Monday, November 9, 2015

මුනිවතට පෙර වදනක්!

පාතාල ලෝකයත් මතුපිට ලෝකයත් අකාස ලෝකයත් එකම පොලෝ තලයක පිහිටියේය. කලු මිනිසාත් සුදු මිනිසාත් තළෙුලු මිනිසාත් එක්ව වාසය කරන්නේය. දිග් විජයත් ධර්ම විජයත් එකම බිමක දළු ලන්නේය. අතීතයත් වර්තමානයත් අනාගතයත් එකම ලොවක ගතවන්නේය. එකම විශ්වයක වෙනස්වීමට සාපේක්ෂ කාලය අනුව එකම යයි කීවාට එකම නොවන මොහොතින් මොහොත අලුත් වන වෙනස් වන සියල්ල තුළ සදාතනික කිසිවක් නැත්තේය. සදාතනික වන්නේ ඒ සදාතනික නොවන්නා වූ බව පමණි. ඒ නිසා මේ මහා විශ්වයක ජීවත්වන්නාවූ කෙටි කාලයේ තමන්ගේම වූ වර්ගයාගේ කලු සුදු තළෙුලු බවට තවදුරටත් සාප නොකර අපේ වටිනාකම් හොයමින් මතුකරමින් මානව වර්ගයා හා වර්ගයා නොවන්නා වූ සියලු ජීවීන්ද අජීවීන්ද සමගින් තමන්ටත් අනුන්ටත් අර්ථයක්ම සිද්ධ කරගන්නට අපි හැම වෙහෙසෙමු.
සැමට සමානාත්මතාවයෙන් සළකන්නට වෙහෙසෙමු. අරෝග්‍යය පරම ලාබය වන්නේ යම් ලෙසටද එලෙසම පරම ධනය නම් වූ සතුට සොයමු. විශ්වාසයෙන් යුතු සබදකම් සොයමු. වැරදි දහසක් හුවා දක්වා යටපත් කරන්නට හදන එක් නිවැරදි අරමුණකට සවිය දෙමු. අනාගතය හා අනාගත පරපුර වෙත කරුණාවෙන් නෙත් යොමමු. 
පටු දේශපාලනයේත් ආර්ථිකයේත් වාණිජත්වයේත් බමුණන් නොවී ඉන් ඔබ්බේ අනාගත මිනිසුන් ගැන හීන දකිමු. විද්‍යා වාණිජ ගණිත කලාවත් ඉන් ඔබ්බේ ඇති සත්‍යත් කරා එළැඹ අවබෝධයෙන් සතුටින් ඉන්නට මේ අවශිෂ්ඨ ධර්මද්වීපය තුළ ඔවුන්ට අඩි පාරක් තබමු. 
අපෙන් ඔබ්බේ වන දයාබර වැඩිහිටියනේ, අනුන්ගේ දුගද අධෝමුඛ වලට ඇගිලි ගසන්නට ගන්නා ඔබගේ කාලයෙන් වැඩි කොටසක් ඔබේ අනාගතයත් යහපත් කෙරෙන නූතන පරපුරේ අනාගතය ගැන හිතන්නට යොදවාපල්ලා! පුරුද්දට ගිය ඔබේ නිදහස් අධ්‍යාපනිකමය ප්‍රමුඛ දායාදය වන කුණු ඇවිස්සීම මතු පරම්පරාවට කුණු ශුද්ධ කිරීමක් ලෙස දායාද කොට දීමට තරම් කාරුණික වෙයල්ලා. නිමා කළ යුද්ධයක් හෝ දේශපාලන වෙනසක් ගැන තවදුරටත් පාරම් නොබා මුනිවත රැකපල්ලා. 
එක එකා පස්සේ, රජවරු ඇමතිවරු පස්සේ නොනිසිව වැද නොවැටෙන, දෙපයින් ඉන්න පරපුරක් හදාපල්ලා, පියවරුනේ. 
සංස්කෘතික සංදර්ශන පසෙකලා වැඩ කරපල්ලා රට හදන්න, රටේ මිනිස්සු වෙනුවෙන්....
අඩුතරමින් දැන්වත්...
පටන් ගනිල්ලා, 
කට වහන් වැඩ කරන්න.

Wednesday, November 4, 2015

වචනත් මරල 

වචන වල වටිනාකමත් මැරිල

මුනිවත හොදයි ඒ හන්දා, ඒ හින්දා

මුනිවත දිනේවා! මුනිවත දිනේවා!

හිස් බස් භංග වී මුනිවත දිනේවා!

දිනේවා!