රටේ වෙලාවට වැඩ වෙන්නෙ කොතැනද? ඔර්ලෝසුවල පමණය. ඉන්පසු කාලය මඟහැරිය එක වෙනුවෙන් පච හැලීමය. අතළොස්සක් හැරුණු කොට රටේ බහුතරයට වෙලාවක් කලාවක් රටාවක් ඇත්තේම නැත. පශ්චාත්භාගයේ බෝම්බයක් පිපිරුණු පසුත් විමර්ශන මත කල්මරමින් මහතැන සිට පච හැලීමේ ශාපයෙන් මේ රට ගැලවීමට නම් වෙලාවට කලාවට වගකීමක් ඇතිවිය යුත්තේ ගෙදර ඉඳන්ය. එවිට ජාති ආගම් හමටම තඩිනොබා වගකීමක් නැති දේශපාලකයන් නිලධාරීන් කනින් අල්ලා දොට්ට දැමීමට හේතු සාධක නිර්මාණය කර ගැනීමට රටේ යුක්තිගරුක නීතිගරුක මිනිහාට හැකිවනු ඇත. එසේ නැතිව මිනිස්සුන් ගේ අනාචාරී වනචාරී කම් වලට පොහොර හෙලුවිට ලැබෙන්නේ තව තවත් විවිධ වර්ගවල විෂ බෝම්බ පමණි. එබැවින් දැන්වත් තවත් බල බලා සිටීමට කාලයක් නැති බව කවුරු කවුරුත් තේරුම් ගත යුතුය. මේ රටටම කාල රාමුවක් සකසා ගැනීමට කාලයයි.
Thursday, May 9, 2019
Wednesday, May 8, 2019
(අන්ධ මන්ද)
ගරු නැත්නම් ගරු මන්ද
"ගරු හොර තුමා" අප කියන්නේ නැත. "අති ගරු මෝඩ උතුමා" අපි නොකියමු. ඒ එවැනි පද එකිනෙක නොගැලපෙන නිසාය. කණා මුට්ටියට වාසනා මුට්ටිය කියන්නට තරම් 2019 ධනාත්මකය. එබැවින් ඒ ධනාත්මකත්වය රැක ගනිමින් දේශපාලකයා වෙත ආමන්ත්‍රණය කිරීමේදී ගරු, අතිගරු මෙන්ම උතුමා යන පද භාවිතය නවත්වා දමමු. එය බසේ ගරු පදරුත් රැකගැනුමට හේතුවක් වනු ඇත. ජඩයාට ගරු ජඩ තුමා කීම අපේ සමාජදේහයේම සෞඛ්‍ය පිරිහෙළන්නකි.
ඒ අනුව මන්ත්‍රීවරයා, ඇමතිවරයා, ජනාධිපතිවරයා.. ආදී වශයෙන් තනතුරු නාම පමණක් ඔවුන්ට සෑහේ.
Tuesday, May 7, 2019
අවිවාදය(අවියෙන් තොර)
කොන්දක් නැති රටක්
නින්දක් නැති හෙටක් ද?
සිහිනයෙන් අවදිවෙමු...
කොන්ද යනු පාලකයාගේ උඩු රැවුලත් යටි රැවුලවත් නොවේ. ගොරහැඬි කට හඬක් හෝ ජාතික ඇඳුමත් හෝ නොවේ. ස්ත්‍රියක වේවා පුරුෂයෙකු වේවා රට තුළ සෘජුව දෙපයින් හිඳ කටයුතු කළ හැකි ස්වාධීනත්වය ඇතිකොට දීමයි. ඊට සරිලන නීතියට යුක්තියට පණ දීමයි. මැරෙන ටිකට ගොඩ වඩා බඩ වඩා පිල් හදා ගැනීම වෙනුවට එකඳු හෝ නිවැරදි කටයුත්තකට දායක වීමට නිර්භීත පුද්ගලයින් රටේ ජනිත කිරීමයි.
ඒ සඳහා පවතින පාදඩ දේශපාලනයේ පමණක් නොව සැම පාදඩකමක්ම නිරුවත් කළ යුතුය. කෙතක් හේනක් වුව අලුතෙන් අස්වද්දන්නට නම් බිම සමඟ ඔට්ටු වී පස පෙරළිය යුතුය. එය මේ පාදඩ දේශපාලනයේ සරල පාට පෙරළියක් නොව සමාජ දේහයම වසාගත් පිළිල උගුල්ලාලන සැත්කමක් විය යුතුය. මහජනයා තම තමන් සිටින තැනින් නැගිට මේ සැත්කමට සිහියෙන් නුවණින් දායකත්වය දිය හැකි වේද, අලුත් ඇහැක් සමඟ පිළිණු දේශපාලන තුච්ඡද්වය වළ දමා ඒ මිනී වල මත මල් පුබුදුවාලිය හැකිවනු ඇත.
එබැවින් එන්න.. එක් වන්න.. සමාජ දේහයේ පිළිල හඳුනාගන්න.. හැකි දේ යුතුදේ නිසිලෙස නිසිවිට නොබියව උගුල්ලාලන්න.
Sunday, May 5, 2019
කුඩේ මුඩු
(අරටුවට ගුල්ලෝ ගසද්දී පොත්ත පාට කිරීම)
රටේ අරටුව මොකක්ද? ඒ අරටුවට ගුල්ලෝ විද්දේ අද ඊයේද? අපි හැමදා කළේ, කරන්නේ කුමක්ද? පොත්තේ කොළ, නිල් වර්ණය වෙනස් කිරීමයි. රටේ මිනිසුන්ගේ ජීවිත වැඩි ගණනක් අහිමි වූ හැම මොහොතකම රට කිනම් හෝ ව්‍යසනයකට පත් වූවා යැයි හැඟුණු හැම මොහොතකම "අද සිට අපි සියළුදෙනා එක්වෙමු" යන උච්ඡාරණය නැවත පුනරුච්චාරණය කරනවා පමණකි. මෙවැනි අවස්ථාවලදී කාගේ හෝ කරපිට වගකීම පවරා තමන් නිදහස් වීම, එකිනෙකාට ඇඟිලි දිගු කරගැනීම, කැකිල්ලේ ප්‍රකාශ යනු සාමාන්‍ය තත්වයක් ලෙසට අප හුරුවී ඇත. එහි විරුද්ධාර්ථය නම් ධනය, බලය, කුලය, නිලය හෝ වෙනයම් ඕනෑම වල් පඳුරකට මුවාවී බඩ නිදහස් කරගෙන රට අපවිත්‍ර කිරීමට නොනිල අයිතිවාසිකමක් සදාකාලිකව මෙහි ඇති බව නොවෙද?
තවදුරටත් යල්පැන ගිය සාම්ප්‍රදායික මළ පනිනා සංස්කෘතිය මත ඔළුවෙන් හෙළුවෙන් හිටගන්නවා වෙනුවට අප ඒ සංස්කෘතිය දෙකකුලෙන් සිටවිය යුතුය. ඒ උදෙසා තේරුම් ගත යුත්තේ සැබෑ අභ්‍යන්තරික වෙනසක් තුළ චින්තනමය විප්ලවයකින් මළකෑ පුස් මොළ ශුද්ධ කර ගත යුතු බවය. ඊට තත්වයක් තරාතිරමක් නොව විනයක් ශික්ෂණයක් හදාගත යුතුය. ඒ විනය ශික්ෂණය යනු ආපසු පොත්ත පාට කරන්නක් නොවිය යුතුය. අරටුව යළි ශක්තිමත් වන්නේ නිවැරදි ලෙස යළි සැළසිය හැකි ආරක්ෂණය සහිත පෝෂණයකිනි.
රහතුන් හෝ ශුද්ධ වන්තයන් තරමට නැතත් අමු බොරුව නවතා සත්‍යවාදී යහපත් රට වැසි පදනමකින් මිස මෙරටේ මේ මුඩුමත්වය කිසිදා වෙනස් නොවනු ඇත.
Saturday, May 4, 2019
Monday, April 29, 2019
Saturday, April 27, 2019
භ්රාන්ති වාදයේ ඇත්ත කතාවක් (තාක්ෂණික පද හරඹයෙන් මොබ්බේ)
ත්‍රස්තවාදය ගමේද තිබේ. භුමියේ මෙන්ම බුකියේද තිබේ. සරල නොවන ත්‍රස්ත ක්‍රියා අපේ ඇස් පනාපිට දිනපතා සිදුවේ. අනිසි බලපුළුවන්කාරකම්, නොමනා තුප්පහි කඩාකප්පල්කාරී, කාලකණ්ණි නීතිවිරෝධී ක්‍රියා කරන්නෝ කොතැනත් සිටිති. ගම් මට්ටමේදී ඒවා කරන්නෝ ගමේ ත්‍රස්තයෝය. ඒවා මඬින්නට නීතියෙන් රීතියෙන් කටයුතු නොකොට එවැනි ක්‍රියාවන්ට උල්පන්දම් දෙන්නෝ ප්‍රාදේශීය බලධාරීත්වය නිලධාරීත්වය තුළද සිටිති. එසේ ගමේ ආණ්ඩුවෙන් අසාධාරණයට ලක්වීමේදී ජාති, ආගම්, පාට, පක්ෂ, කුල මළ, ඉඩ කඩම් බේදයක් නොසැළකේ යයි කියා කියූවොත් එය සපුරා බොරුවක් වෙයි. අත්දැකීමෙන්ම කිව යුත්තේ තමාගේ සමාජ පසුබිම මේ සියලු කාරණා තුළදී අදාළ පාර්ශ්වයන් වෙත නියමින් හෝ අනියමින් බලපෑම් කරනා බවයි. සමහර විට ජාතිය පරදා ආගම ඉස්මතුවන අවස්ථාද ආගම පරයා කුලය, ධනය ඉස්මතු වන අවස්ථාද ඒ සියල්ල පරදා දේශපාලන පැහැය ඉස්මතු වන අවස්ථාද කොතෙකුත් වෙයි. එනිසා මෙය හුදු වාර්ගිකතත්වය ඉක්මවා ගිය ජාතික ප්‍රශ්නයක් වෙයි. ගමක උදාහරණයක් ගනිමු. සමහරක් ගම්මු තම අසල්වැසි කොටස් කරන ලද ඉඩමක පදිංචියට පැමිණෙන්නා හඳුන්වා දෙන්නේ පිටගම්කාරයා, කොටස් ඉඩම් කාරයා යනුවෙනි. එහිදී ඉස්මතු වී ඇත්තේ ජාතිය ආගම නොව අදාළ තැනැත්තා පදිංචි ඉඩමේ ස්වභාවයයි. ඔහු බැහැරින් පැමිණි පදිංචිකරුවෙකු වීමයි. ඔහු හොඳ සාධාරණ කෙනෙක් යයි සිතමු. ගම් වැසියා දරදඬු මුග්ධ තැනැත්තකු යයි සිතමු. ඉඳින් යම් ගැටළුවකදී මේ සියල්ල නොසලකා ගමේ ආණ්ඩුව ගම් වැසියාගේ පැත්ත ගෙන සළකන්නට ගියොත් එකම ජාතියේ ආගමේ වුව ලංකා පුරවැසියෙකු ලෙස කොටස් ඉඩම් කරුවාට සිදුවන්නේ බලවත් අසාධාරණයකි. එවැනි විටෙක තම අසාධාරණය උදෙසා තවදුරටත් සටන් කරන්නට ගියහොත් අත්දැකීම් අනුව කියන්නට සිදුවන්නේ ගමේ ත්‍රස්තවාදය එවිට හොඳින්ම අත්විඳිය හැකි බවය. එය ලංකාවේ හෝ නොදියුණු රටක ස්වභාවයද? එසේ කියා පිට රට පදිංචියට යන අයත් නැතිද?
ඇති හැකි අය පිටරට සරණ සොයද්දී අසරණ ලාංකිකයා දේශපාලන හමට තඩි බබා විවිධ ආරයේ ත්රස්තවාදීන්ගෙන් සදාකල් බැටකන්නේය. දේශපාලන ත්රස්තවාදීන්ගෙන් පමණක් නොව ඔවුන්ගේ ඇම්බැට්ට ව්යාප්තවාදීන්ගෙන්ද අපමණව බැට කන අප ඒ ඒ මොහෙතේදී පමණක් මඳක් හිස ඔසවා ආපසු එය ගසා ගන්නේ දෙකකුල් අතරය.
එකම ජනවර්ගය ඇතුළත සිදුවන මෙවැනි ගැටුම් දහසක් අතර අපි රටක ලාංකීය ජාතිකත්වය ඇතුළේ ජන වර්ග අතර සාමය සමඟිය ගැනත් ගෝලීය ත්රස්තවාදයක් ගැනත් අද කතා කරමු.
අර මා කලින් කියූ ගමේ ත්‍රස්තවාදයෙන් බැට කන ජනයාට ගම තුළ සාධාරණය ඉටු කිරීමට අසමත් බලධාරීන් ලෝක ත්‍රස්තවාදයෙන් රට මුදා ගන්නට සමත් වේද?
ත්‍රස්තවාදය මිලේච්ඡ වීමට මිනී දහස් ගණනින් රට තුළ මිහිදන් විය යුතු නැත. ත්රස්තවාදයේ සළකුණු පෙනෙන තැනක් ඇත්නම් එතැන ත්රස්තවාදීන් සිටිය යුතුමය. අද හතර අත ඉව අල්ලා හොයන ත්රස්තවාදයේ නාමය කුමක් වුවත් හෙට රට යළි සැබෑවට ගොඩ නගන්නට නම් ඔය ඉව ඇල්ලිය යුත්තේ ජාති ආගම් බේදකයින් තොරව ගමේ ත්‍රස්තවාදය වෙතයි. ඒ පිටුපසද බුරුතු පිටින් සිටින්නේ ගම්බද දේශපාලකයන්ය. සමහර තැනක ගරු නම්බු පට්ටම් ගසාගත් කළු සුදු ව්‍යාපාරිකයින්ය. නගරයේද ඒ අයුරින්ම ත්‍රස්තවාදය තිබේ. ප්‍රදේශීය, නාගරික පොලිසි, ප්‍රාදේශීය, නාගරික සභා, ලේකම් කාර්යාල.. පළාත් පාලන ආයතන, ඒවායේ කොමසාරිස්වරු මේ ආශ්‍රිතව පවත්නා දේශපාලනමය හා නිලධාරී ත්රස්තවාදයන් ද පරාජය කිරීම රටට අවැසිය. හැම දෙනා අතරින් මේ සරල නොවන ත්‍රස්තවාදය තෝරා පරාජය නොකරන තාක් ලෝක ත්රස්තවාදයට නැවත වැඩෙන්නට මෙහි ඉඩ ඇත. නිදහසේ සිට ගත්තද ගමේ ත්‍රස්තවාදය භාවිත කරමින් රටේ බලය අල්ලන්නට වලිකෑවා මිස ගමේ ත්‍රස්තවාදය ගැන කතාකළ ශික්ෂිත දේශපාලකයන් සිටින්නට ඇත්තේ අල්ලක් පමණි. නමුත් මල්ලක අස්වැන්න අල්ලක අස්වැන්නට වඩා වැඩි හෙයින්ම ගමේ වර්ණනාවට යටින් වැඩුණු ත්රස්තවාදයක් අද දක්වාත් එයි. ඒ ත්රස්තවාදයට ත්‍රස්තවාදයකින් ම ප්‍රති උත්තර සෙවූ ලාංකිකයෝ කීප විටක් විනාශය අත් දැක්කේ කිනම් ත්රස්තවාදයේත් අවසන් ප්‍රතිඵලය අවි ගැන්ම නම් එය අවියෙන්ම නස්නා බව පසක් කරමින්ය. අවි දරණ ත්‍රස්තවාදය එසේ වුව අවිනොදරන ත්‍රස්තවාදය අද වන විට ගිනි තබා ඇත්තේ අපේ රටේ භෞතික දේපළ වලට නොවේ. මානව සම්පතටය. ලාංකීය චින්තනයටය. ඒ බව තේරුම් නොගත් බොහෝ උදවිය සිතන්නේ ත්‍රස්තවාදය අන්තවාදය හුදෙකලාවේ බිහිවූ බවක්ද? හුදෙකලාවේ නසා දැමිය හැකි දෙයක් බවද?
අපේ රටේ උගතුන් බුද්ධිමතුන් දන්නා කාලයක සිට කතා කළේ එකම දෙයකි. දැන් දැන් විවිධ නම් වලින් හෝදා හෝදා මඩේ දැමුවද අපට කතාකරන්නට ඇති අවසානය එතැනය. දෙකෝටියක් දෙසිය විසිපහක් මඟින් නැටවෙන යුගය අවසන් කළයුතු බවය. දෙකෝටියක් ප්‍රාණ ඇපයට ගෙන දෙසිය විසිපහකුත් එකක් භ්‍රන්ත ත්රස්තයන් නටන ජාතික නාඩගම අවියෙන් තොරව සවියෙන් නැසිය යුතු බවය. නැණ සවිය මිස අන් මගක් නැත.
අප යහ සමාජයක් පැතුවේ පාසල් කාලයේදීමය. එබැවින් දැන් නැවත නැවත පතන්නට දෙයක් නැත.
ඇත්තේ වගකීම ඉටු කරන්නටය. කුඩා කළ සිටම නීතියට යුක්තියට ගරුසරු නැතිනම් ඒ ගම්බඳ ත්‍රස්තවාදය නවතින්නේ ලෝක මට්ටමිනි. ප්රභාකරන් තැනුනේද මේ රටේය. අද අයි එස් අයි එස්ය. ඊට අවශ්‍ය පිටුබලය සපයන්නේ ගමේ ත්රස්තවාදයයි. නීතියට අනුකූල වීම තමන්ගේ මහන්තත්වයට කැළලක් ලෙසින් සළකන ගමේ මන්ත්‍රී දැන නොදැන පෝෂණය කරන්නේ රටේ ත්රස්තවාදයයි. රටේ රාළ ලා ඉහටත් උඩින් නීතියට ගරුකරනා බැවින් රටටම නීති උණ හැදෙන්නේ මෙවැනි විටෙක යි. ඒ වන විට හාර පන්සීයක් මිනිස් ජීවිත උඩින් ත්රස්තවාදියා අන්තිම කෝච්චිය දක්කා අවසානය.
ආගමෙන් තමන් වෙත පැවරෙන ශික්ෂාවට අකමැති වේවා කුඩා නීතියේ බලය සියල්ලන්ට සමානව ගමේ සිට පටන් ගන්න. අපට මෙසේ සමාජ ජාලයේ රිංගන්නට එවිට උවමනාවක් ඇතිකර යටිහිත කරදර කරන්නේද නැත.
මේ අවස්ථාවේදී බෝම්බ තැබූ ත්‍රස්තවාදින් මියගොස්ය. ඉතිරි පිරිස් අත්තඩංගුවට ගෙන ඇති අතර තව දුරටත් ඒ සඳහා මෙහෙයුම්ය. මේ හදිසි කාලය ගෙවීයාවී. ආයෙත් පගාව, ජරාව දේශපාලන බලය හිස ඔසවාවි?
ඊට පස්සේ අන්තවාදයත් ලෝක ත්‍රස්තවාදයත් අමතක වේවි? ගම නො හදා රට හැදේවිද? දෙකෝටියක ට නීති හදන්න තව මොන බල බෙදීම්ද, තියන බලයත් පරෙස්සමට අරන් තියන රටක මේ බල අරගල මනුෂ්‍යතත්වයේ සීමාවට ගෙනාවනම්, බොරු නොහොත් පච වෙනුවට සත්‍යවාදී වගකීමෙන් බැඳී වැඩ කරනවා නම්, ඊළඟ වෙසක් පෝය වෙද්දි අඩු තරමෙ රටේ මේක ලෝකයේ සුරක්ෂිතම රට වේවි. ඒකට තම වගකීම තව පුද්ගලයන්ගෙ කරේ නො දාන්න 225ට යි තව එකෙකුටයි පමණක් නොව දෙකෝටියකටම හැකිවිය යුතුයි. අප ඔවුන්ව දිය බැඳි මාළිගාවේ ඒ අරමුණෙන් ප්රඥාතන්ත්රයෙන් යුතුව කොටු කළ යුතුමයි. නැත්නම් වෙන දේ බලා දෙන මේ පලා මළවා රස විඳිමු පෙරසේම.
Friday, April 26, 2019
වගකීමක් වගකීමෙන්..
මාව
ලාංකීය වෘත්තියේ යොදවන්න එපා, "වගකීම" වගකීමෙන් ඉල්ලා සිටියාලු.
ඊට හොඳයි ගණිකා වෘත්තියේ යොදවන්න, තවදුරටත් කීවාලු.
අතරමං වූවෝ
විශ්වයේ පැවැත්ම යනු ආලෝකයයි. නැවැත්ම යනු අඳුරයි. එහි ජීවයක් යනු ආලෝකයේ මුදු බව මත අඳුර නැමති කඩතොළු ඇති කරන්නා වූ පමණක ඝර්ෂණයයි. ඉන් ඔබ්බේ ඇතිවන සෙවණැලි ඒ ඝර්ෂණයේ සංගුණකයයි. ඒ රූප සෙවණැලි විටෙක රමණීය බිතුසිතුවම් නිර්මාණය කළත් එහි ඇති පරමත්වය කුමක්ද? සදාකාලික හෝ අකාලික බව කුමක්ද? නැත, ඒ එක්තරා සංගුණකයක් පමණි.
උගත්කමින් ඒ සංගුණකයට ලොල් වී ඊට ආල වඩන්නෝත් මුග්ධත්වයෙන් ඒ සෙවණැලි රූප වලට පෙම් බඳින්නෝත් යනු සැබෑ ජීවිතය නොදැන සැබෑ මරණයද නොදැන අතරමඟ වූ සෙවණැලි මත අතරමංව අන්තගාමී වූවන්ය. අන්තවාදය යනු සැබවින්ම අන්තයක් නැති මිරිඟුවක දිය සෙවීමක් පමණය. කාන්තාරයක ක්ෂේම භූමි නොසොයා මිරිඟුවක් ලුහු බඳින ඔවුන් ලබනා කිසිවක් නැත. එබැවින් කිනම් හෝ අන්තවාදියෙක් යනු සැබවින්ම අන්තයක් දැකීමට අසමත් කෙනෙක් පමණි. මිථ්‍යා දෘෂ්ටියේ ගැඹුරුම ආඝාධයද මනුෂ්‍යත්වයේ ගැඹුරුම ආඝාතයද එතැනින්ම ඉපදීම එහි ඇති ගැඹුරුම ඛේදවාචකය මෙන්ම එහි ඇති අති ශෝචනීයත්වයද වන්නේය.
Thursday, April 25, 2019
ඊළඟ මොහොතට...
පුද්ගල බද්ධව මිස යාන්ත්රනයක් වශයෙන් ශක්තිමත් නැති රාජ්‍යක් බවට යළිත් පසක් කළ ඛේදය තුළින් අදත් එදත් නූගත් පාඩම නම් දහමේ සිට අප ප්රතිරූප වන්දනාව මිස ප්‍රතිපදා සම්පාදනයේ නොසිටි බවයි. ඒ සත්‍යට පිටුපා අපට යා හැකි දුර කොපමණදැයි ජීවිත පරිත්‍යාගයෙන් රට වැසියා තව කොතෙක් කිව යුතුද?
ඊට තිත තැබිය හැක්කේ බුද්ධිමත් නිර්භීත මිනිසුන්ගේ සක්රීයත්වයෙන් පමණි.
ඔවුන් කිසිවෙකුගේ උපදෙස් නොලබාම හෝ තම කාර්ය නොපිරිහෙලා ඉටුකරනු ඇත. ඒ ගොන්නට එක් වන්න,
නීති යුක්ති සත්‍ය ගරුකත්වය කාලය නොඉක්මවා ජය ගනු නියතය. ගිය නුවණ පසෙක තබා සිහිනුවණින් ජය ගමු.
Wednesday, April 24, 2019
බුර බුරා.. මුඛ
අමන සමණ රට වැසියකු වීමේ විභාගයේ නවතම ප්‍රශ්නෝත්තර සංග්‍රහය
දැන් නිකුත් වුණා
-හැන්සාඩ් ප්‍රකාශන-
Tuesday, April 23, 2019
Sunday, April 21, 2019
ශ්‍රී..
කාසියකට වටිනාකම දී
ජීවිතයකට වටිනාකම නොම දී
ප්රජාතන්ත්රවා දී සමාජවා දී ජනරජයක හු දී
හෙට සිටන් ආපසු කාසියම උඩ දමා පතනෙමු උත්තම කේතුම තී
Thursday, April 18, 2019
Monday, April 15, 2019
Sunday, April 14, 2019
Monday, April 8, 2019
හොක්කි හොක්කි.. උහූ
ඇත්ත කතා කළොත් පෙන්නයි කනත්ත
ප්‍රශ්න ඇසූවිට ඇයි උඹ පොරක්ද
දේශපාලනේ මෙහි සෙල්ලමක්ය
මරුවා සමඟ වාසය රජ කමක්ය
Sunday, April 7, 2019
Tuesday, April 2, 2019
Friday, March 1, 2019
වංචා විනෝදේ
මෙෙත්‍රිය, ඒ බැඳුම්කර වංචාත් මේ බැඳුම්කර වංචාවත් හැර තවත් වංචා තිබේද
මෙෙත්‍රිය, ඒ බැඳුම්කර වංචාත් බැඳුම්කර නොවන වංචාවත් හැර තවත් වංචා තිබේද
Monday, February 25, 2019
සන්තෝෂවාදය
Sunday, January 20, 2019
Sunday, January 6, 2019
පෙකෙණිවැළ...(සංක්ෂිප්තයි)
පෙකෙණිවැල නම් අතීතයෙන් අනාගතයට ඇදගත යුතු අප කලින් කී ඒ කඹයයි.
Thursday, January 3, 2019
ඇහැරුණෙමි
පාන්දරට මීදුමත්
දහවලට මිරිඟුවත් ඇත
දෙවියනි, පුදුමය ඔබ මැවූ ලොව
නිවෙන තෙක් මේ පහන
දකින්නේ අපි සිහින
Wednesday, January 2, 2019
හුස්ම
ගන්නා මුත් සැවොම සැමවිටම
කීවත් වඩන්නට ඵල ධ්‍යාන
සිහිපත් කොට භාවනාව සති අනාපාන
බාගෙට පුරවගෙන පපුව
හිරවෙන හිරකරගෙන නොදැනීම බොටුව
අදාළද අනදාළද ප්‍රශ්න කොටුව
ඔළුවට ලේ පුරාවිද පුරවන්න හිස්කොටුව
හදිස්සිය තදියම තරඟය
ජීවිතය දිනන්නට කියා දී තිබෙන පිස්සුව
අපායට යන්නට වුව පළමුව ගෙන රන් පදක්කම
ඒකයි අපගෙ තරඟය මැරුණත් වැටී එකා පිට
ගත්ත හුස්ම ටික කොහොමද රැඳෙන්නේ වෙලාවක
රඳවා ගන්න නෑ අපි අද වෙහෙසෙන්නේ කලාවට
ගනුදෙනු විලස ගන්නට දෙන්නට පමණි දන්නේ මුලාකොට
හුස්ම ත් දැන් අපේ ගනුදෙනුවක් වී ඇත ඒ විලාසෙට
ඒක නිසා හෙලන්නෙ සතියක් හතියක් වාගෙයි හුස්ම
හතියත් සතියත් පැටලී වැරදී ගන්නා හුස්ම
ගත්තත් ලෙඩ කෝටියකම මූලය වී ලා හුස්ම
හුස්මක් කටක් ගෙන 'ගොරවන' රට ගැන හිතපන් බෝම
Friday, December 21, 2018
ස්මාර්ට් ප්‍රමේය තුන කි... හැකිනම් සාධනය කරන්න
සරලත්වයට වඩා
සරලත්වය ස්මාර්ට්ය
ස්මාර්ට්
ප්‍රේමයට වඩා
ප්‍රේමය ස්මාර්ට්ය
ස්මාර්ට්
මනුස්සකමට වඩා
මනුස්සකම
ස්මාර්ට්ය
Monday, December 10, 2018
නග්නත්වය
නැතිව බෑනෙ තදාත්මයෙන් රඟන්න
එතකොට බැහැනෙ මිනිස්සුන්ට අඬන්න
ජනතාවාදය, විනිවිදභාවය
මිනිස්සුන්ගෙ පරමාධිපත්‍යය නමන්න
Sunday, December 9, 2018
රැඟුම
සිරිමා බෝ මත ගසන්නේ නළලත තදින්ම
පිරුවට අඳින්නේ හැමදා කිරිසුද නැවුම්ව
ඒකයි මායාව රට රකිනුය කියමින් රඟන්න
Thursday, December 6, 2018
Saturday, December 1, 2018
Monday, November 26, 2018
මට්ටු
අප විසින් වෙනස් කළ යුතු තැන එතැනයි. ලංකාණ්ඩු මට්ටුව ගෙදරින්ම ඇරඹිය යුතුයි.
Saturday, November 24, 2018
ඉතිරි කොටස ළඟදීම..
Saturday, November 10, 2018
💓ජන හදවත් දිනවමු💕❤(ජනාදර දේශපාලනයක් උදෙසා හදවතින් එකාවන්ව)
යුක්තිය
සාධාරණය
සමානාත්මතාවය
සංවර්ධනය
නිදහස
ප්‍රජා +
තන්ත්රවාදය
තව බොහෝ දේ
ඉල්ලයි
ජන හද
ඒත්..
බොහෝ දේ
තවම
ඉල්ලෙයි
රටේ හදවත හෙල්ලෙයි
අමනුන්ගේ
අමන කම් මැද
එබැවින්ම
දිනවමු
හිස් ප්රතිරූප පරදා
අපේ ජන හද
💓❤💕
අපේ යහ ප්‍රාර්ථනා
එකාවන්ව එකපෙළට අත් බැඳ...
💓❤💕 ජයගමු
අපේ ලකුණ හදවතයි. ජනයාගේ රතු රුධිරය රැඳි හදවතයි. ඒ හදවතට එකඟව ජඩ, පර, නින්දිත, ජාගර, කාලකණ්ණි දේශපාලන ක්‍රමය පරදන්නට අපේ හදවතේ ගැඹුරින්ම ඉඩක් දෙමු. මෙවර අපි ජයගමු.
Friday, November 9, 2018
Thursday, November 8, 2018
Wednesday, November 7, 2018
Tuesday, November 6, 2018
රට හොරු මුං, රට කන හොරු (වා වනු බැරිය සතුට)
ඇයි මහතැනම වැද්දෙකු හට නොදෙන්නේ
ආදිවාසි උරුමය උන් රකින්නේ
ලක් රජයකට බිංතැන්නයි ඔබින්නේ
අමුඩය ගසා කලිසන් කෙටි ගලවා ලා
රෙද්දක් ඇඳන් ගැහැණුත් උරුමය පාලා
කාර් වෑන් නැව් මුහුදේ ගිල්වාලා
දුන්නයි අත්පොරෝවයි ගමු වැඩදාලා
සතෙක් පොඩිවටම දුන්නෙන් එලාගෙන
බාබකියු එකක් උරුමෙට දමාගෙන
සංස්කෘතිය කිරිකොරහක් නටාගෙන
ඉමු අපි තුටින් අපගේ කම බදාගෙන
පච පච හලා පචයෙන් රට නැළවූවෝ
සිල් රෙදි බෙදා දසසීලෙන් ඇන්දූවෝ
උරුමය දෙසා දළ රැවුළෙන් පොර වූවෝ
ටයරය දමන් අපි දක්කමු බිංඌරෝ
රට රට යන්න හරි ආසයි දත කනවා
මෙහෙ පොර වෙන්න දෙසරැස ගැන දොඩවනවා
ලැබෙන තැනදි ගෙම්බන් බොහොඬන් වෙනවා
අපි කවුරුන්ද උන් අපෙ රට කරවනවා
Monday, November 5, 2018
රට නැගීම (බලු වීම/බ්‍රේකින් බ්ලව්ස්)
සුදුස්සාට සුදුසු තැන දෙනු (විවස්ථාව දරුවන්ට දෙමු/ හොඳම දේ දරුවන්ටයි)
අගමැතිකමට අපි දාගමු ඌරෙක්ව
පාර්ලිමේන්තුවම දන් දී පින් නරියන්ට
ඩිවිෂන් රීජනල් පවරමු පිස්සන්ට
ගරු ගරු හැමතැනම ගරු ගරු ගරු සරුව
පච පච හැමතැනම පච පච පච හැලුව
හතු බඳු උතුමන්ට වැඳගෙන රෙදි නැතුව
බුදුනුත් විකුණගෙන සිරිලක රැක ගනුව
විකුණනවාලු පෙරදා සිට රටේ හම
එහෙම කියා තැලුවේ මුතු ඇටේ මය
පුළුවන්කම තිබේනම් ගලවලා හම
අපි හැම මියෙන තෙක් ගහපන් අමන පද
කාලය කකා අපගේ ලේ අවුලුවලා
ගහලා ගැට බෙල්ලටම තොණ්ඩුව දාලා
මිනිස්සු කඩේ යවලා බඩු ගෙන්නාලා
උන් රස කරති අප මත බර පටවාලා
ලාබය තකා බෙදනා විට ඒ හැන්දෙන්
ඡන්දය ඇඳිවතත් ලාබෙට විකුණාපන්
ඔන්න ඔහොම සුදුස්සාට තැන දීපන්
ආපහු හෙට දිනෙත් ඉල්ලාගෙන කාපන්
Sunday, November 4, 2018
දෙවියන්වහන්සේ ගේ අවධානය පිණිසයි!(යමරජු සමඟ ගිවිසුමට පෙර, සංක්ෂිප්තව)
දෙවියන්වහන්ස, අපට විලිලැජ්ජයි.
සරල ප්‍රශ්නයක් විසඳගන්න ජීවිත කාලයක් බලාන ඉන්න වෙනව, සමහර දේවල් ජීවිත කාලෙකවත් විසඳන්න බලාපොරොත්තුවක් නෑ.. එතකොට මේ දේශපාලනේ මොකක්ද? ප්‍රාදේශීය මට්ටමේ සිට රටේ සමස්ථය දක්වාම නොමැරී පවතින්න පන්සිල් අරගෙනම ප්රතිරූප හදනවා. රටක පැවැත්මට ක්රියාපිළිවෙළක්, ඒවා යාවත්කාලීන කරන ක්‍රමවේදයක්, යහපැවැත්ම සඳහා ප්‍රතිපත්ති හදනවා වෙනුවට තමන්ගේ පැවැත්මට පක්ෂයේ පැවැත්මට කබරයා තලගොයා කරගත හැකි කූට ලියවිලි රටේ නීතිය, මූලික රාමුව කරගෙන, රටේ සිහියෙන් ජීවත්වෙන උන්ව නොමරා මරණවා.
දෙවියන්වහන්ස, අපට විලිලැජ්ජයි.
එක්කෝ මේ රටේ ඉන්න සැබෑ කාලකණ්ණි ටික සුනාමියකින්වත් අහවරක් විය යුතුයි. නැත්තම් මේ රටේ ඉන්න සැබෑ මනුෂ්‍යයන් වහවහා නිවන් දැක්කිය යුතුයි. ස්වර්ගයට ගත යුතුයි. හැමදාම නොමැරී මැරෙන මේ රටේ අහිංසක සාමාන්‍ය යුක්තිගරුක සත්‍යගරුක මිනිහට කවදා කාගේ සරණද?
හොරුන්, මැරයන්, දූෂකයන්, අසාධාරණ නීතිගරුක නැති, යුක්තිගරුක නැති පාදඩයන් ට පවා සුප්‍රසිද්ධව වැජඹෙමින් හුරේ දැමිය හැකි රටක, යහපත් වෙන්නටැයි දරුවන්ගේ පෙළපොත් වල විහිළු කතා ලියන එක පමණද ඒ යහපතට දෙන ඇගයීම. 70 ගණන් වල 80 ගණන් වල රැවටුවා, 30 වසරක් විඳෙව්වා. ඊළගට මුන් දරුවනුත් රවටා තමන්ගේ දරුවන් රට දොක්කන් පතන්නේ කුමක්ද?
දෙවියන්වහන්ස, විලිලැජ්ජාවේ සීමාව අහවරය.
දේශපාලනයම ගසා මුන් සියලුදේ කාලය. දැන් ඇත්තේ යහපත් මිනිසුන්ගේ රීරි මාංශය පමණි.
කෝවිලේ, දේවාලේ දෙවියන්ගේ සිට පන්සලේ බුදුන්ගේ සිට පල්ලියේ ජේසුතුමා, නබිතුමා , දෙවියන්වහන්ස, ඔබතුමාගේ පූජකයින් පවා විවිධ අල්ලස් දී මිලදී ගත් කළ කර පෙර කී සාමාන්‍ය මිනිසාව තවදුරටත් ඇහෙන්නේ පෙනෙන්නේ කාටද? නීතිය හරි ගණන්ය. එහි සාධාරණය පතා පරම්පරා ගණනක කැපකිරීමක් කළ යුතුය. කිරි කෑ මුත්තාගේ තීන්දුව ලැබෙන්නේ හෙට උපදින්නට බඩේ ඉන්නා දරුවාගේ අතට වියහැකිය.
එහෙනම් ථෙරපුත්තාභය දහමේ චිරස්ථිතිය පැවසුවා සේ යහපතුන්ගේ චිරස්ථිතිය උදෙසා අපත් යමරජු සමඟ ගිවිසුම් ගසන්නටද?
අපව දරමිටිය බදින්නට ගත් ලෙස අප මේ අපකන අමනයන්ගෙන් දුනුදිය නගන්නම්!
දෙවියන්වහන්ස, ඔබ වහන්සේට හිස නමමි, යමරජුගේ දෑත් ශක්තිමත් කිරීමට අවසර!
Saturday, November 3, 2018
වර්චස් පිඩේ නීත්‍යානුකූලභාවය නොහොත් ප්‍රසිද්ධියේ රමණයට මරණයට අවසර?(අත්පොළසන්,ජයඝෝෂා,ප්‍රීතිඝෝෂා,වෙඩිහඬ)
Thursday, November 1, 2018
ඉල් ලංකා (අතුරුපසට ගම කා)
කරන දේ කියන
කටින්ම කතා කරන
මිනිසුන් නැතිය රට හදන
අධෝ මුඛයෙන් බණ දෙසන
හැරෙන අතට වැඳ වැටෙන
අසූචි වළෙන්ම රන් පතන
සිහිමඳ උන්ය රට නසන
පක්ෂ ගහගෙන කිහිල්ලේ
පාට ගාගෙන නළල්ලේ
ගොටුව අල්ලන් කැකිල්ලේ
තොපිය බොන්නේ රටේ ලේ
Wednesday, October 17, 2018
එමින් ගමන්..
Friday, October 12, 2018
Monday, October 8, 2018
සමාජයේ විද්‍යාව භාවිතයට (තියරියෙන් පිට ග්‍රාම්‍ය මං සහස් වටී°)
මේ තුනම හොඳින් හඳුනන්නා හුදෙකලාව වුව හෘදය සමාජානුයෝජනයක් ලබන සහෘදයෙක් වන අතර ජන විඥානය සංස්පර්ශයේ උරුමය ලබයි.
නැත්නම් එහි ප්රරත්යාවර්තයද විය හැකිය.
මේ ලිප්බොක්කේ සමාජානුයෝජනයක් නැති පාලකයන්,රදළයන් අතට රටේ බලය හුවමාරු වීම අප කිසියම් අංශයකින් සැබෑ සංවර්ධනයක් නොලැබීමට ප්‍රධානතම හේතුව බව අද දක්වාම දක්නට ලැබෙන රාජ්‍ය අනුග්‍රහ සහිත නා නා විගඩම් සංස්කෘතියෙන් මොනවට පැහැදිලි වේ.-
*සේවයට සමානුපාතද පඩිපත අනුලෝම?
*සේවය සමානුපාතද මහජන ඉල්ලුමට?
*වියදම දරන්නේ පාලකයන් ගෙදරින්ද?
*හක්කේ බොක්කේ ලිප්බොක්කේ මොනවාද?
+හක්කේ ධර්මයත් බොක්කේ දඩමසත් ලිප්බොක්කේ ගින්දරත් තුළ සමාජය සැමදා වියවුලකම හෙළා යථාර්ථයෙන් පලා ගොස් විසඳුම් සොයන රටක් බවට අප පත්ව ඇත්තේ මේ සමාජයේ සරලවම ඇහැට පෙනෙන විද්‍යාව භාවිතයට නොගන්නා විපාකයෙන් නොවේද?
පහේ පන්තියේ ප්‍රශ්න පහෙන් එහාට යා නොදී අතේ පයේ හයිය අපතේ යා නොදී හිතේ හයිය ගංවතුරේ ගලන්නට ඉඩ නොදී ලිප්බොක්කෙන් බොක්කත් බොක්කෙන් හක්කත් සවිමත් කෙරෙන ප්‍රත්‍යාවර්තී පාරමිතාවකට රටම පෙළගැස්විය යුතුය.
ජපානය නැගුවේ කොහොමද? මං දන්නේ නැත, හිත ඇත්තන් එය සොයා බලන්න. චීනය වැඩුනේ කොහොමද?
මිටි හල් මුට්ටිය ගඟේ ගියාවේ ගඟට උඩින් කොක්කු ගියාවේ.. නුඹේ අම්මා කිරට ගියාවේ..ඒ අම්මාගේ හා ඇගේ සැමියාගේ අනවරත කැපවීමෙන් තොරව අපට හෙටක් ඇත්තේම නැත. කොන්ක්‍රීට් පොළොවක් පමණක් තිබේ වි. ණයට කුලියට ඒ මත හතර රියනක් හිමි වේවි. කටින් රට වෙනුවෙන් පාරමිතා නො පුරා ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඔබේ බොක්ක හක්ක සේම ලිප්බොක්කත් එකම අරමුණක බව, අප රට නගන අරමුණක බව.
කපන්න කපන්න කැප වෙන මුවහත් වෙන සාමාන්‍ය මිනිස්සුනේ සමාජයේ විද්‍යාව භාවිතයට රොක් වෙන්න. පාට පක්ෂ නාමධාරීන්ගේ බලුගැත්තන් බත්බැලයන් නොවන්න. රට පෙරළන ශක්තිය ඔබගේ දෑත තුළයි. එය වටහා ගන්න.
Sunday, October 7, 2018
අසාමාන්‍ය පුරවැසියෙක් මි
අතීතයෙන් ඵලක් නැත
හරි වැරැද්ද ඕන නැත
නීතිරීති අපට නැත
පොලීසියත් මොකද්ද ඔය
ඉහළින් එන ඕඩර්ස් යම
දෙවියන් දෙන බෝනස් මට
උගේ මලය ෆුල් කික් එක
බලයේ ලෝ එක අපිමය
ධනයේ ෂෝ එක අපගෙය
උඹලා අපේ අතයට මය
යුක්තිය අපටය ජාතක
Friday, October 5, 2018
කිතුලේ මළ තල
යහන් කඩා බිම බුදියන්න
අනියම් ප්‍රශ්න විසඳන්න
හූනියම් හදි කරපන්න
මනී ප්‍රශ්න විසඳන්න
බනී වගේ පැන යන්න
රටේ ප්‍රශ්න විසඳන්න
පදිංචියට රට යන්න
Saturday, September 29, 2018
Tuesday, September 18, 2018
Saturday, September 15, 2018
Thursday, September 13, 2018
Monday, September 10, 2018
ටෙක්ස්ට්
හොයාපන් එහි වරද නොවේ එක පරපුරක
පිළිගනිමි හඳුනනා බුදු රඳුන් පමණක්ම
ඉන් එහා දෙයක් නම් චුයින්ගම් පමණක්ය
Tuesday, August 21, 2018
වලිග (සටන්)
නමන තෙක් යටි හිත
මෙරට නැගුමක් නැත
නටන නැටුමක් මිස
පුස්සමයි දකින්නේ
සෙස්සමයි රඟන්නේ
නිස්සමයි නසන්නේ
විසින්මයි නැහෙන්නේ
දෙසන තරමට මුසා
වැදෙයි අත් පොඩි පුතා
සහෝදර කම් හොඳා
කැටත් අරගෙන රටවටේ යං පුතා
විස්ස තිහ හතළිහක්
පනහක් හැටක් හැත්තෑවක්
ට්‍රයි එකක් දුන්නොත්
වලිග මුත් හොලවාවි බල්ලත්
Sunday, August 19, 2018
මටත් සම්මා ණයක්!
කට ඇරන්
නිදි වරන්
ගෙදර ඉඳන්
බලාන ඉන්නෙ
හම්බවෙනකන්
අඩු පොළියට
සම්මා ණයක්
රැඩිකල් හම විකුණගන්න
සීල් එක ගහන්
Friday, August 17, 2018
මම රහතෙක් නොවේ
අවබෝධයේ අයස්ථානය සෙවීමේ
නිවනේ තැන නොතැන සෙවීමේ
විහිළුව හෙළුව නම් වැටහේ
බමුණන්ට නොවැටහේ
සෝපාකට වැටහේ
චුල්ලපන්ථක නූගතා වටහා ගනී
අංගුලිමාල මැර ට ග්‍රහණය වේ
ඒත් මුග්ධ බමුණන්ට නොවැටහේ
ඒ තෙමෝ ගණන් හදති
සංඛ්‍යානයෙන් විචාර ති
අඛ්යානයෙන් අරඹති
අමරාවික්ඛේපවාදයෙන් වස්ති කරති
අවබෝධය අතින්ම අල්ලන්නට හදති
නිවනේ ඇඳුරු නොකී තියරි සොයති
ගෝලන් අඹරට අවුළුවති
අපර අහසේ තරු රටා දැක
ගෝලෝ ස්වර්ගස්ථ වෙති
දැනුමේ අනුභාවයෙන් මත්වෙති
නින්දෙන් ඇහැරී දිව්‍යමය බසෙන්
දනන් අමතති
ජුගුප්සාවෙන් ඔක්කාරය හදති
එතැන් සිට අර්ධ සත්‍ය ඔක්කාරයෙන් පිට වේ
බමුණෝත් වෙස්ගත් බමුණෝත් ඔක්කාර සත්‍යය ජූස් කරති
ඔක්කාර සත්‍ය ජූස් වෙළඳපොළ කළඹයි
ඔක්කාර සත්‍ය ජූස් බී උත්තම වූ බමුණු වැසියෝ
නැවත නැවතත් ඔක්කාරයම කරති
ඔක්කාර සත්‍ය විෂ වේ
වටිනාකම දිය වේ
සත්‍ය නිහඬව වැළලේ
මමත්වය පැළවේ
දෙව්දත් සිහිවේ
දෙව්දත් සටන සිහිවේ
අජාසත් රැවටුනෙ ඇයිද සිත්වේ
නලාගිරිට කව්ද රා පෙව්වේ
බුදුන් වදාළ ධර්මේ
අප්‍රමාදය සිහිවේ
වර්ජන ගර්ජන තර්ජන මැද්දේ
සමාජය ක්‍රොස් කර බුදුන් දැක්කේ
ධර්මය පෙනේ
රජුන්ද පෙනේ
බමුණන්ට නොවැටහේ
එනමුදු
එව බලව
තව බලව
රස බලව
ධර්මයේ
පරම පර වී..(ජර මර)
පරම කිතුණුවා
පරම ඉස්ලාමිකයා
පරම හින්දුවා
පරම හේතුවාදියා
පරම ...... වාදියා
පරම සත්‍ය නම් හොයන්නේ
ගරහන්නේ කිමද නින්දිතව
කිසිවෙකුත් පරම නොවන බව පෙන්වමින්
ශුද්ධවන්තයන් නොවන හැමදෙනාම
සළකමින් එකිනෙකාට මිනිසත්කමට
අමතාපන් පරම නුවණැසට
Thursday, August 16, 2018
(ආනන්දයෙන් අමන්දානන්දයට) අවබෝධය අතින් ඇල්ලීම-
අවබෝධය ඇත්තේ කොහේද? මොළයේ, මනසේ,
ගින්දර ඇත්තේ කොහේද?
අවබෝධයට හේතුවන සාධක ඇති තැන අවබෝධය පවතී.
ගින්නට හේතුවන සාධක ඇති තැන ගින්න පවතී.
අවබෝධයට හේතුවන සාධක ස්ථාවරයෙන් අවබෝධය ස්ථාවර වේ.
ගින්නට හේතුවන සාධක ස්ථාවරයෙන් සදාකාලිකව ගින්න ස්ථාවර කරගත හැකිය.
අවබෝධය අතින් ඇල්ලිය නොහැක, විමසා පරීක්ෂාකොට බැලිය හැක. බෙදාගත හැකි වුවත් බෙදුවාට පසු ඇමීබා පරිදි ස්ථාවරය තමතමන් සතුය.
ගින්න අතින් ඇල්ලිය හැක, අත පිළිස්සෙනු ඇත. බෙදාගත හැකි අතර ඒ බෙදීම අවුළුවා ගැනීම නමි.
නූතන නොමග
එදත් අදත් තම ගෝලයන්
ගෝලයෝ රුචිය කිතියට
එදා තරම්
රාමු හදති බමුණෝ
එදා සිටන්
ඇඳ පුටු මේස මත
සත්‍ය ගවේෂං
භාෂා ඥානය අස්සේ
සත්‍ය රිංගා සෝමපාලගේ උළු අස්සේ
ෂුවර් එකට සත්‍ය ඇත්තේ
ලිප් බොක්කේ අළු අස්සේ
මගේ ලෝකේ
උඹේ ලෝකේ
අපි නොදන්න ආලෝකේ
බෙදන්න තේ හැන්දේ
ස්ටෙන්ලස්ටීල්
අලුත් පිට උවමනාවට වැඩියි දිස්නේ
තර්ක අතර මැද්දේ
මධ්‍යම ලක්ෂේ
හරියට හොයාගත් දවසේ
ඒ අතරමැද හිඳ
දෙපැත්තෙන් තලා ගත්තම
සත්‍ය වෑහේ
මොළේ වී ඉස්මේ
Wednesday, August 15, 2018
ශුද්ධ කරපන්න හද - ලංකා
එසේ වූ පමණින් තමන් අවබෝධ කොටගත් ගැඹුරු දහම අපටද අවබෝධ කරගත නොහැකි බව උන්වහන්සේ කීවේ නැත. දක්ෂ ගුරුවරයා යනු තමන්ගේ අවබෝධය සිසුවාගේ පමණට ගලපා දිය හැකි තැනැත්තාය. සම්මා සම්බුදුු ලෙස උන්වහන්සේ හැඳින්වෙන්නේ එබැවින්ය. විද්‍යාව විග්රහ කිරීමට විද්‍යාවේ පද තිබේ. ඒවායේ අරුත බැඳෙන්නේත් විද්‍යාව විග්රහ වන තැනටයි. ධර්මයටත් එසේමය. බුදුන් හෝ උන්වහන්සේ සම්බන්ධ කරුණු සමහරක් වෙනත් වචන වලින් විස්තර කිරීමම අදටත් අපිරිසිදු කරගෙන ඇති ධර්ම විග්රහ තවත් පටලවා ගැනීමකි. ගැඹුරේ අත පතගාන්නට හදන බොහෝ දෙනාට බුදුන්ගේ ධර්මයේ ඇවිත් බලන්නට කියා කියන තැනම ඇති ගැඹුර නොපෙනේ. ත්රිලක්ෂණය, හේතු ඵල දහම, චතුර්ආර්ය සත්‍යම නුවණ ඇත්තෙකුට නම් සෑහෙන සෑහිමකි. තව දුරටත් සත්‍ය සොයා බුදු නුවණ ලබා ගැනීමට අවැසි තැනැත්තාට බුදු බව දක්වාම යෑමටත් උන්වහන්සේ මග කියා ඇත. නමුත් සත්‍ය අවබෝධය යනු බුදු නුවණ නොවේ. සත්‍ය අවබෝධය යනු ලෝකයේ සැබෑ තතු සත්වයා පිළිබඳ සැබෑව අවබෝධ කොටගෙන කළ යුතු දෑ කිරීමයි. එය හඳුන්වා ඇත්තේ නිවන යනුවෙනි. අනියත ලෝකයේ සසරක සැරිසරන සත්වයා ඉන් මිදී යාම සරලවම නිවන යි. සම්මා සම්බුද්ධත්වයෙන් මෙපිට ඒ අවබෝධය ලබාගත හැකි අයුරුත් බුදුරජාණෝ දේශනා කළෝය. ඉතිං ඒ වන් උතුමෙකු වෙත පහන් සිතින් වන්දනා කිරීම හෑල්ලුවක් වන්නේ රැජිණගේ නම්බුවෙන් සර් නාම ගත් අයටද? නැත්නම් සහතික කොළයකින් පදවි නාම ගත් අයටද? එහෙම දෙයක් නැත. උඬගු කමින් උද්ධච්ඡ වී තවත් අපිරිසිදු වීමට පෙර බිඳක් සිතිය යුත්තේ බුදුන්ගේ දහම නොතිබෙන්නට අප ලෝකය ජීවිතය පිළිබඳ සොයා තවත් කොපමණ නම් රස්තියාදු යන්නට තිබුණාද යන්නයි. අවසන කියන්නට ඇත්තේ මා වැනි සාමාන්‍ය මිනිහෙකුට නම් බුදුරඳුන් යනු ඥාන උල්පතක් බව පමණය. සකළ ලෝකයේම සැරුවද රස්තියාදු වුනද නොලැබෙන යථා අවබෝධය තමා තුළින්ම අවබෝධ කරගන්නට කියා දුන් උන්වහන්සේට වන්දනා කිරීමට ලේබල් බොදු වීමට උවමනා ද නැත. එසේ නොකිරීමට තරම් පුහු ලේබල් රැඩිකල් හීන මානයට ගොඳුරුවීමටද මට නම් උවමනා නැත.
අද බොහෝ දනා සුප්රබුද්ධය, සමාජ ජාලවල පවා ඒ ඇමතීම් අප්‍රමාණය. එහෙව් සමාජයක අපිරිසිදුකමට රස්තියාදුවට අපි දොස් නගාගත යුත්තේත් අපටමය. ඉන් එහාට යාමට හිතනවා නම් ශුද්ධ කර ගත යුත්තේ අපේ රස්තියාදු ජීවිතයි. අවංකවම අපට අප ගැන හැබෑ හැඟීමක් නැතිතාක් අපත් රටත් පුහු රැඩිකල් රැවටිල්ලකම පමණයි.
Tuesday, August 14, 2018
..........................................
මිනිස්කමේ සවාරිය - කෘතියෙන්
කවදාවත් නොවිඳි රසයකින් තෘප්තිමත් වු ගොනා මොහොතක් දෙකකුලෙන් සිට ගති. උගේ අවයව, මා කියන්නේ අං ගැනය. ඒවා දිග නැත. අං කොට බැවින් අංකොටා යැයි වටේ අය මූට කියතත් මං කීවේ "මචං" කියාය. මචං මට කතා කරන සතෙකි. ඌ මට මනුස්සකම ගැන බොහෝ කතා කියා තිබේ.
ඉතිං මචං කකුල් දෙකෙන් අපි ගහමු රස්තියාදු.. අපි දෙන්නා එකට ආහාර ගෙන දෙකට දෙපැත්තේ වැතිර ගතිමු. මට අහස පෙනේ. මචං හොම්බ දික් කරන් බලාසිටී. ඒ බලන්නේ මං දෙසය. ඒ බැල්ම සැබවින්ම රැඩිකල්ය. මචං වමාරා කන්නේ තප්පුලන්නේ හොම්බ දික් කරන්නේ රැඩිකල් කතා අහන්නට ඕනෑ වූ විටය.
මං ඌට කතාවක් කියමි. ඒ මිනිසුන් ගේ දුෂ්ට කම් ගැනය. කුරිරුකම් ගැනය. මා හැර අනිත් උන්ගේ හදවත් ගැහෙනා හැටි මම ගොනුට කියමි. ගොපළු අවතාරය බොරු බවත් රන් කෙවිටක් නැති බවත් මම කියමි.
Monday, August 13, 2018
අපල(ක්ෂීර පථයේ නැත)
ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධාවෙන්
හදවතක් නැති බුද්ධියෙන්
බුද්ධියක් නැති හදවතෙන්
තැනෙනා මිනිසුන්
විමුක්තිය සොයා
පිළක් ගෙන
පලක් බැඳ
සොයත් ඵල
නැත ලබන්නේ
බිඳකුදුත්
ඉන්..
තෙත නැති පපුවක
දෙතන පුඩු තුඩ
නොඑන ලෙස
කිරි කඳුළක්?
තෙත ඇති පපුවක
දෙතන පුඩු නැති
උනන ලෙස
නෙත කඳුළක්?
සුරේඛා ගේ රස්තියාදුව
බුදු රඳුන් වෙත
තර්කයෙන්
ඥානයෙන්
බුදු නුවණ
බැරිය අල්ලා ගන්නට
කොහෙන් හෝ මඟහැරේ
සංකල්ප
සංවාද
දෘෂ්ටි විතානය අස්සෙන්
කහ ලපයෙන්
මොළයට
යන්නේම නැත
එතැනදි
ශාරීරික උත්තේජක
මනස කුල්මත් කොට
නැවත විමසීමි
සාරාසංඛ කල්ප ලක්ෂයක
සියුම් ශක්තිය
නොසළකා හැර
අසු නොවන මානයටම
අත දමා
ඔ ඔ ඔන්න අහුවුණා
නැත
නැත කිසිත්
අහුවෙලා
ඒක මෙන්න මේ විධියයි
වචන ගොඩක හිර කරගෙන
දාන්න හැදුවත් එළියට
ශාරීරික උත්තේජක තරම්
ඒ ග්‍රහණය ලේසි නෑ
ඔව් මම රස්තියාදු වුණා
ඒත්
සුරේඛා
අහුවුණේ නෑ
ඉතිං මං
කොහොමද කියන්නෙ
යුරේකා!
Sunday, August 12, 2018
රැඩිකල් - ගුරු - කුල..ය (සාධූ.. සාධූ..සාධූ..)
ඉල්ලුම් පත්තරේ
හොයාගෙන රස්තියාදු වී
පුරවලා දෙන්න බොක්කෙන්ම
අලිඛිත ව්‍යවස්ථාව ගමෙන් ආපු පොරවල් හදපු
අම්මල අප්පල සාමාන්‍ය බොදු කිතුණු
අඳුනගන්න ඉවෙන් ඉවෙන්
ආශ්‍රය කරන්න බොක්කෙන්
පෝරමය කොළඹින් අනුමත වුණ ගමන්
කොල්ලෝ උඹත් රැඩිකල් බං
බය වෙන්න එපා
නම රිජිස්ටාර් වුණ ගමන්
උඹේ පිට කහන්න අය ඕන තරම්
ඔන්න ඕකයි පුතේ
අපි නොදන්න රෝස්පාන්
නැත්නං පුතේ
උඹ නිකංම පරළු පාන්
ධනේශ්වරයට ගල් ගැහුවට මදි
සමාජවාදයට දර ඇද්දට මදි
කුශලතාව උපතින් ගෙනාවට මදි
උඹට කෙළි කරන්න බෑ
රස්තියාදුවෙලා පාදා ගනින් ඥානේ
මේවයෙ ලයිසන් ඉන්ෂුවරන්ස්
කප්පං යන හැටි
දැන උගෙන ගනිං
මොක වුනත් පුතා
සෙට් වෙන්න
බොක්ක රැඩිකල් කර ගනින් සනා
පියවරින් පියවරේ ප්රතිරූප අභිනිෂ්ක්‍රමණය කරලා
උඹ
පොදු වෙයන්
පිදු වෙයන්
පිදිය යුත්තෙක් වෙයන්
එතකොට උඹත් දවසක
ඔය ගුරුකුලේ ලොක්කෙක්
නෑ පොරක්..
නෑ ලෙංගතු වචනයක්
කුහකයින්ගේ ඊර්ෂ්‍යාවට ලක් වෙන
මී විතක්
පැණි පොදක්
පිපාසයට දිය බිඳක්..
ඒත් අපි ප්රතිරූපවාදී නෑ පුතා..
තේරුම් ගණින්
.....
ඒක එහෙමයි සිද්ධ වෙන්නෙ
නොදැනීම
ඒව රැඩිකල් රහස්
රැඩිකල් සෞන්දර්ය එතනයි
තාම උඹට තේරෙන්නෙ නෑ බං මේවා
පළවෙනි පියවරට පලයං
Saturday, August 11, 2018
එක එකා දත කට පූට්ටු වී මට්ටු වන තුරු - මැරෙන්ට පෙර නඩු සීට්ටුවක්!!!
අෑතට යන ප්‍රකෘතියට බායි කියනවා
කෑගහලා අඬන අතර හිතේ දුකට කවි පබඳිනවා
ගිලෙන නැවේ සමහරු මණි බඩු විකුණනවා
පොරක් වෙන්න මැරෙන්න පෙර සමහරු මුහුදටත් පනිනවා
අඩි ගහලා රත්වුණු අය දාර්ශනික මත දෙද්දී
ගිලෙන නැවේ වතුර ඉහින මිනිසුන්ට වතුර ගහන අයත් ඉන්නවා
වැඩ එක එක ගොඩ වෙනකොට පඩිය පඩිය යට වෙනකොට වැඩි පඩි නැත්නම් වැඩ නැති අකුරට යන අයත් ඉන්නවා
දෙයියො බුදුන් ගැන සිහිවෙන මිනිස්සුන්ට වලිදාගෙන තර්ක වලින් මැරෙන්න යන අයත් ඉන්නවා
අපෙ අයිතිය ඉල්ලාගෙන ගිලෙන නැවෙන් නොසෙල්වීම උපවාසත් තව දළුලනවා
ඇතුළට වතුර පිරෙනවා
නැව තවම ගිලෙනවා
ඈතට යන ප්‍රකෘතියට බායි කියනවා
අපි බයිල කියනවා
සමහරු තදට නටනවා
ගිලෙන තුරුම අපි හැමෝම වලියෙ ඉන්නවා
අනුන්ට විහිළු කරනවා
නැව ගැන ඩීල් දානවා
සමහරු ඔට්ටු දානවා
තව තව තට්ටු දානවා
නැව රළට ඇදෙනවා
සුළඟට තදට වැනෙනවා
ටටා..බයි බායි.. ප්‍රකෘති
(නැවේ කාර්යමණ්ඩලය නොසළකමි)
Friday, August 10, 2018
හදාපන්න එහෙම එකක් (යථාර්ථයේ ගැට්ටෙන් නොහැරී)
Wednesday, August 8, 2018
නික්මණ
අත් හරිමි සියල්ල
බිඳ දැමුම හැර
බිඳ දමමි සියල්ල
විඳ ගැනුම හැර
විඳ ගනිමි සියල්ල
හැර යාම හැර
හැර යති සියල්ල
මේ අපේ ආදරයයි?
ඇතිල්ලීම්
තට්ටු
දඟ
වේග
සීමාව
හතර
හය
පන්දු
ප්‍රහාර
සබඳතා
ත්‍යාග
කුසලාන
ඔට්ටු
එළිවැට
යන්තමට
නළියන
කණ මැදිරි
එළි දිගේ
නොදුටු මාවතේ
නොපෙනෙනා
අන්තයට
අනන්තයට
නොඉඳුල්ව
යන අතර
දුටුවෙමි
ලෝකයම
එක පහන් කණුවක් යට තිබූ
ඉඳුල් පිරි
බක්කියක් තුළ
Sunday, August 5, 2018
වනසන්
හොර හිතින් හදාගෙන අමුතු මත
සෙව්වත් වෙනස ජීවිත පෙරළගෙන
මගෙරට කැරකි කැරකී පෙර පුරුදු තැන
වෙනසක් සොයන හැම මිනිසම පෙරට පැන
වෙනසින් හිතන්නටවත් නැහැ ඉඩක් ගෙන
කටමැත අඬහැරය හැම විට ගොඩම ගැන
ඒ ගොඩ තරකරන් නිවනට යමන් නුඹ
ගන්නට පමණි දන්නේ බෝ දනා අපේ
ඉල්ලූ විටයි මතුවන්නේ සසර ලොබේ
කළගුණ තබා යුතුකම වත් නැතිය හිතේ
එනමුදු ඒ තරම් "මිනිසුන්" නැතිය ලොවේ
හරබර කතා රැඩිකල් කුණු සරුප අගෙයි
ඒ කුණු කතා ඥානයෙ මහ පහුරු සදයි
ඒ මත රටේ අමුතුම ආයුෂය සැදෙයි
අපි විශ්‍රාමිකයි රට දැන් තොප ගෙ අතෙයි