අවුරුදු හතළිහ පනහේ දේශපාලන අද්දැකීම් ඇති හැඳින්වීමෙන් පරිණත හැඟීමෙන් ක්‍රියාවෙන් ආත්මාර්ථී හිස් මිනිසුන්ගේ බලකාමය නිර්මාණය කරන්නේ කවර නම් සමාජ සංස්කෘතියකට මාවතක් ද?
ඔවුන්ගේ වැඩ හෙට දවසේ දරුවන්ට නොවේ. අද දවසේ දරුවන්ගේ හිත සුව පිණිස නොවේ. අද දවසේ තරුණයන් හෝ වැඩිහිටියන් සඳහාද නොවේ.
ඔවුන්ගේ සියලු කාර්ය බාරය තමන් සඳහාය තමන්ගේ ඉටු නොවුණු අපේක්ෂා වෙනුවෙන් ය. ප්‍රාර්ථනා වෙනුවෙන්ය.
බහුතර ජනී ජනයාගේ ජීවිත කාලකන්ණි වීම, ඔවුන් උපන් ගෙයිම ණයකරුවන් වීම, ඔවුන්ගේ යහපත් ජීවිතයක්, පරිසරයක්, රටක් වෙනුවෙන් ඇති ඉටු නොවූ අපේක්ෂා, ප්‍රාර්ථනා පිළිබඳ අංශු මාත්‍රික හැඟීමක් ඔවුන්ට නැත.
එසේ තිබුණා නම් අද අප වෙසෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යළි උපදින්නට හේතු වාසනා ප්‍රාර්ථනය කෙරෙන රටකය.
යළි බලයට එන්නට, බලය හොබවමින් මියෙන්නට ඔවුන් හේතු නිර්මාණය කරන තාක් ඔවුන්ගේ වාසනාව රටේ අවාසනාව වනු ඇත.
එබැවින් එබන්දන්ගේ අවසනාව වෙනුවෙන් බහුතර මහජන එකමුතුවක් විසින් හේතු සම්පාදනය කිරීම යළි උපදින්නට පෙර ජීවත් වන්නට සරු බිමක් තනන්නට මහෝපකාරී වනු ඇත.
බලයට ගිජු මමත්වයෙන් උන්මත්තක වුවන්ගේ ඒ ස්වභාවයට පරාජය අත් කර දීමෙන් මිස යහපත් රටක් කිසි කලෙක කිසිවෙකුට පොදු රට වැසියා වෙනුවෙන් නිර්මාණය කළ නොහැකි බවට අපමණ අද්දැකීම්, අත්විඳීම් ඇති මෙවැනි රටක කවර නම් සබුද්ධික තැනැත්තෙකුට තවත් කිසිවෙකු විසින් අටුවා ටීකා ටිප්පණි සහිතව පැවසිය යුතුද?
No comments:
Post a Comment