Monday, August 24, 2026
Saturday, August 22, 2026
Thursday, August 20, 2026
Monday, August 17, 2026
Sunday, August 16, 2026
Saturday, August 15, 2026
Friday, August 14, 2026
Thursday, August 13, 2026
Wednesday, August 12, 2026
Monday, August 10, 2026
Saturday, August 8, 2026
Wednesday, August 5, 2026
Monday, August 3, 2026
Saturday, August 1, 2026
කෝටියකට වැඩි ආඬි - දෙකෝටියකටත් වැඩිද?
නන්දසේන රත්නපාල මහඇඳුරානන් තරම්ම යාචකයෙකු සේ මහමග වැටී යදිමින් පර්යේෂණයේ යෙදෙන්නට අසමත් වූ නමුඳු දශකයකට තරමක් අඩු මුත් සැළකිය යුතු කලක් අතිශය සාමාන්‍ය මට්ටමේ පුරවැසියාගේ තැන සැබෑ ලෙස රැඳෙමින් ගමේ බිමේ සියලු ආයතන සමඟින් ගනුදෙනු කරන්නට මට සැළසුණු හේතු සාධක සැබවින්ම පර්යේෂණ හරස් කඩක්ම විය.
මම පොලිසියට ගියෙමි. ප්‍රාදේශීය සභාවට ගියෙමි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියෙමි. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතන වෙත ගියෙමි. ඒ ආයතන පද්ධතියේ ඉහළ මට්ටම් කරා යොමුවීමි. සබාපතිවරු, ලේකම්වරු, කොමසාරිස්වරු, ආණ්ඩුකාරවරු, ජනපති මෙන්ම අධිකරණයේදී පිහිට පැතීමි. විශාල කාලයක් කැප කළෙමි. ප්‍රති රූපයෙන් තොර පුරවැසි සටන්කරුවෙක් වුනෙමි.
තවමත් ඒ කාර්යයේ නියැළෙමින් සිටින බැවින් එහිදී සහභාගීත්ව නිරීක්ෂණය තුළ දුටු පැහැදිලි සත්‍යාපනයන් කිහිපයක් පමණක් මෙලෙස සටහන් කරමි.
පහත කරුණු යටතේ තවදුරටත් ඒ පිළිබඳ සංකීර්ණ තත්වයන් සරලව දැක්විය හැකිය.
1. පඩියට වැඩ කිරීම
2. පීඩනයන්ගෙන් පලායාම
3. ලාභය උදෙසා එක් රැස් වීම
4. ධනාත්මක සංකල්ප වලට ඇති බිය
5. වගකීම් යුතුකම් සහ පොදු කාර්ය සම්බන්ධයෙන් වන ආඬි හත්දෙනාගේ කැඳ හැලියේ න්‍යාය
6. ඉහත කාරණා සියල්ල පවතින දේශපාලන තත්ත්වයන් සමඟ වැල යන අතට මැස්ස නැමති මහා නියාමයක් තුළ බල පැවැත්වෙන බව
මට මුණ ගැසුණු ගම් මට්ටමේ පවතින සියලු රාජ්‍ය ආයතන වල නිලධාරීන් සහ සේවකයන් අති බහුතරයක් එනම් තුනෙන් දෙකක් පමණම ඉහත දැක්වූ 1, 2, 3, 4, 5, 6 සියලු කාරණා සියල්ලට සපුරා යටත් ස්වභාවයෙන් කටයුතු කළ අයයැයි කීම අතිශයෝක්තියක් නොවේ. විශේෂය වන්නේ ඔවුන්ගෙන් අඇතැමෙක් කැමැත්තෙන් කරනවාට වඩා පැවැත්ම හා 'ඉතිං අපට කළ හැක්කක් නැත' යන පදනමෙන් කටයුතු කරන බව ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුළින්ම හෙළිදරව් කිරීමයි.
මා ඔවුන් වෙත රැගෙන ගිය ගැටලු, යෝජනා සියල්ල යහපත් නීති ගරුක පුරවැසියාගේ භූමිකාව තුළින් මතු වූ ඒවා වූ නමුත් ඒ උදෙසා ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ ඒ භූමිකාව තුළ සිට මා කටයුතු කරන බව තේරුම් ගත් හෝ පිළිගත් බවක් ඇඟවීම පමණි. ඉන් එහා ක්‍රියාකාරිත්වය හුදු අජීවී කල් ඉකුත් වූ යාන්ත්‍රිකත්වයකි.
ඒ අජීවී තත්වය සජීවී කර ගන්නට හිසට ටොක්කක් හෝ කනට පහරක් ගැසිය යුතුවිය. ඒ පහරදීම් තුළ අජීවී තත්වය යම් සිහියට පත්වන බවත් ඒ ප්‍රතිචාර තත්වයේ වෙනස විශේෂයෙන්ම මෑත අවුරුදු දෙකක සීමා තුළ වීමත් විශේෂිතය. ඉන් පෙර සිදුවූයේ අජීවී යාන්ත්‍රිකත්වයෙන් පෙරළා පහර දීම පමණි. ඒ අවදියේ පුරවැසි භූමිකාව යනු හුදු අපහාසයෙන් රස විඳින එකක්ම විය.
මේ මෑත වෙනසට හේතු වූයේ කාලීන සමාජ දේශපාලන හැසිරීම සමඟ වැල යන අතට මැස්ස ලෙස මා නම් කළ කාරණා අංක 6 යේ පිළිඹිබුවයි.
ඉහත කාරණා 1 සිට 6 දක්වා ම මට මුණ ගැසුණු පුරවැසියාගේ ආකල්ප සංකල්ප සහ භාවිතය තුළද හුදු විවේචනයට එහා ගිය අවස්ථා තිබුණේ අහඹු සහ අවිඥානිකව මතු වූ තත්වයන් හැටියට පමණි.
අප ජනමාධ්‍යයේ දකින අවදිමත් පුරවැසි භූමිකා කිසිවක් මා බිමේ දුටුවේ නැත. ඒවායේ යම් යම් සෙවණැලි පමණක්වත් දකින්නට ලැබුණාදැයි සැක සහිත විය.
දේශපාලකයාගේ භූමිකාව ඥාති හිත මිත්‍ර පාක්ෂික ස්වභාවයෙන් සපුරා මිදීමක් අදටත් තහවුරු කොට නොදකිමි.
ගලන ගඟකින් අතැඟිල්ලක් තෙමූ පමණට වන මේ සංක්ෂිප්තයේ දිගුව නොහොත් සමස්ථය ඉහත සරලව දැක් වූ සිද්ධාන්ත විසින් ඉතා භයානක සීමාවක් දක්වා ගෙන යන සමාජය පිළිබඳ හොඳම හරස්කඩයි.
ඒ විග්‍රහය තුළ පුරවැසියාගේ රාජ්‍ය නිලධාරියාගේ සහ බලධාරියාගේ නිවැරදි අවංක අවබෝධයෙන් පණ ගැනෙන සැබෑ ශක්තියකින් බල ගැන්වීමක් නොලබන ඕනෑම වැඩපිළිවෙළක් හෝ සංවර්ධනය උදෙසා පිවිසෙන කුමන මාර්ගයත් එකම වට රවුමක් කර ගැනෙන ආකාරය පැහැදිලි වෙයි.
ඉතා සරල ජන වරෙන් කීවොත් එය ආඬි හත්දෙනාගේ කැඳ හැලියකි.
ගමද නගරයද වෙනසකින් තොරව සමස්ථ වශයෙන් අප එකතැන ලැගීමේ රස රහස, කුප්‍රකට සත්‍ය එයයි. මේ ඛේදවාචකය සුලුපටු නැත. කලින් කලට සමාජය ඇවිළෙමින් ගිනිබත් කිරීමට මෙයින් සපයා ඇති පිටු බලය විමසීමෙන් එය දත හැකිය. ආඬි ගණනින් කොපමණ විය හැකිදැයි එවිට වටහා ගත හැකිය.
මෙතුළ නිර්මාණය වන බරපතළම ව්‍යසනය නම් අවදිමත් බවින් යුතු සබුද්ධික පුරවැසියා දැවැන්තවූ ශාරිරික මානසික යෝග්‍යතාවයෙන් යුතු භෞතික සාමාජීය ආර්ථික ශක්තියක් නොමැත්තෙක් විට ඔහු කැඳහැලිය සැබෑවට කැඳ හැලියක් ලෙස නිර්මාණය කෙරෙන තුරු මුල්ලකට වී නිදිවැද සිටිය යුතු තත්වයක් නිර්මාණය වීමයි. නැතහොත් ඔහුට එම ස්ථානයෙන් පලා ගොස් තමාට සුදුසු පරිසරයක් වෙත සංක්‍රමණය වීමට සිදුවෙයි.
මාගේ විග්‍රහය අනුව නම් බොහෝ කොට බොහෝ දෙනා කාරණා 6.ට අනුගත වීමෙන් තම පැවැත්ම තහවුරු කර ගන්නවා හැරුණු කොට කැඳ හැලියේ කැඳ වෙනුවෙන් සහල් අතැතිව සටන් නොකරති.
සියයකින් කෙනෙක් දෙන්නක් අවංක දෑතකින් දමන සහල් මිට උණු වතුර හැලියට නොසෑහෙතත් අවම උණු වතුර බොන මිනිහාට දශමයෙන් යමක් එක් කරනු විනා කිසිවිටෙකත් සාධනීය විකල්පයක් බවට පත් වන ශක්තියක් නොවේ.
අපතේ හැරීම් නොසළකා හැරීම් නොතකා හැරීම් ගැරහීම් සියල්ල මැද අදටත් ජාතියකට රටකට පණ පොවන කැඳ බිඳ එවැනි වීම රටේ ජනයාගේ සැබෑ පොහොසත්කම කොතනද යන්න පෙන්වයි. ලොවක් ඉදිරියේ අප විලිවසා ගන්නා අමුඩ කෙටියද එයමයි.
Friday, July 31, 2026
Wednesday, July 29, 2026
Tuesday, July 28, 2026
Monday, July 27, 2026
Sunday, July 26, 2026
Saturday, July 25, 2026
Friday, July 24, 2026
Thursday, July 23, 2026
Wednesday, July 22, 2026
Tuesday, July 21, 2026
Monday, July 20, 2026
Sunday, July 19, 2026
Saturday, July 18, 2026
Friday, July 17, 2026
Thursday, July 16, 2026
Wednesday, July 15, 2026
Monday, July 13, 2026
Sunday, July 12, 2026
Saturday, July 11, 2026
Friday, July 10, 2026
Thursday, July 9, 2026
Wednesday, July 8, 2026
Tuesday, July 7, 2026
Monday, July 6, 2026
Sunday, July 5, 2026
Tuesday, June 30, 2026
Wednesday, June 24, 2026
Tuesday, June 23, 2026
Saturday, June 13, 2026
Saturday, May 30, 2026
Monday, May 25, 2026
Thursday, April 30, 2026
Monday, April 20, 2026
Thursday, April 16, 2026
Sunday, April 12, 2026
Friday, April 10, 2026
Sunday, April 5, 2026
Saturday, March 28, 2026
Thursday, March 26, 2026
Monday, March 23, 2026
Monday, March 16, 2026
Saturday, March 14, 2026
නිරුත්තරද - අරුත්බරද
අපි ඉන්නෙ හුණ්ඩුවේ
Friday, March 13, 2026
Sunday, February 22, 2026
Friday, February 20, 2026
Thursday, February 12, 2026
Saturday, February 7, 2026
Thursday, February 5, 2026
Tuesday, February 3, 2026
Wednesday, January 28, 2026
Thursday, January 22, 2026
Monday, January 19, 2026
Friday, January 16, 2026
Saturday, January 10, 2026
Thursday, January 8, 2026
ත්‍රිත්වා හෙටයි - (පාට/පක්ෂ/ජාති/ආගම්/කල්ලි/පන්ති නොසළකයි)
රටක ජනතාව එක මිටකට ගොනුවිය යුත්තේ කිසියම් දේශපාලනයක් උදෙසා නොවේ. මිනිස්සු එය දනිති. හැම ව්‍යසනයක් තුළම මෙරට ජනතාව අවිඥානිකවම සවිඥානිකව ක්‍රියාත්මක වන්නේ එබැවිනි. නමුත් ඒ සවිඥානික බව ව්‍යසනයන්ට පෙර සහ සෑම අවස්ථාවකදීම අවිඥානිකත්වයෙන් තොරව නොපවතින්නේ ඇයි?



