Sunday, June 30, 2019

නො දිනූ පෙම

ස්වප්නයෙන් දුටු මලකි ඔබ
සැබෑවෙහි සිහිනෙනුදු නොපැතූ
පැතුම් හැරදා සුසුම් පවනේ
විඩා හරිමින් උන්න වෙලේ
දිනක හිමිදිරි
අරුණෙ සුපිපුණු
නෙළාගනු බැරි දුරින් ළංවුණු
ස්වප්න මල නුඹ
සුවඳ නැංවූ
හදක සුමිහිරි හැඟුම් රැන්දූ
පින්බරට සරි - රොන්බරට පිපි
රන්සදිසි පෙති - මට සිඹිනු බැරි
අතක් තබනට - සිතක් නොමදෙන
මගේ නොමවුන - මටම හිමි මල
දුරින් හිඳ සිප ගනිමි ඔබ
ස්වප්නයේ දුටු අහිමි හිමි මල

No comments: