Thursday, March 23, 2023

~ බංකොළොත් වීරයාගේ ගීතය ~ (නිවටුන් නිදොස් කොට නිදහස් කළ වග ද !!??)

දැය වණ කෙරූ උන් රජ කෙරූ
පීඩිත දනා වින්දිත කෙරූ
පීඩක මජරයින් ළඟ කුමට ලැග
අමන බණ මැද නිහඬ ඇයි නුඹ

රට බංකොළොත් කෙරූ සිංහයා

කඩුවත් අතින් ගෙන වැනි වැනී
ප්‍රේමෙන් රැකපු උන් දිවි දුනී
පැහැයෙන් සළකුණින් අරුත කිම
තවමත් කිමද කඩුවක් සමඟ නුඹ

රට බංකොළොත් කෙරූ සිංහයා

කැනහිලුන් නෙක වෙස් පැළඳ ගෙන
රඟන විට කරළිය සොලවමින
නිහඬවම එ හැම රංගන ම
ඉවසු නුඹ වගකිව යුතුය

රට බංකොළොත් කෙරූ සිංහයා

තේජස් බොහෝ කොට පෙන්වමින්
උස් තැන් වලම හැම වැජඹෙමින්
එන පිරිස් මැද හිඳ එඩි ප පා
කිම නිහඬ වූයේ සිහරජා

රට බංකොළොත් කෙරූ සිංහයා

පැන උන් මතට හැම පෙරළලා
යුත්තියට අසිපත ඔසවලා
රට විස කෙරූ හැම වින කෙරූ
පාපතරයින් සුන් නොකළ නුඹ

රට බංකොළොත් කෙරූ සිංහයා

No comments: