Showing posts with label පාර්ස්වර්ඩ්. Show all posts
Showing posts with label පාර්ස්වර්ඩ්. Show all posts

Saturday, August 1, 2015

රවුමට - වට රවුමෙන් එහා ගමනක්!

ඕනෑම ගමනක ඉදිරියට යාමේදී කෙළින් මාර්ගය සේම වමට දකුණට හරවන්නට සිදුවීම ස්වභාවයකි. කෙළින්ම පාරක වුව තැනකදී මේ හැරවීම කරන්නට සිදුවන්නේ අවශ්‍ය ඉලක්කය පදනම් කර ගනිමිනි. රටක දේශපාලනයේ වුව වමට දකුණට හැරෙවෙන්නට උවමනා අවස්ථා නැතිද? එකම පැත්තට පමණක් හරවා යන්නට යන ගමනක් යැවෙන්නේ වමාවර්ථ හෝ දක්ෂිණාවර්ථ රවුමකම පමණකි. කෙසේ වෙතත් දකුණට සිග්නල් දමා වමට හැරවීම කෙසේවෙතත් වමට සිග්නල් දමා දකුණට හැරවීම නම් දේශපාලනයේ අපූරුවට සිද්දවේ. නමුත් සිදුවිය යුත්තේ අවැසි තැන වමටනම් වමට හැරවීමත් දකුණට නම් දකුණට හැරවීමත් අවසන ඉලක්කය වෙත යාමත් නොවෙද? ඉලක්කයකුත් නැතිව පසෙකට සිග්නල් දමමින් තවත් පසෙකට ‍හරවමින් වෙට්ටු දමමින් යන්න හදන ගමනේ අප රට බෙ‍ාහෝ කොට ගියේ වට රවුමකමය. රවුමේ රස්තියාදුවේදී වාහනයේ හිද බෑන් චූන් ගැහීම රටේ ආවේණික ලක්ෂණයක් සේ වැඩුණු බව ‍පෙනේ. බෑන්චූන් එකෙන් ෆෝචූන් එකක් පැතූ බවද පෙනේ. ඉදහිට ගිය කෙළින් ගමන හැර වැඩි වශයෙන් අප ග‍ොස් ඇත්තේ වමට දකුණට හරවන්නට ගොස් ගැසූ රවුම් පමණි. අපේ ප්‍රාර්ථනය නම් නිසි තැන නිසි විට වමට දකුණට හරවා මාර්ගය තෝරා ගනිමින් නියමිත ඉලක්කය සාක්ෂාත් කරගන්නා රටකි. මේ සියල්ලට පළමුව රටකට ඉලක්කයක් තිබිය යුතුය. ජනතාවට ඒ ගැන හැගීමක් තිබිය යුතුය. සියල්ල සරලත්වයත් සංකීර්ණත්වයත් තුළ දෝලනය වන මෙවන් සමයක එවන් හැගීම් වැඩේවා!

Wednesday, July 8, 2015

:) හුණු වටය සහ දේශමාමකත්වය

වැදූ මව අැදගනී දරුවා වැරෙන්

තම හිමිකම් පතා

රිදුමන් කිසිත් නොතකා

දරුවාගේ

හැදූ මව නොඇද දරුවා සැරෙන්

හිමිකම් අතහරී

රිදුමන් ගැන සිත සිතා

දරුවාගේ

ජාතිය ආගම හා කුල සිරිත් ගෙන කරින්

හිමිකම් කිය කියා

රිදුමන් කිසිත් නොතකා

දනන්ගේ

කවුරුද අදින්ගේ රට දෙපසට වැරෙන්

රක්ෂා පිණිස

තම කුණු මඩි


අසඩක් විසදු දෙස බලාවත් - ගනු විනිසුරුගෙ වෙස් බිදක්වත්

අදුනනු පිණිස හැබෑවට - දෑ හිතකාමියෝ කවුරුන් කියා !!! :)

Saturday, July 4, 2015

නිර්භීත කොන්දක් ඇති ලාංකිකයෝ වෙමු, ජැක්කෝ, කුක්කෝ නොවෙමු.

නම්ගම් නිසා කකුල් වෙව්ලන මැර දේශපාලන භීතිකාවලට පයින් ගහමු, වමෙන් දකුණෙන් දෙකෙන්ම  -

 1අමන තකතීරු අධාර්මික අශිෂ්ට ජඩ පාදඩ නින්දිත විලියක් නැති දේශපාලනය ව්‍යවස්ථාවට නීතියට රීතියට අනුමත දෙයක් වෙන්නැති අපේ රටේ? නැතිනම් 
2 මැර තක්කඩි දේශපාලන කුපාඩින්ට අපි බය ඇති අපේ රටේ?  නැතිනම්
3 අපිත් ‍එහෙම අය වෙන්නැති අපේ රටේ?

අනිත් හැම වරදක් කරන මිනිස්සුන්ටම කොතැනින් හරි දඩුවමක් තියෙද්දි සියයට සියයක වරප්‍රසාද ලත් මේ නරුම පංති පැළැන්තිය නඩත්තු කරන්නේ අහවල් කරුමයකටද අපේ රටේ?

හොද මිනිහෙකුට කතිරය ගසා ජඩයින්ට පයින් ගසමු කතිර බලෙන් මෙදා සරේ :)

Friday, July 3, 2015

මනඋස් ටික මැති සබයේ ඉන්දන්

රජ හොරු හිරගෙට හිරගෙට දක්කන්
දෙයියන් පුදබිම් වෙත වැඩ වස්සන්
යක්කුන් සොහොනට සොහොනට පන්නන්
මනඋස් ටික මැති සබයේ ඉන්දන්

අපෙ අප්පච්චිලා ලොකුම ලොකු මිනිස්සු නොවුනට හොරා කෑවෙවත් පගා ගැහුවෙවත් අපි වෙනුවෙන් හොර පාරවල් හැදුවේවත් නැත. තවත් බොහෝ හේතූන් සමග ඔවුන් අපට මහ අප්පච්චිලා වූයේ කතාවෙන් නොව ක්‍රියාවෙනි. එහෙව් දහසකුත් අප්පච්චිලාට පිං පිණිස දැන දැනම ‍නොදැනී වැරදි වන දේශපාලකයින් මැති සබයට නොයවමු. එමගින් මහ ජනයාට මෙන්ම ඔවුන්ටද වනු ඇත්තේ යහපතක්මය. නිවැරදි දේ වෙනුවෙන් ජය පතමු.

Thursday, June 25, 2015

අන්ලොක්

එ් කී ගෙන්

මේ කී ගෙන්

අර කී ගෙන්

හර කී යක් ඇනවත්

නොඇරුණු 

ජීවිතයේ සොදුරු දොරටුව

තට්ටු කරන සද හැරුණි

එ් කා ගෙන්

මේ කා ගෙන්

අර කා ගෙන්

හර කා දක්වා දක්වාත්

නොලද ජීවින ගමන් පරිචය

තනියෙන්ම ලද හැකිවී

දසතම පෙරළා 

සෙවූමුත් නොලැබුණු

කණ්ණාඩිය ඇස්

නළලේ රැදවිණි

හැල්මේ ඇවිද යන 

ගමන නවතා 

බලන් පිටුපස

විශ්වාසයි

ජීවිතය ඇත 

නිසැකව ඔතැන.