වරප්රසාදිත සුදු කරපටි හොරු, මෘදුයි, අහිංසකයි, රටක් වටී. සුරැකිය යුතුයි, ඔවුන් මත්තේ ඔබට කළගුණ සළකාවි! උන් වෙත ලිහිල් මධ්‍යස්ථභාවයකින් හැසිරිය යුතු..
Wednesday, February 19, 2020
Saturday, February 15, 2020
2/3 මෑත ඉතිහාසයේ දේවානි/දේව ලාට හිමි තැන... (දුටු නොදුටු සිරිමත්හු)
වළ දැමිය නොහැකි තැන එඩිය හිත ඇතුළේම
දිගු කළ විටෙක සත්‍යයේ හස්තය දිගටෝම
සිඹගනිති බොහෝ අය කපනු බැරි තැනදීම
නමුදු සතපති සදා සයනයෙ කැමරා නොමැති තැනදීම
Friday, February 14, 2020
Thursday, February 13, 2020
ඊට විකල්ප නැත.. (වාතය, ජලය, පස)
එතුමිය හැර තවත් අය සිටී. එතුමා හැර තවත් අය සිටී. පිටිවල ගුල්ලන් සිටී. ක්‍රීඩා පිටිවල හරඹ පෑමට තවත් අය සිටී. හදන පිටිවලින් ගසා කෑමට තවත් අය සිටී. හුරේ දැමීමට තවත් අය සිටී. මුකවාඩම් දැමීමට තවත් අය සිටී. නීති දැමීමට තවත් අය සිටී. නීති රැකීමට තවත් අය සිටී. ඒවා කැඩීමට තවත් අය සිටී. විවෘත කිරීමට තවත් අය සිටී. පෙනී සිටීමට තවත් අය සිටී. නොයෙක් නොයෙක් අය සිටී. තවත් තවත් අය සිටී. එහෙත්...
Saturday, February 8, 2020
නිකටට උඩින් නිකමට සමාධියාමී..?(මුසාවාදා වේරමණී ශික්ෂා පදං)
කටින් ගහල දිනන්න බැරි නම් පැවැත්ම දුෂ්කර සමාජයක් හැදුනෙ කොහොමද? දේශපාලකයො කටින්ම රට හදන්න පටන් ගත්තෙ කවර කාලෙක හිටන්ද? තුන්සිය හැටපස්දා සම්මාවාචා කියා බණ දෙසන රටක ඒ සම්මා සම්භාෂණයම නැවත කුණු කටේ වාදමට යට කරන්නේ කව්ද? සාර දේ කටවාචාල කමෙන් නිස්සාර කරන නායකයන්ට, පාලකයන්ට රටකට චින්තනයක් දැක්මක් ගෙන ආ හැකිද? යහපත ගැන කියන, කියන දේ කරන, සුදුස්සන්ට සුදුසු තැන් ලැබෙන්නේ හැදෙන්නේ, සාධාරණය, යුක්තිය කටින් නොව භාවිතයෙන්, සමානාත්මතාවයෙන් යුතුව වටිනාකම් සහිත හරවත් සමාජයක් හැදෙන්නේ කවදාද?
Friday, February 7, 2020
සතුටු කඳුළු.. (දොහොත් මුදුනේ.. මන්ද තිස්තුන් කෝටියක් තවම අහසේ..)
රන්ජන්ට වඩා විවෘතව කළ කී දෑ එළිපිට පිළිගත් ශුද්ධවන්තයින්ගෙන් පාර්ලිමේන්තුව පිරී තිබේ. අයහපත් බලලෝභී නිර්ලජ්ජිත මිනිසුන් විසින් වඩා යහපත් මිනිසුන් පාලනය කරනු නොලැබේ. ආගමත් ජාතියත් නීතියත් සංවර්ධනයත් ඡන්ද සේල් වල කුණු කොල්ලයට නොවිකිණේ.
Thursday, February 6, 2020
දූසන වංචා පිට්ටු දකිමු! (ජීවිත රක්ෂණ ඩීල් දමමු)
රිය සක යුරු
මෙහි හොර බොරු
සඳ හිරු තරු
පවතින තුරු
සමතුන් නැති
බලයක් ඇති
මෝරුන් කිරි
හුරතල් හරි
සිපිරි ගෙවල්
සුපිරි ගෙ වල්
පටලැවි ලල්
ඔක්කොම lol
කොටි වලිගේ
හොරු කෙ(එ)ළියේ
කට බලියේ
උ(නු)න් සුදියේ
Tuesday, February 4, 2020
Friday, January 31, 2020
පාලි මින්ට් වත්මන් සංයුතිය (හුදු සමාජ සංස්කෘතිකමය කල්පිතයකි)
පාණාතිපාතා තිහක්
අදින්නාදානා හතළිහක්
කාමේසුමිච්ඡා විසිපහක්
මුසාවාදා හැටක්
සුරාමේරේ සීයක්
කවටයෙක්
විකටයෙක්
පාතාලෙ හතරක්
තුන්ප්‍රයාම තිස්හයක් අඩු කළවිට
දෙසිය විසිපහක්
Thursday, January 30, 2020
සටකපට
අද ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරන්නේ මෙතුවක් අපේ නිදහස් අධ්‍යාපනයෙන්, සමාජ සංස්කෘතියෙන් හැදූ නායකත්ව පෞරෂ ස්වරූප නම් වරද කොතැනද?
Saturday, January 25, 2020
නූගත් පාඩම් -
රට විධිමත් කිරීමට 2/3 දේශපාලන බල ව්‍යාපෘතියකට එහා ගිය විද්‍යාත්මක ක්‍රමවේදයක් අවශ්‍යයි.
Friday, January 24, 2020
විජය ගේ පරපුර
අප්සයිඩ් ඩවුන් වී
බැක්සයිඩ් උඩ යයි
සමහර මොළ
වැඩ කරන්නේ එවිටයි
ශූරයින් මතුවෙයි
රේටින්ස් පෙරළෙයි
දිනෙන් දින ජාතියට
වීරයන් බිහිවෙයි
කළු චැසියට
සුදු බොඩි ඇත
සුදු කොඩි යට
සභ්‍යත්ව පිරුවට
හතේ පොත
සමඟ හැත්තෑවස
මහ බැංකුවේ සිට
පවුල් ගස් හැම තැන
රජ සහ මජර ජරමර
කවි කොළ සදිසි හඬ පට
ට්රෙන්ඩින්ය හුටපට
තුනෙන් දෙක ගෙන තනනු සුරපුර
Thursday, January 23, 2020
සද්දෙට විද්ද - පාර්ලිමන්ට් විලන් - හා සදා චාරය - නරඹමු
සද්ද විද්ද - ඔහු හඬ අනුව විද්දේය. ගෙම්බෝ ඇමිණුනි. ඉතිහාසය පුණුරුච්ඡාරණය වෙයි.
පාර්ලිමන්ට් පෝක් - සිංහල සිනමාවේ ප්‍රබල දුෂ්ටයෙකු නොමැති අවධියක ඒ භූමිකාවට පිවිසුනු ඔහු, දුෂ්ඨයා විසින් වීරයා අවදි කරන්නට වෙහෙසෙයි..
හා සදා චාරය -
ඇතැයි කියන මාහැඟි සංස්කෘතිය කාබාසිනියා කර ලාභ උපයමින් වැනසෙතැයි කියන සංස්කෘතිය රැකගැනීමට උරදෙන - ජනතාවාදී හා සුදු ජනමාධ්‍යය මහජනයා වෙනුවෙන් අනවරතව වෙහෙසෙයි..
නරඹන්න... පැතූ ප්රතිලාභ විඳගන්න. විනෝද බද්දේ පාඩුව ජනතාව වෙනුවෙන් ආණ්ඩුව විසින් දරනු ඇත.
Wednesday, January 22, 2020
සකල කලා අන්ඩරය -
යථාර්ථය ඥානනය කරණු පිණිස විකාර රූපී කළා මාධ්‍ය ඔස්සේ පැමිණි හඬනළු රංජනය - ලාංකීය සකල කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක්.
Sunday, January 19, 2020
Thursday, January 16, 2020
Tuesday, January 14, 2020
තුවක්කු තබා උණ්ඩ දඩයම.. (රන්ජන් ගේ හඬපට තුළින් විදර්ශනාව පහළ වූ වග)
මේ විකල සමාජය නිර්මාණය කළ සම්භාව්‍ය සාතන්ලා රන්ජන්ලාට වඩා ශ්‍රේෂ්ඨ වේ. හේතුව ඔවුන්ට විරුද්ධ සාක්ෂි කෝටියක් ජනසතු වුනද ඊට විරුද්ධ බලයක් කිසිදා මේ සමාජයේ ක්‍රියාත්මක නොවන බැවිනි.
හඬ පට උණ්ඩ කළ හැක්කේ කවර සමාජයකද? ඒ සමාජය බිහි කළෝ කවරහුද? කුණු රහට අයිසින් තැවරුණ හඬපට කේක් ගෙඩිය මේ සමාජයේ එක හරස්කඩකි. එය දහස්වරක් විශාලනය කර බැලුව හොත් ලාංකිකයාට පෙනෙන්නේ තමන්ගේම සමාජයේ හෙළුව මිස අනෙකක් නොවේ.
Monday, January 13, 2020
Sunday, January 12, 2020
ගුරු තරුව - නිවී
අ අර බල අප රට
ආ ආන්තරාවක
ඇ ඇදී ඇදී යත
ඈ ඈතින් ඈතට
ඉ ඉහ මොළ මද නැති
ඊ ඊළඟ පරපුර
උ උන්ගේ ලෝකයෙ
ඌ ඌරන් වූ හැටි..
Saturday, January 11, 2020
අවසානයි!
- වගකීමක් වගවීමක් නැති බහුතරයක්
- බිඳ නොදැමෙන අසම විශම චක්‍රයක්
- කාලීන කෙරූ බණ කවි බණට ඡන්දයක්
- නොහැදේ අලුත් රටක් අලුත් ජනතාවක්
Subscribe to:
Posts (Atom)