Monday, April 10, 2023
Monday, April 3, 2023
ඌ මේක් අප් කරා ~ මෝල් ගහ ප්‍රතිව්‍යුහගත කළා! කවුද මේ ත්‍රස්තයා ~ ඌ නොවෙද සර්පයා! (මේ ගමනේ දී ජාතියේ චින්තනය සාධනය කෙරෙන වග නම් හරිම පැහැදිලියි නේද? / කපුටා සුදු වෙලා! මෝල් ගහේ දළු ඇවිත්!)
කලු කපුටා සුදු වෙන තුරු
මෝල් ගහේ දළු ලන තුරු
එකසිය විස්සට දෙසිය විස්සක්
ආවාඩා ආයුබෝ වේවා !
බලාපොරොත්තු වුනේ කලු කපුටා සුදු වේවි වත්, මෝල් ගහේ දළු ඒවි වත් කියලා නෙවෙයි ආයුබෝ වන්ඩ,
එකසිය විස්ස දෙසිය විස්සට නොයන බව අපි නොදන්නවායැ.
නිදුක්ව නිරෝගිව බොහෝ කාලයක් ඉන්ට, ආයුෂ බොහෝ වේවා ... දීර්ඝ ආයුෂ වේවා කියන කාරණේ තමයි ඔය නොසෑහෙන්ට බර තියල ප්‍රාර්ථනේ කොලේ.
ඕක නොවැ සරලවම අපේ චින්තනේ. ජාතියේ හැටි.
නමුත් අපේ ජාතියේ පිනට පහළ වුණු පාලක උතුමන්ට අපේ අවසන් ප්‍රාර්ථනේ නොතේරුණත් පළවෙනි කාරණා දෙක නම් හොඳටම තේරිලා තියනව.
අනේ වාසනාවන්! ගැරඬින්ට කියල ඉතිං අං එන්ඩයැ! හැව අරිනව මිසක.
අපිට තියෙන්නෙ ඉතිං සතා සරුපයා තේරුං අරං විෂ ඝෝර සර්පයා දැක නෑර මෝඩයා කියල කිව්වත් වගේ කිරි පොවන්ඩවත් රෙද්ද අස්සෙ දමා ගන්ඩ ගන්නෙවත් නැතිව විමසිල්ලෙන් වැඩ කරන එක තමා. මොකද විෂ ඝෝර සර්පයා නැසිය යුතු විදිහ පොල්ලෙන් ගහල නෙවෙයි කියලනේ ඔය කියල තියෙන්නේ.
තණ්හාව, තෘෂ්ණාව, බල තණ්හාව නේ.. ආයෙත් තණ්හාව, දිගටම තණ්හාව වෙන මොනවද ?
ඉතිං ඔය මොන මොන සර්පයත් ඇති වන හේතු නැති කරල දාන එකයි ඒ අනුව අපිට නම් කොරන්ඩ තියෙන්නෙ.
ආයුබෝ කිව්වෙ ඉතින් මැරෙනකම් සතුටින් ඉන්න මිසක, තණ්හාවෙන් බදාගෙන ඉන්න නෙමෙයි ඕං !
(බල තණ්හාව නැමැති ත්‍රස්තයා නොහොත් සර්පයා හිඳින්නේ කා සමඟ ද ? ජනයා සමඟ ද , පාලකයා සමඟ ද ? ඒ සර්පයා දමනය කළ යුත්තේ පාලකයා ද ජනතාව ද ?)
Sunday, April 2, 2023
ප්‍රති දේශපාලනීකරණ පනත එන්නේ ප්‍රති ත්‍රස්ත පනතට කලින් ද?
Saturday, April 1, 2023
දේශයක අභිමානයේ හිස සින්ඳ පසු දේශාභිමානී ගීත යනු,
කළු සුද්දාගේ අවතාරේ ! සහ අපේ ප්‍රජාතන්ත්‍ර වාදේ ! (සොම්බි චිත්‍රපටයක්)
Friday, March 31, 2023
Lyrics Melody Music Singing by Nuthana Don Juan
රෝග මලේ නටුවෙ කටූ ~
Thursday, March 30, 2023
Wednesday, March 29, 2023
3.30 සහ 6.30 (දැන් තිරගත වේ)
Tuesday, March 28, 2023
ඉක්මන් සුවය පතමු ! කිසිවෙකුටත් කිසි කලකත් මෙවන් විපත් නොවේවා !
Monday, March 27, 2023
නිකමට විවේකයට විනෝදයට නොවේ! by the way
නිකමට
බංකොලොත් වී ලොකු රටවල්
අපට ණය දෙන පොරවල්
එමට වැටුණොත් ලෝකේ !
අපට වෙයි බෝ සෝකේ !
සුනාමි ආවේ නොකියා ය. ගියේ අපව වනසාය. අපි එකට පහන් දල්වා එකිනෙක කටින් පිඹ නිව්වෙමු. කෝවිඩ් ආවේ ලෝකයට ම ය. ගියේ ලෝකය හඬවාය. බොහෝ විට අහසින් එන පේන විපත් වලට වඩා පොළව නොපෙනී එන විපත් වලට හරි සක්‍රීය යි. කෝවිඩ් ඇවිත් ගියේ ළඟ නිසා අපට ආයේ එහෙම බියක් දැනෙන්නට තව කල් මදිය. විශේෂයෙන් අවස්ථා අනුව රටට ව්‍යවස්ථා හදන අපි ත්‍රස්තවාදය හැර මේ මොහොතේ බලන්නේ සුදිය හා ජොලිය පමණක්ය. යන විදිහට තව ටික කලකින් හදිසියකට වත් අපව රකින්නට රාජ්‍ය උරුමයක් නොතිබෙනු ඇත. කරුමයකටවත් එදාට ස්වභාවික විපතකින් වේවා, යුධ ගැටුමකින් හෝ රසායනික අවි අත්හදා බැලීම් වල පිහිට ආනුභාවයකින් වේවා ලෝකයේ ප්‍රබල රටවල් දණ ගැස්සෙන තැනකට හදිසියේ ලෝකය ඇද වැටුණොත් ලෝකයෙන් ණයට ණය වුණු රාජ්‍ය උරුමයක් නැති අපට කුමක් වෙයිද?
බංකොලොත් වූ තැන මහජනයාගේ සුබසාධනය කප්පාදු කර බදු සංග්‍රහය වැඩි කර රාජ්‍ය උරුමය සින්න කරන්නට සිදුවූ රටක, ඉන් ඔබ්බේ අපට ස්ව කැමැත්තෙන් අනිකෙකුගෙන් මැරුම් නොකා ගෙල වැල දමා ගැනීම වඩා යහපත් තීරණයක් විය හැකි සමාජ වටපිටාවක් ගොඩ නැගෙනු නැතිද?
බලය හමුවේ තුච්ඡ ලෙස මජර දේශපාලනයේ ඊළඟ සැලසුම් හදන මහා ප්‍රාඥයින්ට නිකමටත් නොසිතෙන්නේ මෙවැනි හිතලු ය. නමුත් එහෙව් හිතලු හැබෑ වූ අවස්ථා අපි අසා දැක ඇත්තෙමු. එවිට ඒවා හිතලු නොව තුන්කල් දුටු දිවැස් වැකිය. කෙසේ නමුත් දේශපාලන ආලයෙන් අවස්ථාවාදයෙන් අන්ධව වහසි දොඩන්නට පෙර ඒ බැව් සිහි තබා ගැනීම අතීතය අමතක පොර කුකුළන්ට සේම සිහියෙන් අනාගතයකට යන්නට හදන කාටත් වැදගත් නොවනු නැති ය.
විවේකයට
රැල්ල වෙරළට එන තුරු
හිරු මුදුන් වන තුරු
ණයට කා පිනවමු ද ?
පිනට කා ණය වෙමු ද ?
රටක පුරවැසියන් ලෙස සාධාරණය, යුක්තිය, තම මූලික අයිතිය දිනා ගත නොහැකි වීම නිසා එදා මෙදා බංකොළොත් වූ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත, රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත් වීමට පෙරම බාර දෙමින් තිබුණේ කරුමයටයි. ආර්ථිකය බිඳ වැටීම නිසා බිත්තියටම හේත්තු වූ ජීවිත වල බරපතළම සැබෑ බේදවාචකයන් අදටත් අත්විඳින්නේ රටේ අහිංසක ම මිනිසුන්.
එදා ඔවුන් පීඩනයට පත් වූයේ දුර්වලයන් ලෙසින් නම් අද ඔවුන් තමන්ගේ රට තුළම අනාථ කොට දැමූවන්. අත්හැර දැමූවන්. ඔවුන්ට සිහින තබා නින්දත් ඇතැම් විට ජීවිතත් අහිමියි. ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු අදාළ වන බලධාරීන් නිලධාරීන් මෙරටේ එදත් හිටියේ නැත අදටත් නැත. නීති සරණට දිරියක් මුදල් නැති උන් මෙහි කෝටියක් යැයි කීම එනයින් වරදක් නැත.
ධනය, බලය, කුලය, නිලය, වර ප්‍රසාද මුල් කොට සිය පැවත්ම තකා ලාංකීය සමාජයේ වටිනාකම් කොල්ලලකා විනාශ කළ මජර දේශපාලකයෝ ඇතුළු මජර ලෝලීහු ණයට ණය වී නැවත හදන වැලි මාළිඟා ඔවුන්ගේ කෙළි සෙල්ලම් පිණිස පමණක්ම වන්නේ ඒ තුළ අයුක්තියට අසාධාරණයට දූෂිත ක්‍රමයන් වලට පිළියමක් නොලැබෙන නිසායි. වැල්ලට ගොස් වැලි මාළිඟා තැනීමෙන් සාමාන්‍ය ළදරු ජනයාටත් අයිස් කැටයම් හා අයිස් මාළිඟා තැනීමෙන් පොෂ් ළදරු ජනයාටත් අද විනෝද විය හැකියි. රැල්ල වෙරළට එන කාලයත්, අයිස් දියවන කාලයත් සොබා දහම තීරණය කරාවි, කිසි වෙක්ම මැදිහත් නොවුණත්!
නමුත් ඒ තවත් අර්බුධයෙන් අර්බුධයකට මග මිස විසඳුමක් නොවේ. වැල යන අතට මැස්ස ගසමින් යා හැකි දුරක් ඇත. අපි රටක් වශයෙන් ඒ දුර පසු කොට බොහෝ කල්ය. වැල අවුලක් අවුල් ජාලයක් වූ විට කපා දමන පරිද්දෙන් දැන් ජන සමාජයක පැවැත්ම කපා දැමීම පහසුද සුදුසුද? ජන සමාජය දැවැන්ත අර්බුධයක් කරා ආවේම අයුක්තිය අසාධාරණය අන්තනෝමතිකත්වයන් සමඟ රට අනවරතව ණය බරට සින්න වීමත් සමඟින් ය. මේ ක්‍රමය ප්‍රවර්ධනය කළේ කවුරුන්ද? කුමක් අරඹයාද ? එහි ම දිගුවකින් රට ගොඩයාමට පවතින ක්‍රමය කොතරම් දුරට ඉඩ දෙයි ද ? ජනතාවගේ සැබෑ අවශ්‍යතා ඉටු නොවන රාජ්‍ය පාලනයකට රට වෙනුවෙන් කියා මහ ජනතාව මත කොයි තරම් දුරකට අඥාදායකත්වය පැටවිය හැකිද?
විනෝදයට
අපි දුකෙන් දුක නසමු !
ණයෙන් ණය ගෙවමු !
වෙනස්වම හිතමු !
ලෝකයම දිනමු !
ඉදිරියට එන්නේ සැප විඳීම ම නිසා ඒකාකාර වු ජීවිතයේ වෙනසක් පතා දුක සොයා යන ලෝකයයි.
ස්වභාව ධර්මය විසින් අපට බංකොලොත්භාවය සමඟ විශිෂ්ඨ ප්‍රඥාවන්ත නායකත්වයක් උරුම කළේ ඒ අවස්ථාවෙන් ලද හැකි ප්‍රතිලාභ පින්වත් ලාංකිකයාට උදාකර දීමටමයි .
අෂ්ඨ ලෝක ධර්මයට අනුවත් හැමදා දුක නැත. සැපට හැරවිය හැකි ස්වභාවයක් දුක තුළම ඇත. කෙනෙක් සැප අලෙවි කරද්දී තවත් අයට දුක අලෙවි කළ නොහැකි ද?
උපරිම සැප ~ කාමසුඛල්ලිකානු යෝගයෙන් වෙද්දී අපට උපරිම දුක ~ අත්තකිලමථානු යෝගයෙන් ලබා දිය හැකිය.
සිංගප්පුරුව කාමසුඛල්ලිකානු යෝගය අලෙවි කරන අතර අප නිතරඟයෙන් අලෙවි කළ යුත්තේ අත්තකිලමථානු යෝගය යි. එනම් දුක් විඳීම වෙළඳාමක් කිරීමයි. එතනට ආයෝජන ගෙන ඒමයි. සැපය අත්විඳීමට මෙන්ම දුෂ්කර ජීවිතය අත්විඳීමටත් මිනිස්සු අසීමිතව ප්‍රියය. ඒ වෙළඳ පොළ ජාත්‍යන්තර ව දිනා ගැනීමට මේ හොඳම අවස්ථාවයි.
තව දුරටත් ඒ දුක වැටහුණු අයට සතුටින් සිටීමේ මැද මගත් අවශ්‍ය අයට දුකින් මිදීමේ මාර්ගයත් පිළිබඳ දේශනා ලැබීමටත් මෙහි අවස්ථාව විවෘතය.
ඔවුන්ට කැමති දවසක් කැමති දුෂ්කර දුක්ඛිත තත්වයක් සමඟ ජීවත් වීමට අවස්ථාව ලබා දිය යුතු ය. නිදසුන් වශයෙන් ~ රෑ මැදියමේ වල් අලි ප්‍රහාරයක් සමඟ, දිවි සරිය උදෙසා සැබෑ වැල් පාලමක එගොඩ මෙගොඩ යන ජීවිත සමඟ, අඩුම වියදමෙන් දිවි රැක ගන්නවුන් සමඟ, වේලක් දෙකක් නිරාහාර ජීවිත සමඟ, ජීවත් වීම පිණිස හිඟා නොකා හිඟා කන අය සමඟ, ජීවත් වීම පිණිස වත්කම් උගස් කරනවුන් සමඟ, කියන කියන පදේට ගොවිතැනේ යෙදෙන්නට සිදු වූවන් සමඟ, නොපැහැදිලි අනාගතයට ඉව අල්ලන දරුවන් සමඟ, අයුක්තියට අසාධාරණයට ලක් කෙරෙමින් පාගා දැමෙන ගමේ රටේ තරුණ්‍යයේ ඛේදය සමඟ, බිඳ වැටුණු ජනයාගේ ජීවිත වල දුක සමඟ,... මේ ආදී වශයෙන් අවම උපරිම මිල ගණන් සහිත පැකේජ සඳහා දුක් සිද්ධි වර්ගීකරණය කළ හැකිය. වැඩි දුකට ගාණ වැඩි ය. අඩු දුක ගාණෙන් අඩුය. එවිට ජනතාව දුක තවදුරටත් විඳවීමක් නොවේ. ආදායමකි. බිස්නස් කියන්නේ එහෙම එකකි.
එවිට සංචාරක කර්මාන්තය තව දුරටත් ගම් නියම්ගම් වල නොවිසිදෙන දුක් ගැටළු සමඟින් නව ප්‍රවේශයක් තුළ පුළුල්ව ප්‍රවර්ධනය කළ හැකිය.
බෝඩ් අල්ලා ගෙන සුද්දාට අරගල කරන්නට එන්න කියු කතාවට වඩා මේ කතාව ප්‍රායෝගිකය. වැඩ පිළිවෙල රාජ්‍ය හිතවාදීය. යටිතල පහසුකම් බිඳ වැටෙන තරමට වෙළඳාම විවෘත ය. පුළුල්ය. සමහර විට වැඩේ නැගලා ගියොත් මිනිස්සුම පාරවල් කඩා දමා දුෂ්කරතාවයන් වැඩිකොට ගෙන වුව වෙළඳාම සරු කර ගනු ඇත.
අපට රටට රාජ්‍යට පාලකයාට පහසුම හා ප්‍රතිපත්ති නැති රටක් වශයෙන් ණයෙන් ණය ගෙවීමේ දියුණුම හා සාර්ථකම ක්‍රමය වනුයේ ඒ අනුවර්තනයයි. සමාජ පරිවර්තනයකට වෙහෙසීමට වඩා සැබවින්ම බංකොළොත්භාවය යනු රටකට අත් නොවිය යුතු ඉරණමක් ය යන්න අධ්‍යයනය කරන්නන්ට පවා මේ ඛේදය අලෙවි කිරීමක් බවට පත් කිරීම කළ යුතුය. දුක වටහා ගැනීමට වෙහෙසෙන්නන්ට රටේ ජන දුක වටිනා මිලකට ලබා දෙන අත්දැකීමක් බවට පත් කළ යුතුය. පවතින වටපිටාව තුළ ණයෙන් ණය මත මේ දුකෙන් දුක නැසිය හැකි මග පෙනෙන්නේ එහෙමම ය.
Sunday, March 26, 2023
ඉතින් අපි ඇන ගමුද ?
Saturday, March 25, 2023
සිංහයා විනිද්‍රාවකට පත් කොට චිකිත්සකයා කඩුව පැහැර ගෙන ! by Reporter
Thursday, March 23, 2023
~ බංකොළොත් වීරයාගේ ගීතය ~ (නිවටුන් නිදොස් කොට නිදහස් කළ වග ද !!??)
Wednesday, March 22, 2023
J R හොඳයි Ranil හොඳා..යි! (මේ පොලිටිකල් නො වේ)
Tuesday, March 21, 2023
දැඩි දඬුවම් ! ( ගහන්ට ගහන්ට වැන්දේ නැත්නම්)
ණය බස පෝෂණය කරන අයුරු ~(ණයාලංකාරයෙන් ණයට)
Repeat🔄
Sunday, March 19, 2023
ස්වදේශික රජ උරුමය ~ (වැද්දන් රට ෴ රාජකීය කළු සුද්දන්ගේ හිරිඔතප් බිඳී)
සූප්පු / බැලුම් / දුනු හී
Friday, March 17, 2023
විකල්ප අල අපට එපා ~ පල නොකියම බෙදනව අපි පලා : හුදී ජනතාව, ජාතිය අමතන්නා අමතයි !(වියරණ නැත)
Thursday, March 16, 2023
Wednesday, March 15, 2023
Monday, March 13, 2023
Saturday, March 11, 2023
Friday, March 10, 2023
by එහෙයියා (එහෙයියා~ව)
Thursday, March 9, 2023
ජන අරගලයකින් පසු හදිසියේ ... මල්වර වූ තුරුණු, වියපත්, සියලු රාජ්‍ය පාලකයින් පණ මෙන් රැකිය යුතු, 🌹🌺🌸💮🌻🌼💐
Wednesday, March 8, 2023
විදුලිය සැරය ~
by හාමු ~ දිව්‍ය ලෝක ගමන 1
Tuesday, March 7, 2023
Thursday, March 2, 2023
' මම '
shut up get sit
(get sit for my ride)
රට හදන්න අපිට උවමනා නෑ උවමනාව තිබ්බත් අපි රට හදන්නෙත් නෑ
~ සබාවේ සිනා
Wednesday, March 1, 2023
Monday, February 27, 2023
මමත්වය සමඟ බලකාමයේ සම්මුතිය ~ (දිගින් දිගටම මැතිතුමා කී සඳ උන්ට ~ අමාවක එළැඹිණි රටක මහ ජනයාට)
අවුරුදු හතළිහ පනහේ දේශපාලන අද්දැකීම් ඇති හැඳින්වීමෙන් පරිණත හැඟීමෙන් ක්‍රියාවෙන් ආත්මාර්ථී හිස් මිනිසුන්ගේ බලකාමය නිර්මාණය කරන්නේ කවර නම් සමාජ සංස්කෘතියකට මාවතක් ද?
ඔවුන්ගේ වැඩ හෙට දවසේ දරුවන්ට නොවේ. අද දවසේ දරුවන්ගේ හිත සුව පිණිස නොවේ. අද දවසේ තරුණයන් හෝ වැඩිහිටියන් සඳහාද නොවේ.
ඔවුන්ගේ සියලු කාර්ය බාරය තමන් සඳහාය තමන්ගේ ඉටු නොවුණු අපේක්ෂා වෙනුවෙන් ය. ප්‍රාර්ථනා වෙනුවෙන්ය.
බහුතර ජනී ජනයාගේ ජීවිත කාලකන්ණි වීම, ඔවුන් උපන් ගෙයිම ණයකරුවන් වීම, ඔවුන්ගේ යහපත් ජීවිතයක්, පරිසරයක්, රටක් වෙනුවෙන් ඇති ඉටු නොවූ අපේක්ෂා, ප්‍රාර්ථනා පිළිබඳ අංශු මාත්‍රික හැඟීමක් ඔවුන්ට නැත.
එසේ තිබුණා නම් අද අප වෙසෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යළි උපදින්නට හේතු වාසනා ප්‍රාර්ථනය කෙරෙන රටකය.
යළි බලයට එන්නට, බලය හොබවමින් මියෙන්නට ඔවුන් හේතු නිර්මාණය කරන තාක් ඔවුන්ගේ වාසනාව රටේ අවාසනාව වනු ඇත.
එබැවින් එබන්දන්ගේ අවසනාව වෙනුවෙන් බහුතර මහජන එකමුතුවක් විසින් හේතු සම්පාදනය කිරීම යළි උපදින්නට පෙර ජීවත් වන්නට සරු බිමක් තනන්නට මහෝපකාරී වනු ඇත.
බලයට ගිජු මමත්වයෙන් උන්මත්තක වුවන්ගේ ඒ ස්වභාවයට පරාජය අත් කර දීමෙන් මිස යහපත් රටක් කිසි කලෙක කිසිවෙකුට පොදු රට වැසියා වෙනුවෙන් නිර්මාණය කළ නොහැකි බවට අපමණ අද්දැකීම්, අත්විඳීම් ඇති මෙවැනි රටක කවර නම් සබුද්ධික තැනැත්තෙකුට තවත් කිසිවෙකු විසින් අටුවා ටීකා ටිප්පණි සහිතව පැවසිය යුතුද?
Sunday, February 26, 2023
ලයිසන් තුවක්කුවක් හිසට තබා මුදලිහාමි තරඟයෙන් ඉවත් කෙරේ.(හාමුට හුරේ! අරූට හොඳ වැඩේ! තුවක්කුව නීත්‍යානුකූලයි!)
රට විනාශ වූයේ වඩා යහපත් ක්‍රමයක් නිර්මාණය කර ගැනීමට ඉඩ හසර විවර වුණු හැම විට ඊට හරස් වුණු නරුම කාලකන්ණි නිවට චින්තනයක් නිසාය.
ඒ බාල බල අවස්ථාවාදී චින්තතනය අපව බංකොලොත් කොට දැමුවේය.
රට කිසිවෙකුට පාවා දුන්නේය.
එවැනි දොන් ජුවන්ලාටම සරිලන නිවටයෝ එදත් අදත් හිඟ නැති හෙයින්ම මෙරට පරපුර ම සිඟන්නන් විය යුතුය. කුජීත ක්‍රමයක් කර පින්නාගෙන මජර දේශපාලනයේ ඩීල් කාර හාමුලාට වහල් කම් කළ යුතු ය.
රටේ සාමාන්‍ය ජනතාව මෝඩ රැළක් හා තම අවස්ථාවාදී කෛරාටිකත්වය මහ කෙරුම්කාරකමක් ලෙස කයිවාරු ගසන ~ තිරිහන් වන මේ දේශපාලනයේ මළගිය පරාණකාරයා තවදුරටත් ආවඩන්නේ හිඟමනටය.
මේ හිඟමන අවසානයේ බංකොලොත් භාවයෙන් අපව උස්සා පොළවේ ගසන්නේ යළි නොනැගින්නට මය.
එදිනටත් හාමු තම පට්ටම වෙනුවෙන් ඩීල් දමන අතර කුඩුපට්ටම් වූ මහ ජනතාවගේ කුඩු එක් කර පුනුරුත්ථාපනය සඳහා යළි හිඟමන යෝජනා කරනු ඇත.
දෙපයේ හයිය නැති හාමුලාට පිට්ටනියේ මොන මීටර් සියයද ?
ලයිසමයි තුවක්කුවයි පරිස්සමට තියා ගන්න.
ද ගේම් ~ නාකි බල උන්මාදයට එරෙහිව !
ආයුධ සන්නද්ධ උන්මත්තකයෙකු විසින් කුට ලෙස බලය අත්පත් කර ගත් රාජ්‍යයක සාමාන්‍ය ජනතාව ප්‍රාණ ඇපකරුවන් බවට පත් ව සිටී. පොලිසිය හා හමුදාව උන්මත්තකයා විසින් තමා යටතට ගෙන ඇති අතර අදාළ රාජ්‍යයේ සේවයේ යෙදෙන යම් පිරිසක් ද ස්වකීය ආත්ම ලාබය තකා උන්මත්තකයාට තම සහයෝගය ලබා දෙයි. මේ උමතු නාකි කෝළමෙන් මහ ජනයා ගැලවෙන්නේ කෙසේද? රාජ්‍යය ගලවා ගන්නේ කෙසේද? ජීවිතයත් මරණයත් විනෝදයත් විලි ලජ්ජාවත් අතර දෝලනය වන සජීවීකෘත ක්‍රීඩාව ~
Thursday, February 23, 2023
හැක හැක බක බක උමතු විකෘතිය ~ !
ප්‍රකෘතිය ඉක්මවන අසමාන්‍ය විකෘති සිනහවකින් යුතු මිනිසෙක් කිසියම් ම ක්‍රමයකින් කිසියම් (විශේෂයෙන් බංකොලොත්) රටක විධායක බලතල සහිත ජනපතිධුරයකට පත් වීමට එරට ජනතාව කිසි ලෙසකින් ඉඩ නොදිය යුතුය. එය ජනතාව සියතින් ගෙල සිඳ ගැනීමක් වන අතර බරපතළම කරුණ ඔබට මිය යාමට සිදුවන්නේ බරපතළ උන්මත්තක භාවයකින් සිහි විකල් තත්වයකට පත් වීමෙන් වීමයි.
Wednesday, February 22, 2023
හෙටට වගකියන්නේ කවුරු ?
චින්තනයක් තිබුණ නම් එදා. මෙහෙම වෙනවද මෙදා. වගකීමක් තිබුණ නම් එදා. රට රටවල් වලින් හිඟමන් යදින්න වෙනවද මෙදා...! රටට ගැලපෙන විධික්‍රමයක් පිළිබඳ චින්තනයක් එය ක්‍රියාත්මක කළ නොහැකි දේශපාලනයක් හෙටට රටක් ඉතිරි කරාවිද ?
Tuesday, February 21, 2023
no money : තියරියක් !
https://youtube.com/shorts/RNpuZYQGwAE?feature=share
සල්ලි නැති මිනිස්සුන්ව තවත් වේළලා හදන රටේ මොනවා පැළවෙයිද අලුතින් ...! තියන තුට්ටු දෙක හරි යොදවලා පස පෙරලිය යුතු ඒකයි ඒ මිනිස්කම මැරෙන්නට කලින් !
Monday, February 20, 2023
පහ වෙනකම්, එපා ඉන්න !
https://youtube.com/shorts/GSqhHwn8qo0?feature=share
හැම දේටම කාලයක් තියෙනවා. එන්න වගේම යන්නත්. යන්න ඕන වෙලාවක අදාළ තැනක බලෙන් පඹයෙක් වත් රැඳවිය යුතු නෑ. මිනිහෙක් නම් කොහෙත්ම ...
Sunday, February 19, 2023
බිල රනිල්ට + හිතවතුන්ට (ඒ පව් කළ උන් ඔක්කොම යාළුවෝ මල්ලී)
මජර දේශපාලනේ නඩත්තු කරපු
හොරා කාපු
දූෂිතයින්ට ගොටු අල්ලපු
එවැනිවුන්ගේ පව්
කිසිවිට නොගෙවමි
Saturday, February 18, 2023
අහන් බලන් ඉන්න!
https://youtube.com/shorts/bADwDyFcxeY?feature=share
සැබෑ ජන හඬ ~ ජනතාවගේ හදවත ගැහෙන රිද්මයයි. ඒ රිද්මය හඳුනන මිනිසුන් අප විසින් හඳුනා ගත යුතුමයි. ව්‍යාජ අනුකරණ වලට නොරැවටෙනු පිණිස කාට කාටත් බුද්ධිය පහළ වේවා!
අපට හෙටට රටක් නැතත් ලංකාවට නම් රනිල් තමයි (ෆස්ට් ප්‍රයෝරිටි)
එක්ස්පයර්ඩ් ජෙනරේෂන් එක
රෝන්ග් ජෙනරේෂන් එකට හිනා වෙනවා දැකලා
හැරමිටිය තම රැකියාවෙන් ඉල්ලා අස් වුණා
අනේ පව්, උන්ට වගකීමක් නැතත් මට යුතුකමක් තියනවා කියලා
Tuesday, February 14, 2023
බලන් ඉන්න ~
සැබෑ ජන හඬ ~ ජනතාවගේ හදවත ගැහෙන රිද්මයයි. ඒ රිද්මය හඳුනන මිනිසුන් අප විසින් හඳුනා ගත යුතුමයි. ව්‍යාජ අනුකරණ වලට නොරැවටෙනු පිණිස කාට කාටත් බුද්ධිය පහළ වේවා!
දොන් ජුවන් වන් එකෙක් ඇත ~ දෙකෝටියකට (රාජකාරිය + පිම්පි කාරිය)
දේශපාලන වද්ධයින්ගේ තිරිහන් වන බලකාමය උදෙසා පිම්පි කාරිය කරන ඉහළ රාජ්‍ය නිළධාරීන් සිටින රටවල පැවැත්ම සදා සොත්ති ම වන නිසා එබඳු රටක සංවර්ධනය පතන්නෝ පළමුව මේ දෙකොට්ඨාශය කෙබඳු ක්‍රමයකින් හෝ රටින් පිටුවහල් කළ යුතුය.
ඒ වෙනුවට එවැන්නෙක් නොවන ඔබ මව් රටින් පිටුවහල් වීම ද කළ යුත්ත?
Tuesday, November 29, 2022
අහන් ඉන්න ~
https://youtube.com/shorts/bADwDyFcxeY?feature=share
සැබෑ ජන හඬ ~ ජනතාවගේ හදවත ගැහෙන රිද්මයයි. ඒ රිද්මය හඳුනන මිනිසුන් අප විසින් හඳුනා ගත යුතුමයි. ව්‍යාජ අනුකරණ වලට නොරැවටෙනු පිණිස කාට කාටත් බුද්ධිය පහළ වේවා!
Monday, October 31, 2022
Saturday, October 8, 2022
~ආපහු වටෙන් එන කුප්‍රකට මජර තක්කඩි පිසාචයන් එලවන එකම මන්තරේ~
පළමුවත්
දෙවනුවත්
තෙවනුවත්
මේ දේශපාලනය රටට පිළිලයක්.
අද රටේ පවතින දේශපාලනය ම බොරුවක්. අවස්ථාවාදයක්. කාලය කා දැමීමක්. මුදල් කා දැමීමක්. බංකොලොත් රට සුන්නද්ධූලි කොට දැමීමක්.
මේ වගේ කාලයකත් සභාවේ සිනා සඳහා දවසට ලස්ස අනූවක් ! දේශපාලන පළිගැනීමට දවස් අනූවක් ! ආණ්ඩු විරෝධයට ගුටි බැට පූජාවක් ! උමතු තක්කඩි සිනහවක් !
දැන් ආපහු තක්කඩි කමෙන් අනූන මජරයින් හැරෙන්නේ දුර්වලයන්ගේ කර පිටින් ඊළඟ වටයට එසවෙන්නටයි.
මේ දේශපාලනයෙන් රට ගොඩනැඟීම යනු සියවසේ කැත ම නින්දිත විහිළුවක්.
ඒ දේශපාලනයෙන් බැහැර ව මහජනයා තම රාජ්‍ය ගොඩ නඟා ගැනීම ගැන නොසිතනතාක්, ඒකරාශි නොවනතාක් අප සියල්ලෝ එකම සමාජීය පිළිකාවකට පැරදුණු රෝගීන් පිරිසක්. නිල බල අධිකාරී පිළල නිසා කුහක වුණු කේඩෑරී වුණු ජනතාවක්.
පොදු අවශ්‍යතාව වෙනුවෙන් තමන්ට රුචි පාට පක්ෂ කල්ලි වාද පසෙකට කිරීමේ හැකියාව නොමැතිකම විනාශකාරීත්වයකට මං පාදන්නක්, දුර්වලකමක්. ගැඹුරින්ම ගත් විට කුහක කමක් .
ඒ දුර්වල මෝඩ කුහකකම් පරදා එක රටක පොදු ජනතාවක් ලෙස මේ පවතින දේශපාලන බොරුව විනාශ කර දමන්නට දායක වන දිනක, එවන් එකමුතුවක, වැඩ බිමක, ඔබට ලැබේවි නිරාමිස සතුටක්. ගොඩනඟා ගත හැකි වේවි ඒ සතුට භුක්ති විදිය හැකි රාජ්‍යයක්.
බොරු දේශපාලන කතා වලින් බැහැර හෙටක්, අපි වෙනුවෙන් අපේ රටක්, අපේ දැක්මක්, අපේ ක්‍රමයක්, හදා ගන්නට ගත වේවි කාලයක්. දෙමු ඊට තම තම හැකියාවෙන් ශ්‍රමයක්, ශක්තියක්.
කවදත් ඇත්ත වෙනුවෙන් මුලටම ඉන්නෙ පුංචි පිරිසක්. නමුත් කිසිවෙකුටත් ඇත්තේ නැහැ බොරුවෙන් සැබෑ ජයග්‍රහණය වෙත යා හැකි මාවතක්.
රටවල්, ඉතිහාස, පූර්වාදර්ශ මතම (කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් ලැබෙන තුරු) නොඉඳ තනි තනි විශ්වාසයෙන් ගොඩනඟමු සාමුහික අපේ විශ්වාසයක්, අපේ රට වෙනුවෙන් ඔබේ මගේ සබුද්ධික විශ්වාසයක් ! එතැන ගොඩනැගේවි සැබෑ ජනතා අරගලයක්, දේශපාලන බල අරගල වලට යට නොවන නියම අවිහිංසාවාදී ජනතා බලයක් ! මේ යහපත් හෙටක් සොයන රටට ආදරේ ඕනෑම ලාංකිකයෙකුගේ අද දවසේ ශුද්ධ වූ ප්‍රාර්ථනයක් !
Monday, October 3, 2022
ටීම් ගේම් විතවුට් ටීම් ~ එසැණ ජොලිය
තිස් වසරක ත්‍රස්තවාදය රට සලිත කරන්නට සමත් විය.
දස වසරක අවස්ථාවාදය රට බංකොලොත් කරන්නට සමත් විය.
දශක තුනක ත්‍රස්තවාදයකට පසු දශකයකට සැනසුමක් උපයා ගැනීමට අසමත් ජනතාවක් ,
දශකයක අවස්ථාවාදයකට පසු පස් වසරකට ක්‍රමයක් නිර්මාණයට අසමත් ජනතාවක් ,
ඉතිරි වී ඇත.
මීළඟට !!?
Sunday, October 2, 2022
සින්ඳ යුතු කරුමය ~
චින්තනයක් නැති කළ රටක ජාතියක පරපුරක උරුමය ~
පළමුවත් ..
දෙවනුවත් ...
තෙවනුවත් ....
සිඟමන !?
Sunday, September 25, 2022
අසාධාරණ පිළිතුරු මතින් ...
මිනිස් ශ්‍රමය ශක්තිය රාජ්‍ය ලේබලය යටතේ රස්තියාදු කෙරෙයි. රස්තියාදුව නීති විරෝධයක් ලෙස අර්ථ දක්වා මිනිසුන් සිරගත කෙරෙයි. අතකොලු රාජකාරී මුහුණෙන් අනාථව රහසේ සුසුම් හෙලති. දෛවය නොව ඒ ක්‍රමයේ සරදමකි. ඒ ක්‍රමයේ පිළිතුරු සියයට වැඩි ප්‍රතිශතයකින් සාධාරණ විය හැකි නොවේ. එය රටේ බොහෝ සාමාන්‍ය මිනිසුන්ගේ අද්දැකීමකි.
ඒ බඳු අසාධාරණ පිළිතුරු හැදූ චින්තනයන් නිසාම විනාශයේ මගට ඇද දමාගත් රටක ඒ මාන්නක්කාර උද්දච්ඡ පැළැන්තිය උනුන් අතරේ සූදුවකට තවමත් රට ඔට්ටු තබති. එය ඉවසිය යුතු කවර නම් පිරිසක් ද? නොඑසේ නම් එවැනි දෑ තවදුරටත් ඉවසන්නේ රටේ කවර නම් පිරිසක් ද? ඊට සාධාරණ පිළිතුරු මොනවාද?
තනි මහලේ ගෙයට දැමූ අත්තිවාරමක් මත දෙමහල් තෙමහල් බරටත් එහා ගිය සිවු මහල් ගොඩනැගිලි තනන්නට ගොස් තිබු තනි මහලේ නිවෙස පමණක් නොව අත්තිවාරමත් අහිමි කරගත් රාජ්‍යය යක් දැන් අත්තිවාරම් නැතිවම ගෙවල් හදන්නට යන්නේ හිතේ තිබෙන පරණ අත්තිවාරම මතකයට අරගෙන ය.
ප්‍රශ්නය මුලටම විග්‍රහ නොකර අපි අපවම නොහොත් රාජ්‍ය රාජ්‍ය රවටා ගැනීමෙන් වන්නේ ඉතා නුදුරු දිනක විනාශ වූ අත්තිවාරම පිහිටි මහපොළවත් අපට අහිමි වී යාම පමණකි.
මේ රටේ සාමාන්‍ය මිනිසෙක් හැටියට කල්පනා නොකොට යාන්ත්‍රික ලෙස දත්ත විශ්ලේෂණයකින් පමණක් මහජනතාවකගේ හෝ රටක හද ගැස්ම විශ්ලේෂණය කර ගැනීම අපහසුය. මහජනතාවගේ සද්භාවික සහාය දිනා ගැනීමකින් තොරව රටක් රාජ්‍යයක් කෙසේ නම් ස්ථාවර වේවි ද?
ස්වභාවික සම්පතින් අනූන රටක වුව එක් පිරිසිදු දිය බිඳක වටිනාකම රාජ්‍යයක් ලෙස අපි තවමත් නොතකන්නෙමු. මිනිසුන් හැර වනාන්තර සතා සීපාවා ගැන අපි කතා නොකර ඉමු. මන්ද ජලය පිළිබඳ ආකල්පය රාජ්‍යයේ දැක්ම තේරුම් ගැනීමට හොඳටම ප්‍රමාණවත් වන හෙයින්ය.
යුක්තිය, ඉදිරිය උදෙසා අන් කවරදාටත් වඩා සාධාරණය, සාමුහිකත්වය අවැසි අද වන් අවදියක පුද්ගල පාපෝච්ඡාරණ තරමටත් අවංක නැති ඉහළ සංගීත පුටු තරඟ බඳු හුදු ආත්ම භාෂණ පොලිටිකල් ~ නොඑසේ නම් මෙලෝ රහක් නැති කලටිපොල් වලින් තවදුරටත් රටට කවර නම් ඵලක් වේද?
Monday, September 12, 2022
එක්ව කැපවිය යුත්තේ ගඟට ඉනි කැපීමකට නොවේ (පොත්ම කියවූ වෙට්ට පිත්තල මොළයක කඩතොළු)
හරි කණ්ඩායම් නොසැලී තරඟ කරන තැන රට දිනනවා, ලාංකිකයන්ගෙ ධී ශක්තිය ඉහළයි, අපි දකිනවා..
රාජ්‍ය රකින්නම උපන් බව කියන දියසෙන්ල වැජඹෙද්දී, රට පරදින්නෙ, බංකොලොත් වෙන්නෙ කොහොමද?
වංචනික කණ්ඩායමක් නිසා. නොසැලී ම කෙසේ වෙතත් චීත්ත ගති ලක්ෂණ වලින් යුතුව කටයුතු කරන නිසා. කොල්ල කා ගත් පරමාධිපත්‍යයේ ශක්තිය වෙන තැනක තිබෙන නිසා රටක පරාජය අපි අත්දකිනවා..
ඇත්තටම අපේ රටේ සාමාන්‍ය මිනිස්සු අතරේ වහලුන් හැදුනෙ පහසු පැවැත්ම ස්ථිරසාර කරගන්නද? නූගත් කමට වඩා අපේ දිළිඳුකම ජඩ පැළැන්තියකට ආයුධයක් වුණා. ජාතිය ආගම ඒ පැළැන්තියේ ගිනිගල ~ ඒකෙන් අර ආයුධය හොඳට මුවහත් කළා. ආණ්ඩු අච්චු ගහල හරි මිනිස්සුන්ට සල්ලි බෙදුවෙ රටේ ජනතාවට ඇති ආදරයකට නොවෙයි, වහල් ඡන්ද පදනම රැක ගන්න.
අද මොකද්ද වෙන්නෙ.. වහල් රාජ්‍ය රැකීම උදෙසා කටවල් වසා දැමීම ක්‍රියාත්මකයි.
ඇයි බැරි සංවාදයෙන්, වැරදි පිළිගැනීම තුළ නිවැරදි තැනට හැමෝටම එන්න.
රටේ දියුණුව එතැන තිබුණාට පැළැන්තියක පැවැත්ම එතැන නෑ.
රටට වඩා රට කරවන පැළැන්තිය ආරක්ෂා කිරීමයි අද ප්‍රායෝගිකව රාජ්‍ය ආරක්ෂා කරනවා කියන්නේ.
රටේ මහජනතාවත් ලෝකයාත් ඉදිරියේ රාජ්‍ය ආරක්ෂකයන්ට මේ රඟපෑම තව කොපමණ කාලයක් කළ හැකිද?
අඩුම තරමින් ක්‍රීඩාවෙන් ක්‍රීඩකයෝ කියා දුන් පාඩමවත් පාලක චීත්තධාරීන් උගත යුතුයි.
සමස්ථ මහජනයාගේ ප්‍රබුද්ධත්වය සෙවීමට පළමුව තමන්ගේ සාමාන්‍ය බුද්ධිය අවදිකර ගැනීම හැමගේ අනාගතයට සුබදායී වනු ඇති.
Saturday, September 10, 2022
Friday, September 9, 2022
චීත්ත ~ ගැහැණුත් පරදන කලාවකි!
චීත්තයක් විධායක පුටවක වැනීමත් තවත් මල් චීත්ත ව්‍යවස්ථාදායක පුටු මත එලීමත් කැබිනෙට්ටුවේ චීත්ත ගොඩ ගැහීමත් ඒ රට චීත්ත වලට ඇති ආදරය පෙන්වයි.
Sunday, September 4, 2022
Thursday, September 1, 2022
✍️
විකෘති රාජ්‍ය ප්‍රකෘතිමත් වන තුරු නැවත අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමි.(අතිශයින් පාඩු පිට තවදුරටත් මෙරට අදහස් උදහස් වෙනුවෙන් බදු ගෙවීමේ අර්ථයක් නැත)
මහජන සේවා භූමි ~ තවදුරටත් නාකි සිනහවෙන් හා තරුණ අඳෝනාවෙන් යුතු කෝලම් මඬු බවට පත් කිරීමේ අර්ථයක් ඇත්ද.!
සියළු පළාත් පාලන ආයතන වලට හා පාර්ලිමේන්තුවට පත්වන සියළු මහජන නියෝජිතයින්ගෙන් තමන්ගේ මන්ත්‍රී දිවුරුමට අදාළව එනම් තම තනතුරේ වගකීම තවදුරටත් රාජ්‍යයේ බංකොලොත් භාවයට හේතු නොවන පරිදි මූල්‍යමය වශයෙන් බන්ධනයකට ලක් කෙරෙන ~ රාජ්‍ය පක්‍ෂපාතිත්වය හා මහජන සේවය වෙනුවෙන් භූක්ති විඳින වරප්‍රසාද වලට යටත් නොවන පරිදි ~ ගවන්මන්ට් ලෝයලිටි / රාජ්‍ය ලැදියා බද්දක් අය කළ යුතුය.
මහජන සේවය හා රාජ්‍ය වෙනුවෙන් සේවය ගෞරවාන්විත වගකීමක් ඇති එකක් වීමට නම් මජරයින් බඩ පිනුම් ගහන රටක ඒ වෙනුවෙන් කැපවීමට කැමති රට වැසියෝ ගෙවා සේවය කළ යුතුය. අනික් අතට රාජ්‍ය පාක්ෂිකත්වය වෙනුවෙන් දිවිදෙන්නට උපන් අය ගෙවා සේවය කරන විට හොරා කන්නට තවත් නම් කිසිවෙකුට හැකි ද?
එබඳු ඇරඹුම් වලින් තොරව අවංක නීති ගරුක සාධාරණ මිනිසුන්ට මෙබඳු රටක සාමාන්‍ය ක්‍රමවේදයක් තුළ නම් කිසිදාක යුක්තියක් ඉටු වන්නේ නැත. ඒ බවට තවත් තර්ක නම් කුමකටද .
Sunday, August 28, 2022
🐾
අක ලංකා
වීරයෝ හිත් වල
මජරයෝ රජ පුටු වල
කවි කතා පොත් වල
බලි කුරුටු ඇයි ද හිස් පිටුවල
හෝඩියේ අම්මා
රටට බැන්දේ පෙම් මා
සිරි ලකම සින්ඳා
රුපියලත් රහසේම ඉකි බින්ඳා
කර පටි නිසා සුදු
කපුටොත් විඳිති ගරු සරු
අයුක්තිය විසකුරු
සිපිරිගෙය රුකකි විටෙක රස ඵල දැරූ
Saturday, August 27, 2022
❌
මා හැර අනෙකෙකු බිලි ගන්න ~ පෝලිමේ හැකිතාක් පස්සට...
අවුරුදු හතළිස් පහක් සපුරා ගත නොහැකි වූ සිහිනයක් අවස්ථාවාදයකින් සපුරා ගැනීම උදෙසා සිහි මූර්ජාවෙන් මිදෙන දේහයක් නැවත බලයෙන් සිහි විසංඥ කොට ඊට අනුබල දෙන සමූහයක් සමඟින් එක්ව දුෂණය ~ නිහඬව බලා සිටිමින් ඊට දෙන අනුබලය ~ ඊළඟට ?
Monday, August 22, 2022
🇱🇰
අපේ සිරිලංකාවද ? රාජපක්ෂලාගේ රට ද ! වික්‍රමසිංහගේ රට ද !
෴ පිස්සෝ හා වස්සෝ බලය හොබවන රටක සෙස්සෝ කුමක් කළ යුතුද?
තරුණයින්ගේ සාධාරණ ආණ්ඩු විරෝධය ~ රාජ්‍ය බලය අවභාවිත කරමින් රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදයක් බවට හිතා මතා ම අර්ථ දක්වා ගැනීමට වලිකන අපරිණත උමතු පාලකයින් හා ගත් කළ තරුණයෝ සැබවින්ම රට පිළිබඳ හැඟීමෙන් ඉතා පරිණත ය. අප තවමත් කරන වරද නම් අදටත් රට කරන එබඳු අමනයින්ගෙන් දිව්‍යමය ආශ්චර්ය පැතීමය. සාපය බිම නොදමා කරේ හිඳුවා වඩම්මාගෙන යාමය. ඕකට සරලව කියන්නේ නිවට නියාලු ~~~ ජාතියක ගතිය කියාය. කළ යුතු දේ තනි තනිව ඒ රෝගයට බෙහෙත් ගැනීම යි. නැතිනම් මරණයෙන් මතු තබා මරණය තෙක් වත් ඔබට මේ රටේ සැබෑ සැනසීමක් නම් නොලැබෙනු ඇති.
⚖️
අටවන අජාසත් වත!(තිරය පිටුපස අට මහා නිරය)
රට කන එකට විරුද්ධ වීම ත්‍රස්ත්‍ර වැඩක් නොවේ. ඒ අත එසවීම නිර්භීත කමක්.
රට කන පිරිස් සමඟ ඩීල් දැමීමත් ඒ හොරු ආරක්ෂා කිරීමට බිලි පුදදීමත් ත්‍රස්ත වැඩක්. ඒ සඳහා රාජ්‍ය බලය උපයෝගී කර ගැනීම බියගුළු නිවට නින්දිත දුෂ්ඨ කමක්.
Sunday, August 21, 2022
Monday, August 8, 2022
Thursday, August 4, 2022
මහා සූදු කෙළිය නවතමු :
෴දශක ගණනාවක දේශපාලන සූදු අන්තුවන් අතුගා දැමීම, රටේ යහපත පතන පුරවැසියන්ගේ පළමු වගකීමකි.
මේ ඔවුන්ගේ කෙළි බිම නොව අපේ මව් බිමයි.
Sunday, July 24, 2022
134 + 1 +
ශක්‍රයා /වයිමා තුමනි,
විකල්ප ආකල්ප බල ගැන්වීම
පවතින හදිසි තත්වය තුළ හැකි ආසන්නම දිනයේ බඹ මොහොතට හෝරා කීපයකට පෙර මුකවාඩම් සහිතව සේනාසන්නද්ධව වහා අප රටට පැමිණ පුරවැසි සයිමාට තම ඡන්දයෙන් අරගලයෙන් වත් එලවිය නොහැකි ලෙස තවදුරටත් බල පෙරේත කමෙන් මල පෙරේත ලෙසින් රටට වින කරමින් රැඳී සිටින දියවන්නා වේ උන් හා උන්ට උඩ ගෙඩි දෙනවුන් සියලු දෙනා පොලු වලින් පහර නොදී මෛත්‍රියෙන් ඔවුන්ගේ නින්දිත ක්‍රියා පිළිවෙලවල් අනුව දණ්ඩනයට ලක් කොට නමුත් පශ්වාත් භාගයට හණ ගසා හඳුනා ගැනීමේ ලකුණු තබා බහු ජනයාගේ හිත සුව පිණිස මෙරටින් එලවා ඔවුන්ගේ වයස හා රෝගී තත්වයන් අනුව මහලු මඩම් වලට හා රෝහල් වලට ගෙන ගොස් දමනු මැනවි !
ස්තූතියි,
Friday, July 22, 2022
සීමාව /
ගමේ මහ පාරේ පෝලිමේ සිට රටේ මැතිසබේ දක්වා දැන් අවශ්‍ය හොරකම මැරකම ජඩකම පරදන එකම මානුෂීය අරගලයකි !
බල ලෝභය, උද්දච්ඡ බව හා මාන්නාධික බව නිසා සියළු අවස්ථා පැහැර හැර ගත් පාලන ක්‍රමයකට සහ එය පවත්වා ගෙන යාමට උඩගෙඩි දෙන නො මිනිසුන් උදෙසා වෙනත් විසඳුමක් නැත.
Sunday, July 17, 2022
Wednesday, July 13, 2022
🇱🇰
ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් දේශපාලනය යුද්ධය අරගලය ආදී එකී මෙකී නොකී සමාජ සංසිද්ධි තුළ එකී අරමුණු ඉලක්ක මත හෝ ඉන් පිටත හෝ මිය ගිය, පරිත්‍යාග වූ ජීවිත වල නාමයෙන් බල තණ්හාව පරදා ලාංකීය ජීවිත පිළිබඳ වටිනා කමක් හදමු මිනිසුනේ!
Saturday, July 9, 2022
Wednesday, July 6, 2022
Sunday, July 3, 2022
Friday, July 1, 2022
~ ක්‍රමයක් ගෙනෙන විප්ලවයක් ~
යුද්ධයෙන් ~ වීරයෝ දුෂ්ඨයෝ මිස ක්‍රමයක් හැදුනේ නෑ
ඡන්දයෙන් ~ පාලකයො පාක්ෂිකයො මිස ක්‍රමයක් හැදුනෙ නෑ
අරගලයෙන් ~ නායකයො ආනුගාමිකයො මිස ක්‍රමයක් හැදුනාද ?
අවශ්‍ය රටක් හදන ක්‍රමයක් දෙන විප්ලවයක් නොවෙයිද ?
Thursday, June 30, 2022
Tuesday, June 28, 2022
හිස දන් දී බඩට කෑම !
යුද්ධය ගැන පම්පෝරි ගැහුවා, ධර්මය අවභාවිතා කරා, උරුමයන් ගැන කයිවාරු ගැහුවා ~ දැන් රට රටවල් ඉස්සරහා අඬා වැළපෙනවා, දුක කියනවා, මේ රටේ මිනිස්සුන්ගෙ ශක්තිය, වටිනාකම මොකක්ද? වැඩි කාලයක් අතීතයට යා යුතු නෑ. යුද්ධයෙන් පස්සේ රට ගොඩනගන්න ඕන තරම් කාලයත් මහජන සහයෝගයත් තිබුණා. තුන්කල් දැකපු පාලක මුත්තෝ එදා මොනවද කළේ ? ඒ හිටවපු අඹ ඇටවල ඵලදාවද මේ ? මතක තියා ගන්න අද පැල කරන දේවල් වල ඵලදාවත් ජීවත් වෙලා හිටියොත් හැට හැත්තෑවක් ගිහින් හරි අපිටත් භුක්ති විඳින්න වෙයි මේ ලෙස හෝ මීටත් වඩා හොඳින් ම! අද යැපීම වෙනුවෙන් රටත් පරපුරත් බිල්ලට දෙන පාලකයෝ කිසිවෙක් හෙට දිනේ අපත් සමඟ මේ රටේ තබා ලොවෙත් සිටී දැයි ඔබම තේරුම් ගත යුතුව ඇත.