Showing posts with label කලියුගය හා යුගාන්තය කියවීම.... Show all posts
Showing posts with label කලියුගය හා යුගාන්තය කියවීම.... Show all posts

Friday, May 9, 2025

කව්රු කොහොම කීවත් - මොන පවුරු වළලු බැන්දත් (ජීවිත් වෙන්න ඕනෑම සුබ සිහින) 🧠🫀🫁🤸🧐🙂

සොබාදහමට පමණක් නොව කෘතිම නිමැවුමක ක්‍රියාකාරිත්වයට පවා රිද්මයානුකූල චලනයක් අවශ්‍යය. ජීවත්වීම මෙන්ම ආණ්ඩු කෙරුවාව යනුද එක්තරා රිද්මයානුකූල චලනයක් සහිත ක්‍රියාවලියකි. රිද්මය බිඳගත්තෝ මුණින් හතරගාතෙන් ආදී වශයෙන් ඇද වැටී සිය කොඳු බිඳගත්තෝ තරාතිරම රට පක්ෂය හෝ කාලය අදාළම නොවිණි.

රිද්මය යනු එකවර පැමිණෙන්නක් නොවේ. නිසි රිද්මයට පැමිණි පසු ශතකයක් දක්වා වුව ජීවිතය සේම ආණ්ඩුකරණයේ දේශපාලන පිතිකරුවන් පවා ක්‍රීඩා නොකරතැයි පූර්ව නිගමන දීම, වෙනස්වන වේගය වෙනස්වන ලෝකයේ අතීතයේ තරම් පහසු කාර්යයක් නොවේ. 

අද ජීවිත වලින් පලායන්නේ බොහෝ විට සුබ සිහින නොදකින්නන් පමණක් ම නොවේ. අසුබයම හීනයෙන් දකින්නන්ය. අධිවේගයෙන් මිදෙන්න. මන්දනයෙන් ද මිදෙන්න. නිදහසේ හුස්ම වැටෙන්නට ඉඩදෙන්න. සුළු උත්තේජයෙන් අමන්දානන්දයට පත් නොවන්න. නිවැරදි රිද්මය සොයා ගන්න. 

එවිට තාලයට පැද්දෙමින් ඔබටත් ඔබේ ආණ්ඩුවටත් වැල්පාලමේ පමණක් නොව පාලමේ වැලක අතුරක වුව යා හැකි වනු ඇත. 

රටක් වෙනස් කළ හැක්කේ එබඳු වූ රිද්මයානුකූල චලනයක් තුළින්ම පමණි. 

හඳුනාගන්න, රටේ රිද්මයට එක්වෙන්න. 

ජාතික ගීයට ඔබ්බේ හැමදාම උදේට රටටම එකට නටා ප්‍රබෝධයෙන් රිද්මයට පිවිසිය හැකි ජාතික නැටුමක අවශ්‍යතාව මා පුරවැසියෙකු ලෙස නිරන්තර යෝජනාකරන්නේ ඒ මනෝවිද්‍යාව මෙලෙස අතිශය ගැඹුරින් අවධාරණය කරමිනි. 🧐🙂🤫🤸

Friday, May 2, 2025

විශාදය සාදයක් වී

විශාදය සාදයක් වී

මිනිස් දම් යයි ගිනි වැදී පිළිස්සී

අළු උලා නළලේ නැත ඵලක් වී

බලු මරා නැගී හිඳ ගයන්නේ අමර මර ගී


සඳක් වන් පුතු කල් ඉකුත්වී

පොරක් වන් තාරුකාවක් වී

අන්උන් අන්දමන්දවේවී

බැබළියන් උඹ ගාණ සැරවී


වචන හිස් පද අමුණලා ගී

බඳුන් හිස් නම් පුරවලා මී

හොලවලා ගත ජීවිතේ හී

මිලක් වී වෙන්දේසියේදී


උගන්වන්නම් උඹට දාදූ

කියනවද උඹ එයට සාධූ

පැරදිලා ඵල නෑනේ බාබූ

අලුත් ලෝකේ පිරිල චාටූ



Monday, April 28, 2025

අසාමාන්‍යය

අසාමාන්‍ය ජනයාටද පාසල් සිසුවාටද පොදුවේ විවෘත වන පරිදි මෙරට සිට පාතාලයට තනා ඇති අධිවේගී ගුවන් පාලම් සේම අභ්‍යන්තර ගුවන් ගමන් ද තහනම් කළ යුතු බව දිනපතා යළි යළිත් අවධාරණය නොවන්නේද? 

ඉහළට විසි කොට වෙඩි තැබීම ක්‍රීඩාවක්. කිසිවෙකු ඔබ පමණට වඩා වැඩියෙන් ඉහළට ඔසවනවා නම් ප්‍රවේශම් විය යුත්තේ ඒ නිසා.

Thursday, July 11, 2024

බලු යුගය ඇරඹිණි

නිරර්ථක ගජබින්න

සාර්ථක කර ගන්න

බල්ලෙක් ව වැජඹෙන්න

රට ගිහින් බල්ලන්ට

Thursday, April 25, 2024

මගේ අමු පරමාධිපත්‍ය (අලාබෙට නැත)

ඕනම සිංදුවක් අහගෙන ඉන්නවා(දකුණට වමට ස්වයිප් ඕ අංකෙට එස්එම්එස් කරනවා)

ලක්ෂ පහක්වත් ගන්නවා 

ඕනම කෙනෙකුට ඡන්දය දෙනවා(වමට දකුණට උතුරට නැගෙනහිරට ඕ හැරෙන අතට වෝට් කරනවා)

කෝටි එකහමාරක්වත් ගන්නවා

පිටකවරයට කලින් පොතම ස්ටඩි කරනවා(පපුව ඇතුලෙ චේ ගුවේරා ඕසෝ දළෙයි ලාමා සහ කීප දෙනෙක් ඉන්නවා)

ඔළුව ඇතුළ මාර්කටින් මැනේජර් 24*7 වැඩ කරනවා

Friday, March 29, 2024

මේ දවස්වල... (හෙට වෙනුවෙන් අද)

හැම කෙනෙක්ම වගේ මිනී පෙට්ටි සාප්පුවක් අරිනවා. එකක අයිතිකරුවෙක් වෙන්ත තරමට සුදුසුකම් හදාගන්න පන්ති ඔන්ලයිනුත් තියෙනවා. තරඟය හරි ඉහළයි. විනාශයට යන හයිවේ එකේ එන්ට්‍රන්ස් එක ප්‍රතිව්‍යූහගත කෙරෙනවා. එක්සිට් එක මෝචරියට තියෙනවා. විවෘතයට කැත නැති නැකතක් තියෙනවා. කතා වලට ණයට ගන්න වචන අඩු නැතිව රටේ ලෝකෙ තියෙනවා. අපි බය නෑ, රටේ නෂ්ටාවශේෂ භෂ්මාවශේෂ වෙනකම් අපට කෙළ(ව)ගන්න තවත් වෙලාව තියෙනවා!

Thursday, April 27, 2023

හිප් හිප් හූරේ !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

මජර දේශපාලනය

ප්‍රති ත්‍රස්ත පනත

සමඟ

සුබ අනාගතයක් !

Sunday, November 17, 2019

අවසන් පැතුම!

අමූලික ශ්‍රද්ධාවට ශ්‍රී ලාංකිකත්වය යටපත් කිරීමට ඉඩ නොලැබේ වා!

Sunday, November 30, 2014

පට්ට පල් බොරු

සත්‍ය සත්‍ය ලෙසම මුල සිට අවසන දක්වා පවතින සද්ධර්මයක හැර සපුරා සත්‍ය වන කිසිදු නිර්මාණාත්මක දෙයක් ලොව තුළ ඇත්ද? නිර්මාණයක් යනුම ආරම්භයක් හා අවසානයක් ඇත්තකි. සද්ධර්මයට මෙහා අපගේ කිසිදු සම්මුතීන් තුළ පරමාර්ථයන් තුළ ඇති සත්‍ය ස්වභාවය පවතින්නේ නැත. එනිසා නිර්මල පරම සත්‍ය හමුවේ සම්මුති සත්‍යන් යනු අර්ධ සත්‍ය ම පමණි. ඉදින් කවරෙකුටත් අප එදිනෙදා භාවිතයන් සම්මුතියෙන් ‍එහා පරම සත්‍යලෙස අර්ථ දැක්විය නොහැකිය. 

එනිසා මත මත අතර ගැටුම්, දැනුම් පද්ධතීන්, විෂය පද්ධතීන් අතර ගැටුම් යනු හුදු අර්ධ සත්‍යන් ගේ ප්‍රමාණයන් හා අරමුණු අතර ගැටුම් මිස සත්‍ය හා පට්ට පල් බොරු අතර ගනුදෙනු නොවේ. මන්ද මිනිස් සංස්කෘතියම සම්මුතීන් තුළ පවතින පට්ට පල් බොරුවක් බවට තර්ක විරහිත සද්ධර්මය මගින් ඔප්පු කොට හමාර නිසාය. එනිසා එකිනෙකා මත හා උදහස් සහිත අදහස් නිසා මිනිස් සමාජයේ කිසිවකුත් කිසිවිට ගැටුම් ඇතිකර නොගත යුතුය. සද්ධර්මයේ කියවෙන අවබෝධය වටින්නේ මෙතැනදීය. එවිට අවස්ථානෝචිත බව මෙන්ම නිවැරදි ස්ථාවරය මෙන්ම  නිවැරදි ක්‍රියාකාරීත්වය ගැනත් හැගීමක් ලැබෙනු ඇත.

එබැවින් පට්ට පල් බොරු ගැන තීරණය කිරීමේදී පළමුව අප සිටින්නේද සම්මුති සත්‍යක් තුළ බව තේරුම් ගැනීම වටිනු ඇත. එවිට හරි වැරැද්ද තීරණය කිරීමට සම්මුතියේද තවත් කරුණු කාරණා රැසක් ඇති බව පිළිගනු ඇත. සාධාරණය, යුක්තිය, සමානාත්මතාව මෙන්ම සම්මුතිය තුළ පවතින උපසම්මුතීන් ගැනත් කල්පනාව එවිට පහළ වනු අැත.

Sunday, November 23, 2014

මිනිහා යනු ‍කවරෙක්ද? හා ඔහුගේ කාර්යභාරය....පුවතක්

මිනිහා යනු කවරෙක්ද? ආර්ථික , දේශපාලනික , සමාජීය , සංස්කෘතික , විද්‍යාත්මක , ධර්මාත්මක , කලාත්මක , චින්තනාත්මක , විවාදාත්මක , සංවාදාත්මක වශයෙන් හා තවතත් නා නා විධ විෂය පථයන් ඔස්සේ ගත්විට සමස්ථ ව‍ශයෙන් කිසිම අර්ථයක් ගත නොහැකි බවත්

මිනිහා‍ගේ කාර්යභාරය පිළිබද තීරණය වනුයේ ඒ ඒ විෂය පථය ඔස්සේම බැවින් එය නන්විධාකාරයැයි හෝ සංකීරණයැයි පැවසීම සුද‍සුවන බවත් 

කාලයක් තිස්සේ මේ පිළිබද දීර්ඝකාලීන පර්යේෂණයෙහි යෙදී සිටින පර්යේෂකයෝ පවසති. 

මේ මිනිහා පිළිබද ඇති සංකීරණත්වය නිසා වෙනත් ජීවි ආදේශනයන් හරහා මිනිහා යනු කවරෙක් විය හැකිද යන්න හා ඔහුගේ කාර්යභාරය පිළිබද වටහා ගැනීමට හෙවත් ගවේෂණයට මග සළසා ගත හැකියැයි ඔව්හු වැඩි දුරටත් පවසා සිටිති.

මිනිසා ආශ්‍රයේ සිටින සතුන් අතරින් වඩාත් කිට්ටුවෙන්ම හිදින්නේ බල්ලා හා පූසාය. එමෙන්ම මීයාද මිනිස් වාසස්ථාන ආශ්‍රයේ නිරන්තරයෙන් හිදින්නෙකි. එබැවින් උන්ගේ චර්යා අධ්‍යයනය හා උන් එදිනෙදා ජීවිතයේදී මිනිසා වෙත දක්වන ප්‍රතික්‍රියා හා ප්‍රතිචාර තුළින් මිනිහා පිළිබද අධ්‍යයනය කිරීම වඩාත් පහසුවන බව ඔවුන් මේ වන විට සොයාගෙන ඇත. මෙය හැදින්වෙන්නේ විරුද්ධාභාස ක්‍රමයට චරිතායන අධ්‍යනය යනුවෙනි යැයි මේ පිළිබද පර්යේෂණ කරන ප්‍රධාන මානව විශේෂඥ අනාර්ය අනාර්ය අප හා පැවසුවේය.  පොදුවේ තෝරාගන්නා මේ සතුන්ට අමතරව එක් එක් මිනිසා විශේෂත්වයක් දක්වන්නා වූ තවත් සතුන් ආශ්‍රයෙන්ද මේ ගවේෂණය පුළුල් වශයෙන් සිදුකළ හැකියැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

ඉතිහාසයේ සිදුකෙරුනු මෙබදු පර්යේෂණ ආශ්‍රයෙන් සොයාගත් තොරතුරු වලට අනුව මෙතාක් හෙළිදරව් කරගෙන ඇති කිසිම තොරතුරක නැවත නැවතත් දැකිය හැකි සමානාතාවයක් දකින්නට නොහැකී වීම නිසා තවමත් මිනිසා හදුනාගැනීමට සතුන් ආදේශයෙන් විරුද්ධාභාස ක්‍රමයට චරිතායන අධ්‍යයනයන් පුළුල්ව සිදුකරන්නට කටයුතු කරන බවත් නුදුරු දිනෙක මිනිහා යනු කවරෙක්ද යන්නත් ඔහුගේ කාර්යභාරය කුමක් විය හැකිද යන්න පිළීබද යම් ඉගියක් ලබා ගැනීමට තමන් ඇතුළු පර්යේෂකයින්ට හැකිවේයැයි අවසන් වශයෙන් ඔහු අප හා පැවසීය.

දිගංශ හා පිඹුරු

ඉහළට

මන්ද බුද්ධිය?

පහළට

මන්ද? බුද්ධිය

දිගට

ධනය හා බලය

හරහට

බලය හා ධනය

ඉදිරියට

දිශාව හා ඉසව්ව

පසුපසට

ඉසව්ව හා දිශාව

Tuesday, November 18, 2014

ඕං අපිත් ගොඩ

වරදකට බනින්න කව්රු හරි හොයාගනින්

එතකොට උඔ වගකීමෙන් නිදහස්

මොනවහරි වෙනුවෙන් මොනවහරි කරපන්

එතකොට යුතුක‍මෙනුත් උඹ නිදහස්

අත් දෙකම හෝද ගනින් ඉදුල් නොතියා‍

උඹේ දෑතුත් පිරිසිදුයි දැන්

බලපං අනිත් අය දිහා

ඕං අපිත් ගොඩ ගියා

Friday, November 14, 2014

ජීවිතේ

දන්නා

නොදන්නා

හොයාගත්ත

ආසකරන

හීන මවන

පස්සෙන් පන්නන

එක එක විදිහේ

කුණු හා කුණු නොවූ හරුප

අමුතුම විදිහෙන් කීම හා කිරීම

ජීවිතේ විදීම

දන්නා විදිහෙන් කිරීම

ජීවිතේ විදවීම

අපි නොදන්න

ජීවිතේක හැටි!!

කොටි

හරි හුරතල්

ගර්.. .ගර්...

හරි අහිංසකයි

කූඩු කළානම්

හරියට පූසො වගේමයි

ආසහිතෙයි

හරි කොටි මාංශභක්ෂකයි

කූඩු කරල නැත්නම්

හරි ප්‍රවේශමෙන්!!

කජු මද

කිරි රහයි

කට වණවෙයි

සට පට ගා හැපෙයි

කිටි කිටි ගා හැපෙයි

වැඩිය පිච්චුනොත් අගුරුවෙයි

කජු මාළු හරි රහයි

අහවල් නොවූ කජු මදේ

ජීවිතේක හැටි!!


Wednesday, November 12, 2014

හැම තැනටම දෙමු අපි බකට් අභියෝග!!! රට නගන බකට් පනතක් අපිට ඔනෑ..

ගුරු පාරේ වළවල් වහන්න ඇද්දොත් බොරළු බකට් එකක්-අපි දෙනව අපිගානෙ තව බොරළු තාච්චියක් = මේ අයුරෙන් ජනතාවට අභියෝග කොට රට සංවර්ධනය කරන්නැයි  ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ආන්ඩුවට අපි ආරාධනය කරමු. බකට් පනතක් ගෙනැවිත් සම්මත කරගන්නා ලෙසට බල කරමු. 2/3 ක් ඇති මොහොතේ අනිවාර්යයෙන්ම කළ හැකිය. බකට් හුරු සියල්ලෝ බකට් නාමයෙන්ම එය අනුමත කරනු ඇත. අවස්ථාවාදී වී බකට් අභියෝග ජනගන්නට උත්සාහ කරමු. අභියෝග කැමති දියුණු සමාජයේ ඒ දියුණු ක්‍රම අපේ දියුණුව උදෙසා රාජ්‍ය මැදිහත්වීමෙන්ම යොදා ගනිමු. මේ මොහොතේ රටේ කැකෑරෙන වෙනත් ප්‍රශ්න මගහරවා අපේ ගමන් දිශාවට රට ආනත කිරීමටත් බකට් පනතක් යොදා ගත හැකි නොවේද?

හැම දෙයක්ම අභියෝගයක් බවට පත්කොට එහි ප්‍රතිලාභ ජනතාවටම ලබාදී රට සංවර්ධනය කිරීමේ අපිටම ගැලපෙන අපිටම හරියන හරයාත්මක වැඩපිළිවෙලකි මෙය. වැදගත් එකම දේ මේ අභියෝග වැඩපිළිවෙල අධීක්ෂණය සදහා අල්ලස් පගා නොගන්නා ජරාව නොකන පිරිසිදු නිලධාරී මණ්ඩලයක් ‍පත් කරගැනීම පමණි. වැඩිපුර පිස්සු නැති හොද මහත්මයෙක් මේ වැඩසටහනේ මුලසුන දැරීමද අතිශය වැදගත්ය. බකට් තුළින් රටක් නැගීමේ ලෝකයේ අලුත්ම ප්‍රවණතාවකට අපි මුල්ගල තබමු. ගැඹුරෙන්ම බකට් කරමු. පෝදා හැරත්අර්ථවත්ව බකට් පත්තු කරමු.

Wednesday, November 5, 2014

මලකඩයන් හා මස්වැද්දන් වෙනුවෙන් අපේ ක්‍රමයට නීති දමමු.

ඇමති පුතා නොව ජනපති පුතා වුවත් මලකඩයෙක් නම් මලකඩයෙකි. මස් වැද්දෙක් නම් මස් වැද්දෙකි. එලෙසම බෝසත් ගති ඇත්තෙක් නම් හැබෑ මිනිහෙකි. නමුත් අප කැමති වුවත් අකමැති වුවත් අපට අපේ රටේ අහන්නට විදින්නට වෙන්නේ බොහෝ කොට මලකඩයින් ගේ හොරිකඩ වැඩ හා මස් වැද්දන්ගේ මස් කිරීම් ගැනමය. මේ දිනවල ප්‍රවෘත්ති වලට සවන් දෙන විට ඇත්තේ වැඩිහරියක් මේ දෙගොඩේ දේවල්ය. අමුවෙන් මිනිසුන්ගේ ශරීර ‍කොටස් කපන්නවුන් සිටිනවානම් උන් තිරිසන් මනසක් ඇත්තවුන්ය. උන්ට මහත්මා ක්‍රමයේ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර තිරිසන් නීතිය රස විදීමට අවස්ථාවක් ලබා දිය යුතුයැයි කාලයට අනුව පමණක් මෛත්‍රී සිතින්ම පවසන්නට සිදුවේ. එමෙන්ම මලකඩයින්ට කිරි පෙවීමද හිර ගෙවල් දහසක් හදන්නට පිඹුරුපත් සැකසීමක් වන්නේ අනාගතය ‍වෙත යන ගමනකදීය. 

එනිසා මැති ඇමති පුතුන් වූ හෝ නොවූ පමණින් නීතිය මෙන්ම අපගේ සාමාන්‍ය වැටහෙන නුවණද එක එක පරිදි වනවා නම් අපත් පිස්සන් පමණි. සාමාන්‍ය වැටහෙන නුවණින්ම අපටත් රටටත් කාලකන්නි වන පිරිස් වෙනුවෙන් පැහැදිලි නීති, මහත්මා නීති නැතත් අපේ නීති සමාජයේ ක්‍රියාත්මක විය යුතු නැතිද? මේ ජඩයින් පිළිකුල් කරන මස් වැද්දන් කොටු කරන ප්‍රබල ජන සමාජයක් ගැන මිනිසුන් සිහින නොදැක්කොත් අවසන අපට සිදුවන්නේ මරණකදීත් විකලෙන් සිනාසීමට පමණි. බිය නිසා අගතියට යන සීමාවේ කෙළවරට ගියොත් ජන සමාජයකට සිදුවන්නේ පිස්සුවෙන් මරු විකලෙන් සිනා සෙමින් හිදීමට පමණයි.

කුඩා පැළ අවදියේදීම උගුල්ලා මර්ධනය නොකරන වල් පැළ සමාජයට හොදක් උරුම කරන්නේ නැත. ඒ කෙරෙහි සාධාරණ නීතියක්ද, නිර්භය නීතියක්ද නොමැති කල අප යන්න‍ේ කොයි බටද? අප යන්නට තතනන්නේ කුමන අනාගතයක් කරාද? වර දාන වරප්‍රසාද මත එක් එක් අමන මරි මෝඩ ජඩයින්ට ගැති කම් කිරීමට පමණක් පුරුදු වූ ජනතාවකට සාධාරණය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් හයියක් ඇගට හෝ හිතට එන්නේ නැත. යන ක්‍රමයේ හොද නරක නොවිමසා යහපත වෙනුවෙන් එක් බිංදු මාත්‍රයකින් හෝ තමන්ගේ උපරිම දායකත්වය නොදුන් මිනිසුන්ට කුමන සරණද? එහිම ගැත්තන් වී නන්දොඩවනවා විනා...

දැන් සිදුවී ඇත්තේද එයමයි. යන ක්‍රමයේ නරකින් වාසි ලබන නිසා ඒ වරදවල් ඉවසමින් හිදින ජනයාට එය දිනක විදවන්නට සිදුවනු ඇත. අප ඊට අයත් නැත. දැන දැන ම වළක්වා ගත හැකි වැරදි වැළැක්වීමට උත්සාහ නොකරන අදාළ නිල බලයන් ඇත්තෝත් උන්ගේ නොපනත්කම තම වාසිය වෙනුවෙන් ඉවසන ගැත්තෝත් අපායේ සුව දිනෙක විදිනු වැළැක්විය නොහැකියි. ඔවුන් වෙත අපගේ සාතිශය සංවේගය.. :D

යපහත වෙනුවෙන් අනේක බාධක හමුවේ වුව තම යුතුකම් ඉටුකළ මිනිසුන්ට මෙලොවම ඒ වෙනුවෙන් සුර සැප පහළ වේවා...:)

අප්‍රමාණ වූ අවකෙළි හා මළවිකාර දකිමින් විදිමින් හිදිනා අපට සත්‍ය හා යුක්තිය වෙනුවෙන් කළ හැකි ප්‍රාර්ථනා එපමණය. අනෙක් ප්‍රමාණය අපට කළ හැකි අපේ ක්‍රියාවෙන් පමණි.. නීර්භීත, අවංක, යුක්ති ගරුක... සපුරා නිවැරදි නැතත් නිවැරද්ද , සත්‍ය සොයා යන්නට උත්සාහ කරන්නන්ට ජය වේවා. අපේ පමණට අපි හරිදේම කරමු. :)

Friday, October 31, 2014

නූතන ජන විඥානයේ ධනාත්මක පැතිකඩ!

වැඩියෙන් අසා බලා

අඩුවෙන් සොයා බලා

තරමක් කතා කර

කිසිවක් හිතට නොගෙන

අතට අත දී

ප්‍රශ්න අමතක කර

ජීවත්වීම !

Saturday, October 18, 2014

අභුත රූපය කියවීම විකාර රූපීය නොකර ගන්නා විලසින් ඉදිරියට ගියවිට

අපි හරි පිළිවෙලයි කීවාට ආපහු ලෝකයේ හතරවෙනි යුද්ධයක් තවම නූවූවාට පළවෙනි එකෙන් පස්සේ වූවායින් පසුව වගෙයි සමහර තැන්වල ඇසනේනේත් පෙනෙන දෙයින් දකින්දෙයින් හැගෙන අයුරින් මුලකින් මැදකින් අල්ලාගෙන කියවන්නට වූවත් කෙසේ හෝ අවබෝධ කරගතය යුතු වන කාරණා සේම දැනෙන හැගීම් මිනිසුන් නිදහස් කරන පමණටම නොතේරෙන තත්වයන් කියවා මෙන්ම නරඹා වටහා ගැනීමේත් තලයක් විවෘත විය යුත්තේ වියුක්තිය සංයුක්තයකට ගෙන ඒම ‍එදා තරම් පහසු නොවනවා සේම අතීතයට වඩා සංකීර්ණ තාක්ෂනික භාවිතයන් සරල වූවාට අර්ථ දැක්වීම්ද එකිනෙකට සංකීර්ණ වන නිසා එකට පෑහූ කල නොපෙනෙනා අර්ථ සේම නොහැගෙනා කරුණුත් සිතියමක් කියවන්නා සේ තැන තැන අමුනා පාර සොයා ගන්නවා සේ ඒ ගැලපීම උගත හොත් සංකීර්ණ සමාජයේ සංකීර්ණ මෙන්ම වියුක්ත කරුණු අපහසු තලයක ගලපා යම් රූපයක් ඇද ගත හැකිවේය යන්නෙන් ඒ අභූත රූපයෙන් කියවෙන දේ ගලපා අවබෝධයට ගත හැකි අතරම එසේ කළ යුතු වන්නේ ස්වභාවික තලයේ සාමාන්‍ය භාවිතාව එන, යන, කන, බොන දේට සීමා වන නිසාමත් නොව ස්වභාවිකත්වය කලක පටන්ම තාක්ෂනික සංස්කෘතිය තුළ දියවී ඇති තරමට ඒ සංස්කෘතිය ස්වභාවික වී ඇති බැවිනුත් ඒ ස්වභාවිකත් වය තුළ සොබා ස්වභාවිකත්වය නොදැනෙනා නොවිදිනා පසුබිමක ආදී වශයෙන් ගත්කල.................................................................................... විකාර රූපයද කියවා ගත යුතුමය, ජීවත් වීම පිණිස සබුද්ධිකව, සවිඥානිකව.