Showing posts with label අනාගතය. Show all posts

Thursday, January 8, 2026

ත්‍රිත්වා හෙටයි - (පාට/පක්ෂ/ජාති/ආගම්/කල්ලි/පන්ති නොසළකයි)

රටක ජනතාව එක මිටකට ගොනුවිය යුත්තේ කිසියම් දේශපාලනයක් උදෙසා නොවේ. මිනිස්සු එය දනිති. හැම ව්‍යසනයක් තුළම මෙරට ජනතාව අවිඥානිකවම සවිඥානිකව ක්‍රියාත්මක වන්නේ එබැවිනි. නමුත් ඒ සවිඥානික බව ව්‍යසනයන්ට පෙර සහ සෑම අවස්ථාවකදීම අවිඥානිකත්වයෙන් තොරව නොපවතින්නේ ඇයි?

සියලු තණ්හාවන්, ආශාවන්, වාද භේද, කුහකත්වයන්, අධමත්වයන් දලුලා එන පරිද්දෙන් ඉතිරි නිදහස් කාලය නිකරුණේ අපතේ යන්නට ඉඩ දෙන්නේ ඇයි? සාමුහිකව තම ශ්‍රමය ශක්තියෙන් ලබා දිය හැකි දායකත්වයන්ගෙන් හැකි උපරිමය ලබා දී තම රට ස්ථාවර හා ශක්තිමත් සුරක්ෂිත ස්ථානයක් හැටියට නිර්මාණය කර නොගෙන, එසේ කර ගත හැකි අන් මගක් කිසියම් රටක පුරවැසියන් සතුද? තම තම වගකීම් යුතුකම් පිළිබඳ රටවැසියාගේ හදවත ගැඹුරින් උපන් හැඟීම් දැනීම් සබුද්ධිකව රටේ සංවර්ධනය උදෙසා දායක කර ගැනීමට කිසියම් රාජ්‍යක් රාජ්‍ය පාලකයින් අසමත් නම් ඔවුන්ට ඒ සඳහා වෙනත් මගක් ඇතිද?

එසේ නැති නම් රටේ ජනතාව සහ රාජ්‍ය පාලකයා ගේ අත්වැල් බැඳ ගැනීම මෙතරම් කොට ඇයි???

හැමදා අප රටේ ජනතාව සහ පුරවැසියා ඒකාබද්ධ වීම වළකන කුමන්ත්‍රණයක් තිබුණි. ඒ කුමන්ත්‍රණ කරුවා වූයේ කිසිවෙකුත් නොව අවිශ්වාසය හා අවිචාරයයි. කිසියම්ම කලක කිසියම්ම වූ අර්බුධයක් මතු වූ තැන දේශපාලනික හෝ විවිධ අන්තවාදී අවිචාරයේ අවිශ්වාසයේ ඉන්ධන මඟින් මේ අර්බුදය අසීමාන්තිකව ඇවිළ වූයේය. අදටත් ඒ පුරුද්ද එසේමය.

පුළුස්සා හලු කොට පස පෙරලා සකසන නව දැලි හේනක් පරිද්දෙන් රටක් ගොඩනැගිය හැකිද? කාලය, අවකාශය, සැළසුම නිසි පරිදි නොතකා එසේ නොහැකි බැවින් හැමදා එහි අවාසිය, පාඩුව, අලාභය උරුම වූයේ සමස්ථ ජනතාවටමයි.

අදටත් ගතවන සෑම තත්පරයක්ම බොහෝ කොට ගතවන්නේ අවිචාරයේ සහ අවිශ්වාසයේ වචන වලින් ජන සමාජය අවුලුවමිනි.

ඒ ගිනි දැල්ලේ දැඟලිල්ලෙන් බොහෝ සේ කා බී ප්‍රීති වනු පිණිස සාද පැවැත්විය හැකි නමුත් මේ ගිනි ගන්නේ අනාගතයේ අපේක්ෂාවේ මොහොතක් බව වැටහෙන විට එසේ ප්‍රීතිවන බොහෝ අය තමන්ට ඒ අවබෝධය ලැබීම සඳහා ජීවත් වෙමින් සිටීමට හැකිවේද යන්න පවා දැන් තියා සිතීම වටී.

ද්විත්වා නිමා වූයේ අපට ස්වභාව ධර්මය ඉගැන්වූ පළමු පාඩම එය වශයෙන් නොවේ. නමුත් නූගත් තවත් පාඩමක් වශයෙන් එය අවසන් වුවහොත් එය නැවත උදාකරන්නේ කිසිදා නොනැගිටින මුත් වහසි බස් දොඩන රටක ජාතියක ඛේදවාචකයක් පමණක් වීම වැළැක්විය නොහැකි වනු ඇති.

ත්‍රිත්වා හෙටයි! අප සූදානම් වුවත් නුවූවත්! 

Tuesday, December 23, 2025

ජෙන් සී ට බියේ/ගෞරවයෙන් හාන් සී වීමද? (වැඩිහිටි පරපුරක් නැත)

පූර්ව වශයෙන් අනතුරු ඇඟවූවේ නැති බවට දොස් කීම් නඩු අවනඩු මේ දිනවල බහුලය. මේ කියන්නට යන්නේ එහෙව් තත්පරෙන් වෙනස් වන කාළගුණය ගැන නොවේ. මේ රටේ නූතන වැඩිහිටියන් ගේ දුර පෙනීමට අදාළවය. 

ජෝන් සී නා ගේ පරපුරෙන්.... පණිවුඩයක් (විමසිලිමත් බව සඳහා කහ නිවේදනය) 

ජෙන් සී

ඉල්ලලා ගන්න පරපුර ද

ඊළඟට හාන් සී

ගහලා ගන්න පරපුර ද

ප්‍රවේශමෙන්

උඩදාන පරපුර ට

හාන් සී එනකොට

හාන්සිම පරපුර වෙත ට

මහ මිනිසුන් විසින් කළ යුතු කාර්යයන් දරුවන්ට පැවරීම හෝ දරුවන් හරහා එළි දැක්වීම අතිශය භයානකය. මෑත අතීතයේ අපගේ භෞතික මෙන්ම සමාජීය පාරිසරික විනය ඉතා පහත්ය. කලක ළමා සොල්දාදුවන් නිර්මාණය කොට තිබූ රටකි අප. අසාධාරණය සාධාරණය කරන මුවාවෙන් ජාති, ආගම්, පක්ෂ, ගුරු දෙගුරුන් හෝ පාසල් කෙරෙහි වෛරය වැපිරීම හරි පහසුය. තවදුරටත් දේශපාලනය අල්ලා ගිනි මතට පිදුරු හෙළීමත් පහසුය. එබඳු ලොව ගිනි ගන්නා සැටි අපට පෙනේ. ගස් කැපීම පහසු වුව කඳු නාය යන විට අතින් අල්ලා නැවැත්වීමටත් ඒ පහසුවෙන්ම හැකි නම් 'නැව ගිලුනත් බෑන්චූන්' කිසිඳු ගැටළුවක් නැත. ගංඟාවල් පිරුණේම අපි විසින් වර්ණනා කළ පුංචි පුංචි වැහි බිඳු අපට ඇහුම් කන් නොදී ඇළේ දොළේ වැවේ ධාරිතාවය අභිභවා දෙගොඩතලා ගිය බැවින් බව, සති කිහිපයක් තුළ අමතක වී යාමට ඉඩ නොදීම කාට කාටත් මතුවට වැදගත් වනු ඇත.

අනතුරුත්, තනතුරුත්, සම්මානත් එක  වැනි බව ඔබේ හය හතර නොදත් දරුවාට කියා දෙන පරිණත වැඩිහිටියෙක් වෙන්න!

Monday, December 8, 2025

ඒක..

(Saturday, February 3, 2024 - පළකල ප්‍රබන්ධයකි)

ඒක වුනේ මෙහෙමයි 

විසිදෙවන ශතවර්ෂය පේන මානයේ අපි ඉන්නෙ. ලංකාව කියන්නෙ අපි උපන් රට. හැබැයි මම ඉපදුනේ ලංකාවෙ නෙවෙයි. කාලෙකදි අපි එහෙන් වෙනත් රටකට එනව. දැන් පදිංචිය මෙහේ වුනත් ආපහු ලංකාවට යන්න හිතන් ඉන්නෙ. හැබැයි දැන් තියෙන්නෙ අපි එනකොට තිබුණු ලංකාව නෙවෙයි වෙනම එකක්‍, එහෙමයි දැන් අපේ වැඩිහිටි අය කතා වෙන්නේ. අපි අපි කීවට මේ අපි පරම්පරා කීපයකට අයිති අය. මට හමුවුණා වසර දෙදාහේ ඉපදුණු කෙනෙක්. එයාගෙන් මිස මං මේ කතා කළ දේවල් වෙන කෙනෙකුගෙන් දැන ගන්න එක ලේසි වෙන්නෙ නෑ. කෝකටත් ලංකාවට ආපහු යන්න කලින් අන්තර්ජාලයෙන්, සමාජ මාධ්‍යයෙන් හොයා ගත්ත තොරතුරු වලට එහා එහේ ජීවත් වුණු කෙනෙකුගෙන් විශේෂයෙන්ම එයාගෙ කටින්ම සජීවීම මේ දේවල් දැන ගන්නවා කියන්නෙම මගේ වයසෙ කෙනෙකුට සුවිශේෂී වරප්‍රසාදයක්. අපි උණුසුම් දවසක එළිමහනේ වාඩිවෙලා මේ කතාව පටන් ගත්තා.

ඒක වුනේ මෙහෙමයි.

‍ලංකාව වෙනස් වෙන්න ගත්තෙ දෙදාස් තිහෙන් තිස්පහෙන් පස්සෙ. ඒ වෙනස් වීම සිද්ධ වෙන්න තවත් අවුරුදු දහයක් විතර ගතවුණා.

අරගලවලින් දේශපාලන උපක්‍රම වලින් සාර්ථකත්වයක් නොලැබුණු තැන මිනිස්සු වෙනස් වෙන්න, වෙනස්ම විදිහට හිතන්න පටන් ගත්තා.

මං හිතන්නෙ මිනිස්සුන්ට අලුතෙන්ම හිතන්න සිද්ධ වුණා.

ඒ වෙනකොට උගත් පරපුර වැඩියි. නමුත් ඒ දැනුම භාවිතයේ ලොකු රික්තකයක් තිබුණා. වැඩිහිටි මිනිස්සුන්ට සිද්ධ වුණා තම තමන්ගෙ උගත්කම් දැනුම අනුව හිතන්න. විශේෂයෙන්ම තමන්ගෙ දරු පරපුර වෙනුවෙන්.

ඒ වෙනකොට දේශපාලකයොත් දන්නා ශිල්ප ඔක්කොම දක්වල අසාර්ථක වෙලයි හිටියෙ. නිකං බොරුවට හදපු චින්තනයන්, ඒ කීවෙ දේශපාලන වැඩපිළිවෙලවල් සඳහා හදපු ජාතික ප්‍රතිපත්ති පුස්සක් වෙලා තිබුණෙ.

තමන් උගත් දැනුමට විද්‍යාවට තව දුරටත් මේ වැඩසටහන් වල කිසිම සම්බන්ධයක් නැති බව ඇස් පනාපිට ඔප්පු වෙලා තිබුණෙ.

ලංකාවෙ මිනිස්සුන්ට තිබුණෙ පැහැදිලි විකල්ප දෙකයි, ඒ කියන්නෙ පැවතුන අයහපත් තත්වයට විරුද්ධව. විද්‍යාවද? මිත්‍යාවද? තෝරා ගැනීමක් කරන්න.

විද්‍යාත්මක ක්‍රමයකට යනවද, මිත්‍යාවක් පස්සෙ යනවද?

පැවතුන දේශපාලන අසාර්ථකත්වයට, ආර්ථීක බිඳවැටීමට විසඳුම් හොයාගන්න වෙනව. ඒකට පාවිච්චි කරන්න වෙන්නෙ විද්‍යාව, මිත්‍යාවෙන් ඒක කරන්න පුළුවන්ද?

දේශපාලනේ පැත්තකට දාල විද්‍යාව මොකද්ද? මිත්‍යාව මොකද්ද, කියන කතාව සමාජයේ තදින්ම ඇහෙන්න ගත්තෙ මේ කාලෙ.

සමහරු තර්ක කළා විද්‍යාව කියන්නෙ බටහිර විද්‍යාව අනිත් සියල්ල ආගම්, ඇදහිලි මිත්‍යාව කියල.

නමුත් ඒ වෙනකොට අපිට බටහිර විද්‍යාවෙන් අත්පත් කරගත හැකිව තිබුණෙ දැනුම විතරයි. ස්වභාවික සම්පත් තිබුණත් ප්‍රාග්ධනයෙ ව්‍යවසායකත්වයේ ප්‍රශ්න තිබුණා. විද්‍යාව මිත්‍යාව අතර සංවාදය සමාජයේ කෙටි කාලයක් ඇතුළෙ වේගයෙන් පැතිරෙද්දි විශේෂයෙන් දහමක් ඔස්සේ සමාජගත වෙලා තිබුණ හේතු ඵල දහම වගේ කාරණා ප්‍රායෝගිකව මේ සමාජයේ කාරණා තේරුම් බේරුම් කරගන්න ලොකු උදව්වක් වුණා.

එයා කියා ගෙන යනවා. වයස්ගත බවක වෙහෙසකින් තොරව කියා ගෙන යන කතාවෙ අවශ්‍යම තැනකදි හැර අහගෙන ඉන්න විතරයි මට තියෙන්නෙ. ඔන්න මට ප්‍රශ්නයක් ආපු තැන.

මොකද්ද දහමකින් ආව හේතු ඵල දහම?

ඒක ආවෙ බුද්ධ ධර්මයෙන්. බුද්ධ ධර්මයේ ඉගැන්වීම් බොහොමයක් සාමාන්‍යයෙන් වෙනත් ආගම් ඇදහීම් වලට එහා සීමාවකට හිතන්න පුරුදු පුහුණු කරන හා තර්ක කරන, ගවේෂණය කරන අයට ඉඩක් තියෙන එව බලව, ඇවිත් බලන්න කියන ධර්මයක්. හේතු ඵල දහම කියන්නේ ඒ්ක ඇතුළෙ තිබුණු අපේ විදිහට කියනවනම් විද්‍යාත්මක විග්‍රහයක්.

බුද්ධ ධර්මය නම් අහල කියවල තියනවා පමණකට, උදාහරණයක් කියන්න පුළුවන්ද?

පුං ජන්මාණුවක් ඡායා ජන්මාණුවක් එක් වීමෙන් යුක්තාණුවක් ඇතිවේ.‍ යුක්තාණුව ඵලය නම් පුං සහ ඡායා ජන්මාණු එක්වීමයි හේතුව. අනික් අතට පුං ඡායා ජන්මාණු එක් වීමක් නොමැති විට යුක්තාණුවකට ඉඩක් නැත.

සරලයිනේ.

සරලයි වගේම ගැඹුරුයි. මෙන්න මේ වගේ තවත් බොහොමයක් දේවල් මේ කාලයෙදි නැවත එලියට ආව.

නැවත කියන එකෙන් අදහස් කළේ.

මේ කලාන්තරයක් තිස්සෙ විවිධ විදිහට සමාජ ගත වුනු දැනුම. සමාජ පද්ධතිය කැළඹෙන කොට පතුලට ගිය ගොඩක් දේවල් ආපහු එළියට මතුවුණා. විශේෂයෙන් ආගම් වල කියල තියෙන නිර්මාණ වාද, කර්ම වාද ගැන තර්ක මතුවෙද්දි මනුස්සකම රැකගන්න කියන පොදු කාරණය ආගම් වලින් ගත හැකි පොදු සාධකයක් හැටියට ඉස්මතු වුණා. ඒකට හේතුවකුත් තිබුණ.

ඒ මොකද්ද?

ඒ කාලෙ තිබුණ කෝවිඩ් කියන දරුණු ලෝක ව්‍යාප්ත වසංගතයෙන් පස්සෙ දරුණු විදිහට කඩා වැටුණු ලංකාවේ ආර්ථිකය, සමාජ පරිසරය මිනිස්සුන්ගෙ කලාන්තර සංස්කෘතික පෝෂණය තුළ තිබුණු වටිනා ගුණාංග දැවැන්ත විදිහට වෙනස් කළා. මං උදාහරණයකින්ම කියන්නම්, ආහාර අර්බුධය එහෙම එකක්. ගුණාත්මක ආහාර ලබාගන්න බැරිවීම, ඒවායේ මිල ගණන්, ඒ නිසා විශේෂයෙන් කුඩා දරුවන් සහ දුප්පත් මිනිස්සුන්ට නිසි පෝෂණය නොලැබීම විතරක් නෙවෙයි, ආගන්තුක සත්කාරයට ලැදි ජනතාවක් වුණු ලාංකික මිනිස්සුන්ට ආගන්තුකයෙකුට සත්කාර කරන සාමාන්‍ය විදිහ වෙනස් කරගන්න සිද්ද වුණා. හොරකම වැඩිවුණා.

මේ දේවල් වඩාත් බලපෑවේ හැදෙන පරපුරට. එයාලගෙ අධ්‍යාපනය අඩාල වුණා. අධ්‍යාපනය නොමිලේ සෞඛ්‍ය කියන්නේ ලංකාවේ ආණ්ඩු නඩත්තු කරපු දීර්ඝ කාලීන සුබසාධන ආර්ථික ප්‍රතිපත්ති, නමුත් ආර්ථිකයෙන් බංකොලොත් වුණු රටක ඒ දේවල් අහිමි වීම මිනිස්සුන්ගෙ ජීවිත වලට අසීමාන්තිකව බලපෑම් කරා.

ලංකාවෙ ආර්ථිකය බිඳ වැටුණෙ හොරකම වංචාව නිසයි කියල කියන එක ඒ දවස් වලට කලින්ම තිබුණු සටන් පාඨයක් නේද? මං ඒක ගොඩක් තැන්වල කියවල දැකල තියෙනව.

විශේෂයෙන් දේශපාලකයො මහජනයට ඉහළින්ම දුන්න පොරොන්දුවක් තමා ධර්මිෂ්ඨ සමාජයක්, යහ පාලනයක්, සෞභාග්‍යමත් දේශයක්. මේ හැම එකකම තිබුණෙ හොරකම, වංචාවනැති කරල සමාජය, රට යහපත් කරනවා කියන එක. නමුත් නොකෙරුණේම ඒ කාරණය.

දැන් අර විද්‍යාව මිත්‍යාව අතර සංවාදය නිසා සිද්ධ වුණු වැදගත්ම කාරණේ ඔය දේශපාලනයත් එක්ක තිබුණු ජාති ආගම් පන්ති භේදයට පහර වැදුණු එක. ඒ භේද වලින් තොරව හිතීමෙන් තර්ක කිරීමෙන් තොරව තමන්ට තමන් ජීවත් වෙන රට සමාජය හදාගන්න බෑ කියන එක මිනිස්සුන්ට ප්‍රායෝගිකවම අත්දකින්න හැකිවුණ එක.

එහෙම වුණේ තවත් වෙන්න දෙයක් නැති තරමට රට විනාශයට ඇද වැටුණු නිසා. කොහොම වුණත් මේ සංවාද සිද්ධ වුණේ හරිම කෙටි කාලයක් තුළ ඉතාම වේගයෙන් එහෙම වුණේ ඒ වෙනකොට ලංකාවෙ සමාජය අත්දැකීමෙන් ගොඩක් පරිණතියකට පත්වෙලා හිටපු නිසා. තීරණාත්මක තැනක කවුරුත් හිටියෙ.

ඔය කාලෙට කලින් ඇති හැකි උගත් උදවිය උත්සාහ කරාලු නේද වෙනත් රට වලට සංක්‍රමණය වෙන්න. ඒත් එක්කම දැවැන්ත විදිහට බුද්ධි ගලනයත් සිදුවුණා කියල මං අහල තියෙනව.

ඒක ඇත්ත. ඒ ආසන්න කාල සීමාවෙ එහෙම තත්වයක් තිබුණත් ගම් දනම් වල වගේම නගර වලත් ලොකු උගත් ප්‍රජාවක් හිටිය රට අතෑරල යෑම කියන දේත් එක්ක ලොකු අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුන. ඒ නිසා ඒ රැල්ල සුනාමියක් වුණේ නෑ.

සමාජ මාධ්‍ය, ජන මාධ්‍ය විතරක් නෙවෙයි, හන්දි කඩපිල් ගානෙ කොටින්ම මිනිස්සු රැස්‌ වෙන්නෙ කොතනද එතන මේ කතා බහ ඇතිවුණා. හැම දෙනාම එකමුතු වීම විතරක් නෙවෙයි රටට පැහැදිලි ක්‍රමයක් ඒ කියන්නෙ හිතන විදිහ, හැසිරෙන විදිහ, වැරදුණු තැන් හොයාගෙන නිවැරදි වීම මේ ආදී දේවල් පිළිබඳ හිතාගන්න බැරි විදිහේ අවශ්‍යතාවකින් මිනිස්සු පෙළෙන්න ගත්ත.

වෙනද පාරතොටේ හෝන් ගහගෙන රණ්ඩු කරගෙන ප්‍රශ්න විසඳගන්න හිතපු මිනිස්සු දැන් අනිත් මිනිහට ඇහුම්කන් දීල තමන්ගෙ පැත්තෙන් වැරැද්ද දකින්න අරගෙන.

හිතාගන්න අමාරුයි. මං අහල තියෙන විදිහට ලංකාවෙ මිනිස්සු වෙනස් කරන්න හරි අමාරුයි කියනව ලෝකෙ අනිත් ර‌ට වලට සාපේක්ෂව.

ඒක ඇත්ත. අසියාවෙ සංස්කෘතික ජීවිත වල කොයි බුද්ධි මට්ටමේ මිනිස්සුන්ගෙත් ඔය තත්වය තියෙනව. නමුත් ආසියාවෙ විතරක් නෙවෙයි ඔය තත්වය තියෙන්නෙ. අනිත් පැත්තෙන් ඒක පුද්ගල බද්ධ තත්වයක්. කොහොම නමුත් තමන්ම හිතල තේරුම් අරන් වෙනස් වෙන්න ගත්තම ලෝකෙ මොන ජාතියෙ මිනිස්සුන්ටත් වැඩිය වේගෙන් වෙනස් වෙන්න ඒක රැල්ලක් කරගන්න ලංකාවෙ මිනිස්සුන්ට පුළුවන්. ඒක සබුද්ධිකව කරන්න පුළුවන් වීම තුළිනුයි දිගින් දිගටම අසාර්ථක වුණු රටට සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන් වුණේ.

අහල තියෙනවද දෙදාස් විසි ගණන්වල ලංකාවෙ එක්තරා අරගලයක් සිද්ධවුණා කියන එක. ඒකෙදිත් වුණේ ඔය වගේ දෙයක්. හැබැයි ඊට අවුරුදු දහයකට විතර පස්සේ ඒ සමයෙ හිටි තරුණයින් වැඩිහිටියන් හැටියටත් ළමයින් තරුණයන් හැටියටත් සහ වැඩිහිටි මැදි වියේ හිටි කවුරුත් හොඳ පරිණතියකට ඇවිත් හිටියෙ.

ඔය පරිණතිය කියන්නෙ දැනුමෙන්ද? නැත්නම් අත්දැකීමෙන්ද?

දෙකෙන්ම, මේ වෙනකොට සමාජයේ සීයට අනූවක්ම සාමාන්‍යයෙන් උගත් සාක්ෂරතාවයෙන් යුතු අය.

තාක්ෂණය ගත්තම ලංකාව පසුපසින් නේද හිටියෙ.

නමුත් නවීන තාක්ෂණ භාවිතයන් හරි ඉක්මණින්ම ග්‍රහණය කර ගන්න සමත් පරපුරක් එක්ක ඒ සම්බන්ධ ප්‍රාග්ධන සම්පත් වල අඩුව ජංගම දුරකථනයෙන් වහගන්න උත්සාහ කරන තරමේ උත්ප්‍රේරණයක් ඒ වෙනකොට සමාජයට ඒන්නත් වෙලා තිබුණෙ අවශ්‍යතාවයක් හැටියට.  

මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. ලෝකෙ මිනිස්වර්ගයාගේ ජාන රටාව මූලිකව එකක් වුණාට ඒ තුළ තියෙන සුවිශේෂී අනන්‍ය ලක්ෂණ ජාතීන් රටවල් ඇතුළෙ කවදත් තියෙනවා. ඒක ඒ රටවල ජනතාවගෙ ආවෙිණික ලක්ෂණ සම්ප්‍රේෂණය කරනව. නිලීනව තියෙන මේ ලක්ෂණ ප්‍රබල මානසික තත්වයන් තුළ හොඳ ලෙස සක්‍රීය වුණොත් ඒක සුවිශේෂී තත්වයක්.

ලංකාවෙ වුණේ මෙහෙම දෙයක්ද?

මෙතෙක් වෙලා එක හුස්මට ඇදුණු සංවාද සංග්‍රහය තේ කෝපි සංග්‍රහයක් වෙනුවෙන් මිනිත්තු කීපයකට නතර වුණේ මේ දැන්. ඔන්න මිනිත්තු කීපයක නිහැඬියාවකින් පස්සේ තේ කෝපි තොලගාමින් ආපහු කතාව ඇරඹුනා.

ශරීරය වර්ධනය විකසනය පෙන්නුම් කරනව වගේ චින්තනයත් බුද්ධියත් සමඟ මානසිකව සිදුවන වර්ධනය විකසනය පරිණතිය කියන්නෙ අපි තවදුරටත් පරීක්නයට ලක්කළ යුතු දෙයක්.

මේක ශරීරයේ ඇඩ්රිනලින් වලදි වගේ ක්‍රියාකාරිත්වයකින් යුතු සාමූහික පිරිසකගෙන් එහාට යනව.

ලැව් ගින්නක් වගේ සමාජය දවන මොබ් එකකුත් නොවෙයි.

නිකං පහනින් පහනක් දැල්වීමක් වගේ දෙයක්. ශරීරය කලබල වීමක් නෑ, මනස සන්සුන් ආකාරයෙන් පවතිනව, බුද්ධිය හොඳින් ක්‍රියාත්මක වෙනව එනිසා හැඟීම් පාලනයකින් යුක්තයි. ඒ නිසා නිවැරදි තීරණ හා නිවැරදි ක්‍රියාකාරිත්වයක් නිවැරදි පෙළඹවීම් පෙන්වනව. එහෙම සමාජ කොට්ඨාශයකිනුයි මේ වෙනස ඇරඹුණේ. ඒක රැල්ලක් වුණා. අසනීපයක් වගේ බෝ වුණා. සමාජය සුවපත් වුණා.

ඒක පටන් ගත්තෙ මිනිස්සු විද්‍යාත්මකව හිතන්න පටන් ගැනීමෙන්. හැබැයි ඒ හුදු භෞතිකවාදී අන්තවාදී එකක් වුණේ නෑ.

මිනිස්සු වෙනස් වුණා විද්‍යාත්මක විදිහකට. අලුතින් හිතන්න ගත්තා. ඒ්කට මුල් වුණේ උගත් වගේම බුද්ධිමත් ශක්තිමත් මිනිස්සු. තමන්ගේ වැරදි තේරුම් ගත්ත වගේම හේතු ඵල දහම ඔස්සේ ඒ වැරදි ප්‍රතිඵල ගෙනාපු හේතු වෙනස් කරගන්න කැපවුනා. කරුමය හැටියට බාර ගත්ත දේවල් හේතු වෙනස් කර ගැනීම නිසා වාසනාවක් කරගන්න තරමට මිනිස්සු දියුණු වුණා. අන්න අර නිලීනව තිබුණු සමහර ජාන ශක්තීන් පිබිදුණා යහපත් විදිහට. ඒක වැඩකළා. සාර්ථක වුණා. රටම වෙනස් වුණා. දශකයකින්, ඊළඟ දශකයේ ප්‍රතිඵල ලැබෙන්න ගත්ත. දැන් දශක කීපයක් ගතවෙලා. අද ලෝකයේ සාර්ථකත්වයක් උසුලන කෙටි කාලයකින් දියුණු වුන රටක් වෙලා.

පොඩ්ඩක් හෝව් දැන් මෙහෙම කතාවක් අහද්දි මට හිතෙන්නෙ මේක පරමාදර්ශී තැනකට යන්න හදන විඥානවාදී කතාවක් වගේ.

කැමති කෙනෙකුට කැමති විදිහකට විස්තර කරන්න පුළුවන් වුණත් මේක තමයි ලංකාවට වුණේ. හැම රටකම ගොඩනැඟීමේ කතා සමාන නෑ. බොහෝ කතා දේශපාලනිකයි, පහුගිය යුගයේ. නමුත් විසිඑක් වන ශතවර්ෂයේ මැද භාගයේ දේශපාලනික කතා වල වලංගුතාවය පරීක්ෂාවට ලක් වුණේ විද්‍යාවෙන්. ඒ නිසා ලංකාවේ නව යුගයක ආරම්භය එන්නේ ලෝකයේ නව යුගයත් එක්ක. සමහර විට මේක අලුත් යුගයේ හැරවුම් ලක්ෂය වෙන්න පුළුවන්. අපි දැන් ඉන්නෙ විසිදෙවන ශත වර්ෂයට දශක කීපයක් මෙහා. ඔයාගෙ මැදි වයසෙ ඔයාට බලන්න අත් දකින්න පුළුවන් වෙයි අලුත්ම තත්වය.  

දැන් ලංකාවට යන්න ආසයි.

ඒක හොඳ දෙයක්.

තව දෙයක් අර දේශපාලකයින්ට මොකද වුණේ.

හොඳම දේ ඒක තමයි. රට වෙනස් වෙන්න ගන්න කොටම ඒ පැරණි අය බොහෝ දෙනෙක් මේ දේවල් වලින් ඉවත් වෙලා හිටියෙ වයස නිසාම. ඉතිරි අයට සිද්ධ වුණා රටේ මිනිස්සු හදා ගත්ත විද්‍යාත්මක ක්‍රමයට අනුව පුනරුත්ථාපනය වෙන්න. කෙටියෙන් කීවොත් බුද්ධිය පාවිච්චි කරල හදාගත්ත හොර බොරු නැති ක්‍රමයට අනුගත වෙන්න ඒ අයට සිද්ධ වුණා.

ඔයත් එනවද අපිත් එක්ක ලංකාවට යන්න

මම කොහොමත් ජීවිතේ ඉතිරි ටික ගෙවා දාන්නෙ එහේ තමයි. ඒ කාලෙ හිටන් මිනිස්සුන්ගෙ හීනයක් තිබුණ ලොකේ ශක්තිමත් තැනක ලංකාව තියනව දකින්න. නමුත් හීනෙන් පවා ඒක හීනයක් හැටියට දැකපු යුගයක් පහු කරල මෙහෙම ඒ හීනෙ ජීවමානව දැකපු එකත් එසේ මෙසේ දෙයක් නෙවෙයි. දැන් විද්‍යාව කියන්නෙ ඒ දවස් වල අපි දැකපු විද්‍යාව නෙවෙයි. ඒක දැක ගන්න ඔයත් ලංකාවට යන්න ගත්ත තීරණේ හරි නිවැරදියි. විද්‍යාවෙ පෙරදිග බටහිර කියන බෙදුම් රේඛාව නැතිවුණේ ලංකාවෙ නැගිටීමත් එක්ක, එහෙට ගියාම ඔයාට හරියටම තේරෙයි ඒ කොහොමද කියල.

ඒක වුනේ එහෙම තමයි.

එහෙම කියපු ඒ පුද්ගලය මගේ අතේ අපූරු මෙවලමක් තැබුව.

මොකද්ද? මේ

ලංකාව වෙනස් කරන්න හේතු වුණු කාරණයක්.

මේක ඔර්ලෝසුවක්ද?

ඔව්. හැබැයි මේකෙ වෙලාව යන්නෙ ආපස්සට.

ආපස්සට, ඒ කිව්වෙ. කව්ද මේක හැදුවෙ.

දැන් වෙලාව කීයද කියන එක නෙවෙයි ඔතන පෙන්නන්නේ. ඔයාට අද දවසෙ කොච්චරක් වෙලාව ඉතිරීද කියන එක.

මේක හැදුවෙ ඔයා. ඵලය වෙනස් කරගන්න හේතු වෙනස් කරන කතාවක් ඔයා කීවා. පෙරදිග අපරදිග විද්‍යාව කියන බෙදුම් රේඛාවක් ගැන ඔයා කීවා.  ඔයා කියන්නෙ මේක සමස්ථ ලෝකයටම ගෙනියන්න පුළුවන් කියලද?

ලංකාවට ගිහින් උත්සාහ කරන්න. දැන් එහේ පටන් ගෙන තියෙන්නේ.

මට තේරුණා. එතකොට ඒ්ක වුනේ මෙහෙමයි.

හරියට පොතක පාඩමක් ඉවර වුණා වගේ මට දැනුණා. ඇත්තටම දෙයක් ඉතිරිවුණා හිතන්න.

x

https://hallowrusta.blogspot.com/2024/02/blog-post.html?m=1

Saturday, February 3, 2024

ඒක වුනේ මෙහෙමයි (ප්‍රබන්ධයකි)