තොග වශයෙන් රංග ගත වන ජාතික නර්තන අංග අතරේ
අදේශපාලනික යුක්තිය උදෙසා නායක සොල්දාදුවන් ගණන මද වේ
හිංසක පීඩක ඝාතක තිරිසන් නාමික මිනිස් කතරේ
සිල්ලරව මියැදෙන මිල නැති අංකිත මිනිසුන් සතුන් අපවේ
තොග වශයෙන් රංග ගත වන ජාතික නර්තන අංග අතරේ
අදේශපාලනික යුක්තිය උදෙසා නායක සොල්දාදුවන් ගණන මද වේ
හිංසක පීඩක ඝාතක තිරිසන් නාමික මිනිස් කතරේ
සිල්ලරව මියැදෙන මිල නැති අංකිත මිනිසුන් සතුන් අපවේ
ජන කවි හා කොට කවි -
කොට කාලේ කීම් සොඳට
පෙර කාලේ නැත මෙහෙමට
සිත කෝලේ වගෙයි මෙමට
අපි රාළේ කපමු නොසිට
අපි නම් වෙස්වෙයි, රට නොහදා!
අහක යන නයි රෙද්ද අස්සට
ගෙදරට එන නයි අල්ලපු වත්තට
ගල් පාර දෙන්නෙ පාරෙ යන බල්ලන්ට
බලු කපුටු දානෙ නම් පන්සලේ බල්ලන්ට
(නයි ඇල්ලීමට බැරි බොහෝ දෙනා අල්ලා ගත හැකි බල්ලෝ පන්සලට ගෙනැවිත් දැමීමට නිර්දේශ කරති)
තාලයකට අත් පොඩියක් ගහන්ඩ බැරි මිනිහෙක්ට කාලයකට රටක් හදන්ඩ බාර වෙනවා කියන්නේ ඇත්තටම ඒ රටේ මිනිස්සුන්ට බෑ!
ඇමරිකානු රසයට ඉන්දියානු අච්චාරු සමඟ ලෝක පාලක දෙවියන්ගේ සහනාධාර සහලින් පිසූ කිරිබත් ද රන්වන් පැහැ වනතුරු ඉන්දියානු ගැඹුරු තෙලේ බදින ලද ලංකා හැඩ කොකිස් ද සිංගප්පූරු ගෑරුප්පුවක් භාවිතයෙන් නැකතට අනුභව කොට යා දෙක නොරත රත යා කොට හදන්නට යන මිත්‍රත්ව පාලමේ සිට බල්ටියක් ගසා ඉන්දියානු සාගරයට පැන රැළ්ළේ ගිලී හොඳින් නා පිරිසිදු වී 2048 අලුත් රටක් හදනු පිණිස එළඹෙන ජනපති වරණයේදී සුදුසු ඇඟිල්ලක කලින් ඉන්දියාවෙන් ගෙන්වූ තීන්ත ගා කතිරය බූරුවා ගසා අපේ නොවන අපේම රටේ අතපය බැද වැඩ ඇල්ලීමට හැකි නම්... සාතිශයින්ම මැනවී!
ස්පෙයා වීලයෙන් යන ඕෆ්රෝඩ් ගමනක්
නොහොත් කැමැත්තෙන් හොල්ල හොල්ලා ආතල් ගන්නා වැල් පාලමේ ඇඩ්වෙන්චරයක්
ටයර් සමඟ බැඳුනු ඉතිහාසයක්
ටයර් සමඟ බැඳෙන වර්තමානයක්
ටයර් සමඟ පෑහෙන අනාගතයක්
ඔබේ තේරීමට
අමතර ටයරයක් (ස්පෙයා වීල්)
නැවත පිරවූ ටයරයක්
අලුත් ටයරයක් ?
පදින්න
බැරි නම්
පළදින්න
මිත්‍රවරුනි, මේක ටයර් ආකරයක්
නීරස දේශපාලන සාගරයක්
හැම ජඩ මජර දේශපාලනයක අඛණ්ඩ පැවැත්ම පිටුපස ප්‍රබල අකුණු සන්නායක ස්ථාපිත කොට තිබේ. ඒ අකුණු සන්නායක වල අඛණ්ඩ පැවැත්ම පිටුපස අනුග්‍රාහකත්ව පෝලිමක් ස්ථාපිත වී තිබේ. අකුණු සන්නායක සඳහා වන පිරිවැය මහ ජනතාවගෙන් ඍජුව හා වක්‍රව අයකර ගනු ලැබේ.
විධායකයේ පර්යේෂණාගාරය
ව්‍යවස්ථාදායකයේ භොජනාගාරය
අනිත් එකේ බන්ධනාගාරය
ඇහැරුණොත් ආදාහනාගාරය
කෙළ වෙලා
බොහෝම ස්තූතියි
ඔබතුමා ඉඳගන්න
වණ වෙලා
බොහෝම ස්තූතියි
ඔබතුමා ඉඳගන්න
හෙණ ගහලා
බොහෝම ස්තූතියි,
කෙළ වෙලා වණ වෙලා නේ හෙණ ගැහුවේ
ඒක නිසා දැන් වැඩක් නෑ
ඔබතුමා ඉඳගන්න
අර 225
+ විධායකය
+ නිළධාරීන්
තුළයි ලංකාවේ සුපිරිම බුද්ධිය තියෙන්නේ. ඒත් ඒ හැමෝම තුළත් නෙමෙයි. ඇතැම් අය තුළ. වාසනාවට ඒ අය රැක ගන්න ඇප කැප වෙන ජනතාවකුත් රටේ ඉන්නව.
ඉතිරි කෝටි දෙකට අංශුමාත්‍ර බුද්ධියක් තිබුණ නම් ආයෙ ආයේ ආයෙත් එයාලටම රට දීල මෙහෙම ඉල්ලගෙන කන්නෙ නෑ.
බුද්ධිය ගලන්නේ එහෙම එකක් තියෙන තැනකින් නේ! රටේ බහුතර සාමාන්‍ය මහජනයාට බුද්ධියක් ඇත්තේම නෑ. ඒ නිසා ඒ ජනතාව කොතැන ගියත් මග මැරුණත් රට කෙළින්, වැටෙන් නෑ.
හැබැයි අර සම්පත්ධාරී VlP ටික ගියොත් සහතිකයි පහුවදා සිට අපි බංකොලොත් !
චුයිංගම් වුණාට පස්සෙ රට
ආස්වාදය හැපෙන තරමට
හවයක් වෙලා විසිවෙන හෙට
කෙළපිඩක් විට පඩික්කමකට
ගින්දරත් දෙන්නම් දැල්වෙන්න
ඔබ කැමති විදිහකට ඇවිලෙන්න
අපි කීවොත් මිස නිවෙන්න
පිච්චචෙන තුරුම ඇවිලෙන්න
ඇවිලෙන්න, එපා නිවෙන්න
ඇවිලෙන්න එපා, නිවෙන්න
නිවෙන්න එපා, ඇවිලෙන්න
නිවෙන්න, එපා ඇවිලෙන්න
පෝදා මෙදා හංදියේ
පන්සල අසල දන්සලේ
විහිළුයි ඔවුන් සිදු කළේ
බොහෝ අය එහි රැස් වුණේ
කෝල නැති කළ අක්කලා
සමඟ රැඩිකල් අයියලා
අප නොදන්නා බණ කතා
කියා දී පින් රැස් කළා
ගම්වල කොල්ලෝ කෙල්ලෝ
අවටත් කෙල්ලො කොල්ලෝ
සමඟ ඒ ගොල්ලෝ
වගෙයි මල්ලට ගැහුව ගුල්ලෝ
ජිවිතය ගැන විහිළුවෙන්
මරණය ගැනත් විහිළුවෙන්
රතිය රමණය විහිළුවෙන්
සතර අභිනය කවුළුවෙන්
තොරණකට වැඩියෙන් කතා
අද දන්සලේ පින් තකා
සමාජය එහි රැස් කකා
සතර අගතිය සිහි කළා