Sunday, December 31, 2023

2024 ~ Theory & Revision ~ නොවෙනස් නම් අපි හෙටටත් (ගේම ගහන හැටි)

ඔලුවක් නැති තිරසාර රටක් ~ නෑ වෙන්ට ඔබට කිසි බයක් ~ පරම්පරා හතකට මේක මරු/මාර ෆ්ලැට්ෆෝම් එකක් ~ ඔය එක පරම්පරාවකට සෙට් වෙන එක ඔබට අයිති වැඩක් ?

සින්දු ගහන නැටුම් ගහන පරම්පරාවක් ඉන්නවා

කුඩු ගහන කුඩු බෙදන පරම්පරාවක් ඉන්නවා

ඒ පරම්පරා හදපු පරම්පරාවත් ඉන්නවා

රටවැසියා බඩසයින් මියැදුනත් රස මසවුළු බුදිමින් රජ කරන පරම්පරාවක් ඉන්නවා

එතනට රට ගෙනාපු පරම්පරාවත් ඉන්නවා

ගේ දොර නාය යන තරමට පරිසරය සකස් කරපු පරම්පරාවත් ඉන්නවා

බඩ වෙනුවෙන් ඔලුව විකුණපු සියළු අවැඩ වෙනුවෙන් දායක වුණු පරම්පරාවත් ඉන්නවා

2 comments:

මයියා said...

රට යන පරම්පාරවකුත් ඉන්නවා..Mayya..

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ ~ ඉන්න හිතන අය / යන්න හිතෙන අය / පනින අය / මාරුවෙන අය + + - -