Showing posts with label පිරිමින්ට විශේෂයි. ගැහැණුන්ට සුවිශේෂී නොවේ. :). Show all posts
Showing posts with label පිරිමින්ට විශේෂයි. ගැහැණුන්ට සුවිශේෂී නොවේ. :). Show all posts

Thursday, August 28, 2014

කණේ පහර සැර වැඩී, බලුවැඩ දහක් වටී....ද? අපේ පිරිමිකම් හා ගෑනුන්ගේ පිරිමිකම්...!

අපි ජීවත් වෙන්නෙ නිවටයො පිනුම් ගහන රටක, වාරියපොළ කණේ පාර සැර වැඩිද බලන්න නොයෙකුත් පරීක්ෂන කෙරෙන අතරේ අදාළ තරුණියගෙ මානසික තත්වයත් පරීක්ෂා කරාලු. ඒක සාමාන්‍යයිලු. 

එ් සිදුවීම පසෙක තියද්දි රටටම අමු පිස්සු තොරොම්බල් පෙන්නපු මර්වින්ලට කණේ පාරක් දෙන්න යම් සිදුවීම් වලට බදුන් වුනු තැන් වල පිරිමි නොහිටීමත් ප්‍රශ්නයක්. ඒ වගේම අදටත් පිස්සු නටන මර්වින් ඇතුලු  තව දාහක් දෙනාගෙ මනස පරීක්ෂා කරන්න මේ රටේ මොන පරීක්ෂනයක් වත් නැති එක විදේශයෙන් ගෙන්වල හරි තවත් පරීක්ෂනයක් කරන්න වෙන තරම් ප්‍රශ්නයක්.

එතරමට අපි හැමෝම සුපිරි ගෙවල් වල කුක්කො ගානට වැටිල. කන්ඩ බොන්ඩ සැප නම් බල්ලෙක් වුනාම මොකද නේද?

අනේ මෙහෙව් රටක්!  ජනතාවක්! බලු‍ නොවටින මහජනයා හා තොපේ මතය :) යැයි කීවොත්...

සාමාජයක් හැටියට විග්‍රහ කරගන්න ඕන දේකුත් එතන තියෙනව. මනසත් අවුල් නැත්නම් අච්චර කණට ගැහුවෙ විනෝදෙටද? කියල හිතල බලනව වගේම මර්වින්ල වගේ බොරු නම් ගත්ත තවත් දාහක් පාදඩයො බලු වැඩ කරනකොට උන්ට කණට ගහන්න පෙළඹෙන්නෙ  නැත්තෙ මරණ බයටමද? කියල හිතල බලන්නත් වෙනව.

මර්වින් හමුවෙ මරණ බයට ඇකිළෙන අපේ ඈයො කෙල්ලක් හමුවෙ වීරයෝ වෙන්න හදනව. යම් කතාවක් කියල ඒ වෙනුවෙන් ලැබුනු ගුටි ප්‍රමාණය සාධාරණයි කියල කොල්ලෙක් හිතපු එකත් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ අර කණේ පාරවල් වලින් කීපයක් අපේ පිරිමිකමටත් වැදුන කියල දැනුනම තමයි, කණේ පාරට හා ඒ සිද්ධියට වඩා පිරිමි ගැහැනු පෞරෂ ගැන කතාකරන්න කාලෙ ඇවිත් කියල හිතෙන්නෙ එතකොට. නමුත් මර්වින්ල හමුවෙ බලු වීම අපේ පිරිමිකමට තරම්.. ඔන්න අපේ තරම.

පැය භාගයක් විතර ගෑනුන්ගෙන් කණේ පාරවල් කන්න තරම් පිරිමි බල්ලට වැටිලනම් ඒක ගෑනුන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි. ඇගේ පතේ හයියට එහා හිතන්න කාරණයක්. එක දේ හැමදේ නොවුනත් හැමදේ එක තැනකට ගලපන්න වෙන්නෙ ඒ හිතිවිල්ලත් එක්ක. නැතුව ඒ කෙල්ලට කණේ පාර ගැහීමෙන්ම නෙවෙයි. මේක පිරිමින්ගෙ පිරිමිකම පිළිබද ප්‍රශ්නයක් මිස ගෑනුන්ගේ පිරිමිකම් පිළිබද ප්‍රශ්නයක් නොවෙයි. 

මර්වින්ල හමුවෙ ගෑනු වෙන පිරිමිකම මතුවෙන්නෙ ගෑනු ඉස්සරහ විතරනම් සිග්නල් දාල  ප්‍රධාන පාරෙන් හරහට පිරිමිකම කපා ගන්නැතුව මැරුණත් ඉස්සරහටම යන්න හිතන්න වෙනව. එ් ප්‍රධාන පාරෙමයි, නියම පිරිමිකම එතැන නිසා. හරියට ප්‍රධාන මාර්ගයෙ හරහට වැටුණු බාධකය අයින් කරන්න හයිය ඇති නැති කොයි පිරිමිත් පිරිමිකමේ හයියෙන් කරගහනව වගේ, මග අරින්නෙ නැතුව. 

ඔන්න වැඩ නම්....පිරිමි කම කියන දේ දෙකයි පනහට දා ගන්නෙත් උඹල අපේ සමහර වැඩමයි. භය නම් පිරිමි නොවුනට කාරි නෑ. හැබැයි ඒ බය නැති කම ගෑනු ඉස්සරහ විතරක් නෙවෙයි. මොන ජඩකම ඉස්සරහත් ඒ විදිහට තියෙන්න ඕන.