Tuesday, April 26, 2022


 එදා මෙදා අවස්ථාවාදය උරෙන් උර මාරු වූවාට ඔබට මට යහපත් රටක් හැදෙන්නේ නැත ~ ජරාජීර්ණ ක්‍රමවේදය ම වළ පල්ලට යැවිය යුතුය. ක්‍ෂණික විසඳුම් වලට එහා ප්‍රතිපත්තිමය අවංක භාවයකින් තොරව රටක් ගොඩනංවනු නොහැක ෴ හැමට වගකීමක් ඇත. ඊයේ, අද, හෙට හෝ අනිද්දාට පසුවත් එය එසේමය !

Sunday, April 17, 2022

ධර්මය හා විනය ශාස්තෘන්ගේ ඇවෑමෙන් ගුරු තනතුරට පත්වන්නේ වටින්නේ අනුගාමී හිසක් නොව ප්‍රතිපදාව හෙයිනි.

රටක ට නිවැරදි ඔළුවක් ~ නායකත්වයක් යනු හුදු හිසක් මත නොවෙනස් වන ප්‍රතිපත්ති මාලාවක්, ජාතික ප්‍රතිපත්තියක් !

අපට ඕනෑ යහපත් හෙටක්, යහපත් රටක්, ජරාජීර්ණ කුණු වුණු පිළුණු ක්‍රමවේදයට විකල්පයක් මිස පරණ ඉඳුල් වලට අළුත් පිඟානක් නොවේ !

රට ජාතිය කියා බොරුවට තැටමුවා මිස පාලකයො කිසි දිනක රට සංවර්ධනයට ජනතා දායකත්වය ගත්තේ නෑ. තරුණයන් ව යුද්ධෙට දැක්කුවා මිස තරුණ ජවය රට සංවර්ධනයට දායක කර ගන්න කිසි නායකත්වයක් වැඩ පිළිවෙලක් තිබුණෙ නෑ. අලුතෙන් හිතන්න, රටේ ඉදිරිය ගැන හිතල හදපු කාලරාමුවක් තිබුණේ නෑ. තමන්ට දේසපාලන අනාගතයක් තියෙනවද කියන එක මිසක් රටට අනාගතයක් තියෙනවද කියන එක හිතුවෙ නෑ. ජීවත් වෙන්නෙ මේ පොළොවෙ කියන එක ගැන හැඟීමක් තිබුණේ නෑ. අපිව රස්තියාදු කළා. ගමේ ග්‍රාම නිලධාරිගෙ කාර්යාලයේ ඉඳන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වාම රස්තියාදු කළා විතරයි. කරපු සොච්චම ගැන කෝටියක් කයිවාරු ගැහුවත් නොකෙරුණු කෙළ කෝටියක් කාරණා ගැන කිසිම විචාරයක් තිබුණෙ නෑ. කෙරුණ සාධාරණ සදය විචාරයක් වත් සත පහකට මායිම් කරපු ඉතිහාසයක් අපි දැකල නෑ.

බලය ඉස්සරහ උවමනාවටත් වඩා දෙකට තුනට නැමිල

අතිගරු

ගරු

කියමින් ඇත්තෙන්ම ගරුකටයුතු මිනිස්සුන්ට තිබ්බ වටිනාකමත් නැති කර ගත්ත සමාජයක් අපි. ඒ කාලෙම ආචාර්යවරු පැටව් ගැහුවා. දේශමාන්‍ය කම් වීරයො ජාති හිතෛශීන් හැම තැනම. ඒ හින්දම වෙන්න ඇති අද අපි මෙහෙම තැනක.

සුදුස්සා සුදුසු තැන ගන්න සටන් කරන්න ඕන රටක් හැදුනෙ ඔන්න ඔහොම.

තවදුරටත් අපේ මහ වුන් වැරදුණු තැන්, වරද්දාපු තැන් පිළිගන්න සූදානමක් නෑ. හිස කඳෙන් වෙන් වුණාට පස්සෙත් කෙටි වෙලාවක් පණ ගැහෙන කවන්ධයක් වගේ දැන්. මහසෝනෙක් හදාගන්නෙ නැති වෙන්න නිවැරදි ඔළුවක් ඕන වෙලාවක් දැන්. ආපස්සට ගමනක් නැති ඉදිරියට පමණක් යායුතු වෙලාවක් දැන් !

Thursday, April 14, 2022

2022 +

 යහපත් දේශයකට ආයුෂ බොහෝ වේවා ! මේ අලුත් අවුරුද්දේ 🙏🌞🇱🇰

Sunday, April 3, 2022

බියසුල්ලා ?

අපමණ බලපොරොත්තු රාශි ගත කොට අසීමිත බලයක් ජනතාව විසින් පවරා ඇති කලද, කළ යුත්ත පසෙක ලා තම පවුලේ හා පුද්ගලික අභි~මානය තකා සැබෑ මහජන මතය මඟ හරින්නා බිය සුළු නිවටයෙකි. 

සැබෑ බහුජන මතය, සැබෑ වියත් මතය විමසන්න ෴