Thursday, March 17, 2016

ජාති බේද වාද බේද නැති ඕ+නෑකමට කාලයයි මේ...

මේ වර්ග කිලෝමීටර හැටපන්දාස් ගණන රැක ගත්තොත් අපට ම තමා. ආපහු දේශපාලනයෙන් බෙදෙනවා කියන්නේ අපි අවුරුදු ගාණකින් ආපස්සට යන එක. සල්ලි තියෙන්නත් පුළුවන්, දුප්පත් වෙන්නත් පුළුවන්. නමුත් පොළොවෙ පය ගහල ඉන්න රටේ නිදහස වගේම දියුණුවත් ඉන්න තැනින් ඉදිරියට එන්න හිතන අපි කාටත් වටිනවා, ඒක හරිම වාසියක්. මොන කතා කීවත් තවම අපේ ප්‍රශ්නය අපිමයි. රට වෙනස් කරන්න හිතුවත් අපි වෙනස් වෙන්න ලෑස්ති නෑ. කියවන්නම ඕන දේවල් එමටයි, ඒ වගේම කිය කියා හිටියට වැඩක් නැති පරණ කෝන්තර එමටයි. ඉස්සෙල්ල පරම්පරාවෙන් ගත්ත ඒ දේවල් දැන්වත් බිමින් තියල, රැකගන්න ඕන දේ අතට අරන් ‍ දේශපාලනය පැත්තකට විසි කරලා ස්වාධීනව රටට ශක්තිය දෙන්න අපේ කාලෙ පරපුරට කාලෙ හරි. දැන් අපේ  බොහෝ දෙනා ලොකු වැඩිහිටියො, අපි කොයි කොයි තරාතිරම් වල හිටියත් රට හොද විදිහට වෙනස් කරගන්න අපිට දෙන්න පුළුවන් දායකත්වය එමටයි. ලෝකය පෙරළෙන දෙයක්, එහෙව් ලෝකය තවටිකක් ‍ පෙරළලා අපිත් රටක් ජාතියක් හැටියට අපේ විදිහකට හිටගමු. ... හැමදාම දිනන්න ලේසියෙන් දිනන්න පුළුවන් මැච් පරදුනේ අපේ හිත් වල තියෙන දුර්වල ගතිය නිසා මයි. දින්න නම් දනුවේත් ඒ දුර්වල කම මැඩ ගත්ත දවසට, දැන් නම් හිතන්න, කතාකරන්න කාලයක් නෑ... මේ මරි මෝඩ දේශපාලනයට පයින් ගහල රට වෙනුවෙන් සොච්චමක් හරි කරන්න පුළුවන් තවත් යුගයක අවසාන කාලයක් කියලයි මට හිතෙන්නෙ. ඒ නිසා හනික වරෙව් යුගයේ වැඩිහිටි කොල්ලනේ+කෙල්ලනේ ... ... යුතුකම වෙනුවෙන් රටට තල්ලුවක් දෙමු, දෑතින්ම, එක හිතින්ම.../.. මේක විනාශ කරන්නත් වෙනස් කරන්නත් ලස්සන කරන්නත් පුළුවන් මේකෙ ඉන්න අපිට විතරමයි. විතරමයි. අවශ්‍ය ඕනෑකම පමණයි. මොන නෑකම් හදා ගන්න බැරිවුනත්අපි රට වෙනුවෙන් ඕ+නෑකමට එක්වෙමු.

2 comments:

Lalith said...

එකගයි...

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

නතිං ඉස් ඉම්පොසිබ්ල්.. ඕ+නෑකමට හැම එක්වෙවා..ජයවේවා