Monday, February 27, 2023

මමත්වය සමඟ බලකාමයේ සම්මුතිය ~ (දිගින් දිගටම මැතිතුමා කී සඳ උන්ට ~ අමාවක එළැඹිණි රටක මහ ජනයාට)

අවුරුදු හතළිහ පනහේ දේශපාලන අද්දැකීම් ඇති හැඳින්වීමෙන් පරිණත හැඟීමෙන් ක්‍රියාවෙන් ආත්මාර්ථී හිස් මිනිසුන්ගේ බලකාමය නිර්මාණය කරන්නේ කවර නම් සමාජ සංස්කෘතියකට මාවතක් ද?

ඔවුන්ගේ වැඩ හෙට දවසේ දරුවන්ට නොවේ. අද දවසේ දරුවන්ගේ හිත සුව පිණිස නොවේ. අද දවසේ තරුණයන් හෝ වැඩිහිටියන් සඳහාද නොවේ. 

ඔවුන්ගේ සියලු කාර්ය බාරය තමන් සඳහාය තමන්ගේ ඉටු නොවුණු අපේක්ෂා වෙනුවෙන් ය. ප්‍රාර්ථනා වෙනුවෙන්ය.

බහුතර ජනී ජනයාගේ ජීවිත කාලකන්ණි වීම, ඔවුන් උපන් ගෙයිම ණයකරුවන් වීම, ඔවුන්ගේ යහපත් ජීවිතයක්, පරිසරයක්, රටක් වෙනුවෙන් ඇති ඉටු නොවූ අපේක්ෂා, ප්‍රාර්ථනා පිළිබඳ අංශු මාත්‍රික හැඟීමක් ඔවුන්ට නැත.

එසේ තිබුණා නම් අද අප වෙසෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යළි උපදින්නට හේතු වාසනා ප්‍රාර්ථනය කෙරෙන රටකය. 

යළි බලයට එන්නට, බලය හොබවමින් මියෙන්නට ඔවුන් හේතු නිර්මාණය කරන තාක් ඔවුන්ගේ වාසනාව රටේ අවාසනාව වනු ඇත.

එබැවින් එබන්දන්ගේ අවසනාව වෙනුවෙන් බහුතර මහජන එකමුතුවක් විසින් හේතු සම්පාදනය කිරීම යළි උපදින්නට පෙර ජීවත් වන්නට සරු බිමක් තනන්නට මහෝපකාරී වනු ඇත. 

බලයට ගිජු මමත්වයෙන් උන්මත්තක වුවන්ගේ ඒ ස්වභාවයට පරාජය අත් කර දීමෙන් මිස යහපත් රටක් කිසි කලෙක කිසිවෙකුට පොදු රට වැසියා වෙනුවෙන් නිර්මාණය කළ නොහැකි බවට අපමණ අද්දැකීම්, අත්විඳීම් ඇති මෙවැනි රටක කවර නම් සබුද්ධික තැනැත්තෙකුට තවත් කිසිවෙකු විසින් අටුවා ටීකා ටිප්පණි සහිතව පැවසිය යුතුද?

Sunday, February 26, 2023

ලයිසන් තුවක්කුවක් හිසට තබා මුදලිහාමි තරඟයෙන් ඉවත් කෙරේ.(හාමුට හුරේ! අරූට හොඳ වැඩේ! තුවක්කුව නීත්‍යානුකූලයි!)

රට විනාශ වූයේ වඩා යහපත් ක්‍රමයක් නිර්මාණය කර ගැනීමට ඉඩ හසර විවර වුණු හැම විට ඊට හරස් වුණු නරුම කාලකන්ණි නිවට චින්තනයක් නිසාය.

ඒ බාල බල අවස්ථාවාදී චින්තතනය අපව බංකොලොත් කොට දැමුවේය. 

රට කිසිවෙකුට පාවා දුන්නේය.

එවැනි දොන් ජුවන්ලාටම සරිලන නිවටයෝ එදත් අදත් හිඟ නැති හෙයින්ම මෙරට පරපුර ම සිඟන්නන් විය යුතුය. කුජීත ක්‍රමයක් කර පින්නාගෙන මජර දේශපාලනයේ ඩීල් කාර හාමුලාට වහල් කම් කළ යුතු ය.

රටේ සාමාන්‍ය ජනතාව මෝඩ රැළක් හා තම අවස්ථාවාදී කෛරාටිකත්වය මහ කෙරුම්කාරකමක් ලෙස කයිවාරු ගසන ~ තිරිහන් වන මේ දේශපාලනයේ මළගිය පරාණකාරයා තවදුරටත් ආවඩන්නේ හිඟමනටය. 

මේ හිඟමන අවසානයේ බංකොලොත් භාවයෙන් අපව උස්සා පොළවේ ගසන්නේ යළි නොනැගින්නට මය. 

එදිනටත් හාමු තම පට්ටම වෙනුවෙන් ඩීල් දමන අතර කුඩුපට්ටම් වූ මහ ජනතාවගේ කුඩු එක් කර පුනුරුත්ථාපනය සඳහා යළි හිඟමන යෝජනා කරනු ඇත.

දෙපයේ හයිය නැති හාමුලාට පිට්ටනියේ මොන මීටර් සියයද ? 

ලයිසමයි තුවක්කුවයි පරිස්සමට තියා ගන්න.

ද ගේම් ~ නාකි බල උන්මාදයට එරෙහිව !

ආයුධ සන්නද්ධ උන්මත්තකයෙකු විසින් කුට ලෙස බලය අත්පත් කර ගත් රාජ්‍යයක සාමාන්‍ය ජනතාව ප්‍රාණ ඇපකරුවන් බවට පත් ව සිටී. පොලිසිය හා හමුදාව උන්මත්තකයා විසින් තමා යටතට ගෙන ඇති අතර අදාළ රාජ්‍යයේ සේවයේ යෙදෙන යම් පිරිසක් ද ස්වකීය ආත්ම ලාබය තකා උන්මත්තකයාට තම සහයෝගය ලබා දෙයි. මේ උමතු නාකි කෝළමෙන් මහ ජනයා ගැලවෙන්නේ කෙසේද? රාජ්‍යය ගලවා ගන්නේ කෙසේද? ජීවිතයත් මරණයත් විනෝදයත් විලි ලජ්ජාවත් අතර දෝලනය වන සජීවීකෘත ක්‍රීඩාව ~

Thursday, February 23, 2023

හැක හැක බක බක උමතු විකෘතිය ~ !


ප්‍රකෘතිය ඉක්මවන අසමාන්‍ය විකෘති සිනහවකින් යුතු මිනිසෙක් කිසියම් ම ක්‍රමයකින් කිසියම් (විශේෂයෙන් බංකොලොත්) රටක විධායක බලතල සහිත ජනපතිධුරයකට පත් වීමට එරට ජනතාව කිසි ලෙසකින් ඉඩ නොදිය යුතුය. එය ජනතාව සියතින් ගෙල සිඳ ගැනීමක් වන අතර බරපතළම කරුණ ඔබට මිය යාමට සිදුවන්නේ බරපතළ උන්මත්තක භාවයකින් සිහි විකල් තත්වයකට පත් වීමෙන් වීමයි. 
යම් අතපසු වීමකින් හෝ එබන්ඳෙක් යම් රටක එවැනි තනතරකට පත් වුවහොත් රටේ බහුතරය ඒ උන්මත්තක තත්වයට ගොදුරු වීමෙන් වළක්වා ගැනීමට නම් එරට සුබුද්ධික ජනතාව එකාවන්ව ශක්තිමත්ව ඒ උන්මත්තක ස්වභාවය අභිබවන මානසික ශක්තියකින් නොසැලී ක්‍රියා කළ යුතු වෙයි.

මළ පෙරහැර යන්නා ! සේ ...

රාජ්‍ය ලකුණ ඇතා උඩ

අයි එම් එෆ් හි දෙපා මුළ

කපටි හිත බලයට යට

රජගහේ තාම නාඩගම

Wednesday, February 22, 2023

හෙටට වගකියන්නේ කවුරු ?

https://youtube.com/shorts/XG2YflVIqkY?feature=share

චින්තනයක් තිබුණ නම් එදා. මෙහෙම වෙනවද මෙදා. වගකීමක් තිබුණ නම් එදා. රට රටවල් වලින් හිඟමන් යදින්න වෙනවද මෙදා...! රටට ගැලපෙන විධික්‍රමයක් පිළිබඳ චින්තනයක් එය ක්‍රියාත්මක කළ නොහැකි දේශපාලනයක් හෙටට රටක් ඉතිරි කරාවිද ?

Tuesday, February 21, 2023

no money : තියරියක් !

https://youtube.com/shorts/RNpuZYQGwAE?feature=share

සල්ලි නැති මිනිස්සුන්ව තවත් වේළලා හදන රටේ මොනවා පැළවෙයිද අලුතින් ...! තියන තුට්ටු දෙක හරි යොදවලා පස පෙරලිය යුතු ඒකයි ඒ මිනිස්කම මැරෙන්නට කලින් !

Monday, February 20, 2023

පහ වෙනකම්, එපා ඉන්න !

https://youtube.com/shorts/GSqhHwn8qo0?feature=share

හැම දේටම කාලයක් තියෙනවා. එන්න වගේම යන්නත්. යන්න ඕන වෙලාවක අදාළ තැනක බලෙන් පඹයෙක් වත් රැඳවිය යුතු නෑ. මිනිහෙක් නම් කොහෙත්ම ...

Sunday, February 19, 2023

බිල රනිල්ට + හිතවතුන්ට (ඒ පව් කළ උන් ඔක්කොම යාළුවෝ මල්ලී)

මජර දේශපාලනේ නඩත්තු කරපු

හොරා කාපු 

දූෂිතයින්ට ගොටු අල්ලපු

එවැනිවුන්ගේ පව් 

කිසිවිට නොගෙවමි

Saturday, February 18, 2023

අහන් බලන් ඉන්න!

https://youtube.com/shorts/bADwDyFcxeY?feature=share 

සැබෑ ජන හඬ ~ ජනතාවගේ හදවත ගැහෙන රිද්මයයි. ඒ රිද්මය හඳුනන මිනිසුන් අප විසින් හඳුනා ගත යුතුමයි. ව්‍යාජ අනුකරණ වලට නොරැවටෙනු පිණිස කාට කාටත් බුද්ධිය පහළ වේවා!

අපට හෙටට රටක් නැතත් ලංකාවට නම් රනිල් තමයි (ෆස්ට් ප්‍රයෝරිටි)

එක්ස්පයර්ඩ් ජෙනරේෂන් එක

රෝන්ග් ජෙනරේෂන් එකට හිනා වෙනවා දැකලා

හැරමිටිය තම රැකියාවෙන් ඉල්ලා අස් වුණා

අනේ පව්,  උන්ට වගකීමක් නැතත් මට යුතුකමක් තියනවා කියලා

Tuesday, February 14, 2023

බලන් ඉන්න ~

https://youtube.com/shorts/bADwDyFcxeY?feature=share 

සැබෑ ජන හඬ ~ ජනතාවගේ හදවත ගැහෙන රිද්මයයි. ඒ රිද්මය හඳුනන මිනිසුන් අප විසින් හඳුනා ගත යුතුමයි. ව්‍යාජ අනුකරණ වලට නොරැවටෙනු පිණිස කාට කාටත් බුද්ධිය පහළ වේවා!

දොන් ජුවන් වන් එකෙක් ඇත ~ දෙකෝටියකට (රාජකාරිය + පිම්පි කාරිය)

දේශපාලන වද්ධයින්ගේ තිරිහන් වන බලකාමය උදෙසා පිම්පි කාරිය කරන ඉහළ රාජ්‍ය නිළධාරීන් සිටින රටවල පැවැත්ම සදා සොත්ති ම වන නිසා එබඳු රටක සංවර්ධනය පතන්නෝ පළමුව මේ දෙකොට්ඨාශය කෙබඳු ක්‍රමයකින් හෝ රටින් පිටුවහල් කළ යුතුය.

ඒ වෙනුවට එවැන්නෙක් නොවන ඔබ මව් රටින් පිටුවහල් වීම ද කළ යුත්ත?