Saturday, August 27, 2016

සුුදු කලු සහ බලු

සුද්දාගේ හදවත
කල්ලාගේ හදවත
බල්ලාගේ හදවත
යනු
එකක්මය
මිනිහාගේ හදවත
මිනිස් මොළයට
බලු වෙද්දී
කලු වෙද්දී
බලු හදවත
තවමත් සුදුය

Monday, August 22, 2016

සිංහල භාෂාව - නොරැක!?

තේරෙන සිංහලය දේශපාලන භාෂාවෙන් රැකිය නොහැකිය. ඉංග්‍රීසියෙන් හිතා සිංහල කතා කිරීමටත්, සිංහලයෙන් හිතා ඉංගිරිසියෙන් කතා කිරීමටත් වඩා සිංහලයෙන් හිතා සිංහලෙන් කතා කිරීමෙන් සිංහලය රැකෙනු ඇත. ඉංගිරිසියෙන් හිතන්නන් ඉංගිරිසියෙන් චැට් කළාවේ. අනිකුත් ලාංකිකයන් තමන්ගේ බස රැක්කාවේ, සිංහල දන්නවුන්වත් සිංහලෙන් දොඩත්ද? අපි මහා ජාතිආලයෙන් මරා ගන්නට පෙර අපේ බස රැකගෙන සිංහලකමට හයියක් දෙමු. සියල්ල ඉංගිරිසියෙන් සරිකර ජාතිවාදයට පමණක් සිංහලෙන් කතා නොදමනු. නැවතත්, දේසපාලන ජාතිවාද බසින් නොනැසී කළ යුතුදේ කරමු. රැකගත් යුතුදේ රැකය යුත්තේ භාවිතාවෙන් මිස චෝදනාවෙන් හෝ මාන්නයෙන් හෝ මෝඩ අහ්ංකාරයෙන් නොවේ. දෙස, බස, රැස මිස එක එක පුද්ගයන් මත්තේ ජාතිය හිලව් නොකොට අඩු තරමේ දන්නා සිංහලෙන් දන්නා අය සමගවත් කතා කරමු. බසේ රස හෝ රැකගමු. දැන් දැන් ඉංගිරිසිය සිංහලයට වඩා සරලවී ඇති බැව් පෙනෙන නිසා දැන්ම කියමි, මව් බස පළමුව...

Thursday, August 4, 2016

...ප්පොච්චි...ලා මී ගොන්

සිරිමත් මගෙ සකි
ආප්ප කෑ හැටි
ලුණුමිරිසට ගෙන
දරුවෙක් කෑ හැටි

දේශපාලනයට, කෝන්තර වලට විතරක් නොව විනෝදයටත් දරුවා රූකඩයක්, කෙළිබඩුවක් කොට ගනිමුද?

එහෙව් වැඩිහිටියන්ගේ අනාගතයට දේව කරුණාව ලැබේවා!