Wednesday, February 3, 2016

බෙදි බෙදී හිනැහෙමු ...රට නැගේවි පුරුද්දට

හේතු ඵල දැන දැනම

‍දෙපැත්තට කඹ අදින

ධර්මද්වීපයේ හරක්

මී වුනත් එළ වුනත්


ඉන්න කෙටි කාලේ

රටට නෑ ආලේ

දොඩවනුන් වාලේ

දෙඩවීම් බොහොමැයි


රජුන් ගැන වාදයි

පුතුන් ගේ නරිවාදයි

රට්ටුන්ගෙ භේදයි

වාද බේදෙට ගොමත් පොහොරයි


තමන්ගේ වගකීම නොදරමින් තප්පුලා

අනුන්ගේ ගොසිප් මඩ තලතලා පිල් බදා

‍මඩ වළේ ලැග ලැගම අපේ කම පතුරලා

ඒ ලෙසම හෙටත් ඉමු නිදහසත් සමරලා, පුරුද්දට...


No comments: