Monday, November 5, 2018

සුදුස්සාට සුදුසු තැන දෙනු (විවස්ථාව දරුවන්ට දෙමු/ හොඳම දේ දරුවන්ටයි)

ජනාධිපතිකම දීලා වල් බල්ලෙකුට
අගමැතිකමට අපි දාගමු ඌරෙක්ව
පාර්ලිමේන්තුවම දන් දී පින් නරියන්ට
ඩිවිෂන් රීජනල්  පවරමු පිස්සන්ට

ගරු ගරු හැමතැනම ගරු ගරු ගරු සරුව
පච පච හැමතැනම පච පච පච හැලුව
හතු බඳු උතුමන්ට වැඳගෙන රෙදි නැතුව
බුදුනුත් විකුණගෙන සිරිලක රැක ගනුව

විකුණනවාලු පෙරදා සිට රටේ හම
එහෙම කියා තැලුවේ මුතු ඇටේ මය
පුළුවන්කම තිබේනම් ගලවලා හම
අපි හැම මියෙන තෙක් ගහපන් අමන පද

කාලය කකා අපගේ ලේ අවුලුවලා
ගහලා ගැට බෙල්ලටම තොණ්ඩුව දාලා
මිනිස්සු කඩේ යවලා බඩු ගෙන්නාලා
උන් රස කරති අප මත බර පටවාලා

ලාබය තකා බෙදනා විට ඒ හැන්දෙන්
ඡන්දය ඇඳිවතත් ලාබෙට විකුණාපන්
ඔන්න ඔහොම සුදුස්සාට තැන දීපන්
ආපහු හෙට දිනෙත් ඉල්ලාගෙන කාපන්

No comments: