Tuesday, January 14, 2020

තුවක්කු තබා උණ්ඩ දඩයම.. (රන්ජන් ගේ හඬපට තුළින් විදර්ශනාව පහළ වූ වග)

මේ විකල සමාජය නිර්මාණය කළ සම්භාව්‍ය සාතන්ලා රන්ජන්ලාට වඩා ශ්රේෂ්ඨ වේ. හේතුව ඔවුන්ට විරුද්ධ සාක්ෂි කෝටියක් ජනසතු වුනද ඊට විරුද්ධ බලයක් කිසිදා මේ සමාජයේ ක්‍රියාත්මක නොවන බැවිනි.
හඬ පට උණ්ඩ කළ හැක්කේ කවර සමාජයකද? ඒ සමාජය බිහි කළෝ කවරහුද? කුණු රහට අයිසින් තැවරුණ හඬපට  කේක් ගෙඩිය මේ සමාජයේ එක හරස්කඩකි. එය දහස්වරක් විශාලනය කර බැලුව හොත් ලාංකිකයාට පෙනෙන්නේ තමන්ගේම සමාජයේ හෙළුව මිස අනෙකක් නොවේ. 

No comments: