Showing posts with label ආනන්දයෙන් අමන්දානන්දයට. Show all posts
Showing posts with label ආනන්දයෙන් අමන්දානන්දයට. Show all posts

Friday, March 31, 2023

රෝග මලේ නටුවෙ කටූ ~

පාඩු නම් ක්‍රිකට් වුණත් විකුණනවා
මව වුණත් පියා වුණත් විකුණනවා
සමාජ රෝගයක් වුණත් මජර දේශපාලනේ
ඒ ලෙඩ රැක ගන්නට නම් රටම වුණත් බිලි දෙනවා

අද නොවේ හෙටයි ප්‍රජාතන්ත්‍රවාදේ 
අද නොවේ හෙටයි සංවර්ධන දේසේ 
ණයවීම අදත් හෙටත්  වැඩි වන වානේ
විකිණීම අදත් හෙටත් බඩු තියෙනව නේ

කාටවත්ම රට දෙන්නෑ පැළැන්තියට හැර
යන්නෙන් නෑ මේ දේශයෙ ගැලවුම්කරු මම
උගුලෙන් ගැලවෙන විසඳුම මගේ බුද්ධිය මිස
මෝඩ දනා මට කුමට ද ඡන්දයකට හැර

Friday, November 1, 2019

අතීත මතක මැදින් ඇස්වැද්දෙන හරි සුන්දර ඡන්දය! (බත්කන අපේ හත්වෙනි බබා නොහොත් අපේ ප්‍රාථමිකත්වය)

18 වැඩි ලියාපදිංචි උන්ගේ සුළැඟිල්ලට දම් පැහැ තීන්තෙන් හණ ගසා ජනපතියෙකු පිළිසිඳවීමට කෝටි ගණනක සිරිලක් වැසියෝ 16 දා රති කෙළියට සැරසෙන වගයි! 
ඔසප්චක්රයේ ප්රශ්න මත ඊයේ සිටද ඉදිරියේ තව දින කීපයකදීද තැපෑලෙන් ඔය වැඩය කිරීමට ඇතැමෙක් ට අවසර දී ඇත.
ආසන්න අතීතයේ සිට බලන කල ඔය කෙළිය දැන් හරි මොඩිෆයි වී ඇති සෙයකි.

ගිනි අවි සහ ගිනි කෙළි නැත
අවකෙළි සහ අංකෙළි ඇත
පෙරළි පෙරළි සුරතලි  අර
රති කෙළියට සුළැඟිලි වෙද

බබා වීර පුරන්අප්පු කෙනෙක් වේද? මද්දුම බණ්ඩාර වගේ වේද? කෙසේ වෙතත් දෙමාපියන්ගේ හැටි පාට කෙසේවෙතත් හොඳ පාට පිහිටන බබෙක් පිළිසිඳවීමට හැමට අවශ්‍ය සක්තිය ලැබේවා! සුබාවික උපතක් නොවුනොත් සීසේරියන් සැත්කමකදී පැලෝපීය නාළ ආරක්ෂා කොට දීමට තියටර් එකේ කොමසාරිස්තුමා වගබලාගනිත්වා! 
17 දා බබා බලන්නට රටම එනු ඇත බබාට තෑගි ගෙනෙනු ඇත. බබා අප වෙනුවෙන් සඳුන් ගැටයක් නැතත් දහම් ගැටයක් හෝ අත තබාගෙන එනු ඇත. අප ඒ ගැටය උලා නළලේ ගා වසර හැත්තෑගණනක් තිස්සේ හිසේ හිතේ රටේ ඇති ඇරියස් අමාරුව හිරු දුටු පිණි සේ එකසැණේ හමාර කර ගන්නට පෙරුම් පුරා හිඳිමු.
බබාට නමක් අපි දැන් තියාම හදාගෙන සිටින්නෙමු. ඒ දුවක වුනත් පුතෙකු වුනත් අපි ඒ තුමාට පුදන්නේ හදපත්ලෙන් නැගෙන මුග්ධත්වයේ එකම ආදරයයි. 

Friday, October 4, 2019

ජහ් මහ්.. යං පුතා..

ගොපලු අවතාරය
කළුවර අඳුන
රන් කෙවිටෙන්
ලැබෙන වරම
-ගාලේ වස්සන්ගේ එකම පැතුම-

Sunday, September 29, 2019

මහා-වීර

යුද්ධයක් එන්න - ආසයි මටත් වීරයෙක් වෙන්න
ඡන්දයක් එන්න - ආසයි මටත් වීරයෙක් වෙන්න
වර්ජනේ එන්න - ආසයි මටත් වීරයෙක් වෙන්න
වීරයෙක් වෙන්න - ආසයි ලංකාවෙ පුරවැසිම වෙන්න

Saturday, August 17, 2019

කණාවැකි

නිමාවූ ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟය සේම එළැඹෙන ජනපතිවරණයේ අවසන් තරඟයත් අපට බොහෝ වික්ෂිප්තයන් ගෙන එනු ඇති..

Sunday, June 30, 2019

නො දිනූ පෙම

ස්වප්නයෙන් දුටු මලකි ඔබ
සැබෑවෙහි සිහිනෙනුදු නොපැතූ
පැතුම් හැරදා සුසුම් පවනේ
විඩා හරිමින් උන්න වෙලේ
දිනක හිමිදිරි
අරුණෙ සුපිපුණු
නෙළාගනු බැරි දුරින් ළංවුණු
ස්වප්න මල නුඹ
සුවඳ නැංවූ
හදක සුමිහිරි හැඟුම් රැන්දූ
පින්බරට සරි - රොන්බරට පිපි
රන්සදිසි පෙති - මට සිඹිනු බැරි
අතක් තබනට - සිතක් නොමදෙන
මගේ නොමවුන - මටම හිමි මල
දුරින් හිඳ සිප ගනිමි ඔබ
ස්වප්නයේ දුටු අහිමි හිමි මල

Friday, June 14, 2019

ෆයිනිල් ඩිෂිෂන්

අපි දුවමු - අපි පනිමු
ගී කියමු - අපි නටමු
බල පොරයට අපි ඇහැ නොදෙමු
බාල වියට ගොස් ඉදිමු

Sunday, June 9, 2019

උලයි

ජන විඥානය සමඟ රටේ පාලකයන්ගේ විඥානය පුළුල් නොවන්නේ නම් ඔවුන් උල හිඳුවිය යුතුය. එවිට ඔවුන්ගේ ඥාන මණ්ඩල විනිවිද විඥානයට මග කියනු ඇත.

Saturday, June 8, 2019

Life styles

අවස්ථා, තත්ව කළමණාකරනය
පන්තිය, පැළැන්තිය, ගුරුකුලය
මමත්වය, අධ්‍යාත්මය
විනිද්‍රාව නොවේ මිහිමත නිවන...

ව ඩු ම ඩු ව

උඩ දමා වඳිමිනුත් පිහිටුවා පසඟ
රසකතා කියන්නේ හැම සභා මැදක
ගෙඩි පිටින් රහින්නට අවැසිතැන නියන
කිමද මේ වඩුබාස් වහන්නේ මඬුව

Thursday, June 6, 2019

දත් නැති හිනා

තම නිල වගකීම අතහැර එය මහජනයාගේ කර්ම විපාකයක් බවට පත් කරන්නෝ එසේ කරන්නේ සැබවින්ම තමන් අදහන නිඝන්ට දහම රකිනු පිණිසමය.

Wednesday, June 5, 2019

හරි ජාති

මිනිහා මිනිස් ජාතියේය
බල්ලා බලු ජාතියේය
ගොනා හරක් ජාතියේය
කුඩා ළමුන් උගත යුතුය

සුදුස්සාට නුසුදුසු තැන

දේශපාලකයන් සේ ජාතික වගකීම ගන්නා ක්‍රීඩකයෝත් ක්‍රීඩකයන් සේ පිති පන්දු හරඹ කරන දේශපාලකයෝත් සිටීම අප ලද භාග්‍යකි.

Saturday, June 1, 2019

යමරජුනි,

මේ අපායේ අවනඩු විසඳීමට සිහසුනට පැමිණෙන්න..  නඩු විසඳන තුරු මා හට යමපල්ලෙකු ලෙස ස්වේඡචා සේවයේ යෙදීමට අවසර දෙන්න.

Friday, May 31, 2019

පැපොල් බට නළා

පැපොල් නාළ කෙළවර සියුම් දිගැති සැත්කම් කැපුම් යොදා නළා සෑදු කාලයක් මතක් විය.

සීසර්ට ස්තූතියි ජුලියස්.

Wednesday, May 29, 2019

ඉතිං අපි පෙරුම් පුරමු! සිරිබරී

සැබෑ හේතු මත පිළියම් නොකොට දේශපාලනය ඇතුළු සමාජ සංස්කෘතියට පණ පිහිටුවන්නන් විසින් හදන ඇතුළත තමන්ට පැවැත්මක් පමණක් ඇති හුඹස් මත සමාජ දේහය ස්ථාවර නොවන බවත් මේ කඩා වැටෙන්නේ ඒ හිස් බව මත පණ පිහිට වූ ප්රජාතන්ත්රවාදී සමාජ වාදී ධර්ම රාජ්‍ය බව මේ මොහොතේ දෙකෝටියකින් බහුතරයකට නොවැටහෙනවා යනු සැබවින්ම බොහෝ දෙනා මතු බුදුන් දැක මිස නිවන් නොදකින බවට කදිම සාක්ෂියකි. ☺ ස්තුතියි.

මල්......

ස්වාමි සහ යහළුවෝ මතක් විය. ආර් කේ නාරයන්ට ස්තුතියි.