Tuesday, May 7, 2019

අවිවාදය(අවියෙන් තොර)

කොන්දක් නැති රටක්
නින්දක් නැති හෙටක් ද?
සිහිනයෙන් අවදිවෙමු...

කොන්ද යනු පාලකයාගේ උඩු රැවුලත් යටි රැවුලවත් නොවේ. ගොරහැඬි කට හඬක් හෝ ජාතික ඇඳුමත් හෝ නොවේ. ස්ත්‍රියක වේවා පුරුෂයෙකු වේවා රට තුළ සෘජුව දෙපයින් හිඳ කටයුතු කළ හැකි ස්වාධීනත්වය ඇතිකොට දීමයි. ඊට සරිලන නීතියට යුක්තියට පණ දීමයි. මැරෙන ටිකට ගොඩ වඩා බඩ වඩා පිල් හදා ගැනීම වෙනුවට එකඳු හෝ නිවැරදි කටයුත්තකට දායක වීමට නිර්භීත පුද්ගලයින් රටේ ජනිත කිරීමයි.
ඒ සඳහා පවතින පාදඩ දේශපාලනයේ පමණක් නොව සැම පාදඩකමක්ම නිරුවත් කළ යුතුය. කෙතක් හේනක් වුව අලුතෙන් අස්වද්දන්නට නම් බිම සමඟ ඔට්ටු වී පස පෙරළිය යුතුය. එය මේ පාදඩ දේශපාලනයේ සරල පාට පෙරළියක් නොව සමාජ දේහයම වසාගත් පිළිල උගුල්ලාලන සැත්කමක් විය යුතුය. මහජනයා තම තමන් සිටින තැනින් නැගිට මේ සැත්කමට සිහියෙන් නුවණින් දායකත්වය දිය හැකි වේද, අලුත් ඇහැක් සමඟ පිළිණු දේශපාලන තුච්ඡද්වය වළ දමා ඒ මිනී වල මත මල් පුබුදුවාලිය හැකිවනු ඇත.
එබැවින් එන්න.. එක් වන්න.. සමාජ දේහයේ පිළිල හඳුනාගන්න.. හැකි දේ යුතුදේ නිසිලෙස නිසිවිට නොබියව උගුල්ලාලන්න.

No comments: