Showing posts with label ම'බස. Show all posts
Showing posts with label ම'බස. Show all posts

Tuesday, July 4, 2023

🔖

Wednesday, June 28, 2017

කර හරිමි (මදහස)



සම්ප්‍රදාය පැටවූ ඉදිරි කදත්
විකල්පයෙන් බරවූ පසු කදත්
යා කොට උරෙහි වූ රිටත්
වැර යොදා ඔසවා දෑතින් ම
බිම තබා යමි මං තනියෙං ම

Wednesday, March 29, 2023

3.30 සහ 6.30 (දැන් තිරගත වේ)

තම තමන්ගේ ඕනෑ එපාකම් සඳහා පිහිටවාගත් සමිති සමාගම් ආන්ඩු මට්ටු කිරීම මජර දේශපාලනයේම දිගුවක් මිස රාජ්‍ය පාලනයේ බංකොලොත්භාවයට මුක්කුවක් හෝ කළමණා ලෙස ආණ්ඩු කිරීමක් හෝ නොවේ.

Sunday, March 26, 2023

ඉතින් අපි ඇන ගමුද ?

ගොඩ ගැහුණු කුණු කඳු බැහැර කිරීමට පුළුල් පරිසර හිතකාමී, දීර්ඝ වැඩ පිළිවෙලක් අවශ්‍ය ය. කුණු කඳු සුදු රෙදි, ඉටි රෙදි ආදියෙන් වසා ඒවා පූජනීය ස්ථාන ලෙස නම් කළ හොත් ! 
ඔබ නහය කපා ගන්නවාද ?
අපි නඩත්තු කරමින් පැමිණියේ එහෙම ක්‍රමයකි. 
රටේ කුණුවුනු දේශපාලනයත්, දේශපාලන කුණු ගොඩවලුත් එහෙම පිරුවට වලින් වසා නැවත නැවතත් එකම විහිළුව සැපයීමෙන් සමාජය බංකොලොත් භාවයෙන් කොතැනකට යනු ඇති ද ?

අද රටේ නැවත සිදු වන්නේ එහෙම දෙයකි. අරමුණ යහපත් කියා කෙරෙන්නේ ඇස් බැන්ඳුමකි. ස්වකීය දේශපාලන බලය තහවුරු කර ගැනීම උදෙසා මැජික් පෙන්වන්නට යාමකි. 
පිහිය රත්තරන් කියා ඇනගෙන ඇනගෙන යයි. නොමැරෙන බව කියමින් තව දුරටත් ඒ ණයට ගත් රන් යයි කියන පිහි ජනතාව අතට පත් කොට විහින් ඇන ගන්නට පොළඹවයි. දිරි ගන්වයි. අනුග්‍රහය දෙයි.

Thursday, March 23, 2023

~ බංකොළොත් වීරයාගේ ගීතය ~ (නිවටුන් නිදොස් කොට නිදහස් කළ වග ද !!??)

දැය වණ කෙරූ උන් රජ කෙරූ
පීඩිත දනා වින්දිත කෙරූ
පීඩක මජරයින් ළඟ කුමට ලැග
අමන බණ මැද නිහඬ ඇයි නුඹ

රට බංකොළොත් කෙරූ සිංහයා

කඩුවත් අතින් ගෙන වැනි වැනී
ප්‍රේමෙන් රැකපු උන් දිවි දුනී
පැහැයෙන් සළකුණින් අරුත කිම
තවමත් කිමද කඩුවක් සමඟ නුඹ

රට බංකොළොත් කෙරූ සිංහයා

කැනහිලුන් නෙක වෙස් පැළඳ ගෙන
රඟන විට කරළිය සොලවමින
නිහඬවම එ හැම රංගන ම
ඉවසු නුඹ වගකිව යුතුය

රට බංකොළොත් කෙරූ සිංහයා

තේජස් බොහෝ කොට පෙන්වමින්
උස් තැන් වලම හැම වැජඹෙමින්
එන පිරිස් මැද හිඳ එඩි ප පා
කිම නිහඬ වූයේ සිහරජා

රට බංකොළොත් කෙරූ සිංහයා

පැන උන් මතට හැම පෙරළලා
යුත්තියට අසිපත ඔසවලා
රට විස කෙරූ හැම වින කෙරූ
පාපතරයින් සුන් නොකළ නුඹ

රට බංකොළොත් කෙරූ සිංහයා

Tuesday, March 21, 2023

දැඩි දඬුවම් ! ( ගහන්ට ගහන්ට වැන්දේ නැත්නම්)

පාලකයා ඔබේ අයිතිය නැවත නැවතත් කෙළෙසුවද ඔබ පාලකයාගේ හිරි ඔතප් නොබිඳීමට වග බලා ගත යුතුය. එය ඔවුන්ගේ පරම පවිත්‍ර වරප්‍රසාදයකි.

ණය බස පෝෂණය කරන අයුරු ~(ණයාලංකාරයෙන් ණයට)

සුබ ණය වසරක් වේවා
සුබ ණය අවුරුද්දක් වේවා
ණය බෝ වේවා
ණය සරණයි

ණයපති / ණයාධිපති
ණයාභිමාන / ණයාභිමානී
ණයබන්ධු
ණයපුත්‍ර

ණයපාර
ණයග්‍රාම
ණයනගර
ණයභූමි

ණයෝත්පාදක / ණයෝත්පාදන
ණයමංගල්‍ය
ණයවාදී
ණයචාරී

Repeat🔄

හරි අමාරුවෙන් එතුමලා මාතෘ භූමිය ලෝකෙට උගස් කළා, සින්න කළා ~ ඔවුන්ට අපි සදා ණය ගැතියි ද ? ඔවුන් අපිට සදා ණය ගැතියි ද ? ඇන්ටිගනී වගේ කතාවක් ද ? දන්නෙ නෑ, වැඩකුත් නෑ, කොහොම වුණත් අදින් පස්සෙ අපිට ප්‍රීති වෙසක්!

Monday, January 29, 2018

හැටට හැටේ බෑන්ඩ් 🎶 චූන්... (🍭 ලොli ද POප් 🍭)

පෙරාපු රත්තරන්ද ඉස්තරම්
මනුස්සකම් ගිණිගණන්
විනෝදකම් පෝලිමෙ එනවා

ඒවට ගෙවන්න මට ඇති තරම්
හොයාගන්න සල්ලි දැන්
තව තව මං වලි කනවා

රටතොට යන හැටියට යන
ජීවිත අපෙ පොදිබැදගෙන
ජය ටැඹ නගින්න වෙනවා

ඒකට ගැලපෙන්නට මට
සමාජයේ වැජඹෙන්නට
තව අය මඩින්න වෙනවා

උත්ඝෝෂණ වැඩවර්ජන
සම්භාෂණ ඕන දෙයක්
එකටෙක කරන්න වෙනවා

අද රජ වෙන හෙට බලු වෙන
බව දැනුනත් ඕන දෙයක්
ඒක නිසා කරගෙන යනවා

දෙල් උනදා ඔය හැමදේ
පොල් කරන්න ඕන තරම්
බඩු අපි ලගම තියෙනවා

උගත මනා ශිල්ප දමා
මතු රැකෙනා එහෙම තමා
මුළු නිදහස නවා ගන්නවා

ජී විතේ ජීවිතෙ
ජීවක මමයි ජීවිතේ
යනදා එනකම් අපි දෙවන ජීවිතේ

පා ඩුවේ පාලුවේ
ඉන්නට බෑනෙ යාලුවේ
නොදැනම යනකම් අපි ලැබුව ජීවිතේ

Friday, January 19, 2018

(අ)සිරිමත් 🇱🇰 ලංකා-thinking center in the country

සිරිමත්‍ ය දිරිමත්‍ ය
ඒ රටේ මිනිසුන්
සවිමත්‍ ය බලවත් ය
ඒ රටේ මිනිසුන්
ඔදවත්‍ තෙදවත්‍ ය
ඒ රටේ මිනිසුන්
අසිරියකි අසමසම
ඒ රටේ මිනිසුන්

කවුරුන්ද වින කළේ
ඒ වගේ මිනිසුන්ට
සෙළවුනේ බිය වුණේ
ඒ රටේ මිනිසුන්ද
එක එකා තරගයෙන්
භින්න වුණෙ මිනිසුන්ද
අසිරියත් මරිසියත්
පටලැවුණෙ එතැනින්ද

සිංහයෝ ගත යුතුය
පිට උඩට මිතුරන්
තරණ කළ යුත්තේය
ගග සිටින කිඹුලන්
එතැනදිත් පිල් බෙදී
නොවීයන් සතුරන්
පැරදවිය යුත්තේම
රටේ පොදු සතුරන්

වංචාව දූෂණය
නියගයද පරදන්
පරිසරය මිනිස්සුද
සිරිමතුන් කරපන්
නිවට ගති සතුරුවන
දියුණුවට නසපන්
අසිරිමත් අසමසම
සිරිලකක් හදපන්

Thursday, January 18, 2018

මෙතෙක් කතාව-

දෙවියන් කවදත් ආදරේ කළේ අසරණ දුප්පත් මිනිසුන්ට. මේ නිසා අසරණ දුප්පත් මිනිසුන් නිතර දෙවියන්ගෙ මන්දිරය ඉදිරිපිට රැස්වුනා, කන්නලවු කළා, අනේ! අපිට පිහිට වෙන්න. මේ නිවෙස පාරේ හිටි හැමෝම වගේ බොහොම පොහොසත්තු. ඔවුන්ට මේ අසරණ දුප්පතුන් ගේ අදෝනා මහත් හිසරදයක් වුනා. පාරෙ තොටේ නිදහසේ ගමන අපහසු වුනා. ඔවුන් කල්පනා කළා මේ කරදරයෙන් මිදෙන මගක්. ඔවුන් රැස්වුනා මහ හෝටලයක, මධුවිත තොලගාමින් කතා වුනා මේ ගැන.. අවසනදී ඔවුන් තීරණක් අරගත්තා. ඒ දෙවියන්ට හාත්පස විරුධ ගති ඇති දෙවියන්ගේ මලණුවන් මේ කාරණයට අතරමැදි කරගන්න.. දෙවියන්ගේ මල්ලී ගත් තීරණය කුමක්ද? දෙවියන් අහක බලාවිද? දුප්පතුන්ට අත්වන ඉරණම කෙබදුද? අද එතැන් සිට!..

Sunday, January 14, 2018

බොරුවට මැරෙමි, ඇත්ත මරමින්(18/36/72+++කුකවි)

අට පහ නොදනිතත්
සිස්ටම් එක දනිත් මං
දරුව පහ සමත් නම්
ඒකම වේය මගේ නිවනත්

මං ගෲෂා නොවේ
Sms දරුවට ඕනේ
ඒ නිසයි ඇද්දේ
අල්ලන්නට තරු වලිගේ

අපේ ගොනා දීපල්ලා
ලණුව අතේ තබපල්ලා
නාස් ලණුව කපපල්ලා
තරුණ අපිට නවපල්ලා

අප්පොච්චිලා පොට්ටu වෙනකොට
මොට්ටු tv පුප්පවනකොට
පිට්ටු සේරම තට්ටු වෙනකොට
බොරුව වෙනුවෙන් නොමැරි කොහොමද?

Friday, January 12, 2018

හිත්...

රවන්න ගොරවන්න
ඔරවන්න ඕනත් අපි
නීති හදන්න
රකින්න වෙනස් කරන්න ඕනත් අපි
නො දන්නවනම් දැනගන්න
දන්නවනම්
පටන් ගන්න
වෙනස්කරන්න
කලුපාට

Saturday, January 6, 2018

කාලකණ්නින් භංග වේවා, පළමුව, දෙවනුව, තෙවනුවත්

ජන්ද වෙනුවෙන්
රටම චූන් කරන
කොන්දක්
ප්‍රතිපත්තියක් නැති
නිර්ලජ්ජිත
නිවට සත්තු
තොලොංචි වී යේවා!

Sunday, December 31, 2017

කණුව ගලවපන්, ලණුව අතටගන් (හරකා නිදහස් කොරන නව වසරක්!)

රතු ගොනා
නිල් ගොනා
කොළ ගොනා
මොන ගොනා
පසුපසින් දැක්කුවත්
නොගලවා ඔය කණුව
ගොන් බදින එකම තැන
කැරකෙන්නෙ එකම වට
ඒ නිසා ගලවපන්
ලණුව නොව
කණුව ඔය

Sunday, December 24, 2017

උ ගත නු ගත දෙගත ගතං..

අකුරු අහුලන්න
වචන අමුණන්න
ව්‍යාකරණ මිරිකන්න
බසේ රස ගන්න
පොතෙන් පැණිබොන්න

Wednesday, December 20, 2017

බඹාට කෙටූ ....

ඩිජිටල් අවිහිංසකකම
චයිනීස් නිවන
ප්රිමියම් හෘද සාක්ෂිය
බිට්කොයින් ජීවිතය

Thursday, December 7, 2017

පොඩ්ඩක් ඉස්සුනා - හොදටම ගැස්සුනා - ඇතුළත තිරිසනා - නොදැනම හිනැහුණා

එ්වා අපිට නොතේරේ
ඇඩ්රිනලින්ට තේරේ
බසය ස්වභාවේ
මනරංජනය භාවේ

පොල් සහ තල් කිතුල්
කීරි කීරී නැතිය තල තෙල්
ගාගෙන අත ඉදුල්
කෑවේ අපිත් ඔය බත්

බඹර කැරකෙනවා
බබා නළවනවා
බබී නැළවෙනවා
ඔන්න ඔහෙ යන විදිහ යනවා

Tuesday, November 28, 2017

බටහිර අහසේ පීනික්ස්

මුල් නොකැඩුණු සරු ගස් යළි දළු දමයි
මල් නොපිපුණු ගස් වල යළි මල් පිපෙයි
පල්ලම එන්නේ කන්දක් නැගි විටයි
මල්ලව ගති දන්නෝ යළි නැගිට එයි

Wednesday, November 8, 2017

මං පරණ සේපියන් මිනිහෙක්

මුල අමතක මිනිසුන්ගෙන් ඵලක් නැත
වාසියට මුල් හොයන මිනිස්සු අගේ නැත
අනුන්ගේ පානෙන් එළිය බලා උඩට ගිය
ඔය බොරුවේ කෙළවර උඹ වැටෙනු ඇත

Saturday, October 14, 2017

මාර්කට්ටු

මා කට් වෙන මාර්කට්
මා කට් නැති මාර්කට්
මාර කට් මාර්කට්
මාර්කට්