Sunday, September 24, 2017

සුභාසිත මං

සුභාසිත

නැණති දනන් හට මද ගුණයක් කළද
පවතී ගල කෙටූ අකුරක් මෙන් නිබද
විමති දනන් හට කළ කිසි ගුණ නොමද
ඒ නැති වේය දිය පිට ඇදි ඉරක් ලෙද

මං

උපයන දෙයය පරිභෝජන වාදයය
වැජඹෙන සිහිය පමණට හරි නාටකය
අමතක කර දමා මුල් හා සිල් පදය
අමුතුම පද ගෙනා මේ සකි කලියුගය

Saturday, September 23, 2017

මගෙන් තුණ්ඩුවක්

මං ලොකුත් නැත
මට ලොකුත් නැත
හොර බොරුත් නැත
හිත කැතත් නැත

Friday, September 1, 2017

ස්වර්ණවාදය


ඕනෑම දෙයක තුන් පැත්තක් තිබෙයි, නෝනා හෝ පොල්ල නොවැටී කාසිය හිට්ටවුණු දා මම එය වටහා ගත්තෙමි. කලු හෝ සුදු ලෙසට සියල්ල පෙණුනු කලුසුදු රූපවාහිනියක  වැඩිපුර පෙනුණු අලුපාට රූප නැවත එම සත්‍ය මගේ සිහියට ගෙනවුත්දිණි. බුදුන්ගේ මැද මගත්, තිරසර සංවර්ධනය සඳහා මගත් එක සමාන්තරදැයි එවිට මට සිතේ. ඒ පැත්ත මේ පැත්ත රට කෙරූ ආණ්ඩු හා විපක්ෂ අතරමැදත් ආණ්ඩුවක් පවතින්නට හැකිනම්, මගේ සැකය සනාථය. ඕනෑම දෙයකට ප්‍රධානවම පැතිතුනකි. අහස පොළොව අතරමැදි අපේ ලෝකයද එවැන්නකි. අහසෙහි පහළ සීමාවාසිකයා අපය. පොළොවේ ඉහළ සීමාවාසිකයා අපය. එනම් අහස පොළව මැවූ සර්වබලධාරියා ඒ අතරමැද්දේ තබා ගියේ අපවය. අහසෙහි සැරුවාට අහසටත් අයිති නැති, පොළොවේ සැරුවාට පොළොවටත් අයිති නැති ඒ අතරමැදි තෙවන පාර්ශ්වය අපය. එහෙයින්ම ජයත් පරාජයත් ඒ අතරමැදි තරඟයත් කුමක්ද යන්න වටහා ගැනීමට අප උත්සුක විය යුතුය. මිනිහාගේ ඇරඹුමේ හා නැවැතුමේ අතරමැද පැවතීමේ සැබෑ සාධකයන් එතැනය. ඒ සාධකයන් නිවැරදිවම විග්‍රහ කොටගන්නා, තමා නම් වන මිනිසා පිළිබඳ  නිවැරදිම අවබෝධයක් ලබයි. මිනිසා සැබෑ වර්ණයන් දකින්නේ එතැනදීය. බොහෝ මිනිස්සු ස්වකීය වර්ණය හඳුනාගත්තේ වැටීම නැගිටීම් අතරමැද කාලයේයැයි මම කියමි. බොහෝ රටවල් ස්ව වර්ණය හඳුනාගත්තේද වැටීම නැගිටීම් අතරමැද කාලයේයැයි මම කියමි. ඔවුන් සිය වර්ණය තම අනන්‍යතාව ලෙස ප්‍රකට කර ඔප් නංවා ලෝකය ඉදිරියේ තැබුවා යැයි මම කියමි. දේශපාලනික කඳවුරු ගැන පැරණි කතා මම නොකියමි. තම ජානගත ශක්තිය දේශයේ වර්ණය හා බද්ධකොට තම රටවල් තමන්ගේම පැහැයකින් ලොවට විවෘත කරගත් ගමනක් ගැන මම කියමි.
කුමක්ද මේ වර්ණය? වර්ණය යනු එකම මානවීය ආලෝකයේ විභේදනය විශේෂ්ණයැයි මම කියමි. අපට අනන්‍යව එය හඳුනා නොගැනීම අපේ අසාර්ථකත්වය යැයි මම කියමි. රටේ අසාර්ථකත්වයද එයමයැයි මම කියමි. දුගීභාවය, විරැකියාව, අධ්‍යාපනයේ අර්බුධය, සමස්ථ සංවර්ධනයේ අර්බුධය එතැන යැයි මම කියමි. කලු සුදු ලෙසින් ප්‍රශ්න වල දෙපැත්තක් පමණක් දකින, ජය පරාජය ලෙස විසඳුම් වල දෙපැත්තක් පමණක් දකින, වර්ණ අන්ධ බහු මතයක් ජනමතයක් බවට නිරතුරු පත්වන, පවතින දේශපාලනයේ වර්ණය රටක වර්ණය වූ බැව් පමණක් කියමි. දේශපාලනයේ වර්ගයේ වර්ණයන්ගෙන් දේශයක් විනිවිදින්නට හදනා ඔවුන්ට දැකිය හැකි විනිවිද බවක් නැතිබව කියමි. තමන්ගේ හැබෑ වර්ණයන් නොදන්නා තරමට ඔවුන් දුර්වර්ණ වී සිටීම ඊට හේතුවයි. විශ්වයේ මහා කළුකුහර සේ සියලු වර්ණයන් ගිලදමන්නන් ඔවුන් වීම තවද ඊට හේතුවෙයි.
කළ යුත්ත කුමක්ද? එහා ඉවුරෙන් මෙහා ඉවුරට මාරුවීම නොව සුදුසු තැන ඉවුරු යා කොට හරස් වේළ්ලක් තැනීම නොවෙද..
එබැවින් පරදන්න ඔවුන්ගේ දීනවාද. ගන්න ඔබේ ස්වාධීන සංවාද.
සොයන්න ඔබගේ ස්ව වර්ණය.. තවත් වර්ගවාදයක්ට නොව, ස්ව රටේ ස්වර්ණවාදයකට..
තමන්ගේ වර්ණයෙන් පිබිද නැගී තම රටේ මදහස වඩන්නට නිසි රිසිම කාලයයි මේ!

Monday, August 21, 2017

ස් වා සි ලන්තයේ සිට..


*ක්‍රිකට් මේ දවස්වල මෙහේ උණුසුම්ම මාතෘකාවක්!!
ඕකට කරන්න ඕන දිවාරාත්‍රී සෙල්ලම් කරන්න පුළුවන් පිට්ටනියක දවසක් එළිවෙනකම් පාලක, ක්‍රීඩක හා ප්‍රේක්ෂක හැම මණඩලයකම කට්ටිය එකට හිටන් තොවිලයක් නැටීම, ලංකාවෙ විදිහට. දහඅට සන්නියම නටන්න පුළුවන්නම් ඔය පොඩි පොඩි මානසික ව්‍යාධි එහෙම්පිටින්ම හේදිලා යාවි. 4/1ලෙස මෙදා ඉතිරිය දිනාවි, අත්දුටුවයි..

*හොරු ඇල්ලීම මේ දවස්වල මෙහේ ජාතික ප්‍රශ්නයක්!!
ඕකට කරන්න තියෙන්නෙ හොරුන්ට බය නැති නිළධාරි බලධාරි ටිකක් අදාළ තැන්වලට පත් කරල දේශපාලකයො පොඩ්ඩක් ඈත්වෙලා බලාන ඉන්න එක, ලංකාවෙ වගේ. රටේ නැති හොරුත් අල්ලාවි, සහසුද්දෙන්..

*නඩු නොවැටීම නඩු කල්‍ යාම වගේ දේවල්!!
අදාළ අයට පැමිණිලි පාර්ශ්වයක් වෙන්න වුණු දවසට නඩු දමාවි, නඩු කල් නොයාවි කියල විතරයි හිතන්න වෙන්නෙ, අපිට හෙම ඔහොම නඩු වැටුනොත් කෙළින්ම ගස් යෑම ෂුවර් නිසා ඔය කතාව දැනට ඇති. අම්මප.. ලංකාවෙ නෙවේනෙ.

*ඩෙංගු ප්‍රශ්න කුණු ප්‍රශ්න අයිටම් ප්‍රශ්න ගැන යමක් කීවොත්!!
ආණ්ඩු පෙරළන්න, ප්‍රයෝජනයට ගත හැකියි .. ලංකාවෙත් එහෙමයි..
ඊට පස්සෙ එන ආණ්ඩුව පෙරළන්නත් ඒ අයිටම්ම යාවත්කාලීන කරල ගන්න පුලුවන්, හැමදාම අරගල කරන්නයි, ආණ්ඩු හදන්නයි එත්කොට පුළුවන්. ජනතා පමාධිපත්‍යත් රැකෙනව ඒකෙන්..

*මහ බැංකු!!!
ඒකත් කලින් ප්‍රශ්න වලටම අදාළ එකක්නේ. මහ බැංකුව වෙනුවට රටට ගැලපෙන අතරමැදි කුඩා බැංකුවක් තිබුණ නම් වැඩේ ඉවරයි. ඕකෙ අධිපතියත් මෙහෙන්ම පත්කරන්න තිබුණ ලංකාවෙ වගේ..

*අනාගතය ගැන දැක්ම..!!
දැක්මක් ඕන නෑ. ජාති ආලයයි ආගමික ප්‍රේමයයි උගස් කරල ඕනම වෙලාවක ඕනම දහංගැටයක් දාන්න පුළුවන්, ලංකාවෙ වගේමයි. අනාගතේටත් ඒකමයි අපේ අනාහැනීම, මොකද රටට වඩා ජනතාවත් ඊට ඉස්සරහින් මාධ්‍ය වළල්ලත් තියෙනවනේ... අම්මා.. මාධ්‍ය තියනව කියන්නෙ තව මොනවද? ප්‍රශ්න උත්තර එච්චරයි. ආපහු ඔයා යමක් ඇහුවොත් මම උත්තර දෙනව.. යමක් වෙන්නම ඕන නෑනේ, අපේ බිස්නස් දුවනවනම්.. තේරුණාද... තේරුණා තේරුනා එච්චරයි.

Sunday, August 20, 2017

පිදුම!


හැබෑ වංකයන්
හැබෑ කුහකයන්
නොනිස්සන් කූනිස්සන්
කිසිදා නොපතන
හැබෑ අරුණෝදයක්
උදෙසා...ම'
හැබෑ ජයක්
උදෙසා ම.

Wednesday, August 16, 2017

පැතුම නොනසනු! සබඳ නැගිටිමු! (බිමට නැවෙන වී කරල්, තල්, පොල් සහ ක්‍රිකට් මැද... නැගිටිය යුතුම වේ...)

හිස් බිමට බරවෙන්නේ නිහතමානීකමටමද? තල් පොල් සේ කෙළින්ම ඉන්නේ ඍජු ගතියටමද? අප සමාජයේ මේ දෙකෙන්ම කෙරෙන්නේ බොරුවකි. පරදින්නෙ පාලක මණ්ඩලය හෝ ක්‍රීඩකයෝ දෙකොටසම නොවේ. හොඳ ‍යහපත් අවස්ථාවන්... ඒ ලෙසම බයාදු නිහතමානිත්වයත් උද්දච්ජ ඍජු කමත් බොහෝ කොට තනි පැවැත්ම ආත්මාර්ථය හා අවස්ථාවාදය උදෙසාමයි. එයින් ගිලිහෙන්නෙ රටක යහමගක අවස්ථාවන්. එනිසා පාට ආණ්ඩු වෙනස් කළ පමණින් හෝ තම ජාමය බේරා ගැනීමටම තල් පොල් හෝ ගොයම් සේ සිටීමෙන් ඵලක් වන්නේ අධමයින්ට පමණයි. අපමණට එකම චක්‍රය කැරකෙන්නේ එකම විදිහටමයි. අවංකව කල්පනා කරනා ඒ අනුව ක්‍රියා කරනා බහුතරයක් නොතැනෙන තාක් සමාජයේ රජ වන්නේ රැවටිලිකාර මායාවක් පමණමයි. එක් එක් උතුමාගේ මනදොළ සපිරෙන අවස්ථාවාදය පරාජය කළ හැක්කේ එක අවංක කැපවීමට ගොනුවීමෙන්ම පමණයි. පුහුණු කරුවන්ගෙන් හෝ ක්‍රීඩයන්ගේ තේරීම් මතම ජය නොලැබෙන අපේ ක්‍රිකට් සේම සමාජයද ජය ගන්නේ අපේ ක්‍රමයක් තුළ උපයන උපායන් ජය ගැන්වීමට එකමුතුව කැපවීමෙන්ම පමණයි, විශ්වාසයකින්ම පමණයි.
සැබෑ ප්‍රතිපදාවක නොපිහිටා හුදු විවේචනයන්ගෙන් තමන්ම කකුල් පටලවාගෙන ඇද වැටෙන මිනිස්සු නැගිටින්නේ කෙසේද? හේතු සාධක සොයා ගත් කල ඵලය නිර්මාණය කරන ඒ හේතුන් වෙනස් කරන නිර්මාපකයා වන්නට ඔබට මට නොහැකිද? වල්පල් ගල්මුල්, සල්මල් පොල්තෙල් කොටගෙන පන්සල් යා යුතු අවදිය නොවෙද මේ.. හේතූන් වෙනස් කරමු, එක්වෙමු.. රොක්වෙමු.. කාටවත් නොවෙයි, රටට අවස්ථාවක් දෙමු. එය අපේ පරම්පරාවේ අයගේ යුතුකමයි. හැබෑ ශක්තිය නම් එයය යනු මගේ විශ්වාසයයි.
වාද සුංවී පාද නැංවේවා, බේද භංග වී භාග පූර්ණ වේවා... පූර්ණ ලංකාවක් ...  පැතුම නොනසන්න! සබඳ නැගිටින්න!

Tuesday, August 15, 2017

1 1 9


වළා පටලය ඉරාපන්
හොරා ගත් රැස් මුදාපන්
අහසෙහිම බැඳ තබාපන්
හවස ඇප දී යවාපන්

Wednesday, August 9, 2017

කිරි කැකිරි සිරි (න ග රේ අ ග)


වැස්සේ රස්නෙට දහදිය දමලා
ගිනියම් සිත මට කරදර කරලා
ඇසිපිය මානේ අකුණක් ගැසුවා
ගිනියම් වූ මේ මිගෙල් මද්දහවලේ

කැමරා අත ඉස උඩින් කරකලා
මනුස්ස හොරකම් සෝදිසි කරලා
අන්තර්ජාතික සීල් ගසාලා
සෙල්ලම් බඩු බඩු බඩු බඩු සල්ලන් සෙල්ලන් නේ

පාට කූරු පැහැ හැමතැන උළලා
ගොඩනැගිල්ල මත රැජිණක් මවලා
දිරවා ගන්නට බැහැ මේ බොරු සඳ
කහට කෝප්පය වමනෙන් වළකාපන් මා

යාචකයන් නැති ගුවන් මගින් නැග
අහස අල්ලලා මුහුදු හුළං විඳ
මරණය පරදන අමර පුරේ සුව
පොළ වේ යට නොව දෙවියන් මෙහි වැඩ ඉන්නේ

අන්ත්‍රාවෙන් සංතුෂ්ඨිය දළුලා
මුහුණේ පපුවේ පුෂ්ප පිපීලා
රතුවන් කලුවන් තොල් අතරින් හෙට
විකිණෙන තනුවට සද්දෙනි ගීත ගැයෙන්නේ

Saturday, July 29, 2017

ලංකා රාණී... (මස විකුණා කටු කෑම ද? වහල් හිවල් ලු ද? ගැලවුම ද? විසඳුම ද? මැජික් ද?)


පිපෙන හිනැහෙන මලුත් විල මත
සමනලුත් නෙත්කළුද කළ සඳ
අහේනිය කටු පතොක් විසමය
කුකුල් කොටුවකි රටක අරුමය

නරිම වාදං ගෙල දමාගෙන
ඒ දමෙන් ගෙල සිර කරෝ ගෙන
අතින් අල්ලා දිවත් ඇදගෙන
හඬ තලන්නේ මරු විකාරෙන

පාට පාටින් කහට කර හිත
මැර වඩා දත දතට ඉල්ලන
ලුණු දමා ජීවිතය වේලන
කට්ට කරවල රට්ටු තැනුමය

උගුලකින් ගැලවෙනුද නොමදත්
අරගලය උරගලය පැටලෙත්
මුරගලද උරගලට අරගත්
ඇනගෙනම මැරෙනවා අදටත්

රත්තරං ටික කටේ ගාවා
බෙල්ලෙ ගලකුත් ගැටේ ලෑවා
ඉංගිරිසියෙන් පදේ කීවා
අනේ තේරුම් යයිද මේවා

කවද කොතැනද පටන් ගත් දේ
කොතැන කොයිබින් නිමා වෙන්නේ
කාට කාටද දෙහි කපන්නේ
කාව කාවද රජ කරන්නේ

ගණන් හදලා හිලුත් වහලා
බද්ද හා තව සද්ද කරලා
අයිතියත් තව පොදි ගසාලා
සැවොම තර වෙමු බඩ වඩාලා

මැති ඇමතිගේ බඩට පාරක්
තනාගෙන අපෙ බඩට පාරක්
පනින්නට තව රටෙන් පාරක්
හදාගත්තම පොරක් තෙවරක්

රටේ හැමටම තොත්තු දුන්නයි
කොත්තු හා කලු සල්ලි දුන්නයි
ඇදිවතත් අමතක කෙරෙව්වයි
ජීවිතේ උන් ඇන්ද වෙව්වයි

සාගරෙන් ගත හැකිය ලුණු කැට
ආදරෙන් ගත හැකිය හදවත
කාලයත් අවකාශයත් තුළ
විසඳුමට මං මිස මැජික් නැත

Sunday, July 16, 2017

දේශපාලනයය!

අකුරු වචනය
වචන අරුත්ය
අරුත් උගැන්මය
උගෙනුම මුදල්ය
මුදල් බඩගෝස්තරයය
බඩගෝස්තර පැවැත්මය
පැවැත්ම තෘප්තියය
තෘප්තිය සතුටය
සතුට හැඟීමය
හැඟීම දැනීමය
දැනීම ඇලීමය
ඇලීම බැඳීමය
බැඳීම රැඳීමය
රැඳීම එකතුවය
එකතුව රැසය
රැස රාශියය
රාශිය ගොඩය
ගොඩ බරය
බර ඉසිලීමය
ඉසිලීම දුකය
දුක ශෝකයය
ශෝකය වේදනාවය
වේදනාව කඳුළය
කඳුළ ලවණය
ලවණ ඛනිජය
ඛනිජ සම්පත්ය
සම්පත් ස්වභාවිකය
ස්වභාව සෝබාවය
සොබාව සුන්දරය
සුන්දර ලස්සනය
ලස්සන වචනය
වචන අකුරුය

Wednesday, June 28, 2017

කර හරිමි (මදහස)



සම්ප්‍රදාය පැටවූ ඉදිරි කදත්
විකල්පයෙන් බරවූ පසු කදත්
යා කොට උරෙහි වූ රිටත්
වැර යොදා ඔසවා දෑතින් ම
බිම තබා යමි මං තනියෙං ම

Friday, June 23, 2017

බ්ලොක් බස්ටර් (අ.... වි..චාරය)


ගහපල්ලා
මරපල්ලා
කුඩේ කුඩු
කරපල්ලා

තර්ජනේ
ගර්ජනේ
වර්ජනේ
මර්ධනේ

මාධ්‍ය වර්ධනේ
අපේ සංවර්ධනේ
මේක සටනක්
මාර සටනක්

ප්‍රශ්න වැඩිකරන උත්තර අඩුකරන
ඉරාගෙන මරාගෙන ප්‍රතිපත්ති රකින
මාර මිනිස්සුන්ගෙ මාර
හටනක්

අපිට ගහනවා
උන්ට ගහනවා
උන්ගෙ වර්ජනේ
අපේ වර්ජනේ

උඹව මරනවා
මාව මරණවා
ම...ර....ණ...වා...
මරණවා

ප්‍රශ්නෙ ඉතිරියි
අපි අහවරයි
ඒත්
ගහන්නම ඕනෑ

ආපිට ගහන්නත් ඕනෑ
කෑගහන්නත් ඕනෑ
ඔලු පලන්නත් ඕනෑ
එකෙක් හරි මැරෙන්නම ඕනෑ

ගේම එතනයි
ගේමට ගේම
කෑමට කෑම
අපි එදා ඉඳල බෙදාහදාගෙන කන ජාතියක්

ආයෙ මොටද ලජ්ජාවක්
කන්න, තව වපුරන්න
ප්‍රශ්න පැළවෙන්න ඕනෑ
මිනිස්සු කා කොටා ගෙන ගහ මරාගෙන මහමග මියැදෙන්න ඕනෑ

අතීතයෙ වුනෙත් එහෙමයි
අනාගතයෙ වෙන්න ඕනෙත් එහෙමයි
සුද්දගෙන් භීෂණයෙන් යුද්ධෙන් සුනාමියෙන් නායෙන් ගංවතුරෙන් අමාරුවෙන් බේරුණු මිනිස්සු
සාමාන්‍ය මිනිස්සු තව ලක්ෂයක් දෙකක් මැරෙන්න ඕනෑ

කොහොමහරි මැරෙන්නම ඕනෑ
ඉතිහාසය එහෙමයි
ආයෙත් ඒක නොකළොත් මේක....
නැගෙයිද ඉහළටම

ලක්ෂගාණක් නිරපරාදෙ මැරුණු
බුදුන් අනු බුදුන් වැඩිය රටේ ඒ සංස්කෘතිය
රැකපල්ලා....
රකිනු පිණිස මරපල්ලා

පුලුවන් තරම් ගහපල්ලා
අහවල් එක දිනපල්ලා
පොඩිවුන්ටත් ඒ උරුමය
මේ විදිහට දීපල්ලා

ඉතිහාසෙත් එහෙමයි
ගහපල්ලා
මරපල්ලා
අනාගතෙත් එහෙමයි

අපේ ලේ කැකෑරෙනවා
මේක කොහොම මරාගත්තු රටක්ද
මරාපල්ලා
ගහපල්ලා

කුඩු කරපල්ලා
ගිනි තියපල්ලා
වර්ජනේ
ගර්ජනේ

තර්ජනේ
මර්ධනේ
වර්ධනේ
කරපල්ලා

මේකයි විදිහ
තව අවුරුදු සීයක් දාහක්
ලෝකය පවතින තුරාවට බෙදි බෙදී මරාගනිල්ලා
හැකි දේ ඔපමණක් නම්....

තුන්සිය හැටපහටම දෙන්නම්
සදුදට ජාතිය
අගහරුවාදට ආගම
බදාදාට කුලමල

බ්‍රහස්පතින්දාට ධනය
සිකුරාදට බලය
සෙනසුරාදට හෙම්බිරිස්සාවට
ඉරිදට ජොලියට

ගහපල්ලා
මරපල්ලා
තර්ජනේ
වර්ජනේ

ගර්ජනේ
මර්ධනේ
වර්ධනේ කරපල්ලා
මේක ෆුල් එපිඩෙමික් රටක් ඕයි

රාමු කඩපල්ලා
හෙලුවෙන් නටපල්ලා
අපි හදනවා
අලුත්ම රටක්.... ඒක..

ඒක තමා මේක
තව අවුරුදු සීයකට ජයවේවා
ම්ත්‍රවරුන්ට
සහෝදරවරුන්ට

පාක්ෂිකයන්ට ජනතාවට
ඕවට අයිති නැති අය
බකං නිලන්න
බඩම උලන්න

මේ වගේ ඉන්න
අපි බලමු මේ....
බ්ලොක් බස්ටර්
හැමදාම??

Wednesday, June 21, 2017

කුණු වලට තවත් කණු එපා...(කණු තියමින් කුණු කෙරූ රටක අනාගතය වැළළේවි..සදහට)


කුණු ප්‍රශ්නය දිනක අපිව කුණු කරන ප්‍රධාන ප්‍රශ්නයක් බව අප කලින්ම දුටුවා, ලකුණු දමාගන්න මිසක් දහදිය  දානවට වැඩි කැමත්තක් නැති මිනිස්සු බහුතර බලය වූ විට තාක්ෂණය යොදාගෙන ගත හැකි ඵලදායීතාවයන් ගැන නිසි තක්සේරුවක්, වෙහෙසක් නැති කොට ඔච්චරයි.. තමන්ගෙ අභ්‍යන්තරය වගේම බාහිරත් ඉඳහිට අතුගාල කොහෙටහරි දානව විතරයි. හැබැයි සැබෑ කුණු ඉවත් කිරීමක්, ප්‍රතිචක්‍රීකරණයක් නෑ.. ඕනත් නෑ. කුණු කටුවෙක් කෑව ගමන් පරල වෙනව එච්චරයි. ඕක තමයි අපි කීවෙ ඇතුළෙ කුණු වලින් පටන්ගන්න කියල. නැත්නම් ගේ දොර, ඇළ දොළ, පාරතොට විතරක් නෙවෙයි, ලැබෙන අධ්‍යාපනය, සෞඛ්‍යය පවා කුණු වෙලාම යයි දේශපාලනේ ගානටම. ඔය දේවල් වලින් තියෙන නාස් කොටය නැති වුනොත් අලි, හරක්ට අපිම පුරුදු කළා වගේ අපේම කටින් රහට කුණු කන දවස වැඩි ඈතක නොවේ..අපි..දැනටමත් ඒක සිද්ද නොවෙනවමත් නොවෙයි තැන් තැන් වල! ඒත් ඉස්සරහට ඒක ...... සපුරා නැවැත්විය යුතුයි. ස්වභාවික පරිසරය වගේම සංස්කෘතික පරිසරය සුරැකීමට නිසිවිට බලැතිව කටයුතු නොකළොත් පණ පිටින් වැළලීම සරල සාමාන්‍ය සරල දෙයක් වේවි මතුවට. අපිට අවශ්‍ය එවැනි අනාගතයක්ද? තීරණය ඇත්තේ ඔබ අතෙයි.

Tuesday, June 6, 2017

ජීවිත සිරි පා


..................................................
වේගයෙන් දුවන්නෝ
ඉක්මණින් හති හලද්දී
ආවේගයෙන් දුවන්නෝ
පය පටලා ගනිද්දී
සෙමෙන් ඇවිද යන්නෝ
අබිබවා කෙනෙක්
වේගයෙන් ඇවිදිද්දී
අරමුණ නිමාව තෙක් ගමනයි
තරඟය නොවෙයි
සිහි ඇත්තෝ විඩා නිවා
මග නොරැඳී එන්නෝ
පහසුවෙන් කාලය ගෙවා
සසර කතර තරණ කෙරෙත්
ඒ අල්පයකි
සැබවි,
ජීවිතයම ගිරි සිරියකි
වාරු පිණිස සැරයටි නැති

Monday, June 5, 2017

කුමකටද?



නීතිය රකින්න අකුරට...
ජරාව නොකන්න කනඅය...
දේශපාලකයිනි, කරන්න තමපාලනය...
පරිපාලකයිනි, කරන්න නිසිපාලනය...
ගුරුවරු ගන්න උගන්නන්න...
ළමයිනි, හොඳින්ම උගන්න...
දෙමාපියනි, අවුරුද්දක් ළමයින්ටම දෙන්න...
තරුණයිනි, වැඩ කරන්න...
පාලකයිනි, වැඩ හදා දෙන්න...
සංකල්පකයින්ට නිදහස දෙන්න...
කලාකරුවනි, මුළා නොකරන්න...
මුදලාලිලා කඩකළු නොකරන්න...
පූජකයිනි, කාර්ය පමණක් කරන්න...
පූජ්‍යයයිනි, පූජා ලැබීමට සුදුස්සන් වන්න...
ක්‍රීඩකයිනි, රට වෙනුවෙන් නැගෙන්න...
වාචාලයනි, රට වෙනුවෙන් නිහඬවන්න...
නිහඬ දැනමුත්තනි, ජාතිය අමතන්න...
තව අවුරුද්දකට ඔහොම යන්න දෙන්න...
කළ යුතුදේ කරන්න...
හළ යුතුදේ හලන්න...
ඉඩ දිය යුතු දෙයට ඉඩ දෙන්න...
වරද්දන්නන් සිපිරිගෙට ලන්න...
යුක්තියට හරි තැන දෙන්න...
තවත් අවුරුද්දකට යන්න දෙන්න...
යුතුකමට මුල් තැන දෙන්න...
වගකීම ඔබ හැම ගන්න...

(බැරිද දෙන ඡන්දෙත් රට වෙනුවෙන්ම දීගන්න...)

Sunday, June 4, 2017

-සත්‍ය- වීරයා කාඩ්බෝඩ් නොවේ!



හේදිලා
හේදිලා
හේදිලා
තේරිලා
තේරිලා
මූසිලා
දිනෙක,
ඉතිරිවේවි
-සත්‍ය-
වීරයා
බොක්කෙ
දඩමස් නැති
හක්කෙ
බුදුරැස් නැති
සද්දෙ
වස් දොස් නැති
කකුල්
කොන්ද පණ ඇති
තව...
අකුරුත්
ගුරුත් මතකැති
කැතනැති!!!

(බලා සිටිමි, මුරුගසන් වැසි අස්සේ තෙමි,තෙමී..)

Tuesday, May 30, 2017

ඇස් දෙක පියාන නිදාගන්න! (with sweet dreams)


මෙය බියකරු සිහිනයකි.
සාතිශය ආශ්වාදජනකය.
හැබහින්ම ගොස් බලන්නට තරම් ආස හිතෙනවාය.
මන්ද මෙහෙම හීනයක් හැමදා පෙනෙන්නේ නැත.
ඒත් ඇහැරුණොත්!!
නින්දෙන්ම ඇවිද ගොස් හෝ සෙල්ලිපියක් සේ සමරු සේයාවක් ගත යුතුමය.
'නායා විත් වෝටර්‍ රිං'
"ක්ලික්"
කොටසක්ම වතුරෙන් වටවෙලාය.
තවත් අය යටවෙලාය.
නමුත් හීනෙට මිස හැබෑවට අපේ ඇස් ඇරෙන්නේ නැත.
ඒ උත්ප්‍රාසය, සංත්‍රාසය නිසාය.
තදින්ම සෙලවුණත් ඇස් ඇරගන්නටම බැරිය.
අම්මේ වතුර.. කියා කෑ ගැසූ විට අවසාන වශයෙන් ත්‍රිවිද හමුදාවෙන් හෝ කිසිවෙකු පැමිණ හිස අතගා යනු දැනෙන හෙයින් ඇස් අරින්නට හිතෙන්නේද නැත.
යුද්ධය නැමති වීරත්වය කිරුළු පළන් සිහිනයේදීවත් අප දෑස් නෑරියෙමු.
සුනාමි සිහිනයෙන් ඇස නොහැරුණු අපි ගංවතුරක් නිසා අවදිවිය යුතුද?
දෑස වසාගෙන ජීවත්වීම අපහසුද?
සැබවින්ම පහසුම ක්‍රමය එයම තමා.
එවිට පෙනෙන්නේ සිහින,  දකින්නේ සිහින පමණයි.
කොතරම් වේදනාකාරී වුවත් කොනිති පහරක් හෝ නොදැනෙන තරමේ මර නින්ද අති ආස්වාදනීයයි.
සදාකාලික නින්දට ප්‍රවිෂ්ඨය ලබන තෙක්ම මර නින්දෙන් ජීවත්වීම ජීවිතය දිගුකාලීන වීමට හේතුවෙයි.
එකිනෙකා කලබල වී අවදිවන්නට යන මොහොතේ අපි හිස අතගා ඔහු/ඇය ආපසු නිදිකරවමු.
රටක් හැටියට එකට බදා වැළඳගන මර නින්දේ පසුවීම තරම් සුවයක් තවත් කොයින්ද?
හිටිවනම නින්දෙන් අවදි වී පොඩි කලබලයක් ඇති කිරීම වෙනසකි, එය හොඳය.
එහෙත් දිගටම අවදියෙන් සිටීම ස්වස්ථතාවයට හොඳ නැත.
නින්දෙන් ගෙරවීම හෝ ගෙරවීමක් නොමැතිකම අයිතිවාසිකම් පිළිබඳ සිහිනයකට අගනා මාතෘකාවකි.
විවිධාකාර මාතෘකා පිළිබඳ සිහිනෙන් දෙඩවීමත්, නින්දෙන් ඇවිදීමත් අගනා අරගලයකි.
එලෙසම ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ලෙස ඕනෑම සිහිනයක් බලන්නට හෝ නොබලන්නට ඔබට අයිතියක් තිබිය යුතුය.
එනමුත් ඇස් ඇරීම තහනම්‍ ය.
එනිසා "ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ" යැයි කිසිවිට නොකියන්න.
කුමන හෝ දිනයක සදාකාලික නින්ද ඔබව අධිකතර ප්‍රේමයෙන් වැළඳගන්නා තෙක් දෑස් නම් නොමරින්න.
හොඳින් කලරින්න.
හෙට ගැන නොසිතා දෑස් පියා හොඳින් සැතපෙන්න.
රිසි සේ ජීවිතය විඳින්න.
ශ්‍රී ලංකා සංවර්ධනාත්මක නිදහස් චින්තනයේ එළඹෙන හැත්තෑවියට ආසිරි පතන්න.
ඒත් ඇස් අරින්න එපා!

Monday, May 29, 2017

හිස් තැන් .. නැත පිරවී (අසාර්ථක තණකොළ පෙත්තෝ)


අධ්‍යාපනේ නිදහස් ප්‍රතිඵල
අවිදිල්ලා ගේ දොරත් යටකරන්
රටෙන්ම ගන්නයි හැමදා සටනේ
රටකට දුන් දේ දන්නේ නෑ අපිවත්

වසන්තයේ ගී කිව්වා නටමින්
වස්සානේ දැන් වියරුව ඇවිදින්
මෙතුවක් අප ලද උස් දේ පවසන්
උස් තැන් පිරවූවා මිස වහසින්

කළ යුතුදේ කළ යුතු බව නොදනිති
රන්මය වටිනාකම් නොම හඳුනති
අඬුව තබා අත පුච්චා ගන් නිති
ලක නොව අප නම් සිහිනැති උන් වැනි

හැමදා පෙර මග කිව් අය සිටියෝ
ලොව ජය ගත් අප මිනිසුන් සිටියෝ
පවට පිනක් දෙන්නට නම් බැරියෝ
දැන දැන ඉල්ලාගෙන කති වැසියෝ

එකම දෙයයි තව කෙරුමට ඇත්තේ
හැම තැන හිස්තැන් පමණයි දැක්කේ
පුරවාලන්නට ඒ තැන් මත්තේ
පුරදු කරමු පෙර පාසල් වත්තේ

Saturday, May 27, 2017

මානස පේශිය හිරිවැටීම (හිරිවට්ටන ඉන්ජෙක්ෂන්)



අධි කම්පන මානස පේශිය නිදි කරවයි. ඉච්ඡානුග ප්‍රතිචාර අනිච්ඡානුග කරවයි.  එලෙස මානස පේශිය හිරිවැටීම සමහරුන්ට ආශ්වාදජනකය. මත්පැන් මත්ද්‍රව්‍ය තුළ මානස පේශිය අන්ඩකොන්ට්‍රෝල් නොවීම එහෙව් සමහරෙකුට ආතල් එකක්මය. තවත් කෙනෙක් තවත් කෙනෙකුගේ මානස පේශිය කොනිත්තා සතුට ලබන අතර තවත් කෙනෙක් අනෙකුකෙගේ මානස පේශිය සම්බාහනය කිරීම අපූරු ධනාත්මක සංයෝජනයකි. කෙසේ නමුත් ඔය කවර කාරණා තුළත් මානසය හිරිවැටෙන අතුරු ආබාධ හෝ තහනම් උත්තේජක තිබිය හැක. ප්‍රකෘතියත් විකෘතියත් අතර තහනම් දොරටු එකිනෙකාට වෙනස්‍ ය. විවිධ සංස්කෘතීන් තුළ හැඩගැස්සූ විවිධ මානස පේශී හරි පුදුමාකාරය. ශරීරය හා සමබර වීම යනුද මානසයට බැලුනක සුළං හා සමානය. සමහර බැලුමක තුනී බවත් තවෙකක ඝණකමත් අනුව එකම වායු ප්‍රමාණයෙන් වුව බැලුම්  පිම්බෙන තරම වෙනස් වන්නේ යම් සේද ශරීර වල සමානත්මතාවය එකිනෙකාගේ මානසයට බල නොපායි. නිඹුල්ලුන්ගේ පවා මානසය කොතරම් වෙනසකින් යුතුවේද? තමාගේ ශාරීරික දුබලතා මානස පේශිය ආධාරයෙන් ජයගත්තෝ කොතරම් න අප දැක ඇද්ද? ඒ අතරම මානස පේශියේ දුර්වලතා සදහා ශාරීරික අභ්‍යාස උදව් කර ගැනීම වෙනුවට සමහරු තහනම් උත්තේජක භාවිතාවෙන් මනස හිරිවට්ටාගෙන ඇබ්බැහියෙන් ජීවිතයම විනාශමාර්ගයට දක්කාගන්නා අයුරුත් අප අනන්තවත් අසා දැක ඇත. සමහරෙකුට මව් බසත් තවකෙකුට පර බසත් සමහරවිට මානසය හිරිවට්ටන එන්නතකි. කෝපය මෙන්ම ශෝකයත් ලෝබය හෝ මෝහයත් බය සැක සංකා මෙන්ම ලාබ කීර්ති ප්‍රශංසාද විටෙක ප්‍රමාණය අනුව උත්තේජකයක් හෝ උභතෝකෝටිකයකි.  මෙවැනි ලියවිලි හා කියවිලි මගින්ද විටෙක මානසය හිරි වැට්ටිය හැක. මානසය කීරී ගැසීයාමද හිරි වැටීමෙන්ම ඇරඹෙන්නට පුළුවන. එනිසා සුරකි න්න ඔබේ මානස පේශිය උවදුරෙන්, නිතැතින්.. එය ඔබ වෙනුවෙන් පමණක් නොව අනෙකා වෙනුවෙන්ද ඔබේ යුතුකමකි. මන්ද, හිරිවැටුණු මානස පේශිය යනු හැගීම් විරහිත හදවතත් අවදිනොවූ බුද්ධියේත් අකූල සුසංයෝගයක් වන බැවින්මය.
කෙසේ නමුත් මේ දිනවල  මානස පේශී පමණක් නොව මාංශ පේශී සියල්ලද බොහෝ කොට බොහෝ දෙනගේ හිරි වැටී කීරී ගැහී ඇත්තේ ගංවතුරේ අධි කම්පනයෙන් බව අපි දනිමු. සියල්ල යථාවත් කර ගැන්මට කවුරුත් එකාවන්ව සියලු පේශි ශක්තිය මිටිකර යොදවා වැඩ කළ යුතුය. මර ගී ගයමින් අහසට පොළවට දෙස්දෙවොල් තබා ඵලක් නැත. දැන් ඇත්තේ කළ යුතුදේ කිරීමටය.

Wednesday, May 24, 2017

මානස පේශී හා අකල විකල (තව ටිකක් පද වැල් වට්ටාරමෙන් වන්දනාවට)


සමහරු අප මඩින්නට උත්සාහ කළෝය. සමහරෙක් නිසා අප මැඩවුණිද? ඒ කිසිවක් අප නොදැනම සිද්ද වූ කාරණාවන් නොවුණි. අපි ඒ පිළිබද දැනගෙන සිටියෙමු. ඉවසීමෙන් සිටියෙමු. අපේ මානස පේශිය ශක්තිමත් වීම එයින් තවත් ඔප වැටුණි. ශක්තිය ජනනය, විභවය මෙන්ම දීප්තියද මානස පේශිය කෙරෙහි අන්‍යන්ගේ ආසක්තභාවය වැඩි කරයි. තවදුරටත් ඉවසමි. එය හැබෑව, දුහුනන්ගේ එදිරිවාදී, පසුබානා, දුර්වල මානස පේශීන් පිළිබද අවබෝධයෙන් කෙරෙන ඉවසීමකි. එක් විභවයක් චාලකයක් බවට පත්වද්දී තවත් චාලකයක් විභවයක් බවට පත්වෙයි. ඒ විදුලියෙන් මෝටරයත්, මෝටරයෙන් විදුලියත් බල ගැන්වෙන්නාක් මෙනි. මානස පේශියේ විභවය වැවක, ජලාශයක මෙන් සපිරෙන තරමට ගැඹුරින්ද වැඩිවෙයි. එමෙන්ම කාළය හා අවකාශය අබිබැවීමේ හැකියාවක්ද මානස පේශියට ඇති බැවින් එහි භාවිත දිශානතිය යනු තම තමන්ගේ පමණක් නොව අවසන රටේම වර්ධනයේ දිශානතියයි. ලෝකය තුළ විවිධ රටවල්, ජාතීන් තම අනන්‍යතාවය පෙන්වීමට මොන තරම් මේ පේශිය භාවිතා කරත්ද? එතරමට ඔවුන් විවිධ කුසලතා තුළින් ලෝකයේ අන්‍ය ප්‍රජාවන් අභිවවා සිටී. එහිදී පෙනෙන වැදගත්ම ඉස්මතුවීම කවරක්ද යත්, මානස පේශියේ හැඩ තලය සිරුර හා දක්වන අන්තර් සබදතාවේ පමණයි. දරදඩු සිරුරක් මානස පේශියේ භාවිතාවෙන් පමණක් සුනම්‍ය කළ හැකිද? මේ වෙනුවෙන් දැක්විය හැකි පැනයකි. ජාන රටාවෙන්ම නම්‍ය සිරුරු සේම ව්‍යායාමය තුළ නම්‍ය කරගනු ලැබූ සිරුරුද එකම ස්වරූපද? උපන් හැකියාවෙන් ගයන්නෝත් නූපන් හැකියාවන් නිලීනව යා නොදී දැඩි පුහුණුවක් තුළ ගායනයන් ඉදිරිපත් කරන්නෝත් සිටිති. මේ කවර කාරණයේදීත් සිරුර හා මානසය එකිනෙකට සමබර වියයුතු බැව් සරලවම අප දන්නා වූ කාරණයක්.

එබැවින් මානස බිල්ඩින් යනු කායික බිල්ඩින් වලින් සපුරා බැහැර වීමක් නොවේ, සමබරවීමක අවශ්‍යතාව, වැදගත්කම කියාපාන්නකි. නිරෝගීතාවය වෙනුවෙන් තමන්ටම කරගත හැකි, කරගත යුතු කරුණු කාරණා එළි දැක්වීමකි. සාමාන්‍ය සරල විද්‍යාවේ ඉගැන්වෙන පේශිය සංකෝචනයෙන් හා ඉහිල්වීමෙන් සම්බදිත දෙකොන සමීප හා දුරස්ථ කරයි. මානස පේශිය සම්භන්ධ කරන්නේ මොළය හා හදවතයි. එනම් සිරුරක ප්‍රධානතම මර්මස්ථාන යි. ලේසි නැත, අදෘශ්‍යමාන මානස පේශියේ තරම! එය ඔබේ පාලනයට සපුරා නතු වීම කොතරම් වටිනවාද? යනු.. නමුත් ඒ ඔබේ පාලනයද යහ පාලනයක් නොවෙනවා නම්, ඇත්තෙන්ම ඔබ දිනක අදුරු රූකඩයක්ම වනු ඇත්තේ ඔබවත් නොදැනම වීමට ඇති හැකියාව උපරිමයි. එය ඔබ තරයේම මතක තබාගත යුතු...

Friday, May 19, 2017

මාංශ පේශී හා මානස පේශී



දෙකම අතිශයින් ම වැදගත්ය. පළමු එකට වඩා දෙවන එක සාතිශය වැදගත්ය. අප නොසිතන ශක්තියක් ඇති එහි ශක්තිය සීමිත දර්ශකයකින් දැක්විය නොහැකිය. සියුම් ලෙස අන්වේශණය කිරීමෙන් හැදිනගත හැකි සියුම් බව වටහාගන්නා තරමට මානස පේශියේ ශක්තියත් බලයත් උපරිමයෙන් සඵලදායී කරගත හැකිය. එබැවින් ජිම් යන්න මානස බිල්ඩින් සදහා!

Sunday, May 14, 2017

දිස් + පරණ කවි+ස්ටයිලේ... (තෝරන්)




ස රි ග ම ප ධ නි සා'
අතමිට සරුවෙලා
ලාබ ගැනම සිතා
බාල වැඩට ගියා

හද්ද ගමෙන් ආවේ මං
පට්ට නගරෙ කෑවේ මං
පොස් ගතියට වාසේ දැං
කිති සේරම ගොසින් නිවං

සල්ලි බෙදන අයියලාට
වාසි බෙදන මල්ලිලාට
හුරතල් වෙන නංගිලාට
ජීවිතයම විකිණිලාය

පවා දෙන්නෙත් හිටගෙන
අමතක කරමින් කන්දෙක
ලොකුකරගෙන ඔය අංදෙක
ඇනගන්නෙත් දියුණුවෙන්න

Thursday, May 11, 2017

හැදුනුම් පත (තෝරන්)





මා මළපසු
ලියනු පිණිස
දුක් ගීයක්
සොහොන් කොතේ
සටහන් කොට
තබමි කලින්
පරිගණකයෙ
නෝට් පොතේ
පාර්ස්වර්ඩ් එක
ඇත්තේ මගේ
පරණ නෝට් පොතේ
ඒක නැතිවුණොත්
හොයලා බලනු
මේස ලාච්චුවේ
ගාංචුවක් ඇත
දමලා පරණ පොකට්
එකට මගේ
ඒක ඇතුළේ
විසිටින් නම්
කාඩ් එකක
පිට පැත්තේ
තද අකුරින්
කළු පාටින්
පාර්ස්වර්ඩ්
එක ඇත්තේ
ඒ යතුරෙන්
පසු හඹන්න
මගේ දුක්ඛ
ගීය සොයන්
සොහොන් ඵලක
මස්තකයේ
ඒ පදවැල්
කොටා දමන්
මගේ දුක්ඛ
ගී පබැදුම
ඔබේ වෙහෙස
ගැනම තමයි
මරණෙන් පසු
සත් දිනකදි
සසර දුකත්
අමතක වෙයි
යළිත් මෙහේ
නොම ආවත්
ඔබේ මතක
මා සතුවෙයි
මගේ මතක
නොම ගත්තත්
හැදුනුම් පත
ඔබ සතුවෙයි

Monday, May 8, 2017

තුන් කල් විද්‍යාව නොහොත් බුදුන්ගේ දහම (කැලැන්ඩරයේ කහපැහැ නිවාඩුවට එහා)



විද්‍යාව විද්‍යාත්මක ක්‍රමය ඔස්සේ සිය  හෙළිදරව්ව ගෙනෙන්නේය. අතීතයට වඩා වර්තමානයේත් වත්මනට වඩා අනාගතයේත් විද්‍යාව යනු එකම දැනුමක් නොවේ. දිනෙන් දින එහි හැඩය වෙනස්ය. එබැවින් කලින් කලට විද්‍යාවේ අර්ථ දැක්වීම් එකක්ම නොවෙයි.
බුදු දහම ධර්ම මාර්ගයක් ඔස්සේ තම  හෙළිදරව්ව ගෙනෙන්නේය. එහි අතීත වර්තමාන අනාගත කාල බේදයක් නොවේ. ඉන් ගෙනෙන දැනුම එකක්මය. එහි හැඩය නොවෙනස්ය. 
සියල්ල අනිත්‍ය බව පැවසෙන දහමක ස්ථිර බවක් නම් කුමක්ද?
එනම් මේ පවසන්නේ දහමක් සමාජය තුළ පැවතීමේ ස්ථිර බවක් නොව එහි අන්තර්ගතයේ නොවෙනස් බවයි. එවිට ඒ දහම තුන් කලටම එකක්ම වෙයි. 
විද්‍යාව වයනය මහත්කොට සළකයි. එනම් අතටත් වඩා මොළයටයි. බුදු දහම ප්‍රත්‍යක්ෂය මහත්කොට සළකයි. ඒ මොළයටත් වඩා අවබෝධයටයි. මොළයට ස්පර්ෂය බුද්ධිමය තාර්කිකත්වය වෙද්දී අවබෝධයට ප්‍රත්‍යක්ෂය මොළයේ බුද්ධිමය තාර්කිකත්වය අබිබැවූ පරිපූර්ණත්වයක් වෙයි.
බුදුන් වහන්සේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා වන්නේ එබදු පරිපූර්ණ අවබෝධයේ පරිසමාප්තියට පත් අයෙකු හැටියටයි. 
එබැවින් බුදු දහම අපේ විද්‍යාවෙන් පරම ලෙස විචාරන්නට යෑම අන්ධයන් ඇතුගේ හැටි කියනවාට දෙවැනි නොවේ. හේතු ඵල දහම, ජීවිතයේ උපත, විපත, වෘද්ධභාවය, රෝගීභාවය  ආදී අපට මගහැරිය නොහැකි ගැඹුරු සත්‍යන් මත බුදුදහම විචාරය ඊට වඩා සුපැහැදිලි මගකි. 
තෙමගුල සැමරීම යනු සැබවින්ම බුදුන් දැකීමයි. බුදුන් දැකිය හැක්කේ ධර්මය දකින්නාටයි. ධර්මය දැකිය හැක්කේ කාටද? බුදුන් දේශනා කලේ උන්වහන්සේගේ දහම නැණතියන්ට බවයි. ඒ නැණ නම් ප්‍රඥාවමැයි. 
බුදුරදුන්ගේ උපත සම්බුද්ධත්වය හා පිරිණිවන නැවත ආපසු බොදුනුවාට ඒ  ප්‍රඥාවට එළැඹෙන්නට වසරකට වරක් දෙන මතකයයි. 
ඔබ ගන්නේ ඒ මතකයද? ඒ ගැන වගවෙන්නා ද ඔබට ඔබමයි.


Wednesday, May 3, 2017

ආපස්සට යමි 3


ආර්ථික, තාර්කික, ආකර්ශනීය, සුනම්‍ය, කපට විලංගු තුළ සිරවීමෙන් හදාගන්නා ජංගම සිරගෙයි වින්දනයෙන් මිදීම පිණිස..
පරම ලාබය ආරෝග්‍ය හා පරම ධනය සන්තුෂ්‍ටිය පුද්ගලිකවම උපයනු පිණිස .. අනුදැන

ආපස්සට යමි 2


සියල්ලෙන් වියුක්තව සත්‍ය, යුක්තිය, ආගම හෝ විද්‍යාව වැළදගැනීමට ඉදිරියට පැමිණෙන්නාගෙන්  බිහිවන්නේ සැබෑ සත්‍යවාදියෙකු, සැබෑ විනිශ්ච කරුවෙකු, සැබෑ ධාර්මිකයෙකු හෝ සැබෑ විද්‍යාඥයෙකු නොවන බැව් හා එමගින් බිහිවිය හැකි ත්‍රස්තවාදියා, ඒකාධිපතියා, මූලධර්මවාදියා හෝ අපරාධකරුවා වළක්වනු පිණිස..අනුදැන

Monday, May 1, 2017

ආපස්සට යමි


තවත් ඉදිරියක් නැත. ජීවිතයේ ආපස්සට යාමට දැන් කාලයයි. සෙනග අතරින් ඉදිරියටම ආවේ කරළියේ අසළම හිද රැගුම් නැරඹීමටයි. දැන් හොදින්ම පෙනෙන්නේ වේශ නිරූපණයයි. එබැවින් යමි ආපස්සට යමි ජීවිතයේ රැගුම් බලන රිසියෙන්... අනුදැන

Wednesday, April 26, 2017

මීතොටමුල්ල මහබැංකුව කියා අපි කියමු. (ඉවවහා යන තවත් අභූත කුණු නොබෙදමු)

සිවුපාවා සැසදිය යුත්තේ සිවුපාවා සමගය, එතනත් බල්ලා බළලා වෙනස්‍ ය. නුවණැති මිනිසාට එය වැටහෙයි. කුණුගොඩකින් මිනිසුන් මිය යෑම නින්දිත නිර්ල්ජ්ජිත වූවාට ඒ කුණු ගොඩ ගැසුනේ රටේ මිනිසුන්ගේත්, එදා මෙදා මන්දෝත්සායී පාණ්ඩු ආණ්ඩුවලත් කරුම(ක්‍රියා) වලිනි. එබැවින් ඒ කුණු සැසදිය යුත්තේ තවත් වත්මන් කුණු ගොඩක් සමග මිස දහදියෙන් බිහිවූ අතීත උරුමයක් සමග නොවේ. අදටත් විදේශිකයන්ට විකුණමින් අප යැපෙන අතීතයේ හැම උරුමයක්ම වර්තමාන අපේ කරුම(ක්‍රියා) වලට මුවහම නොවේ, සැසදීමටවත්. පුහු රැඩිකල් / සමනළ චින්තනයකට එහා යන්නට නම් කුණු කන්ද බැස්සිය යුත්තේ මහ බැංකු ගොඩ නැගිල්ලකටය. උසෙන් දිගෙන් කියා කුසළෙන් කසළෙන් කියා නහය ගෙම්බාට ගත්තොත් දිනෙක සර්පයා ගෙම්බාව අල්ලාවි. පුහු ජනතාවාදී මෝඩකමට නොවැටහෙන සත්‍යත් ලෝකයේ පැවතීම හරි අපූරුය. මිනිස්සු තවම ඒ සත්‍ය දකින, පුදන බව අප මතක තබා ගත යුතුය.

නිසි තැන දිය යුතුමය

විශ්වාසයට නො ගත යුත්තන් හට
බලාපොරොත්තු නො තැබිය යුත්තන් හට


Monday, April 24, 2017

රැළි කොඩි වැඩක් නැත, දහඩිය හෙලනු නියම තැන...


අපේ මැයි රැළියටයි වැඩිම සෙනග
නෑ අපේ එකට
නෑ නෑ අපේ එකට
.......
..... පේ එකට වැඩියෙන් ආවයි කියල රටට වෙන්නෙ මොන සෙතක්ද?
මේ රටට තව මීහරක් කුමකටද?

Saturday, April 22, 2017

මිය යන්නට මොහොතකට පෙර (මරණය නියතයකි - අනියත ජීවිතයේ)


'මා විසින් ඉටු කළ යුතුව තිබූ යමක් වීද එය නොපිරිහෙලා ඉටු කළේය' ඒ බැව් ප්‍රත්‍යක්ෂ වේ නම් එපමණකි, මගේ පරම පැතුම.

Thursday, April 20, 2017

තරගයමයි...කුණු


සාපේක්ෂ. . මමයි, ඔබයි
ඉගෙන ගත්තෙ තරගයමයි
දියුණුවෙන්නෙ තරගයටයි
ජීවිතයම දුවගෙනමයි

ඇමරිකාව අප්‍රිකාව
අපි දැම්මා ආසියාව
මන්ද නාව කාරණාව
තරගයමයි වන්දනාව

බස් එකේදි කෝච්චියේ
කුණුමුල්ලේ හදිස්සියේ
තරගය මැද ලමිස්සියේ
දුවපන් උඹ හද්ස්සියේ

කොල්ලෝ බල්ලෝ මල්ලෝ
හදාගන්න දරුමල්ලෝ
වඩා ගන්න සුරතල්ලෝ
තරගයටම බැහැපන් ගෝ..

පොඩිවුන්හට පොතේ තරග
ලොක්කන් හට බඩේ තරග
හුස්මක් ගන්නේ කොතනද
සීරිස් එක තව නිම නැත

කුණු කණු මණු ඕන දෙයක්
කන බොන වහ ඕන දෙයක්
පෙරළන කොට බාල්දියක්
අපි දුන්නා ජන්ද ගොඩක්

රටේ වරද ආණ්ඩුවේ
අපි ඉන්නේ විපක්ෂයේ
තරගෙට එනු හදිස්සියේ
දිනනවන්නේ ඔබව ප්‍රියේ

එකට එකා තරග වැදෙයි
පොර පිටියෙදි සල්ලි ඇදෙයි
අන්න එතන නියම අගෙයි
රට නැගෙන්නෙ තරග මගෙයි

ගනුදෙනු හදලා පරහට
අයබදු ගහලා විගහට
තරගෙට වැටිලා අපහැම
ගේමම යමු දිග හරහට

අධ්‍යාපනේ හොල්ලා
ක්‍රීඩාවට ගල් පෙරළා
සවුක්කියට තෙල් ගහලා
තරග කරමු අපි බෙදිලා
...................
ඉන්නේ කන්නද නොදනී
කාලා උන්නෙද නොතැවී
අපිට වගේ වගක් නැතී
සැවොම කරන නිසා යමී

Sunday, April 16, 2017

__ Kg __ (කොලිටි ජපන් බඩු වලින් සදාකාලික ලාංකීය තකතීරුකමේ බර මනිමු)

කුණු ස්කන්ධයට
යට වූ
පංචස්කන්ධ
පින්වතුනි,
................
කොහිද
මීළග
පුණ්‍යානුමෝදනාව
............
හේතු දැන
අනුදැන
තටමමු
හිරකරන්
දේශපාලන
පරිපාලන
හිතුවක්කාර
මෝඩකම්
.................
පව්කාර
මිනිස්සු
පව්කාර
අපි
..........
වන්දි
බෙදමු
පිරුවට
අදිමු
කියවමු
ලියමු
ඉවසමු
හඩමු
මැරෙනකම්
(ධනස්කන්ධයෙන්ම විසදිය නොහැකි පංචස්කන්ධයේ දුක්ඛප්‍රාප්තියක්!!! ..... එදා, මෙදා, කවදා, උන් මොළවල ස්කන්ධයක් තිබුණා නම් පිට කොදුවල නාරැටි තිබුණා නම් කුණු වලටත් අද නැතිවද තිරසර විසදුම්?)

බම්බු + ..




Friday, April 14, 2017

රබන් තෙල්, කොකිස් මල්..

ගොරොක් නොවී
නොරොක් නොවී
රොක් වේවා
අවුරුද්දේ

හිතේ තියෙන
අලුත් පැතුම්
සමග කැවුම්
අවුරුද්දේ!!!

(නොකීවත් නොකෑවත් අව්ව සැරයි වැස්ස වැටෙයි ලංකාවේ අපේ එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ හැමට)

Monday, April 10, 2017

යථාර්තය 
පිරිසිදින 
හොද්ද..ට

Monday, April 3, 2017

A..E I....O U

අත් හරිමි
සිත් සේ
බොහෝ දේ
අත නොහැර

පික්පොකට්

ඔබගේ
සන්තකයට
තට්ටු කරන්නේ
ඔබගේ
කරට
දමාගත් අතේ
සහෝදර අතින්ම
විය හැක
ප්‍රවේශමෙන්

2500+ (රස කතාවකි)

අලුත් පහනක් අතින් ගෙන
මුවන් පස්සේ දුවමින
හණ මිටිය හිසින් ගෙන
පාරුවත් ඇති නදිය කොතැනද...

ඇලඩින්ට වාසනාව ගෙනාවේ පරණ පහනයි. ඕන වැඩක් කර දුන් භූතයා සිටියේ එහියි. නමුත් දිනක මන්ත්‍රාචාර්යාගේ උගුලේ අසුවුණු ඇල.මෑණියෝ පොෂ් පහනට පරණ පහන මාරු කළාය. එහෙයින් දැන් ඇය සතුව ඇත්තේ අලුත් පහනයි. ඒ බැව් නොදත් ඇලඩින් තවමත් පරණ මතකයෙන් අලුත් පහන අතුල්ලයි.
ඔවුහු දුවන මුවන් පස්සේ වැටී එතෙක් මහන්සියෙන් නෙලූ පලා මග විසිකොට දැම්මෝය. තවමත් ඔව්හු දුවමින් සිටින්නෝය. අහසින් ගොස් මුවන් දඩයමට පිඹුරුපත් දැන් සැකසෙමින්ලු. අභය භූමි සීමා නිර්ණයත් සිදු කෙරෙනවාලු.
හණ මිටියේ කතාව වෙනසයි. ඒ හණ මිටිය කිසිවකට හුවමාරු නොකර හණ ලෙසින්ම ගමනේ නිමාවට ආවේ කිසිදු නිෂ්පාදනයක් සිදු නොවෙමිනි. තවම එයින් නූල් පොටක් සාදා නැත. එය කෞතුකාගාරකට යැවෙන බවට ගොසිප් අඩවියක් අදත් අනාවැකි පල කර තිබිණි.
බුදුන්ගේ දහම පාරුවක් කොට ගන්නට කියූවකි. පාරුව ඔසවාගෙන මදාවියෝ පිරිසක් මේ ගම්ගොඩේ දැනුත් සරති. එබැවින් නදිය අසල මහ පිරිසක් තවම රැස්කති එතෙර විය නොහැකිව. පුලුවන්නම් පොලිස්පතිට පණිවිඩේ දෙන්න.

Thursday, March 23, 2017

කකුළුවන්ගෙන් බිහි නොවෙති කිකිළි පැටවුන්

වියුක්තව කරුණු කාරණා අරගෙන එක එක ප්‍රශ්න විසදන්න හදන ගොඩක් අයට නොපෙනෙන දේ අන්තර් සබදතාව. පාර්ලිමේන්තුවේ අකුරු දෙකෙන් තුනෙන් වට්ටක්කා ගැන කියන බමුණන් ඇතුළු සියල්ලෝ කැකිල්ලේ ක්‍රමයටම පාසල් ළමයින්ගේ ප්‍රචණ්ඩත්වයටත් අනිවාර්ය වගකිව යුතුයි. රටේ වගකිවයුතු තැන් විහිළු සහගත වෙන විට ඒ වගකීම් යටතේ පවතින විවිධ වූ ආයතන තුළ හැසිරීම් ටොකු ඇනලා පාලනය කරන්න බැරිවෙනවා. අර ටැලන්ට් තරගයක දුටු අනුකාරකයන්ගෙන් දේශපාලන චරිත කොතරම් උපහාසයට වගේම සියුම් අපහාසයකටත් ලක්වූවාද, ඒ උපහාසය තරුණ මනසට එන්නේ නිකම් නොවේ. විනය කියන කරුණ අපේ සමාජය තුළ කොපමණ තක්සේරුවක් තියන කාරණයක්ද? ඔය කාරණයෙදි සමාජයෙ විනය බරපතළව බිදවැටුණු සංක්‍රාන්ති සමයකයි ගතවුණේ අපේ පාසල් අවදිය. විසිවෙනි ශතවර්ෂයේ අගත් විසි එක්වන ශත්වර්ෂයේ මුලත් කියන කාල වකවානු දෙකම තුළ අපි පාසල් වල හිටියා, විනය ප්‍රශ්න විවිධාකාරයෙන් මතුවුනා. රටේ දේශපාලනයේ බරපතළම ළාමක තත්වයන් මතුවුනෙත් ඒ අවදියේ යැයි සිතෙනවා. ඒ දවස්වල අපේ නගරයෙත් වීරවංශ කටහඩ ඇහුණා. උගුර බැරැණ්ඩි වුණු හඩින් එදා ජේ වී පී දේශපාලන වේදිකාවේ ප්‍රචාරක ලේකම්ගෙන් නැගුණු හඩ තවම සිහිපත් කළ හැකියි. ඒ විතරක් නොවෙයි, බොහෝ දේශපාලකයන්ගෙ අසීමාන්තික පිමි වගේම සෝම හිමියන්ගෙන් ඇරඹුණු බොදුණු ප්‍රබෝධයත් එක්ක සමාජයෙ මතවාද පාසලටත් දැනුනා. භික්ෂුන්ගේ දේශපාලන ආගමනය අපි දැක්කා. යුද්ධයක් වගේම විරාමයක්, දේශපාලන ගිවිසුම් වගේම සාකච්ඡා, වීර විදහන වගේ සංවිධාන, ශාරුක් ලංකාවට ඇවිත් ප්‍රසංග වල බෝම්බ පිපිරීම, ආපහු යුද්දෙ විතරක් නොවෙයි නිමාවත් අපි දැක්කා. කාලයක් යුධ විරෝධය වගේම ජයගැනුමෙන් පස්සෙ යුධකාමී සටන්කාමී ප්‍රවේගයත් අපි දැක්කා. කවුරුත් කල්පනා කළාද මේ දේවල් පාසල් මනසට ගියෙ කොහොමද කියල. නිදහස වගේම අධ්‍යාපනයත් නිදහස් කරල දුන්න විතරක්ද? කුඹුරු කොටපු වගා කරපු සංස්කෘතියක තිබුණු පාසල් ඉංග්‍රිසියෙන් සිංහලේට හැරුන විතරක්ද? හැත්තෑව අසූව කාලෙ පාසල කොහොමද? අද විශ්ව විද්‍යාල සිසුවගෙ වටිනාකම කොතැනද? කොටින්ම එතැනින් එහා මෙහා ගොඩක් ගොඩක් කතා එක්ක සමාජයෙ වෙනස්වීම් පාසල තුළටත් ගොඩක් දේවල් ගෙනැවිත් නැතිද? සුපර්ස්ටාර් සංස්කෘතිය විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ බුෆේ ගිලීමත් පාසලට එන්න තරම් ජනමාධ්‍ය දියුණුව සීමාවෙන් එහා. ගුරු බලය ප්‍රබලතාවෙන් කොතරම් සිසුවාගේ යහගුණයට බලපෑම් සහගතද? ළමයා කියන්නෙ පොඩි වැඩිහිටියෙක් නොවේ යැයි කීවත් නූතන සමාජයේ ඒ වෙනස හරිම පුංචියි. ස්ටාර් වල සිට ළමයින් ගැටවරයන්, නව යෞවනයන් වෙත සියලුම උත්තේජකයන් දීලා ඔලුව අතගාලා සිල් ගත්ත විදිහට ඉන්න කීවත් අහාවිද? පාලනය යාමනය උවමනා තැනදි කනට දෙකක් දෙන්න තරම් ශක්තිමත් සමාජයක් වැඩිහිටියන්ට තිබෙනවද? නීතිය අනුව හදාගන්න කියා කාටවත් අත උස්සන්න කාටවත් බැහැ, ඒකට නීතියම එන්න ඕන. තේරුම් ගත යුතු කාරණය බලයන් සහිත බලවත් උදවිය හා ඔවුන්ගේ දූ දරු වන්, හිතවතුන්, බත් බැලයන් ආදීන්ගේ උවනමා මත පරම්පරා විසින් කාලයක් නඩත්තු කෙරුණ අසංස්කෘතික විනයක් ඇති රටක් බව මෙය. ඒ අනුකාරක සමාජයේ බහුතර මහ කකුළුවන්ගෙන් කිකිළි පැටවුන් පැතිය හැකිද? වගකීම වගකීමක් නැති සමාජයම මිස කවරෙක්ද? හැබෑ වෙනසකට නම් නිවැරදි පදනමක් තිබිය යුතුමය, සොයාගත යුතුමය. නමුත් සෙවිය යුත්තන් සොයන්නේ ඒවාද? අඩුම තරමේ මම මගේ අඩුපාඩු හදාගන්නටවත් කටයුතු කළ යුතුමය. එවිට මම මගේ අවම යුතුකමවත් සමාජීය සත්වයෙකු ලෙස සපුරා ඇත. හුදු සංකල්පීය පොෂ් බවකින් මහපොළොවේ පස සරුවන්නේ නැත.

Wednesday, March 22, 2017

රටේ අනාගතය කිසිවෙක් නොදනී...මේ මගේ රටයි!

සැබවින්ම මේ රටේ අනාගත සැළසුම් තිබෙනවා නම් ඒ මේ මොහොතේ තනි පුද්ගල හා පෞද්ගලික ආයතන වශයෙන්ම පමණක් බැව් සහතිකය. රටක් වශයෙන් තවම අපි අතීතයේය, වර්තමානයේ යම් යම් කාරණා අරඹයා තවමත් ඇත්තේ විචාර විවේචන හා හොස්ස පෙවීම් පමණකි. හැත්තෑ ගණන් වල අනාගතයක් දැකීමට ගොස් අසූ ගණන් වලද ඒ පසු පසම ගොස් ලැබුනේ සමූහ හෝ තනි වලවල් සෑයවල් වල උරුමයක් පමණි. මේ මොහොතේ රූපවාහිනිය ඉදිරියේ සිටිනා මට ජාතික නාළිකාවේ ජාතික සම්මානත්, මීට ටික වෙලාවකට පෙර බ්ලොග් සම්මාන උළෙලක් ඇසුරේ කතිකාවක්ද දක්නට ලැබිණි. ජාතික සම්මානයෙන් පෙනුනේ අතීත ක්‍රියා ඇගයුමකි. එතැනින් මා තවමත් දකින්නේ අතීතයක් පමණි. අතීතයෙන් පුද්ගලයන්ගෙන් ගත් උගත් පාඩම් මොනවාද? මහා ජාතිකත්ව කතා දමන මහා දේශපාලකයන් ජිල්බෝල ගසන නොකිය නොකළ වැඩකට නැති මතවාද වෙනුවෙන් රටක් ගිනි තියන්නට දහසක් ගෙනෙන රටක, අනාගතය ගැන දකින්නේ කව්ද? ඒ අතින් ඔය ජාතික සම්මාන පිටුපස ගොඩනැගුණු වටිනාකම් මහත් කොට හිතිය හැකි, එහෙත් එතනින් අනාගතයට පෙර ගමනක් නැත. බ්ලොග් අවකාශය ගැන කතාව වර්තමානයේ අතපය දිගහැරීමට නැගිටීමට දරන වෙරකි, පෙනුනේ එහෙමය. හැබැයි මේ සියල්ල අපට ගේන රූප මාධ්‍ය ආයතන නම් ආයතන ගොන්නට අයත් හා ජන ප්‍රසාදය රටේ ප්‍රසාදය මතම යැපෙන නිසා අන්‍ය කාටත් වඩා අනාගතය දකින බවනම් පෙනේ. ඔවුන්ව තේරිම ජනතාවට සල්ලි ලෙසින් එන්නේ එහෙමය(අපිව තේරුවොත් සල්ලි තමයි). තවත් ජන මාධ්‍ය නාළිකා තුළ මේ මොහොතේ යන්නේ කට වාචාල සූකර යන්ගේ දේශපාලන වන නොවන මුකරි කතාය. සේරම හිස් බවෙන් පිරී ඇත. පොදුවේ හිතෙන්නේ මෙහෙමය, වැඩි වයසේ හෝ වයසට වැඩියෙන් බරක් ඇද්දොත් හෝ තවත් හේතුන් මත ජාතික සම්මානයකට යා හැකි. බ්ලොගක් ලියාගෙන මගේ මතය හා ඔබේ මතය සමග ගනුදෙනුවෙන් පොඩි සන්තෝෂයක් ගත හැකි. නැත්නම් සූකර සැප මුකරි කමට කියා දේශපාලනයෙන් උපයා ගත හැකි. එහෙමත් නැත්නම් මාධ්‍යයෙන් ඕවා විචාරමින් ඇලුත් වැඩසටහනක් කළ හැකි. ඉන් එහාට මේ රටේ (කාළගුණය හැර )හෙට දවස ගැන අනාවැකි එන්නේ ජෝතිෂයෙන්ම පමණි. රටක් හැටියට අප යන්නේ කොහාටද? මේ නෞකාවේ සිටින අප දැන ගතම යුතු දේ එය නොවේද? නමුත් අපි තවමත් පහුකළ මාර්ගයේ ගමන් විස්තර මිස නැව ඇතුළේ විනෝදය මිස ගොඩබහින වරාය ගැන නිශ්චයක් නැත... අපි තවම නැවේ ගැස්සීමට ඔක්කාරය කරන ආධුනිකයන්ගේ තැනය. අපේ මැදි වයසේ දීවත් ඔක්කාරය නැවතී නැව දිශානු ගත කරගන්නට හැකි වේවායි සිතමින් මේ උත්ප්‍රාසජනක මොහොතේ මගේ කුටියට මම නික්මෙන්නම්, මිතුරනි මේ අපේ රටයි.

Monday, March 20, 2017

සී පද වී පද කව් පද ගී අද .. (ලේවායකි?)

වපුල විට පැල වී
කවියන් කළ කෙතේ හී
අරුත් සරු සාර වී
පැසුනලු ගොයම් කෙත ගී

කපා ගෙට ගෙන එදා
අස්වනු සකස් කර සදා
රසට රස පිස සොදා
වින්දලු දෙනෙත් පියවසා

සහස් කල් එළඹිදා
ඒ කෙතත් මොඩිෆයි වුනා
සල්ලි කොළ පැල වුණා
රසය අති අතිරස වුණා

සිට එදා පස වැනසුනා දෝ
වතු පිටින් කෙත් වැළලුණා දෝ
බඩසරණ ගී ලියවුණා දෝ
කෙත ගි දැන් ලුණු මුදවනා දෝ

Saturday, March 18, 2017

ඇල්සයිමර් නොවේ (නිපන්දු)

කොහොමත් මේක රබර් බෝලයක් බලෙන් වතුරෙ ගිල්වුවත් ආපහු උඩට එන, එහෙම නැතිව යට යන්නෙ පලුද්දක් ඇති පන්දු විතරයි. කාටත් ඔය විදිහටයි බොහෝ දේ මතකයේ තියෙන්නෙ. 
මතකය නැතිවීම එක්තරා රෝගයක්, බලෙන් අමතක කර දැමීම නම් රෝගයක්ම නොවේ. නමුත් මතකයේ තබා ගත යුතු දේ අමතක කිරීමත් අමතක කළ යුතුදේ මතකයේ තබාගෙන හිදීමත් තවත් රෝගයක් යැයි නොකියන්නේ කොහොමද? 
හරියට, හරි වැරැද්ද පටලවා ගන්නවා වාගේ. වැරදි දේ හරි දේ හැටියටත් හරි දේ වැරදි හැටියටත් දැකීම වගේ. සමහරු අහන්නේ මේ හරි වැරැද්ද තීරණය කරන දර්ශකය මොකද්ද කියලා. එය කාලය හා අවකාශය කියලයි කියන්න වෙන්නෙ. අතීතයේ කළ කී දෑ වර්තමානයට ගෙනැවිත් තිබෙන සමස්ථ හා ශුද්ධ වටිනාකම් මොනවාද?, වර්තමානයේ හරි වැරැද්ද අනාගතයේදීත් එලෙසින්ම පැහැදිලි වනු නොඅනුමානය. පෘතුවියේ වේවා සත්ව හෝ මානව වශයෙන් වේවා ඉතිහාසයේ යුග යුග නැවත නැවත ප්‍රතිනිර්මාණය වෙන්නෙ සත්‍ය සමග හැපෙමින් බිදෙමින් නොවෙයිද? එනිසා පැහැදිලි කාරණය නම් කුමන ප්‍රපංචයක් වේවා සත්‍ය හා යුක්තිය හරි වැරැද්ද පහදා දෙන ගුරුන් මෙන්ම යහපතේ දෙමාපියන්ද වන බවයි. එබැවින් කිසිවිටකත් කිසිවෙකුටත් තමන්ගේ සැළකිය යුතු මතකය මකා දමා සත්‍යයෙන් රිංගා පලා යන්නටවත් නොසැළකිය යුතු මතකයන් මත සත්‍ය හෝ යුක්තිය ප්‍රතිනිර්මාණය කරන්නටත් අපහසු වනු ඇත්තේමය. එහිදී ඔය අවස්ථාවාදය නැමති ළාමක නිවට ගතියේ නොපිහිටා ගුණාත්මක අවංකභාවයේ සිට බැලූවිට දියයට බලහත්කාරයෙන් එබ්බවූ බොහෝ රබර් බෝල නිදහස් විය යුතුබැව් පෙනෙනු ඇත.

(මේ කතාව වඩා ඇඩ්වාන්ස් ලෙස ධාරණය කර ගැනීමට දැන් ඔබට හැකියාව ඇත. ඒ සදහා අදාළ ස්ථාන වලදී සිංහලෙන් නම් පාරිභාෂික වදන් හෝ දමිළ / ඉංග්‍රීසි සදහා පූර්ණ පරිවර්තනයක් භාවිත කරන්න. සැ.යු: කෝන්දේසි සහිතයි.)

Thursday, March 16, 2017

කොඩි තුවක්කු කෙබර ලෝ.. මැද(තාධී)

තුවක්කු කටවල්
මාර ඇඩ්වාන්ස් ලු
කට පුංචියි

සුදු කලු කොඩි
හැම ඉස්සෙන්නෙ
කොළ ගාණට

ජාතක පොත් වහන්සේ
මොන්ටිසෝරියි ලු
මැතිණිය

ගස් ගල් මල් හිතිවිලි
හරි සොදුරුයි
ඇස් පියාන

නීතිය හරි ගණන්
ගිනි පනහලු
ඒ කාලේ

ඔයා ළාමකයි
මං ප්‍රබුද්ධ
කබරයාට

තව තව
තව..

සියලු අඩබෙර රණබෙර
රබන් තාල රැප් මැද්දේ 
තාදී ගුණයෙන් යුත්තෝ 
කවදත් එක ලෙසට 
මනුදම් ගුණදම් යහදම් රැක 
අවසන සතුටින් පරලොව වඩින්නාහුය.

Sunday, March 12, 2017

ම යන්න..

පහත මාතෘකා අතරින් කැමති ම එකක් තෝරා වචන සියයකට නොඅඩු රචනාවක් ලියන්න. (මාතෘකාවට අදාළව ඔබ ලබාගන්නා අවබෝධය ම ඔබට ලැබෙන ලකුණු වේ.)

- මව් බසින් ම කොන්ද පණ නැති වීම එක්තරා රෝගයකි.
- පොදු බසයෙන් ම ගමන් යාම එක්තරා ඉංග්‍රීසියකි.
- සාධාරනීකරණයට ම හේතු හැදීම එක්තරා විහිළුවකි.
- අතීතය විකෘතියෙන් ම දකින්නා එක්තරා නිවටයෙකි.

Saturday, March 11, 2017

බෝ පැළ සේ - ඒ කාලෙත් අපි ඉන්න ඇති, අමෘතෙ බී ඇන ගන්න ඇතී (පේමතෝ ජායතී සෝ කෝ? නොහොත් අබුද්දස්ස කවි සීපද)

අනිමිස ලෝචනයෙන් ඇයිදෝ...
නොබලන්නේ
නුඹ පිට දී නැතිවද සෙවණේ උන්නේ
බෝ පැළ වාගේ මිනිස් ගුණේ
එය රැකීම අප උරුමේ.... සුහදේ

නා පැළ බෝ පැළ සේ සෙත් පා සෙත්
පරම සුවද රැදි උරුමය නිකළෙස්
කෙලෙසද කෙළෙසුන් පරදන්නේ..
අපගේ ගුණ කද පුන්
සද සේ බබළන්නේ..

වැද වැද වැද වැද
ගෙනම සිටිනවා අප
සංස්කෘතිය අපගේ රන් කද
රැකගෙන අප හැම තාක්ෂණෙන්
මේ කප් සරණින් තිරිහන් කරදේවා..

Thursday, March 9, 2017

මල් මිටක්..

ලොකු වෙන්නට පෙර හොදයි පොඩි දරුවෝ කවුරුත්
ඒ ආදරය මානසික ජැක්කුවක් නොවෙයි මිහිරක්
එය බෙදාගත යුතු සතුටක් හිරිහැර නොකර කාටත්
එපමණයි මිනිස් වරිගයා අවංක අව්‍යාජ අවදියත්

ෆීලීන් ඕසම්..

කථානායක නියෝගයට අනුව පාර්ලිමේන්තුවෙන් එළියට මන්ත්‍රීන් වඩම්මන පොලිස් නිළධාරීන් තරු පටි පදක්කම් අංකතහඩු ගලවන් එන්නේ ඒවා වැදීමෙන් මන්ත්‍රීන්ගේ ශුද්ධ කාය සීරීමට පවා ඉඩ තිබෙන බැවිනි.
ලංකාවේ පොදු මහජන සත්කාර සේවාවන් කෙතරම් මානුෂීය වන්නේද යනු ඒ ඇසුරින් වටහා ගත යුතු ගැඹුරු සත්‍යයයි.

-පාර්ලිමේන්තුව ඇසුරිනි.

Wednesday, March 8, 2017

ෆීලිං...ජොලියට

කියාදෙන්න 
චංගුමී
හරියටම
කටුව ගසන හැටි
නිලයට..

විනය කඩති
වෘද්ධයෝ
හිටගෙනම
තැන නොතැන
නිළ යට..

ගල් ගසමු
මල් නෙළා
ස්වර්ගයම
උගස් කර
නිරයට..

Sunday, March 5, 2017

💋016986910💋


ඉතිං අපිට මොකද? (සංස්කාර හා සංස්කෘති)

සහස් වරක් විවාහය?
එයාගේ පුද්ගලික අයිතිය..
රහත්වීම බුදුවීම?
ඒක එයාගේ පුද්ගලික අයිතිය..
ඉතිං අපිට මොකද?
මේක අපේ අයිතිය..

නවක වදයෙ ප්‍රශ්නයක් තියෙනවා
බාල අපචාර ප්‍රශ්නයක් නීතියේ සිදුරු ලොකුවුනොත් ඒක ප්‍රශ්නයක්
ගලන සංස්කෘතියෙ ඇද්ද ප්‍රශ්නයක්?

Friday, March 3, 2017

no victory - ලැජ්ජ නැති කතා ඇසේ. (නිදහස තකා අතිශයින්ම මානුෂීය නොවෙමි)

හාමුදුරුවො බණ කීවත්, පූජකයො දේශනා කළත්, ගුරුවරු අවවාද කළත්, අපි කතා කළත් අඩු වැඩි වශයෙන් කොයි මිනිසා ළගත් වැරදි තිබෙනවා හොද ලෙසම. මේ වැරදි වැරදි හැටියට පිළිගන්නෙ ශක්තිමත් මිනිස්සු. වැරදි දේ වැරදි බව දැනකියාගෙන කිරීමෙන් හොදක් නොවුනත් අඩුතරමෙ කළේ වැරද්දක් බවත් ප්‍රතිඵල ගැනත් තමන් දන්නවා. බොහෝසෙයින් හයහතර නොදන්නා වයසට පසු අපි වැඩකරන්නෙ තරමක් හෝ දැනගෙන, ඒවගෙ හරි වැරැද්ද ගැන උවමනා පරිදි දැන කියාගන්න හැකියාවත් ඕන තරම් නිදහස් තර්කනත් අද තිබෙනවා. එතනදි අපි ජීවත්වෙන රට ලංකාව, අපි හිතිං කොහෙ ජීවත් වුනත් පදිංචිය මෙහේ නිසා මෙහේ සංස්කෘතියකට හැඩ ගැහෙනවා. ඒක ඉරි ඇදල කොටු ගහල පෙන්නන්න බැරි වුණත් ජීවත් වෙද්දි අපි යම් පොදු මට්ටමකින් ඒකට හුරුවෙනවා. අපේ රටට ඉර පායන කෝණයේ සිට වහින වැස්ස, හැදෙන ගහකොල පවා අපේ සංස්කෘතික පරිසරය හැදෙන්න බලපානවා. ඊලගට මේකෙ ජීවත්වෙන මිනිස්සු, වටාපිටාවෙ මිනිස්සු. අල්ලපු රටෙන් ආව බුදු දහමත් පෘතුගීසි, ලන්දේසි ඉංග්‍රීසින් ගෙන් ආ රෝමානු කතෝලික, රෙපරමාදු මෙන්ම එංගලන්ත සබා විතරක් නෙවෙයි, වෙළදාමේ ආ මුස්ලිම් ප්‍රජාවගේ ඉස්ලාම් දහමත් හින්දුන්ගෙන් ආ හින්දු දහමත් ප්‍රධාන වශයෙන් අපේ සංස්කෘතියෙ යම් යම් තැන්වල ඉන්නෙ ඒ නිසා, අපේ භාෂාව අස්සෙ පවා. අපේ දෙමාපිය දූ දරු සබදකම් හැදුනෙත් ඒ සංස්කෘතියත් එක්ක. වදින්න පුදන්න පුරුදුවුනේ ඒ අනුව, ඒකෙ අපි අද විචාරන අඩුපාඩුම අපිව කාලයකදි යම් උවදුරු වලින් ආරක්ෂා කළා වෙන්නත් පුලුවන්. ඉතිං අපි සතෙක් මසට ගන්නට හම ගසන පරිද්දෙන් අපේ කැමත්ත පරිදි සංස්කෘතියේ සමස්ථ සළුපිළි මුදන්නට හැදීම විහිළුවක්, ගැලවෙන්නේ අපේ සළුපිළි. සංස්කෘතිය වෙනස් වෙන්නට කාලය සමග සමාජය ගැටිය යුතුයි. හැකි සහ ගැලපෙන වගේම කළ යුතුම දේ හැර අපි බලහත්කාර සංස්කෘතික පෙරළි වෙත ආවැඩිය නොයුතුයි. ඒ නිසා මගේ අදහස සීයලාගේ ආච්චිලාගේ පාලුව මැකීමට ඔවුන්ට දෙවන විවාහ කරදීමට කාලය මෙය නොවන බවයි අපේ රටේ. මන්ද ආච්චී සීයාගේ ඇසුර විදි යුගයක් තිබූ අපට ඔවුන්ගේ දෙවන විවාහයක් ගෙනෙන්නේ වැරදි හා අපුල හැගීමක්. මේ නිසා ඔවුන්ගෙන් අපි ඇහූ කවි කත්න්දර එක්ක ඒ මතකයම මැරෙන්න පුලුවන් චරිතත් එක්කම. ඒකයි වත්මනේ හැබෑ තත්වය. (දෙමාපියන් ගැන හොදින්ම දැනෙන්නේ දරුවන්ට. ඊලගට ඔවුන්ගේ දරුවන්ට) එවැනි හැගීමක් නොමැති පිරිසක් සමාජයේ බහුතරය වන දාට අපි අප්‍රිය කළත් ඒ දේ සිදිවේවි. ඒ නිසා අපේ කාලයේ දික්කසාද සංස්කෘතිය සේ හැත්තෑපහේ දී අති සංවේදී දෙවන ආදර විවාහ සංස්කෘතියක් ඇති නොවේවා! සමාජයට කතා කියූ වැඩිහිටියෝ ලාබ කතා නොවී අඩුතරමේ තම නම රැකගනිත්වා, තම දරුවන්වෙනුවෙන්වත්!! සමාජයම තවමත් බලාසිටී හිස නමන්නට හැබෑ ජේෂ්යින් සොයා මෙහි!!!

Tuesday, February 28, 2017

ඒක හරි සරලයි, (දසමාසේ වර්ධනය හා විකසනයේ වැදගත්කම)

පොඩි හුළගකින් ගුවනට නැගි පඩරැල් සිනාසුණේලු මහ පොළවේ මුල් ඇදි තණ පදුරු වෙත කියමින් වහසි, ඔන්න අපි නම් ඇල්ලුවා අහස..
ගලන ගගේ දිය පහරට අසුව ඔහේ ගසාගෙන යන රොඩුබොඩු සිනාසුණේලු ගං පතුළේ රැදුණු ගල් පර වෙත දොඩමින් රහස, ඔන්න දැන් අපි යන්නෙ හයිවේ..
....................................
අඩුමාසයකින් එළි බට දරුවෙකු කීවාලු හඩ හඩා සිනාසී ඇස්වලින්, ලැබුණ මට ප්‍රමෝෂන් ඉක්මණින්..
බුද්ධියක් කීවාලු පුපුරවා න්‍යෂ්ටියක්, දියුණුවේ හිණි පෙත්තෙ අපි ඉන්නෙ ලෝකයම ඇගිලි අග බටන් එක මගේ ළග, ...

Monday, February 27, 2017

............ -------------- ................

............ 
-------------- 
...............
නිරූපණය
අනුකරණය
අනුවර්තනය
පරිවර්තනය
රස භාව රංගනය...
----------------------------------

Tuesday, February 21, 2017

kiනිසි..


පමණ දැන
අමන ලෙස
ඉවසිය යුතුද නැත

අමන ලෙස
පනින රිළවුන්
කොහෙත් ඇත

ලෙසට නිවැරදි
කම් කියුවත්
ඵලක් නැත

වදින තැන
අකුණු විදුලිය
පැරද නැත

Monday, February 20, 2017

මිල්ටේරිකාරයෝ (පුංචි විකිපීඩියා පොත්)

95 දී මනුක ජයතුංගගෙන් (පාසල් මිතුරෙකි) ලබාගෙන කියවූ රසවත් පොතකි. මෑත කාලීනව අප අත්විදි 30 ස් අවුරුදු යුධ මානසිකත්වයට පෙර ලෝකයම කදවුරු කල දෙවන ලෝක යුධ සමය පාදක කොට සැකසුණු ගැටවරයන්ගේ කතාවක් වූ එය, එදා සේම මෙදාද මතකයේ පිටුවක තදකුරු සටහනක්ව තිබේ.
පොලාරිස් .. කතාවේ කථකයා ඔහුයි, මගේ මතකය නිවැරදි නම්.... අවසනාවට මෙහි රචකයා මතකයෙන් ගිලිහී ඇත. කෙසේ නමුත් ඔහුට පින් සිදුවන්නට දෙවනලෝක යුධ සමයේ ලංකාවේ ගැටවරයෙක්ව හිදින්නටත් අපට පුලුවන් විය.
සල්ලි කොලය දෙකට ඉරා වටිනාකමෙන් අඩක් භාවිත කළ හැටි, දිය යටින් ගිය අමුතු කාරය, ප්‍රතිඋපකාරයට අපේ උදවියට ලැබුණු සිගරට් පැකැට්ටු, මිනීමස් කතැයි බිය ගෙනදුන් කාපිරි සොල්දාදුවෝ, පාසැල් භූමියේ යුධ අභ්‍යාස, කොළඹ වරායට ඉහළින් අපේ ගුවන් සීමාව බිදගෙන ගිය ජපන් ගුවන් යානා.... ගැන මගේ මතකය නිවැරදි නම් මේ පොතේ සදහන්ව තිබුණාමය.
තවත් බොහෝ විස්තර එහි තිබුණි. මිල්ටේරිකාරයෝ නාමයෙන් හැදින්වූයේ මිත්‍ර පාර්ශ්විකව අප රටට පැමිණි පාර්ශ්වික හමුදා කණ්ඩාම්‍ ය. සුදු සහ කලු දෙපිරිසම ඒ අතර විය. ගම් වල කදවුරු ගසා ගත් ඔවුන් ඒ යුධ සමයේ අපේ පහර ලැබීමේ අවධානම පහවන තුරු මෙහි රැදී සිටියෝය. බෝම්බ වැටෙන විට ලී කැබැල්ලක් කටේ ගසාගෙන අගලකට පල්ලම් බහින්නට අප මුලින්ම පුරුදු වී ඇත්තේ ඒ සමයේද?
ඒ අයුරින් එකල තතු නිර්මිත කාතාවක් හා ගලපා දුන් ඒ පොත අද වෙළදපොලේ තිබෙනවාදැයි මා දන්නේ නැත. දත්ත විස්තර වලට එහා යන රසවත් කතා පොත් නිමක් නැතිව කියවන්නට ඉඩ දුන් අයටද එබදු පොත් කියවන්නට දුන් අයටද ඒ පොත් රචකයන්ටද අපි වෙළදපොළ පොත් වටිනාකම නොතකාම බොහෝ කොට ණය ගැතිය.

Sunday, February 19, 2017

ගුනේ ජය ගෙනේ..

අරමුණ අතනෑර අවසානය දක්වා සටන් කරන ගුණැති එකෙකුට වුව කණ්ඩායමක් ජයෙන් ජයට එසවිය හැකි බව මේ මොහොතේ ඕස්ට්‍රේලියාවේදී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔප්පු කර සිටියේය. ජයවේවා කොල්ලනේ..ගුනේ නම් ගුණේ..

Saturday, February 18, 2017

මට තනි නැත නුඹ නාඩන් - (තාලම්පට..)

දොන්ත බබක් කන්
පිනට බිබික් කන්
නොගෙන පදක්කන්
- ගසමි රබන් දැන්

තකිට තකිට තක
හිතට ගතට ගට
නැගිට නැගිට හිට
- වැටෙන වැටෙන විට

තැබුව තැබුව පය
ගිලුණු ගිලුණු තැන
ගොඩට ගොඩට ඇද
- ඔසව ඔසව ගෙන

බාහු බාහු සවි
පාද පාද විරි
සටනට අවි දිරි
- හරි මග නැත තනි

කැන් සර්... යූ නෝ!


සුද්දාගෙන්
පුරුද්ද ලබා
වැද්දා ට වඩා
ටිකක් සුදු අපි
ගිය දුරක්
නිදහසේ ඉදිමිලා
පලා ගෙන
කඩා ගෙන
ඉරා ගෙන
සොයා ගෙන
නිදහස A
මානවීය උත්කෘෂ්ඨ
පුළිගු අලංකාර
භ්‍රාන්තිය
හෙට ගෙදර
එළිපත්තේ
සාලයේ
කාමරේ
දෑතේ
ඇගිලි අග
නිය අග
මොළයේ
සයිලයක්
පිළිකාවක්ව
තවම
නාදුනන
සුද්දා ම
කියන
තෙක්!

Friday, February 17, 2017

A නිදහස් අධ්‍යාපනය, නොතේරේ මට නම්!

කුසගින්නෙන්ම පෙලුණෝ කෑදරයන් අබිභවා කොයි කලත් කොයි තැනත් සුගද දුගද එක ලෙස විදගත්තෝය. නමුත් සූපයන් කාණු දිගේ ගලා ගියේය. එයින් මතුවූ ගන්ධය දැනුත් නැහැපුඩු අගට දැනී නොදැනී යන තරම්ය. කෙනෙකුට සූපය අප්‍රිය කරවීමටත් එය උණුවෙන්ම කෝප්පය තුළට වැටෙන විට දැනෙන හැගුම පමණක් නොවේ, සූපය බෙදන විට පන්තිය හා අවට පරිසරය පුරා පැතිර වෙළා ගත් සූපයේ ආවේණික ගන්ධයත් හේතුවක්ම විය. තැම්බුණු බිත්තරයක් මැදි කල බනිස් ගෙඩිය, තවත් බනිසක් සමග පන්තිය පුරා බෙදී ගියේය. විටෙක බිත්තරය නරක් වී තිබුණේය. ඒ 89, 90 කාලයයි. තවත් පන්තියක් දෙකක් ඉහළට එද්දී මාසය අවසානයට ලැබුණු විවිධ ආහාර පිරවුණු ෂොපින් බෑගය හෝ දෙක, ඒ මාසික පැමිණීම සළකා කොටු කැපුණු කාඩ් පතට ලැබුණු වියළි ආහාර මල්ලයි. පන්ති නායකයින් තවත් උස මහත සිසුන් දෙතුන් දෙනෙකු කැටුව ගොස් ඔසවාගෙන පැමිණි පෙට්ටිවලින් පන්ති බාර ටීචර් බෙදා දුන් පාසැල් නිල ඇදුම් රෙදි, මේ හැම දෙයක්ම පරිණාමයෙන්, විපරිණාමයෙන් ආණ්ඩු මාරු අමාරු හරහා අද දක්වාත් එයි. පරණ පන්තිය අවසාන කරන දවස් කීපයේ ලැබුණු අලුත් පොත් ගොඩ මට තාම මතකයි. පහසුකම් ගාස්තු රු50 පාසල් සංවර්ධන මුදල රු60 හරියට පොඩි ලයිසමක් වගෙයි. ඒත් මට තවම Aනිදහස් අධ්‍යාපනය ගැන නොතේරෙයි. අපි අරගල නොකොටම නොතේරෙන අවධියේ සිට ලැබුණු දේ අදට වඩා වෙනසක් ඇති බව පමණක් මට වැටහේ. හරියට දණගසා වැදීම වාගේය. ඕන තරමට නසරානින් හිටි අපේ පන්තිවල ඔවුන් පවා ගුරුන්ට වැන්දේ භයට වඩා භක්තියෙන් යැයි අද මට සිතේ. අපට තිබුණේ ගුරු භක්තියත් සම්ප්‍රදායෙන් බර කොට දුන් භක්තියත් කැළතුණු හැගීමක්. නමුත් අපිට සිදුවූයේ නෑ ඉන් කිසි පාඩුවක්. වයසත් අද්දැකීමත් ගෙන දුනි සිතට නිදහසක්. එය උදා කරගැනීමත් අවබෝධයත් තමන් සතු දෙයක්. තවම මට නොතේරේ Aනිදහස් අධ්‍යාපනය ගැන මීට වඩා වැඩි යමක්. රස්සාවත් පරස්ථාවත් හැගෙන්නේ වෙනම කාරණයක්. අපි තවමත් Aරටක් නොව ක Cරටක් බැව් නම් දනිමි මං. Aරටවල් වල Aනිදහස් අධ්‍යාපනයන් ගැන නම කොහෙත්ම නොදනිමි මං.

Wednesday, February 15, 2017

රියන් දෙකේ වෙනසක් බුද්ධියට දුන් පාඩම 🐮


හතර රියන් සහ දෙරියන්
එකම ගමේ යහළුවන්‍ ය
මේ දෙන්නා කලක පටන්
බොහොම එක මුතුයි

එක දෙවසක් මේ දෙන්නා
දෙමංසලේ මුණ ගැහිලා
හවුලෙ වැඩක් කරගන්නට
කතිකා කෙරුවා

අපි දෙන්නා හවුල් වෙලා
සම පමණට මුදල් යොදා
හොද කිරි එළ දෙනක් ගනිමු
දෙරියන් කිව්වා

පද්‍ය පංතියේ රචකයා මතක නැතිමුත් ප්‍රාථමික පංතියක සිංහල කියවීම් පොතක තිබුණා මතකයි, ඉහත සදහන් කළේ එයින් කොටසක්. මිතුරෝ දෙදෙනෙක් හවුලේ මිලට ගත් කිරි එළදෙනක් බෙදාගත් හැටි මෙයින් කියැවෙනවා. සරල පද්‍ය පංතියක් වුවත් මෙහි යටි අරුත හරි අපූරුයි. කපටි මිතුරන් හා ගනුදෙනු ගැන පමණක් නොව සමාජය විනිවිද දැකිය හැකි අපූරු දැක්මක් මෙතුළ අන්තර්ගතයි.
පද්‍යයේ හැටියට කපටි දෙරියන් ඔවුන් විසින් මිලදී ගැනුණු කිරි එළදෙනගේ පෙනුමැති ඉදිරිපස හතරරියන් මිතුරාට දෙන්නේ කරදරකාරී පසුපස කොටසේ වගකීම තමන් බාරගන්නා බව කියමිනි.
සමාජය තුළ පහසු මිතුරු බවෙන් යන වෙළදාමත් මෙයම නොවන්නේද? දිගුකාලීන වටිනාකම යටපත් කොට තබා මතුපිට කතාවෙන් හැඩයෙන් පෙනුමෙන් අපව ගොනාට අන්දන්නට හදන්නෝ බොහෝය. දේශපාලකයන්ගේ දේශපාලනයද මෙයාකාරය. අපට ප්‍රොජෙක්ට්ස් පෙන්වා කොමිස් ගහන්නේ එහෙමය. අපට පෙන්වන රට හරක්, රජ හරක් ගේ ඉදිරිපස දිලිසෙන අං තට්ටුවට අප ආකර්ශනය වූවාට ඔවුන්ගේ පසුපස්සේ සිටින අය හරක්ගේ ගොම පොහොර කොට ගන්නේ අපේ තණකොළ, පුන්නක්කු සැපයීමේ වෙහෙසෙන් බව අප තේරුම් ගන්නවාද? සතා අදින, බදින ලණුව ඡන්ද ලෙසින් අතට දුන් පමණින් හරකා හෝ එළදෙන අපේ කියා හිතුවත් ඔවුන් අපට දී ඇත්තේ පෝෂණයේ වගකීම ඇති ඉදිරි කොටස පමණයි. එළදෙන්ගේ කිරිටික, පැටවුන් ලබන්නේ ඔවුන්, එනිසා සතාගේ පැත්තේ අයිතිය බෙදාගන්නට අරගල කරනවාට වඩා වටින්නේ සත්වයාගේ සමස්ථ වගකීම බෙදාගැනීම බව හයේ හතේ පංතියේ සිංහල පාඩම් පොතේ මේ පද්‍ය පංතිය අපට කියා නොදෙන්නේද?
(අමතර කතාවක්ද මෙතැනදි මතක්වේ. පවුලද හවුලකි. පවුල් වුනු අයගේ පවුල් වගකීමත් එක් අයෙකුගේ කරපිට පමණක් තැබිය හැක්කක්ද? හවුලේ කැදත් එපා යැයි කියන්නට හේතු ඇතත්, හවුලක් නැත්නම් පැවැත්මක් නැතැයි කියන්නටද ඒඅනුව හේතු ඇත. ඒ අමතර කතාවකි)

නම අමතක නිසා මෙහි කතෘ සදහන් කිරීමට නොහැකිවීමේ මතක අඩුව කමන්න. හැකිනම් මතකයේ අඩුව නිවැරදිව පුරවන්න.

Tuesday, February 14, 2017

ලස්සණයි ලාබයි (💋)


තොත්තු කඩ
උම්මා කඩ
කඩින් කඩ
සී සී කඩ
හැපි බර්ත් ඩේ
ඔබට අද

Monday, February 13, 2017

කට වහරට + වහර ගලපා උගත්තෙමි යමක්.. (🚨)


නැද්ද මොකුත්
ඇවිලිලා
අඩුගානෙ ගිනිපුපුරක්
සමහරෙකුට ඕනෑමයි
පිදුරු දාන්න

ඇද්ද දියත්තක්
බොරවෙලා
අඩුගානෙ මඩකඩිත්තක්
ගොඩක් දෙනා ලෑස්තියි
මාළු බාන්න

ගින්නටත් ආ වඩා
මාළුවොත් පලහලා
දුදනන්ගෙ කන් විදින තවත් අය
ඉන්නවා
බාපු මාළුත් උස්සලා
(කන්නෙ ගින්නෙන් පුස්සලා)

Saturday, February 11, 2017

මෙදා නිශ්ශංකමලල ට (👑)


 එදා දුටුගැමුණු නම වන කලා
කලින්දා පරක්‍රමබාහුට වින කලා
මෙදා නිශ්ශංකමලලව පරදලා
දා ගන්නවාමයි ඵලකෙට නම
ගලවලා හරි උස්සලා

මුල්ගල් ගලවලා, පොදු තැන් හාරලා, ඵලකමයි බැස්සිය යුතු, සිරිමතුන් සමරලා... යන්න අතිශයම වැදගති. කොතරම්ද යත් මහජන මුදලින් මහජන සේවයේදී නම නම් ඵලක වලම විය යුතුයැ.

Friday, February 10, 2017

මෙසේ කීම!

2017/02/10 දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා සීමිත ඕවර් අවසන් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගන්නවා, මේ මගේ අවසන් අනාවැකිය, 😀 අනාවැකිය වැරදුනොත් මම ආයෙ අනාවැකි කියන්නෙ නෑ.😷

අනාගත වක්තෲ...

රත්තරන් බිමක උන් බෑ කියති (🐮)


රන්බිම රන්මය
ගොන්නුන් ගොන්මය
ඉර හද එමමය
මේ බිම මවමය

රන්තරන් බිමක වුව ගොනුන් උම්බෑ කියනු හැර මක්කොරන්නද? ඉර හද නොවෙනස් ලෙසින්ම මෙහි උපන්නෝ මෙමවට අයිතිය, ගොනුන්, එළුවෝ, මිනිස්සු වේවා.

සයිටම් ද? සිස්ටම්ද? (🐸)


පුරවැසි ඉසෙඩ් අගය ඉස්තරම්
ලැබුණාද පදක්කමක් රත්තරන්
දුන්නාද නිස්සන්ට ඇගයුමක්
මගුලක් කතා කරති හිරකරන්

යහපත් පුරවැසියෙකුට නිසි  වටිනාකමක් නොදෙන ජරපත් සමාජයක පෝරුමස්තකයේදී මනාළියගේ කන්‍යාභාවය ගැන කතාකරත්.

මොඩන් ලයිෆ් (🚡)


පුප්පන ලද මල්
ඉද්දන ලද පළතුරු
ආලේපිත ශරීර
කේත(1 0) මත ජීවිත

විස කමින් විස බොමින් විසෙන් විස වඩමින් විස්මිතව විස්මයෙන් රසවිදිමු ජීවිතය.

Saturday, February 4, 2017

පුණ්‍යවන්තය, භාග්‍යවන්තය, මිනිස් සත්තු!

අපට, ලොවට මේ නිදහස හැදූ වැඩූ කාටත් මිනිසත්කමේ නාමයෙන් පින්! එය අර්ථවත් කළ, පෝෂණය කළ හැමටත් එපින් ම වේවා...! තුති මිනිසුනේ!

නිදහසේ මදහස

සාපේක්ෂ ද?
නිරපේක්ෂ ද?
හිතේ?
ගතේ?
පැලේ?
පිලේ?
වීදියේ?
කම් හලේ?
හෝටලේ?
ගමේ, නගරයේ, රටේ, කළාපයේ, ලෝකයේ? විශ්වයේ?
ප්‍රශ්නයක්ද?
පිළිතුරක්ද?
අරගලයක්ද?
කාගෙන්ද?
කාටද?
මිනිසාටද?
මිනිසාගෙන්ද?
අයිතිකරු?
තීරකයා?
..............?
ආරම්භය?
අවසානය?
කෙළවර?
ජාතකය?

ප්‍රශ්න සියල්ල හමුවේ නිදහසේ මදහස පමණක් ම දිස්විය.

Friday, February 3, 2017

එක්වෙන්න, එසවෙන්න, ධජයක සෙවණට එන්න


රටේ හැම නියෝජනයම එක් ධජයක් තුළ කැටි කරන්න පුලුවන් වුනු අපිට බැරි මොනවද? හැම ලාංජනයකම සියලු දත්තයන් අන්තර්ගත කරනවා. හැම දෙනාම, දෙයක්ම අල්ලගෙන යන්න හදන ගතියක් තියෙනවා. අන්න ඒ ගතිය හිත් ඇතුළට දමාගත්ත දවසට ලාංජන දිළිසේවි. ධජ ළෙලදේවි. එදාට මිනිස්සු රට වෙනුවෙන් අපි කළ යුතු දේ ගැන කතාකරාවි... විවේච්නයට, විචාරයට අමතරව මම රට වෙනුවෙන් කළ මෙහෙවර කුමක්ද? මට කළ හැකිදේ මොනවාද? කළ යුතුදේ කවරක්ද? අද මම මගෙන්ම ප්‍රශ්න කරමි. 

මා මෙතෙක් කළ කී දෙයින් රටේ පුරවැසි කිසිවෙකුට හෝ අගතියක් වීද, සුගතියක් වීද... මට අගතියක් වුවත් කිසිවෙකුට නම් අගතියක් නොවූ බව මට කිව හැකිය, එසේ නම් මටත් රට වැසි කිසිවෙකුටත් අගතිදායක නොවන වැඩසටහක් තුළ රට වෙනුවෙන් මටත් ඔබටත් යමක් කළ හැකිය. එය කළ යුතුය. රට වෙනුවෙන් අප හැමගේ යුතුකම නම් එයය.

අප කාගෙත් අරමුණ ඉපදුණු රට නැගුම නම් ඔබේත් මගේත් දියුණුව යනු එයම නොවේද? එබැවින් රට තුළ කිසිවෙකුට පැරදීමක් හෝ ජයක් තිබිය හැකිද? එසේ නම් එය රට පිළිබද නොව පුද්ගලික වූවක් විය යුතුය. එබදු පුද්ගලිකත්වයන් රටේ දියුණුව උදෙසාම දිය කරමු. කැප වෙමු. ධජය වෙමු. එසවෙමු. දිනකට නොව හැම දිනටම.

Thursday, February 2, 2017

ඩිප්ස් 💪 (69 ට පෙර වදනක්)


35, 40
අභිබවා යද්දී ම
දැනුණි
රට නැගුමේ
අපහසුව
ඒ නිසා
තව ගහන්න
ඩිප්ස්
වැටි
වැටී
දිනක නැගිටීවි
ඔබත්
මමත්

Friday, January 27, 2017

අවි - බර අවි

ප්‍රඥාව මිනිසෙකු සතු අද්විතීය ශක්තිය නොහොත් බලයයි. යුක්තිය ඔහුගේ අසිපතයි. සත්‍යය ඔහුගේ පළිහයි. 😀 පෙර පිනෙන් රජවූ බොහෝ අය පවා පසුව ගර්භාවට පත්වූයේ ඔවුන් සතුව එවැනි බලයක්, අසිපතක්, පළිහක් නොතිබූ නිසා යැයි මට සිතේ.

Thursday, January 26, 2017

ගොරක=/දඩමස්

ඇත්තටම ලංකාවේ කිසියම්ම තැනකදී බලපුලුවන්කාරකම රහිතව සත්‍යයට යම් තැනක් ලැබෙන්නේ නම් ඒ සත්‍යය අලෙවි කරන්නට පුලුවන් තැනක පමණය. 😆

Wednesday, January 25, 2017

සියඹලා

ජඩ වැඩ වෙනුවෙන් අදින දඩමසට වඩා හරි වැඩ වෙනුවෙන් ගෙනෙන සියඹලා පොඩ්ඩ අවසන් ඵලය රසවත් කරයි. 😄

Monday, January 23, 2017

අපි හරි පොහොසත් බ්‍රෝ 😅


සල්ලි පිටට පෙනෙන්නෙ නැතිනම්, පිට ඔපේට මුකුත්ම නැත්නම් තමන්ට බොහෝ සෙයින් උපකාරී වූ කෙනෙක් පවා පිරිසක් ඉදිරියේ නිසි  ගෞරවයෙන් හදුන්වාදෙන්න බැරි තරම්, එහෙම හදුන්වාදෙන්න කොන්දක් නැති තරම් අපි හරිම පොහොසත් සහෝ, එන්න එන්නම අපි පොහොසත්.

නිහඩතාවය, ෂ්ෂ්........!


පැතිරෙන තෙක් සුවද මලේ එපා
සිඹින්න
දළු දමනා තුරු ගහකොළ බලා
හිදින්න
කලු සුදු මතකය ඇතුළෙන් වර්ණ
දකින්න
දෑස පියන් මනසින් ලෝකය
නරඹන්න

එන්න

වචන කරපු සිතිවිලි දසතම
විසිරෙන්න
හුස්ම පොදක් මුසුකර පාවෙන්න
හරින්න
භවංගයේ හැංගුණු රශ්මිය
පැතිරෙන්න
දෑස පියා අරමුණටම සිත
යොදවන්න

එන්න

වේදනාව නාද නොදී විසිරුවා
තබා
කල්පනාව තමා පේන මානයේ
නමා
චිත්ත චිත්ත පීරි ගගා මුවහත
තබලා
ජීවනයේ නිවන දකිමු සැනසුම
සොයලා

පරිසරේ.....


Saturday, January 21, 2017

ඇත්තම වෙනස් මිනිස්සු වෙනුවෙන්! (ස්ව ශක්තියෙන් අලුතෙන්ම නැගිටිමු දීනයන් පරදවා)

තවමත් මේ රටේ ස්වාධීන චින්තනයක් ඇති නිර්මාණශීලී මිනිසුන් වෙනුවෙන් කිසිම හඩක් නැහැ. රටම හැබෑ සංවර්ධනයක් කරා ඔසවන්න පුලුවන් විවිධ ක්ෂේත්‍ර වල සිටින හැබෑ නිර්මාණශීලින්ට නැගිටින්නට සැබෑ අතදීමක් කරන කිසිවෙක් නෑ. සාහිත්‍ය, කලාව, පත පොත, නව නිර්මාණ.. කාර්මික, යාන්ත්‍රික, තාන්ත්‍රික... තවත් කොපමණ දේ තිබෙනවද? සමහර විට ඔවුනුත් අමුතු හැසිරීමක් පෙන්නුව නම්, අමුතු කැමැත්තක් පෙන්නුව නම් ඔවුන්ටත් පිළිගැනීමක් දෙන්න අත්දෙකම අල්ලගන්න පිරිසක් ඉදීවි. එහෙම මගුල් කතා කරකර රබන් ගහන රටක් මේක, වගකීම සපුරා දේශපාලකයන්ගේ නොවේ. හැමදාම දේසපාලුවන්ට බනිමින් පිල් බෙදී ආත්මාර්ථයෙන් නන් දොඩන දීන ජනතාවගේ. තමන්ගේ හොදකම සිගන තුට්ටුවට පාවා දෙමින් එක එකා පසුපස ගොස් හදාගන්නා බඩවියතක් මත යැපෙමින් ඒ වෙත ආවඩන උගතුන්ගේ, බුද්ධියක් තිබුණත් අලුත් රැළිවලම එල්ලී ආතල් ගන්නා තිරිහන් වැඩිහිටියන්ගේ, ඔවුන්ගෙ ගෝල බාලයන්ගෙ.
මෙහෙව් ආටක නාටක දෙපලු වෙනතෙක් මෙහෙ පන්නරේ රජ ආතල් පමණක් වේවි. ආයෙත් දියසෙන් ඇවිත් මෙහේ අපේම කේතුමතියක් හදාවි, බලාගෙන ඉන්න එතකන්.
නිර්මාණශීලි, අවංක, කටු කන්නැති, රැළි වලට බය නැති ස්වාධීනව හිතන මිනිසුනේ එක්වෙයල්ලා, තම ශක්‍යතාවයන් උර ගාන්නට තමන්ගේම කරළියක.
ඉවසුවා ඇති දැන් එළැඹ ඇත්තේ ඔබේ නැගිටීමේ කාලයයි. ඉතිං අපි නැගිටිමු, දීන කමත් බොරුවත් පරදවා! ඔබ සත්‍යවාදී නම් අවංක නම් ඔබ සතු ශක්තිය කිසිවෙකුටත් මැඩිය නොහැකියි.
සියලු දේශපාලකයන් බල්ලට දමන්න. නීතියත් සම්ප්‍රදායත් තේරුම් ගන්න, යුක්තිගරුකව නිර්භයව ඔබේ කරළිය පෙරළන්න අලුතෙන්ම.