්ස බලන්නේ නැතිව.. අපේ මිනිස්සුන්ගේ ෆාස්ට් ෆෝවඩ් ගතිය අඩු නම් සියලු විලි ලජ්ජාව එකවිට නසාගෙන අපි යමු අාර්ථිකයේ විතරක් නොවේ විනාශයේත් කෙළවරටම.. එනිසා...................................
කියන දේත් විග්‍රහත් උගත් බුද්ධිමත් භාවයෙන් අගතැන්පත් වූවත් විෂය හා පූර්ණව බද්ධ වූවත් අපේ ක්රමයේ වටිනා දේ අපි දැනුවත්ම මෙන්ම නොදැනුවත්වත් අපේ සංස්කෘතිය තුළ වාගේම අපේ ජාන වාගේම හිතේත් හැංගී ඇති බවත් ඒවා සඵලදායී පමණට නිරවුල් කොට ගත හැකි හා යුතු බවත් අපි තේරුම් ගැනීම වැදගත්. අනුන් පෙන්වන පහසු හා සරල මාර්ග බුද්ධියට හොදට ගෝචර වූ පමණින් හිතට බොහෝ සේ සිත්ගත් පමණින්ම යපහතක් සපුරා උදා නොකරන බව අපේ දූපත් මානසිකත්වය තුළ අප ඉගෙන ඇත.
උගත් බුද්ධිමත්හු දෙසුවාට හැම දෙනාගේ කල්පනාව ඒ උගත්බුද්ධිමත් රටාව නොවේ. එමෙන්ම හැගීම් බරවම දෙඩුවාට එයත් හැමගේ රටාව නොවේ. බොහෝ දෙනා මේ දෙතැනින්ම මධ්‍යස්ථ වූවන්.. ඔවුන්ගේ අදහස අප පරිණාමය වෙන්නට කලින් පරිණාමය අපි විසින් සිදුකර ගැනීම නොවේ. අකලට මේරීම යනු පරිණාමයක් නොවේ. ඩාවින්ගේ පරිණාම වාදයට අනුව උචිත උන්නතිය කියා කියන්නේද කාලයක් යන වැඩකි. එබැවින් අද උචිතයි කියා පේන දේ හෙට නූචිත වන්නටත් අද නූචිතයැයි පෙනෙන දේ හෙට උචිතවන්නටත් බලපාන පරිසරයත් ධර්මයට අනුව අප දන්නා නියාම ධර්මත් බලාහිදී. එබැවින් විද්‍යාවට වඩා එහා ගැඹුරු නියාමයන් දන්නා අප සරල විද්‍යාව හමුවේ වෙව්ලන්නේ ඇයි?? ධර්මය නොදන්නා කමින්ද?? එහි අදහස සරල විද්‍යාවට ගැරහීමක් නොවන බව උගත් බුද්ධීමත් මතධාරීහු තේරුම් ගනිත්වා.. එබැවින් ඒ විද්‍යාවට අදාළවම වර්ධනය හා විකසනය සුදුසු තැන සුදුසු විට උනාවේ.. අප විසින් බලහත්කාරයෙන් සිදු කර ගැනීමට යා යුතු නැත. එයින් කියවෙන්නේ නිහඩව බකංනිලාගෙන සිටිමක් ගැන නොවන බව හැබෑ බුද්ධිමතුන් තේරුම් ගන්නවා ඇත.
මේ එළඹ ඇත්තේ කාලයක් තිස්සේ රැස්වූ අවබෝධයකින් රටට ගැලපෙන මාර්ගය හදනා අපේ ගමන යාමේ කාලයක් මිස ලොකු හෝ බලවත් යැයි හංවඩු කොටා ගත් රටවල් දෙස බලා මගුල්ගමනේ හැඩ පෙන්වා දික්කසාදයවෙත යන ගමනක් නොවේ.
එබැවින් රටට හැබෑ බුද්ධිමත්හු පහළවේවා. උගතුන් පිළිබද අංශමාත්‍ර වූ අනියම් හැගීමකින් තොරව මෙසේ ප්‍රකාශ කරන්නේ උගතුන්ගේ මහිම දකින විට උගත් පමණින් අර්ථයක් හැබෑවට ජීවිතයට ළංකර නොගත් බව දකින නිසා පමණි. අපත් නන්නත්තාර නොවී රස්තියාදුවකින් ජීවිතයේ යම් හෝ යහපත් මාර්ගයක් තේරුම් ගත් හෙයින් මෙසේ කියන්නට කරුණු යෙදී ඇත. නමුත් අපත් සමගත් ඉන් පසුවත් බිහිවූ පරම්පරාවේ කතාව බොහෝ සෙයින් උගත් පන්නයට බර වූවාට හරවත් පන්නය ඇමරිකන් හෝ බටහිර ෆෝමැට් රටාවෙන් නිවට කර ඔද්දල් කරවූ බව අපි දන්නෙමු. එයින් පෙන්වන්නේ බටහිර හෝ ඇමරිකන් විරෝධයක් නොව කරුණු සිදුවූ අයුරුය. එයට අපේ රටේ උගත්තුද බොහේ සෙයින් දායක වූහ. නමුත් හැබෑ බුද්ධිමතුන්ගේ වාසය තවමත් මේ රටේ ඇති බැවින් අපේ චින්තනයට යමක් එක්වුනි. ඔවුන් හැමට පින්සිදු වේවා.
අමුඩය නොඇන්දත් සරමම පටලවාගෙන නොහිටියත් අපේ කියන දේශපාලන හෝ විවිධ සමිති සමාගම් නියෝජනය නොකළත් අපේ කියා කෙරෙනා සියලු නරකත් හොද ලෙස දකන්නටත් මා සූදානම් නැත. එය වෙනමම දෙයකි. අපේ මිනිසුන් නිවරද වන්නට ඕනෑ එතැනින්ය. අපේ කියා කවුරුන් හෝ අපට පටලවා දුන් වැරැද්දත් අර උගත්කමෙන් වල්මත් වුනු අදහසුත් වෙනමම අප විසින් හදුනා ගත යුතුව ඇත. එය එතරම් පහසු දෙයක්ද නොවේ. අලුත් සංස්කෘතියක් නිර්මාණයට අපේ වැඩිහිටියන් පටන් ගත යුත්තේ ඒ නිවැරදි අවබෝධයට පාර කැපීමෙන් මිස කුඩා දරුවන්ට උගන්වන කවි කතාවක කොනක් අල්ලා නොගෙන බව ඉතා වැඩිහිටියන් කෙරෙහි ගෞරවයෙන් මෙන්ම අවධාරණයෙනුත් කිව යුතුව ඇත. නැන්දාත් මාමාත් ගතවෙන කාලය ගැන වගකීම් සහගතව නොහිතා දුන්කොළ නැට්ටේ එල්ලුනොත් විදවීම යනු ඇත්තේ පඹගාලක පැටලෙන අනාගත පරපුරටය. ලංකා මාතා කියා මවකගේ දරුවන්සේ හැදෙන ඔවුන් එක වරම ලෝක අම්මා නොහොත් ලොකු අම්මා ගේ ඇසුරට යැවීම හිතනවාට වඩා පහසුවෙන් හා සරලව ගත්තොත් අපටත් ඇමරිකාවට සේම දෙවිපිහිටය. බටහිර බොහෝ රටවලට සේ දෙවිපිහිටමය. දෙවි පිහිටද සද්ධර්මයේ සරණද යන්න ජාති ආගම් වාද වලින් තොරව රටේ සමස්ථය සමග ඉදිරියට ගැඹුරෙන් හිතන්නට අවැසි අයට සිතිවිලි පහළවේවා...
යමක් කී පමණින් අප එක් කෙළවරක තබා නොසිතන්න. මමද ඔබද අපි සාමාන්‍ය වැසියෝම වෙමු. රජ හෝ බමුණෝත් එලෙසම වෙළෙන්දෝත්, ශුද්‍ර හෝ වෙනයම් කොට්ඨාශයකටත් ධර්මය එකමය. ප්‍රතිපත්තියෙන් අගතැන් නැතත් දැනෙන හැගෙන සත්‍ය කීමට එය බාධාවක්ද නොවේ. එබැවින්ම අප/ මා විසින් ..................... පෙර මෙසේ ලියන්නට අදහස් කරන ලදී.
මොන ආර්ථික මග ගත්තත් ධර්මය අමතක කළ තැන් සිට එ් දියුණුවේ පූර්ණත්වයක් නැති බව නම් අපටත් ඒ මග යෑමට සිදුවුවත් පළමුව කිව යුත්තකි. බුද්ධිය සමග ශ්‍රද්ධාව එක්ව ප්‍රඥාව ගැන අප තේරුම් ගත යුත්තේත් දෙසිය යුත්තේත් එනිසාය.
පට්ට පල් බොරු
සත්‍ය සත්‍ය ලෙසම මුල සිට අවසන දක්වා පවතින සද්ධර්මයක හැර සපුරා සත්‍ය වන කිසිදු නිර්මාණාත්මක දෙයක් ලොව තුළ ඇත්ද? නිර්මාණයක් යනුම ආරම්භයක් හා අවසානයක් ඇත්තකි. සද්ධර්මයට මෙහා අපගේ කිසිදු සම්මුතීන් තුළ පරමාර්ථයන් තුළ ඇති සත්‍ය ස්වභාවය පවතින්නේ නැත. එනිසා නිර්මල පරම සත්‍ය හමුවේ සම්මුති සත්‍යන් යනු අර්ධ සත්‍ය ම පමණි. ඉදින් කවරෙකුටත් අප එදිනෙදා භාවිතයන් සම්මුතියෙන් එහා පරම සත්‍යලෙස අර්ථ දැක්විය නොහැකිය.
එනිසා මත මත අතර ගැටුම්, දැනුම් පද්ධතීන්, විෂය පද්ධතීන් අතර ගැටුම් යනු හුදු අර්ධ සත්‍යන් ගේ ප්‍රමාණයන් හා අරමුණු අතර ගැටුම් මිස සත්‍ය හා පට්ට පල් බොරු අතර ගනුදෙනු නොවේ. මන්ද මිනිස් සංස්කෘතියම සම්මුතීන් තුළ පවතින පට්ට පල් බොරුවක් බවට තර්ක විරහිත සද්ධර්මය මගින් ඔප්පු කොට හමාර නිසාය. එනිසා එකිනෙකා මත හා උදහස් සහිත අදහස් නිසා මිනිස් සමාජයේ කිසිවකුත් කිසිවිට ගැටුම් ඇතිකර නොගත යුතුය. සද්ධර්මයේ කියවෙන අවබෝධය වටින්නේ මෙතැනදීය. එවිට අවස්ථානෝචිත බව මෙන්ම නිවැරදි ස්ථාවරය මෙන්ම නිවැරදි ක්‍රියාකාරීත්වය ගැනත් හැගීමක් ලැබෙනු ඇත.
එබැවින් පට්ට පල් බොරු ගැන තීරණය කිරීමේදී පළමුව අප සිටින්නේද සම්මුති සත්‍යක් තුළ බව තේරුම් ගැනීම වටිනු ඇත. එවිට හරි වැරැද්ද තීරණය කිරීමට සම්මුතියේද තවත් කරුණු කාරණා රැසක් ඇති බව පිළිගනු ඇත. සාධාරණය, යුක්තිය, සමානාත්මතාව මෙන්ම සම්මුතිය තුළ පවතින උපසම්මුතීන් ගැනත් කල්පනාව එවිට පහළ වනු අැත.
Wednesday, November 26, 2014
මුනිවර නිහඩතාව
මෝඩයන් ඉදිරියේ
මුනිවරයෝ නිහඩවූහ
උගත්හු ඉදිරියේද
මුනිවරයෝ නිහඩවූහ
මෝඩයෝ මුනිවරයා නිකමෙකියි කීහ
උගත්හු අව්‍යාජ නම් මුනිවරයෝ නිහඩ නොවෙතියි කීහ
මුනිවරයෝ සිනාසුනහ
නොතේරුම් කමින් හිස පිරී අැත්තන්ගේ හිසේ වෙනත් යමක් දැමීමට ඉඩක් නැත
දැනුමෙන්ද හිස සපුරා පිරී ගියේ නම් ඒ හිස් තුළත් වෙනත් යමක් රදන්නේ නැත
එබැවින් නිහඩවීමයි සුදුසු පිළියම
මුනිවරයෝ උගත්කමින්වත් මෝඩකමින්වත් හිස සපුරා නොපිරුනු තැනැත්තන්ට කීහ
එවිට බුද්ධිමතුන් ?? කෙනෙක් හට ප්‍රශ්නයක් විය
හැබෑ බුද්ධිමතුන් කිසිවකින් කිසිවිට කුස සේ හිස පුරවා නොගන්නා අයයි මුනිවරයෝ කීහ
ඔවුන් හැමවිට උත්සාහ ගන්නේ දැනුමට හෝ හැගීමට වහල් නොවන්නටයි
එබැවින් ඔවුහු හැමවිට දෙසීමට වඩා ඇසීමට රුචිවෙති
ඇසීමට වඩා ධාරණයට රුචි වෙති
ධාරණයට වඩා අවබෝධයට රුචි වෙති
අවබෝධය ඔබේ හිසේ හෝ මනසේ ඉඩ පැහැර නොගන්නා බැවින් ඔවුන්ගේ හිසේ හැම විටම නිදහස පවතී
...........................
හැගීමට වහල් වීම යම් වරදක්ද දැනුමට වහල් වීමද එවැනිම වරදකි. නිවරද වන්නේ අදාළ තැන දැනුමටත් අදාළ තැන හැගීමටත් තැන දීමය. කොතරම් නිවැරදි වුවත් දැනීමට වඩා හැගීම වටිනා තැනදී එය යටපත් කිරීමට යාමත් කොතරම් බලවත් වුවත් හැගීමට වඩා දැනුම වටිනා තැනදී එය යටපත් කිරීමත් නොකළ යුතුය. මන්ද මිනිසා හැගීම මෙන්ම දැනීම අතින්ද සමබර සත්වයෙක් නොවුන හොත් තවදුරටත් මිනිසෙකු ලෙස ඇති පැවැත්ම නැති වී යන නිසාය. එබැවින් හැගීම් වැඩීම ගැන දැනුමෙනුත් දැනුම වැඩීම ගැන හැගීමෙනුත් විමසා බැලීමේදී දැනුමේ වටිනාකම නිසා හැගීම බැහැරලීමත් හැගීමේ වටිනාකම නිසා දැනුම බැහැරවීමත් වැළැක්වීමට නම් ඇතිවිය යුත්තේ එකගතාව මිස වාදයක් නොවේ.
වඩා වටින්නේ දැනුම නොවේ.. සමස්ථ ප්රතිඵලයයි.
වඩා වටින්නේ හැගීම නොවේ .. සමස්ථ ප්රතිඵලයයි.
යමක සමස්ථ ප්‍රතිඵලය තීරණය වන්නේ කුමක් පදනම් කරගෙනද?
ලෝකය පිළිබද විස්තර වන්නේ නියාම ධර්ම පහක අනුසාරයෙන් නම් ඒ නියාම ධර්ම පහට ඔය සමස්ථය යටය. ඒ පහම සමස්ථයට අදාළය. ඉදින් සමස්ථයේදී නොදන්නා බොහෝ සාධක, පාලනය කළ නොහැකි සාධක බොහෝ වෙද්දී යම් දැනුමක් හෝ යාන්ත්රනයක් මත නැතිනම් එක් නියාම ධර්මයක බැදුනු විද්‍යාවක හෝ චිත්තය හා බැදෙන හැගීමක එල්ලී පමණක් විග්රහ කෙරෙන අපේ කතා අතිශය ගැඹුරකින් බැලූ විට කොතරම් බොදළදද? ළාමකද?
එවැනි ළාමක කමක සිට සද්ධර්මය දෙසූ මුනිදුන්ගේ නිහඩතාව දශමයකින් හෝ ගැඹුරෙන් වටහා ගැනීමට හැකිනම් දාහක් දේ අපමණට දොඩවන මෙබදු කලක අපටම අවශ්‍ය විට නිහඩතාව සොයන්නට සිත්දේවි. සිත්වේවි. නිහඩතාව අැවසි තැන නිහඩවිය යුතු බව තේරුම් ගනීවි.
Monday, November 24, 2014
කොනක්! ඉමක්!
යම් ලක්ෂ්‍යක සිට වමට අදිනු ලබන රේඛාව එම ලක්ෂ්‍යයේ සිට ගත්කල වමටය. එම ලක්ෂ්‍යයේ සිට දකුණට අදිනු ලබන රේඛාව එම ලක්ෂ්‍යයේ සිට ගත්කල දකුණටය. මේ දෙකම සරල රේඛාවන් ලෙස ඇද නැතිව ඇන්දා නම් අවසන එකම රේඛාවකි.
මේ අතිශයඩිංග තේරම් ගන්නට නොහැකිව මිනිස්සු වම හා දකුණ අතර මහා මත භේදයක් හදා ගනිති. වමට ඇති රේඛාව යම් තාක් දිගද දකුණට ඇදි එක යම් තාක් දිගද දෙකම එක් කළ විට මහා රේඛාවකි.
රේඛාවන් ගණනක් ඒ මේ අත අැද එක එක හරහා ඇද බැලූ විට එතැන ඇත්තේ අමුතුම කලාවකි. මේ රේඛාවන් සරල රේඛාවන් නම් එය මෝස්තරයක් සේ විය හැකියි. එ්වා සරල නොවන රේඛා නම් ඒ තුළ මෝස්තරයකට එහා දෙයක් වුව දැකිය හැකි වනු ඇත.
කලාව සරල රේඛාවලින් විස්තර කළ නොහැකිය. සරල රේඛා ඔස්සේ පමණක් කලාව පැවැත්විය නොහැකිය. නමුත් මේ රේඛා සියල්ල ඉතා සියුම්ව බිද දැමුවහොත් සරල රේඛාවක් තැනිය නොහැකිද?
කැමරාව හදන තිත්.. එයින් හැදෙන රේඛා කොටු .. ඒ ඔස්සේ හැදෙන විවිධ වූ දේ..
සියල්ල අවසන පොඩිපට්ටම් කොට එකම රේඛාවකට දැමිය නොහැකිද?
විදුලිය බල්බය හරහා ගොස් ආලෝකය දී ඉස්ත්‍රික්කය හරහා ගොස් තාපය දී පංකාව කරකවා සිසිල දී තවත් කොයි කොයි නම් තැනකට ඇදී යත්ද? කොපමණ දේ ලබා දෙත්ද? විදුලිය නමින් සියල්ල කරන්නේ එකපසු පස ඇදනෙ ඉලෙක්ට්‍රෝන ධාරාවක් විසින්යැයි සාපෙළ අවදියේ කියා දී ඇත.
හිත හිතිවිල්ලෙන් හිතිවිල්ල අද්දවා මොන මොන දේ හරහා ගොස් අප කොතැන නතර කරාවිද? අපි හිතට අනුව යනවාද? හිත අපිට අනුව යනවාද? හිතට තිතද? තිතට හිතද?
කලාව මේ සියලු තිත් හිත් හා රේඛා එකතු වුනු තැනක්ය. කලාව මිනිහා හරහා මේ සියලු තිත් හිත් හා රේඛා විවිධ නිමැවුම් බවට පත් කරයි. සංකල්පනා හිතෙන් තිතෙන් හෝ රේඛාවෙන් පටන් ගෙන හිත ගත් ලෙස නිමැවෙයි. තිතක් තබා තවත් තිතක් තබා අතරමැදි රේඛා නිමැවෙයි. හිතත් මේ තිත් රේඛාත් කලාවක් හදයි. විටෙක සියල්ල පැටලී යයි.
පැටලීම තුළ අපූර්වත්වයක් ජනිත වී අපූර්ව අනගි විශිෂ්ඨ දේ බිහිවෙයි. තවත් විටෙක සියල්ල එකටෙක මනාව ගැලපෙයි. එසේ එක්වී ගැලපී ශ්‍රේෂ්ඨ හෝ අති ශ්‍රේෂ්ඨ දෙයක් බිහිවෙයි.
විශිෂ්ඨ කලාවද? තිතද? රේඛාවද? හිතද?
මේ සියල්ල දෙස බලා තවත් පසෙකින් බුද්ධිය විචාරන්නේ ඒ ප්රශ්නයයි.
Subscribe to:
Posts (Atom)