Monday, June 17, 2019

ගුත්තිල ගේ මූසල වන්


දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි යනුවෙන් කීවාට වඩාත්ම පුදුම සහගත මිනිසා මැවූ ලෝකයයි. දෙවියන් මැවූ ලෝකයේ පහන ළඟ තියෙද්දී ආලෝකය දුර වූවාට මිනිසා මැවූ ආලෝක පහනේ ක්‍රියා යතුරද මිනිසාගේම දෑත යටය. අඳුරට ආලෝකය දුන් මිනිසා රාත්‍රියට පණ දුන්නේය. නිශාචර නොවූ මිනිස්සු එහි සීමා අතික්‍රමණය කොට නොනිදන නගර සාදා ගත්හ. නොනිදන නගර තුළට වැදි නොනිදන මිනිස්සු නිසා ලෝකය තවත් වෙනස් වුණි. සක්විත්තෝ කප්පිත්තෝ සේම සිත්ගත්තෝ තමන්ගේ සිතැඟිවල සීමාවන් සෙවූහ. ලෝකය ගුත්තිල බඳු ඇඳුරෙක් කරගත් මූසිලයකු වූ මිනිසා ලෝකයෙන්ම උගෙන  ලෝකයටම අභියෝග කළේය. තම මනෝඥ භාවය භෞතිකත්වයට මනාව මුසු කළ පමණින් නොසෑහී ඒ සංස්කෘතික වපසරිය මානසික පරිණාමයක් කරා ගෙනයන්නට මිනිහා සමත්විය. හිතන්නට හදාගත් නිදහසම බෙල්ල හිර කර දිවි නසන්නට එල්ලුම් ගස තැනීම දක්වාත් දුර ගියේය. අකුරක, ඉස්පිල්ලක, පාපිල්ලක වටිනාකම  මරණයක් තීරණය වන තැනක්ද මිනිසා පහුකර හිටියේය. ඇඳුරාගේ මැඳුර කඩා තමන්ට රිසිසේ එය සකසාගත් මිනිසා මූසිලට වඩා මූසලයෙක් වන්නට වූයේ ඉන් අත් වන්නට වූ විනාශකාරී ප්රතිඵල සියතින්ම ගෙල සිර කරගැනීමක් පමණක් නොව සකල සතවෙතම ඉලක්ක වෙන පාරිසරික ත්‍රස්තවාදයක්ද කරගත් නිසාය.
ඉතිරිය පසුවට-

No comments: