Thursday, January 4, 2024

රටට ගැලපෙන දැක්මක් ව්‍යවස්ථාව / සංශෝධන තුළින් පෙනේ !!! ද? (රාජ්‍ය පාලනය Vs දේශපාලනය)

මහජනයා තමන් වෙනුවෙන් අරගලයක් කරනවා

ඒක රාජ්‍යයේ යහ පැවැත්වට අවශ්‍යයි !

මජර දේශපාලයට ඒක බාධාවක් !

මජර දේශපාලකයන් එක්ව තම පැවැත්ම වෙනුවෙන් රාජ්‍ය පාවා එය මැඬ පවත්වනවා

මහජනයාගේ දේශපාලන බේදය ඊට උඩගෙඩි දෙනවා

මහජන නොවන නායකත්වයක් අටවනවා

තව දුරටත් මජරත්වය රාජ්‍ය ගිල ගන්නවා

මහජනයාගේ හා රාජ්‍යයේ අවශ්‍යතාවය එක මුත් ඔවුන්ගේ දේශපාලන බේදය මජර දේශපාලන පැවැත්මට බරටම යටිතල පහසුකම් සපයනවා

අටවන නායකත්වය රාජ්‍ය අටවමින් ඉදිරියට ගෙන යනවා

එය සැබවින්ම ඉදිරියට යන ගමනක් ද ?

පසුපසට යන ගමනක්ද ?

ණය බර බදු බරින් ජනතාව මිරිකෙනවා

ප්‍රතිව්‍යුහගත කිරීම් රාජ්‍යයේ දේපල වෙන්දේසිය හා රාජ්‍යයේ සිඟාකෑම විධිමත් හා ක්‍රමවත් ක්‍රියාවලියක් බවට පත් කරන බව කියවෙනවා

අමු සිංදු, අමුක ඩුමුක ~ අමුඩ කඩන අතරේ පොලිසිය යුක්තිය සොයා යනවා

රට වැසියා රට යනවා

පිට රට වැසියෝ පිට රට පරිසරයට සංස්කෘතික ශේෂයට ආල වඩනවා

රාජ්‍ය ආයාලේ ගිය ද දේශය පාලනය වෙනවා

දේශය පාලනය කළද රාජ්‍ය හතර ගාතෙන් යනවා

රාජ්‍ය ණය මත ගියද දේශපාලනය ඔළු මත යනවා

දේශපාලනය ඉතිහාසය ලියනවා රාජ්‍ය කොට උඩ ළත වෙනවා

ඡන්දේ ලඟ විට රටේ දැක්ම වේදිකා ගත වෙනවා

ඉන්පසු අපේ ඊළඟ පරම්පරාවේ අරගලයට අපි හැමෝම ආයේ දවසක මහ පාරට එනවා

ඒ අතර මැද ඉතා හොඳින් රාජ්‍ය පරිපාලනය සිදු වෙනවා

No comments: