Wednesday, January 3, 2024

සීතා ද රෝගේ ! (රාම Vs රා~වණ)

ඉන්දියාවේ ගාන්ධි කෙනෙක් නොහිටින්න මහත්මා, ඒ අය බංකොළොත් වෙලා හුඟක් කල් වෙන්න තිබුණා... 

ලංකාවෙ දේශපාලනේ පරදන ජාතික චින්තනයක් තිබුණ නම් මහත්මා, අපිට අද ඉන්දියාවට ණය දෙන්න තිබුණා...

කියවන පරපුර නිමාවුණා

කියවන පරපුරක් බිහිවුණා

රට ජාතිය ගොඩනගන දේශපාලනේ වෙනුවට දේශපාලනයෙන් ගොඩයන්න ආපු ප්‍රමාණය වැඩිවුණා

රාජ්‍ය පාලනය බිස්නස් එකක් ම වුණා

ණය දීමෙන් හා ගැනීමෙන් ගනුදෙනුකරුවාත් බිස්නස් කරුවාත් දෙදෙනාම බංකොලොත් වුණා

එනිසා ඉන්දියාව තාම සමරන කොට රාම

ගහන කොට තමන්ගේ ගේම

අපි තාමත් කරගහගෙන නාම 

කළා පමණයි රා~වණ සහ වනේ වණ

2 comments:

මයියා said...

නිදහසින් පසු ඉන්දියාවේ ආර්ථිකය ගැන මහත්මා ගාන්ධි සහා රබින්ද්‍රනාත් තාගොර් අතර බරපතල වෙනස් කම් තිබ්බා...මහත්මා සංවෘත ජාතික ආර්ථිකයක් ගැන කතා කලා.. ඒ වෙනුවට තාගොර් සැම විටම ලිබරල් අදහස් වෙනුවෙන් පෙනී හිටියා...


- Mayya

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

අදහස් කළේ සම්භාව්‍ය තලයෙන් සාමාන්‍ය බිමේ ඉන්දියානු හැඩයට මුල්ගල තැබූ බව, ඒ මුල් ගල මතින් ඉන්දියානු හැඩයට පාදමක් දැමූ බව ~ එය දේශපාලන දැක්මකට ඔබ්බෙන් ඉන්දියාව අදටත් දරා සිටින බව: ගාන්ධිගේ වීරිය නිදහස් ඉන්දියාවේ ශේෂයක් බව ~ මහා ප්‍රඥාවකටත් දෙකකුල් නැති වීම ප්රශ්නය කි. ගාන්ධි ඉන්දියානු හිස කෙළින් කොට නැගිටින්නට ශක්තිමත් දෙපයක් විය. අපට අදටත් නැත්තේ දේශපාලන වැඩසටහන් අබිබවන ලාංකීය හිසක් මෙන්ම ඒ හිය කෙළින් කොට නැගිටින්නට ශක්තිමත් දෙපයක්ද නොමැති වීමයි. කකුල් පණ තිබේ නම් බොහෝ විට කොන්ද බිඳී නැත. මුදුන් මුලක් හෝ මුල් ශක්තිමත් නැති තැන අද අපේ ලිබරල් අදහස් සුදු අලියෙක් පමණය.