Wednesday, February 18, 2015

පෙත්ත එක නම් ඇයි පොත්තට වැඩිපුර නැහෙන්නේ.. ‍

දේශපාලනයේ පිල් බදාගෙන පොත්ත වෙනුවෙන් නැහෙන අපේ බොහෝ මිනිසුන් දැන දැනම ගිලින ලණුවකි,- මේ. පෙත්ත එකම බව බොහෝ දෙනා දනිත්. නමුත් වාණිජ නාමයත් ඖෂධ නාමත් ගැන කියමින් නැහෙන්නේ පොත්ත ගැන මිස පෙත්තේ අන්තර්ගතයත් ඊටත් වඩා අවබෝධයට ගත යුතු රොිගයේ ස්වභාවය හා රෝගියා ගැන නම් නොවේ. මේ වදවීම වැරදි ලෙස වීමේ හේතුවෙන්ම රටේ හැබෑ ප්‍රශ්නත් රට වැසියන්ගේ හැබෑ ප්‍රශ්නත් ගැන වගවීම හැමදා පසෙකට යයි. අනතුරුව පොත්ත වෙනුවෙන් එක එකාගේ කුණු අවුස්සා ගනිති. දේශපාලනය යනු එයයැයි ඒ දෙස බලා බොහෝ දෙනා සිතති. දේශපාලනය අදාළ පැළැන්තියක ක්‍රීඩාවක් බවටත් අප එහිදී පිල් වෙනුවෙන්, ක්‍රීඩකයින් වෙනුවෙන් හුරේ දමන ප්‍රේක්ෂක සමූහයා බවටත් පත්වන්නේ ඒ අනුවයි. අද සහ හෙටත් අලුතෙන් හා අලුත් ජීවයෙන් පිටියට බසින ක්‍රීඩකයන්ට අප හොද ප්‍රේක්ෂක පන්නරයක් ලබා දිය යුත්තේ මේ සම්ප්‍රදාය අනුවයි. එය එසේ විය යුත්තක්ද? ? මේ ඒ සම්ප්‍රදාය පොඩි පට්ටම් කර යථාර්තයට පය ගැසිය යුතු කාලය නොවෙද? ?.එළඹ ඇත්තේ ඒ කාලයයි. තව දුරටත් අපේ දේශපාලනයේ හුරතල් කළ යුතු බබාලා නැත. එනිසා පොත්තේ දේශපාලනයට තිතක් වැටිය යුතුමය. අපේ රටේ මිනිසුන්ගේ හදවතේ දැවෙන හැබෑ කාරණා කිසියම් භේදයකින් තොරව දේශපාලන කතිකාවේ පෙරමුණට ආ යුතුමය.

No comments: