Saturday, October 24, 2020

අසරණ බණ

පරම පැතුම පර වී යන දා

නෙළුම් පිපේවිද ගොහොරු මඩේ

නිල් මහනෙල් සරදම් කර කීවා

හෙළ බිම ජාතික කතන්දරේ

අහිංසක කැලෑ මල් වන මැද පිපි

බුදුන් වඳින්නට පින් කර නැතුවා

අසා ඇති එකම බණ පද බිඳකින්

පිබිදුණු ඒ මල් නිවනක් පැතුවා

වසන්තය හඬගසා එන්නටත් කලින්

කවුදෝ කැලේට ගිනි ලෑවේ

වැවට අයිති දාගැබ් හෙවණැල්ලේ නෙළුම නෙළා ලංසුවට ගියේ ...

No comments: