Showing posts with label Vs. Show all posts
Showing posts with label Vs. Show all posts

Thursday, February 1, 2024

ඇලඩින්ගේ බාප්පා Vs පුදුම පහන (බලයේ උවමනාව ද උවමනාවේ බලය ද)

බංකොලොත් භාවයක් හමුවේ වුව බහුතර මහජනයා පිළිකෙව් කළා වුව තම පැවැත්ම උදෙසා දූෂිතයින් හා දූෂිත ක්‍රමයක් රකින ~ එසේ රැකීමට සමත්කම් පාන දේශපාලක පැළැන්තියක් රටට ජාතියට පිළිලයකි, පිළිිකාවකි. ඒ පිළිකාව පතුරුවන මූලයන් උදුරා ඉවත් කරන තුරු රටට හෝ ජනතාවට සුවපත් බවක් නොවනු ඇති. 

ඒ අනුව දූෂිකයින් බලය තම අවශ්‍යතාව කර ගන්නට එක පිලකට එක් වන විට ජනතාව තම උවමනාවන් බලයක් කර ගන්නට පිල් නොබෙදී එකට එක් විය යුතුමය.

Sunday, January 21, 2024

කුලේ Vs බලේ (හාමුලා, මහත්තුරු, සහෝදරයෝ බෙදුණු රට)

ඉන්දියාවේ තරමට නැතත් දේශපාලනේ, රාජ්‍ය පාලනේ, පරිපාලනේ හංගලා ගහන දෙයක් කුලේ. ජාතිය, ආගම වගේම සමහර තැන්වලදි එලිපිටම දමල ගහන්නෙ දෙයක් නැති වුණත් පෙන්නන්න අනියම් බලේ.

පරණ කුල නෂ්ටාවශේෂ අතරේ අලුතින් හැදුණු දේශපාලන රදළ, මජර, ගජ මිතුරු, රාජ්ය සේවක, පෞද්ගලික සමාගම්, වෘත්තීය සමිති, ආගමික, නිරාගමික, සංක්‍රාන්තී, ස්වාධීන ආදී විවිධ කණ්ඩායම්, රැකියා හා විවිධ සමාජ තත්ව මත නියෝජිත කුලක, කුල ලෙස හැඟේ. මේසා නාවිද කුල පිරිස් අතරේ එක මවකගෙ දරු කැලේ මැද අතරමං නොවී කවදා ලබා ගනු ඇතිද එක මිටකට සවි බලේ ! ඒ දරු කැළටයි ජය රටේ !

Friday, January 19, 2024

සිංහගිරි Vs වංකගිරි (ගිරිය කඩාගෙන වංකගිරියක යන රට)

මිනිස්සු ආවේගයෙන් යක්ෂාවේශයන් කෑ ගහනවා. කොච්චර ආවේගයෙන් ආවේශයෙන් කතා කරත් ඒක විරෝධතාවයකින් එහාට යන්නෙ නෑ. ගියොත් සාමය කඩකිරීමක් වෙයි, අත්අඩංගුවට පත් වෙයි. සමහර විට කඳුළු ගෑස්, වතුර වදින්නෙ ඒ සීමාවටත් කලින්. අවම බලය, එතනින් එහාට එසවෙන්නේ අවි, ආයුධ. ඒත් අයුක්තිය අසාධාරණයට එරෙහි හඬ නැගීම කළ යුතුමයි. අරමුණු පටු නොවී ඒ හඬවල් එකතු වුණා නම් ජන අරගලත් සාර්ථකයි.

බලධාරීන්, නිලධාරීන් ආවේගයෙන් ආවේශයෙන් කතා කරමින් ඉන්නවා. මාධ්‍ය ප්‍රකාශ, සාකච්ඡා, මහජනයා ඉදිරියේ, ප්‍රශ්න ගැටළු ඉදිරියේ රැවටීම සඳහා රඟපානවා ද ?

දේශපාලකයො ආපහු ඡන්දෙ ඉල්ලනවා. ප්‍රතිමල්ලවයා හම ගහනවා. ප්‍රශ්න යට ගහනවා.

ඔවුන්ට ආවේගයෙන් ආවේශයෙන් දෙඩීමට එහා විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමට වගකීමත් බලයක් තියෙනවා. එසේ නම් ඒ වගකීම දැරිය නොහැකි තැන ඉල්ලා අස්නොවන්නේ, රටම වංකගිරියක අතරමං කොට තවදුරටත් ගිරිය හඬවමින් සිටින්නේ ඇයි ? රට ජාතියේ ඉරණම කීප දෙනෙකුගේ යාතු කර්ම උදෙසා බ්ලි දෙන්නේ ඇයි ? 

හෘද සාක්ෂියත් ප්‍රතිව්‍යූහ ගත කරණයට සුදානම් එවන් වංක ගිරි සිංහ ගිරි තුළට බිලි වීම දකිනු යෙහෙකි.

Thursday, January 18, 2024

ඌරෝ Vs හබන් කුකුළෝ (කැකුණ තලන රට)

ප්‍රතිමල්ලවයන් එකිනෙකා අවුළුවා කා කොටා ගන්නට මං සළස්වා තම ගමන තහවුරු කර ගන්නා කුට පාලකයින්ට, බේද භින්නව තමන්ගේ ගොඩ ලොකු කරගන්නට හදන පාට පක්ෂ කල්ලි වෙස් නැතිවම පැමිණෙන ආශිර්වාදයකි. එය රටකට කාලකණ්ණි කමකි. 

එබැවින් ඌරෙකු වී හබන් කුකුළන්ගේ රජ මඟුල් වෙනුවෙන් රබන් වැයීමෙන් වැළකීම යෙහෙකි.

Wednesday, January 10, 2024

ඔබ සූදානම්ද? (ජාතික චින්තනය Vs එහි අර්ථකතනය)

ජාතික චින්තනයක් නැති නිදහස් අධ්‍යාපනය යනු රටකට නැති ඉල්ලමක් ය.
ජාතික චින්තනයක් නැති ව්‍යවස්ථාදායකය යනු රටකට කෝළම් මඩුවක් ය.
ජාතික චින්තනයක් නැති විධායකය යනු රටකට වැහි නැති හෙනයක් ය.
මේ තුන් කර්මය එක විට ඵලදීම යනු කිසිම පාඩමක් නූගත් රටකට විභාගයට මුහුණ දීමට සිදුවීමක් ය.

Monday, January 8, 2024

වාසනාවන්ත මාතාවගේ පියයුරු පිළිකාව (ජාතික චිත්තනය Vs එහි අර්ථකතනය)

අවාසනාවන්ත ලෙස පිළිකාවට ගොදුරු වී ඇති බවට තහවුරු වූ මාතාවගේ දේශපාලනික චින් තනය ඉවත් කොට ජාතික චින් තනය සමඟ ඇගේ ජීවත් වීමේ අයිතිය සුරැකීමට කටයුතු කරමු !

ඇගේ පිළිකාව දඩමීමා කොට ගෙන ක්‍රියාත්මක වන මුදල් එකතු කිරීමේ ව්‍යාපාර සහ පිළිකාවක් නැති බව පෙන්වමින් ඇය වැඩිහිටි නිවාසයකට බාරදී ඇඟ බේරා ගැනීමට දරනු ලබන උත්සාහයන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. ඇයගේ දුවා දරුවන් එකමුතුව කටයුතු කොට පිළිකාවට ගොදුරු වු ඇගේ දේශපාලනික චින් තනය ඉවත් කොට ජාතික චින්තනය සමඟ ඇගේ ජීවිතය බේරා ගැනීමට උදක්ම කටයුතු නොකළහොත් තවදුරටත් වාසනාවන්ත මාතාවගේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු තබාගත නොහැකි වන බව පමණක් අවසන් වශයෙන් සටහන් කරමු. 

Thursday, January 4, 2024

රටට ගැලපෙන දැක්මක් ව්‍යවස්ථාව / සංශෝධන තුළින් පෙනේ !!! ද? (රාජ්‍ය පාලනය Vs දේශපාලනය)

මහජනයා තමන් වෙනුවෙන් අරගලයක් කරනවා

ඒක රාජ්‍යයේ යහ පැවැත්වට අවශ්‍යයි !

මජර දේශපාලයට ඒක බාධාවක් !

මජර දේශපාලකයන් එක්ව තම පැවැත්ම වෙනුවෙන් රාජ්‍ය පාවා එය මැඬ පවත්වනවා

මහජනයාගේ දේශපාලන බේදය ඊට උඩගෙඩි දෙනවා

මහජන නොවන නායකත්වයක් අටවනවා

තව දුරටත් මජරත්වය රාජ්‍ය ගිල ගන්නවා

මහජනයාගේ හා රාජ්‍යයේ අවශ්‍යතාවය එක මුත් ඔවුන්ගේ දේශපාලන බේදය මජර දේශපාලන පැවැත්මට බරටම යටිතල පහසුකම් සපයනවා

අටවන නායකත්වය රාජ්‍ය අටවමින් ඉදිරියට ගෙන යනවා

එය සැබවින්ම ඉදිරියට යන ගමනක් ද ?

පසුපසට යන ගමනක්ද ?

ණය බර බදු බරින් ජනතාව මිරිකෙනවා

ප්‍රතිව්‍යුහගත කිරීම් රාජ්‍යයේ දේපල වෙන්දේසිය හා රාජ්‍යයේ සිඟාකෑම විධිමත් හා ක්‍රමවත් ක්‍රියාවලියක් බවට පත් කරන බව කියවෙනවා

අමු සිංදු, අමුක ඩුමුක ~ අමුඩ කඩන අතරේ පොලිසිය යුක්තිය සොයා යනවා

රට වැසියා රට යනවා

පිට රට වැසියෝ පිට රට පරිසරයට සංස්කෘතික ශේෂයට ආල වඩනවා

රාජ්‍ය ආයාලේ ගිය ද දේශය පාලනය වෙනවා

දේශය පාලනය කළද රාජ්‍ය හතර ගාතෙන් යනවා

රාජ්‍ය ණය මත ගියද දේශපාලනය ඔළු මත යනවා

දේශපාලනය ඉතිහාසය ලියනවා රාජ්‍ය කොට උඩ ළත වෙනවා

ඡන්දේ ලඟ විට රටේ දැක්ම වේදිකා ගත වෙනවා

ඉන්පසු අපේ ඊළඟ පරම්පරාවේ අරගලයට අපි හැමෝම ආයේ දවසක මහ පාරට එනවා

ඒ අතර මැද ඉතා හොඳින් රාජ්‍ය පරිපාලනය සිදු වෙනවා

Wednesday, January 3, 2024

සීතා ද රෝගේ ! (රාම Vs රා~වණ)

ඉන්දියාවේ ගාන්ධි කෙනෙක් නොහිටින්න මහත්මා, ඒ අය බංකොළොත් වෙලා හුඟක් කල් වෙන්න තිබුණා... 

ලංකාවෙ දේශපාලනේ පරදන ජාතික චින්තනයක් තිබුණ නම් මහත්මා, අපිට අද ඉන්දියාවට ණය දෙන්න තිබුණා...

කියවන පරපුර නිමාවුණා

කියවන පරපුරක් බිහිවුණා

රට ජාතිය ගොඩනගන දේශපාලනේ වෙනුවට දේශපාලනයෙන් ගොඩයන්න ආපු ප්‍රමාණය වැඩිවුණා

රාජ්‍ය පාලනය බිස්නස් එකක් ම වුණා

ණය දීමෙන් හා ගැනීමෙන් ගනුදෙනුකරුවාත් බිස්නස් කරුවාත් දෙදෙනාම බංකොලොත් වුණා

එනිසා ඉන්දියාව තාම සමරන කොට රාම

ගහන කොට තමන්ගේ ගේම

අපි තාමත් කරගහගෙන නාම 

කළා පමණයි රා~වණ සහ වනේ වණ

Saturday, November 4, 2023

ඒ අපි Vs මේ අපි

ඒ පාලක මණ්ඩලයත් රටේ පාලක මණ්ඩලයත් අතර ලොකුම වෙනසක් නැත.

ඒ ක්‍රීඩකයින්ගේ අසමත් වීමත් රටේ ජනතාවගේ අසමත් වීමත් අතර ලොකුම වෙනසක් නැත.

පිට්ටනිය සහ පොට්ටනියේ නම් ලොකුම වෙනසක් ඇත.

Tuesday, October 31, 2023

IND Vs SL (අද සිට)

බොහෝ දේ වලින් පැරදුනත් අපි 

පරදවමු ඔවුන් පිට්ටනියෙදි !


ඉතිහාසයේ ජයග්‍රහණ ප්‍රති නිර්මාණය කළ හැකියි ~ ඔබලා දේශපාලකයින් නොවන නිසා ~

Monday, October 30, 2023

ජීවිත Vs ජීවිත

නිර්වින්දනය වූ 
නායකත්වයන් 
ජාතිකත්වයන් 
වින්දනය කරන අපූරුව 
දේශපාලකයෝ 
හෙට ලෝකය 
හදනවා, 
සත්තයි !

Saturday, October 28, 2023

සීරුවෙන් Vs පහසුවෙන් (අපහසුවෙන් සිටීන්)

පාර්ලිමේන්තුවේ ගලි බවුසරෙන් නාලා

මහජනයාට කඳුළු වතුර බෙදලා

විධායකේ දෙන දංකුඩ කාලා

කොන්දයි හිසයි හදවත දන් දීලා 

Friday, October 27, 2023

අප්‍රසාද Vs වරප්‍රසාද

මජර තක්කඩි ගෑණු මිනිසුන් පොදු වේශයෙන් කරන පුද්ගලික කෝන්තර දේශපාලනය උදෙසා රටේ ~ පාර්ලිමේන්තුවේ සහ ජනමාධ්‍යයේ කාලය වෙන් කිරීම යනු ~ ගලි බවුසර් සේවාවක්මය.

Friday, October 20, 2023

ඩයනා Vs චාල්ස් ~ (හොඳ Vs නරක ද)

ස්ත්‍රීන්ගේ අමුතු හොඳක් හෝ පුරුෂයින්ගේ අමුතු නරකක් නැත. හොඳ නරක අඩු වැඩි වශයෙන් කොයි මිනිසා තුළත් අද්දැකිය හැක. කොයි නරකය අවසානයේදීත් වැළලෙන්නේ අප (තුළ ශේෂ වුණු පුරුෂාර්ථයන්) පමණි.

සභාව එකඟ ද

හායි

19 ට

හායි

20 ට

හායි

21 ට

හායි

ජනතාවට

හායි

ජනතා අයිතීන්ට

බායි

Wednesday, October 18, 2023

වීරිය ණයට නොලැබෙනු ඇත! (ණය Vs වීරිය)



එකමුතු නොගෙතු මහ විප්ලව ගඟේ ගියා

ගජමුතු නැතත් තනි ගේමක් ගොඩට ගියා

එක එක දනා ඒ ගේමට රටින් ගියා

රට වෙනුවෙන් වූ හීනය හිතින් නොයා


අතේ තිබුණු ජය රැක ගන්නට බැරිව

හිතේ තියෙන ගට දියවෙන්නට හැරිය

කොතන කාට මුත් පැරදුම වන හරිය

ණය ණය නොවෙයි දැය අබිමන ජය කොඩිය


මහවුන් දණ ගැසූ තැන දී රට පාවා

තව මොන කතා විකුණා ගෙන කන ඒවා

උරුමය කරට කරුමෙට උර බල දී ලා

හිඟමන් වින්දනේ නින්දෙන් ඇහැරේ වා!

Friday, October 13, 2023

ViP පුටු Vs iCU ඇඳන්

රටම ලෙඩ කරවපු මිනිසුන් පිරිසක් රට කරවන තැන ~ ප්‍රධාන වශයෙන් 225 ක් අතර ~ අසුන් අරා ඉන්නවාය. ඉන් එක අසුනක නියෝජනය සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් ලබා ගන්නට ලක්‍ෂ ගණන් මිනිසුන් පාරට බැස අරගල කළද අවස්ථාවක් නැත. ඔවුන් ඒ vip අසුනක් කිසිඳු සාධාරණ හේතුවක් මත අත්හැර යන්නේ නැත. අඩු තරමින් ඡන්දයකදී හෝ සාමාන්‍ය පුරවැසියාගේ නියෝජනයට අමතර අසුනක් හෝ ලබා දෙන්නේ නැත. 

රටට මාතෘකා කොට ගත් icu ඇඳ තබා ජන අරගලයකට තබා මහජන ඡන්දයටවත් සාධාරණ වගවීමක් නැති බහුතර මන්ත්‍රීන්ගේ පශ්චාත්භාගය දරන්නා වූ පුටුව යනු අසුනම ද නොවේ. පුටුවට ලැබෙන වරප්‍රසාද දීමනා කාර්යමණ්ඩලය බලය ඇතුළු කාරණා ගණනාවක එකතුව අසුන නම් වේ.

මැරෙන්නට යන මිනිසුන් ගලවා ගන්නට හදන තැන ඇති අමු කෙස් පැලෙන තර්ක අතරේ පිල් බෙදා මිනිසුන් මරා හෝ බලය හා වරප්‍රසාද දිනා ගැනීම උදෙසා කැප වන උන් තවදුරටත් ස්වකීය අසුන් බදා යෙහෙන් වැජඹේ.

තවමත් ඵලයේ ගඳ සුවඳ ගැන මිස හේතුව ගැන වදවෙන්නට, එක්වෙන්නට ඇති හේතු අතහැර දැමීම රටක ජාතියක අහේතුව යැයි දිස් වේ, සිත් වේ. තව තවත් ඇස් පනා පිට ප්‍රත්‍යක්‍ෂ වේ.

Thursday, October 12, 2023

අභිමානය Vs අවමානය

අපි හොඳයි

ඕස්ට්‍රේලියා හොඳායි

අත්තානං උපමං කත්වා ! බොහෝම හොඳයි

මානය ඉතා නරකයි

Monday, October 9, 2023

ගස් බඳින්නෝ Vs ආණ්ඩු

ගස් බඳිනවා ~ බැඳපු ගස් ඇදල බඳිනවා

මංවින් සම්බන්ධ නැත. එහෙම කියන්නේ ගස් බඳින්නෝය.

ගස් කපනවා. වැටුනම කපනවා. වැටෙන්න යන ඒව කපනවා, එහෙම හිතෙන ඒවත් කපනවා. වට්ටලත් කපනවා. දිරපු ගස් රකිනවා. දිරවන්නෙ නැති ගස් කපනවා. ඇද නැති ගස් මරල කපනවා. වටින ගස් හොරෙන් කපනවා.

ආණ්ඩු , වී අයි පී අය සම්බන්ධය. එහෙම සිදු වන්නේ තිරසර සංවර්ධනය උදෙසා ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදීය.