Sunday, December 31, 2023

2024 ~ Theory & Revision ~ නොවෙනස් නම් අපි හෙටටත් (ගේම ගහන හැටි)

ඔලුවක් නැති තිරසාර රටක් ~ නෑ වෙන්ට ඔබට කිසි බයක් ~ පරම්පරා හතකට මේක මරු/මාර ෆ්ලැට්ෆෝම් එකක් ~ ඔය එක පරම්පරාවකට සෙට් වෙන එක ඔබට අයිති වැඩක් ?

සින්දු ගහන නැටුම් ගහන පරම්පරාවක් ඉන්නවා

කුඩු ගහන කුඩු බෙදන පරම්පරාවක් ඉන්නවා

ඒ පරම්පරා හදපු පරම්පරාවත් ඉන්නවා

රටවැසියා බඩසයින් මියැදුනත් රස මසවුළු බුදිමින් රජ කරන පරම්පරාවක් ඉන්නවා

එතනට රට ගෙනාපු පරම්පරාවත් ඉන්නවා

ගේ දොර නාය යන තරමට පරිසරය සකස් කරපු පරම්පරාවත් ඉන්නවා

බඩ වෙනුවෙන් ඔලුව විකුණපු සියළු අවැඩ වෙනුවෙන් දායක වුණු පරම්පරාවත් ඉන්නවා

Monday, December 25, 2023

උපන්දා සිට ~ ස්තුතිය ඔබට (හදිසියේ නොකියාම ජීවිතයෙනුත් යන්නට සිදුවෙන කාලයක)

හැදූ වැඩූ මව්පියන්ගේ සිට සොහොවුරු සොහොයුරියන් ගුරුවරුන් මිතුරන් ආදී එකී මෙකී නොකී, මේ දක්වා ඇල්මෙන්, බැල්මෙන්, වචනයකින් හෝ උදව් උපකාර කළ අය මෙන්ම බාධා කරදර මඟින් ජීවිත පන්නරයට ඉඩ හසර විවිර කළ හැමටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. ඔබෙන් ගත් උගත් දෑ බොහෝය, මේ පින් පෙත් ඔබට ෴

Sunday, December 17, 2023

ජය වේවා ! (රැවටීමට චියර්ස්)

දේශපාලකයෝ ගේම දුන්න
කලාකරුවෝ ආතල් දුන්න
මහ ජනයා බලය දුන්න
රටක් හැදුණු හැටි බලන්න

සේවකයෝ රජයට දුන්න
දායකයෝ ආගමට දුන්න
ගුරුවරු දරුවන්ට දුන්න
දායාදයෙ ඵල නෙළන්න

ඔබත් හාල් මිටක් දැම්ම
මමත් හාල් මිටක් දැම්ම
හැමෝම ගින්දරත් දැම්ම
කැඳක් නොමැති වතුර බොන්න

Monday, December 11, 2023

සිරිමත් මගෙ සකි ~ දොන් ජුවන් සැපට ඇති (සිරිලක සිරිසැප ~ නොලද සිරිමත / නිදිමත බුදිමත ~ දොන් ජුවන්ල සැපට ඇත)

ජාතිවාදය ආගම්වාදය මුග්ධවාදය මජරකම අවුස්සා බහුතර ඡන්දය දිනා ගත හැකිය. 

බදු ගසා රාජ්‍යයේ දේපළ විකුණා ගෙල මිරිකා සිහිමුර්ඡා කොට ප්රතිව්‍යූහගතකරණ සංදර්ශන පෙන්විය හැකිය.

වංචාව දූෂණයේ යෙදෙමින් හොරකම් මැරකම් කරමින් රට පාලනයට පූර්ණ සහාය දෙමින් ව්‍යාපාර කළ හැකිය.

වරප්රසාද භුක්ති විඳිමින් දේශපාලනය කරමින් නීති පනවමින් නීති නවමින් රටේ නිදහසේ කල් ගෙවිය හැකිය.

සාධාරණව යුක්ති සහගතව සාමකාමීව නීතිගරුකව නිදහසේ නිවහල්ව ජීවත්වීමට නොහැකිය. : !?

Saturday, December 9, 2023

රට කලා ~ 1/4 ක්‍රියා(කාලක්‍රියා) ~ ක්ලීන් ෂොට් ~ නොකවුට්

රටට කලාවක් ඕනෑය. ඒ රසවින්දනයට පමණක් නොවේ. ඥානනයට පමණක් නොවේ. රට භෞතික වශයෙන් ගොඩනැංවීමටත් කලාවක් අවැසිය. ගෙයක් දොරක්, වත්තක් පිටියක්, ගමක්, නගරයක් ගොඩනැගිය යුත්තේ ඒ අනුවය. රටක සංස්කෘතියක අතීත උරුමයන්ගෙන් අදටත් අපි දකින්නේ ඒ කලාවයි.

ගම පන්සල වැව දාගැබ ද එහෙම කලාවකි. ඈත මැත එහෙම ඉතිහාසයක ජීවිතයට ගමට පරිසරයට බද්ද වූ කලාවක්  අපට තිබිණි.
ඒ කලාව අද දක්වා අපි ඉදිරියට ගෙනවිත් ඇත්තේ කෙසේද?
රට රට වලින් ණය ආධාර ලැබුණු පමණට ඡන්ද ටිකක් බිලිබා ගත හැකි වූ පමණට තැන නොතැන නොයෙක් දේ ඇටවීමෙන් ඒ කලාවට රටට ලැබුණු පෝෂණය කවරේද? ඉන් සිදුවී ඇති විනාශය කොපමණද? ජීවිත දේපළ වශයෙන් ඒ ඒ අවස්ථා වල අපි ඒ ප්‍රතිඵල ගණනය කරමින් සිටින්නෙමු. වැසි සමයේ ගම් නගර යට වීමෙන් නොනැවතී වතුපිටි ගෙවල් දොරවල් ගිලා බැහීම දැන් සුලබ කරුණක් වී ඇත. ඊට හේතු මොනවාද? සුන්දර පරිසරය, ඉතිහාසයේ උරුමය පෙන්නා විදෙස් විනිමය ඉපයීම පිළිබඳ මහා උජාරුවකින් පාරම් බානා රටේ ගෙයක් දොරක්, පාරක් තොටක් ඉදිකිරීමේ දී රටට ගැලපෙන කලාවක් ක්‍රමයක් තිරසරභාවයක් ගැන කිසිඳු තැකීමක් අද උවමනා නැද්ද?
කෙස් පැළෙන තර්ක සහිත අපූරු කතා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා තුළ ගොනු වූවාට එහි ප්‍රතිඵල වශයෙන් යහපතක අංශුමාත්‍රයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම දශකයකට තබා ශතකයකටවත් සිදු නොවන රටක අපට කළ හැක්කේ කුමක්ද?
තාක්ෂණික නිළධාරීන් හිටියාට, අණ පනත්  පොත් පත් තුළ තිබුණාට වගකීම් යුතුකම් පිළිබඳ බහුතරයාට ඇත්තේ එකම කැත ගතියකි. එනම් එකිනෙකාට බෝල පාස් කරන ~ අදාළත්වය පැහැර හරින මඟහරින ~ ඇඟ බේරා ගන්නා තක්කඩි නින්දිත නිවට ස්වභාවයයි.
වැල යන අතට මැස්ස ගැසීම, එන එන අතට උළුවහු ගැසීම දිගටම ක්‍රියාත්මක ය. වමට දකුණ කරන්නට දකුණට වම කියන්නටත් කිසිඳු විලි ලජ්ජාවකින් තොරව ඒ පැත්ත මේ පැත්ත හැරෙන්නට වගකිව යුත්තන්ට හැකිය. හොඳට බුරන්නට හැකි නම් බල්ලෙක්ට වුව රට කරන කලාවේ හොඳ නමක් සහ තැනක් හදා ගන්නට හැකිය. රට ගොඩනැගීම පිළිබඳ නූතනයේ අපේ කලාව ඇත්තේ එබඳු තැනකය. 

මජර තක්කඩිකම් පිළිබඳ උපාධි පශ්චාත් උපාධි හිමි පිරිස් රටට නායකත්වය දෙන්නේ රට කරන්නේ එහෙම කලාවකටය. ඉංග්‍රීසීන්ට රට බාර දුන්නාට වඩා ජාත්‍යන්තර සමාගම් හොඳ වනු ඇත. ඉන්දියාව චීනය අපට විශ්වාසය. ඇමරිකාව? තවත් රටවල් එමට. ඔවුන් අපේ හෙට දවසට මඟ පෙන්වනු ඇත. ඒ මඟ පෙන්වීම අපට අලුත් සංස්කෘතියක් තනනු ඇත. ඉංග්‍රීසින්ගේ පාලම් බෝක්කු රේල්ලු වලට පසු මේ මිත්‍ර ජාත්‍යන්තරය ශක්තිමත් ආකෘතින් ඔස්සේ නාය යන ගෙපැලේ සිට අප ගොඩ ගනු ඇත. රටම ගිලා බැස්සත් සියළු මහා මාර්ග හයිවේ කළ යුතුමය. දිනපතා කව්රුන් බිලි වුවත් අලි මිනිස් ගැටුම විසඳුම් නොමැති පුවත් බවටම පත් කළ යුතුය.

ගම ...යාව ...නය ...කාව
අප ගෙවල් දොරවල් ගම් නගර තැනිය යුත්තේ එහෙම 1/4 ක්‍රියා කලාවකටය ~ කාලක්‍රියාවකටය. පාලකයින්ගේ හැසිරීමෙන් පෙනෙන්නේ එමමය. වචන මරනවාට එහා රටේ අක් මුල් ගැන ඔවුන් දන්නා දෙයක් නැත.

Monday, December 4, 2023

නූල කැඩුණු සරුංගලේ (පරමාධිපත්‍ය උඩු හුළඟට !)

රජා රට කරපු කාලේ තිබුණු කුල ක්‍රමයත් ආණ්ඩු රට කරන කාලේ ඇති පක්‍ෂ ක්‍රමයත් රට ශක්තිමත් කළේ හෝ කර නැත. ඉන් ජනතා මතය පමණක් නොව ජනතාවම බෙදුවේය. බල තණ්හාවෙන් වරප්‍රසාද භුක්තියට ඇති කෑදර කමින් රජකම් කළ උන් ද ආණ්ඩු කළ උන්ද උන් ශක්තිමත් කළ උන් ද හැදුවේ රට නොව තම පරපුර හා ඔවුන්ගේ අනාගතය පමණි. එදා සිට රටේ තරුණ උදවිය රට ජාතිය ආගම සාධාරණය යුක්තිය සමානාත්මතාව නාමයෙන් කොතැන කෙලෙස බිලිවුවද බිලිකලද ඒ මඟින් රටේ ඉරණම යහපත් කර ගන්නට කිසිවෙකුට හැකි වූයේ නැත. ඒ සියළු ක්‍රියාදාමයන් අවසානයේ මජර දේශපාලනයේ ගොදුරු බවට පමණක් පත්විය. ආණ්ඩු ප්‍රශ්න හැදුවා සේම ඒවා නිරාකරණය කළේත් එහෙමය. භීෂණයත් යුද්ධයත් අරගලයත් තරුණයාත් ආණ්ඩු වලට එකක්ම වූයේ ඒ අනුවය. මේ තාක් රටේ ආණ්ඩු නියමින් අනියමින් පන්න පන්නා රටේ තරුණයින්ට ඔවුන්ගේ මතවාදයන්ට වැඩේ දුන්නා මිස රටේ ප්රගමනයට ඔවුන් හෝ ඔවුන්ගේ සංකල්ප දායක කර ගත්තේ නැත.

හැමගේ ශක්තියෙන් රට ඔසවා තබනු වෙනුවට පාණ්ඩුව හැදුණු ආණ්ඩු රටත් ජනතාවත් හිඟමනට දැමුවේය. ආණ්ඩු වලට පාණ්ඩුව හැදුනාට කිසි කලක ආණ්ඩු කළ උන්ට හෝ රට කළ උන්ට පාණ්ඩුව හැදුනේ නැත. ඉන් වැනසුනේ රටේ සමාන්‍ය ජනතාවය. රටය. ආණ්ඩු වලට පාණ්ඩුව හැදුනේ රාජ්‍යයේ රුධිරය කිරට හරවමින් උරා බිව් ජනතාවක් නිසාද අකාලයේ විනාශ කළ තරුණ පරපුරක් නිසාද රාජ්‍ය භාවය ඉල්ලමක් කොට ගත් නිලධාරී පැළැන්තියක් නිසාද නොඑසේ නම් එන්නත් කටු ගසා රුධිරය අමු අමුවේ ඩැහැගත් කොල්ලකාගත් පිරිස් හා ඊට උඩගෙඩි දෙමින් රටේ ආණ්ඩු කළ පිරිස් නිසා ද යන්න තවමත් රටට රහසක්ද?

ගේ දොර හරක බානේ සිට තම දරු සිඟිත්තා දක්වා ඔට්ටු තබමින් සූදු කෙළින්නෙකුගෙන් මේ රාජ්‍ය කළ උන් වෙනස් වන්නේ නැත. එකිනෙකාට තම හෘද සාක්ෂිය ගලවා ගැනීමේ චරිත සහතික හෝ හැන්සාඩ් වාර්තා තිබිය හැකිමුත් රටක් ජාතියක් හිඟන වින්දනයකට ඇද දැමුණු පාප කර්මයෙන් මිදීමට කිසිවෙකුට කිසිදා හැකි වනු ඇති ද?

එසේ නොහැකි වන්නේ බලය හා ඊලඟ වාරය ගැන මිස තමන් පත් වූ කාල සීමාවේ වැඩ පිළිවෙල හෝ තමන්ට ඉතිරි වී ඇති කාලය පිළිබඳ හෝ රටේ කාලය විනාශ කර දැමීමෙන් ඇතිවී ඇති කාලකන්ණි කම පිළිබඳ හෝ වදවෙන වගවෙන වගකීමක් දරණ එකෙක් අදටත් මේ රටේ පාලනයේ දක්නට නැති නිසාය.

කුල ක්රමයක් හෝ පක්‍ෂ ක්‍රමයක් තුළ පැමිණෙන බ්‍රෝකර්ලාට මහජන නියෝජිතයින් යැයි කීමට සූදානම් පිරිසක් තවදුරටත් දක්නට ඇති නිසාය.

Friday, December 1, 2023

පච රජ වීම ~ රට පච වීම (රජාගේ සෙට් එකේ ආතල් එකට සෙට් වෙමු)

දේවාලයක් කරන්න එපා මේක, පච මෝලක් කරන්න ~ මැරෙනකම්ම තව තියෙනව, හතරවරම් දිග අරින්න

Thursday, November 30, 2023

Tuesday, November 28, 2023

හෙලුවෙන් ම ඉන්නට ලැබේවා'යි සුබ පතමු ! (හොරුන්ගේ ජනපති)

 හොරු නැති රටේ ඇඳි වත ඉනු ජනපතිට

සහායට අගමැති ද මැති ඇමතිද පැමිණ

හැම දෙන හිඳින විට හෙලුවෙන් එක පෙළට

ආඩම්බරයි හොරු නැති රට හොරු හැමට

Tuesday, November 21, 2023

උනුන් වෙනුවෙන් සට්ටැඹි කාර්ය කරගනු ~ රටට හෙන ගහපු දෙන්!

රට වැසියා වෙනුවෙන් නැති සටන්කාමිත්වයකින් ස්වකීය හාම්පුතුන් වෙනුවෙන් බුරන බල්ලෝ සිටින පාර්ලිමේන්තු සඳහා දරණ වියදම් බලු කපුටු දානයක් ලෙස සළකමු!

Friday, November 10, 2023

මනෝ පුබ්බංගමා ධම්මා ~ මානසික බංකොළොත්භාවය

ඉහළ පැළැන්තියේ දූෂණයත් දූෂිතයන් රැකීමත් නොනවතින රසාස්වාදයක් වෙමින් පවතින රටක සාමාන්‍ය පැළැන්තියේ යුක්තිගරුක ගුණ ගරුක සැබෑ මහත්වරු සිල් සමාදන් විය යුතුද?

විකුණමු


 

Saturday, November 4, 2023

ඒ අපි Vs මේ අපි

ඒ පාලක මණ්ඩලයත් රටේ පාලක මණ්ඩලයත් අතර ලොකුම වෙනසක් නැත.

ඒ ක්‍රීඩකයින්ගේ අසමත් වීමත් රටේ ජනතාවගේ අසමත් වීමත් අතර ලොකුම වෙනසක් නැත.

පිට්ටනිය සහ පොට්ටනියේ නම් ලොකුම වෙනසක් ඇත.

මේක ලංකාවේ දෛවය ~ කිසිවෙකු කිසිවකට වගකිවයුතු නැහැ! (pass your ball)

රට නොහැදුවට භූමි භූමිපුත්‍රයෝ නොහැදුවට ඔවුන් තමන් වෙනුවෙන් ලක්ෂ ගණනින් ඡන්ද දායකයො හැදුවා ~ අදටත් හෙටටත් හදනවා ~ ඒකට කාටත් වැඩ පිළිවෙලක් තියෙනවා, ප්‍රතිපාදන තියෙනවා!

රෝහල් ළඟ මල් ශාලාව තියෙනවා!

බංකොලොත්භාවය ළඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තියෙනවා!

ඊළඟ ජනපතිවරණයට අපේක්ෂකයො ඉන්නවා!

මේ ලෝක කුසලානෙට පස්සේ ඊළඟ ලෝක කුසලානය තියෙනවා!

හැමදාටම හැමදේටම අපි ළඟ ඕන තරම් විචාර විවේචන තියෙනවා!

ආන්දෝලනයක් නම් විධායක ජනාධිපතිගෙ කොමිසන් තියෙනවා!

Tuesday, October 31, 2023

IND Vs SL (අද සිට)

බොහෝ දේ වලින් පැරදුනත් අපි 

පරදවමු ඔවුන් පිට්ටනියෙදි !


ඉතිහාසයේ ජයග්‍රහණ ප්‍රති නිර්මාණය කළ හැකියි ~ ඔබලා දේශපාලකයින් නොවන නිසා ~

Monday, October 30, 2023

ජීවිත Vs ජීවිත

නිර්වින්දනය වූ 
නායකත්වයන් 
ජාතිකත්වයන් 
වින්දනය කරන අපූරුව 
දේශපාලකයෝ 
හෙට ලෝකය 
හදනවා, 
සත්තයි !

Saturday, October 28, 2023

සීරුවෙන් Vs පහසුවෙන් (අපහසුවෙන් සිටීන්)

පාර්ලිමේන්තුවේ ගලි බවුසරෙන් නාලා

මහජනයාට කඳුළු වතුර බෙදලා

විධායකේ දෙන දංකුඩ කාලා

කොන්දයි හිසයි හදවත දන් දීලා 

Friday, October 27, 2023

අප්‍රසාද Vs වරප්‍රසාද

මජර තක්කඩි ගෑණු මිනිසුන් පොදු වේශයෙන් කරන පුද්ගලික කෝන්තර දේශපාලනය උදෙසා රටේ ~ පාර්ලිමේන්තුවේ සහ ජනමාධ්‍යයේ කාලය වෙන් කිරීම යනු ~ ගලි බවුසර් සේවාවක්මය.

Thursday, October 26, 2023

විසෙන් විෂ ~ නසමුද :

සාර පින් බිම නිස්සාර

කරපු උන් වී සරුසාර

සමය නිමවා පව්කාර

නසා ලමු විෂ විෂඝෝර


අවකෙළි කරන් ගිනිකෙළි

ගුණ දම් මරා ගුටිකෙළි

මජරයින්ගේ සැණකෙළි

කොහෙද රජයේ සැලකිළි


කිරි දරු ගෙන ප්‍රාණ ඇපයට

මව කෙළෙසන්න හැකි උන් හදන තැනකට

තව කල් මරා රට රමණ නැකතට

ඉඩ නොදෙමු සුනඛයින් රට කරන තැනකට

Tuesday, October 24, 2023

මජර වළලු (ගෙල ලා ද)

වැළලෙද්දි ජනතාව දකිමින් මගමරු

උන් හැමදා මැති ඇමති ජනාධිපතිවරු

වගකීම විහිළුවක් ජොලියක්ම වූ පසු

ආතල් නොකඩන්න වැළලෙන්න මින් මතු

Monday, October 23, 2023

ඇති වෙයන්! බැරි නම් නැති වෙයන්! (මජරයන් පෑගීම ද උන්ට යට වීම ද)

අන් රටවල ජාතක විශ්ලේෂණය තබා තමන්ගේ ජාතකය සොයා පාදා හදා ගත යුතු රටක ~ යුක්තිගරුක මිනිස්සු

Friday, October 20, 2023

ඩයනා Vs චාල්ස් ~ (හොඳ Vs නරක ද)

ස්ත්‍රීන්ගේ අමුතු හොඳක් හෝ පුරුෂයින්ගේ අමුතු නරකක් නැත. හොඳ නරක අඩු වැඩි වශයෙන් කොයි මිනිසා තුළත් අද්දැකිය හැක. කොයි නරකය අවසානයේදීත් වැළලෙන්නේ අප (තුළ ශේෂ වුණු පුරුෂාර්ථයන්) පමණි.

සභාව එකඟ ද

හායි

19 ට

හායි

20 ට

හායි

21 ට

හායි

ජනතාවට

හායි

ජනතා අයිතීන්ට

බායි

🎬




Thursday, October 19, 2023

අසරණ මී ජීවිත !

විධායකයේ පර්යේෂණාගාරය

ව්‍යවස්ථාදායකයේ භොජනාගාරය

අනිත් එකේ බන්ධනාගාරය

ඇහැරුණොත් ආදාහනාගාරය

අවස්ථා සම්බන්ධයක් නැති බව පෙන්වා ආඳා ලකුණෙන් එන විධායක සේදුම් යන්ත්‍රයක් සමඟ රාජකීය ගල් බමුණු ලකුණෙන් එන අග මැටි ෆිල්ටරයක් දිනා ගන්න.

කෙළ වෙලා

බොහෝම ස්තූතියි

ඔබතුමා ඉඳගන්න


වණ වෙලා

බොහෝම ස්තූතියි

ඔබතුමා ඉඳගන්න


හෙණ ගහලා

බොහෝම ස්තූතියි,

කෙළ වෙලා වණ වෙලා නේ හෙණ ගැහුවේ

ඒක නිසා දැන් වැඩක් නෑ

ඔබතුමා ඉඳගන්න

Wednesday, October 18, 2023

වීරිය ණයට නොලැබෙනු ඇත! (ණය Vs වීරිය)



එකමුතු නොගෙතු මහ විප්ලව ගඟේ ගියා

ගජමුතු නැතත් තනි ගේමක් ගොඩට ගියා

එක එක දනා ඒ ගේමට රටින් ගියා

රට වෙනුවෙන් වූ හීනය හිතින් නොයා


අතේ තිබුණු ජය රැක ගන්නට බැරිව

හිතේ තියෙන ගට දියවෙන්නට හැරිය

කොතන කාට මුත් පැරදුම වන හරිය

ණය ණය නොවෙයි දැය අබිමන ජය කොඩිය


මහවුන් දණ ගැසූ තැන දී රට පාවා

තව මොන කතා විකුණා ගෙන කන ඒවා

උරුමය කරට කරුමෙට උර බල දී ලා

හිඟමන් වින්දනේ නින්දෙන් ඇහැරේ වා!

Tuesday, October 17, 2023

සිරි ලක්වැසි අන්ද මන්දා නන්ද ~ (කපුටාස් හිට්ද බ්රේන් by වික්කමසිංහ )

විදේශ සහනාධාර පලමක් ලෙවකමින් ගැලරියේ හිඳ පාර්ලිමේන්තු ෂෝ එකක් බැලීමෙන් ලැබෙන ආස්වාදය වැන්නක් මෙකල්හි ලාංකේය වැඩිවයස් පුරවැසියෙකුට අන් කිසිඳු ව්‍යායාමයකින් ලද නොහැකිය. පන්දුවෙන් පන්දුව විචාරමින් නරඹන ජාත්‍යන්තර පිති පන්දු ක්‍රීඩා තරඟයකින් වත් එවැනි ආස්වාදයක් ඔහුට ලැබිය හැකි දැයි සැක සහිතය. බටහිර යථාර්තවාදය පරදන ලාංකීය දේශපාලන නළු නිලියන්ගේ අනගි රැඟුම් නැරඹීමෙන් ලැබෙන ආශ්වාදය, අඥාත කතෘවරුන් විසින් ආගාධයකට ඇද දමන ලද රටක තම ජීවන අරගලය මොහොතකට ඔහුට අමතක කරවයි. ජවනිකා තුළ ඇති අන්දා මන්ද රසය, පාර්ලිමේන්තු ක්‍රමය නඩත්තුව උදෙසා වෙන් කෙරෙන අති මහත් මුදල් කන්දරාව පිළිබඳ පුරවැසියාගේ සිත් තුළ ජනනය කරන්නේ කෝපයක් නොවේ. ශෝකයක් හෝ කළකිරීමක් ද නොවේ. තමන් විසින් නඩත්තු කෙරන ක්‍රමය පිළිබඳ අසීමිත භක්තියක් හා හද කුල්මත් කරන ප්‍රීති ප්‍රමෝදයකි. පාර්ලිමේන්තුවේ අනගි දසුන් නරඹන අතර "අනේ අපොයි!" නොකියන්නෙක් ජනතා ගැලරියේ නැත. ඒ ලෙසින් නිරායාසයෙන් කිසිවෙකුට කියවෙන්නේ නිකමට නොවේ. ඒ අතර "අනේ මුන්නැහෙලාව දෙවියෝම බලා ගන්ට ඕනෑ !" තවකෙකුගේ මුවගින් ප්‍රාර්ථනා පිරි වදන් ගුවනට එක් වන්නේ අහේතුවකටද නොවේ. ලාංකේය ගති සිරිතට අනුව හදවතෙහි ජනිත වන්නා වූ ළතෙක් හැඟුමන්ගේ නිර්ව්‍යාජ ප්‍රකාශනයක් වශයෙනි. නොසෑහෙන්ට රට වැසියා සතුටු කරන ප්‍රජාවක් වෙනුවෙන් සිරිලක වැසි අනන්‍යතාවේ හද පතුල  අව්‍යාජත්වයෙන් ඇවිලෙන්නේ එලෙසිනි.

Friday, October 13, 2023

ViP පුටු Vs iCU ඇඳන්

රටම ලෙඩ කරවපු මිනිසුන් පිරිසක් රට කරවන තැන ~ ප්‍රධාන වශයෙන් 225 ක් අතර ~ අසුන් අරා ඉන්නවාය. ඉන් එක අසුනක නියෝජනය සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් ලබා ගන්නට ලක්‍ෂ ගණන් මිනිසුන් පාරට බැස අරගල කළද අවස්ථාවක් නැත. ඔවුන් ඒ vip අසුනක් කිසිඳු සාධාරණ හේතුවක් මත අත්හැර යන්නේ නැත. අඩු තරමින් ඡන්දයකදී හෝ සාමාන්‍ය පුරවැසියාගේ නියෝජනයට අමතර අසුනක් හෝ ලබා දෙන්නේ නැත. 

රටට මාතෘකා කොට ගත් icu ඇඳ තබා ජන අරගලයකට තබා මහජන ඡන්දයටවත් සාධාරණ වගවීමක් නැති බහුතර මන්ත්‍රීන්ගේ පශ්චාත්භාගය දරන්නා වූ පුටුව යනු අසුනම ද නොවේ. පුටුවට ලැබෙන වරප්‍රසාද දීමනා කාර්යමණ්ඩලය බලය ඇතුළු කාරණා ගණනාවක එකතුව අසුන නම් වේ.

මැරෙන්නට යන මිනිසුන් ගලවා ගන්නට හදන තැන ඇති අමු කෙස් පැලෙන තර්ක අතරේ පිල් බෙදා මිනිසුන් මරා හෝ බලය හා වරප්‍රසාද දිනා ගැනීම උදෙසා කැප වන උන් තවදුරටත් ස්වකීය අසුන් බදා යෙහෙන් වැජඹේ.

තවමත් ඵලයේ ගඳ සුවඳ ගැන මිස හේතුව ගැන වදවෙන්නට, එක්වෙන්නට ඇති හේතු අතහැර දැමීම රටක ජාතියක අහේතුව යැයි දිස් වේ, සිත් වේ. තව තවත් ඇස් පනා පිට ප්‍රත්‍යක්‍ෂ වේ.

Thursday, October 12, 2023

අභිමානය Vs අවමානය

අපි හොඳයි

ඕස්ට්‍රේලියා හොඳායි

අත්තානං උපමං කත්වා ! බොහෝම හොඳයි

මානය ඉතා නරකයි

Monday, October 9, 2023

ගය ගයා නටමු ~ නට නටා ගයමු

ආන්ඩුව කියන්නෙම ඔපෙරාවක් සෝප්

චැනල් එක රාජ්‍ය ඒක නෑ ශෝක්

බල බලා ඉඳමින් නළු නිළියන් ගෙ ජෝක්

නිවන් සුව මෝක්‍ෂය මැරුනහම ෂෝක්

ගස් බඳින්නෝ Vs ආණ්ඩු

ගස් බඳිනවා ~ බැඳපු ගස් ඇදල බඳිනවා

මංවින් සම්බන්ධ නැත. එහෙම කියන්නේ ගස් බඳින්නෝය.

ගස් කපනවා. වැටුනම කපනවා. වැටෙන්න යන ඒව කපනවා, එහෙම හිතෙන ඒවත් කපනවා. වට්ටලත් කපනවා. දිරපු ගස් රකිනවා. දිරවන්නෙ නැති ගස් කපනවා. ඇද නැති ගස් මරල කපනවා. වටින ගස් හොරෙන් කපනවා.

ආණ්ඩු , වී අයි පී අය සම්බන්ධය. එහෙම සිදු වන්නේ තිරසර සංවර්ධනය උදෙසා ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදීය.

Friday, October 6, 2023

♠️

 



හිත ඇත්නම් බුද්ධිය උනයි (නැත්නම් බුද්ධියට උණයි)

අර 225 

+ විධායකය 

+ නිළධාරීන්

තුළයි ලංකාවේ සුපිරිම බුද්ධිය තියෙන්නේ. ඒත් ඒ හැමෝම තුළත් නෙමෙයි. ඇතැම් අය තුළ. වාසනාවට ඒ අය රැක ගන්න ඇප කැප වෙන ජනතාවකුත් රටේ ඉන්නව.

ඉතිරි කෝටි දෙකට අංශුමාත්‍ර බුද්ධියක් තිබුණ නම් ආයෙ ආයේ ආයෙත් එයාලටම රට දීල මෙහෙම ඉල්ලගෙන කන්නෙ නෑ.

බුද්ධිය ගලන්නේ එහෙම එකක් තියෙන තැනකින් නේ! රටේ බහුතර සාමාන්‍ය මහජනයාට බුද්ධියක් ඇත්තේම නෑ. ඒ නිසා ඒ ජනතාව කොතැන ගියත් මග මැරුණත් රට කෙළින්, වැටෙන් නෑ.

හැබැයි අර සම්පත්ධාරී VlP ටික ගියොත් සහතිකයි පහුවදා සිට අපි බංකොලොත් !

Thursday, September 28, 2023

සන්තෝෂයි ! ඒ නිසා (අමරණීය වන තුරු ඡන්ද නම් එපා)

නොබැඳි රටක්

කාටවත්ම බයත් නෑ

ආත්ම ගරුත්වයක් ඇති රටක්

කාටවත්ම ණයත් නෑ

කියන දේ, ඇහෙන දේ

අදහන දේ මාරයි

අඬන්න, හිනා වෙන්න 

තැනකුත් නෑ, වැඩකුත් නෑ

මිනිස්සු මැරුණත්

අලි මැරුණත්

වගා පාලුවුණත්

වන විනාශ වුණත්

***********************************************

පාලකයො ජේෂ්ඨයි

පාලනය ශ්‍රේෂ්ඨයි

අපි මාර උත්කෘෂ්ඨයි

2045 හේ,

අමරණීයයි!

Tuesday, September 26, 2023

හතරෙන් දෙකක් බැරි නම් දෙකෙන් එකක් ~ බේරා ගන්න බැරි නම් බේරේ ගිලෙයි රටත්

ණය නැති රටක් ~ බය නැති හෙටක්

බය නැති රටක් ~ ණය නැති හෙටක්

සිඟමන් යදින රටක් ~ අවමන් විඳින හෙටක්

අවමන් විඳින රටක් ~ සිඟමන් යදින හෙටක්

Friday, September 22, 2023

ප්‍රේක්‍ෂාව!

බොහෝ කොට අන්තවාදයට සහ අවස්ථාවාදයට උචිත වන පරිදි පිටිය සැකසූ රටක සෞභාග්‍යමත් පිතිකරණයක් හෝ පන්දු යැවීමක් බලාපොරොත්තු විය හැකිද? එබඳු විටෙක සෞභාග්‍යමත් තරඟයක් වෙනුවෙන් විනිසුරුවන්ට සහ තරඟ තීරකයන්ට කළ හැක්කේ කුමක් ද? කළ යුත්තේ කුමක් ද?

Thursday, September 21, 2023

ප්‍රතිව්‍යුහගත‍ නොවන අවස්ථාවාදය = රටේ පරාජය (0=0)

අස්ථාවාදී දේශපාලකයෝ සහ අවස්ථාවාදී රට වැසියෝ තමන්ගේ පුද්ගලික ලාබ වාසි සඳහා රටත් තම සහෝදර ජනයාත් බිල්ලට දුන්හ. තවදුරටත් දෙමින් සිටිති. මේ පිළිබඳ විචාර විවේචන ගෙනෙන අනෙකුත් සියල්ලෝ ඒ වරද නිවරදි කිරීමේ අරමුණෙන් ඒකරාශී නොවනතාක් ඔවුන් කරන්නේද කර ඇත්තේද ඒ අවස්ථාවාදය පෝෂණය කිරීම පමණි. එවිට මේ රටේ ජයග්‍රහණය වෙනුවෙන් නිර්මාණය වෙන ස්වර්ණමය අවස්ථා ඉතිහාසයේ වර්තමානයේ සේම අනාගතයේද එක් එක් වර්ගයේ පටු අවස්ථාවාදයන් තුළ අපතේ යනු ඇත.

ක්‍රමයක වෙනස නම් මේ අවස්ථාවාදය පුද්ගල, පක්ෂ, කණ්ඩායම් වලින් බැහැර කොට රට වෙනුවෙන් භාවිත කිරීම ය. එබඳු කැපකිරීමකට දායක වීමට තරම් අවංක නොවන පිරිස බහුතරය වන තාක් ඒ අවස්ථාවාදයේ සාපයෙන් ගැලවීමට බහුතර රට වැසියාට ඉඩ නොලැබෙනු ඇත.

වර්තමාන පාලකයාට ඒ පිළිබඳ සැබෑ උවමනාවක් තිබේ නම් එහි සමාරම්භය සනිටුහන් කිරීමේ හැකියාව ඔවුන්ට තිබිය යුතුය.

තවදුරටත් වංචාව හා පැළැස්තර ඇටවීම් තුළ තම පුහු මාන්නයන් හා බල තණ්හාව දිගේලි කිරීම ඔවුන්ගේ අවශ්‍යතාව නම් තවදුරටත් පරණ හරකා කණුවක බැඳගෙන සිටිය හැක. 

තමන්ගේ පටු අවස්ථාවාදය රට වෙනුවෙන් කැපවන ලෙසට ප්‍රතිව්‍යූහගත කරණයට අසමත් වන තෙක් වෙනත් කිසිඳු ප්‍රතිව්‍යුහගත කිරීමකින් අසමත් රාජ්‍ය සමත් කිරීමට හැකි නොවනු ඇත.

Sunday, September 17, 2023

ඒක පිත්තල වුණොත් ඇති !

චුයිංගම් වුණාට පස්සෙ රට 

ආස්වාදය හැපෙන තරමට

හවයක් වෙලා විසිවෙන හෙට

කෙළපිඩක් විට පඩික්කමකට

ඒකට respect !

ඉන්දියාව සතුටු කරන්න උන් හැමදා දේශපාලනය කළා.

ක්‍රිකට් වලින් ඒක වහන එක අපේ උන් ටිකකට නතර කළා.

well done ~  හොඳට ම කළා



අපිත් රටත් ඇදට ගියාට ක්‍රිකට් ගහන උන් කෙලින් යා යුතුයි (අස්ථාවර රටක ස්ථාවර ක්‍රිකට්)

අභිමානය හා අවමානය අතර ඇත්තේ එක අකුරක වෙනසකි. අතීතයේද වර්තමානයේද  අනාගතයේද කියා එහි වෙනසක් නැති.

රටක් හැටියට ෆේල් වෙලා, කප් එකකින් හරි විලි වහගන්න හැදුවට ඒක අමාරුයි.

දැන් අපිට වහගන්න තරම් දෙයක් නෑ , මේ තාක් වහගෙන හිටියෙත් ඉන්දියානු ආධාරයෙන්.

ඇත්තටම කරන්න තිබුණෙ රටේ මහ පුටුත් එක්ක ක්‍රිකට් එකත් රනිල් දිනේෂ් ඇතුළු පිරිසට බාර දෙන එක. 

මේ රටේ හැම කෙළියක්ම කිරීමේ අනුහස ඇත්තේ රට කාපු උන්ට පමණයි.

අපි රනිල්ගේ වලිගේ එල්ලී තවදුරටත් අහසේ ම රැඳෙමු ! ඉන්දියා, චීන, ඇමරිකා ect.. දෙව් ලෝ පතමු ! 

ඒ පාඩමත් ඉගෙන නොගන්නට තරම් අපි more තකතීරු නම් මේ අවස්ථාව ක්‍රිකට් ක්‍රීඩාවටත් ක්‍රීඩකයන්ටත් පවරා අස්ථාවර ක්‍රිකට් වෙනුවෙන් හෙට අස්ථාවර රටත් ඉන්දියාවට or වැඩි ලාබයට දන් දෙමු !

වෙන්දේසිය සූදානම් වෙමින් පවතී!

ගරු ලොකු පුතා ඇතුළු දුවාදරුවන් විසින් තමන්ට දෝසි කෑම පිණිස තම මව නොහොත් ලක් මව බන්දේසියක නොතබා ශල්‍යාගාරයේ දීම අවයව වශයෙන් වෙන්දේසි කිරීමට නියමිතය.


පරයින් කරමින් හුරතල් !

අරිමින් කුණු කානු කටවල් !

වගුරමින් අශූචි ගොඩවල් !

හැදුනේ කොහේද රටවල් ?

Thursday, September 14, 2023

යළි යළිත් ලෝක බැංකු සුවය පතමු ! (සදා සරණ වේවා)

පාලකයන් බලෙන් ඇතී

නායකයන්ට ඉඩක් නැතී

පිස්සුවට තැනක් ඇතී

සුදුස්සන් ගෙදර යතී


විප්ලවයකට ඉඩක් ඇතී

අවසානයට පණක් මදී

හොඳ එකාගෙ හොඳත් වැඩී

නරක එකා විනත් කටී


පාරෙවත් නීතියක් බැරී

තදබදයෙන්ම කැපෙයි ඉරී

කහ ඉර ඇතත් නැතත් සොරී

මැරි මැරි ඉපදුණත් ජොලී


හොරු බදාගෙන හොරු

දියුණුවට යයි රට මරු

රජා රකිමින් රජ බඩු

දනන්ට කියයි අවනඩු


නීතිය පොතට සමානලු

කෙරෙන විට අසමාන ලු

දුගියට බෙදා මනිබඩු

ඡන්දය හිඟති රජබඩු


සැබෑ දියුණුව ඊසි ද

වංචාව සමඟ ලේසි ද

රැක දුෂිතයන් පේළිය

මෙහෙම යං මේ ක්රේසිය

Friday, September 1, 2023

එය මෙසේ සිදුවිය ~ කෙසේද යත්!

රටට 'මෙහෙම' වුණේ

ඔබ 'එහෙම' කළ නිසා

ඔබට 'මෙහෙම' වුණේ

රටට 'එහෙම' වුණ නිසා

Wednesday, August 30, 2023

මගදි තහනම් ද නිවෙන්න !

ගින්දරත් දෙන්නම් දැල්වෙන්න

ඔබ කැමති විදිහකට ඇවිලෙන්න

අපි කීවොත් මිස නිවෙන්න

පිච්චචෙන තුරුම ඇවිලෙන්න


ඇවිලෙන්න, එපා නිවෙන්න

ඇවිලෙන්න එපා, නිවෙන්න

නිවෙන්න එපා, ඇවිලෙන්න

නිවෙන්න, එපා ඇවිලෙන්න

Sunday, August 27, 2023

බෙදා ~ ගැනීම ~ රවටා ගැනීමක් මිස ගලවා ගැනීමක් නොවේ.



සහනාධාර තොග පිටින් ලබා දෙන්නේ නම් ආණ්ඩුවද මෙරට ආගමකි. රාජ්‍ය සිද්ධස්ථානයකි. සහනාධාර ලාභීයා වන්දනා කරුවෙකි.
තොග පිටින් බදු ගහන විට බදු ගෙවන්නා ආගම වෙන අතර ආණ්ඩුව වන්දනා කරුවේ. 
කෙසේ නමුත් සහනාධාරයෙන් හෝ බද්දෙන් ආණ්ඩුවේ හෝ ජනතාවගේ එදා වේල තාවකාලිකව සරි වීම මිස සිද්ධස්ථානය නොහොත් රාජ්‍යය තිරසර ලෙස බංකොලොත් වීම නවතා ගැනීමට ඉඩකඩ නොලැබේ.
අනීතික අවකෙළි වලට සාධාරණ ලෙස වැට බැඳීමත්, ණය ප්‍රාණය කර නොගැනීමත්,  නිසි ප්‍රතිපදාවට පිවිසීමත්, ධෛර්යයෙන් වීර්යයෙන් විවෘතව අවංකව එකමුතුව සිදු නොකරන තාක් දේශපාලන පූජකයාත් රාජ්‍ය සිද්ධස්ථානයත් භෞතිකවත් සංස්කෘතිකවත් දිනෙන් දින පිරිහේ. සිවුපා නොවන බල්ලන් දේශපාලන පූජකයින්ගේ සුරතලුන් ලෙස රාජ්‍ය සිද්ධස්ථානය පුරා පහරනු ඇත.

Monday, July 31, 2023

නැටුමකට මාරු නොවීමේ ප්‍රතිවිපාක ~ Let's Dance (by Kekille)

රටට ජාතික නැටුමක් හඳුන්වාදීමේ වටිනාකම පැහැදිලි වන්නේ මෙවැනි අවස්ථා වලදී ය. 

මහජනතාවගේ ආතතිය ජාතික වශයෙන් කළමණාකරණය කිරීමට අමතරව එයින් අපට අත්කර ගත හැකි ධනාත්මක තත්වයන් ගණනාවකි.


1. සීරුවට වඩා පහසුවෙන් වින්දනය කළ හැකි වීම.

2. හඬට එහා සකල ශරීරයෙන් ජාතික අභිමානයට උපහාරය දැක්විය හැකි වීම.

3.ස්ත්‍රී පුරුෂ භාවයට අත නොතැබිය හැකි විධායක බලය අබිබැවිය නොහැකි වීම.

4. ඔපෙරා, ජන ගී, බයිලා, කපිරිඤ්ඤා  ආදී ගායන ශෛලීන් මෙන්ම විවිධ භාෂා ආර තුළින් හානි කිරීමට නොහැකි වීම.

5. "නැව ගිලුනත් බෑන් චූන්" අනියම් අර්ථයෙන් නොසැලෙන, ශක්තිමත්, සැහැල්ලු, ජවසම්පන්න, අභිමානවත් ජනතාවක් බව ප්‍රකට කිරීමට හැකිවීම.

Saturday, July 29, 2023

හිට් හිට් වන් මෝ

(බංකොලොත් භාවයේ සිට ලෝක බලවතෙකු දක්වා ~ ගෞරවයෙන් සුබ පැතුම්!)

හිසට බඩට හා යටි බඩට පහර දීමෙන් විධායකය ව්‍යවස්ථා දායකය හා නීතිය ශක්තිමත් වේ ලු. මරා දැමීමෙන් රට සංවර්ධනය වේ ලු. හොර මැර ජඩ කම ප්‍රවර්ධනයෙන් ලෝක බලවතෙකු බවට පත් වේ ලු. 

Friday, July 28, 2023

ස්තූතියි !

 රට කෙරෙ වූ පොරවල් 

කෙරුවා අපමණ පොලිටිකල්

පිරෙව්වා  මිනී වළවල්

හිස් කළේ පිරුණු කළවල්

Friday, July 14, 2023

රටේ වත්මන් තත්වය පිළිබඳ සදෙව් ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාණන්ගේ ප්‍රකාශය

ලක්වාසී ජනතාව වෙත, කරුණාවෙන් දන්වන වග නම් !


මගේ පුටුව නිතරම රත් කරන්නේ ඔබේ රටේ මහ ජනතාවයි. එය මෙලොව කිසිවෙකුටත් රහසක් නොවෙයි. පසුගිය වසර දෙක තුනක කාලය තුළ මගේ කාර්යාල අසුන කී වාරයක් නම් අලුත්වැඩියා කරන්නට සිදුවුණි ද ! එය මගේ භවනේ තත් කාලීන වාර්තාවක්. හේතුව ඔබ රටේ මහ ජනතාවගේ නිමා නොවන ප්‍රශ්න හා ගැටළුයි. 

බීරි අලින්ට කරන වීණා වාදනය නවත්වා ලන්නට මා ඔබලාට කොපමණ උපකාර කර ඇතත් ඔබලා නැවත නැවතත් කරන්නේ එයමයි. දැන් මට සිදුවී ඇත්තේ ඔබට උපකාර කිරීම පසෙකලා මගේ වැඩක් බලා ගැනීමට පමණයි. අත්දැකීමෙන් වුව පාඩම් නූගන්නා පිරිසක් වෙනුවෙන් වෙහෙසීම නිශ්ඵල හා නිෂ්ප්‍රයෝජන කාර්යයක් බව දැන් මට වැටහී තිබේ. නැතහොත් මාද ඔබ මෙන් බීරි අලින්ට වීණා වයන වාදකයෙක් ලෙස පෙනී යන්නට ඉඩ තිබේ. එබැවින් තව දුරටත් ඔබගේ ගැටළු වෙත මගේ සාතිශය කණගාටුව ප්‍රකාශ කිරීමෙන් පමණක් සැහීමට පත් වීමට සිදුවන බව කාරුණිකව ප්‍රකාශ කරමි.


ස්තූතියි,

මීට 

ශක්‍ර දේවේන්ද්‍ර

(ස. ලො. අධිපති)

Tuesday, July 4, 2023

🔖

Wednesday, June 28, 2017

කර හරිමි (මදහස)



සම්ප්‍රදාය පැටවූ ඉදිරි කදත්
විකල්පයෙන් බරවූ පසු කදත්
යා කොට උරෙහි වූ රිටත්
වැර යොදා ඔසවා දෑතින් ම
බිම තබා යමි මං තනියෙං ම

Thursday, June 29, 2023

බංකොලොත් රටක් බංකොලොත් නායකයින් විසින් මෙහෙයවීම යුගයේ විශිෂ්ඨටතම කාර්යභාරයයි !

ප්‍රතිපත්තියක් එක නීතියක් නැත ඕනෑ

රට බංකොලොත් වෙන මාවත් තව ඕනෑ

අරගල බඩට මිස ඔළුවට නැත ඕනා

ආපහු පරණ රටටම වීසා ඕනෑ

Tuesday, June 13, 2023

නෙක්ස්ට් ලෙවෙල් ~ පාට් ඉස් වෙල් !



රාජපක්ෂට වම් කම්මුල ඇල්ලුවා ~ ඒ ෆැන්ටසිය ඉවරයි 

වික්‍රමසිංහට දකුණු කම්මුල ඇල්ලුවා ~ ඒ ෆැන්ටසියත් ඉවර වෙයි

ඊළඟට කාට හරි බෙල්ලත් දෙමු ~ එතකොට ප්‍රාණය නිරුද්ධ වෙයි

මොකුත් කරන්න බැරි අවසන ~ අදාහනය, භූමදානය, අවයව හරි දානයක් වෙයි

වර්ණ අන්ධ



 

Friday, June 9, 2023

🔂

 



Sunday, June 9, 2019

තම තමා (each)

මහින්ද, රනිල්, මෙෙත්රී, ගෝඨාභය, සහ ඔය ගොන් නටම බැඳෙන 225 ට අමතරව රටේ තවත් හත් අට දහක්ද සතියේ  වැඩි දවස් ගණනක් සුදු ජාතික බැනියම් අඳිති. ලක්ෂ ගණනාවක් බෞද්ධ කිතුනු ඉස්ලාම් හින්දූන්, බුදුන්ට දෙවියන්ට ගුරුන්ට දෙගුරුන්ට වදින දෑතින්ම උන්ට වඳිති. රටට වැදගත් ඒ කිසිවෙක් නොවේ. එබන්දන්ට අමතරව තවත් ලක්ෂ ගණනක් මිනිසුන් රට තුළ ජීවත් වීමයි. එයිනුත් කාළගුණයෙන් දේශගුණයෙන් හෝ මුදල නිසා මිනිසාගේ වටිනාකම පාවා නොදෙන ලක්ෂ ගණනක් රට තුළ තවමත් ජීවත් වීමයි. තුට්ටු දෙකට තම වටිනාකම හෑල්ලු කරගත් මහා ප්‍රතිරූපධාරියෝ ඉදිරියේ වචනයකින් හෝ ඇත්ත කතා කරන වඩුවා තනන්නේ පුටුවක් මේසයක් පමණක් නොවේ. එබඳු ගුරුවරයා සිසුන්ට ලබාදෙන්නේ දැනුම පමණක් ද නොවේ. එවැන්නන්ට නිසි සමාජ වටිනාකමක්, කරළියක් ලබා නොදී බල පොරයේ සිටිනා උන් පතුරුගසා අප සතුටු වූවාට සැබවින්ම එයින් අපට අද දක්වා වැඩක් වී ඇත්නම් ඒ දශමයකි.  සිදුවිය යුත්තෙන් හරියට දශමයකි. අපේ රටේ කලාවෙන් වන සමාජ බලපෑම වාගේය ඒ දේත්.  අපි හදා ගන්නා පොඩි ඉඩකඩෙන් පහළ මට්ටමේ ජවපොදි ඉහළට ඔසවනවා තබා අපි කරන්නේ  අපේම උන්ගේ විඥානය පුළුල් කරමින් එකතැන හිඳීමයි. එක් පාර්ශ්වයක් කොතරම් පුළුල් කරගෙන හිටියත් ගණිකා මඬමේ ලැග එන ස්වාමියා මර නින්දේ නම් එතැන සුජාත දරුවෙක් බිහි වන්නට පසුබිමක් නැත. පාලිතයන් සේම පාලකයන්ද නින්දෙන් අවදි විය යුතුය. රටේ පරම්පරා ගණනාවක් තුළ සුජාත භාවයෙන් තබා සහජාත භාවයෙන් වත් යහගුණය නූපදින්නේ එහෙයිනි. ඒ බීජ කිසිදා ගර්භගත වී නැත. සැබවින්ම වඳභාවය තිබෙන්නේ එතැනය. මෙහි සැබෑව නම් මේ රටේ ජන විඥානයේ දුප්පත්කම නොවේ. හීන වීර්ය යි. ඇත්තට නිදන එකා අවදි කළ හැකි වුවත් බොරුවට නිදන මහ උන්, උන්ගේ අපහසුවට මිස රටේ අපේ අපහසුවට නැගිටින්නේම නැත. පහසුවට ලේසියි ජීවිකාව පවත්වන්නට වැල යන අතට මැස්ස ගහන්නේ ඊට එකඟ නිසා නොව විරුද්ධ වී ජීවිතය අපහසු කර ගැනීමට ඇති අකමැත්ත නිසයි. එතකොට මේ සමාජ ප්‍රගමන මල් වට්ටියට අතගහන්නේ කව්ද? ඒවායේ නායකත්වය ගන්නේ කව්ද? සහ ඔවුන් එසේ කරන්නේ ඇයි? පැරණි ක්‍රමයේ ගම්බිම් පදනමේ රාශිගත වීම් ස්වභාවයක් නැති අද ඔය සේරම කෘතිම නායකත්වයන් වෙයි. එවිට නැවත ගමේ දේශපාලුවා ගමේ ස්වභාවික නායකයා වෙයි. පූජ්‍ය හෝ පූජක පක්ෂය ගමේ ස්වභාවික නායකයන් වීම බොහෝ කොට නාමිකත්වයටම වැටී ඇත. රාජ්‍යයේ බලය පාලකයාගේ පැවැත්ම පිණිස පමණක් සක්‍රීය වෙද්දී අප බල්ලාගේ කිනිතුල්ලා මෙන් පරපෝෂී වන්නට හදන්නේ පාලකයාගේ ඇඟේ එල්ලී හදා ගන්නා සබඳයකින් මිස අප වෙනුවෙන් පවතින රාජ්‍යයේ බලය සක්‍රීය කර ගැනීමෙන් නොවේ. අපි අහවලාගේ කට්ටිය කියා අහවලාගේ බලයේ කොටස්කරුවන් ලෙසින් රැකෙන්නට හදන්නේ එහෙයිනි. එසේ නැතිව රටේ පුරවැසියන් ලෙස පෙනී සිටීමෙන් පමණක් අපට රැකවරණය ලැබීමට නම් අපට හුදෙකලාවේ සටන් කරන්නට සිදුවේ. ඒ සටනට තවත් පුරවැසියන් එක් වෙද්දී එතැනත් උගත් පණ්ඩිතයෝ ගුරුකුල ප්‍රශ්න හදති. පිරිසක් ඉන්දියාවෙන් පැමිණ මිශ්‍ර වූ නිසාමදෝ බමුණන්ටත් වැඩි බමුණෝ මෙහේ සිටින බව කියන්නට සිදුවන්නේ එවිටය.
සාමාන්‍ය ජන විඥානයෙන් කළහැකි දේ එය පුළුල් වූවා කියා නොකෙරෙන්නේ එහෙයිනි. ඇත්තේ පහසු ජීවිතයේ රුචිකත්වය පමණි. අද බහුතර සිංහල බෞද්ධයා කොහොමත් සරල ජීවිතය පතන්නෙක් නොවේ. එබැවින් ඔය ජන විඥානය පුළුල් කිරීමට වඩා බෙල්ලට පිහියක් තැබීම, කඩුවක්, තුවක්කුවක්, බෝම්බයක් බොහෝ තැන්වලදී සාර්ථක වී ඇත්තේ මරණයට වඩා අපහසුව තුළ ජීවිතය හෝ ඉතිරිවන වාසිය පහසු ජීවිකාවේ රුචිය විසින් එහිදී මතු කරන බැවිනි.
එබැවින් අපහසු ජීවිත පහසුවෙන් ජීවත් කරවීම සඳහා හැදෙන ව්‍යාපෘතිත්, පහසු ජීවිත අපහසුවෙන් ජීවත් කරවීම සඳහා හැදෙන ව්‍යාපෘතිත් යන සංකීර්ණ බල සමීකරණ අතරේ සාධාරණ සරල සමීකරණයක් වන සාමාන්‍ය විඥානය යුක්ති සහගත බලසම්පන්න අවියක් කර ගැනීම අප වැනි මිනිස්සුන්ට මෙවැනි සමාජයක ජීවත්වීම උදෙසා එකම පිහිට 'වේ යනුවෙන් අවබෝධයට ගන්නට අපට සිදුවේ.

Saturday, June 3, 2023

දුටුවෙමි !

පෝදා මෙදා හංදියේ

පන්සල අසල දන්සලේ

විහිළුයි ඔවුන් සිදු කළේ

බොහෝ අය එහි රැස් වුණේ


කෝල නැති කළ අක්කලා

සමඟ රැඩිකල් අයියලා

අප නොදන්නා බණ කතා

කියා දී පින් රැස් කළා


ගම්වල කොල්ලෝ කෙල්ලෝ

අවටත් කෙල්ලො කොල්ලෝ

සමඟ ඒ ගොල්ලෝ

වගෙයි මල්ලට ගැහුව ගුල්ලෝ


ජිවිතය ගැන විහිළුවෙන්

මරණය ගැනත් විහිළුවෙන්

රතිය රමණය විහිළුවෙන්

සතර අභිනය කවුළුවෙන්


තොරණකට වැඩියෙන් කතා

අද දන්සලේ පින් තකා

සමාජය එහි රැස් කකා

සතර අගතිය සිහි කළා

Wednesday, May 31, 2023

අන්ධරේලා ~ රේවතීලා

ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාව හැර තවත් ජනතාවක් සිටීද

සිටී

ඒ රටේ සාමාන්‍ය ජනතාවයි


ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩු හැර තවත් යමක් තිබේද

තිබේ

ඒ රටේ රජයයි


ඒ රටේ සාමාන්‍ය ජනතාවටත් ඒ රටේ රජයටත් විහිළු සපයන ඒ රටේ තවත් ජනතාවක් සිටීද

සිටී

ඒ රටේ ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවයි

Tuesday, May 30, 2023

මගේ කොටස ඉටු කිරීම මගේ .. by රයිට් ඩවුන් කොමීඩියන් ෴

ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට ..... සපයන ජනතාවට ... වලට ..

Monday, May 29, 2023

දේශපාලනය, විනෝදය හෝ අපහාසය සඳහා නොවේ.

හේතු ඵල සබඳතාව සමඟ විග්‍රහ කොට ගත හැකි නිත්‍ය, සතුටු, ආත්මයක් පෙන්වන්න ~ විචාරශීලීව හැදැරීම සඳහා

Sunday, May 28, 2023

අම්මද තාත්තද වැඩිය අගේ

පුං ඡායා තමයි අගේ
අවතරණය තමයි හොඳටම කළේ
අපි ගුරුවරු නැති පරපුරේ
නෑ කිසිවක් අනතුරේ ?

Saturday, May 27, 2023

ජාතිකාභිමානයට ~ විකල්පය එමමයි, එය ජාතිකාභිමානයයි (අවමානයෙන් බැහැර නොකළ යුතු රටක ජාතියක අභිමානය)

+  තියෙන්න ඕන එකක් බිංදුවෙනුත් පහළට වැටුණම  ඒ සමාජයේ තනි තනි මිහිහෙක් පවා ආතතියට ලක් වෙනවා. මොකද තනියෙන් අභිමානයක් නැති වුණත් රට ජාතිය සවිමත් නම් ජන මනසට ඒක අවියක්. අවුරුදු දෙක තුනක ඉඳන් ලාංකීය සමාජය ම ඉන්නෙ ඒ අවිය පත්තු වෙන්නෙ නැති තැනක. මේ කියන්නෙ ශ්‍රී ලාංකික බව මිස දේශපාලනික භාවිතා වේ එන ආරූඪ ජාති, දේශී හිතෛශී අව භාවිතයක් ගැන නොවෙයි. 

ඒ නිසාම මේ කඩා වැටීමේ හේතු සාධක සැලකීමේදී මජර දේශපාලනයට සෘජුව ඇඟිල්ල දිගු කරන අතරේ ඉතිරි ඇඟිලි එක එක  පාර්ශ්ව වලට දිගු වෙනව. හීනමානය දැඩිව ජාතිය වෙලා ගනිද්දි අපි හරි තැනට වගේම හිතෙන හිතෙන තැන්වලටත් බෝල පාස් කරන්නෙ දැනෙන පීඩනයෙන් ගැලවෙන්න. රැල්ලක කැරැල්ලක හැඩය ගත්ත අරගලයකිනුත් රට වැසි අපිට මේ පීඩනයෙන් ගොඩ එන්න දුන්නෙ නෑ. අපිව නැවත රාමුවටම ඇදල දැම්ම. මොකද්ද මේ රාමුවෙ තියෙන අවුල, සමහරෙක් අහනව. අපි අද ඇවිත් නතර වෙල ඉන්නෙ කොතනද කියල බැලුවොත් ඒකම තමයි ඒ අවුල. තව විදිහකින් කීවොත් කාලයට වගේම ශරීරයටත්  නොගැලපෙන ඇඳුමක් අපට අන්දල තියනව. ඒකෙ අපහසුව නිසා ගලවන්න හැදුවත් ඉඩක් නෑ. සමහර විට නිසි ඇඳුමක් හදා ගන්න තුරු ටික කලක් නිරුවතින් ඉන්න එක ඔය ඇඳුමට වඩා ජාතික දේහයට යෝග්‍ය වෙන්න පුළුවන්. නමුත් අපි තවමත් අණ්ඩ දමමින් ගොමස්කඩයක් ගත දවටා ගෙන පීඩනයකින් ජීවත් වෙනවා.
සමාජයකට අනවතරව ගලා එන පීඩන ප්‍රවාහයක් තුළ පවතින්න බෑ. මේ පීඩනය සමාජයට අවශෝෂණය කර ගන්න පුළුවන් කමක් නෑ. එතනදි ඇතැමෙක් ජීවිතය අතහරිනවා. ඇතැමෙක් සමාජය අත හරිනවා. තවත් අය පීඩන ප්‍රතිරෝධයන් හදා ගන්නවා. ආන්ඩුවට දක්වන දේශපාලන විරෝධය වගේම සමාජ කල්ලි, කාණ්ඩායම්, නායකත්ව දරණ විවිධ කොටස් වලට ඇති වන විරෝධයත් ඒ ආකාරයි. එහිදී ඒ ප්‍රතිරෝධයන් යුක්ති සහගත වෙන මෙන්ම නොවන අවස්ථා පවතිනවා. ජාතිය, ආගම, සංස්කෘතිය හැම එකක්ම කුල්ලට, පෙනේරෙට වැටෙන එක හොඳ වුණත් කුල්ලට දැමිය යුතු දේ පෙනේරයටත් පෙනේරයට දැමිය යුතු දේ කුල්ලටත් වැටුණොත් වෙන්නේ සමාජ වටිනාකම් තවත් ටිකක් වේගයෙන් විනාශයෙන් විනාශයට යාම පමණයි.
මෙතනදි මමත් ස්ටෑන්ඩ්අප් , සිට්ඩවුන් හෝ රයිට්ඩවුන් ලෙස ප්රකාශ කළ යුතු යමක් තිබෙනවා. එය විහිළුවක් හෝ යථාර්තයක් වන්නේ ජන සමාජයේ ප්‍රතිපෝෂණය අනුව.
එය යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන්නට මම කැමතියි.
ඒ තුළ මේ බොහෝ දේ සමබරව රැකගෙන සමාජයක් වශයෙන් ඒකරාශීව රට, ලෝකය ඉදිරියට තල්ලු කර ගන්නට දිය හැකි අලුත් යමක් තියනවා ද යන්න ඔබ තීරණය කළ යුතුයි. 😀
අපි නටමු, තුටින තුටින ගීත ගයාලා .. !
ජාතික අරගල වලින් සමහන් නොකළ ජන පීඩනයට දැන්වත් නිදහසක් දෙන්න. රටට ජාතික නර්තනයක් හඳුන්වා දෙන්න. ජාතික ගීයේ අරුත්බර වචන එක්ක හිතට එකඟව සීරුවෙන් හිර කරගෙන ඉන්න බැරි ජාතික හැඟුම් වලට නිදහස් වන්නට ඉඩක්. පිටකෙරෙන  පීඩනය හොඳම විදිහට උරා ගන්න ජාතියටම ඉඩක් දිය යුතුයි. ස්ට්‍රෙස් නැති කර ගන්න කාමර ශාලා අස්සෙ නටපු නටන මිනිස්සුන්ට ජාතියක් වශයෙන් නටන්නට ඉඩක් හැදිය යුතුයි. ඒක රටක ජාතියක භාව විශෝධනයක් වේවි. මානුෂීයව වගේම ධනාත්මකවත් රටක රාජ්‍ය මට්ටමේ කාර්ය බාරයක් ලෙස කතිකාවට ගත යුතු දෙයක්.
සීරුවෙන් කියන ජාතික ගීයට උපරිම ගෞරවයෙන් යුතුව එතැනට ජාතික නර්තනයක් ආදේශ කර බලන්න. ලාංකීය ජාතියක් වශයෙන් අපිට දිනපතා නිල වශයෙන් නැටිය හැකි නැටුමක්. පාසලේද, ආයතනයේද, උත්සවයක ද බේදයකින් තොරව එකට නටා ජවයෙන් අරඹන දවස, ඒ දවස කොතරම් ප්‍රීතිමත් වේවිද, සුන්දර හා ප්‍රබෝධමත් වේවිද, නිර්මාණශීලි වේවි ද ? ඒ හිතිවිල්ලත් කොතරම් ප්‍රීතියක්ද :! එහෙම නොවෙයි ද අලුත් ලොවේ අපේ අභිමානය අපි රැක ගත යුත්තේ. එය නොවෙද ජන විඥානයේ හැබෑ ප්‍රතිව්‍යුහගත කරණය. සිත ගත මනස ලෙස එක මිටකට ගෙන රටට හයිය හදන විදිහ.😀
අපි නටමු, තුටින තුටින ගීත ගයාලා .. !
මතක තියා ගන්න ජන අරගලයකින් පසු ජනයා ප්‍රතික්‍ෂේප කළ කෙනෙකුට ජනපති වෙන්නට හැකි රටක ජාතික නර්තනයකින් ජාතියක අහිමානය නැංවීම පමණක් නොව රටම වුව වෙනස් කළ හැකි බව !

Friday, May 26, 2023

රට කෑමෙන් පසු අතුරුපස සූදානම්!💩

සිංහල කයිවාරුවෙන් බංකොලොත් කළ රට ඉංග්රීසි කයිවාරුවෙන් ගොඩදැමිය හැකි යයි කලු සුද්දෝ හිතති. 

හොරු බොරු, වංචාකාරයෝ එහෙමම තබා ගෙන අයි එම් එෆ් සුදු රෙද්ද ඇඟ දවටාගෙන පිළිවෙතින් පෙළ සැදෙති. 

බලයෙන් ජවයෙන් ශක්තියෙන් දුර්වල දුර්මුඛ පරම්පරාවක් නිර්මාණය වෙමින් පවතිද්දී රටේ ආර්ථිකය සාමාන්‍ය තත්වයට පත් වෙමින් තිබෙනවා යයි කියති.

ඒ අනුව අනාගතයේ නාකි තිරිහන්ව සංවර්ධිත රටේ මිනී පෙට්ටියක් තුළ සිය ප්‍රතිලාබ භුක්ති විඳිද්දී තරුණයෝ රෝගීන්ව  රෝහල්වල ගෙවන වාට්ටුවක තම තාරුණ්‍ය විඳවනු ඇත.

එහෙම කාපු රටක අතුරුපස මෙහෙම තමා, අපි මක්කොරන්නද ... මජර දේශපාලකයින්ට කඩේ යන හපුටු තක්කඩි මිසදෙටුහිතෛශී හිපාටුවන් එවිට කියනු ඇත.

Tuesday, May 23, 2023

හෙව්වා තමා ~ අතික්‍රමණයත් කළා (මෙරු වෙත මෙතිනි ~ නොදැන කළ වරදකි)

බුදුන් හෙව්වා පාරුවක්

මහ ගඟකින් එතෙර වන්න

බුදුන් හෙව්වා ආලෝකයක්

මහ රාත්‍රියේ මග වඩින්න

බුදුන් දෙසුවා ධර්මයක්

පාරුව සේ මහ සසරින් එතෙර වන්න

වදාළා 'එපා එතෙරව පාරුව කරින් ගෙන යන්න'

බුදුන් පෙන්වුවා නිවන

ආලෝකයේ වේගයෙන් හැකිනම් ලබාගන්න

එපා නිත්‍ය නැති, ලයිට් ගියාම දුක් ඇති, දීප්තිය හැර කිසිත් නැති ආලෝකයෙන් ගිනිකන වැටෙන්න

🆒

දැන් පුරුද්දට ගිහින් !!

ධර්මය පසෙකලා ශාස්තෘ ප්‍රවර්ධනය කරන පූජකයන්ට, නායක ප්‍රතිරූපකයන්ට, ව්‍යාපාරිකයන්ට යටත් නොවුනා නම් අපි අදටත් ශික්ෂිත ජාතියක් !

🆔


 

🆓




 

Friday, May 19, 2023

වික්‍රමසිංහලා දෙන්නයි, ගියේ දෙමග යි ෴ බසේ වීරයා හා දෙසේ පාලුවා

අයෙක් නූගත්,

අනෙකා උගත්:

නූගත් බුද්ධිමතා ජන විඥානය ඔප දැම්මා, පරම්පරා ගණනක් ප්‍රඥාවෙන් හැඩ කළා.
උගත් තක්කඩියා ජන විඥානය වළ දැම්මා, පරම්පරා ගණනක් අවඥාවෙන් කැත කළා.
නූගතා තුන්කල් බැලුවා, තනිව හැදෑරුවා
උගතා තනිව කල් බැලුවා, එකතුව ඩීල් දැම්මා
නූගතා පොත් ලියුවා, රටට ඉතිරි කළා
උගතා පොත් පෙරලුවා, රටම ණය කළා
නූගතා උගතුන්ගේ, රටේ දරුවන්ගේ ගුරුවරයෙක් වුනා
උගතා හොරුන්ගේ රට කපටින්ගේ මහ මොළකරු වුනා
නූගතා මිය ගිය මුත් ජන හදවත් අතර අදටත් ශ්‍රේෂ්ඨයෙක්ව ජීවත් වෙනවා
උගතා ජීවත් වෙමින් මුත් මළ ගිය පරාණයක් මෙන් ජන හදවතෙන් දිනෙන් දින දිය වෙනවා

(ඉනි කැපුවා තමා ~ ඔක්කොම දැම්මේ ගඟට ~ අදටත් එහෙමයි, 2048 ඉනි ටික ගඟ දිගේ ලැබෙයි, එදාට ගහන්න වැට රට වටේ, රැක ගන්න මේ මුතු ඇටේ ~ ජීවතුන් අතර හිටියොත් එදාට රට කරන්නෙ නාකි අපියි)

Monday, May 15, 2023

හිත ~ ප්‍රතිව්‍යුහ ~ ගත ~ කරනවා (දෙන්, මට නින්ද යනවා. දෙන්, රට දියුණු වෙනවා)

ජාතිය ප්‍රතිව්‍යුහගත කරනවා

ජන්මය ප්‍රතිව්‍යුහගත කරනවා

ආගම ප්‍රතිව්‍යුහගත කරනවා

කලු තර ප්‍රතිව්‍යුහගත කරනවා

සුදු කෙට්ටු ප්‍රතිව්‍යුහගත කරනවා

ප්‍රතිව්‍යුහ ප්‍රතිව්‍යුහගත කරනවා

රතිව්‍යුහ ප්‍රතිව්‍යුහගත‍ කරනවා

ප්‍රතිව්‍යුහ ජානගත කරනවා

පරණ යකඩ වලට අලුත් බේසමක් දෙනවා

අප යෝජන කරන්නන්..

දරුවන් අපයෝජනයට..

පුරවැසියන් අපයෝජනයට..

රට අපයෝජනයට 

ලක් වෙද්දී

අප නියෝජනය කරන්නන්..

Tuesday, May 9, 2023

දේශපාලන බල මජර වෛරසයට එරෙහි වූ (9 ~ ප්‍රති මජරත්ව සටන)

එදා මෙදා මිනිස් ඝාතන සංස්කෘතියක් මේ ධර්මද්වීපයේ වීද ඊට වඩා මිනී කාක්කන්ගේ සංස්කෘතිය අද වඩා සාමාන්‍යකරණය වී ඇත. දේශපාලනික අර්බුධ, සමාජ අර්බුධ ඊටත් මෙහා පුද්ගලික අර්බුධ මත සිදු වන ඝාතන ආදී වශයෙන් පවා මරණ විකුණමින් යැපෙන මිනීකාක සංස්කෘතිය අද හරි සරලය. 

මිනිස් ජීවිතයක වටිනාකම මෙපමණට හෑල්ලු වූ මාර සංස්කෘතියක් මේ ධර්මද්වීපය තුළ වැඩුනේ කාගේ කාගේ වරදින්ද?

මහජන විරෝධතාවයකට ගිනි තබා දේශපාලන වෛරයන් අවුලුවා අනිසි භීෂණයක් නිර්මාණයට මුල පුරා තමන් විසින්ම කැපූ වලේ ඇද වැටුණු සහෝදර මිනිසෙකුගේ මාංශය කිඹුල් කඳුළු සමඟින් අදටත් අනුභවයේ යෙදෙනුයේ නම් ඒ නියම මජර දේශපාලන කපුටන් ය.

මෙයින් ගැලවෙන්නට දරණ යම් උත්සාහයක, අරගලයක දිශාව පවා නැවත සිය සුපුරුදු මජර දේශපාලනය වෙත යොමු කරවා ගන්නට තරම් ඔඋන් දුෂ්ඨත්වයෙන් හා මුග්ධත්වයෙන් සවිමත් නම් අද රටට වින කරන සැබෑ ත්‍රස්තවාදය කුමක්ද, එය පවතින්නේ කොතැන ද, කවරාකාරයෙන්ද යන්න වඩා පැහැදිලිය. 

රාජ්‍ය කරවන උන් විසින් නැවත නැවතත් සකසන පෙර මංපෙත් තුළ යළි යළිත් පෙනෙනුයේ මෙරට ජන සමාජය ගිල ගත් මජර දේශපාලනය මුල් කොට ගත් නරුම සංස්කෘතිය ඔසවාලන විනාශකාරී ගමන හා එහි තරම නොවේද?

රටෙහි විනාශය උදාවී ඇත්තේ ආර්ථිකයක පමණක් නොවේ. සියළු සමාජ සංස්කෘතික අධ්‍යාපනික පද්ධතීන්ම දෙදරා නාය යමින් පවතී.

තවමත් සිය මජර බවට එරෙහි අරගලයේ පිළිබිඹුවට බුරන, නන් දොඩවන මුග්ධ දේශපාලක ප්‍රතිරූපධාරියෝ මීලඟ බල දඩයම පිළිබඳ සිහින මවමින් සිටිති. බල ගේමට පාර කපති, තාර දමති.

ආත්මාර්ථී දේශපාලන මජරත්වයෙන් අත් දුටු විනාශයේ මීළඟ අදියර අත් විඳින්නට සිදුවන්නේ ආත්මාර්ථී පුරවැසි මජරත්වය මතයි.

රට ගලවා ගැනීම සබුද්ධික පමණක් නොව එකමුතු, සවිමත්, සක්‍රීය ක්‍රියාවලියක් විය යුතු වන්නේ එබැවින්ය. වාද බේද විරහිතව පළමුව මේ මජර සංස්කෘතිය මෙරටින් තුරන් කළ යුතු ය. එසේ නොකොට කිසියම් සරු බීජයක් මේ නිසරු පසෙහි ඵල දරන්නට යළි ඉඩක් ඇත්තේම නැත. තවදුරටත් සරු බීජ පවා බිහි නොවනු ඇත! හිස් කාන්තාරයක මිරිඟුවක් පසු පස ලුහුබඳින්නන් බවට අප පත් වනු ඇත.

Monday, May 8, 2023

🌏

තුරු ලතා ළපටි වියේද තුරුණු වියේද මහළු වියේද ගුණ රුවින් එක සේ සුන්දරය. අනිත්‍ය මැදිහත්ව දකින්නට ඒ රූ අනගි උවම් මැව් සිත්තම් ය.

Monday, May 1, 2023

❄️

වචන නාස්තියක් / කාලය නාස්තියක් පමණි!


මජර දේශපාලනය අහවර වන තුරු / අහවර කෙරෙන තුරු රටේ අනෙතුත් මජර ව්‍යාපෘති කිසිවක නිමාවක් හෝ රටේ තිරසර සංවර්ධනයට අදාළ කිසිවක් සිදු නොවේමය. නැවත නැවතත් රස්තියාදුව පමණි.

අවබෝධයෙන්, උපේක්ෂාවෙන් ඊට මුහුණ දීම යනු මේ මජර ක්‍රමවේදයට යට වීමක් හෝ අනුබල දීමක් කර නොගන්න. මජර ක්‍රමය නඩත්තුව පිණිස ඔබේ ඡන්දය වෙනුවෙන් ලබාදෙන අල්ලසට යට නොවෙන්න.

නිවටකම , චෛරය පසෙකලා සෘජු බවින් සවිමත් වෙන්න : ඔබට ජය!

🌀

 මජර යකුන් එලවන යකදුරන් මිස

යකා වැහී නටනා උන් මොකට තව

නිධන් පිරුණු රට උගසට සින්න කළ

නායකයින් වඳින්ට ගාථා නැති ද


ඔඋන්ගේ මජර කමත් බහුතරයාගේ අන්ධ විශ්වාසයත් අතර ~ රට දෙපයින් දණිස්සෙන් මුනින් තලා වී ඇද වැටිණ !


දශක දෙකක් ආපස්සට හැරෙන තැන මහජන ඡන්දෙන් අගමැති වූ රනිල් ය. දශකයක් ආපස්සට හැරෙන තැන තිස් අවුරුදු යුද්ධයක නිමා වේ අභිමානය සමරමින් හුන් මහින්ද ය. ඊයේ වන විට මහජන ඡන්දයෙන් ම රනිල් හුන්නේ ගෙදරය. මහින්ද අනුප්‍රාප්තිකයා වශයෙන් ගෝඨාභය රට බාරගෙන සිටියේ ය. නිකම් නොවේ, තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ද සහිතවය. 

අද මහින්ද, ගෝඨාභය තනතුරු අතහැර රනිල් ඔවුන්ගේ තේරීම බවට පත්ව ඇත. (ඔය දශක දෙක අතරින් පතර හිටියේත් අලුත්/අමුතු පිරිසක් නොවන කොට) අද වන තෙක් අපේ පරමාධිපත්‍ය බලය යෙදී ඇත්තේ කොහාටද? කපුටාට ද? ඉබාගාතේ රට ඇදෙන ගමන වෙනස් කිරීමට ජන බලය බලපෑමක් නොවේ නම් ජනතා පරමාධිපත්‍ය යනු කුමක් ද? එසේ නොමැති නම් බලතණ්හාදිකයන් බලවත් කොට අත්පත් කර ගත් විනාශයන්ට වගකිව යුත්තේ බහුතර ජනතාවම ය. දෙපයින් දෙදණින් මහ මග මත ඇද වැටුනේ බේබද්දෙක් නම් ඔහුට මුනින්තලා වී ඇද වැටීම තබා ඇද වැටුණු තමාගේ මුහුණ  ඉව කොට කකුල උස්සා සුළු දිය හලන සුනඛයාගේ සංග්‍රහයත් දැනෙන්නේ දේදුනු වර්ෂාවක් ලෙසින් නම් බංකොළොත් රටක ඉරණමත් ඒ ලෙසම බාර ගනිත්වායි වසර විස්සකට පෙර සතළිස් වියැති අද හැට සපුරන මුත් තවමත් වැල යන අතට මැස්ස ගහන පුර වැසියන්ට විශේෂයෙන් ආශිංසනය කළ යතුය.

Saturday, April 29, 2023

🌐

 කොන්ද්සි විරහිතව සොබා දහමට ප්‍රේම කරන්න 💚💜

Thursday, April 27, 2023

හිප් හිප් හූරේ !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

මජර දේශපාලනය

ප්‍රති ත්‍රස්ත පනත

සමඟ

සුබ අනාගතයක් !

Tuesday, April 25, 2023

අපි වෙනස් ලු ~ ඒක නොවෙනස් ලු ~ ?


බංකොලොත් මුහුණට මේකප් දමමු !

බංකොලොත් රටකට වියපත් මුහුණු !

 

මජර දේශපාලනයට හැදෙන අනාගත හීනය !

රටේ තාරුණ්‍යයට හැදෙන අනාගතය හීනය !


බලවත් ධනවත් තක්කඩි ස්වාධීනය !

උගත් වියත් නීතිගති ස්වාදීනය !


ලක් රට අවාසනාව ද ?

පෙලක් රට වාසනාව ද ?

Monday, April 24, 2023

අපේ උණ්ඩ ~ කාගෙවත් 1/4තුවක්කු ~ තියන්නෙ අපිට මයි!

දේශපාලන බල මජරත්වයේ මානසික බර අවිය ~ ජන මනස තුළ ස්ථාපිත ස්කිමාවකි. අපි ම දමාගත් ලෙඩ කි. අප 'ඵලය' මිස 'හේතු ව' නොවෙයි ~ නිරන්තර අප විසින්ම අපේ ඔලුවට දමාගත් මුළාව එයයි. 

එලෙසම දේශපාලකයා මෙහෙම හිතනවා. අපිව පත් කළේ ජනතාව. ඒ අනුව හේතුව ජනතාව. ඵලය තමා අපි, වැරදි නම් ඇයි බලය දුන්නේ..

මජර දේශපාලනයට ඒක හොඳ තර්කයක්.

එතකොට බලය සම්බන්ධ කාරණයේ දී ~ ජනතාව ~ අපි බලය දුන්නා, වගකියපල්ලා කියන අතරේ

දේශපාලකයා ~ ජනතාව අපිට බලය දුන්නා, කරන්න දීපල්ලා කියනවා.

අවසානෙදි වගවීමත් නෑ. කෙරෙන දේකුත් නෑ. කාලය කනවා, මැති ඇමති තණ්හාව මෝරනවා, ඩීල් දැමෙනවා, රට කාලකණ්ණි වෙනවා. ආයෙ බැට කනවා.

එහෙනම් ඇයි අපි අපට වගනොකියන ඔඋන්ව තෝරා ගන්නේ. ඉදිරිපත් වෙන්නෙ එක ම පිරිස් වෙන්න පුළුවන්. ඒත් ඇයි මජර අයවත් බොහෝ විට ප්‍රතික්ෂේප නොවෙන්නේ. ඒකයි මා න සි ක හු රු ව.  අපි බබාලා ගැඹුරින් හිතන්නෙ නෑ ප්‍රතිඵලය තීරණය කෙරෙන හේතුව අපි කියලා. නැත්නම් අහිංසක වැඩි කමට තීරක අයිතිය පවා දීලා. සල්ලි වලට විකිණිලා, අල්ලසකට යට වෙලා.

ඉතින්, ඇත්ත හේතුව ~ අපි, ඵලය ~ ඔඋන්. එනිසා අප විසින් නිවැරදි ප්‍රතිඵල උදෙසා හේතු සම්පාදනය නොකෙරෙන තාක් හොරු /තක්කඩි /වනචර /මජර පිරිස් තම දක්සතා තුළින් අපි දුන් බලය ක්‍රියාවට නඟනවා. ඒ ඉසව් වලින් රට මෙපමණ දියුණුවට ගමන් කර ඇත්තේ ඒකයි. වෙමින් පවතින්නේ එයයි. 

දෙකෝටියකට වඩා එකෙක් බලවත් වෙන්නෙ විධායක කම නිසාම නොවෙයි. ජන අරගලයෙන් පුළුල් කර ගත් ජන මන ස්කිමාව ආපහු පරණ දේශපාලන තැටියටම අකුළගත් නිසා : ඒ තැටිය වාදනය වෙනකම් රටම විකුණුවත් අපි එකම තැනමයි. එයා මෙයා කරයි, ණයට කරයි, පිනට ලැබෙයි කියල හිතන කම් ජනතාවත් රටත් අසරණයි. මජර දේශපාලයේ බර අවිය ක්‍රියාත්මක වෙන්නෙ එහෙමයි. ඒකට උන්ඩ දෙන්නෙත් ගොදුරු වෙන්නෙත් අපිමයි!

අරුතක් සහිත ජීවිතයක් හොයන්න නම් අවම වශයෙන් අවියත් උණ්ඩත් ගැඹුරු මුහුදේ ගිල්විය යුතුමයි. හතර වටේම මුහුද නිසා අවි බර උනත් හරියට උත්සාහ කරොත් ඒක එච්චර අමාරු වෙන එකක් නෑ ! කවුරුත් එකතු වෙලා කරොත් බර තවත් හෑල්ලු වෙයි: අපිත්, රටත් හෙට ට ඉතිරි වෙයි !

Thursday, April 20, 2023

ඔඋන්ගේ ආදරය බලයට ය. රට හෝ ජනතාව ඔඋන්ට අදාළම නැත.

දේශපාලන බල මජරත්වයේ මානසික බර අවිය ~ ජන මනස තුළ ස්ථාපිත ස්කිමාවකි. අපි ම දමාගත් ලෙඩ කි. අප 'ඵලය' මිස 'හේතු ව' නොවෙයි ~ නිරන්තර අප විසින්ම අපේ ඔලුවට දමාගත් මුළාව එයයි. 

එලෙසම දේශපාලකයා මෙහෙම හිතනවා. අපිව පත් කළේ ජනතාව. ඒ අනුව හේතුව ජනතාව. ඵලය තමා අපි, වැරදි නම් ඇයි බලය දුන්නේ..

මජර දේශපාලනයට ඒක හොඳ තර්කයක්.

එතකොට බලය සම්බන්ධ කාරණයේ දී ~ ජනතාව ~ අපි බලය දුන්නා, වගකියපල්ලා කියන අතරේ

දේශපාලකයා ~ ජනතාව අපිට බලය දුන්නා, කරන්න දීපල්ලා කියනවා.

අවසානෙදි වගවීමත් නෑ. කෙරෙන දේකුත් නෑ. කාලය කනවා, මැති ඇමති තණ්හාව මෝරනවා, ඩීල් දැමෙනවා, රට කාලකණ්ණි වෙනවා. ආයෙ බැට කනවා.

එහෙනම් ඇයි අපි අපට වගනොකියන ඔඋන්ව තෝරා ගන්නේ. ඉදිරිපත් වෙන්නෙ එක ම පිරිස් වෙන්න පුළුවන්. ඒත් ඇයි මජර අයවත් බොහෝ විට ප්‍රතික්ෂේප නොවෙන්නේ. ඒකයි මා න සි ක හු රු ව.  අපි බබාලා ගැඹුරින් හිතන්නෙ නෑ ප්‍රතිඵලය තීරණය කෙරෙන හේතුව අපි කියලා. නැත්නම් අහිංසක වැඩි කමට තීරක අයිතිය පවා දීලා. සල්ලි වලට විකිණිලා, අල්ලසකට යට වෙලා.

ඉතින්, ඇත්ත හේතුව ~ අපි, ඵලය ~ ඔඋන්. එනිසා අප විසින් නිවැරදි ප්‍රතිඵල උදෙසා හේතු සම්පාදනය නොකෙරෙන තාක් හොරු /තක්කඩි /වනචර /මජර පිරිස් තම දක්සතා තුළින් අපි දුන් බලය ක්‍රියාවට නඟනවා. ඒ ඉසව් වලින් රට මෙපමණ දියුණුවට ගමන් කර ඇත්තේ ඒකයි. වෙමින් පවතින්නේ එයයි. 

දෙකෝටියකට වඩා එකෙක් බලවත් වෙන්නෙ විධායක කම නිසාම නොවෙයි. ජන අරගලයෙන් පුළුල් කර ගත් ජන මන ස්කිමාව ආපහු පරණ දේශපාලන තැටියටම අකුළගත් නිසා : ඒ තැටිය වාදනය වෙනකම් රටම විකුණුවත් අපි එකම තැනමයි. එයා මෙයා කරයි, ණයට කරයි, පිනට ලැබෙයි කියල හිතන කම් ජනතාවත් රටත් අසරණයි. මජර දේශපාලයේ බර අවිය ක්‍රියාත්මක වෙන්නෙ එහෙමයි. ඒකට උන්ඩ දෙන්නෙත් ගොදුරු වෙන්නෙත් අපිමයි!

අරුතක් සහිත ජීවිතයක් හොයන්න නම් අවම වශයෙන් අවියත් උණ්ඩත් ගැඹුරු මුහුදේ ගිල්විය යුතුමයි. හතර වටේම මුහුද නිසා අවි බර උනත් හරියට උත්සාහ කරොත් ඒක එච්චර අමාරු වෙන එකක් නෑ ! කවුරුත් එකතු වෙලා කරොත් බර තවත් හෑල්ලු වෙයි: අපිත්, රටත් හෙට ට ඉතිරි වෙයි !

Wednesday, April 19, 2023

කණින් අල්ලා දොට්ට දමමු ~ රට පාලු කල රිළව්

නාකි දේසපාලුවන් බල මජරත්වයෙන් තිරිහන් වෙද්දී තාරුණ්‍යයේ ජීවිත කළකිරීමෙන් වියපත් වීම යනු කකුල් දෙකේ පනින රිළවුන්ට හිණිමං සේවය සැපයීමකි.

A මජර පාලනයේ ගෙල සිඳන තෙක් ! (A මජරයින්ට බිලි ඕනෑ වේ)

මජර පාලකයෝ නින්දිතය

උන් හැම විට තම බලය රැක ගැනීම වෙනුවෙන් නින්දිත උපක්‍රම භාවිත කරති

නින්දිත කම වන්දනීය බවට පත් කොට ඒ වන්දනාවට සිද්ධස්ථාන ඉදි කොට ඒ දේවාල වල නන්දනීය දෙවිවරුන් ලෙස තමන්ගේ පිළිම තනවා ඊට වන්දනාමාන කරවා ගැනීම ඔවුන් දශක ගණනාවක් මෙහේ කළ දේශපාලනයයි

මේ බිමට සමතලා කරනු ලැබූ ඒ මජර දේවාල ආපහු ගොඩ නඟන කාලයකි

කපුවෝ ආරූඪ වී ඒ මජර භාෂිතයෙන් දොඩවන කාලයකි

එක් මිත්‍යාවකින් මිදුණු මිනිසුන්ට සැනසීමේ පිළිවෙතක් වෙත යාමට අවස්ථාව නොදී යළි ඒ මිත්‍යාවටම ඇලෙන තෙක් කාලය මරණ කාලයකි

A මජරත්වයේ ගෙල සිඳිනට ගිය මිනිසුන් ලවාම මානුෂ්‍යත්වයේ ගෙල සින්ඳවමින් යන කාලයකි !

ප්‍රවේශම් වන්න, A මජරත්වයේ බිල්ලෙක් හෝ බිල්ලක් නොවන්නට.

Tuesday, April 18, 2023

225 සන්සුන් පා. එකේ, (පතිව්‍යුහගත කළ උත්තරී තර පොට් එකේ)

බුරුව ගහන්ට

සූදු කෙළින්ට

පච හලන්ට

ආතල් ගන්ට සහ දෙන්ට පමණයි, 

මෙයින් මතු වැරදිලාවත් වැදගත් වැඩ බෑ. හිතට එකඟව වැඩ කළොත් වැඩ තහනම්: පෙන්සනුත් නෑ.

Monday, April 3, 2023

ඌ මේක් අප් කරා ~ මෝල් ගහ ප්‍රතිව්‍යුහගත කළා! කවුද මේ ත්‍රස්තයා ~ ඌ නොවෙද සර්පයා! (මේ ගමනේ දී ජාතියේ චින්තනය සාධනය කෙරෙන වග නම් හරිම පැහැදිලියි නේද? / කපුටා සුදු වෙලා! මෝල් ගහේ දළු ඇවිත්!)

කලු කපුටා සුදු වෙන තුරු
මෝල් ගහේ දළු ලන තුරු
එකසිය විස්සට දෙසිය විස්සක්
ආවාඩා ආයුබෝ වේවා !

බලාපොරොත්තු වුනේ කලු කපුටා සුදු වේවි වත්, මෝල් ගහේ දළු ඒවි වත් කියලා නෙවෙයි ආයුබෝ වන්ඩ,
එකසිය විස්ස දෙසිය විස්සට නොයන බව අපි නොදන්නවායැ.
නිදුක්ව නිරෝගිව බොහෝ කාලයක් ඉන්ට, ආයුෂ බොහෝ වේවා ...  දීර්ඝ ආයුෂ වේවා කියන කාරණේ තමයි ඔය නොසෑහෙන්ට බර තියල ප්‍රාර්ථනේ කොලේ.
ඕක නොවැ සරලවම අපේ චින්තනේ. ජාතියේ හැටි.
නමුත් අපේ ජාතියේ පිනට පහළ වුණු පාලක උතුමන්ට අපේ අවසන් ප්‍රාර්ථනේ නොතේරුණත් පළවෙනි කාරණා දෙක නම් හොඳටම තේරිලා තියනව.
අනේ වාසනාවන්! ගැරඬින්ට කියල ඉතිං අං එන්ඩයැ! හැව අරිනව මිසක.
අපිට තියෙන්නෙ ඉතිං සතා සරුපයා තේරුං අරං විෂ ඝෝර සර්පයා දැක නෑර මෝඩයා කියල කිව්වත් වගේ කිරි පොවන්ඩවත් රෙද්ද අස්සෙ දමා ගන්ඩ ගන්නෙවත් නැතිව විමසිල්ලෙන් වැඩ කරන එක තමා. මොකද විෂ ඝෝර සර්පයා නැසිය යුතු විදිහ පොල්ලෙන් ගහල නෙවෙයි කියලනේ ඔය කියල තියෙන්නේ.
තණ්හාව, තෘෂ්ණාව, බල තණ්හාව නේ.. ආයෙත් තණ්හාව, දිගටම තණ්හාව වෙන මොනවද ?
ඉතිං ඔය මොන මොන සර්පයත් ඇති වන හේතු නැති කරල දාන එකයි ඒ අනුව අපිට නම් කොරන්ඩ තියෙන්නෙ.
ආයුබෝ කිව්වෙ ඉතින් මැරෙනකම් සතුටින් ඉන්න මිසක, තණ්හාවෙන් බදාගෙන ඉන්න නෙමෙයි ඕං !

(බල තණ්හාව නැමැති ත්‍රස්තයා නොහොත් සර්පයා හිඳින්නේ කා සමඟ ද ? ජනයා සමඟ ද ,  පාලකයා සමඟ ද ? ඒ සර්පයා දමනය කළ යුත්තේ පාලකයා ද ජනතාව ද ?)

පරතෙරට උගත් පාඩම් !

කමිටුවක් දැම්මා
කොමිසමක් පත් කෙරුවා
වාර්තා ගොඩ ගැහුවා
භූමදානය ආදාහනය නිවන් මොක් සුව පැතුවා


Sunday, April 2, 2023

ප්‍රති දේශපාලනීකරණ පනත එන්නේ ප්‍රති ත්‍රස්ත පනතට කලින් ද?

මහජනයාගේ චින්තනයටත්, වින්දනයටත්, බඩගෝස්තරයටත්, නිදහසටත්, ජීවත් වීමේ අයිතියටත් බාධා කරමින්  බලය හොබවන දේශපාලකයින් විසින් සිදුකරණ අනවශ්‍ය මැදිහත්වීම්, අතපෙවීම්,  බලපෑම් වැළැක්වීම අරමුණු කරගෙන ඔවුන් අඩංගුවට ගැනීමට, රඳවා ගැනීමට, ප්‍රශ්න කිරීමට මැති ඇමති බේදයකින් තොරව ඔවුන්ට නඩු පැවරීමට බලතල ලබා දෙන -

Saturday, April 1, 2023

දේශයක අභිමානයේ හිස සින්ඳ පසු දේශාභිමානී ගීත යනු,

ආතල් එකක් ද? 
ආත්මානුකම්පාවක් ද?  
අතීතානුස්මරණයක්ද? 
තවත් ගීත විශේෂයක් පමණක් ද?
තවදුරටත් සංකල්පීය අභිමානය රඳවා ගැනීමට භාවිත කළ හැකි මෙවලමක් ද?
දේශයක අභිමානය පිළිබඳ ගවේෂණයට මුලාශ්‍ර සොයා යාමට උපකාරී වන උත්ප්‍රේරක ද?
රාජ්‍යට ගැලපෙන ලෙස ප්‍රතිව්‍යුහගත කොට සංවර්ධනාත්මක ප්‍රතිලාබ තුළ ඉදිරියට පවත්වා ගත යුතු සේවාවක් ද?
තහනම් කළ යුතු ත්‍රස්තවාදී විලාපයක් ද?

කළු සුද්දාගේ අවතාරේ ! සහ අපේ ප්‍රජාතන්ත්‍ර වාදේ ! (සොම්බි චිත්‍රපටයක්)

පළමු ජවනිකාව  ~

අධ්‍යාපනයේ සිට රාජ්‍යයේ සළකුණේ සිට අපේ ප්‍රකාශනය ~ ජාතියේ මහා වංශේ.

දෙවන ජවනිකාව ~

අපේ කෙටි ජීවිත කාලය පුරාවට සාධාරණය, යුක්තිය, සමානාත්මතාව, දියුණුව, යහපාලනයන් පිළිබඳව ~ පැවති සියලු ආණ්ඩු අසමත් වෙන හැටි.

තෙවන ජවනිකාව ~

යුද්ධ සටන් ජය ගත් වීරයෝ.
එහෙම ආණ්ඩු ආ ගමනේ කෙළවර ~ රාජ්‍ය බංකොළොත් වෙන හැටි.

විවේකය ~ 

මිනිස්සු නැගිට්ටා අවශ්‍ය කරන දෙයක් හොයාගෙන, පීඩනය පිට කළා. බෙල් එක වැදුනා. ආයෙ ඇවිත් ඉඳගත්තා. එහෙමත් අරගලයක්.

ඊලඟ ජවනිකාව ~

මහා ජන නැගිටීම ප්‍රධාන නළුවා වෙනස් කළා.
ප්‍රජාතන්ත්‍රවාදය හා අරගලය අගයමින් ජවනිකාවේ නොසිටි නළුවෙකු ප්‍රධාන භූමිකාව ආක්‍රමණය කරයි.

බංකොලොත් වුණු රටක් වුණත් රාජ්‍ය ලකුණ පෙරහැරේ ඇතා උඩ යයි.
ඇත්තම උවමනාව රාජ්ය පිටින් දාලා තමන්ට යන්න ඕන වුණු ගමන යන්න.
දැන් මිනිහ ප්‍රධාන නළුව.
නළුවට අනුව පිටපත ලියනවා.
ඉතිං අපි නතර වෙලා මේ මිනිහට ඉඩ දෙමු ද?!
ඕන තරම් හේතු ඉදිරිපත් කරන්න පුළුවන් ඒකට.
වඩම්මපු උත්තමයගෙ චින්තනේ දොන් ජුවන්.
යෝජනා කළ උන් නූතන දුටු ගැමුණු ලා.
ප්රශ්නයක් නෑ .. මොකද :
ඒ දොන් ජුවන් හරි ඉස්තතරම් ~ හේතුව ~ ඔහු මේ රටේ අධ්‍යාපනේ නිර්මාණයක්. 
නූතන දුටුගැමුණුලා භාෂාව ආර්ථික විජ්ජාව ෆේල්ලු. අධ්‍යාපනේ මේ රටේ වුණාට කොළඹ සුදු බල කොටුවෙ හැදුනු පොරවල් නොවෙයි ලු.

සරලවම පැහැදිලියි තව දුරටත් අපි අපිටම විහිළුකාර ජාතියක් වෙන හැටි :
කමක් නැ ඒ අපේ හැටි.

අවසන් ජවනිකාව ~

අසමත්කම සමත් කර ගැනීමට නොව දුර්වලයෙකු බව පිළිගෙන ස්වකීය දැක්ම රැකවරණය සුරක්ෂිතතාව වෙනුවෙන් පොදු උරුමයන් වුව පුද්ගලික තෑගි ඔප්පුවෙන් ලියන්නට ඔහු සූදානම්! දොන් ජුවන්!
රටක් එක් කරනු වෙනුවට තම නොහැකියාව හැකියාවක් කරනු පිණිස යම් ගොනුවක එක්ව හිටි රටේ මහජනයා තමන්ගේ පරණ ගොන්කං තුළට බෙදා ගාල් කොට දැමීමට, ඔවුන්ගේ හුදු මාන්නාධික කම් ඇවිස්සීමට ආමන්ත්‍රණය කිරීමේ දී මිනිහාගේ නිර්ලජ්ජිතභාවය සුදු ජාතිකයා රටේ ජනතාව බේද භින්න කළාටත් වඩා ඉහළයි.
මිනිහා ලද අධ්‍යාපනයම ලැබූ දෙකෝටියක් උන් ජාතික අධ්‍යාපනයෙන් දායද කළ මේ කළු සුද්දා අවතාරයට (ඒක බරපතළ වෛරසයක් .....) යටත්ව සොම්බි නැටුව හොත් ඉංග්‍රීසින්ගෙන් පසු රට පවා ගන්නා අලුත්ම ඓතිහාසික ගිවිසුම එය වනවා! ඊට ගොදුරු වන සියල්ලෝ කළු සුද්දාස් අවතාර බවට පත් වෙනවා!
චිත්‍රපටිය එතනින් නිම වෙනවා.

(කථාව කෙටියෙන් මෙහෙම වුණත් අති සංවේදී මෙන්ම අති අමානුෂීය දර්ශන මෙහි අන්තර්ගත බව සැළකිය යුතුමයි)

Friday, March 31, 2023

Lyrics Melody Music Singing by Nuthana Don Juan

අත දෙන්න සුදු රත්තරන්
බැහැ තවත් නැගිටින්න නම්
හැර දමා ගිය දා පටන්
කදුළු සැලුවා මම හොරෙන්

ඔබ මා පෝෂණය කළාහුය. ඔබේ බස නොවන්නට, ඔබ තැනු මං මාවත්, ඇළ මාර්ග, පාලම් බෝක්කු ගොඩනැගිලි නොතිබෙන්නට, ඔබේ සංස්කෘතියේ බිඳක් හෝ නොවන්නට මට මෙහි වාසයට කිසිඳු හේතුවක් තිබුනේ නැත. මගේ ප්‍රේමය ඔබ ය. ඒ ඔබේ සුදු කම ය. ඔබ කඳු කපා බිම් සකසා බෝග වගා නොකරන්නට : ඒ අඟුරු කෑ යකඩ යකා නොසිටින්නට : මේ දීනයන් තවම අඳුරේ අතපත ගානු ඇත, මයිලෝ ඩ්. ඉඳින් එය සිහි වන විට කඳුළක් නොවැටෙන්නේ නම් මගේ දෙනෙත් කුමකට !

ඔබ නැතිව රසය නෑ තේ දල්ලේ
දුම්රිය හූ තියයි තවම ලතැවිල්ලේ
ආපහු එන්න පියඹා මෙහි නිදැල්ලේ
ගිවිසුම් ඉරා දෙමි සන්තක සියල්ලේ

අපට වැරදුණා මයිලෝ ඩ්. ඒ නිසා අපි පැරදුණා. මුන් මට ඇහුම්කන් දෙන්නෑ අදත් මයිලෝ ඩ්. මට සමා වී තව වාරයක් දෙන්න. එක වාරයක් ණය දෙන්න. හැන්ද දැන් ඇත්තේ මගේ අතේ මයිලෝ ඩ්. මේ මෝඩ ලියවිලි හැම ඉරා මම ඔබට පාවා දෙන්නම්. උන්ට නොවටින උන්ගෙ සාරය සාර භූමිය දෙන්නම්. ඔබගේ යෝජනාවලිය දැන් මාගේ පරමාර්ථයයි !

වීර නෑ අප මෝඩකම් පෙර දා කළේ
සාදරෙන් ඔබ හට පුදා අද මා සෙනේ
ඉන්න පැතුවේ පෙර කලත් යටතේ ඔබේ
දෛවේ නේද අප වෙන් කළේ ඒ වගේ

මාගේ මේ (බක් මහේ දීමනා) සුළු සුළු දීමනා ජනගැති භාවයක් ඔප් නංවනු පිණිස නොවෙයි මගෙ ලෝඩ්. මුන් හැම ලවා මගේ කාරිය කර ගනු පිණිසමයි. දැන් මගේ බලාපොරොත්තුව මුන්ය. එදා මෙන් මුන්ගේ සුවච කීකරු පරමාධිපත්‍යයය.

ආයෙත් එන්න හිරු නොබසන්න මේ රටින්
මෝඩ දුර්වල අප රැක ගන්න පණ ලෙසින්
ඔබ යටතේම අවසන් හුස්ම හෙළ තුටින්
මේ ජාතියට ඔබ නැති ව බෑ යළි ඉතින්

(මෙහි පද රචනය තනුව සංගීතය ගායකයාගේම ද නැද්ද යන්න සොයා ගැනීමට මුලාශ්‍රය‍ක් නොමැති වූ බව කරුණාවෙන් සඳහන් කරමි.)

රෝග මලේ නටුවෙ කටූ ~

පාඩු නම් ක්‍රිකට් වුණත් විකුණනවා
මව වුණත් පියා වුණත් විකුණනවා
සමාජ රෝගයක් වුණත් මජර දේශපාලනේ
ඒ ලෙඩ රැක ගන්නට නම් රටම වුණත් බිලි දෙනවා

අද නොවේ හෙටයි ප්‍රජාතන්ත්‍රවාදේ 
අද නොවේ හෙටයි සංවර්ධන දේසේ 
ණයවීම අදත් හෙටත්  වැඩි වන වානේ
විකිණීම අදත් හෙටත් බඩු තියෙනව නේ

කාටවත්ම රට දෙන්නෑ පැළැන්තියට හැර
යන්නෙන් නෑ මේ දේශයෙ ගැලවුම්කරු මම
උගුලෙන් ගැලවෙන විසඳුම මගේ බුද්ධිය මිස
මෝඩ දනා මට කුමට ද ඡන්දයකට හැර

Wednesday, March 29, 2023

3.30 සහ 6.30 (දැන් තිරගත වේ)

තම තමන්ගේ ඕනෑ එපාකම් සඳහා පිහිටවාගත් සමිති සමාගම් ආන්ඩු මට්ටු කිරීම මජර දේශපාලනයේම දිගුවක් මිස රාජ්‍ය පාලනයේ බංකොලොත්භාවයට මුක්කුවක් හෝ කළමණා ලෙස ආණ්ඩු කිරීමක් හෝ නොවේ.

හැකි නම් සැනසෙන්න !

Tuesday, March 28, 2023

ඉක්මන් සුවය පතමු ! කිසිවෙකුටත් කිසි කලකත් මෙවන් විපත් නොවේවා !

 (දැන දැන කරන වැරදි වල ප්‍රතිවිපාකයන් ඔබ පසුපස පැමිණීමෙන් ඔබව ගලවා ගත හැකි විධායකයක් මෙලොව නැත)

ණය වීම, රට විකුණන් කෑම, දශක ගණනාවක මජර දේශපාලනය නොදුටුවා සේ බලා සිටි අවස්ථාවාදී පාපකර්මය උදෙසා මේ භවයේදීම ඩමියක් බවට පත් වූ රට වැසියෙක් !

Monday, March 27, 2023

නිකමට විවේකයට විනෝදයට නොවේ! by the way

නිකමට

බංකොලොත් වී ලොකු රටවල්
අපට ණය දෙන පොරවල්
එමට වැටුණොත් ලෝකේ !
අපට වෙයි බෝ සෝකේ !

සුනාමි ආවේ නොකියා ය. ගියේ අපව වනසාය. අපි එකට පහන් දල්වා එකිනෙක කටින් පිඹ නිව්වෙමු. කෝවිඩ් ආවේ ලෝකයට ම ය. ගියේ ලෝකය හඬවාය. බොහෝ විට අහසින් එන පේන විපත් වලට වඩා පොළව නොපෙනී එන විපත් වලට හරි සක්‍රීය යි. කෝවිඩ් ඇවිත් ගියේ ළඟ නිසා අපට ආයේ එහෙම බියක් දැනෙන්නට තව කල් මදිය. විශේෂයෙන් අවස්ථා අනුව රටට ව්‍යවස්ථා හදන අපි ත්‍රස්තවාදය හැර  මේ මොහොතේ බලන්නේ සුදිය හා ජොලිය පමණක්ය. යන විදිහට තව ටික කලකින් හදිසියකට වත් අපව රකින්නට රාජ්‍ය උරුමයක් නොතිබෙනු ඇත. කරුමයකටවත් එදාට ස්වභාවික විපතකින් වේවා, යුධ ගැටුමකින් හෝ රසායනික අවි අත්හදා බැලීම් වල පිහිට ආනුභාවයකින් වේවා ලෝකයේ ප්‍රබල රටවල් දණ ගැස්සෙන තැනකට හදිසියේ ලෝකය ඇද වැටුණොත් ලෝකයෙන් ණයට ණය වුණු රාජ්‍ය උරුමයක් නැති අපට කුමක් වෙයිද?

බංකොලොත් වූ තැන මහජනයාගේ සුබසාධනය කප්පාදු කර බදු සංග්‍රහය වැඩි කර රාජ්‍ය උරුමය සින්න කරන්නට සිදුවූ රටක, ඉන් ඔබ්බේ අපට ස්ව කැමැත්තෙන් අනිකෙකුගෙන් මැරුම් නොකා ගෙල වැල දමා ගැනීම වඩා යහපත් තීරණයක් විය හැකි සමාජ වටපිටාවක් ගොඩ නැගෙනු නැතිද?
බලය හමුවේ තුච්ඡ ලෙස මජර දේශපාලනයේ ඊළඟ සැලසුම් හදන මහා ප්‍රාඥයින්ට නිකමටත් නොසිතෙන්නේ මෙවැනි හිතලු ය. නමුත් එහෙව් හිතලු හැබෑ වූ අවස්ථා අපි අසා දැක ඇත්තෙමු. එවිට ඒවා හිතලු නොව තුන්කල් දුටු දිවැස් වැකිය. කෙසේ නමුත් දේශපාලන ආලයෙන් අවස්ථාවාදයෙන් අන්ධව වහසි දොඩන්නට පෙර ඒ බැව් සිහි තබා ගැනීම අතීතය අමතක පොර කුකුළන්ට සේම සිහියෙන් අනාගතයකට යන්නට හදන කාටත් වැදගත් නොවනු නැති ය.

විවේකයට

රැල්ල වෙරළට එන තුරු
හිරු මුදුන් වන තුරු
ණයට කා පිනවමු ද ?
පිනට කා ණය වෙමු ද ?

රටක පුරවැසියන් ලෙස සාධාරණය, යුක්තිය, තම මූලික අයිතිය දිනා ගත නොහැකි වීම නිසා එදා මෙදා බංකොළොත් වූ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත, රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත් වීමට පෙරම බාර දෙමින් තිබුණේ කරුමයටයි. ආර්ථිකය බිඳ වැටීම නිසා බිත්තියටම හේත්තු වූ ජීවිත වල බරපතළම සැබෑ බේදවාචකයන් අදටත් අත්විඳින්නේ රටේ අහිංසක ම මිනිසුන්.
එදා ඔවුන් පීඩනයට පත් වූයේ දුර්වලයන් ලෙසින් නම් අද ඔවුන් තමන්ගේ රට තුළම අනාථ කොට දැමූවන්. අත්හැර දැමූවන්. ඔවුන්ට සිහින තබා නින්දත් ඇතැම් විට ජීවිතත් අහිමියි. ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු අදාළ වන බලධාරීන් නිලධාරීන් මෙරටේ එදත් හිටියේ නැත අදටත් නැත. නීති සරණට දිරියක් මුදල් නැති උන් මෙහි කෝටියක් යැයි කීම එනයින් වරදක් නැත.

ධනය, බලය, කුලය, නිලය, වර ප්‍රසාද මුල් කොට සිය පැවත්ම තකා ලාංකීය සමාජයේ වටිනාකම් කොල්ලලකා විනාශ කළ මජර දේශපාලකයෝ ඇතුළු මජර ලෝලීහු ණයට ණය වී නැවත හදන වැලි මාළිඟා ඔවුන්ගේ කෙළි සෙල්ලම් පිණිස පමණක්ම වන්නේ ඒ තුළ අයුක්තියට අසාධාරණයට දූෂිත ක්‍රමයන් වලට පිළියමක් නොලැබෙන නිසායි. වැල්ලට ගොස් වැලි මාළිඟා තැනීමෙන් සාමාන්‍ය ළදරු ජනයාටත් අයිස් කැටයම් හා අයිස් මාළිඟා තැනීමෙන් පොෂ් ළදරු ජනයාටත් අද විනෝද විය හැකියි. රැල්ල වෙරළට එන කාලයත්, අයිස් දියවන කාලයත් සොබා දහම තීරණය කරාවි, කිසි වෙක්ම මැදිහත් නොවුණත්!
නමුත් ඒ තවත් අර්බුධයෙන් අර්බුධයකට මග මිස විසඳුමක් නොවේ. වැල යන අතට මැස්ස ගසමින් යා හැකි දුරක් ඇත. අපි රටක් වශයෙන් ඒ දුර පසු කොට බොහෝ කල්ය. වැල අවුලක් අවුල් ජාලයක් වූ විට කපා දමන පරිද්දෙන් දැන් ජන සමාජයක පැවැත්ම කපා දැමීම පහසුද සුදුසුද? ජන සමාජය දැවැන්ත අර්බුධයක් කරා ආවේම අයුක්තිය අසාධාරණය අන්තනෝමතිකත්වයන් සමඟ රට අනවරතව ණය බරට සින්න වීමත් සමඟින් ය. මේ ක්‍රමය ප්‍රවර්ධනය කළේ කවුරුන්ද? කුමක් අරඹයාද ? එහි ම දිගුවකින් රට ගොඩයාමට පවතින ක්‍රමය කොතරම් දුරට ඉඩ දෙයි ද ? ජනතාවගේ සැබෑ අවශ්‍යතා ඉටු නොවන රාජ්‍ය පාලනයකට රට වෙනුවෙන් කියා මහ ජනතාව මත කොයි තරම් දුරකට අඥාදායකත්වය පැටවිය හැකිද?

විනෝදයට

අපි දුකෙන් දුක නසමු !
ණයෙන් ණය ගෙවමු !
වෙනස්වම හිතමු !
ලෝකයම දිනමු !

ඉදිරියට එන්නේ සැප විඳීම ම නිසා ඒකාකාර වු ජීවිතයේ වෙනසක් පතා දුක සොයා යන ලෝකයයි.
ස්වභාව ධර්මය විසින් අපට බංකොලොත්භාවය සමඟ විශිෂ්ඨ ප්‍රඥාවන්ත නායකත්වයක් උරුම කළේ ඒ අවස්ථාවෙන් ලද හැකි ප්‍රතිලාභ පින්වත් ලාංකිකයාට උදාකර දීමටමයි .
අෂ්ඨ ලෝක ධර්මයට අනුවත් හැමදා දුක නැත. සැපට හැරවිය හැකි ස්වභාවයක් දුක තුළම ඇත. කෙනෙක් සැප අලෙවි කරද්දී තවත් අයට දුක අලෙවි කළ නොහැකි ද?
උපරිම සැප ~ කාමසුඛල්ලිකානු යෝගයෙන් වෙද්දී අපට උපරිම දුක ~ අත්තකිලමථානු යෝගයෙන් ලබා දිය හැකිය.
සිංගප්පුරුව කාමසුඛල්ලිකානු යෝගය අලෙවි කරන අතර අප  නිතරඟයෙන් අලෙවි කළ යුත්තේ අත්තකිලමථානු යෝගය යි. එනම් දුක් විඳීම වෙළඳාමක් කිරීමයි. එතනට ආයෝජන ගෙන ඒමයි. සැපය අත්විඳීමට මෙන්ම දුෂ්කර ජීවිතය අත්විඳීමටත් මිනිස්සු අසීමිතව ප්‍රියය. ඒ වෙළඳ පොළ ජාත්‍යන්තර ව දිනා ගැනීමට මේ හොඳම අවස්ථාවයි.

තව දුරටත් ඒ දුක වැටහුණු අයට සතුටින් සිටීමේ මැද මගත් අවශ්‍ය අයට දුකින් මිදීමේ මාර්ගයත් පිළිබඳ දේශනා ලැබීමටත් මෙහි අවස්ථාව විවෘතය.
ඔවුන්ට කැමති දවසක් කැමති දුෂ්කර දුක්ඛිත තත්වයක් සමඟ ජීවත් වීමට අවස්ථාව ලබා දිය යුතු ය. නිදසුන් වශයෙන් ~ රෑ මැදියමේ වල් අලි ප්‍රහාරයක් සමඟ, දිවි සරිය උදෙසා සැබෑ වැල් පාලමක එගොඩ මෙගොඩ යන ජීවිත සමඟ, අඩුම වියදමෙන් දිවි රැක ගන්නවුන් සමඟ, වේලක් දෙකක් නිරාහාර ජීවිත සමඟ, ජීවත් වීම පිණිස හිඟා නොකා හිඟා කන අය සමඟ, ජීවත් වීම පිණිස වත්කම් උගස් කරනවුන් සමඟ, කියන කියන පදේට ගොවිතැනේ යෙදෙන්නට සිදු වූවන් සමඟ, නොපැහැදිලි අනාගතයට ඉව අල්ලන දරුවන් සමඟ, අයුක්තියට අසාධාරණයට ලක් කෙරෙමින් පාගා දැමෙන ගමේ රටේ තරුණ්‍යයේ ඛේදය සමඟ,  බිඳ වැටුණු ජනයාගේ ජීවිත වල දුක සමඟ,... මේ ආදී වශයෙන් අවම උපරිම මිල ගණන් සහිත පැකේජ සඳහා දුක් සිද්ධි වර්ගීකරණය කළ හැකිය. වැඩි දුකට ගාණ වැඩි ය. අඩු දුක ගාණෙන් අඩුය. එවිට ජනතාව දුක තවදුරටත් විඳවීමක් නොවේ. ආදායමකි. බිස්නස් කියන්නේ එහෙම එකකි.
එවිට සංචාරක කර්මාන්තය තව දුරටත් ගම් නියම්ගම් වල නොවිසිදෙන දුක් ගැටළු සමඟින් නව ප්‍රවේශයක් තුළ පුළුල්ව ප්‍රවර්ධනය කළ හැකිය.
බෝඩ් අල්ලා ගෙන සුද්දාට අරගල කරන්නට එන්න කියු කතාවට වඩා මේ කතාව ප්‍රායෝගිකය. වැඩ පිළිවෙල රාජ්‍ය හිතවාදීය. යටිතල පහසුකම් බිඳ වැටෙන තරමට වෙළඳාම විවෘත ය. පුළුල්ය. සමහර විට වැඩේ නැගලා ගියොත් මිනිස්සුම පාරවල් කඩා දමා දුෂ්කරතාවයන් වැඩිකොට ගෙන වුව වෙළඳාම සරු කර ගනු ඇත.
අපට රටට රාජ්‍යට පාලකයාට පහසුම හා ප්‍රතිපත්ති නැති රටක් වශයෙන් ණයෙන් ණය ගෙවීමේ දියුණුම හා සාර්ථකම ක්‍රමය වනුයේ ඒ අනුවර්තනයයි. සමාජ පරිවර්තනයකට වෙහෙසීමට වඩා සැබවින්ම බංකොළොත්භාවය යනු රටකට අත් නොවිය යුතු ඉරණමක් ය යන්න අධ්‍යයනය කරන්නන්ට පවා මේ ඛේදය අලෙවි කිරීමක් බවට පත් කිරීම කළ යුතුය. දුක වටහා ගැනීමට වෙහෙසෙන්නන්ට රටේ ජන දුක වටිනා මිලකට ලබා දෙන අත්දැකීමක් බවට පත් කළ යුතුය. පවතින වටපිටාව තුළ ණයෙන් ණය මත මේ දුකෙන් දුක නැසිය හැකි මග පෙනෙන්නේ එහෙමම ය.