අත දෙන්න සුදු රත්තරන්
බැහැ තවත් නැගිටින්න නම්
හැර දමා ගිය දා පටන්
කදුළු සැලුවා මම හොරෙන්
ඔබ මා පෝෂණය කළාහුය. ඔබේ බස නොවන්නට, ඔබ තැනු මං මාවත්, ඇළ මාර්ග, පාලම් බෝක්කු ගොඩනැගිලි නොතිබෙන්නට, ඔබේ සංස්කෘතියේ බිඳක් හෝ නොවන්නට මට මෙහි වාසයට කිසිඳු හේතුවක් තිබුනේ නැත. මගේ ප්‍රේමය ඔබ ය. ඒ ඔබේ සුදු කම ය. ඔබ කඳු කපා බිම් සකසා බෝග වගා නොකරන්නට : ඒ අඟුරු කෑ යකඩ යකා නොසිටින්නට : මේ දීනයන් තවම අඳුරේ අතපත ගානු ඇත, මයිලෝ ඩ්. ඉඳින් එය සිහි වන විට කඳුළක් නොවැටෙන්නේ නම් මගේ දෙනෙත් කුමකට !
ඔබ නැතිව රසය නෑ තේ දල්ලේ
දුම්රිය හූ තියයි තවම ලතැවිල්ලේ
ආපහු එන්න පියඹා මෙහි නිදැල්ලේ
ගිවිසුම් ඉරා දෙමි සන්තක සියල්ලේ
අපට වැරදුණා මයිලෝ ඩ්. ඒ නිසා අපි පැරදුණා. මුන් මට ඇහුම්කන් දෙන්නෑ අදත් මයිලෝ ඩ්. මට සමා වී තව වාරයක් දෙන්න. එක වාරයක් ණය දෙන්න. හැන්ද දැන් ඇත්තේ මගේ අතේ මයිලෝ ඩ්. මේ මෝඩ ලියවිලි හැම ඉරා මම ඔබට පාවා දෙන්නම්. උන්ට නොවටින උන්ගෙ සාරය සාර භූමිය දෙන්නම්. ඔබගේ යෝජනාවලිය දැන් මාගේ පරමාර්ථයයි !
වීර නෑ අප මෝඩකම් පෙර දා කළේ
සාදරෙන් ඔබ හට පුදා අද මා සෙනේ
ඉන්න පැතුවේ පෙර කලත් යටතේ ඔබේ
දෛවේ නේද අප වෙන් කළේ ඒ වගේ
මාගේ මේ (බක් මහේ දීමනා) සුළු සුළු දීමනා ජනගැති භාවයක් ඔප් නංවනු පිණිස නොවෙයි මගෙ ලෝඩ්. මුන් හැම ලවා මගේ කාරිය කර ගනු පිණිසමයි. දැන් මගේ බලාපොරොත්තුව මුන්ය. එදා මෙන් මුන්ගේ සුවච කීකරු පරමාධිපත්‍යයය.
ආයෙත් එන්න හිරු නොබසන්න මේ රටින්
මෝඩ දුර්වල අප රැක ගන්න පණ ලෙසින්
ඔබ යටතේම අවසන් හුස්ම හෙළ තුටින්
මේ ජාතියට ඔබ නැති ව බෑ යළි ඉතින්
(මෙහි පද රචනය තනුව සංගීතය ගායකයාගේම ද නැද්ද යන්න සොයා ගැනීමට මුලාශ්‍රයක් නොමැති වූ බව කරුණාවෙන් සඳහන් කරමි.)
No comments:
Post a Comment