Showing posts with label මං තීරු. Show all posts
Showing posts with label මං තීරු. Show all posts

Sunday, June 30, 2019

සසරට කුලිය

මමත්වයෙන් යුතු හැම හැඟීමකමට මිලක් ඇත. ඉල්ලා ගැනීමේදී ප්‍රවේශම් වන්න.

ටීකා.. ටිප්පණි

බඩගින්න අප කාටත් පොදු කාරණයකි. ඒත් එකිනෙකා ආහාර ගන්නේ තම තමාගේ කුසට බඩගින්න දැනෙන වෙලාවටයි. මගේ බඩගින්න ගැන මට ඇතිවන හැඟීම අනෙකාටත් එලෙසින්ම දැනෙන බව තේරුම් ගත් තැනැත්තා තමාගේ බත් පත කුසගින්නේ සිටින්නෙකු හා බෙදා ගැනීමට මැළි නොවේ. ඔහු ඒ කෑම පංගුවට මිලක් නියම නොකරයි. එහෙත් කොපමණ බඩගින්නක් තිබුනත් හෝටලයකින් දන්සැල් තබා පන්සලකින් දුගියාට ලැබෙන දාන පංගුවෙන් කොටසක් පමණවත් නොලැබෙයි. ඒ කෑම හෝටලයට අයිති ඒවා නිසා මුදලට මිස ඒවා කුසගින්න යන හැඟීම මත පමණක් අලෙවි නොවෙයි. අපි හෝටලයට ගොස් ආහාර ඇණවුම් කරන්නේ අතේ ඇති මුදලට ගැළපෙන්නටය. හිතේ හැටියට කන්නට  ඉල්ලා සිටියොත් ඉල්ලුමේ හැටියට ගෙවන්නට සිදුවීම අනිවාර්යය. වතුර ටිකත් අද පිපාසයටම ලැබෙන්නේ නැත. එපමණක් නොවේ, ඔබට.. ඔබට.. ඔබට..ම කියා ආකර්ශනීය වෙළඳ දැන්වීම් තුළ ඇඟේ ගසන කවරක් වුව කාගේ හෝ අයිතියක් අලෙවි කිරීමකි. හිත හොඳ බව පෙන්වන වෙළඳාමේ සමහර උපක්‍රම ගැන මෑතදී පුවත් බොහෝ විය. සක්විති හොඳම උදාහරණයකි. ඔහුගේ මමත්වය උදෙසා  ක්‍රියාත්මක වූ හැම හැඟීමකට මිලක් තිබුණි, ඒ මුදල ජනතාවගෙන් ඔහු ලබාගත්තේය. ඒ ජනතාවගේ මමත්වයන් සංතර්පනය නොකර ඔහුට  සැබෑ නිදහසක් කෙදිනක ලැබේවිද? ලෝකය මමත්වයෙන් යුතු පෘථග්ජනයන් ගේ නිවහනය. ඒ බව තේරුම් ගන්නා තරමට ජීවිතය පහසු වනු ඇත.

Thursday, June 27, 2019

අපිට ඕන!

රටටම එක්ව නැටිය හැකි 'ජාතික නැටුමක්' තනන මී ළඟ ජනපති ටයි අපේ සහය.
"අපිට ඕන 'ජාතික නැටුමක්' සංසදය"

අතිශයින්ම වැදගති!(ඔබ සිංහල භාෂාව භාවිත කරන්නෙක් නම් සාතිශය වැදගති.)

තමාට අවුරුදු හය හතකින් බාල තරුණ අයෙකුට වැඩිහිටියෙකු සිය ගෞරවාදරය පළ කළ යුත්තේ
ඒ තාරුණ්‍යයේ
වයස
ස්ත්‍රී පුරුෂභාවය
සමාජ තත්වය තරාතිරම
වෘත්තීමයභාවය
බුද්ධි මට්ටම
සහ
තමාගේ එම මට්ටම් හොඳින් සංසංදනය කිරීමෙන් අනතුරුවය.
බොහෝකොට ගෞරවාදරය පළ නොකර සිටීමට හැකි නම් වඩාත් හොඳය.
වැඩි ළෙන්ගතුකමට පිටට තට්ටුවක් දැමීම, පුංචි විහිළුවක් කිරීම,
සද්භාවික දිරිගැන්වීමක් කිරීමට යාම,
ඔබ වෙනුවෙන් නඩුවක් ගොනු වීමට හේතුවක් විය හැක.
මේ නව ලෝකයේ පුද්ගල සමාජභාවය, ගෞරවය මානය රැකීම රැකදීම රැකගැනීම සියල්ලට පළමුය. එබැවින් තමා තමා ගැන බලාගැනීම විනා පැරණි පන්නය නව පන්නයට ගලපන්නට යා යුතු නැත. එය පැරණි පන්නයට හිතන්නන්ගේ හිතසුව පිණිස වනු ඇත.

(පැරණි පන්නයේ මිනිහෙක්)

මේ නටන්නට ගී කියන්නට කාලයයි

අහිංසක අංගුලිමාල වූයේ ගුරු වරදිනි. අංගුලිමාල රහත් වූයේ බුදු වදනිනි. සැබෑ යථාව ඔබට මට බොහෝ ඈතිනි.

Wednesday, June 26, 2019

ඉන්බොක්ස්

අස්සෙ
තියෙනවා
රසවත් කතා
දෙබස්
සංවාද
මතවාද
කීපයක්
මගේත්
එච්චරයි..
අගේ
නොරිඩෝකෝ
තවාන්
වගේ

Monday, June 24, 2019

ධ්‍යාන හා සමාජ සංවර්ධනය



කය වචනය
සංවර උනාමලු ශීලය
ශීලය ගෙනෙනවාලු සිතේ එකඟකම
ඒ සමාධිය තුළ පෙනෙනවාලු ඇත්ත...
ඒ ඇත්ත?
ගොඩක්ම කියවන කට වහගෙන
අත පය ඉස්සීම ගාණට තියාගෙන
හිත සන්සුන් කරගෙන
බැලුවම තේරුම් ගන්න පුළුවන් ඇත්ත
ඒක සරලවම මොන්ටිසෝරි ධ්‍යානයක්
සමාජ සංවර්ධනයට මහමෙරක්
ධනාත්මක
සංවර්ධනාත්මක
ගුණාත්මක
පෞර්ෂ වර්ධන පන්තියක්

Sunday, June 23, 2019

මිලියන දෙකේ ප්රශ්නය

*ඔබ .. වඩාත් කැමති චරිතය හෝ භූමිකාව?
ජාතිවාදී /ජාතිකවාදී /ජනතාවාදී /ජනහිතවාදී /මානවවාදී /මානවහිතවාදී
*ඒ කුමන අධ්‍යක්ෂකවරයා යටතේද?

තුන්තරා..එක්

සහස් අදහස් වැස්ස වැහැලා
අනෝරා මුරුගසන් වී දැන්
ගඟත් පිටාර ගිහින් යන්තම්
පාරුවක එමි ම'දිවි බේරන්

සුළඟ දියවන්නාව උඩහින්
හමන සැරයට කුණාටුවකින්
මෙපිට නොනැවත ඇදෙන සුළියෙන්
ගුහාගත වෙමි ම'දිවි බේරන්

විරිය අධික වු අයෝමය සෙන්
මාර සේනා ලෙසට යුධයෙන්
රට රකින්නට පෙරට බටුයෙන්
පසුපසට යමි ම'දිවි බේරන්

ආදරය කම් රාග සැපයෙන්
උදම් වී ලා විලිය සිඳිමින්
අනවරත රා ගින්න බුරමින්
අරණකට යමි ම'දිවි බේරන්

කොතැනකට ගිය පසුත් පස්සෙන්
ඒ පසින් පස්සෙනුත් පස්සෙන්
කර්මයේ කරු මතින් ගැස්සෙන්
නිවනටම යමි ම'දිවි නිස්සෙන්

උම්මා


Thursday, June 20, 2019

අරුත කිම!

ප්‍රතිඵල ගැන කප්පරක් විරෝධතා දක්වන්නෝම හේතු සාධක පැළ කරමින් ඒවා අලෙවි කරමින් ව්‍යාපාර කරති.(හේතුඵල දහම අදහති. මැද මග ගැන බණ දෙසති)

Monday, June 17, 2019

ධම්මිකය පාවා රාජකරියා මුවාවේ

ධර්මය දකින්නා තමා දකින්නේ යැයි කියූ බුදුරඳුන් දෙස විවිධ කෝණයෙන් බැලූවෝ එදත් අදත් බොහෝ වෙති. දිග් ගුටියක් උගත් පමණින් තම සටන් ගුරුවරයාද අභිබැවිය හැකියැයි සිතන මාන්නාධිකයින් හිඳින ලෝකයක අප  කලබල විය යුත්තේ පොතක පතක ලියූවක් පිළිබඳව නොවේ. පොත පතක ලියූ පමණින් කිසිවෙකු ඒ ඉස්මුදුනින් පිළිගන්නේ නැතිවා මෙන්ම කාල්පනික සංකල්පීය ලෝකය හැමවිටම යථාර්ථය පිළිබිඹු කරන්නේද නැත. සමාජයේ දෑසට හසුවන, නීතියට, සාමයට, යුක්තියට එදිරි දින දසුන් කොපමණද? ජීවිත පරිඥානය තබා කහ ඉරේ දිවි බේරා ගැනීමට කළයුතු සටන නොතරම්ය. දේශපාලුවන්, රාජ්‍ය ආයතන අපව රස්තියාදු කරන තරම්.. රටේ කාර්යක්ෂමතාව බලු නොවටිද්දී අකාලයේ ජීවිත විනාශයට පමුණුවන ත්රස්තවාදයන් ක්‍රියාකාරිත්වයෙන් එළි දකිද්දී අපි රෙද්දේ තුත්තිරි සොයමු. ඊතලයක් වැදී තුවාලවූවෙකුට පළමුව කළ යුත්තේ ප්රතිකාර යයි බුදුන් වදාළ කරුණු කාරණා තුළින්ම අපට සිහිපත් වේ. අප දැන් කරන්නට යන්නේ ප්රමුඛ ගැටළු තබා සියලු දුනු ඊතල තහනම් කරන්නට යාමකි.
රටේ භෞතික වශයෙන් උගුල්ලා දැමිය යුතු මහා කටු පඳුරු රාශියක් අහස උසට වැඩෙමින් තිබියදී ඒ අතරින් මතුවන තුත්තිරි අල්ලා ගැනීම රටේ හැමදාම සිදුවූවකි. බණ පදේ යොදාගත හැකි දහසකුත් ඵල ගසේ තිබියදී ඒවා නෙළා නොගෙන ගසට ගලකින් ගැසූවෙකු උලතබා මරණයට කැපකළ යුතුද?  ඔය ඵල මුක්තියකට නොයා සාධාරණ ලෙසින් භුක්තියට ඉඩ ලැබුණේ නම් සමහරවිට කිසිවෙකු ගසට ගල් ගසන්නේද නැත. ධර්මය පහුරක් කොට ගන්නට කරුණු කාරණා පිරිසිඳ සමථයෙන් මග සෙවූ මහා පන්ථක සිටියදී කුඩා පන්ථක ඝන අඳුරේ අකුණු සැරකින් වුව දැකිය යුතුදේ දකින පරිදි විදර්ශනීය මනසෙන් යමක් ග්‍රහණය කළේද අවබෝධයට මග කියන බුදු දහමේ ඒ හැම ද්වාරයක්ම විවෘතය. එව බලව කියුවේ එහෙයිනි. එබැවින් ජාතකයන් ඔස්සේ මිනිසා විග්‍රහ කිරීමට යාමේ අර්ථයක් නැත. වැදගත් වන්නේ කළ කියු දෑය. කුලය උත්පත්තියෙන් තීරණය වුවද සැබෑවටම මිනිසා වසලයෙක්ද නැතිද යන්න පැහැදිලි වන්නේ ක්‍රියා වෙනි. නූතන ලංකාවේ එනයින් බමුණු කුලක සොයන්නට යෑමද විහිළුවකි. ඉතිං රටේ ආදම් නොහොත් ආදි පියවරුන්ගේ සිට ගත්විට රටේ ජාතකයම මදිපුංචිකම් තුළ එද්දී පුරුෂ ශක්තිය ඇත්තෝ මහා පුරුෂයන්ගේ තබා අල්ලපුගෙදර අයගේ පුරුෂ ශක්තිය හොයන්නට යා යුතු නැත. ඒ පුරුෂ ශක්තිය, වඳභාවය හෝ මඳ සරු භාවය සැබවින්ම අපේ රටේ මන්දබුද්ධික භාවයේ ප්‍රශ්නයකි.
බුදු දහම වාසිය පිණිස උඩ දමන්නට කාසියක් කරගන්නට ආණ්ඩු උත්සාහ නො දැරිය යුතුය. සතට දහමින් අත්හැරීම ඔස්සේ නිවනට මග කියද්දී ඒ තාක් සියල්ල බදා අල්ලා ගෙන ඉන්නා දෙකෝටියක ට අධික මිනිසුන්ට දහසකුත් ප්රශ්න තිබේ. ඒවායින් බොහොමයටගම වගකිවයුතු ආණ්ඩු ඒ උදෙසා දාර්ශනික වන්නට උවමනා නැත. තමන් විසින් කළයුතු රාජ්‍යකාරිය සඳහා තාර්කික වීම ප්‍රමාණවත්ය. අප  විසින් විප්ලවයක් කළ යුත්තේ ඒ රාජ්‍යයේ කාර්ය නොකර අයාලයේ පාදඩ කර්මයේ යෙදෙන මේ රාජ්‍ය මෙල්ල කරගනු පිණිසමය.

විප්ලවයක්


ගුත්තිල ගේ මූසල වන්


දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි යනුවෙන් කීවාට වඩාත්ම පුදුම සහගත මිනිසා මැවූ ලෝකයයි. දෙවියන් මැවූ ලෝකයේ පහන ළඟ තියෙද්දී ආලෝකය දුර වූවාට මිනිසා මැවූ ආලෝක පහනේ ක්‍රියා යතුරද මිනිසාගේම දෑත යටය. අඳුරට ආලෝකය දුන් මිනිසා රාත්‍රියට පණ දුන්නේය. නිශාචර නොවූ මිනිස්සු එහි සීමා අතික්‍රමණය කොට නොනිදන නගර සාදා ගත්හ. නොනිදන නගර තුළට වැදි නොනිදන මිනිස්සු නිසා ලෝකය තවත් වෙනස් වුණි. සක්විත්තෝ කප්පිත්තෝ සේම සිත්ගත්තෝ තමන්ගේ සිතැඟිවල සීමාවන් සෙවූහ. ලෝකය ගුත්තිල බඳු ඇඳුරෙක් කරගත් මූසිලයකු වූ මිනිසා ලෝකයෙන්ම උගෙන  ලෝකයටම අභියෝග කළේය. තම මනෝඥ භාවය භෞතිකත්වයට මනාව මුසු කළ පමණින් නොසෑහී ඒ සංස්කෘතික වපසරිය මානසික පරිණාමයක් කරා ගෙනයන්නට මිනිහා සමත්විය. හිතන්නට හදාගත් නිදහසම බෙල්ල හිර කර දිවි නසන්නට එල්ලුම් ගස තැනීම දක්වාත් දුර ගියේය. අකුරක, ඉස්පිල්ලක, පාපිල්ලක වටිනාකම  මරණයක් තීරණය වන තැනක්ද මිනිසා පහුකර හිටියේය. ඇඳුරාගේ මැඳුර කඩා තමන්ට රිසිසේ එය සකසාගත් මිනිසා මූසිලට වඩා මූසලයෙක් වන්නට වූයේ ඉන් අත් වන්නට වූ විනාශකාරී ප්රතිඵල සියතින්ම ගෙල සිර කරගැනීමක් පමණක් නොව සකල සතවෙතම ඉලක්ක වෙන පාරිසරික ත්‍රස්තවාදයක්ද කරගත් නිසාය.
ඉතිරිය පසුවට-

Sunday, June 16, 2019

හෙතෙම ලෝකයේ ගෝලයෙකි


මනුෂ්‍යයාගේ ලෝකය හරි අපූරුය. සොබාදහමේ සංයෝගීතා විෂමයෝගීතා හඳුනාගෙන අනුක්‍රමයෙන් ඒ ඒ සහයෝගීතාවයන් හා තම මනසේ චිත්රණයන් ගැලපීමෙන් තම පරිසරයේ වපසරිය පුළුල් කර ගනිමින් තම සංස්කෘතික පරිසරය සකස්කර ගන්නට ඔහු සමත්වී ඇත. ගහක් උඩ පැලක් හැදුවා පමණක් නොව පැලට නගින්නට හිණිමගක්ද ඔහු තැනීය. ජලයේ පිහිනීම මතින් ඔරුවක් පාරුවකින් ජලය මත ගමනා ගමනයත් ඉන් නොනැවතී වායුගෝලයේ පිහිනන්නටත් පියඹන්නටත් වායුගෝලයේ සීමාව අතික්‍රමණයටත් හේ උගත්තේය. ඔහු විසින් ස්වභාවික ලෝකය තුළ තැනූ සංස්කෘතිමය ලෝකය බෙදාගත් එකකි. මහද්වීප ප්ලාවිතයෙන් ඒ ඒ දිශාවකට උරුම හැටි පාට අනුව දේශ දේශාන්තර තුළ වර්ධනය විකසනය වුවත් එය විවිධ සංක්‍රමණය, ආක්‍රමණය, සංවාද, විසංවාද ඔස්සේ පැමිණ අද වන විට එකම ජාලයක්ව ඇත. දහනය වන වායූන් සංයෝගයෙන් විමෝචනය කරන්නේ යම් අහිතකර වායූන්ද ජාලගත සංස්කෘතික ලෝකය සම්මිශ්‍රණයෙන් ජනිතවන ජංජාල සංස්කෘතියද විටෙක අහිතකරය. තම මනසේ චිත්‍රණයන් කොතරම් සියුම් පරිශ්‍රමයකින් සජීවීකරණය කළද ඒ සියුම් මනෝඥයා තමන් විසින් තම වර්ගයාගේ ලෝකයට දායාද කරන කිනම් හෝ උපකරණය, උපාංගය, හෝ මතවාදය ඉන් ඔබ්බේ පාලනයට සමත් නොවේ. රෝදය ඇසුරින් බිහිවුණු ටයරය ගමන් පහසුවෙන් ඔබ්බට ජීවිත හානිය උදෙසා බෙල්ලකට වැටෙන්නේ ඒ අනුවය.
ඉතිරිය පසුවට-