Saturday, October 24, 2020

අසරණ බණ

පරම පැතුම පර වී යන දා

නෙළුම් පිපේවිද ගොහොරු මඩේ

නිල් මහනෙල් සරදම් කර කීවා

හෙළ බිම ජාතික කතන්දරේ

අහිංසක කැලෑ මල් වන මැද පිපි

බුදුන් වඳින්නට පින් කර නැතුවා

අසා ඇති එකම බණ පද බිඳකින්

පිබිදුණු ඒ මල් නිවනක් පැතුවා

වසන්තය හඬගසා එන්නටත් කලින්

කවුදෝ කැලේට ගිනි ලෑවේ

වැවට අයිති දාගැබ් හෙවණැල්ලේ නෙළුම නෙළා ලංසුවට ගියේ ...

Thursday, October 22, 2020

ආවඩා..

කළු කපුටා සුදු වන තුරු

මෝල් ගහේ දළු ලන තුරු

කොරෝනා සමාජ ගතවන තුරු 

එක්සිය විස්සට දෙසිය විස්සක් හැමට ආයු බෝ වේවා!

කොරනා කෙළිය

 


වටහා ගතිමි

රටේ ජාතිකත්වය පිළිබඳ උත්තරීතර පිරිසිදු ප්‍රබල මතවාදය ද්විත්ව පුරවැසි භාවයක් දැරූවෙකු ඉදිරියේ වුව කොතරම් නම් අපිරිසිදුද දුර්වලද, (පැහැදිලි කිරීම පිළිබඳ ස්තුතිය, අතිගරු තැන්පත් විධායක සේනාධිනායක ජනාධිපතිතුමාණන් සතුය)

Sunday, October 18, 2020

මාතෘකාව

 සිනහවත් විප්ලවයත් එක්ව එනදා හයෙන් පහක් ලාංකිකයෝ එතැනට එනු ඇත.. එතෙක්!😀

Wednesday, October 14, 2020

කරුණාවෙන් සැනසෙන්න!


පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියළු මහා දේශපාලකයෝ තම නොහැකියාවන් ප්‍රදර්ශනය කර අවසන්, අවසන් වශයෙන් මහජනතාවද සිය නොහැකියාව ප්‍රදර්ශනය කොට අවසන්, තවත් අවසානයක් දකින්නට ඇත්නම් ඒ සමස්ථ රටකම අවසානය පමණයි. මේ මොහොතේ සිට හෝ තම තම වගකීමේ බැරෑරුම් කම වටහාගෙන සියලු ලාංකිකයෝ දේශපාලන, වෘත්තීමය, ජාතික හෝ ආගමික වාසි සෙවීමෙන්, පාරම්බෑමෙන්, පම්පෝරි හෝ ලොකුකම් කියවීමෙන් ඉවත්වී සබුද්ධිකව ක්‍රියා නොකළ හොත් රටම කාලක්‍රියා කරන දවස වැඩි ඈතක නොවන බව මහා වියතුන් නොවන අපගේ අදහසයි. එබැවින් මේ මොහොතේ සොබාදම් දෙවියන් ඉඟියෙන් අපවෙත නිකුත් කොට ඇති සියලු චක්‍රලේඛ වලට එකඟව කටයුතු කිරීම අපේ උන්නතිය පිණිස හේතු වනු ඇති.