Sunday, May 12, 2019

සැමට යුක්තිය පිරිසිඳිනු

මේ රටේ සිටින්නේ දෙකෝටියකි. ඉන් කොටසක් අසාධාරණ ලෙස විඳින්නෝය. අනෙක් කොටස අසාධාරණය නිසා විඳවන්නෝය. ඊට හේතුව අසාධාරණයට උඩගෙඩි දෙන බලයයි. ඒ බලය සාධාරණය උදෙසා නතු කර ගැනීම අපේ සටනයි. එයට ඇත්තේ එකම නමයි. සාධාරණ සටන නම් එයයි.
විවිධ වර්ගවල අසාධාරණ කම් සියල්ල පොදුවේ අසාධාරණයයි. රන්පැහැයෙන් අකුරු ඇමිණුවද තුට්ටුවක වටිනාකමක් නැති මහජනයා වෙනුවෙන් ඇති රජයේ ආයතන එක වැඩේට ජීවිත කාලයම අප රස්තියාදු කරන හැටි. වෙනස් කළ යුත්තේ බලයේ අසාධාරණයයි. අසාධාරණ බලයයි. එහි අධිකාරියක් හොබවන දේශපාලනයයි. අසාධාරණ දේශපාලකයායි. තැනිය යුත්තේ සාධාරණ නීතියයි.  ගොඩනැගිය යුත්තේ ජීවිතයි, රටයි. එසේ නැතිව ජාති ජන්මය ඇදගෙන එක එකා මරා ගන්නට යාමෙන් නැවත වෙන්නේ මොන මොන ජාතියේ ආගමේ හෝ අහිංසකයන්ගේ නිදහසේ ජීවත්වීමේ අයිතිය උදුරා ගැනීමයි. නමුත් සැබෑ ප්‍රශ්නය එතැනින් නොනවතින්නේ ප්රශ්නයේ හා පිළිතුරේ මූලය වන සාධාරණකම උපදින්නේ ජාතිය ආගම කුලය පදනමේ නොවන නිසායි. ඒ මූලය මනුෂ්‍යත්වයයි. තීරණය ඔබ අතයි. ප්‍රතිඵලයද වගකීමද ඔබ වෙතයි.

No comments: