Friday, January 24, 2020

විජය ගේ පරපුර

අප්සයිඩ් ඩවුන් වී
බැක්සයිඩ් උඩ යයි
සමහර මොළ 
වැඩ කරන්නේ එවිටයි

ශූරයින් මතුවෙයි
රේටින්ස් පෙරළෙයි
දිනෙන් දින ජාතියට
වීරයන් බිහිවෙයි

කළු චැසියට
සුදු බොඩි ඇත
සුදු කොඩි යට
සභ්‍යත්ව පිරුවට

හතේ පොත
සමඟ හැත්තෑවස
මහ බැංකුවේ සිට
පවුල් ගස් හැම තැන

රජ සහ මජර ජරමර
කවි කොළ සදිසි හඬ පට
ට්රෙන්ඩින්ය හුටපට
තුනෙන් දෙක ගෙන තනනු සුරපුර

No comments: