පළමු ජවනිකාව ~
අධ්‍යාපනයේ සිට රාජ්‍යයේ සළකුණේ සිට අපේ ප්‍රකාශනය ~ ජාතියේ මහා වංශේ.
දෙවන ජවනිකාව ~
අපේ කෙටි ජීවිත කාලය පුරාවට සාධාරණය, යුක්තිය, සමානාත්මතාව, දියුණුව, යහපාලනයන් පිළිබඳව ~ පැවති සියලු ආණ්ඩු අසමත් වෙන හැටි.
තෙවන ජවනිකාව ~
යුද්ධ සටන් ජය ගත් වීරයෝ.
එහෙම ආණ්ඩු ආ ගමනේ කෙළවර ~ රාජ්‍ය බංකොළොත් වෙන හැටි.
විවේකය ~
මිනිස්සු නැගිට්ටා අවශ්‍ය කරන දෙයක් හොයාගෙන, පීඩනය පිට කළා. බෙල් එක වැදුනා. ආයෙ ඇවිත් ඉඳගත්තා. එහෙමත් අරගලයක්.
ඊලඟ ජවනිකාව ~
මහා ජන නැගිටීම ප්‍රධාන නළුවා වෙනස් කළා.
ප්‍රජාතන්ත්‍රවාදය හා අරගලය අගයමින් ජවනිකාවේ නොසිටි නළුවෙකු ප්‍රධාන භූමිකාව ආක්‍රමණය කරයි.
බංකොලොත් වුණු රටක් වුණත් රාජ්‍ය ලකුණ පෙරහැරේ ඇතා උඩ යයි.
ඇත්තම උවමනාව රාජ්ය පිටින් දාලා තමන්ට යන්න ඕන වුණු ගමන යන්න.
දැන් මිනිහ ප්‍රධාන නළුව.
නළුවට අනුව පිටපත ලියනවා.
ඉතිං අපි නතර වෙලා මේ මිනිහට ඉඩ දෙමු ද?!
ඕන තරම් හේතු ඉදිරිපත් කරන්න පුළුවන් ඒකට.
වඩම්මපු උත්තමයගෙ චින්තනේ දොන් ජුවන්.
යෝජනා කළ උන් නූතන දුටු ගැමුණු ලා.
ප්රශ්නයක් නෑ .. මොකද :
ඒ දොන් ජුවන් හරි ඉස්තතරම් ~ හේතුව ~ ඔහු මේ රටේ අධ්‍යාපනේ නිර්මාණයක්.
නූතන දුටුගැමුණුලා භාෂාව ආර්ථික විජ්ජාව ෆේල්ලු. අධ්‍යාපනේ මේ රටේ වුණාට කොළඹ සුදු බල කොටුවෙ හැදුනු පොරවල් නොවෙයි ලු.
සරලවම පැහැදිලියි තව දුරටත් අපි අපිටම විහිළුකාර ජාතියක් වෙන හැටි :
කමක් නැ ඒ අපේ හැටි.
අවසන් ජවනිකාව ~
අසමත්කම සමත් කර ගැනීමට නොව දුර්වලයෙකු බව පිළිගෙන ස්වකීය දැක්ම රැකවරණය සුරක්ෂිතතාව වෙනුවෙන් පොදු උරුමයන් වුව පුද්ගලික තෑගි ඔප්පුවෙන් ලියන්නට ඔහු සූදානම්! දොන් ජුවන්!
රටක් එක් කරනු වෙනුවට තම නොහැකියාව හැකියාවක් කරනු පිණිස යම් ගොනුවක එක්ව හිටි රටේ මහජනයා තමන්ගේ පරණ ගොන්කං තුළට බෙදා ගාල් කොට දැමීමට, ඔවුන්ගේ හුදු මාන්නාධික කම් ඇවිස්සීමට ආමන්ත්‍රණය කිරීමේ දී මිනිහාගේ නිර්ලජ්ජිතභාවය සුදු ජාතිකයා රටේ ජනතාව බේද භින්න කළාටත් වඩා ඉහළයි.
මිනිහා ලද අධ්‍යාපනයම ලැබූ දෙකෝටියක් උන් ජාතික අධ්‍යාපනයෙන් දායද කළ මේ කළු සුද්දා අවතාරයට (ඒක බරපතළ වෛරසයක් .....) යටත්ව සොම්බි නැටුව හොත් ඉංග්‍රීසින්ගෙන් පසු රට පවා ගන්නා අලුත්ම ඓතිහාසික ගිවිසුම එය වනවා! ඊට ගොදුරු වන සියල්ලෝ කළු සුද්දාස් අවතාර බවට පත් වෙනවා!
චිත්‍රපටිය එතනින් නිම වෙනවා.
(කථාව කෙටියෙන් මෙහෙම වුණත් අති සංවේදී මෙන්ම අති අමානුෂීය දර්ශන මෙහි අන්තර්ගත බව සැළකිය යුතුමයි)
No comments:
Post a Comment