Thursday, August 15, 2024
නිධාන ගොඩගන්නවනම්! හා..!
මේක මඟුල් සක්වළක් ! ? යැ *මෙහි සඳහන් "වර්ග හැටපන්දහස් ගණනක" යනු වර්ගප්රමාණය කිලෝමීටර වලින් බවත් ඇප මුදල් තැන්පත් කළ හතළිහ අතුරෙන් අවසන් වශයෙන් නාමයෝජනා ලබා දී ඇත්තේ තිස් නවදෙනෙකු පමණක් බවත් කරුණාවෙන් සළකන්න - ස්තූතියි.
එක් අපේක්ෂකයෙකු 23/08/2024 දින වන විට අභාවප්‍රාප්ත වී ඇත.
Friday, August 2, 2024
Thursday, August 1, 2024
Wednesday, July 31, 2024
Tuesday, July 30, 2024
මේක නම් පිස්සුවක්!
Monday, July 29, 2024
Saturday, July 27, 2024
Thursday, July 25, 2024
ජීවිතය විඳින මළ මිනිස්සුන් සිටින!
හදවතට එකඟව සුබ ප්‍රාර්ථනා කරන්න මිනිහෙක් මැරෙනකම් බලාන ඉන්න තවත් රටක් තිබේද?
Friday, July 19, 2024
එකම කතාවක්-පරණ කතාවක්! කොටස් තුනකට-
https://hallowrusta.blogspot.com/2024/06/blog-post_25.html (සම්පූර්ණ කථාව එක දිගට)
Thursday, July 18, 2024
Wednesday, July 17, 2024
Monday, July 15, 2024
Saturday, July 13, 2024
Friday, July 12, 2024
ෆේල් පීපල්!(එතුමා වැරදි නැත)
තාලයකට අත් පොඩියක් ගහන්ඩ බැරි මිනිහෙක්ට කාලයකට රටක් හදන්ඩ බාර වෙනවා කියන්නේ ඇත්තටම ඒ රටේ මිනිස්සුන්ට බෑ!
Thursday, July 11, 2024
Tuesday, July 9, 2024
Monday, July 8, 2024
Friday, July 5, 2024
Thursday, July 4, 2024
Wednesday, July 3, 2024
Tuesday, July 2, 2024
ෂෝ ටයිම්! - විහිළුවක් වූ ජනතාවක්?
වටේ හුණු කටේ
හප හපා හැමදා එකම විටේ
ගෲෂා යවමින් වැල් පාලම දිගේ
නටාලියා උඹයි එල්ලෙන කලිසම ඉණේ
Sunday, June 30, 2024
Saturday, June 29, 2024
Friday, June 28, 2024
Thursday, June 27, 2024
Wednesday, June 26, 2024
Tuesday, June 25, 2024
Monday, June 24, 2024
Saturday, June 22, 2024
Friday, June 21, 2024
Wednesday, June 19, 2024
Tuesday, June 18, 2024
Thursday, June 13, 2024
බෑ ... බෑ ... උම් බෑ! (ආපහු හැරෙන්න බෑ - නායකතුමා අනුව යමු)
උඹත් දුවපන් පයින් හරි
නවතින්න බෑ කන්නෙ පොරි
ඔහොම දුවපන් කොහොම හරි
පණ කඩාගෙන හති හලාගෙන
හිත හදාගෙන කට වසාගෙන
බැහැයි නොකියා එහෙයි කියලා
පිම්මෙ දුවපන් නගුට වනලා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප ලුහුබඳිනවා
දිනන්නට බෑ හැරෙන්නට බෑ කෝටු පාරක් වදිනවා
නාස් ලණුවද වියගහද වැඩි පූරුවේ පව ගෙවනවා
කියන වේගෙට දුවගෙනම යමු අනේ වෙන මක් කොරනවා
Saturday, June 1, 2024
රටට ගැලපෙන ක්‍රමයක් ද ක්‍රමයකට ගලපන රටක් ද (කන් කන් බූරු - සිංගප්පූරු)
ඇමරිකානු රසයට ඉන්දියානු අච්චාරු සමඟ ලෝක පාලක දෙවියන්ගේ සහනාධාර සහලින් පිසූ කිරිබත් ද රන්වන් පැහැ වනතුරු ඉන්දියානු ගැඹුරු තෙලේ බදින ලද ලංකා හැඩ කොකිස් ද සිංගප්පූරු ගෑරුප්පුවක් භාවිතයෙන් නැකතට අනුභව කොට යා දෙක නොරත රත යා කොට හදන්නට යන මිත්‍රත්ව පාලමේ සිට බල්ටියක් ගසා ඉන්දියානු සාගරයට පැන රැළ්ළේ ගිලී හොඳින් නා පිරිසිදු වී 2048 අලුත් රටක් හදනු පිණිස එළඹෙන ජනපති වරණයේදී සුදුසු ඇඟිල්ලක කලින් ඉන්දියාවෙන් ගෙන්වූ තීන්ත ගා කතිරය බූරුවා ගසා අපේ නොවන අපේම රටේ අතපය බැද වැඩ ඇල්ලීමට හැකි නම්... සාතිශයින්ම මැනවී!
Monday, May 20, 2024
ඕනෑ නෑ අපිට පාරක්...(රටේ නායකත්වයට ටයරයක් ඕනෑ කර තිබේ)
ස්පෙයා වීලයෙන් යන ඕෆ්රෝඩ් ගමනක්
නොහොත් කැමැත්තෙන් හොල්ල හොල්ලා ආතල් ගන්නා වැල් පාලමේ ඇඩ්වෙන්චරයක්
ටයර් සමඟ බැඳුනු ඉතිහාසයක්
ටයර් සමඟ බැඳෙන වර්තමානයක්
ටයර් සමඟ පෑහෙන අනාගතයක්
ඔබේ තේරීමට
අමතර ටයරයක් (ස්පෙයා වීල්)
නැවත පිරවූ ටයරයක්
අලුත් ටයරයක් ?
පදින්න
බැරි නම්
පළදින්න
මිත්‍රවරුනි, මේක ටයර් ආකරයක්
නීරස දේශපාලන සාගරයක්
Friday, May 10, 2024
හෙන පතිත නොවීමේ විද්‍යාත්මක හේතු! (රටට හෙන)
හැම ජඩ මජර දේශපාලනයක අඛණ්ඩ පැවැත්ම පිටුපස ප්‍රබල අකුණු සන්නායක ස්ථාපිත කොට තිබේ. ඒ අකුණු සන්නායක වල අඛණ්ඩ පැවැත්ම පිටුපස අනුග්‍රාහකත්ව පෝලිමක් ස්ථාපිත වී තිබේ. අකුණු සන්නායක සඳහා වන පිරිවැය මහ ජනතාවගෙන් ඍජුව හා වක්‍රව අයකර ගනු ලැබේ.
Wednesday, May 1, 2024
Thursday, April 25, 2024
මගේ අමු පරමාධිපත්‍ය (අලාබෙට නැත)
ඕනම සිංදුවක් අහගෙන ඉන්නවා(දකුණට වමට ස්වයිප් ඕ අංකෙට එස්එම්එස් කරනවා)
ලක්ෂ පහක්වත් ගන්නවා
ඕනම කෙනෙකුට ඡන්දය දෙනවා(වමට දකුණට උතුරට නැගෙනහිරට ඕ හැරෙන අතට වෝට් කරනවා)
කෝටි එකහමාරක්වත් ගන්නවා
පිටකවරයට කලින් පොතම ස්ටඩි කරනවා(පපුව ඇතුලෙ චේ ගුවේරා ඕසෝ දළෙයි ලාමා සහ කීප දෙනෙක් ඉන්නවා)
ඔළුව ඇතුළ මාර්කටින් මැනේජර් 24*7 වැඩ කරනවා
Wednesday, April 24, 2024
Friday, March 29, 2024
මේ දවස්වල... (හෙට වෙනුවෙන් අද)
හැම කෙනෙක්ම වගේ මිනී පෙට්ටි සාප්පුවක් අරිනවා. එකක අයිතිකරුවෙක් වෙන්ත තරමට සුදුසුකම් හදාගන්න පන්ති ඔන්ලයිනුත් තියෙනවා. තරඟය හරි ඉහළයි. විනාශයට යන හයිවේ එකේ එන්ට්‍රන්ස් එක ප්‍රතිව්‍යූහගත කෙරෙනවා. එක්සිට් එක මෝචරියට තියෙනවා. විවෘතයට කැත නැති නැකතක් තියෙනවා. කතා වලට ණයට ගන්න වචන අඩු නැතිව රටේ ලෝකෙ තියෙනවා. අපි බය නෑ, රටේ නෂ්ටාවශේෂ භෂ්මාවශේෂ වෙනකම් අපට කෙළ(ව)ගන්න තවත් වෙලාව තියෙනවා!
Saturday, March 16, 2024
Sunday, February 4, 2024
Saturday, February 3, 2024
ඒක වුනේ මෙහෙමයි (ප්‍රබන්ධයකි)
එයා කියා ගෙන යනවා. වයස්ගත බවක වෙහෙසකින් තොරව කියා ගෙන යන කතාවෙ අවශ්‍යම තැනකදි හැර අහගෙන ඉන්න විතරයි මට තියෙන්නෙ. ඔන්න මට ප්‍රශ්නයක් ආපු තැන.
මොකද්ද දහමකින් ආව හේතු ඵල දහම?
ඒක ආවෙ බුද්ධ ධර්මයෙන්. බුද්ධ ධර්මයේ ඉගැන්වීම් බොහොමයක් සාමාන්‍යයෙන් වෙනත් ආගම් ඇදහීම් වලට එහා සීමාවකට හිතන්න පුරුදු පුහුණු කරන හා තර්ක කරන, ගවේෂණය කරන අයට ඉඩක් තියෙන එව බලව, ඇවිත් බලන්න කියන ධර්මයක්. හේතු ඵල දහම කියන්නේ ඒ්ක ඇතුළෙ තිබුණු අපේ විදිහට කියනවනම් විද්‍යාත්මක විග්‍රහයක්.
බුද්ධ ධර්මය නම් අහල කියවල තියනවා පමණකට, උදාහරණයක් කියන්න පුළුවන්ද?
පුං ජන්මාණුවක් ඡායා ජන්මාණුවක් එක් වීමෙන් යුක්තාණුවක් ඇතිවේ. යුක්තාණුව ඵලය නම් පුං සහ ඡායා ජන්මාණු එක්වීමයි හේතුව. අනික් අතට පුං ඡායා ජන්මාණු එක් වීමක් නොමැති විට යුක්තාණුවකට ඉඩක් නැත.
සරලයිනේ.
සරලයි වගේම ගැඹුරුයි. මෙන්න මේ වගේ තවත් බොහොමයක් දේවල් මේ කාලයෙදි නැවත එලියට ආව.
නැවත කියන එකෙන් අදහස් කළේ.
මේ කලාන්තරයක් තිස්සෙ විවිධ විදිහට සමාජ ගත වුනු දැනුම. සමාජ පද්ධතිය කැළඹෙන කොට පතුලට ගිය ගොඩක් දේවල් ආපහු එළියට මතුවුණා. විශේෂයෙන් ආගම් වල කියල තියෙන නිර්මාණ වාද, කර්ම වාද ගැන තර්ක මතුවෙද්දි මනුස්සකම රැකගන්න කියන පොදු කාරණය ආගම් වලින් ගත හැකි පොදු සාධකයක් හැටියට ඉස්මතු වුණා. ඒකට හේතුවකුත් තිබුණ.
ඒ මොකද්ද?
ඒ කාලෙ තිබුණ කෝවිඩ් කියන දරුණු ලෝක ව්‍යාප්ත වසංගතයෙන් පස්සෙ දරුණු විදිහට කඩා වැටුණු ලංකාවේ ආර්ථිකය, සමාජ පරිසරය මිනිස්සුන්ගෙ කලාන්තර සංස්කෘතික පෝෂණය තුළ තිබුණු වටිනා ගුණාංග දැවැන්ත විදිහට වෙනස් කළා. මං උදාහරණයකින්ම කියන්නම්, ආහාර අර්බුධය එහෙම එකක්. ගුණාත්මක ආහාර ලබාගන්න බැරිවීම, ඒවායේ මිල ගණන්, ඒ නිසා විශේෂයෙන් කුඩා දරුවන් සහ දුප්පත් මිනිස්සුන්ට නිසි පෝෂණය නොලැබීම විතරක් නෙවෙයි, ආගන්තුක සත්කාරයට ලැදි ජනතාවක් වුණු ලාංකික මිනිස්සුන්ට ආගන්තුකයෙකුට සත්කාර කරන සාමාන්‍ය විදිහ වෙනස් කරගන්න සිද්ද වුණා. හොරකම වැඩිවුණා.
මේ දේවල් වඩාත් බලපෑවේ හැදෙන පරපුරට. එයාලගෙ අධ්‍යාපනය අඩාල වුණා. අධ්‍යාපනය නොමිලේ සෞඛ්‍ය කියන්නේ ලංකාවේ ආණ්ඩු නඩත්තු කරපු දීර්ඝ කාලීන සුබසාධන ආර්ථික ප්‍රතිපත්ති, නමුත් ආර්ථිකයෙන් බංකොලොත් වුණු රටක ඒ දේවල් අහිමි වීම මිනිස්සුන්ගෙ ජීවිත වලට අසීමාන්තිකව බලපෑම් කරා.
ලංකාවෙ ආර්ථිකය බිඳ වැටුණෙ හොරකම වංචාව නිසයි කියල කියන එක ඒ දවස් වලට කලින්ම තිබුණු සටන් පාඨයක් නේද? මං ඒක ගොඩක් තැන්වල කියවල දැකල තියෙනව.
විශේෂයෙන් දේශපාලකයො මහජනයට ඉහළින්ම දුන්න පොරොන්දුවක් තමා ධර්මිෂ්ඨ සමාජයක්, යහ පාලනයක්, සෞභාග්‍යමත් දේශයක්. මේ හැම එකකම තිබුණෙ හොරකම, වංචාවනැති කරල සමාජය, රට යහපත් කරනවා කියන එක. නමුත් නොකෙරුණේම ඒ කාරණය.
දැන් අර විද්‍යාව මිත්‍යාව අතර සංවාදය නිසා සිද්ධ වුණු වැදගත්ම කාරණේ ඔය දේශපාලනයත් එක්ක තිබුණු ජාති ආගම් පන්ති භේදයට පහර වැදුණු එක. ඒ භේද වලින් තොරව හිතීමෙන් තර්ක කිරීමෙන් තොරව තමන්ට තමන් ජීවත් වෙන රට සමාජය හදාගන්න බෑ කියන එක මිනිස්සුන්ට ප්‍රායෝගිකවම අත්දකින්න හැකිවුණ එක.
එහෙම වුණේ තවත් වෙන්න දෙයක් නැති තරමට රට විනාශයට ඇද වැටුණු නිසා. කොහොම වුණත් මේ සංවාද සිද්ධ වුණේ හරිම කෙටි කාලයක් තුළ ඉතාම වේගයෙන් එහෙම වුණේ ඒ වෙනකොට ලංකාවෙ සමාජය අත්දැකීමෙන් ගොඩක් පරිණතියකට පත්වෙලා හිටපු නිසා. තීරණාත්මක තැනක කවුරුත් හිටියෙ.
ඔය කාලෙට කලින් ඇති හැකි උගත් උදවිය උත්සාහ කරාලු නේද වෙනත් රට වලට සංක්‍රමණය වෙන්න. ඒත් එක්කම දැවැන්ත විදිහට බුද්ධි ගලනයත් සිදුවුණා කියල මං අහල තියෙනව.
ඒක ඇත්ත. ඒ ආසන්න කාල සීමාවෙ එහෙම තත්වයක් තිබුණත් ගම් දනම් වල වගේම නගර වලත් ලොකු උගත් ප්‍රජාවක් හිටිය රට අතෑරල යෑම කියන දේත් එක්ක ලොකු අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුන. ඒ නිසා ඒ රැල්ල සුනාමියක් වුණේ නෑ.
සමාජ මාධ්‍ය, ජන මාධ්‍ය විතරක් නෙවෙයි, හන්දි කඩපිල් ගානෙ කොටින්ම මිනිස්සු රැස් වෙන්නෙ කොතනද එතන මේ කතා බහ ඇතිවුණා. හැම දෙනාම එකමුතු වීම විතරක් නෙවෙයි රටට පැහැදිලි ක්‍රමයක් ඒ කියන්නෙ හිතන විදිහ, හැසිරෙන විදිහ, වැරදුණු තැන් හොයාගෙන නිවැරදි වීම මේ ආදී දේවල් පිළිබඳ හිතාගන්න බැරි විදිහේ අවශ්‍යතාවකින් මිනිස්සු පෙළෙන්න ගත්ත.
වෙනද පාරතොටේ හෝන් ගහගෙන රණ්ඩු කරගෙන ප්‍රශ්න විසඳගන්න හිතපු මිනිස්සු දැන් අනිත් මිනිහට ඇහුම්කන් දීල තමන්ගෙ පැත්තෙන් වැරැද්ද දකින්න අරගෙන.
හිතාගන්න අමාරුයි. මං අහල තියෙන විදිහට ලංකාවෙ මිනිස්සු වෙනස් කරන්න හරි අමාරුයි කියනව ලෝකෙ අනිත් රට වලට සාපේක්ෂව.
ඒක ඇත්ත. අසියාවෙ සංස්කෘතික ජීවිත වල කොයි බුද්ධි මට්ටමේ මිනිස්සුන්ගෙත් ඔය තත්වය තියෙනව. නමුත් ආසියාවෙ විතරක් නෙවෙයි ඔය තත්වය තියෙන්නෙ. අනිත් පැත්තෙන් ඒක පුද්ගල බද්ධ තත්වයක්. කොහොම නමුත් තමන්ම හිතල තේරුම් අරන් වෙනස් වෙන්න ගත්තම ලෝකෙ මොන ජාතියෙ මිනිස්සුන්ටත් වැඩිය වේගෙන් වෙනස් වෙන්න ඒක රැල්ලක් කරගන්න ලංකාවෙ මිනිස්සුන්ට පුළුවන්. ඒක සබුද්ධිකව කරන්න පුළුවන් වීම තුළිනුයි දිගින් දිගටම අසාර්ථක වුණු රටට සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන් වුණේ.
අහල තියෙනවද දෙදාස් විසි ගණන්වල ලංකාවෙ එක්තරා අරගලයක් සිද්ධවුණා කියන එක. ඒකෙදිත් වුණේ ඔය වගේ දෙයක්. හැබැයි ඊට අවුරුදු දහයකට විතර පස්සේ ඒ සමයෙ හිටි තරුණයින් වැඩිහිටියන් හැටියටත් ළමයින් තරුණයන් හැටියටත් සහ වැඩිහිටි මැදි වියේ හිටි කවුරුත් හොඳ පරිණතියකට ඇවිත් හිටියෙ.
ඔය පරිණතිය කියන්නෙ දැනුමෙන්ද? නැත්නම් අත්දැකීමෙන්ද?
දෙකෙන්ම, මේ වෙනකොට සමාජයේ සීයට අනූවක්ම සාමාන්‍යයෙන් උගත් සාක්ෂරතාවයෙන් යුතු අය.
තාක්ෂණය ගත්තම ලංකාව පසුපසින් නේද හිටියෙ.
නමුත් නවීන තාක්ෂණ භාවිතයන් හරි ඉක්මණින්ම ග්‍රහණය කර ගන්න සමත් පරපුරක් එක්ක ඒ සම්බන්ධ ප්‍රාග්ධන සම්පත් වල අඩුව ජංගම දුරකථනයෙන් වහගන්න උත්සාහ කරන තරමේ උත්ප්‍රේරණයක් ඒ වෙනකොට සමාජයට ඒන්නත් වෙලා තිබුණෙ අවශ්‍යතාවයක් හැටියට.
මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. ලෝකෙ මිනිස්වර්ගයාගේ ජාන රටාව මූලිකව එකක් වුණාට ඒ තුළ තියෙන සුවිශේෂී අනන්‍ය ලක්ෂණ ජාතීන් රටවල් ඇතුළෙ කවදත් තියෙනවා. ඒක ඒ රටවල ජනතාවගෙ ආවෙිණික ලක්ෂණ සම්ප්‍රේෂණය කරනව. නිලීනව තියෙන මේ ලක්ෂණ ප්‍රබල මානසික තත්වයන් තුළ හොඳ ලෙස සක්‍රීය වුණොත් ඒක සුවිශේෂී තත්වයක්.
ලංකාවෙ වුණේ මෙහෙම දෙයක්ද?
මෙතෙක් වෙලා එක හුස්මට ඇදුණු සංවාද සංග්‍රහය තේ කෝපි සංග්‍රහයක් වෙනුවෙන් මිනිත්තු කීපයකට නතර වුණේ මේ දැන්. ඔන්න මිනිත්තු කීපයක නිහැඬියාවකින් පස්සේ තේ කෝපි තොලගාමින් ආපහු කතාව ඇරඹුනා.
ශරීරය වර්ධනය විකසනය පෙන්නුම් කරනව වගේ චින්තනයත් බුද්ධියත් සමඟ මානසිකව සිදුවන වර්ධනය විකසනය පරිණතිය කියන්නෙ අපි තවදුරටත් පරීක්නයට ලක්කළ යුතු දෙයක්.
මේක ශරීරයේ ඇඩ්රිනලින් වලදි වගේ ක්‍රියාකාරිත්වයකින් යුතු සාමූහික පිරිසකගෙන් එහාට යනව.
ලැව් ගින්නක් වගේ සමාජය දවන මොබ් එකකුත් නොවෙයි.
නිකං පහනින් පහනක් දැල්වීමක් වගේ දෙයක්. ශරීරය කලබල වීමක් නෑ, මනස සන්සුන් ආකාරයෙන් පවතිනව, බුද්ධිය හොඳින් ක්‍රියාත්මක වෙනව එනිසා හැඟීම් පාලනයකින් යුක්තයි. ඒ නිසා නිවැරදි තීරණ හා නිවැරදි ක්‍රියාකාරිත්වයක් නිවැරදි පෙළඹවීම් පෙන්වනව. එහෙම සමාජ කොට්ඨාශයකිනුයි මේ වෙනස ඇරඹුණේ. ඒක රැල්ලක් වුණා. අසනීපයක් වගේ බෝ වුණා. සමාජය සුවපත් වුණා.
ඒක පටන් ගත්තෙ මිනිස්සු විද්‍යාත්මකව හිතන්න පටන් ගැනීමෙන්. හැබැයි ඒ හුදු භෞතිකවාදී අන්තවාදී එකක් වුණේ නෑ.
මිනිස්සු වෙනස් වුණා විද්‍යාත්මක විදිහකට. අලුතින් හිතන්න ගත්තා. ඒ්කට මුල් වුණේ උගත් වගේම බුද්ධිමත් ශක්තිමත් මිනිස්සු. තමන්ගේ වැරදි තේරුම් ගත්ත වගේම හේතු ඵල දහම ඔස්සේ ඒ වැරදි ප්‍රතිඵල ගෙනාපු හේතු වෙනස් කරගන්න කැපවුනා. කරුමය හැටියට බාර ගත්ත දේවල් හේතු වෙනස් කර ගැනීම නිසා වාසනාවක් කරගන්න තරමට මිනිස්සු දියුණු වුණා. අන්න අර නිලීනව තිබුණු සමහර ජාන ශක්තීන් පිබිදුණා යහපත් විදිහට. ඒක වැඩකළා. සාර්ථක වුණා. රටම වෙනස් වුණා. දශකයකින්, ඊළඟ දශකයේ ප්‍රතිඵල ලැබෙන්න ගත්ත. දැන් දශක කීපයක් ගතවෙලා. අද ලෝකයේ සාර්ථකත්වයක් උසුලන කෙටි කාලයකින් දියුණු වුන රටක් වෙලා.
පොඩ්ඩක් හෝව් දැන් මෙහෙම කතාවක් අහද්දි මට හිතෙන්නෙ මේක පරමාදර්ශී තැනකට යන්න හදන විඥානවාදී කතාවක් වගේ.
කැමති කෙනෙකුට කැමති විදිහකට විස්තර කරන්න පුළුවන් වුණත් මේක තමයි ලංකාවට වුණේ. හැම රටකම ගොඩනැඟීමේ කතා සමාන නෑ. බොහෝ කතා දේශපාලනිකයි, පහුගිය යුගයේ. නමුත් විසිඑක් වන ශතවර්ෂයේ මැද භාගයේ දේශපාලනික කතා වල වලංගුතාවය පරීක්ෂාවට ලක් වුණේ විද්‍යාවෙන්. ඒ නිසා ලංකාවේ නව යුගයක ආරම්භය එන්නේ ලෝකයේ නව යුගයත් එක්ක. සමහර විට මේක අලුත් යුගයේ හැරවුම් ලක්ෂය වෙන්න පුළුවන්. අපි දැන් ඉන්නෙ විසිදෙවන ශත වර්ෂයට දශක කීපයක් මෙහා. ඔයාගෙ මැදි වයසෙ ඔයාට බලන්න අත් දකින්න පුළුවන් වෙයි අලුත්ම තත්වය.
දැන් ලංකාවට යන්න ආසයි.
ඒක හොඳ දෙයක්.
තව දෙයක් අර දේශපාලකයින්ට මොකද වුණේ.
හොඳම දේ ඒක තමයි. රට වෙනස් වෙන්න ගන්න කොටම ඒ පැරණි අය බොහෝ දෙනෙක් මේ දේවල් වලින් ඉවත් වෙලා හිටියෙ වයස නිසාම. ඉතිරි අයට සිද්ධ වුණා රටේ මිනිස්සු හදා ගත්ත විද්‍යාත්මක ක්‍රමයට අනුව පුනරුත්ථාපනය වෙන්න. කෙටියෙන් කීවොත් බුද්ධිය පාවිච්චි කරල හදාගත්ත හොර බොරු නැති ක්‍රමයට අනුගත වෙන්න ඒ අයට සිද්ධ වුණා.
ඔයත් එනවද අපිත් එක්ක ලංකාවට යන්න
මම කොහොමත් ජීවිතේ ඉතිරි ටික ගෙවා දාන්නෙ එහේ තමයි. ඒ කාලෙ හිටන් මිනිස්සුන්ගෙ හීනයක් තිබුණ ලොකේ ශක්තිමත් තැනක ලංකාව තියනව දකින්න. නමුත් හීනෙන් පවා ඒක හීනයක් හැටියට දැකපු යුගයක් පහු කරල මෙහෙම ඒ හීනෙ ජීවමානව දැකපු එකත් එසේ මෙසේ දෙයක් නෙවෙයි. දැන් විද්‍යාව කියන්නෙ ඒ දවස් වල අපි දැකපු විද්‍යාව නෙවෙයි. ඒක දැක ගන්න ඔයත් ලංකාවට යන්න ගත්ත තීරණේ හරි නිවැරදියි. විද්‍යාවෙ පෙරදිග බටහිර කියන බෙදුම් රේඛාව නැතිවුණේ ලංකාවෙ නැගිටීමත් එක්ක, එහෙට ගියාම ඔයාට හරියටම තේරෙයි ඒ කොහොමද කියල.
ඒක වුනේ එහෙම තමයි.
එහෙම කියපු ඒ පුද්ගලය මගේ අතේ අපූරු මෙවලමක් තැබුව.
මොකද්ද? මේ
ලංකාව වෙනස් කරන්න හේතු වුණු කාරණයක්.
මේක ඔර්ලෝසුවක්ද?
ඔව්. හැබැයි මේකෙ වෙලාව යන්නෙ ආපස්සට.
ආපස්සට, ඒ කිව්වෙ. කව්ද මේක හැදුවෙ.
දැන් වෙලාව කීයද කියන එක නෙවෙයි ඔතන පෙන්නන්නේ. ඔයාට අද දවසෙ කොච්චරක් වෙලාව ඉතිරීද කියන එක.
මේක හැදුවෙ ඔයා. ඵලය වෙනස් කරගන්න හේතු වෙනස් කරන කතාවක් ඔයා කීවා. පෙරදිග අපරදිග විද්‍යාව කියන බෙදුම් රේඛාවක් ගැන ඔයා කීවා. ඔයා කියන්නෙ මේක සමස්ථ ලෝකයටම ගෙනියන්න පුළුවන් කියලද?
ලංකාවට ගිහින් උත්සාහ කරන්න. දැන් එහේ පටන් ගෙන තියෙන්නේ.
මට තේරුණා. එතකොට ඒ්ක වුනේ මෙහෙමයි.
හරියට පොතක පාඩමක් ඉවර වුණා වගේ මට දැනුණා. ඇත්තටම දෙයක් ඉතිරිවුණා හිතන්න.
x
Thursday, February 1, 2024
ඔබ මේ මොහොතේ හෝ ඔවුන්ගෙන් සමාව ගන්නවාද ? (VlA ~ ඉතා වැදගත් සත්තු)
ළමයින් හෝ පරපුරක් තබා රටේ ජඩ සමාජ ක්‍රමයක් නිර්මාණයට දිගින් දිගටම දායක වූ කිසිවෙක් ඒ ජඩ ක්‍රමය නිසා පීඩාවන්ට විනාශයන්ට ගොදුරු වූ කිසිවෙකුගෙන් අදටත් සමාව ඉල්ලූයේ නැත. අඩු තරමේ තමන්ගේ වගකීමක වගකීමක් ගත්තේ නැත. ඔවුන්ට තිබුනේ ගැලවීමට හේතු පමණය. වචනයකටත් වටිනා කමක් ඇති සමාජ සංස්කෘතියක් අපට තිබුණා නම් අප අද ජීවත් වන්නේ කිසිදා බංකොලොත්භාවයක් සිහිනයකින් හෝ නොදකින තැනකය (ඊයේ පෙරේදා පදවිය හැර ගිය ජනපතිකෙනෙක් යන්නට ආසන්න කාලක සමාව ඉල්ලුවා මතකය). වැඩිදෙනෙක් යළි යළි පෙරළා පෙරළා ඉල්ලූ යේ ඡන්දයයි. රට බංකොලොත් වුවද ඔවුන් යළි යළි ඉල්ලන්නේ ඡන්දයයි. භෞතිකවද චින්තනමය වශයෙන්ද අසරණ කරනු ලබන මිනිසුන්ගෙන් හා බත්බැල කොටසකින් ලබාගන්නා ඡන්දය ගැන පාරම් බාන්නට තරම් ඔවුන්ගේ ලජ්ජාවද විලි වැසීමකට වැඩියෙන් නැත.
අලුත් රටක් හදමු කියා නිවැරදි හා සත්‍යවාදී දැක්මකින් කිසිදා අලුත් නොවන ඒ කිසිවෙක් උදෙසා, යුක්ති සහගත රාජකාරියක් රටේ ක්‍රියාත්මක වනු කිසිදා අපට දකින්නට තිබුනේ නැත, ලැබුනේ නැත. බලයේ මානය පෙන්නුවා පමණ ය.
හැම විට සොක්කන් තලා පෙළා කොක්සන් ලා ලොක්කන්ට නළා පිඹිමින් පෙරහර පැවැත්වීම ලොකුකමක් හා බලවත් කමක් වී ඇත. එකල අධිරාජ්‍යවාදීන් තමන්ට ගැති කම් කරන වුන්ට පඬුරු පාක්කුඩම් ලබාදී සමාජයේ වැජඹෙන්නට අවස්ථා ලබා දුන් ස්වරූපයේ අද වෙනස අධිරාජ්‍යයෙන් ගලවා දැමූ රාජ්‍යක් වී තිබීම පමණය. තමන්ගේ රටේ මහජනයාට දබරඟිලි දිගු කරන විධායකයන් මිස පාලක පැළැන්තිය තුළ හිඳිනා මජර ජඩයින් වෙත ඒ ඇඟිලි දිගු කරන පණැති අය අප දැක නැත. ඔවුන් වෙන රැකවරණයේ දෑත් දිගවනු අප දැක ඇත. බෙල්ලෙන් අල්ලා හෝ අවම බලයක් යොදා හෝ පාලක පක්ෂයක ජඩ දේශපාලකයෙකු පොලිස් රියක ඔබාගෙන යනු අප දැක නැත. අප දැක ඇත්තේම වෙනත් මිනිසුන් එසේ ඔබාගෙන යන වීර පොලිස් නිළදරුවන් ය. උස් තැන් දක හැකිලෙන මිටි තැන් වෙත පූප්පන මහජන සේවකයින්ය. තමන්ගේ ගජ මිතුරන් විසින් කොල්ලකා හිස් කළ භාණ්ඩාගාර පිරවීමට ජනතාවගේ බොටුව මිරිකා හූරාකන ෂෙරීෆ්ලා ව දකින මුත් ජනතාවගේ පැත්තේ හිට ගත් පාලක පක්ෂයක රොබින් හුඩ්ලා අප දැක නැත. රට සංවර්ධනය කරන සංඛ්‍යා ලේඛන පෙන්වන්නේ එහෙම ෂෙරීෆ්ලාය. සුරංගනා කතා තුළ වත් කූට ජඩ පාලකයන්ට පැවැත්මක් නැත. එහෙත් සැබෑ ලෝකයේ ජඩ පාලකයන් ප්‍රශ්නයක් වන්නේම සාමාන්‍ය ජනයාට සුරලෝ කතා නිර්මාණය කරන්නේ ඔවුන්ම වීම නිසාය. සුරඟන කතා වල සතුන්ට පමණක් නොව පිනෝකියෝලාට පවා නිවැරදි වීමට හැකියාවක් ඇත. නමුත් රටේ ලෝකයේ මිනිස්සු සමාව ගත්තත් සත්තු සමාව ගන්නේ නැති බව මෙහි අප තේරුම් ගත යුතුය. එවන් සතුන් කීප දෙනෙකුට සමාජයක් ගොදුරු වීමේ ඛේදවාචකයට හොඳම උදාහරණයද අපම මිස කවුරුන් ද!
ඇලඩින්ගේ බාප්පා Vs පුදුම පහන (බලයේ උවමනාව ද උවමනාවේ බලය ද)
බංකොලොත් භාවයක් හමුවේ වුව බහුතර මහජනයා පිළිකෙව් කළා වුව තම පැවැත්ම උදෙසා දූෂිතයින් හා දූෂිත ක්‍රමයක් රකින ~ එසේ රැකීමට සමත්කම් පාන දේශපාලක පැළැන්තියක් රටට ජාතියට පිළිලයකි, පිළිිකාවකි. ඒ පිළිකාව පතුරුවන මූලයන් උදුරා ඉවත් කරන තුරු රටට හෝ ජනතාවට සුවපත් බවක් නොවනු ඇති.
ඒ අනුව දූෂිකයින් බලය තම අවශ්‍යතාව කර ගන්නට එක පිලකට එක් වන විට ජනතාව තම උවමනාවන් බලයක් කර ගන්නට පිල් නොබෙදී එකට එක් විය යුතුමය.
Tuesday, January 30, 2024
දුප්පත් කළ රටක තිරසර කළ උරුම ! ?
උත්ඝෝෂණ
වැඩ වර්ජන
ජල ප්‍රහාර
කඳුළු ගෑස්
බැටන් පොලු
අල්ලන සෙල්ලං
අකල් විකල් මරණ
ඇරෙන වැහෙන සැලුන් දොර
අමන සමන නොනිමෙන ණය වර
අවිශ්වාසය බිය සැක සංකා මත සංක්‍රමණ
(76 ත් කට උඩ - තාමත් දුවන්නේ ඇයි කොට උඩ ? !
වරදකරු ට වඩා වරද හඳුනා ගත්තා නම් නරකද)
Sunday, January 28, 2024
ටියුෂන් සහ රිවිෂන් නම් ~ අයි එම් එෆ් ම තමයි ! (පාසල් මොටද !)
Saturday, January 27, 2024
, පව්!
Friday, January 27, 2017
අවි - බර අවි
ප්‍රඥාව මිනිසෙකු සතු අද්විතීය ශක්තිය නොහොත් බලයයි. යුක්තිය ඔහුගේ අසිපතයි. සත්‍යය ඔහුගේ පළිහයි. 😀 පෙර පිනෙන් රජවූ බොහෝ අය පවා පසුව ගර්භාවට පත්වූයේ ඔවුන් සතුව එවැනි බලයක්, අසිපතක්, පළිහක් නොතිබූ නිසා යැයි මට සිතේ.Email ThisBlogThis!
Friday, January 26, 2024
බල උමතුවේ ගොදුරු ~ මන්ත්‍රී සෙයියාව
ජඩ වැඩ කොට උනත් නෝන්ඩි
අපි හැමෝම මාර චණ්ඩි
රහට කටේ ගොට්ටෙ මණ්ඩි
බලය අපේ අපියි චණ්ඩි
බණත් අපේ අණත් අපේ
රටත් අපේ තොපත් අපේ
හපේ කරත් කුමක් තොපේ
බලය මොකේ තුනෙන් අපේ
අපි හොඳ නෑ ඔව් හොඳ නෑ
නමුත් තොපට ඉඩදෙන් නෑ
අපිම තමයි මෙහි ඉන්නේ
තොපට තමයි වැඩ දෙන්නේ
හොඳ විදිහට නෑ බලයක්
නෑ අපි ළඟ හුරතලයක්
බ්ලේඩ් වගේ අපි තලයක්
ඔව් මං පොර වෙඩි බලයක්
(පළමුව අපේ නියෝජිතයින්ව පසුව බල උමතුවට ගොදුරු වී තමනුත් වැනසී රටත් වනසන රෝගී සත සුවපත් වේවා, නැණ මල් පිබිදේවා!)
Wednesday, January 24, 2024
අන්සේෆ් ඕෆ්ලයින් සමාජයෙන් ඈත්ව ඔන්ලයින් සේෆ්ටි සමාජයේ ජීවත් වෙමු ! (සදාචාරවත් ඔන්ලයින් සමාජයක් උදෙසා ~ ඕෆ්ලයින් දුක් වේදනා අමතක කරමු)
රටේ සමාජයේ ජීවත් වීමේදී අනෙකාගේ අනාචාරය දුරාචාරය අවිචාරය නිසා අවම ~ සදාචාරය ඇති පුරවැසියාට පවා අසීමිත දුක් පීඩාවන්ට මුහුණ දීමට සිදුවීම අප රටේ ඛේදවාචකයකි. කොපමණ නීති තිබුණත් නීතිය සාධාරණව යුක්ති සහගතව ක්‍රියාත්මක නොවේ නම් ඒ උදෙසා අමතර පිරිවැයක් දරන්නට සිදුවේ නම් මුල්‍ය ශක්තිය නොමැති පුරවැසියාට අත්වන ඉරණම දෛවය හෝ ඇතැම් විට දෛවයේ සරදමක් විය හැකිය. එසේ මුල්‍ය ශක්තිය ඇත්තාට වුවද ඇත්තේ සාධාරණය උදෙසා පවතින උත්සාහක අවස්ථාවකි. නඩු නිමිති සාක්ෂි සාධක තර්ක විතර්ක ඔප්පු කිරීම් තුළ ඒ දිනුම තීරණය වනු ඇති. අද්දැකීම අනුව අපේ ඔෆ් ලයින් ජීවිතය තවමත් එතරම් සේෆ් නැත. ප්‍රමාණවත් විධායක හෝ ව්‍යවස්ථාදායක බලයටවත් තවදුරටත් එය සුව පහසු කිරීම පහසු නැති බව පෙනේ. ඒ අතින් අසමාන හොර බොරු වංචා දුෂණ නිසාම කළමණාකරනය කර ගත නොහැකිව බංකොලොත් වූ රටේ පුරවැසි ගිණුම එසේ අන්සේෆ් වෙද්දී අපේ මේ ඔන්ලයින් සමාජය සේෆ්ටි කිරීමට කටයුතු කිරීම සම්බන්ධව අදාළ තැනැත්තන්ට ස්තුති පුර්වක විය යුතුය. අඩු තරමේ ඕෆ්ලයින් ජීවිතයේ ඇති ජාගර පරිසරය ඔන්ලයින් තුළින් ඉවත් කොට සනීපයෙන් සැපෙන් ගිණුම් ගත වීමට හැකියාවක් ලබා දීම සැබවින්ම රටේ සංවර්ධනයේ හැරවුම් ලක්ෂයක් වනු නම් නොඅනුමානය. තිරසර සංවර්ධනය හීනයක් කළ සමාජයකට මේ ඔන්ලයින් සමාජ සංවර්ධනය හොඳ නින්දක් වනු නැති ද...?
Monday, January 22, 2024
හැට පන්දාස් ගණනයි කෝටි දෙකයි ~ රාජ්‍යයේ ලාංඡන සියල්ල අති ධාර්මිකයි
තුට්ටු දෙකේ චණ්ඩි /මැරයෝ හැදූ වැඩූ ධර්මද්වීපයේ මජරයෝ නොසෑහෙන කලක පටන් (අදටත්) දිවි හිමියෙන් රට බේරා ගනිද්දී පොලිසිය අසීමිතව යුක්තිය ඉටු කරයි. උපන්දා සිට මේ නාටක අඩු වැඩිය දැකීමට කොරෝනා ගොරෝනා අනෝරා හමුවේ අපි තවම පණපිටින් ඉතා වාසනාවන්තයි ...! භීෂණ යුද්ධ අරගල අති ආශ්වාදනීයයි. උගත් පාඩම් අති උන්මාදනීයයි. මීළඟ පරපුරේ උරුමය යන ලෙසට මග දිගට දිව්‍යමය වීම ඒකාන්තයි. ඒ උදෙසා එන අණ පනත් රමණීයයි, ප්‍රේමණීයයි ...!
ජීවිත මිල පහළට! (පෙට්ටි මිල ඉහළට)
මේ මොහොතේ මහජනයාට තමන්ගේ ආරක්ෂාව තමන් විසින් බලා ගැනීමට ඉඩ සැළැස්වීම තුළ රටේ ආණ්ඩුවට මහජන ආරක්ෂාව උදෙසා දරණ වියදම් කප්පාදු කළ හැකිය.
ඒ මුදල් සොහොන් බිම් සංවර්ධනය සඳහා යෙදවීම තුළ පෙට්ටි ව්‍යාපාරය සඳහා ආයෝජන අවස්ථා පුළුල් කරමින් නව රැකියා උත්පාදනයට මංපෙත් විවර කළ හැකිය.
එවිට ජීවිතය පෙට්ටියේ ප්‍රමාණයට ප්‍රතිව්‍යුහගතකරණය පහසු වනු ඇති අතර පෙට්ටිය සුවපහසු වීමත් මිල ගණන් සාධරණ වීමත් ඉදිරියේ දී සිදුවනු ඇත.
Sunday, January 21, 2024
කුලේ Vs බලේ (හාමුලා, මහත්තුරු, සහෝදරයෝ බෙදුණු රට)
ඉන්දියාවේ තරමට නැතත් දේශපාලනේ, රාජ්‍ය පාලනේ, පරිපාලනේ හංගලා ගහන දෙයක් කුලේ. ජාතිය, ආගම වගේම සමහර තැන්වලදි එලිපිටම දමල ගහන්නෙ දෙයක් නැති වුණත් පෙන්නන්න අනියම් බලේ.
පරණ කුල නෂ්ටාවශේෂ අතරේ අලුතින් හැදුණු දේශපාලන රදළ, මජර, ගජ මිතුරු, රාජ්ය සේවක, පෞද්ගලික සමාගම්, වෘත්තීය සමිති, ආගමික, නිරාගමික, සංක්‍රාන්තී, ස්වාධීන ආදී විවිධ කණ්ඩායම්, රැකියා හා විවිධ සමාජ තත්ව මත නියෝජිත කුලක, කුල ලෙස හැඟේ. මේසා නාවිද කුල පිරිස් අතරේ එක මවකගෙ දරු කැලේ මැද අතරමං නොවී කවදා ලබා ගනු ඇතිද එක මිටකට සවි බලේ ! ඒ දරු කැළටයි ජය රටේ !
Friday, January 19, 2024
සිංහගිරි Vs වංකගිරි (ගිරිය කඩාගෙන වංකගිරියක යන රට)
මිනිස්සු ආවේගයෙන් යක්ෂාවේශයන් කෑ ගහනවා. කොච්චර ආවේගයෙන් ආවේශයෙන් කතා කරත් ඒක විරෝධතාවයකින් එහාට යන්නෙ නෑ. ගියොත් සාමය කඩකිරීමක් වෙයි, අත්අඩංගුවට පත් වෙයි. සමහර විට කඳුළු ගෑස්, වතුර වදින්නෙ ඒ සීමාවටත් කලින්. අවම බලය, එතනින් එහාට එසවෙන්නේ අවි, ආයුධ. ඒත් අයුක්තිය අසාධාරණයට එරෙහි හඬ නැගීම කළ යුතුමයි. අරමුණු පටු නොවී ඒ හඬවල් එකතු වුණා නම් ජන අරගලත් සාර්ථකයි.
බලධාරීන්, නිලධාරීන් ආවේගයෙන් ආවේශයෙන් කතා කරමින් ඉන්නවා. මාධ්‍ය ප්‍රකාශ, සාකච්ඡා, මහජනයා ඉදිරියේ, ප්‍රශ්න ගැටළු ඉදිරියේ රැවටීම සඳහා රඟපානවා ද ?
දේශපාලකයො ආපහු ඡන්දෙ ඉල්ලනවා. ප්‍රතිමල්ලවයා හම ගහනවා. ප්‍රශ්න යට ගහනවා.
ඔවුන්ට ආවේගයෙන් ආවේශයෙන් දෙඩීමට එහා විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමට වගකීමත් බලයක් තියෙනවා. එසේ නම් ඒ වගකීම දැරිය නොහැකි තැන ඉල්ලා අස්නොවන්නේ, රටම වංකගිරියක අතරමං කොට තවදුරටත් ගිරිය හඬවමින් සිටින්නේ ඇයි ? රට ජාතියේ ඉරණම කීප දෙනෙකුගේ යාතු කර්ම උදෙසා බ්ලි දෙන්නේ ඇයි ?
හෘද සාක්ෂියත් ප්‍රතිව්‍යූහ ගත කරණයට සුදානම් එවන් වංක ගිරි සිංහ ගිරි තුළට බිලි වීම දකිනු යෙහෙකි.
Thursday, January 18, 2024
ඌරෝ Vs හබන් කුකුළෝ (කැකුණ තලන රට)
ප්‍රතිමල්ලවයන් එකිනෙකා අවුළුවා කා කොටා ගන්නට මං සළස්වා තම ගමන තහවුරු කර ගන්නා කුට පාලකයින්ට, බේද භින්නව තමන්ගේ ගොඩ ලොකු කරගන්නට හදන පාට පක්ෂ කල්ලි වෙස් නැතිවම පැමිණෙන ආශිර්වාදයකි. එය රටකට කාලකණ්ණි කමකි.
එබැවින් ඌරෙකු වී හබන් කුකුළන්ගේ රජ මඟුල් වෙනුවෙන් රබන් වැයීමෙන් වැළකීම යෙහෙකි.
Monday, January 15, 2024
රටේ ජාතික ප්‍රශ්නය ~ (ඒ දිග මදි ශිෂ්ණය)
ජාත්‍යන්තරයට ගිය ගායිකාවක ලෙස මේ දිනවල කතාබහට ලක්වන යොහානි ගේ ගීතයේ අදාළ කොටස තුළින් සරලවම මට නම් පෙනෙන්නේ අපේ රටම ජාතියම සාතිශයව සෝපාහාසයට ලක් කිරීමකි. එය හුදෙක් පුරුෂාධිපත්‍යකට එල්ල වුවක් ලෙසින් ලඝු කිරීම එම නිර්මාණය අවතක්සේරු කිරීමකි. කලා නිර්මාණයකින් ජනතාව ඥානනය කරනවා යනු පුළුල් අරුතකට ප්‍රවේශයයි. බොහෝ අය හුදු ලිංගිකත්වය බද්ධ කොට දක්වන්නට හදන 'රම්‍ය නැතිද කඳ සහ ලක්ෂණ සත්‍ය නොවෙද දිග මදි ශිෂ්ණය' යන්න මට නම් පෙනෙන්නේ ජාතික නායකයන් වෙත ගැසූ අතුල් පහරක් මෙන්ය. මෙතරම් රම්‍ය වූ සුවිශේෂී ලක්ෂණයන්ගෙන් හෙබියාවූ රටක් ගොඩනැගීමට හැකියාවක් නොමැති ජාතික නායකයින්ගේ ජාතිකත්වය උදෙසා ජාතකත්වයට අදාළව ශිෂ්ණය ප්‍රාණවත් හෝ ප්‍රමාණවත් නොවීම ~ සැබවින්ම සත්‍ය කරුණ නොවේ ද? රට ජාතිය උදෙසා බලය භාවිතයේදී සීග්‍ර විසර්ජනය ත් අනතුරුව ජාත්‍යන්තරය හමුවේ ශ්වේත රෙද්දේ අමන රුධිර පරීක්ෂණ වලට නොවෙද අපි අදටත් මුහුණ දෙමින් හිඳින්නේ.
පපුව ඇතුළේ චේ ගුවේරා ඕෂෝ දලෙයි ලාමා සැරිසරන අමු ගතියට මේ මොහොතේ රටේ තත්වය ගැන කිව හැකි වෙනත් වැදගත් වචන තිබේද?
ඒ අනුව වැඩිහිටි පරපුර විසින් සංගීතය තනුව නොයොදා කියන පද රචනය ඇය විසින් සංගීතයක් තනුවත් අතරේ මෙලෙස දිගහැරීම සුවිශිෂ්ඨ ජාතික කාර්යයක් ම වන්නේය.
මේ අනුව රටක් ජාතියක් වශයෙන් අනුන්ගෙන් ණයට කෑම යනු කවර අර්ථයක් දෙන්නේ ද යන්නත් එතුළ අප රට ගොදුරු වන ඛේදවාචකය කවරේ ද යන්නත් තවත් ගීයක් අස්සේ ලිංගාශ්‍රිත රෝගයක් ලෙසින් වුව පැමිණිය හැකිය. විශේෂයෙන් කුඩා දරුවන් ඒවා කියන විට තේරුම් කරදීමට වැඩිහිටියන් දැන් තියා සූදානමින් සිටීම බොහෝ සුදුසු ය.
Friday, January 12, 2024
අපේ ජාතික ගීය 🇱🇰
ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
Thursday, January 11, 2024
ඉතිං ! නතිං ! තිංකින් ! සිස්ටම් ! (අද ෂේප් ණය රට, හෙට ගහපන් පත හෙන)
රනිල්ගෙන් ෂේප් වෙමු. ඊට පස්සේ, ෂේප් වෙන්ට රනිල්ට දෙමු. ඊට පස්සේ, ෂේප් කරන කෙනෙකුට දෙමු. ඊට පස්සේ, කාට හරි දීල ෂේප් වෙමු. ඊට පස්සේ, අදාළ නෑ කොහොමත් ෂේප්.. අපි වයසයි ...
මජර ~ අමර
රට බංකොලොත් වී ජනතාව හොම්බෙන් යන අතර රට බේරාගත් හා ඉදිරියේදී යළි බේරා ගැනීමට බලාපොරොත්තු වන දැයට උපන් වීරයෝ රිලැක්ෂේෂන් උදෙසා බෝල ගැසූහ. පාටි දැමූහ. මහ ජනතාව බෝල ඇහිලූහ. ඉඳුල් කෑහ. මහා දේශපාලනයේ ගොඩ රිලැක්ෂේෂන් මදි ජාතික මනස් ජල රිලැක්ෂේෂන් පැතූහ. එතැන්හී ජනතාව මඩකෙළියට වන්හ.
ප්‍රසන්නව බුරති බල්ලෝ
පාටි දැම්මෙ නෑ කොල්ලෝ
සංවර්ධනේ රෝල් කරගෙන
නැවේ හිටියේ බල්ලෝ
මයිනෙකුත් එහි හිටියා
බූරුවත් අපි දුටුවා
පෙනුණු හැටියට සංවර්ධනේ
සත්තු සේරම හිටියා
කා බී ප්‍රීතියෙන්
සංවර්ධනේ සාදයෙන්
ලෝකල් දනා රෝහලෙන්
මල් ශාලව ඉදිරියෙන්
Wednesday, January 10, 2024
ඔබ සූදානම්ද? (ජාතික චින්තනය Vs එහි අර්ථකතනය)
Monday, January 8, 2024
වාසනාවන්ත මාතාවගේ පියයුරු පිළිකාව (ජාතික චිත්තනය Vs එහි අර්ථකතනය)
අවාසනාවන්ත ලෙස පිළිකාවට ගොදුරු වී ඇති බවට තහවුරු වූ මාතාවගේ දේශපාලනික චින් තනය ඉවත් කොට ජාතික චින් තනය සමඟ ඇගේ ජීවත් වීමේ අයිතිය සුරැකීමට කටයුතු කරමු !
ඇගේ පිළිකාව දඩමීමා කොට ගෙන ක්‍රියාත්මක වන මුදල් එකතු කිරීමේ ව්‍යාපාර සහ පිළිකාවක් නැති බව පෙන්වමින් ඇය වැඩිහිටි නිවාසයකට බාරදී ඇඟ බේරා ගැනීමට දරනු ලබන උත්සාහයන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. ඇයගේ දුවා දරුවන් එකමුතුව කටයුතු කොට පිළිකාවට ගොදුරු වු ඇගේ දේශපාලනික චින් තනය ඉවත් කොට ජාතික චින්තනය සමඟ ඇගේ ජීවිතය බේරා ගැනීමට උදක්ම කටයුතු නොකළහොත් තවදුරටත් වාසනාවන්ත මාතාවගේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු තබාගත නොහැකි වන බව පමණක් අවසන් වශයෙන් සටහන් කරමු.
Sunday, January 7, 2024
හිස්~ටින් එකක් වාගේ අපේ ...?
වර්ගකිලෝමීටර හැට පන්දාස් ගණනක් සාරවත් ඉඩමක්
නිදහස් වී දශක ගණනක්
බෙදා ගන්නට හටනක්
රකින්නට දශක ගණනක්
දහස් ගණනක ජීවිත පූජාවක් / ඩැහැ ගැනීමක්
ගොඩ නැගීමට / ගොඩ ගැනීමට තවම තටමන තරමක්
හිසේ කෙස් හිඳෙන තුරු
රටේ ගිණුම් හිඳෙන තුරු
තම ගිණුම් තරවෙන තුරු
ඇතැමුන් තිරිහන් වෙනතුරු
රටේ මහ බඩවැල පාත්වන තුරු
සංවර්ධන අර්ශස් හැදෙන තුරු
සංවර්ධනයට අර්ශස් හැදෙන තුරු
පරම්පරා මියැදෙන තුරු
ජාතික උවමනාවන් පසෙක ලා
දේශපාලන අශූචි වෙනුවෙන්
කරනා අසීමිත ම තැටමීමක්
පළමුවත් දෙවනුවත් තෙවනුවත්
සදාකාලික දේශපාලන රැවටීමක්
Saturday, January 6, 2024
Thursday, January 4, 2024
රටට ගැලපෙන දැක්මක් ව්‍යවස්ථාව / සංශෝධන තුළින් පෙනේ !!! ද? (රාජ්‍ය පාලනය Vs දේශපාලනය)
මහජනයා තමන් වෙනුවෙන් අරගලයක් කරනවා
ඒක රාජ්‍යයේ යහ පැවැත්වට අවශ්‍යයි !
මජර දේශපාලයට ඒක බාධාවක් !
මජර දේශපාලකයන් එක්ව තම පැවැත්ම වෙනුවෙන් රාජ්‍ය පාවා එය මැඬ පවත්වනවා
මහජනයාගේ දේශපාලන බේදය ඊට උඩගෙඩි දෙනවා
මහජන නොවන නායකත්වයක් අටවනවා
තව දුරටත් මජරත්වය රාජ්‍ය ගිල ගන්නවා
මහජනයාගේ හා රාජ්‍යයේ අවශ්‍යතාවය එක මුත් ඔවුන්ගේ දේශපාලන බේදය මජර දේශපාලන පැවැත්මට බරටම යටිතල පහසුකම් සපයනවා
අටවන නායකත්වය රාජ්‍ය අටවමින් ඉදිරියට ගෙන යනවා
එය සැබවින්ම ඉදිරියට යන ගමනක් ද ?
පසුපසට යන ගමනක්ද ?
ණය බර බදු බරින් ජනතාව මිරිකෙනවා
ප්‍රතිව්‍යුහගත කිරීම් රාජ්‍යයේ දේපල වෙන්දේසිය හා රාජ්‍යයේ සිඟාකෑම විධිමත් හා ක්‍රමවත් ක්‍රියාවලියක් බවට පත් කරන බව කියවෙනවා
අමු සිංදු, අමුක ඩුමුක ~ අමුඩ කඩන අතරේ පොලිසිය යුක්තිය සොයා යනවා
රට වැසියා රට යනවා
පිට රට වැසියෝ පිට රට පරිසරයට සංස්කෘතික ශේෂයට ආල වඩනවා
රාජ්‍ය ආයාලේ ගිය ද දේශය පාලනය වෙනවා
දේශය පාලනය කළද රාජ්‍ය හතර ගාතෙන් යනවා
රාජ්‍ය ණය මත ගියද දේශපාලනය ඔළු මත යනවා
දේශපාලනය ඉතිහාසය ලියනවා රාජ්‍ය කොට උඩ ළත වෙනවා
ඡන්දේ ලඟ විට රටේ දැක්ම වේදිකා ගත වෙනවා
ඉන්පසු අපේ ඊළඟ පරම්පරාවේ අරගලයට අපි හැමෝම ආයේ දවසක මහ පාරට එනවා
ඒ අතර මැද ඉතා හොඳින් රාජ්‍ය පරිපාලනය සිදු වෙනවා
Wednesday, January 3, 2024
සීතා ද රෝගේ ! (රාම Vs රා~වණ)
ඉන්දියාවේ ගාන්ධි කෙනෙක් නොහිටින්න මහත්මා, ඒ අය බංකොළොත් වෙලා හුඟක් කල් වෙන්න තිබුණා...
ලංකාවෙ දේශපාලනේ පරදන ජාතික චින්තනයක් තිබුණ නම් මහත්මා, අපිට අද ඉන්දියාවට ණය දෙන්න තිබුණා...
කියවන පරපුර නිමාවුණා
කියවන පරපුරක් බිහිවුණා
රට ජාතිය ගොඩනගන දේශපාලනේ වෙනුවට දේශපාලනයෙන් ගොඩයන්න ආපු ප්‍රමාණය වැඩිවුණා
රාජ්‍ය පාලනය බිස්නස් එකක් ම වුණා
ණය දීමෙන් හා ගැනීමෙන් ගනුදෙනුකරුවාත් බිස්නස් කරුවාත් දෙදෙනාම බංකොලොත් වුණා
එනිසා ඉන්දියාව තාම සමරන කොට රාම
ගහන කොට තමන්ගේ ගේම
අපි තාමත් කරගහගෙන නාම
කළා පමණයි රා~වණ සහ වනේ වණ
Monday, January 1, 2024
Sunday, December 31, 2023
2024 ~ Theory & Revision ~ නොවෙනස් නම් අපි හෙටටත් (ගේම ගහන හැටි)
ඔලුවක් නැති තිරසාර රටක් ~ නෑ වෙන්ට ඔබට කිසි බයක් ~ පරම්පරා හතකට මේක මරු/මාර ෆ්ලැට්ෆෝම් එකක් ~ ඔය එක පරම්පරාවකට සෙට් වෙන එක ඔබට අයිති වැඩක් ?
සින්දු ගහන නැටුම් ගහන පරම්පරාවක් ඉන්නවා
කුඩු ගහන කුඩු බෙදන පරම්පරාවක් ඉන්නවා
ඒ පරම්පරා හදපු පරම්පරාවත් ඉන්නවා
රටවැසියා බඩසයින් මියැදුනත් රස මසවුළු බුදිමින් රජ කරන පරම්පරාවක් ඉන්නවා
එතනට රට ගෙනාපු පරම්පරාවත් ඉන්නවා
ගේ දොර නාය යන තරමට පරිසරය සකස් කරපු පරම්පරාවත් ඉන්නවා
බඩ වෙනුවෙන් ඔලුව විකුණපු සියළු අවැඩ වෙනුවෙන් දායක වුණු පරම්පරාවත් ඉන්නවා
Monday, December 25, 2023
උපන්දා සිට ~ ස්තුතිය ඔබට (හදිසියේ නොකියාම ජීවිතයෙනුත් යන්නට සිදුවෙන කාලයක)
හැදූ වැඩූ මව්පියන්ගේ සිට සොහොවුරු සොහොයුරියන් ගුරුවරුන් මිතුරන් ආදී එකී මෙකී නොකී, මේ දක්වා ඇල්මෙන්, බැල්මෙන්, වචනයකින් හෝ උදව් උපකාර කළ අය මෙන්ම බාධා කරදර මඟින් ජීවිත පන්නරයට ඉඩ හසර විවිර කළ හැමටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. ඔබෙන් ගත් උගත් දෑ බොහෝය, මේ පින් පෙත් ඔබට ෴
Sunday, December 17, 2023
ජය වේවා ! (රැවටීමට චියර්ස්)
දේශපාලකයෝ ගේම දුන්න
කලාකරුවෝ ආතල් දුන්න
මහ ජනයා බලය දුන්න
රටක් හැදුණු හැටි බලන්න
සේවකයෝ රජයට දුන්න
දායකයෝ ආගමට දුන්න
ගුරුවරු දරුවන්ට දුන්න
දායාදයෙ ඵල නෙළන්න
ඔබත් හාල් මිටක් දැම්ම
මමත් හාල් මිටක් දැම්ම
හැමෝම ගින්දරත් දැම්ම
කැඳක් නොමැති වතුර බොන්න
Wednesday, December 13, 2023
Monday, December 11, 2023
සිරිමත් මගෙ සකි ~ දොන් ජුවන් සැපට ඇති (සිරිලක සිරිසැප ~ නොලද සිරිමත / නිදිමත බුදිමත ~ දොන් ජුවන්ල සැපට ඇත)
ජාතිවාදය ආගම්වාදය මුග්ධවාදය මජරකම අවුස්සා බහුතර ඡන්දය දිනා ගත හැකිය.
බදු ගසා රාජ්‍යයේ දේපළ විකුණා ගෙල මිරිකා සිහිමුර්ඡා කොට ප්රතිව්‍යූහගතකරණ සංදර්ශන පෙන්විය හැකිය.
වංචාව දූෂණයේ යෙදෙමින් හොරකම් මැරකම් කරමින් රට පාලනයට පූර්ණ සහාය දෙමින් ව්‍යාපාර කළ හැකිය.
වරප්රසාද භුක්ති විඳිමින් දේශපාලනය කරමින් නීති පනවමින් නීති නවමින් රටේ නිදහසේ කල් ගෙවිය හැකිය.
සාධාරණව යුක්ති සහගතව සාමකාමීව නීතිගරුකව නිදහසේ නිවහල්ව ජීවත්වීමට නොහැකිය. : !?
Saturday, December 9, 2023
රට කලා ~ 1/4 ක්‍රියා(කාලක්‍රියා) ~ ක්ලීන් ෂොට් ~ නොකවුට්
රටට කලාවක් ඕනෑය. ඒ රසවින්දනයට පමණක් නොවේ. ඥානනයට පමණක් නොවේ. රට භෞතික වශයෙන් ගොඩනැංවීමටත් කලාවක් අවැසිය. ගෙයක් දොරක්, වත්තක් පිටියක්, ගමක්, නගරයක් ගොඩනැගිය යුත්තේ ඒ අනුවය. රටක සංස්කෘතියක අතීත උරුමයන්ගෙන් අදටත් අපි දකින්නේ ඒ කලාවයි.
ගම පන්සල වැව දාගැබ ද එහෙම කලාවකි. ඈත මැත එහෙම ඉතිහාසයක ජීවිතයට ගමට පරිසරයට බද්ද වූ කලාවක් අපට තිබිණි.
ඒ කලාව අද දක්වා අපි ඉදිරියට ගෙනවිත් ඇත්තේ කෙසේද?
රට රට වලින් ණය ආධාර ලැබුණු පමණට ඡන්ද ටිකක් බිලිබා ගත හැකි වූ පමණට තැන නොතැන නොයෙක් දේ ඇටවීමෙන් ඒ කලාවට රටට ලැබුණු පෝෂණය කවරේද? ඉන් සිදුවී ඇති විනාශය කොපමණද? ජීවිත දේපළ වශයෙන් ඒ ඒ අවස්ථා වල අපි ඒ ප්‍රතිඵල ගණනය කරමින් සිටින්නෙමු. වැසි සමයේ ගම් නගර යට වීමෙන් නොනැවතී වතුපිටි ගෙවල් දොරවල් ගිලා බැහීම දැන් සුලබ කරුණක් වී ඇත. ඊට හේතු මොනවාද? සුන්දර පරිසරය, ඉතිහාසයේ උරුමය පෙන්නා විදෙස් විනිමය ඉපයීම පිළිබඳ මහා උජාරුවකින් පාරම් බානා රටේ ගෙයක් දොරක්, පාරක් තොටක් ඉදිකිරීමේ දී රටට ගැලපෙන කලාවක් ක්‍රමයක් තිරසරභාවයක් ගැන කිසිඳු තැකීමක් අද උවමනා නැද්ද?
කෙස් පැළෙන තර්ක සහිත අපූරු කතා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා තුළ ගොනු වූවාට එහි ප්‍රතිඵල වශයෙන් යහපතක අංශුමාත්‍රයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම දශකයකට තබා ශතකයකටවත් සිදු නොවන රටක අපට කළ හැක්කේ කුමක්ද?
තාක්ෂණික නිළධාරීන් හිටියාට, අණ පනත් පොත් පත් තුළ තිබුණාට වගකීම් යුතුකම් පිළිබඳ බහුතරයාට ඇත්තේ එකම කැත ගතියකි. එනම් එකිනෙකාට බෝල පාස් කරන ~ අදාළත්වය පැහැර හරින මඟහරින ~ ඇඟ බේරා ගන්නා තක්කඩි නින්දිත නිවට ස්වභාවයයි.
වැල යන අතට මැස්ස ගැසීම, එන එන අතට උළුවහු ගැසීම දිගටම ක්‍රියාත්මක ය. වමට දකුණ කරන්නට දකුණට වම කියන්නටත් කිසිඳු විලි ලජ්ජාවකින් තොරව ඒ පැත්ත මේ පැත්ත හැරෙන්නට වගකිව යුත්තන්ට හැකිය. හොඳට බුරන්නට හැකි නම් බල්ලෙක්ට වුව රට කරන කලාවේ හොඳ නමක් සහ තැනක් හදා ගන්නට හැකිය. රට ගොඩනැගීම පිළිබඳ නූතනයේ අපේ කලාව ඇත්තේ එබඳු තැනකය.
මජර තක්කඩිකම් පිළිබඳ උපාධි පශ්චාත් උපාධි හිමි පිරිස් රටට නායකත්වය දෙන්නේ රට කරන්නේ එහෙම කලාවකටය. ඉංග්‍රීසීන්ට රට බාර දුන්නාට වඩා ජාත්‍යන්තර සමාගම් හොඳ වනු ඇත. ඉන්දියාව චීනය අපට විශ්වාසය. ඇමරිකාව? තවත් රටවල් එමට. ඔවුන් අපේ හෙට දවසට මඟ පෙන්වනු ඇත. ඒ මඟ පෙන්වීම අපට අලුත් සංස්කෘතියක් තනනු ඇත. ඉංග්‍රීසින්ගේ පාලම් බෝක්කු රේල්ලු වලට පසු මේ මිත්‍ර ජාත්‍යන්තරය ශක්තිමත් ආකෘතින් ඔස්සේ නාය යන ගෙපැලේ සිට අප ගොඩ ගනු ඇත. රටම ගිලා බැස්සත් සියළු මහා මාර්ග හයිවේ කළ යුතුමය. දිනපතා කව්රුන් බිලි වුවත් අලි මිනිස් ගැටුම විසඳුම් නොමැති පුවත් බවටම පත් කළ යුතුය.
ගම ...යාව ...නය ...කාව
අප ගෙවල් දොරවල් ගම් නගර තැනිය යුත්තේ එහෙම 1/4 ක්‍රියා කලාවකටය ~ කාලක්‍රියාවකටය. පාලකයින්ගේ හැසිරීමෙන් පෙනෙන්නේ එමමය. වචන මරනවාට එහා රටේ අක් මුල් ගැන ඔවුන් දන්නා දෙයක් නැත.
Monday, December 4, 2023
නූල කැඩුණු සරුංගලේ (පරමාධිපත්‍ය උඩු හුළඟට !)
රජා රට කරපු කාලේ තිබුණු කුල ක්‍රමයත් ආණ්ඩු රට කරන කාලේ ඇති පක්‍ෂ ක්‍රමයත් රට ශක්තිමත් කළේ හෝ කර නැත. ඉන් ජනතා මතය පමණක් නොව ජනතාවම බෙදුවේය. බල තණ්හාවෙන් වරප්‍රසාද භුක්තියට ඇති කෑදර කමින් රජකම් කළ උන් ද ආණ්ඩු කළ උන්ද උන් ශක්තිමත් කළ උන් ද හැදුවේ රට නොව තම පරපුර හා ඔවුන්ගේ අනාගතය පමණි. එදා සිට රටේ තරුණ උදවිය රට ජාතිය ආගම සාධාරණය යුක්තිය සමානාත්මතාව නාමයෙන් කොතැන කෙලෙස බිලිවුවද බිලිකලද ඒ මඟින් රටේ ඉරණම යහපත් කර ගන්නට කිසිවෙකුට හැකි වූයේ නැත. ඒ සියළු ක්‍රියාදාමයන් අවසානයේ මජර දේශපාලනයේ ගොදුරු බවට පමණක් පත්විය. ආණ්ඩු ප්‍රශ්න හැදුවා සේම ඒවා නිරාකරණය කළේත් එහෙමය. භීෂණයත් යුද්ධයත් අරගලයත් තරුණයාත් ආණ්ඩු වලට එකක්ම වූයේ ඒ අනුවය. මේ තාක් රටේ ආණ්ඩු නියමින් අනියමින් පන්න පන්නා රටේ තරුණයින්ට ඔවුන්ගේ මතවාදයන්ට වැඩේ දුන්නා මිස රටේ ප්රගමනයට ඔවුන් හෝ ඔවුන්ගේ සංකල්ප දායක කර ගත්තේ නැත.
හැමගේ ශක්තියෙන් රට ඔසවා තබනු වෙනුවට පාණ්ඩුව හැදුණු ආණ්ඩු රටත් ජනතාවත් හිඟමනට දැමුවේය. ආණ්ඩු වලට පාණ්ඩුව හැදුනාට කිසි කලක ආණ්ඩු කළ උන්ට හෝ රට කළ උන්ට පාණ්ඩුව හැදුනේ නැත. ඉන් වැනසුනේ රටේ සමාන්‍ය ජනතාවය. රටය. ආණ්ඩු වලට පාණ්ඩුව හැදුනේ රාජ්‍යයේ රුධිරය කිරට හරවමින් උරා බිව් ජනතාවක් නිසාද අකාලයේ විනාශ කළ තරුණ පරපුරක් නිසාද රාජ්‍ය භාවය ඉල්ලමක් කොට ගත් නිලධාරී පැළැන්තියක් නිසාද නොඑසේ නම් එන්නත් කටු ගසා රුධිරය අමු අමුවේ ඩැහැගත් කොල්ලකාගත් පිරිස් හා ඊට උඩගෙඩි දෙමින් රටේ ආණ්ඩු කළ පිරිස් නිසා ද යන්න තවමත් රටට රහසක්ද?
ගේ දොර හරක බානේ සිට තම දරු සිඟිත්තා දක්වා ඔට්ටු තබමින් සූදු කෙළින්නෙකුගෙන් මේ රාජ්‍ය කළ උන් වෙනස් වන්නේ නැත. එකිනෙකාට තම හෘද සාක්ෂිය ගලවා ගැනීමේ චරිත සහතික හෝ හැන්සාඩ් වාර්තා තිබිය හැකිමුත් රටක් ජාතියක් හිඟන වින්දනයකට ඇද දැමුණු පාප කර්මයෙන් මිදීමට කිසිවෙකුට කිසිදා හැකි වනු ඇති ද?
එසේ නොහැකි වන්නේ බලය හා ඊලඟ වාරය ගැන මිස තමන් පත් වූ කාල සීමාවේ වැඩ පිළිවෙල හෝ තමන්ට ඉතිරි වී ඇති කාලය පිළිබඳ හෝ රටේ කාලය විනාශ කර දැමීමෙන් ඇතිවී ඇති කාලකන්ණි කම පිළිබඳ හෝ වදවෙන වගවෙන වගකීමක් දරණ එකෙක් අදටත් මේ රටේ පාලනයේ දක්නට නැති නිසාය.
කුල ක්රමයක් හෝ පක්‍ෂ ක්‍රමයක් තුළ පැමිණෙන බ්‍රෝකර්ලාට මහජන නියෝජිතයින් යැයි කීමට සූදානම් පිරිසක් තවදුරටත් දක්නට ඇති නිසාය.
Friday, December 1, 2023
පච රජ වීම ~ රට පච වීම (රජාගේ සෙට් එකේ ආතල් එකට සෙට් වෙමු)
දේවාලයක් කරන්න එපා මේක, පච මෝලක් කරන්න ~ මැරෙනකම්ම තව තියෙනව, හතරවරම් දිග අරින්න
Thursday, November 30, 2023
උරුමයේ අසම්භාව්‍ය කරුමය(0)~ පාලකයින් ශ්‍රේෂ්ඨය
අතීත උරුමයන් රටට හිමි වෙද්දී වර්තමාන උරුමයන් රටට අහිමි වෙයි.
Tuesday, November 28, 2023
හෙලුවෙන් ම ඉන්නට ලැබේවා'යි සුබ පතමු ! (හොරුන්ගේ ජනපති)
හොරු නැති රටේ ඇඳි වත ඉනු ජනපතිට
සහායට අගමැති ද මැති ඇමතිද පැමිණ
හැම දෙන හිඳින විට හෙලුවෙන් එක පෙළට
ආඩම්බරයි හොරු නැති රට හොරු හැමට
Saturday, November 25, 2023
Tuesday, November 21, 2023
උනුන් වෙනුවෙන් සට්ටැඹි කාර්ය කරගනු ~ රටට හෙන ගහපු දෙන්!
රට වැසියා වෙනුවෙන් නැති සටන්කාමිත්වයකින් ස්වකීය හාම්පුතුන් වෙනුවෙන් බුරන බල්ලෝ සිටින පාර්ලිමේන්තු සඳහා දරණ වියදම් බලු කපුටු දානයක් ලෙස සළකමු!
Friday, November 10, 2023
මනෝ පුබ්බංගමා ධම්මා ~ මානසික බංකොළොත්භාවය
ඉහළ පැළැන්තියේ දූෂණයත් දූෂිතයන් රැකීමත් නොනවතින රසාස්වාදයක් වෙමින් පවතින රටක සාමාන්‍ය පැළැන්තියේ යුක්තිගරුක ගුණ ගරුක සැබෑ මහත්වරු සිල් සමාදන් විය යුතුද?
Saturday, November 4, 2023
ඒ අපි Vs මේ අපි
ඒ පාලක මණ්ඩලයත් රටේ පාලක මණ්ඩලයත් අතර ලොකුම වෙනසක් නැත.
ඒ ක්‍රීඩකයින්ගේ අසමත් වීමත් රටේ ජනතාවගේ අසමත් වීමත් අතර ලොකුම වෙනසක් නැත.
පිට්ටනිය සහ පොට්ටනියේ නම් ලොකුම වෙනසක් ඇත.
මේක ලංකාවේ දෛවය ~ කිසිවෙකු කිසිවකට වගකිවයුතු නැහැ! (pass your ball)
රට නොහැදුවට භූමි භූමිපුත්‍රයෝ නොහැදුවට ඔවුන් තමන් වෙනුවෙන් ලක්ෂ ගණනින් ඡන්ද දායකයො හැදුවා ~ අදටත් හෙටටත් හදනවා ~ ඒකට කාටත් වැඩ පිළිවෙලක් තියෙනවා, ප්‍රතිපාදන තියෙනවා!
රෝහල් ළඟ මල් ශාලාව තියෙනවා!
බංකොලොත්භාවය ළඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තියෙනවා!
ඊළඟ ජනපතිවරණයට අපේක්ෂකයො ඉන්නවා!
මේ ලෝක කුසලානෙට පස්සේ ඊළඟ ලෝක කුසලානය තියෙනවා!
හැමදාටම හැමදේටම අපි ළඟ ඕන තරම් විචාර විවේචන තියෙනවා!
ආන්දෝලනයක් නම් විධායක ජනාධිපතිගෙ කොමිසන් තියෙනවා!