කලු කපුටා සුදු වෙන තුරු
මෝල් ගහේ දළු ලන තුරු
එකසිය විස්සට දෙසිය විස්සක්
ආවාඩා ආයුබෝ වේවා !
බලාපොරොත්තු වුනේ කලු කපුටා සුදු වේවි වත්, මෝල් ගහේ දළු ඒවි වත් කියලා නෙවෙයි ආයුබෝ වන්ඩ,
එකසිය විස්ස දෙසිය විස්සට නොයන බව අපි නොදන්නවායැ.
නිදුක්ව නිරෝගිව බොහෝ කාලයක් ඉන්ට, ආයුෂ බොහෝ වේවා ... දීර්ඝ ආයුෂ වේවා කියන කාරණේ තමයි ඔය නොසෑහෙන්ට බර තියල ප්‍රාර්ථනේ කොලේ.
ඕක නොවැ සරලවම අපේ චින්තනේ. ජාතියේ හැටි.
නමුත් අපේ ජාතියේ පිනට පහළ වුණු පාලක උතුමන්ට අපේ අවසන් ප්‍රාර්ථනේ නොතේරුණත් පළවෙනි කාරණා දෙක නම් හොඳටම තේරිලා තියනව.
අනේ වාසනාවන්! ගැරඬින්ට කියල ඉතිං අං එන්ඩයැ! හැව අරිනව මිසක.
අපිට තියෙන්නෙ ඉතිං සතා සරුපයා තේරුං අරං විෂ ඝෝර සර්පයා දැක නෑර මෝඩයා කියල කිව්වත් වගේ කිරි පොවන්ඩවත් රෙද්ද අස්සෙ දමා ගන්ඩ ගන්නෙවත් නැතිව විමසිල්ලෙන් වැඩ කරන එක තමා. මොකද විෂ ඝෝර සර්පයා නැසිය යුතු විදිහ පොල්ලෙන් ගහල නෙවෙයි කියලනේ ඔය කියල තියෙන්නේ.
තණ්හාව, තෘෂ්ණාව, බල තණ්හාව නේ.. ආයෙත් තණ්හාව, දිගටම තණ්හාව වෙන මොනවද ?
ඉතිං ඔය මොන මොන සර්පයත් ඇති වන හේතු නැති කරල දාන එකයි ඒ අනුව අපිට නම් කොරන්ඩ තියෙන්නෙ.
ආයුබෝ කිව්වෙ ඉතින් මැරෙනකම් සතුටින් ඉන්න මිසක, තණ්හාවෙන් බදාගෙන ඉන්න නෙමෙයි ඕං !
(බල තණ්හාව නැමැති ත්‍රස්තයා නොහොත් සර්පයා හිඳින්නේ කා සමඟ ද ? ජනයා සමඟ ද , පාලකයා සමඟ ද ? ඒ සර්පයා දමනය කළ යුත්තේ පාලකයා ද ජනතාව ද ?)
No comments:
Post a Comment