Saturday, October 8, 2022

~ආපහු වටෙන් එන කුප්‍රකට මජර තක්කඩි පිසාචයන් එලවන එකම මන්තරේ~

පළමුවත්

දෙවනුවත්

තෙවනුවත්

මේ දේශපාලනය රටට පිළිලයක්.


අද රටේ පවතින දේශපාලනය ම බොරුවක්. අවස්ථාවාදයක්. කාලය කා දැමීමක්. මුදල් කා දැමීමක්. බංකොලොත් රට සුන්නද්ධූලි කොට දැමීමක්.

මේ වගේ කාලයකත් සභාවේ සිනා සඳහා දවසට ලස්ස අනූවක් ! දේශපාලන පළිගැනීමට දවස් අනූවක් ! ආණ්ඩු විරෝධයට ගුටි බැට පූජාවක් ! උමතු තක්කඩි සිනහවක් !

දැන් ආපහු තක්කඩි කමෙන් අනූන මජරයින් හැරෙන්නේ දුර්වලයන්ගේ කර පිටින් ඊළඟ වටයට එසවෙන්නටයි.

මේ දේශපාලනයෙන් රට ගොඩනැඟීම යනු සියවසේ කැත ම නින්දිත විහිළුවක්.

ඒ දේශපාලනයෙන් බැහැර ව මහජනයා තම රාජ්‍ය ගොඩ නඟා ගැනීම ගැන නොසිතනතාක්, ඒකරාශි නොවනතාක් අප සියල්ලෝ එකම සමාජීය පිළිකාවකට පැරදුණු රෝගීන් පිරිසක්. නිල බල අධිකාරී පිළල නිසා කුහක වුණු කේඩෑරී වුණු ජනතාවක්.

පොදු අවශ්‍යතාව වෙනුවෙන් තමන්ට රුචි පාට පක්ෂ කල්ලි වාද පසෙකට කිරීමේ හැකියාව නොමැතිකම විනාශකාරීත්වයකට මං පාදන්නක්, දුර්වලකමක්. ගැඹුරින්ම ගත් විට කුහක කමක් .

ඒ දුර්වල මෝඩ කුහකකම් පරදා එක රටක පොදු ජනතාවක් ලෙස මේ පවතින දේශපාලන බොරුව විනාශ කර දමන්නට දායක වන දිනක, එවන් එකමුතුවක, වැඩ බිමක, ඔබට ලැබේවි නිරාමිස සතුටක්. ගොඩනඟා ගත හැකි වේවි ඒ සතුට භුක්ති විදිය හැකි රාජ්‍යයක්.

බොරු දේශපාලන කතා වලින් බැහැර හෙටක්, අපි වෙනුවෙන් අපේ රටක්, අපේ දැක්මක්, අපේ ක්‍රමයක්, හදා ගන්නට ගත වේවි කාලයක්. දෙමු ඊට තම තම හැකියාවෙන් ශ්‍රමයක්, ශක්තියක්. 

කවදත් ඇත්ත වෙනුවෙන් මුලටම ඉන්නෙ පුංචි පිරිසක්. නමුත් කිසිවෙකුටත් ඇත්තේ නැහැ බොරුවෙන් සැබෑ ජයග්‍රහණය වෙත යා හැකි මාවතක්.

රටවල්, ඉතිහාස, පූර්වාදර්ශ මතම  (කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් ලැබෙන තුරු) නොඉඳ තනි තනි විශ්වාසයෙන් ගොඩනඟමු සාමුහික අපේ විශ්වාසයක්, අපේ රට වෙනුවෙන් ඔබේ මගේ සබුද්ධික විශ්වාසයක් ! එතැන ගොඩනැගේවි සැබෑ ජනතා අරගලයක්, දේශපාලන බල අරගල වලට යට නොවන නියම අවිහිංසාවාදී ජනතා බලයක් ! මේ යහපත් හෙටක් සොයන රටට ආදරේ ඕනෑම ලාංකිකයෙකුගේ අද දවසේ ශුද්ධ වූ ප්‍රාර්ථනයක් !

Monday, October 3, 2022

ටීම් ගේම් විතවුට් ටීම් ~ එසැණ ජොලිය

තිස් වසරක ත්‍රස්තවාදය රට සලිත කරන්නට සමත් විය.

දස වසරක අවස්ථාවාදය රට බංකොලොත් කරන්නට සමත් විය.

දශක තුනක ත්‍රස්තවාදයකට පසු දශකයකට සැනසුමක් උපයා ගැනීමට අසමත් ජනතාවක් ,

දශකයක අවස්ථාවාදයකට පසු පස් වසරකට ක්‍රමයක් නිර්මාණයට අසමත් ජනතාවක් ,

ඉතිරි වී ඇත.

මීළඟට !!?

Sunday, October 2, 2022

සින්ඳ යුතු කරුමය ~

 චින්තනයක් නැති කළ රටක ජාතියක පරපුරක උරුමය ~


පළමුවත් ..

දෙවනුවත් ...

තෙවනුවත් ....

සිඟමන !?