Thursday, November 1, 2018

ඉල් ලංකා (අතුරුපසට ගම කා)

කියන දේ කරන
කරන දේ කියන
කටින්ම කතා කරන
මිනිසුන්  නැතිය රට හදන

අධෝ මුඛයෙන් බණ දෙසන
හැරෙන අතට වැඳ වැටෙන
අසූචි වළෙන්ම රන් පතන
සිහිමඳ උන්ය රට නසන

පක්ෂ ගහගෙන කිහිල්ලේ
පාට ගාගෙන නළල්ලේ
ගොටුව අල්ලන් කැකිල්ලේ
තොපිය බොන්නේ රටේ ලේ

No comments: