Wednesday, October 7, 2015

ඩී.එන්.එ්. එල්ලා මරමු - පව්... මිනිස්සු

වැරදි එකා අල්ල ගන්න කලින්ම ඌ මරා දමමු
රැකෙනු පිණිස පගා දිදී අල්ලස් හොරු උලේ තියමු
ආතල් පිරි ජීවිතයේ රිසි නිදහස භුක්ති විදිමු
මිනිහා හැදී රට හදන්ට බැහැ! ඒ නිසා රට හදා මිනිහාට හැදෙන්න දෙමු!

2 comments:

Unknown said...

අපිත් ඒකගයි........................ කොහොම හරි කමක් නැහැ ඒක ඒකා මරමු...

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

ඊලගට ඒක සමරමු? යුද්ධය වගේ...... ඒකාට සුදුසු දඩුවමක් දිය යුතුමයි. මරණයම වේවා... නමුත් කොටකෙතන වැනි තවත් ඝාතන සිදුවන්නේ ඇයි? අපේ අඩුවක් තිබේමැයි. අනෙක් හැම දෙයක් ගැන වගේම අපරාධ ගැනත් වියත් විචාරයක්, දියුණු ඇසකින් බැලීමක් ඇත්තටම අපට ඇත්තේ නැහැනෙ. කාලයක් යුද්ධ මරණ ගැන අහල අහල එයටත් පෙර තවත් භීෂණයනුත් හුරු අපේ අයට අද එවන් මරණ සාමාන්‍ය වෙලාද? කුඩා දරුවෙකුගෙ මරණයකට කම්පා වුනත් ඇත්තෙන්ම එතැනින් එහාට අපි ආපහු පරණ තැනමයි. සමාජයේ වේගවත් වෙනස් වීමට ගොදුරුවෙන අපිට ඒ වෙනස ගැන ගැඹුරින් විචාරන්න උවමනා නැහැ. අපි මොකද්දෝ දෝසයකින් හැමදේ ගැනම කෙකර ගානවා පමණයි. ඒ කෙකර ගාන නිලීන ජාන ප්‍රමුඛ කරගන්න බැරි තැන මරණයකට තවත් කෙනෙක් මරන්නම වෙනවා. අපේ කම්පනය නිදහස් වෙන්නේ එතැනදි විතරයි. ඉතින් අපිට ඊළග ප්‍රශ්නය ගැන හිතන්නත් ඒක එනකම්ම ඉන්න වෙනවා. ඒකත් ඔවැනි ප්‍රාර්ථනා නොකරන මරණයක් වුනොත් අපි තවත් ඩී.එන්.ඒ. ගොන්නක් මරමුද? ඉතිහාසයත් දහමත් කියවීමෙන් විතරක් නොනැවතී... අනාගතයට විද්‍යා ප්‍රබන්ධ ගොතන්න පටන් ගන්න ඕන කාලයක් නොවෙද මේක. පුංචි දෙයකින් ලොකු බලයක් ගොඩ නගාගන්නෙ නැති තාක් අපි කව්ද? රට කොතැනද? ....... ස්තුතියි ඔබට, කුරුටු පවුරෙ අයගෙ විස්තර කලින් ගිය වතාවක දුටුවා. එකතුව ලිවීමත් හරි අපූරු වැඩක් වෙන්නැති... කොහොම වුනත් බලමු අවසානයේ ඒ දරුවාගේ වියෝවෙන් උපන් කතිකාවේ කෙළවර තැන.