Wednesday, October 14, 2020

කරුණාවෙන් සැනසෙන්න!


පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියළු මහා දේශපාලකයෝ තම නොහැකියාවන් ප්‍රදර්ශනය කර අවසන්, අවසන් වශයෙන් මහජනතාවද සිය නොහැකියාව ප්‍රදර්ශනය කොට අවසන්, තවත් අවසානයක් දකින්නට ඇත්නම් ඒ සමස්ථ රටකම අවසානය පමණයි. මේ මොහොතේ සිට හෝ තම තම වගකීමේ බැරෑරුම් කම වටහාගෙන සියලු ලාංකිකයෝ දේශපාලන, වෘත්තීමය, ජාතික හෝ ආගමික වාසි සෙවීමෙන්, පාරම්බෑමෙන්, පම්පෝරි හෝ ලොකුකම් කියවීමෙන් ඉවත්වී සබුද්ධිකව ක්‍රියා නොකළ හොත් රටම කාලක්‍රියා කරන දවස වැඩි ඈතක නොවන බව මහා වියතුන් නොවන අපගේ අදහසයි. එබැවින් මේ මොහොතේ සොබාදම් දෙවියන් ඉඟියෙන් අපවෙත නිකුත් කොට ඇති සියලු චක්‍රලේඛ වලට එකඟව කටයුතු කිරීම අපේ උන්නතිය පිණිස හේතු වනු ඇති.

No comments: