රට ජාතිය ආගම රැකගත හැකි එකම තැනැත්තා
රටේ ජාතික ආරක්ෂාව භාරගත හැකි එකම තැනැත්තා
රටේ ආර්ථිකය ගොඩ දැමිය හැකි එකම තැනැත්තා
ect.
මේ සියලුම තැනැත්තන් හමුවේ හොඳටම ඇඳගත් එකම තැනැත්තා
රට ජාතිය ආගම රැකගත හැකි එකම තැනැත්තා
රටේ ජාතික ආරක්ෂාව භාරගත හැකි එකම තැනැත්තා
රටේ ආර්ථිකය ගොඩ දැමිය හැකි එකම තැනැත්තා
ect.
මේ සියලුම තැනැත්තන් හමුවේ හොඳටම ඇඳගත් එකම තැනැත්තා
රටේ දේශ-පාලනය හා පාලකයන් වරණය උදෙසා පුරවැසියාට ප්රතිපත්තියක් තිබිය යුතුය!
https://youtu.be/aEnCzB8L0Ug?si=wK4_WeYbZnhhZ6jG
හදවතින්ම වෙනසකට නම් සටකපට දේශපාලනයේ බොහෝ සීමා බිඳ දැමිය යුතුය. තවත් සීමා බැද දැමිය යුතුය. සැබෑ වෙනසක් සමඟ රටක් යළි පිබිදෙන්නේ එවිටය.
අපිට කව්ද බය? අවිහිංසාවාදියෝ බොහෝ කොට බියෙන් අගතියට නොයති!
අපි කාටද බය? අවිහිංසාවාදියෝ බොහෝ කොට බියෙන් අගතියට නොයති!
මේක මඟුල් සක්වළක් ! ? යැ *මෙහි සඳහන් "වර්ග හැටපන්දහස් ගණනක" යනු වර්ගප්රමාණය කිලෝමීටර වලින් බවත් ඇප මුදල් තැන්පත් කළ හතළිහ අතුරෙන් අවසන් වශයෙන් නාමයෝජනා ලබා දී ඇත්තේ තිස් නවදෙනෙකු පමණක් බවත් කරුණාවෙන් සළකන්න - ස්තූතියි.
එක් අපේක්ෂකයෙකු 23/08/2024 දින වන විට අභාවප්‍රාප්ත වී ඇත.
හදවතට එකඟව සුබ ප්‍රාර්ථනා කරන්න මිනිහෙක් මැරෙනකම් බලාන ඉන්න තවත් රටක් තිබේද?
https://hallowrusta.blogspot.com/2024/06/blog-post_25.html (සම්පූර්ණ කථාව එක දිගට)
තාලයකට අත් පොඩියක් ගහන්ඩ බැරි මිනිහෙක්ට කාලයකට රටක් හදන්ඩ බාර වෙනවා කියන්නේ ඇත්තටම ඒ රටේ මිනිස්සුන්ට බෑ!
වටේ හුණු කටේ
හප හපා හැමදා එකම විටේ
ගෲෂා යවමින් වැල් පාලම දිගේ
නටාලියා උඹයි එල්ලෙන කලිසම ඉණේ
ඇමරිකානු රසයට ඉන්දියානු අච්චාරු සමඟ ලෝක පාලක දෙවියන්ගේ සහනාධාර සහලින් පිසූ කිරිබත් ද රන්වන් පැහැ වනතුරු ඉන්දියානු ගැඹුරු තෙලේ බදින ලද ලංකා හැඩ කොකිස් ද සිංගප්පූරු ගෑරුප්පුවක් භාවිතයෙන් නැකතට අනුභව කොට යා දෙක නොරත රත යා කොට හදන්නට යන මිත්‍රත්ව පාලමේ සිට බල්ටියක් ගසා ඉන්දියානු සාගරයට පැන රැළ්ළේ ගිලී හොඳින් නා පිරිසිදු වී 2048 අලුත් රටක් හදනු පිණිස එළඹෙන ජනපති වරණයේදී සුදුසු ඇඟිල්ලක කලින් ඉන්දියාවෙන් ගෙන්වූ තීන්ත ගා කතිරය බූරුවා ගසා අපේ නොවන අපේම රටේ අතපය බැද වැඩ ඇල්ලීමට හැකි නම්... සාතිශයින්ම මැනවී!
ස්පෙයා වීලයෙන් යන ඕෆ්රෝඩ් ගමනක්
නොහොත් කැමැත්තෙන් හොල්ල හොල්ලා ආතල් ගන්නා වැල් පාලමේ ඇඩ්වෙන්චරයක්
ටයර් සමඟ බැඳුනු ඉතිහාසයක්
ටයර් සමඟ බැඳෙන වර්තමානයක්
ටයර් සමඟ පෑහෙන අනාගතයක්
ඔබේ තේරීමට
අමතර ටයරයක් (ස්පෙයා වීල්)
නැවත පිරවූ ටයරයක්
අලුත් ටයරයක් ?
පදින්න
බැරි නම්
පළදින්න
මිත්‍රවරුනි, මේක ටයර් ආකරයක්
නීරස දේශපාලන සාගරයක්
හැම ජඩ මජර දේශපාලනයක අඛණ්ඩ පැවැත්ම පිටුපස ප්‍රබල අකුණු සන්නායක ස්ථාපිත කොට තිබේ. ඒ අකුණු සන්නායක වල අඛණ්ඩ පැවැත්ම පිටුපස අනුග්‍රාහකත්ව පෝලිමක් ස්ථාපිත වී තිබේ. අකුණු සන්නායක සඳහා වන පිරිවැය මහ ජනතාවගෙන් ඍජුව හා වක්‍රව අයකර ගනු ලැබේ.
ඕනම සිංදුවක් අහගෙන ඉන්නවා(දකුණට වමට ස්වයිප් ඕ අංකෙට එස්එම්එස් කරනවා)
ලක්ෂ පහක්වත් ගන්නවා
ඕනම කෙනෙකුට ඡන්දය දෙනවා(වමට දකුණට උතුරට නැගෙනහිරට ඕ හැරෙන අතට වෝට් කරනවා)
කෝටි එකහමාරක්වත් ගන්නවා
පිටකවරයට කලින් පොතම ස්ටඩි කරනවා(පපුව ඇතුලෙ චේ ගුවේරා ඕසෝ දළෙයි ලාමා සහ කීප දෙනෙක් ඉන්නවා)
ඔළුව ඇතුළ මාර්කටින් මැනේජර් 24*7 වැඩ කරනවා
හැම කෙනෙක්ම වගේ මිනී පෙට්ටි සාප්පුවක් අරිනවා. එකක අයිතිකරුවෙක් වෙන්ත තරමට සුදුසුකම් හදාගන්න පන්ති ඔන්ලයිනුත් තියෙනවා. තරඟය හරි ඉහළයි. විනාශයට යන හයිවේ එකේ එන්ට්‍රන්ස් එක ප්‍රතිව්‍යූහගත කෙරෙනවා. එක්සිට් එක මෝචරියට තියෙනවා. විවෘතයට කැත නැති නැකතක් තියෙනවා. කතා වලට ණයට ගන්න වචන අඩු නැතිව රටේ ලෝකෙ තියෙනවා. අපි බය නෑ, රටේ නෂ්ටාවශේෂ භෂ්මාවශේෂ වෙනකම් අපට කෙළ(ව)ගන්න තවත් වෙලාව තියෙනවා!
ළමයින් හෝ පරපුරක් තබා රටේ ජඩ සමාජ ක්‍රමයක් නිර්මාණයට දිගින් දිගටම දායක වූ කිසිවෙක් ඒ ජඩ ක්‍රමය නිසා පීඩාවන්ට විනාශයන්ට ගොදුරු වූ කිසිවෙකුගෙන් අදටත් සමාව ඉල්ලූයේ නැත. අඩු තරමේ තමන්ගේ වගකීමක වගකීමක් ගත්තේ නැත. ඔවුන්ට තිබුනේ ගැලවීමට හේතු පමණය. වචනයකටත් වටිනා කමක් ඇති සමාජ සංස්කෘතියක් අපට තිබුණා නම් අප අද ජීවත් වන්නේ කිසිදා බංකොලොත්භාවයක් සිහිනයකින් හෝ නොදකින තැනකය (ඊයේ පෙරේදා පදවිය හැර ගිය ජනපතිකෙනෙක් යන්නට ආසන්න කාලක සමාව ඉල්ලුවා මතකය). වැඩිදෙනෙක් යළි යළි පෙරළා පෙරළා ඉල්ලූ යේ ඡන්දයයි. රට බංකොලොත් වුවද ඔවුන් යළි යළි ඉල්ලන්නේ ඡන්දයයි. භෞතිකවද චින්තනමය වශයෙන්ද අසරණ කරනු ලබන මිනිසුන්ගෙන් හා බත්බැල කොටසකින් ලබාගන්නා ඡන්දය ගැන පාරම් බාන්නට තරම් ඔවුන්ගේ ලජ්ජාවද විලි වැසීමකට වැඩියෙන් නැත.
අලුත් රටක් හදමු කියා නිවැරදි හා සත්‍යවාදී දැක්මකින් කිසිදා අලුත් නොවන ඒ කිසිවෙක් උදෙසා, යුක්ති සහගත රාජකාරියක් රටේ ක්‍රියාත්මක වනු කිසිදා අපට දකින්නට තිබුනේ නැත, ලැබුනේ නැත. බලයේ මානය පෙන්නුවා පමණ ය.
හැම විට සොක්කන් තලා පෙළා කොක්සන් ලා ලොක්කන්ට නළා පිඹිමින් පෙරහර පැවැත්වීම ලොකුකමක් හා බලවත් කමක් වී ඇත. එකල අධිරාජ්‍යවාදීන් තමන්ට ගැති කම් කරන වුන්ට පඬුරු පාක්කුඩම් ලබාදී සමාජයේ වැජඹෙන්නට අවස්ථා ලබා දුන් ස්වරූපයේ අද වෙනස අධිරාජ්‍යයෙන් ගලවා දැමූ රාජ්‍යක් වී තිබීම පමණය. තමන්ගේ රටේ මහජනයාට දබරඟිලි දිගු කරන විධායකයන් මිස පාලක පැළැන්තිය තුළ හිඳිනා මජර ජඩයින් වෙත ඒ ඇඟිලි දිගු කරන පණැති අය අප දැක නැත. ඔවුන් වෙන රැකවරණයේ දෑත් දිගවනු අප දැක ඇත. බෙල්ලෙන් අල්ලා හෝ අවම බලයක් යොදා හෝ පාලක පක්ෂයක ජඩ දේශපාලකයෙකු පොලිස් රියක ඔබාගෙන යනු අප දැක නැත. අප දැක ඇත්තේම වෙනත් මිනිසුන් එසේ ඔබාගෙන යන වීර පොලිස් නිළදරුවන් ය. උස් තැන් දක හැකිලෙන මිටි තැන් වෙත පූප්පන මහජන සේවකයින්ය. තමන්ගේ ගජ මිතුරන් විසින් කොල්ලකා හිස් කළ භාණ්ඩාගාර පිරවීමට ජනතාවගේ බොටුව මිරිකා හූරාකන ෂෙරීෆ්ලා ව දකින මුත් ජනතාවගේ පැත්තේ හිට ගත් පාලක පක්ෂයක රොබින් හුඩ්ලා අප දැක නැත. රට සංවර්ධනය කරන සංඛ්‍යා ලේඛන පෙන්වන්නේ එහෙම ෂෙරීෆ්ලාය. සුරංගනා කතා තුළ වත් කූට ජඩ පාලකයන්ට පැවැත්මක් නැත. එහෙත් සැබෑ ලෝකයේ ජඩ පාලකයන් ප්‍රශ්නයක් වන්නේම සාමාන්‍ය ජනයාට සුරලෝ කතා නිර්මාණය කරන්නේ ඔවුන්ම වීම නිසාය. සුරඟන කතා වල සතුන්ට පමණක් නොව පිනෝකියෝලාට පවා නිවැරදි වීමට හැකියාවක් ඇත. නමුත් රටේ ලෝකයේ මිනිස්සු සමාව ගත්තත් සත්තු සමාව ගන්නේ නැති බව මෙහි අප තේරුම් ගත යුතුය. එවන් සතුන් කීප දෙනෙකුට සමාජයක් ගොදුරු වීමේ ඛේදවාචකයට හොඳම උදාහරණයද අපම මිස කවුරුන් ද!
බංකොලොත් භාවයක් හමුවේ වුව බහුතර මහජනයා පිළිකෙව් කළා වුව තම පැවැත්ම උදෙසා දූෂිතයින් හා දූෂිත ක්‍රමයක් රකින ~ එසේ රැකීමට සමත්කම් පාන දේශපාලක පැළැන්තියක් රටට ජාතියට පිළිලයකි, පිළිිකාවකි. ඒ පිළිකාව පතුරුවන මූලයන් උදුරා ඉවත් කරන තුරු රටට හෝ ජනතාවට සුවපත් බවක් නොවනු ඇති.
ඒ අනුව දූෂිකයින් බලය තම අවශ්‍යතාව කර ගන්නට එක පිලකට එක් වන විට ජනතාව තම උවමනාවන් බලයක් කර ගන්නට පිල් නොබෙදී එකට එක් විය යුතුමය.
උත්ඝෝෂණ
වැඩ වර්ජන
ජල ප්‍රහාර
කඳුළු ගෑස්
බැටන් පොලු
අල්ලන සෙල්ලං
අකල් විකල් මරණ
ඇරෙන වැහෙන සැලුන් දොර
අමන සමන නොනිමෙන ණය වර
අවිශ්වාසය බිය සැක සංකා මත සංක්‍රමණ
(76 ත් කට උඩ - තාමත් දුවන්නේ ඇයි කොට උඩ ? !
වරදකරු ට වඩා වරද හඳුනා ගත්තා නම් නරකද)
ප්‍රඥාව මිනිසෙකු සතු අද්විතීය ශක්තිය නොහොත් බලයයි. යුක්තිය ඔහුගේ අසිපතයි. සත්‍යය ඔහුගේ පළිහයි. 😀 පෙර පිනෙන් රජවූ බොහෝ අය පවා පසුව ගර්භාවට පත්වූයේ ඔවුන් සතුව එවැනි බලයක්, අසිපතක්, පළිහක් නොතිබූ නිසා යැයි මට සිතේ.Email ThisBlogThis!
ජඩ වැඩ කොට උනත් නෝන්ඩි
අපි හැමෝම මාර චණ්ඩි
රහට කටේ ගොට්ටෙ මණ්ඩි
බලය අපේ අපියි චණ්ඩි
බණත් අපේ අණත් අපේ
රටත් අපේ තොපත් අපේ
හපේ කරත් කුමක් තොපේ
බලය මොකේ තුනෙන් අපේ
අපි හොඳ නෑ ඔව් හොඳ නෑ
නමුත් තොපට ඉඩදෙන් නෑ
අපිම තමයි මෙහි ඉන්නේ
තොපට තමයි වැඩ දෙන්නේ
හොඳ විදිහට නෑ බලයක්
නෑ අපි ළඟ හුරතලයක්
බ්ලේඩ් වගේ අපි තලයක්
ඔව් මං පොර වෙඩි බලයක්
(පළමුව අපේ නියෝජිතයින්ව පසුව බල උමතුවට ගොදුරු වී තමනුත් වැනසී රටත් වනසන රෝගී සත සුවපත් වේවා, නැණ මල් පිබිදේවා!)
රටේ සමාජයේ ජීවත් වීමේදී අනෙකාගේ අනාචාරය දුරාචාරය අවිචාරය නිසා අවම ~ සදාචාරය ඇති පුරවැසියාට පවා අසීමිත දුක් පීඩාවන්ට මුහුණ දීමට සිදුවීම අප රටේ ඛේදවාචකයකි. කොපමණ නීති තිබුණත් නීතිය සාධාරණව යුක්ති සහගතව ක්‍රියාත්මක නොවේ නම් ඒ උදෙසා අමතර පිරිවැයක් දරන්නට සිදුවේ නම් මුල්‍ය ශක්තිය නොමැති පුරවැසියාට අත්වන ඉරණම දෛවය හෝ ඇතැම් විට දෛවයේ සරදමක් විය හැකිය. එසේ මුල්‍ය ශක්තිය ඇත්තාට වුවද ඇත්තේ සාධාරණය උදෙසා පවතින උත්සාහක අවස්ථාවකි. නඩු නිමිති සාක්ෂි සාධක තර්ක විතර්ක ඔප්පු කිරීම් තුළ ඒ දිනුම තීරණය වනු ඇති. අද්දැකීම අනුව අපේ ඔෆ් ලයින් ජීවිතය තවමත් එතරම් සේෆ් නැත. ප්‍රමාණවත් විධායක හෝ ව්‍යවස්ථාදායක බලයටවත් තවදුරටත් එය සුව පහසු කිරීම පහසු නැති බව පෙනේ. ඒ අතින් අසමාන හොර බොරු වංචා දුෂණ නිසාම කළමණාකරනය කර ගත නොහැකිව බංකොලොත් වූ රටේ පුරවැසි ගිණුම එසේ අන්සේෆ් වෙද්දී අපේ මේ ඔන්ලයින් සමාජය සේෆ්ටි කිරීමට කටයුතු කිරීම සම්බන්ධව අදාළ තැනැත්තන්ට ස්තුති පුර්වක විය යුතුය. අඩු තරමේ ඕෆ්ලයින් ජීවිතයේ ඇති ජාගර පරිසරය ඔන්ලයින් තුළින් ඉවත් කොට සනීපයෙන් සැපෙන් ගිණුම් ගත වීමට හැකියාවක් ලබා දීම සැබවින්ම රටේ සංවර්ධනයේ හැරවුම් ලක්ෂයක් වනු නම් නොඅනුමානය. තිරසර සංවර්ධනය හීනයක් කළ සමාජයකට මේ ඔන්ලයින් සමාජ සංවර්ධනය හොඳ නින්දක් වනු නැති ද...?
තුට්ටු දෙකේ චණ්ඩි /මැරයෝ හැදූ වැඩූ ධර්මද්වීපයේ මජරයෝ නොසෑහෙන කලක පටන් (අදටත්) දිවි හිමියෙන් රට බේරා ගනිද්දී පොලිසිය අසීමිතව යුක්තිය ඉටු කරයි. උපන්දා සිට මේ නාටක අඩු වැඩිය දැකීමට කොරෝනා ගොරෝනා අනෝරා හමුවේ අපි තවම පණපිටින් ඉතා වාසනාවන්තයි ...! භීෂණ යුද්ධ අරගල අති ආශ්වාදනීයයි. උගත් පාඩම් අති උන්මාදනීයයි. මීළඟ පරපුරේ උරුමය යන ලෙසට මග දිගට දිව්‍යමය වීම ඒකාන්තයි. ඒ උදෙසා එන අණ පනත් රමණීයයි, ප්‍රේමණීයයි ...!
මේ මොහොතේ මහජනයාට තමන්ගේ ආරක්ෂාව තමන් විසින් බලා ගැනීමට ඉඩ සැළැස්වීම තුළ රටේ ආණ්ඩුවට මහජන ආරක්ෂාව උදෙසා දරණ වියදම් කප්පාදු කළ හැකිය.
ඒ මුදල් සොහොන් බිම් සංවර්ධනය සඳහා යෙදවීම තුළ පෙට්ටි ව්‍යාපාරය සඳහා ආයෝජන අවස්ථා පුළුල් කරමින් නව රැකියා උත්පාදනයට මංපෙත් විවර කළ හැකිය.
එවිට ජීවිතය පෙට්ටියේ ප්‍රමාණයට ප්‍රතිව්‍යුහගතකරණය පහසු වනු ඇති අතර පෙට්ටිය සුවපහසු වීමත් මිල ගණන් සාධරණ වීමත් ඉදිරියේ දී සිදුවනු ඇත.
ඉන්දියාවේ තරමට නැතත් දේශපාලනේ, රාජ්‍ය පාලනේ, පරිපාලනේ හංගලා ගහන දෙයක් කුලේ. ජාතිය, ආගම වගේම සමහර තැන්වලදි එලිපිටම දමල ගහන්නෙ දෙයක් නැති වුණත් පෙන්නන්න අනියම් බලේ.
පරණ කුල නෂ්ටාවශේෂ අතරේ අලුතින් හැදුණු දේශපාලන රදළ, මජර, ගජ මිතුරු, රාජ්ය සේවක, පෞද්ගලික සමාගම්, වෘත්තීය සමිති, ආගමික, නිරාගමික, සංක්‍රාන්තී, ස්වාධීන ආදී විවිධ කණ්ඩායම්, රැකියා හා විවිධ සමාජ තත්ව මත නියෝජිත කුලක, කුල ලෙස හැඟේ. මේසා නාවිද කුල පිරිස් අතරේ එක මවකගෙ දරු කැලේ මැද අතරමං නොවී කවදා ලබා ගනු ඇතිද එක මිටකට සවි බලේ ! ඒ දරු කැළටයි ජය රටේ !
මිනිස්සු ආවේගයෙන් යක්ෂාවේශයන් කෑ ගහනවා. කොච්චර ආවේගයෙන් ආවේශයෙන් කතා කරත් ඒක විරෝධතාවයකින් එහාට යන්නෙ නෑ. ගියොත් සාමය කඩකිරීමක් වෙයි, අත්අඩංගුවට පත් වෙයි. සමහර විට කඳුළු ගෑස්, වතුර වදින්නෙ ඒ සීමාවටත් කලින්. අවම බලය, එතනින් එහාට එසවෙන්නේ අවි, ආයුධ. ඒත් අයුක්තිය අසාධාරණයට එරෙහි හඬ නැගීම කළ යුතුමයි. අරමුණු පටු නොවී ඒ හඬවල් එකතු වුණා නම් ජන අරගලත් සාර්ථකයි.
බලධාරීන්, නිලධාරීන් ආවේගයෙන් ආවේශයෙන් කතා කරමින් ඉන්නවා. මාධ්‍ය ප්‍රකාශ, සාකච්ඡා, මහජනයා ඉදිරියේ, ප්‍රශ්න ගැටළු ඉදිරියේ රැවටීම සඳහා රඟපානවා ද ?
දේශපාලකයො ආපහු ඡන්දෙ ඉල්ලනවා. ප්‍රතිමල්ලවයා හම ගහනවා. ප්‍රශ්න යට ගහනවා.
ඔවුන්ට ආවේගයෙන් ආවේශයෙන් දෙඩීමට එහා විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමට වගකීමත් බලයක් තියෙනවා. එසේ නම් ඒ වගකීම දැරිය නොහැකි තැන ඉල්ලා අස්නොවන්නේ, රටම වංකගිරියක අතරමං කොට තවදුරටත් ගිරිය හඬවමින් සිටින්නේ ඇයි ? රට ජාතියේ ඉරණම කීප දෙනෙකුගේ යාතු කර්ම උදෙසා බ්ලි දෙන්නේ ඇයි ?
හෘද සාක්ෂියත් ප්‍රතිව්‍යූහ ගත කරණයට සුදානම් එවන් වංක ගිරි සිංහ ගිරි තුළට බිලි වීම දකිනු යෙහෙකි.
ප්‍රතිමල්ලවයන් එකිනෙකා අවුළුවා කා කොටා ගන්නට මං සළස්වා තම ගමන තහවුරු කර ගන්නා කුට පාලකයින්ට, බේද භින්නව තමන්ගේ ගොඩ ලොකු කරගන්නට හදන පාට පක්ෂ කල්ලි වෙස් නැතිවම පැමිණෙන ආශිර්වාදයකි. එය රටකට කාලකණ්ණි කමකි.
එබැවින් ඌරෙකු වී හබන් කුකුළන්ගේ රජ මඟුල් වෙනුවෙන් රබන් වැයීමෙන් වැළකීම යෙහෙකි.
ජාත්‍යන්තරයට ගිය ගායිකාවක ලෙස මේ දිනවල කතාබහට ලක්වන යොහානි ගේ ගීතයේ අදාළ කොටස තුළින් සරලවම මට නම් පෙනෙන්නේ අපේ රටම ජාතියම සාතිශයව සෝපාහාසයට ලක් කිරීමකි. එය හුදෙක් පුරුෂාධිපත්‍යකට එල්ල වුවක් ලෙසින් ලඝු කිරීම එම නිර්මාණය අවතක්සේරු කිරීමකි. කලා නිර්මාණයකින් ජනතාව ඥානනය කරනවා යනු පුළුල් අරුතකට ප්‍රවේශයයි. බොහෝ අය හුදු ලිංගිකත්වය බද්ධ කොට දක්වන්නට හදන 'රම්‍ය නැතිද කඳ සහ ලක්ෂණ සත්‍ය නොවෙද දිග මදි ශිෂ්ණය' යන්න මට නම් පෙනෙන්නේ ජාතික නායකයන් වෙත ගැසූ අතුල් පහරක් මෙන්ය. මෙතරම් රම්‍ය වූ සුවිශේෂී ලක්ෂණයන්ගෙන් හෙබියාවූ රටක් ගොඩනැගීමට හැකියාවක් නොමැති ජාතික නායකයින්ගේ ජාතිකත්වය උදෙසා ජාතකත්වයට අදාළව ශිෂ්ණය ප්‍රාණවත් හෝ ප්‍රමාණවත් නොවීම ~ සැබවින්ම සත්‍ය කරුණ නොවේ ද? රට ජාතිය උදෙසා බලය භාවිතයේදී සීග්‍ර විසර්ජනය ත් අනතුරුව ජාත්‍යන්තරය හමුවේ ශ්වේත රෙද්දේ අමන රුධිර පරීක්ෂණ වලට නොවෙද අපි අදටත් මුහුණ දෙමින් හිඳින්නේ.
පපුව ඇතුළේ චේ ගුවේරා ඕෂෝ දලෙයි ලාමා සැරිසරන අමු ගතියට මේ මොහොතේ රටේ තත්වය ගැන කිව හැකි වෙනත් වැදගත් වචන තිබේද?
ඒ අනුව වැඩිහිටි පරපුර විසින් සංගීතය තනුව නොයොදා කියන පද රචනය ඇය විසින් සංගීතයක් තනුවත් අතරේ මෙලෙස දිගහැරීම සුවිශිෂ්ඨ ජාතික කාර්යයක් ම වන්නේය.
මේ අනුව රටක් ජාතියක් වශයෙන් අනුන්ගෙන් ණයට කෑම යනු කවර අර්ථයක් දෙන්නේ ද යන්නත් එතුළ අප රට ගොදුරු වන ඛේදවාචකය කවරේ ද යන්නත් තවත් ගීයක් අස්සේ ලිංගාශ්‍රිත රෝගයක් ලෙසින් වුව පැමිණිය හැකිය. විශේෂයෙන් කුඩා දරුවන් ඒවා කියන විට තේරුම් කරදීමට වැඩිහිටියන් දැන් තියා සූදානමින් සිටීම බොහෝ සුදුසු ය.
ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
රනිල්ගෙන් ෂේප් වෙමු. ඊට පස්සේ, ෂේප් වෙන්ට රනිල්ට දෙමු. ඊට පස්සේ, ෂේප් කරන කෙනෙකුට දෙමු. ඊට පස්සේ, කාට හරි දීල ෂේප් වෙමු. ඊට පස්සේ, අදාළ නෑ කොහොමත් ෂේප්.. අපි වයසයි ...
රට බංකොලොත් වී ජනතාව හොම්බෙන් යන අතර රට බේරාගත් හා ඉදිරියේදී යළි බේරා ගැනීමට බලාපොරොත්තු වන දැයට උපන් වීරයෝ රිලැක්ෂේෂන් උදෙසා බෝල ගැසූහ. පාටි දැමූහ. මහ ජනතාව බෝල ඇහිලූහ. ඉඳුල් කෑහ. මහා දේශපාලනයේ ගොඩ රිලැක්ෂේෂන් මදි ජාතික මනස් ජල රිලැක්ෂේෂන් පැතූහ. එතැන්හී ජනතාව මඩකෙළියට වන්හ.
ප්‍රසන්නව බුරති බල්ලෝ
පාටි දැම්මෙ නෑ කොල්ලෝ
සංවර්ධනේ රෝල් කරගෙන
නැවේ හිටියේ බල්ලෝ
මයිනෙකුත් එහි හිටියා
බූරුවත් අපි දුටුවා
පෙනුණු හැටියට සංවර්ධනේ
සත්තු සේරම හිටියා
කා බී ප්‍රීතියෙන්
සංවර්ධනේ සාදයෙන්
ලෝකල් දනා රෝහලෙන්
මල් ශාලව ඉදිරියෙන්
අවාසනාවන්ත ලෙස පිළිකාවට ගොදුරු වී ඇති බවට තහවුරු වූ මාතාවගේ දේශපාලනික චින් තනය ඉවත් කොට ජාතික චින් තනය සමඟ ඇගේ ජීවත් වීමේ අයිතිය සුරැකීමට කටයුතු කරමු !
ඇගේ පිළිකාව දඩමීමා කොට ගෙන ක්‍රියාත්මක වන මුදල් එකතු කිරීමේ ව්‍යාපාර සහ පිළිකාවක් නැති බව පෙන්වමින් ඇය වැඩිහිටි නිවාසයකට බාරදී ඇඟ බේරා ගැනීමට දරනු ලබන උත්සාහයන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. ඇයගේ දුවා දරුවන් එකමුතුව කටයුතු කොට පිළිකාවට ගොදුරු වු ඇගේ දේශපාලනික චින් තනය ඉවත් කොට ජාතික චින්තනය සමඟ ඇගේ ජීවිතය බේරා ගැනීමට උදක්ම කටයුතු නොකළහොත් තවදුරටත් වාසනාවන්ත මාතාවගේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු තබාගත නොහැකි වන බව පමණක් අවසන් වශයෙන් සටහන් කරමු.
වර්ගකිලෝමීටර හැට පන්දාස් ගණනක් සාරවත් ඉඩමක්
නිදහස් වී දශක ගණනක්
බෙදා ගන්නට හටනක්
රකින්නට දශක ගණනක්
දහස් ගණනක ජීවිත පූජාවක් / ඩැහැ ගැනීමක්
ගොඩ නැගීමට / ගොඩ ගැනීමට තවම තටමන තරමක්
හිසේ කෙස් හිඳෙන තුරු
රටේ ගිණුම් හිඳෙන තුරු
තම ගිණුම් තරවෙන තුරු
ඇතැමුන් තිරිහන් වෙනතුරු
රටේ මහ බඩවැල පාත්වන තුරු
සංවර්ධන අර්ශස් හැදෙන තුරු
සංවර්ධනයට අර්ශස් හැදෙන තුරු
පරම්පරා මියැදෙන තුරු
ජාතික උවමනාවන් පසෙක ලා
දේශපාලන අශූචි වෙනුවෙන්
කරනා අසීමිත ම තැටමීමක්
පළමුවත් දෙවනුවත් තෙවනුවත්
සදාකාලික දේශපාලන රැවටීමක්
මහජනයා තමන් වෙනුවෙන් අරගලයක් කරනවා
ඒක රාජ්‍යයේ යහ පැවැත්වට අවශ්‍යයි !
මජර දේශපාලයට ඒක බාධාවක් !
මජර දේශපාලකයන් එක්ව තම පැවැත්ම වෙනුවෙන් රාජ්‍ය පාවා එය මැඬ පවත්වනවා
මහජනයාගේ දේශපාලන බේදය ඊට උඩගෙඩි දෙනවා
මහජන නොවන නායකත්වයක් අටවනවා
තව දුරටත් මජරත්වය රාජ්‍ය ගිල ගන්නවා
මහජනයාගේ හා රාජ්‍යයේ අවශ්‍යතාවය එක මුත් ඔවුන්ගේ දේශපාලන බේදය මජර දේශපාලන පැවැත්මට බරටම යටිතල පහසුකම් සපයනවා
අටවන නායකත්වය රාජ්‍ය අටවමින් ඉදිරියට ගෙන යනවා
එය සැබවින්ම ඉදිරියට යන ගමනක් ද ?
පසුපසට යන ගමනක්ද ?
ණය බර බදු බරින් ජනතාව මිරිකෙනවා
ප්‍රතිව්‍යුහගත කිරීම් රාජ්‍යයේ දේපල වෙන්දේසිය හා රාජ්‍යයේ සිඟාකෑම විධිමත් හා ක්‍රමවත් ක්‍රියාවලියක් බවට පත් කරන බව කියවෙනවා
අමු සිංදු, අමුක ඩුමුක ~ අමුඩ කඩන අතරේ පොලිසිය යුක්තිය සොයා යනවා
රට වැසියා රට යනවා
පිට රට වැසියෝ පිට රට පරිසරයට සංස්කෘතික ශේෂයට ආල වඩනවා
රාජ්‍ය ආයාලේ ගිය ද දේශය පාලනය වෙනවා
දේශය පාලනය කළද රාජ්‍ය හතර ගාතෙන් යනවා
රාජ්‍ය ණය මත ගියද දේශපාලනය ඔළු මත යනවා
දේශපාලනය ඉතිහාසය ලියනවා රාජ්‍ය කොට උඩ ළත වෙනවා
ඡන්දේ ලඟ විට රටේ දැක්ම වේදිකා ගත වෙනවා
ඉන්පසු අපේ ඊළඟ පරම්පරාවේ අරගලයට අපි හැමෝම ආයේ දවසක මහ පාරට එනවා
ඒ අතර මැද ඉතා හොඳින් රාජ්‍ය පරිපාලනය සිදු වෙනවා
ඉන්දියාවේ ගාන්ධි කෙනෙක් නොහිටින්න මහත්මා, ඒ අය බංකොළොත් වෙලා හුඟක් කල් වෙන්න තිබුණා...
ලංකාවෙ දේශපාලනේ පරදන ජාතික චින්තනයක් තිබුණ නම් මහත්මා, අපිට අද ඉන්දියාවට ණය දෙන්න තිබුණා...
කියවන පරපුර නිමාවුණා
කියවන පරපුරක් බිහිවුණා
රට ජාතිය ගොඩනගන දේශපාලනේ වෙනුවට දේශපාලනයෙන් ගොඩයන්න ආපු ප්‍රමාණය වැඩිවුණා
රාජ්‍ය පාලනය බිස්නස් එකක් ම වුණා
ණය දීමෙන් හා ගැනීමෙන් ගනුදෙනුකරුවාත් බිස්නස් කරුවාත් දෙදෙනාම බංකොලොත් වුණා
එනිසා ඉන්දියාව තාම සමරන කොට රාම
ගහන කොට තමන්ගේ ගේම
අපි තාමත් කරගහගෙන නාම
කළා පමණයි රා~වණ සහ වනේ වණ
ඔලුවක් නැති තිරසාර රටක් ~ නෑ වෙන්ට ඔබට කිසි බයක් ~ පරම්පරා හතකට මේක මරු/මාර ෆ්ලැට්ෆෝම් එකක් ~ ඔය එක පරම්පරාවකට සෙට් වෙන එක ඔබට අයිති වැඩක් ?
සින්දු ගහන නැටුම් ගහන පරම්පරාවක් ඉන්නවා
කුඩු ගහන කුඩු බෙදන පරම්පරාවක් ඉන්නවා
ඒ පරම්පරා හදපු පරම්පරාවත් ඉන්නවා
රටවැසියා බඩසයින් මියැදුනත් රස මසවුළු බුදිමින් රජ කරන පරම්පරාවක් ඉන්නවා
එතනට රට ගෙනාපු පරම්පරාවත් ඉන්නවා
ගේ දොර නාය යන තරමට පරිසරය සකස් කරපු පරම්පරාවත් ඉන්නවා
බඩ වෙනුවෙන් ඔලුව විකුණපු සියළු අවැඩ වෙනුවෙන් දායක වුණු පරම්පරාවත් ඉන්නවා
හැදූ වැඩූ මව්පියන්ගේ සිට සොහොවුරු සොහොයුරියන් ගුරුවරුන් මිතුරන් ආදී එකී මෙකී නොකී, මේ දක්වා ඇල්මෙන්, බැල්මෙන්, වචනයකින් හෝ උදව් උපකාර කළ අය මෙන්ම බාධා කරදර මඟින් ජීවිත පන්නරයට ඉඩ හසර විවිර කළ හැමටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. ඔබෙන් ගත් උගත් දෑ බොහෝය, මේ පින් පෙත් ඔබට ෴
දේශපාලකයෝ ගේම දුන්න
කලාකරුවෝ ආතල් දුන්න
මහ ජනයා බලය දුන්න
රටක් හැදුණු හැටි බලන්න
සේවකයෝ රජයට දුන්න
දායකයෝ ආගමට දුන්න
ගුරුවරු දරුවන්ට දුන්න
දායාදයෙ ඵල නෙළන්න
ඔබත් හාල් මිටක් දැම්ම
මමත් හාල් මිටක් දැම්ම
හැමෝම ගින්දරත් දැම්ම
කැඳක් නොමැති වතුර බොන්න
ජාතිවාදය ආගම්වාදය මුග්ධවාදය මජරකම අවුස්සා බහුතර ඡන්දය දිනා ගත හැකිය.
බදු ගසා රාජ්‍යයේ දේපළ විකුණා ගෙල මිරිකා සිහිමුර්ඡා කොට ප්රතිව්‍යූහගතකරණ සංදර්ශන පෙන්විය හැකිය.
වංචාව දූෂණයේ යෙදෙමින් හොරකම් මැරකම් කරමින් රට පාලනයට පූර්ණ සහාය දෙමින් ව්‍යාපාර කළ හැකිය.
වරප්රසාද භුක්ති විඳිමින් දේශපාලනය කරමින් නීති පනවමින් නීති නවමින් රටේ නිදහසේ කල් ගෙවිය හැකිය.
සාධාරණව යුක්ති සහගතව සාමකාමීව නීතිගරුකව නිදහසේ නිවහල්ව ජීවත්වීමට නොහැකිය. : !?
රටට කලාවක් ඕනෑය. ඒ රසවින්දනයට පමණක් නොවේ. ඥානනයට පමණක් නොවේ. රට භෞතික වශයෙන් ගොඩනැංවීමටත් කලාවක් අවැසිය. ගෙයක් දොරක්, වත්තක් පිටියක්, ගමක්, නගරයක් ගොඩනැගිය යුත්තේ ඒ අනුවය. රටක සංස්කෘතියක අතීත උරුමයන්ගෙන් අදටත් අපි දකින්නේ ඒ කලාවයි.
ගම පන්සල වැව දාගැබ ද එහෙම කලාවකි. ඈත මැත එහෙම ඉතිහාසයක ජීවිතයට ගමට පරිසරයට බද්ද වූ කලාවක් අපට තිබිණි.
ඒ කලාව අද දක්වා අපි ඉදිරියට ගෙනවිත් ඇත්තේ කෙසේද?
රට රට වලින් ණය ආධාර ලැබුණු පමණට ඡන්ද ටිකක් බිලිබා ගත හැකි වූ පමණට තැන නොතැන නොයෙක් දේ ඇටවීමෙන් ඒ කලාවට රටට ලැබුණු පෝෂණය කවරේද? ඉන් සිදුවී ඇති විනාශය කොපමණද? ජීවිත දේපළ වශයෙන් ඒ ඒ අවස්ථා වල අපි ඒ ප්‍රතිඵල ගණනය කරමින් සිටින්නෙමු. වැසි සමයේ ගම් නගර යට වීමෙන් නොනැවතී වතුපිටි ගෙවල් දොරවල් ගිලා බැහීම දැන් සුලබ කරුණක් වී ඇත. ඊට හේතු මොනවාද? සුන්දර පරිසරය, ඉතිහාසයේ උරුමය පෙන්නා විදෙස් විනිමය ඉපයීම පිළිබඳ මහා උජාරුවකින් පාරම් බානා රටේ ගෙයක් දොරක්, පාරක් තොටක් ඉදිකිරීමේ දී රටට ගැලපෙන කලාවක් ක්‍රමයක් තිරසරභාවයක් ගැන කිසිඳු තැකීමක් අද උවමනා නැද්ද?
කෙස් පැළෙන තර්ක සහිත අපූරු කතා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා තුළ ගොනු වූවාට එහි ප්‍රතිඵල වශයෙන් යහපතක අංශුමාත්‍රයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම දශකයකට තබා ශතකයකටවත් සිදු නොවන රටක අපට කළ හැක්කේ කුමක්ද?
තාක්ෂණික නිළධාරීන් හිටියාට, අණ පනත් පොත් පත් තුළ තිබුණාට වගකීම් යුතුකම් පිළිබඳ බහුතරයාට ඇත්තේ එකම කැත ගතියකි. එනම් එකිනෙකාට බෝල පාස් කරන ~ අදාළත්වය පැහැර හරින මඟහරින ~ ඇඟ බේරා ගන්නා තක්කඩි නින්දිත නිවට ස්වභාවයයි.
වැල යන අතට මැස්ස ගැසීම, එන එන අතට උළුවහු ගැසීම දිගටම ක්‍රියාත්මක ය. වමට දකුණ කරන්නට දකුණට වම කියන්නටත් කිසිඳු විලි ලජ්ජාවකින් තොරව ඒ පැත්ත මේ පැත්ත හැරෙන්නට වගකිව යුත්තන්ට හැකිය. හොඳට බුරන්නට හැකි නම් බල්ලෙක්ට වුව රට කරන කලාවේ හොඳ නමක් සහ තැනක් හදා ගන්නට හැකිය. රට ගොඩනැගීම පිළිබඳ නූතනයේ අපේ කලාව ඇත්තේ එබඳු තැනකය.
මජර තක්කඩිකම් පිළිබඳ උපාධි පශ්චාත් උපාධි හිමි පිරිස් රටට නායකත්වය දෙන්නේ රට කරන්නේ එහෙම කලාවකටය. ඉංග්‍රීසීන්ට රට බාර දුන්නාට වඩා ජාත්‍යන්තර සමාගම් හොඳ වනු ඇත. ඉන්දියාව චීනය අපට විශ්වාසය. ඇමරිකාව? තවත් රටවල් එමට. ඔවුන් අපේ හෙට දවසට මඟ පෙන්වනු ඇත. ඒ මඟ පෙන්වීම අපට අලුත් සංස්කෘතියක් තනනු ඇත. ඉංග්‍රීසින්ගේ පාලම් බෝක්කු රේල්ලු වලට පසු මේ මිත්‍ර ජාත්‍යන්තරය ශක්තිමත් ආකෘතින් ඔස්සේ නාය යන ගෙපැලේ සිට අප ගොඩ ගනු ඇත. රටම ගිලා බැස්සත් සියළු මහා මාර්ග හයිවේ කළ යුතුමය. දිනපතා කව්රුන් බිලි වුවත් අලි මිනිස් ගැටුම විසඳුම් නොමැති පුවත් බවටම පත් කළ යුතුය.
ගම ...යාව ...නය ...කාව
අප ගෙවල් දොරවල් ගම් නගර තැනිය යුත්තේ එහෙම 1/4 ක්‍රියා කලාවකටය ~ කාලක්‍රියාවකටය. පාලකයින්ගේ හැසිරීමෙන් පෙනෙන්නේ එමමය. වචන මරනවාට එහා රටේ අක් මුල් ගැන ඔවුන් දන්නා දෙයක් නැත.
රජා රට කරපු කාලේ තිබුණු කුල ක්‍රමයත් ආණ්ඩු රට කරන කාලේ ඇති පක්‍ෂ ක්‍රමයත් රට ශක්තිමත් කළේ හෝ කර නැත. ඉන් ජනතා මතය පමණක් නොව ජනතාවම බෙදුවේය. බල තණ්හාවෙන් වරප්‍රසාද භුක්තියට ඇති කෑදර කමින් රජකම් කළ උන් ද ආණ්ඩු කළ උන්ද උන් ශක්තිමත් කළ උන් ද හැදුවේ රට නොව තම පරපුර හා ඔවුන්ගේ අනාගතය පමණි. එදා සිට රටේ තරුණ උදවිය රට ජාතිය ආගම සාධාරණය යුක්තිය සමානාත්මතාව නාමයෙන් කොතැන කෙලෙස බිලිවුවද බිලිකලද ඒ මඟින් රටේ ඉරණම යහපත් කර ගන්නට කිසිවෙකුට හැකි වූයේ නැත. ඒ සියළු ක්‍රියාදාමයන් අවසානයේ මජර දේශපාලනයේ ගොදුරු බවට පමණක් පත්විය. ආණ්ඩු ප්‍රශ්න හැදුවා සේම ඒවා නිරාකරණය කළේත් එහෙමය. භීෂණයත් යුද්ධයත් අරගලයත් තරුණයාත් ආණ්ඩු වලට එකක්ම වූයේ ඒ අනුවය. මේ තාක් රටේ ආණ්ඩු නියමින් අනියමින් පන්න පන්නා රටේ තරුණයින්ට ඔවුන්ගේ මතවාදයන්ට වැඩේ දුන්නා මිස රටේ ප්රගමනයට ඔවුන් හෝ ඔවුන්ගේ සංකල්ප දායක කර ගත්තේ නැත.
හැමගේ ශක්තියෙන් රට ඔසවා තබනු වෙනුවට පාණ්ඩුව හැදුණු ආණ්ඩු රටත් ජනතාවත් හිඟමනට දැමුවේය. ආණ්ඩු වලට පාණ්ඩුව හැදුනාට කිසි කලක ආණ්ඩු කළ උන්ට හෝ රට කළ උන්ට පාණ්ඩුව හැදුනේ නැත. ඉන් වැනසුනේ රටේ සමාන්‍ය ජනතාවය. රටය. ආණ්ඩු වලට පාණ්ඩුව හැදුනේ රාජ්‍යයේ රුධිරය කිරට හරවමින් උරා බිව් ජනතාවක් නිසාද අකාලයේ විනාශ කළ තරුණ පරපුරක් නිසාද රාජ්‍ය භාවය ඉල්ලමක් කොට ගත් නිලධාරී පැළැන්තියක් නිසාද නොඑසේ නම් එන්නත් කටු ගසා රුධිරය අමු අමුවේ ඩැහැගත් කොල්ලකාගත් පිරිස් හා ඊට උඩගෙඩි දෙමින් රටේ ආණ්ඩු කළ පිරිස් නිසා ද යන්න තවමත් රටට රහසක්ද?
ගේ දොර හරක බානේ සිට තම දරු සිඟිත්තා දක්වා ඔට්ටු තබමින් සූදු කෙළින්නෙකුගෙන් මේ රාජ්‍ය කළ උන් වෙනස් වන්නේ නැත. එකිනෙකාට තම හෘද සාක්ෂිය ගලවා ගැනීමේ චරිත සහතික හෝ හැන්සාඩ් වාර්තා තිබිය හැකිමුත් රටක් ජාතියක් හිඟන වින්දනයකට ඇද දැමුණු පාප කර්මයෙන් මිදීමට කිසිවෙකුට කිසිදා හැකි වනු ඇති ද?
එසේ නොහැකි වන්නේ බලය හා ඊලඟ වාරය ගැන මිස තමන් පත් වූ කාල සීමාවේ වැඩ පිළිවෙල හෝ තමන්ට ඉතිරි වී ඇති කාලය පිළිබඳ හෝ රටේ කාලය විනාශ කර දැමීමෙන් ඇතිවී ඇති කාලකන්ණි කම පිළිබඳ හෝ වදවෙන වගවෙන වගකීමක් දරණ එකෙක් අදටත් මේ රටේ පාලනයේ දක්නට නැති නිසාය.
කුල ක්රමයක් හෝ පක්‍ෂ ක්‍රමයක් තුළ පැමිණෙන බ්‍රෝකර්ලාට මහජන නියෝජිතයින් යැයි කීමට සූදානම් පිරිසක් තවදුරටත් දක්නට ඇති නිසාය.
දේවාලයක් කරන්න එපා මේක, පච මෝලක් කරන්න ~ මැරෙනකම්ම තව තියෙනව, හතරවරම් දිග අරින්න