Sunday, May 5, 2019

කුඩේ මුඩු

(අරටුවට ගුල්ලෝ ගසද්දී පොත්ත පාට කිරීම)

රටේ අරටුව මොකක්ද? ඒ අරටුවට ගුල්ලෝ විද්දේ අද ඊයේද? අපි හැමදා කළේ, කරන්නේ කුමක්ද? පොත්තේ කොළ, නිල් වර්ණය වෙනස් කිරීමයි. රටේ මිනිසුන්ගේ ජීවිත වැඩි ගණනක් අහිමි වූ හැම මොහොතකම රට කිනම් හෝ ව්‍යසනයකට පත් වූවා යැයි හැඟුණු හැම මොහොතකම "අද සිට අපි සියළුදෙනා එක්වෙමු" යන උච්ඡාරණය නැවත පුනරුච්චාරණය කරනවා පමණකි. මෙවැනි අවස්ථාවලදී කාගේ හෝ කරපිට වගකීම පවරා තමන් නිදහස් වීම, එකිනෙකාට ඇඟිලි දිගු කරගැනීම, කැකිල්ලේ ප්‍රකාශ යනු  සාමාන්‍ය තත්වයක් ලෙසට අප හුරුවී ඇත. එහි විරුද්ධාර්ථය නම් ධනය, බලය, කුලය, නිලය හෝ වෙනයම් ඕනෑම වල් පඳුරකට මුවාවී බඩ නිදහස් කරගෙන රට අපවිත්‍ර කිරීමට නොනිල අයිතිවාසිකමක් සදාකාලිකව මෙහි ඇති බව නොවෙද?
තවදුරටත් යල්පැන ගිය සාම්ප්‍රදායික මළ පනිනා සංස්කෘතිය මත ඔළුවෙන් හෙළුවෙන් හිටගන්නවා වෙනුවට අප ඒ සංස්කෘතිය දෙකකුලෙන් සිටවිය යුතුය. ඒ උදෙසා තේරුම් ගත යුත්තේ සැබෑ අභ්‍යන්තරික වෙනසක් තුළ චින්තනමය විප්ලවයකින් මළකෑ පුස් මොළ ශුද්ධ කර ගත යුතු බවය. ඊට තත්වයක් තරාතිරමක් නොව විනයක් ශික්ෂණයක් හදාගත යුතුය. ඒ විනය ශික්ෂණය යනු ආපසු පොත්ත පාට කරන්නක් නොවිය යුතුය. අරටුව යළි ශක්තිමත් වන්නේ නිවැරදි ලෙස යළි සැළසිය හැකි ආරක්ෂණය සහිත පෝෂණයකිනි.
රහතුන් හෝ ශුද්ධ වන්තයන් තරමට නැතත් අමු බොරුව නවතා සත්‍යවාදී යහපත් රට වැසි පදනමකින් මිස මෙරටේ මේ මුඩුමත්වය කිසිදා වෙනස් නොවනු ඇත.

No comments: