Sunday, February 26, 2023

ලයිසන් තුවක්කුවක් හිසට තබා මුදලිහාමි තරඟයෙන් ඉවත් කෙරේ.(හාමුට හුරේ! අරූට හොඳ වැඩේ! තුවක්කුව නීත්‍යානුකූලයි!)

රට විනාශ වූයේ වඩා යහපත් ක්‍රමයක් නිර්මාණය කර ගැනීමට ඉඩ හසර විවර වුණු හැම විට ඊට හරස් වුණු නරුම කාලකන්ණි නිවට චින්තනයක් නිසාය.

ඒ බාල බල අවස්ථාවාදී චින්තතනය අපව බංකොලොත් කොට දැමුවේය. 

රට කිසිවෙකුට පාවා දුන්නේය.

එවැනි දොන් ජුවන්ලාටම සරිලන නිවටයෝ එදත් අදත් හිඟ නැති හෙයින්ම මෙරට පරපුර ම සිඟන්නන් විය යුතුය. කුජීත ක්‍රමයක් කර පින්නාගෙන මජර දේශපාලනයේ ඩීල් කාර හාමුලාට වහල් කම් කළ යුතු ය.

රටේ සාමාන්‍ය ජනතාව මෝඩ රැළක් හා තම අවස්ථාවාදී කෛරාටිකත්වය මහ කෙරුම්කාරකමක් ලෙස කයිවාරු ගසන ~ තිරිහන් වන මේ දේශපාලනයේ මළගිය පරාණකාරයා තවදුරටත් ආවඩන්නේ හිඟමනටය. 

මේ හිඟමන අවසානයේ බංකොලොත් භාවයෙන් අපව උස්සා පොළවේ ගසන්නේ යළි නොනැගින්නට මය. 

එදිනටත් හාමු තම පට්ටම වෙනුවෙන් ඩීල් දමන අතර කුඩුපට්ටම් වූ මහ ජනතාවගේ කුඩු එක් කර පුනුරුත්ථාපනය සඳහා යළි හිඟමන යෝජනා කරනු ඇත.

දෙපයේ හයිය නැති හාමුලාට පිට්ටනියේ මොන මීටර් සියයද ? 

ලයිසමයි තුවක්කුවයි පරිස්සමට තියා ගන්න.

No comments: