Monday, February 15, 2016

අනාගතයේ දවසක් තිබෙයි...

කන්න 
බෙදාගෙනම කන්න
අපි කන්නම උපන් ජාතියක්
බොන්න 
නැතිවෙනකම් බොන්න
අපි බොන්නම උපන් ජාතියක්
සාප කරන්න
හූල්ලන්න, මිරිස් අඹරන්න, පොල් ගහන්න
ඒවටත් අපි නොදෙවෙනි ජාතියක්
වනන්න
වර්ණනා කරන්න, වන්දිභට්ට ගී ගයන්න, පිලට හුරේ දාන්න
අපි ලැදියායෙන් නොපරදින ජාතියක්
සටකපට වන්න
වැටේ ඉන්නටත්, ගලන වතුරටත්, මායිම් සොය සොයා නැහෙන්න
අපි තණ්හාවෙන් අන්ධ අමුතු ජාතියක්
හොරා කන්න
දන් දෙන්න, සිල් ගන්න, පන්සල්, පල්ලි, කෝවිල් බැරිනම් දේවාල හොයාගෙන රට යන්න
අපි වන්දනීය, නන්දනීය, පූජනීය ජාතියක්
කැපවෙන්න
වලි කන්න, දත නියවන්න, බොරු කියන්න, බේද වෙන්න, පිල් බෙ‍දෙන්න, රට ඇතුලෙම මරා ගන්න...
දවසක බලාගෙනම ඉන්න
සොබාදහම එනකන් ඉදිරියට, කරපු කියපු සියල්ල වමාරමින් කන්න, ගොන්නු කනවටත් වඩා වමාරමින් වමාරමින් වමාරමින්
වමාරමින්ම කන්න...

No comments: