Friday, January 19, 2024

සිංහගිරි Vs වංකගිරි (ගිරිය කඩාගෙන වංකගිරියක යන රට)

මිනිස්සු ආවේගයෙන් යක්ෂාවේශයන් කෑ ගහනවා. කොච්චර ආවේගයෙන් ආවේශයෙන් කතා කරත් ඒක විරෝධතාවයකින් එහාට යන්නෙ නෑ. ගියොත් සාමය කඩකිරීමක් වෙයි, අත්අඩංගුවට පත් වෙයි. සමහර විට කඳුළු ගෑස්, වතුර වදින්නෙ ඒ සීමාවටත් කලින්. අවම බලය, එතනින් එහාට එසවෙන්නේ අවි, ආයුධ. ඒත් අයුක්තිය අසාධාරණයට එරෙහි හඬ නැගීම කළ යුතුමයි. අරමුණු පටු නොවී ඒ හඬවල් එකතු වුණා නම් ජන අරගලත් සාර්ථකයි.

බලධාරීන්, නිලධාරීන් ආවේගයෙන් ආවේශයෙන් කතා කරමින් ඉන්නවා. මාධ්‍ය ප්‍රකාශ, සාකච්ඡා, මහජනයා ඉදිරියේ, ප්‍රශ්න ගැටළු ඉදිරියේ රැවටීම සඳහා රඟපානවා ද ?

දේශපාලකයො ආපහු ඡන්දෙ ඉල්ලනවා. ප්‍රතිමල්ලවයා හම ගහනවා. ප්‍රශ්න යට ගහනවා.

ඔවුන්ට ආවේගයෙන් ආවේශයෙන් දෙඩීමට එහා විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමට වගකීමත් බලයක් තියෙනවා. එසේ නම් ඒ වගකීම දැරිය නොහැකි තැන ඉල්ලා අස්නොවන්නේ, රටම වංකගිරියක අතරමං කොට තවදුරටත් ගිරිය හඬවමින් සිටින්නේ ඇයි ? රට ජාතියේ ඉරණම කීප දෙනෙකුගේ යාතු කර්ම උදෙසා බ්ලි දෙන්නේ ඇයි ? 

හෘද සාක්ෂියත් ප්‍රතිව්‍යූහ ගත කරණයට සුදානම් එවන් වංක ගිරි සිංහ ගිරි තුළට බිලි වීම දකිනු යෙහෙකි.

No comments: